ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අද දිනයෙත් සිදු කෙරුණා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසට එන්නත ලබාදීම කළුතර නාගොඩ රෝහලේදී අද උදෑසන ආරම්භ වුණා.
කොළඹ නගර සභාවේ සෞඛ්‍ය සේවකයන් සඳහා එන්නත ලබාදීමද අද ආරම්භ කෙරුණා.වෛද්‍ය නිලධාරීන් හෙද කාර්ය මණ්ඩලය පවුල් සෞඛ්‍ය සේවිකාවන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මෙන්ම සුවසැරිය කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසකටයි එන්නත ලබාදීම සිදු කෙරුණේ.
මේ අතර වැලිකන්ද සහ පූනානි කෝවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය කරන වෛද්‍ය හෙද සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 300 ක් සඳහා එන්නත ලබාදීම වැලිකන්ද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදි සිදු කෙරුණා.
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා සෙබලුන්ට එන්නත ලබාදීම අද සිදු කෙරුණු අතර එය නිරීක්ෂණයට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එක්ව සිටියා. යාපනය මුලතිව් කිලිනොච්චි මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්වල හමුදා සෙබලුන්ට එන්නත ලබාදීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
The post ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම සිව්වන දිනටත් සාර්ථකව appeared first on ITN News.
Post a Comment