Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිසියේ බලතල වැඩි කර ඇති නව නීතිවලට එරෙහිව ලන්ඩන් නගරයේ උද්ඝෝෂණ  

Add comments

බ්‍රිතාන්‍ය පොලිසියේ බලතල වැඩි කිරීම සඳහා ඉදිරිපත් කර ඇති නව නීතිවලට විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත ජනතාවක් ලන්ඩන් නගරයේ උද්ඝෝෂණවල නිරත වනවා.

උද්ඝෝෂකයන් හා පොලිසිය අතර දරුණු ගැටුම් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහිදී එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා. පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බව ලන්ඩන් පොලිසිය නිවේදනය කරනවා. නව නීති අනුව එරට පැවැත්වෙන උද්ඝෝෂණයන්හි කාලය සීමා කිරීමට , උද්ඝෝෂකයින්ගේ හඬ පාලනය කිරීමට හා උද්ඝෝෂණ විසුරුවා හැරීමට පොලිසියට පූර්ණ බලතල හිමි වනවා. මෙය එරට ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. කාලගුණික විපර්යාස හා කළු ජාතිකයින්ට එරෙහිව සිදුවන අසාධාරණකම්වලට විරෝධය දැක්වෙමින් පැවැත්වෙන උද්ඝෝෂණ පාලනය කිරීමට නව නීති සම්පාදිත බව වාර්තා වනවා.

 

 

 

 

The post පොලිසියේ බලතල වැඩි කර ඇති නව නීතිවලට එරෙහිව ලන්ඩන් නගරයේ උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG