හගුරන්කෙත, අධිකාරීගම ස්වර්ණදීප ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිල්ලක බිත්ති හදිසියේ පුපුරායාම පිළිබද කඩිනම් විමර්ශන ආරම්භකර තිබෙනවා.
බිත්ති පුපුරායාම පිළිබද වාර්තාවීමත් සමග මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා එම පාසලට ගොස් තත්ත්වය සොයා බැලුවා. මෙම ගොඩනැගිල්ලෙන් වහාම දරුවන් ඉවත් කිරීමට විදුහල්පතිවරයාට උපදෙස් ලබාදුන්නා. වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල පසුගියදා ඇතිවූ භූකම්පනයත් සමග මෙම ගොඩනැගිල්ලේ පිපිරීම සිදුව ඇති බවට තමන් වෙත තොරතුරු ලැබුණු බවයි පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
කෙසේ වුවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හරහා පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.
The post හගුරන්කෙත පාසල් ගොඩනැගිල්ලක බිත්ති හදිසියේ පුපුරායාම ගැන විමර්ශන අරඹයි appeared first on ITN News.
Post a Comment