කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමට සතියක කාලයක් සඳහා හෙට දින සිට බංග්ලාදේශය වසා දැමෙනවා.
පසුගිය සති කිහිපය තුළදී කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම මෙයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ. වසා දැමීමට පෙර එරට ජනතාව වෙළෙඳසල් හා රෝහල්වලට විශාල වශයෙන් ඇදී එන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. ආසාදිතභාවය පරීක්‍ෂා කර ගැනිම සඳහා ජනතාව රෝහල් ඉදිරිපිට දිගු පෝලිම්වල රැදී සිටින අයුරු මෙහිදී දක්නට ලැබුණා. මේ වන විට බංග්ලාදේශයෙන් කෙරෝනා ආසාදිතයන් හය ලක්‍ෂ තිස්දහසක් පමණ හමු වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 9213 ක්.
The post හෙට සිට බංග්ලාදේශය සතියක කාලයක් වසා දැමේ appeared first on ITN News.
Post a Comment