විෂ රසායන අන්තර්ගත ජලය ටැම්පා බොක්කට එක්විම හේතුවෙන් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
විෂ රසායන අඩංගු ජලය ලීටර බිලියන දෙකයි දශම 2ක් පමණ ටැම්පා බොක්කට එක්ව ඇති බවටයි හෙළිව තිබෙන්නේ. එම ප්‍රදේශයේ ජීවත් වූ නිවාස 300 ක පමණ ජනතාව වෙනත් ස්ථාන කරා රැගෙන යාමට බලධාරීන් කටයුතු කළා. එමෙන්ම ආශ්‍රිත ප්‍රදේශයේ ගමනාගමන කටයුතු ද තාවකාලිකව තහනම් කර තිබෙනවා. අපජලය රදවා තිබූ ස්ථානයක සිදු වූ කඩා වැටීමකින් එම ජලය ටැම්පා බොක්කට එක්ව ඇති බවයි වාර්තා වන්නේ. පොස්පේට් කර්මාන්ත ශාලාවකට අයත් විකිරණශිලි ජලය මෙහි තිබූ බවට පරිසරවේදීන් චෝදනා කරනවා.
The post ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment