Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ප්‍රහාරයේ වගකීම යහපාලනයේ අපි භාරගත යුතුයි – සජිත් කියයි  

Add comments

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පසුගිය රජය සමයේදී සිදුවීමේ වගකීම භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම ප්‍රහාරයට වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඒ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවා තිබුණා. මෙහිදී ඒ මහතාට සහයෝගය දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම නලින් බණ්ඩාර මහතාට සහයෝගය දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටින ආකාරය දැකගත හැකි වූ බවයි අප වාර්තා කරුවන් ප්‍රකාශ කළේ.

 

 

 

 

 

 

 

 

 

 

The post පාස්කු ප්‍රහාරයේ වගකීම යහපාලනයේ අපි භාරගත යුතුයි – සජිත් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG