ශීත යුද්ධයෙන් පසු පළමුවරට න්‍යෂ්ටික අවි භාවිතා කිරීම සම්බන්ධයෙන් අවධානමක් මතුව ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
බලශක්ති අවශ්‍යතාවන් සඳහා න්‍යෂ්ටික බලාගාර පැවතුන ද මේ වනවිට න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ අවදානමක් පැනනැගී ඇති බවයි ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය පවසන්නේ. ශීත යුද්ධයේ උච්චතම අවස්ථාවට වඩා මේ වනවිට න්‍යෂ්ටික අවි ගැටුමක් ඇතිවීම සම්බන්ධයෙන් අවදානම ඉහළ ගොස් ඇති බව එම ආයතනයන සඳහන් කරනවා. රුසියාව යුක්කරේනය තුළ යුද මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ එම අවදානම ඉහළ ගොස් තිබෙනවා. සෙවෙරෝ ඩොනෙට්ස්ක් ප්‍ර දේශය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කරන ප්‍රහාර ඉහළ දැමීමටයි මේ වනවිට කටයුතු කර ඇත්තේ. ඊයේ දිනයේ දී සිදුකළ ප්‍රහාරයන්ගෙන් එම ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවකට හානි සිදුවූ බව යුක්රේනය නිවේදනය කළ අතර එය යුක්රේන හමුදාවම පුපුරවා හැර ඇති බවටයි රුසියාව චෝදනා කරන්නේ.
The post ශීත යුද්ධයෙන් පසු පළමුවරට න්‍යෂ්ටික අවි භාවිතා කිරීම ගැන අවධානමක් appeared first on ITN News.
Post a Comment