කන්සවේටිව් අදහස් ඇති තැනැත්තියක ලෙස සැළකෙන අමී කොනේ බැරට් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිස්ව ඇති විනිසුරු ධුරය සඳහා නම් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් ඇයගේ නම ඇමෙරිකා සෙනට් මණ්ඩලය අනුමත කළ යුතු වනවා. රුත් ගින්ස්බර්ග් අභාවප්‍රාප්තවීමෙන් පසු හිසු වූ පුරප්පාඩුව සඳහායි බැරට් නම් කර ඇත්තේ. රුත් ගින්ස්බර්ග් ලිබරල් අදහස් ඇති විනිසුරුවරියක ලෙසයි ප්‍රසිද්ධව සිටියේ. 87 හැවිරිදි වියෙහි පසුවූ ඇය පසුගියදා දිවියෙන් සමුගත්තා. කෙසේ වෙතත් බැරට්ගේ නාමයෝජනාව සම්බන්ධයෙන් මතභේදකාරී තත්ත්වයක් ඇමෙරිකා දේශපාලනය තුළ ඇති වී තිබෙනවා.
The post ශ්‍රේෂ්ඨාධිකරණයේ හිස්ව ඇති විනිසුරු ධුරය සඳහා ට්‍රම්ප් අමී බැරට් නම් කරයි appeared first on ITN News.
Post a Comment