Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බීජිං නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළට  

Add comments

චීනයේ බීජිං නගරයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

ගත වූ පැය 24 ට පමණක් බීජිං නගරයෙන් හමු වී ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාන 166 ක්.ඔවුන්ගෙන් බහුරතයකට වයරසය ආසාදනය වී ඇත්තේ නගරයේ අවන්හලකින් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. එම ප්‍ර දේශය ඉදිරි දින තුනක කාලයක් සඳහා වසා දමා ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ. එමෙන්ම චයෝන්ග්  ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් සම්පූර්ණයෙන් වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.මෙම සතිය තුළදී පාසල් ද වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. පසුගිය සති කිහිපය තුළ බීජිං නගරය වයිරස් ආසාදිතයින් හමුවීම ඉතා අවම මට්ටමක පැවතුන අතර අප්‍රේල් මාසයේ සිට මේ දක්වා බීජිං නගරයෙන් හමු වී ඇති වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව 2000කට ආසන්නයි.

 

 

 

The post බීජිං නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG