Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෙර එකඟතාවන් අනුගමනය කරන ලෙසට චීනයෙන් ඇමරිකාවට දැනුම් දීමක්  

Add comments

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික මෙන්ම එහි විදේශ කටයුතු කොමිසන් කාර්යාලයේ අධ්‍යක්ෂ Yang Jiechi මහතා ඇමරිකානු ජාතිකාරක්ෂක උපදේශක Jake Sullivan මහතා හමු වෙයි. හමුව ඊයේ(13) Luxembourg හි දී සිදුවිය.

Yang Jiechi මහතා එහිදී සඳහන් කළේ ජොන් බයිඩන් ජනාධිපතිවරයා ෂී ජින් පිං මහතාට බොහෝ අවස්ථා වලදී පවසා ඇත්තේ ඇමරිකාව ‘නව සීතල යුද්ධයක්’ සිදු කිරීමට තැත් නොකරන බවයි. චීනයේ ක්‍රමවේදය වෙනස් කිරීමට ඇමරිකාව උත්සාහ නොකරයි. හවුල්කාරීත්වය තහවුරු කිරීමෙන් චීනයට විරුද්ධ  වීමට ද වෑයම් නොදරනු ඇත. ‘ තායිවානයට ස්වාධීනත්වය අත් කරගැනීමට’ සහායක් නොදක්වන අතර, චීනයට එරෙහිව ගැටුම් ඇති නොකරන බව බයිඩන් මහතා පවසා ඇති බව ද Yang Jiechi මහතා පෙන්වා දුන්නේ ය.

එහෙත්, ගතවූ කාලය තුළ, ඇමරිකාව චීනයට එරෙහිව එල්ල කර ඇති දැඩි පීඩා තම අභිමතය පරිදි පුළුල් කර තිබේ. දෙරටේ ද්විපාර්ශ්වික අදහස් හුවමාරු හා සහයෝගිතා වලට ඉන් හානි වී ඇත. මෙම තත්ත්වය චීන-ඇමරිකානු ප්‍රතිලාභ හා ලෝකයේ විවිධ රටවල ප්‍රතිලාභ වලට අනුකූල නොවන බව Yang Jiechi මහතා සඳහන් කර තිබේ. චීනයේ අභ්‍යන්තර කටයුතු සෙසු රටවල බාධා වන්ට ලක් නොවිය යුතු බව හෙතෙම අවධාරණය කරයි. චීනයේ එක්සත්වීමට බාධා කිරීමේ හා අවහිර කිරීමේ ඕනෑ ම ක්‍රියාවක් අනිවාර්යයෙන් ම පරාජයට පත් වනු ඇත. එකම චීනය යන මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන 3 ඇමරිකාව අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුය.එමෙන්ම තායිවානය පිළිබඳ ගැටළු නිසියාකාරයෙන් නිරාකරණයට ඇමරිකාව ක්‍රියා කළ යුතු ය.

මේ අතර, චීනයේ Xinjiang උයිගුර් ස්වායත්තය, හොංකොං විශේෂ පරිපාලන කලාපය, ටිබෙට්ය, දකුණ චීන මුහුද, මානව හිමිකම්, ආගමික කටයුතු පිළිබඳ ගැටළු සම්බන්ධ චීනයේ ආකල්පයන් ද Yang
Jiechi මහතා එහිදී විග්‍රහ කර තිබේ.

The post පෙර එකඟතාවන් අනුගමනය කරන ලෙසට චීනයෙන් ඇමරිකාවට දැනුම් දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG