Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,049ක් දක්වා ඉහළට  

Add comments

විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 37 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 37 දෙනාගෙන් 32 නෙකු කටාර් සිට මෙරටට පැමිණ විඩත්තපලෛයි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වනවා. ඉන්දියානු සිවිල් ආරක්ෂක නිලධාරීන් තුන් දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු එම පිරිසට ඇතුළත්.

මේ අනුව මෙරටින් හඳුනාගත් සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3049ක්. ඊයේ දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොරෝනා රෝගීන් 8 දෙනාද සමඟින් සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 2,868 ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කොරෝනා වෛරසය වැළදුනු තවත් 169 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායනය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 187 දෙනෙකු අද නිවෙස් බලා පිටව ගියා. තවදුරටත් මධ්‍යස්ථාන 71කදී පුද්ගලයින් 7576 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර මෙතෙක් ත්‍රිවිධ හමුදාව යටතේ ඇති නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිරෝධායනය අවසන් කර ඇති පුද්ගලයින් ගණන 35142 ක්. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 2020 සිදුකළ අතර මේ දක්වා මෙරට තුළ සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 226111ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර දෝහා කටාර් සිට පුද්ගලයින් 60 දෙනෙකු , කුවේට් සිට පුද්ගලයින් 216 දෙනෙකු , කටාර් සිට එක් පුද්ගලයෙකු , ඩුබායි සිට පුද්ගලයින් 265 දෙනෙකු ඉන්දියාවේ සිට පුද්ගලයින් 185 දෙනෙකු අද දිනය තුළ මෙරටට පැමිණීමට නියමිතයි.

 

 

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,049ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG