Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු බුද්ධි ලොක්කා බැහැයි කියපු දේ හිටපු DIG ලතීෆ් පුළුවන් කියා ඔප්පු කරයි  

Add comments

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරී ඒම් ආර් ලතීෆ් මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

කොමිසම හමුවේ මීට පෙර සාක්ෂි ලබාදුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සදහන් කර තිබුණේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බලයක් නොමැති බැවින් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ බවයි.

මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ සිටින නිලධාරීන් සියයට අනූවක් පමණ පොලිස් නිලධාරීන් වන බැවින් ඔවුන්ට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලයක් ඇති බව එම් ආර් ලතීෆ් මහතා පෙන්වා දුන්නා. බුද්ධි නිලධාරියෙකු පොලිස් නිලධාරියෙකු වීම තුළම එම නිලධාරියාට සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි බව ලතීෆ් මහතා කියා සිටියා. ලොව ඇතැම් රටවල බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් වෙනම පනතක් ක්‍රියාත්මක වුවද මෙරට බුද්ධි සේවය තුළ අති බහුතරයක් පොලිස් නිලධාරීන් සිටීම නිසා අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම  සම්බන්ධයෙන් ඔවුනට ගැටලුවක් නොමැති බවයි ලතීෆ් මහතා පැහැදිලි කළේ.

මෑතකදී කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් මංකොල්ලකෑම සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනෙකු බව උදාහරණයක් ලෙස ඒ මහතා ගෙන හැර පෑවා. රාජ්‍ය බුද්ධිසේවයේ අධ්‍යක්ෂවරයාගේ සෘජු ඉල්ලීම් අනුව තමන් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් මෙහෙයුම් සදහා යොමු කර ඇති බවද ලතීෆ් මහතා සදහන් කළා. පාස්කු ප්‍රහාරයට පෙර අප්‍රේල් 04 වනදා විදෙස් බුද්ධි අංශයකින් ලැබුණු තොරතුර පැහැදිලිවම බුද්ධි තොරතුරක් බැවින් මෙහෙයුමක් සිදු කිරීමට හැකියාව තිබූ බවද හිටපු අණ දෙන නිලධාරියා පෙන්වා දුන්නා.

 

The post හිටපු බුද්ධි ලොක්කා බැහැයි කියපු දේ හිටපු DIG ලතීෆ් පුළුවන් කියා ඔප්පු කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG