Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛයේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය  

Add comments

පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛයේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා.

පාසල්වල පළමුව ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේදී විවිධ ගැටලු පැන නැගුණා. ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් , චක්‍ර ලේඛ සංශෝධන කමිටුව , අමාත්‍යාංශයේ විමර්ශන අංශය ,අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හා මැතිවරණ කොමිසන් සභාව ඇතුළු විවිධ පාර්ශ්ව ඒ පිළිබද කරුණු ඉදිරිපත් කර තිබුණා. ඒ පිළිබඳ අධිකරණ තීන්දු ද සැලකිල්ලට ගනිමින් සංශෝධිත නව චක්‍ර ලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කර තිබෙනවා. ලබන වසරේ සිට  එය ක්‍රියාත්මක කිරීම සදහායි කැබිනට් අනුමැතිය හිමිවුණේ.

වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්මවන ආනයනකරුවන් නිෂ්පාදකයින් ,සේවා සපයන්නන්, තොග වෙළෙදුන් සහ සිල්ලර වෙලෙදුන් සඳහා 2.5%ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හදුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

අංගම් සටන් ශිල්පය සංරක්ෂණය කොට ප්‍රවර්ධනය සඳහා රජයේ අවධානය යොමුව තිබෙනවා. අංගම්පොර සටන් ශිල්පය සදහා ඉංග්‍රීසි යටත් විජිත පාලකයින් පනවා ඇති තහනම මීට පෙර ඉවත් කෙරුණා. එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කිරීම සඳහායි කැබිනට් අනුමැතිය හිමිවුණේ.

 

The post පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන චක්‍රලේඛයේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG