මන්නාරම දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම ආරම්භ කර තිබෙනවා.
මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර හැට දහසක වී වගා කිරීම සිදුකර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙවර සාර්ථක අස්වැන්නක් ලැබී ඇති බවද වාර්තා වනවා. යෝධ වැව ආශ්‍රිත ප්‍රදේශවල සියලු කුඹුරු අස්වැද්දීමට මෙම කන්නයේදී කටයුතු කෙරුණා. සහල් නැළිය නමින් හැඳින්වෙන ප්‍රදේශයද යෝධ වැවෙන් පෝෂණය වනවා. පසුගිය කාලය තුළදී වර්ෂාපතනයද නිසි කලට ලැබීම හේතුවෙන් වී ගොවිතැන සාර්ථක වූ බවයි ගොවීන් සඳහන් කළේ.
The post මන්නාරම දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment