Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්පෙති අටදහසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

මත්පෙති අටදහසක් සමඟ පුද්ගලයෙකු වත්තල හේකිත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ උතුර කොට්ඨාශ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින්.

වත්තල හේකිත්ත ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි ක්‍රිෂාන් චාල්ස් නමැති පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ. පොලිස් භාරයට ගත් මත් පෙතිවල වටිනාකම රුපියල් ලක්ෂ දාසයක්. මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදීමට රැගෙන යමින් තිබියදී මත්පෙති තොගය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

සැකකරු අද දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා සදහන් කළේ.

The post මත්පෙති අටදහසක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG