ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව එරට පැවත්වෙන උද්ඝෝෂණ අතරතුරදී විරෝධතාකරුවන් රැසක් අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය නිවේදනය කරනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා දෙවන වරටත් රට වසා දැමීමට විරුද්ධවයි මේ වන විට උද්ඝෝෂණ ක්‍රියාත්මක වන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ඉදිරිපිටට රැස්වූ දහස් ගණනක් ජනතාව ඔහුට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් උද්ඝෝෂණයේ නිරත වනවා.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී දූෂණ චෝදනා සම්බන්ධයෙන් එරට අධිකරණයේ මේ වන විටත් නඩු විභාග වෙමින් පවතිනවා. ඔහුට විරුද්ධව එල්ල වී ඇත් දූෂණ චෝදනා හේතුවෙන් පසුගිය මාස තුනක කාලයේ පටන් සති අන්තයේදී අඛණ්ඩව උද්ඝෝෂණ පැවැත්වුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
The post ඊශ්‍රායල අගමැතිට එරෙහිව උද්ඝෝෂණ අතරතුරදී විරෝධතාකරුවන් රැසක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment