ගම සමග පිළිසදර සිව්වන වැඩසටහන කැබිතිගොල්ලෑව කණුගහ වැව ගම්මානයේ දී පැවැත්වුනේ පසුගිය දෙසැම්බර් මස 30 වනදායි. එම ගම්මානය එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ භීෂණයට නිරන්තරයෙන් ගොදුරු වූ ප්‍රදේශයක්. 2006 වසරේ ජූනි මස 15 වනදා හල්මිල්ල වැටිය ග්‍රාමයේදී කැබිතිගොල්ලෑව බස් රථය එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් 68 දෙනෙකුට ජීවිත අහිමි වුණා. 1995 වසරේ සිට 1998 දක්වාත් 2006 වසරේ සිට 2008 වසර දක්වාත් මෙම ගම්මානවල ජනතාවට කදුවුරුගතව ජීවිත්වීමට සිදුවුණේ ත්‍රස්තවාදී භීෂණය හේතුවෙන්. එම උවදුර අවසන් වුවත් ඔවුන් බරපතල ආර්ථික සමාජ ප්‍රශ්න රැසකට මුහුණ දී සිටියා. එම ජනතාවට සහන සලසමින් ඔවුන්ගේ ඉඩම් ගැටලු විසදීම ඇතුලු ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා ගම සමග පිළිසදර වැඩසටහනේදී උපදෙස් දුන්නා.
ගුවන් හමුදාවේ හැත්තෑවන සංවත්සරය වෙනුවෙන් කණුගහවැව ග්‍රාමයේ නිවාස ඇතුලු අවශ්‍යතා සංවර්ධනය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා භාරගනු ලැබුවා. අද දිනයේ කණුගහවැව ගම්මානය වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළමුව අභිනවාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු විහාරාධිපති හිමියන් බැහැ දුටුවා.
යෝජිත වෙහෙර වහන්සේ ඉදි කෙරෙන භූමිය බෝධිඝරය, ආවාස ගෙය සහ ඝණ්ඨාර කුළුන ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වුණා. කණුගහවැව ප්‍රාථමික විද්‍යාල භූමියට පැමිණි ජනාධිපතිතුමා නව නිවාස 12 ක සහ ගුරු නිවාසයෙහි යතුර නිවාස හිමියන්ට භාර දුන්නා. ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පාසල් දරුවන්ට නිල ඇදුම් සහ පාසල් උපකරණ ද ප්‍රධානය කෙරුණා.
කණුගහැවව ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩා පිටිය, ආදර්ශ ගෙවතු වගා ව්‍යාපෘතිය, ගුරු නිවාස සහ ජංගම අක්ෂි රෝහලේ සිදුකළ අක්ෂි සැත්කම් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. කණුගහවැව ග්‍රාමයේ ඉඩම් ඔප්පු අහිමි පස් දෙනෙකුට සංකේතාත්මකව ඔප්පු ප්‍රධානය ද සිදු කෙරුණා. අනතුරුව කණුගහවැව ආදර්ශ ගම්මානය වෙත පැමිණි ජනාධිපතිතුමා නව නිවසක් සහ අලුතින් ඉදිකළ කිලෝමීටර් පහලොවක් දිගින් යුතු අලිවැටද නිරීක්ෂණය කළා.
අසල පිහිටි නිවසකට ගිය ජනාධිපතිතුමා සුහද කතාබහක නිරත වෙමින් තොරතුරු විමසුවා. අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ එච් නන්දසේන, කේ පී එස් කුමාරසිරි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
The post ගම සමග පිළිසඳර සිව්වන වැඩසටහන කැබිතිගොල්ලෑව කණුගහ වැව ගම්මානයේදී appeared first on ITN News.
Post a Comment