අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
පසුගිය වසරේ දෙසැම්බර් දෙවනදා ආරම්භ වූ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වුණා. ඊට මුහුණ දුන් මුළු ඇයැදුම්කරුවන් සංඛ්‍යාව 717,246 ක්.
පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද අයත් වුණා.
මෙම විභාගයේ ප්‍රථිපල මෙවර ලබා ගැනීමට හැකිවන්නේ අන්තර්ජාලයෙන් පමණයි. රටේ පවතින තත්ත්වය හමුවේ තැපැල් සේවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ඊට හේතුවයි. එම කටයුතු යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව ප්‍රථිපල ලේඛණ තැපැල් මඟින් ලබා දීම සිදුවනවා.

The post සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ appeared first on ITN News.
Post a Comment