විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස නලින්ද ඉලන්ගකෝන් මහතා පත් කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ එම්.එම්.සී ෆර්නිනෑන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර එම ලිපිය තමා වෙත ලැබුණු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්නිටර් සටහනක් තබමින් පවසනවා.ෆර්නිනෑන්ඩු මහතා කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශයක් පිළිබද පසුගියදා දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ මහතා සමාව ද ඉල්ලා සිටියා.
The post විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස නලින්ද ඉලන්ගකෝන් පත් කෙරේ appeared first on ITN News.
Post a Comment