Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් මිසයිල නාශක පද්ධති ලබා දෙන්නැයි යුක්රේන ජනපති ජාත්‍යන්තරයෙන් ඉල්ලයි  

Add comments

යුක්රේනයට තවත් මිසයිල නාශක පද්ධති ලබා දෙන්නැයි එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටිනවා.

රුසියා හමුදා සෙවරො ඩොනේට්ස්ක් නගරය විනාශ කරමින් කාකිවු නගරයට ද දැඩි හානි සිදු කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරන පසුබිමකයි යුක්රේනය මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ. මිසයිල නාශක අවි ප්‍රමාදවීම තවදුරටත් සිදු වුවහොත් දැඩි විනාශකාරී හානියක් සිදුවනු ඇති  බවයි  යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පසුගියදා නේටෝ සහ ලොව අනික් රටවල ආරක්ෂක අමාත්‍යවරුන් මුණ ගැසී මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වුවා.  යුක්රේන ගැටුම් හේතුවෙන් එරට ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති අතර වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කුඩා දරුවන්ටයි.

 

 

 

The post තවත් මිසයිල නාශක පද්ධති ලබා දෙන්නැයි යුක්රේන ජනපති ජාත්‍යන්තරයෙන් ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG