Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා එන්නත ලබාදීම 16 වන දින ආරම්භ කරන බව ඉන්දීය රජය නිවේදනය කරයි  

Add comments

කොරෝනා වයිරසයට එරෙහි එන්නත ලබාදීම ලබන 16 වන දින ආරම්භ කරන බව ඉන්දීය රජය නිවේදනය කරනවා.

කොරෝනා වයිරසයට එරෙහිව සිදුකරන ක්‍රියාවලියේ වැදගත්ම සන්දිස්ථානය මෙය බවයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සදහන් කරන්නේ. ජූලි මාසය වනවිට එරට ජනගහනයෙන් මිලියන තුන්සියයකට එන්නත ලබාදීම තම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සදහන් කරනවා. වයිරස ව්‍යාප්තිය මැඩලීම සදහා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන සියලු දෙනාහට ප්‍රථමයෙන් එන්නත ලබාදීමට නියමිතයි. ඇස්ට්‍රා සෙනෙකා හා කොවැක්සින් එන්නත් භාවිතය සදහා මේ වනවිටත් එරට ඖෂධ පාලක මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන රටවල් අතර දෙවන ස්ථානයේ ඉන්දියාව පසුවන අතර වයිරසය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් එක් ලක්ෂ පනස් දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

The post කොරෝනා එන්නත ලබාදීම 16 වන දින ආරම්භ කරන බව ඉන්දීය රජය නිවේදනය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG