කොරෝනා වයිරසය හේතුවෙන් තාවකාලිකව ඉදිකිරීම් නතර කර තිබූ උමා ඔය ජල විදුලිබලාගාරයේ වැඩ මාස 6 ක් ඇතුලත අවසන් කරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
උමා ඔය විදුලිබලාගාරයේ කටයුතු අවසන් කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා. රට තුළ පවතින තත්වය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් එම වැඩකටයුතු ඉතා මන්දගාමීවයි සිදුකෙරුණේ. ඒ බලාගාරයේ ඉදිකිරීම්වල නිරත ඉරාන සමාගමේ සේවකයින්ට යළි මෙරටට පැමිණීමට නොහැකිවීම හේතුවෙන්.
එම සේවකයන් වෙනුවට දේශීය සේවකයින් යොදවා ඉදිකිරීම් යළි ආරම්භ කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. ඉරාන සේවකයන් ද ඉදිරි කාලය තුළ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
The post උමා ඔය ජල විදුලිබලාගාරයේ වැඩ මාස 6ක් ඇතුලත අවසන් – විදුලිබල අමාත්‍යාංශය appeared first on ITN News.
Post a Comment