Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව නිරෝධායන නීතිවලට විරෝධය පළ කරමින් දහස් ගණනක පිරිසක් ලන්ඩන් අගනුවරට රැස්වෙයි  

Add comments

වෛරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට බ්‍රිතාන්‍ය පනවා ඇති නව නිරෝධායන නීතිවලට විරෝධය දැක්වීම සඳහා දහස් ගණනක පිරිසක් ලන්ඩන් අගනුවරට රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පනවා ඇති සමාජ දුරස්ථභාවය පිළිබඳව නව නීති හා මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් දැඩි මතභේදකාරී තත්ත්වයක් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් පිටතට පැමිණීමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පසුගිය සතියේ එරට ජනතාවගෙන් ඉල්ලා සිටියා. ආපන ශාලා හා රාත්‍රි සමාජ ශාලා ද රාත්‍රී 10.00 වන විට වසා දමන ලෙසයි ඔහු උපදෙස් ලබා දී ඇත්තේ. කෙසේ වුවද එළෙස පැනවූ නව නීති පිළිබඳ එරට ජනතාවගේ එතරම් පැහැදීමක් දක්නට ලැබෙන්නේ නැහැ.

 

 

 

 

 

The post නව නිරෝධායන නීතිවලට විරෝධය පළ කරමින් දහස් ගණනක පිරිසක් ලන්ඩන් අගනුවරට රැස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG