සෞන්දර්යෙන් පිරි පුද්ගලයෙකු බිහිකිරීමේ අරමුණින් ගම්දොරින් රගමඩලට වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන පැවැත්වුණා. ජාතික තරුණ සේවා සභාවයි මෙය සංවිධාන කරන්නේ.
නර්ථනය, ගායනය මෙන්ම නාට්‍ය හා රංග කලා විෂයන් පිළිබදව තරුණ තරුණියන් දැනුවත් කිරීම ගම්දොරින් රගමඩලට වැඩසටහනේ අරමුණයි. නාට්‍ය ක්ෂේත්‍රයේ රංගනය, කලා අධ්‍යක්ෂණය, අංග රචනය, ඇදුම් නිර්මාණය පිළිබදව මෙන්ම වීදි නාට්‍ය සහ ළමා නාට්‍යක් නිෂ්පාදනය කිරීම ද මෙම වැඩසටහනේ ඉලක්කයක්.
නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් දේශන මෙන්ම ප්‍රායෝගික වැඩමුළු පැවැත්වෙනවා. ජාතික තරුණ සේවා සභාව මෙම වැඩමුළුව නොමිලේ පැවැත්වීම විශේෂත්වයක්. ගම්දොරින් රගමඩල ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනේ ආරම්භක උත්සවය මහාචාර්ය මංගල සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජාතික තරුණ සේවා සභාවේ ගාල්ල දිස්ත්‍රික සහකාර අධ්‍යක්ෂ සමන් චන්දන මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
The post ගම්දොරින් රඟමඩලට ගාල්ල දිස්ත්‍රික් වැඩසටහන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් appeared first on ITN News.
Post a Comment