වැලිකන්ද ඉසෙඩ් ඩී ඇළට වැටුණු පුද්ගලයෙකු බේරා ගැනීමට ඉදිරිපත් වූ දෙදෙනෙකු අතුරුදන්ව සිටිනවා. ඔවුන් දෙදෙනා සොයා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා
වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයෙන් ඉසෙඩ් ඩී ඇළට වැටුණු පුද්ගලයෙකු බේරා ගැනීමට මොවුන් දෙදෙනා දියට පැන තිබෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනා අතුරුදන්ව ඇති අතර වැලිකන්ද පොලීසියේ දැනුම් දීමෙන් ඔවුන් සෙවීමේ මෙහෙයුම් සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් එක්ව සිටිනවා. අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනා නුවරඑළිය රාගල හා පුස්සැල්ලාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වැලිකන්ද ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටියා.
The post වැලිකන්ද ඉසෙඩ් ඩී ඇළට වැටුණු පුද්ගලයෙකු බේරා ගැනීමට ඉදිරිපත් වූ දෙදෙනෙකු අතුරුදන් appeared first on ITN News.
Post a Comment