වැලි බලපත්‍ර උල්ලංඝනය කරමින් ප්‍රවාහනය හා කැණීම් කළ ටිපර් රථ 3 ක් මෙන්ම ට්‍රැක්ටර් රථ 3 ක් කින්නියා පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
කින්නියා සුරංගල් පොලිස් මාර්ග බාධකයේදී ටිපර් රථ 25 ක් පමණ පරික්‍ෂා කර තිබෙනවා. එහිදී බලපත්‍ර උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනයේ නිරත ටිපර් රථ රියදුරන් දැනුවත් කිරීමට ද පොලීසිය පියවර ගත්තා.
මහවැලි ගගේ බලපත්‍ර නොමැතිව වැලි කැණීම් සිදු කිරීම සදහා යොදාගත් ට්‍රැක්ටර් රථ 3 ක් ද පොලිස් භාරයට ගැනුණා.
මේ අතර ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් මාතර සිට යාපනය දක්වා වයස අවුරුදු 73 ක වැඩිහිටියෙකු පාපැදියකින් ගමන් කරනවා. ඒ අනුව ඔහු වව්නියාවේ සිට යාපනය දක්වා අද ගමන් ආරම්භ කළා. ඔහුගේ ගමනේ සමස්ත දුර කිලෝමීටර 1337 ක්.
The post බලපත්‍ර උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 3ක් පොලිස් භාරයට appeared first on ITN News.
Post a Comment