Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඔබේ ජයත් එක්ක අප අතර නව පරිච්ඡේදයක් ඇරඹුනා – අගමැති මෝදි අගමැති මහින්දට කියයි  

Add comments

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අවස්ථාවක් උදාවී ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතා පවසනවා. අග්‍රාමාත්‍යමහින්ද රාජපක්ෂ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරුණේ.

දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාව පැවතියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි. සාකච්ඡාව ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයාට සුභ පැතුම් එක් කරන බවයි. මහින්ද රාජපක්ෂ මහතා මෙහෙයවූ පක්ෂය ලැබූ ජයග්‍රහණය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා මනා සහයෝගීතාව වර්ධනය කර ගැනීමට හේතුවනු ඇති බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ද්විපාර්ශවික සබදතා මෙන්ම දෙරටේ ප්‍රධාන කේෂ්ත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහිද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක කේෂ්ත්‍රය වෙළද සබදතා අතර සහයෝගීතාව වර්ධනය කිරීම තවත් කේෂ්ත්‍ර කීපයක සහයෝගීතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් දෙරටේ නායකයින් සාකච්ඡා කළා.

ඉන්දියාවේ සංචාරයකට එක්වන ලෙසට එරට අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කළා. මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ලෝකයම මුහුණ පා සිටින කොරෝනා අර්බුදය ආරම්භ වූ අවස්ථාවේදීම ඉන්දියාව අසල්වැසි රටවල් වෙනුවෙන් මෙන්ම ඒ ඒ රටවල ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ ආකාරය පිළිබද ප්‍රශංසාව පිරි නමන බවයි. සාර්ක් රටවල නායකයින් සියළුදෙනා සමගම ඉන්දියාව මේ අයුරින් අදහස් හුවමාරු කරගත්තා. ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණයේදීත් ශ්‍රී ලංකාවේ රජයට විශාල ජන වරමක් හිමිවුණා. ඒ අනුව සියලු ජාතීන්ට සමගියෙන් ක්‍රියා කළ හැකි පසුබිමක් නිර්මාණය කරන බවයි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ. ඉතාම අසීරු අවස්ථාවක වුවත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට මුල්තැන දී ක්‍රියා කළ යුතු බවයි රාජපක්ෂ මහතා පැවසුවේ. කෙතරම් දුෂ්කර තත්ත්වයක් උදාවුවද ජනතාවගේ ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි කේෂ්ත්‍ර හැකි උපරිම ආකාරයෙන් පවත්වාගෙන යාමට ක්‍රියා කළ බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

The post ඔබේ ජයත් එක්ක අප අතර නව පරිච්ඡේදයක් ඇරඹුනා – අගමැති මෝදි අගමැති මහින්දට කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG