කෝවිඩ් වසංගතය සාර්ථකව පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, ඇමෙරිකා ආරක්ෂක ලේකම් ආචාර්ය මාර්ක් පී එස්පර් මහතා සුබ පැතුම් එක්කළා. ඒ දෙදෙනා අතර පැවති දුරකථන සාකච්ඡාවකදීයි.
පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් ද ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා ජනාධිපතිතුමාට තම සුබාශිංසන එක් කළ බවයි ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තු වෙබ් අඩවිය සදහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා සංහිදියාව පිළිබද අඛණ්ඩ ප්‍රගතියක් ද තබා ගන්නා ලෙස ද ආරක්ෂක ලේකම්වරයා ඉල්ලීමක් කර තිබෙනවා. සියලු ජාතීන්ගේ ස්වෛරීභාවය සහතික කෙරෙන නිදහස් හා විවෘත ඉන්දු පැසිපික් කලාපයක් ගොඩනැගීම සදහා දෙරටේ සහයෝගීතාව පිළිබදව ද මෙහිදී සාකච්ඡා වුණා.
පොදු ද්විපාර්ශ්වික ආරක්ෂක ප්‍රමුඛතා ද සාකච්ඡාවට ලක්වී තිබෙනවා. හමුදා වෘත්තීය කරණය, ත්රස්තවාදයට එරෙහිව ක්‍රියා කිරීම හා සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ඇති අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවුණා.
ද්විපාර්ශ්වීය ආරක්ෂක සබදතා පුළුල් කිරීමට හා දෙරටේ අවශ්‍යතා සදහා ප්‍රමුඛතාව ලබා දීමට ද මෙහිදී එකගතාව පළ වී තිබෙනවා.
The post ජනපති සහ අමෙරිකානු ආරක්ෂක ලේකම් දුරකථන සාකච්ඡාවක appeared first on ITN News.
Post a Comment