Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුවන්ඩා සරණාගත යානයේ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවයි  

Add comments

එක්සත් රාජධානියේ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ රුවන්ඩා සරණාගත යානයේ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

නීතිවිරෝධී ලෙස රුවන්ඩාවේ සිට එක්සත් රාජධානියට පැමිණ වරදකරුවන් බව තහවුරු වූ සරණාගතයින් 7 දෙනෙකු මෙසේ රැගෙන යාමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් යුරෝපා මානව හිමිකම් පිළිබඳ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව තීරණය වී ඇත්තේ කිසිඳු සරණාගතයෙකු අකමැත්තෙන් හෝ බලෙන් රැගෙන යාම නීති විරෝධී බවයි. පවුම් ලක්ෂ 5 වියදමින් කුලියට ගත් බෝයින් 767 යානයක් මගින් ඔවුන් රැගෙන යාමට නියමිතව තිබුණේ එක්සත් රාජධානියේ වේලාවෙන් ඊයේ රාත්‍රී 10.30 ටයි. කෙසේ වෙතත් එම සරණාගතයින් 7 දෙනා යානයෙන් ඉවත් කර ගැනීමෙන් පසු අදාළ යානය ස්පාඤ්ඤය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post රුවන්ඩා සරණාගත යානයේ ගුවන් ගමන තාවකාලිකව අත්හිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG