ස්පාඤ්ඤයට අසාමාන්‍ය හිමපතනයක් ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙම අධික හිමපතනය නිසා රටෙන් අඩකට වැඩි ප්‍රදේශයකට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ගමනාගමන කටයුතුවලට ද හිමපතනයෙන් බාධා එල්ල වී ඇති බවයි ස්පාඤ්ඤ මාධ්‍ය සඳහන් කරන්නේ. ගෙවී ගිය වසර 50 ක කාල සිමාව තුළ වාර්තා වූ දුෂ්කරම තත්ත්වය මෙය බව ස්පාඤ්ඤයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෆර්නෑන්ඩෝ ග්‍රෑන්ඩේ මර්ලස්කා සඳහන් කළා. මැඩ්රිඩ් නගරයේ හිමපතනය සෙන්ටිමීටර 20 ඉක්මවා ගියා.
The post ස්පාඤ්ඤයට අධික හිමපතනයක් appeared first on ITN News.
Post a Comment