මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් රැදවූවන් 200 ක පමණ පිරිසකගේ තවදුරටත් පරික්ෂණ සිදු කරන බව ඒ පිළිබද පත් කළ පංච පුද්ගල කමිටුවේ සාමාජික අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූආර් ද සිල්වා මහතා පවසනවා.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සදහන් කළේ බන්ධනාගාරයට ආහාර ගෙන යාම සීමා කර සතොස ශාඛාවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද නිර්දේශ ඉදිරිපත් කළ බවයි. බන්ධනාගාර බුද්ධි අංශය වඩාත් හොදින් ක්‍රියාත්මක කිරීමටත් නිලධාරීන්ට වඩාත් හොද ආයුධ පුහුණුවක් ලබාදීමටත් කටයුතු කළ යුතු බවයි ඒ මහතා සදහන් කළේ. බන්ධනාගාර තුළ පිරිස් වැඩිවීම පාලනය කිරීම සදහා මෙන්ම බන්ධනාගාරයට යැවීමට පෙර රැදවූවන් ප්‍රජා විශෝධන ක්‍රියාවලියට ලක් කිරීමට අධිකරණ ඇමති තීරණය කර ඇති බවද ජනාධිපති නීතීඥ යූආර් ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
The post මහර කැරැල්ල ගැන රැඳවියන් 200 කගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ appeared first on ITN News.
Post a Comment