Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Apr 30

රුසියානු – යුක්රේන සාම මෙහෙයුමකට පාප් වහන්සේ සූදානමින්  

0 comments

යුක්රේන රුසියා යුද ගැටුම් නවතා සාම ක්‍රියාදාමයකට මැදිහත්වීමට සූදානම් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසනවා. රුසියා හමුදා බක්හ්මුත් ප්‍රදේශයේ බලය අත්පත්කර කරගැනීමට ආසන්න බව රුසියාව නිවේදනය කිරීමත් සමගයි පාප්වහන්සේ මේ බව සදහන් කර ඇත්තේ. දෙරට අතර සාම ක්‍රියාදාමයක් ආරම්භ කිරීමට සූදානම් බවයි පාප්වහන්සේ සදහන් කර ඇත්තේ ඒ පිළිබද වැඩි විස්තරයක් සදහන්කර නැහැ. ඒ පිළිබද සියලු තොරතුරු ඉදිරියේදී මාධ්‍ය හමුවේ සදහන් කිරීමට තමා සූදානම් බව...
Read More »

Apr 30

සටන් විරාම නොතකා සුඩාන සටන් දිගටම  

0 comments

සුඩානයෙන් වෙනත් රටවලට පලා යාමට එරට ජනතාව කටයුතු කිරීමත් සමග දැඩි අර්බුධකාරී තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. පසුගිය අප්‍රේල් 15වන දින රජයේ හමුදා හා කැරළිකරුවන් අතර ගැටුම් ආරම්භ වුණා. ඒ සමගම එරට ජනතාව වෙනත් රටවලට පලා යාමටයි කටයුතු කලේ. වෙනත් රටවලට පළා යාමට සුඩාන වැසියන් එරට වරායන් වෙත පැමිණ ඇති අතර එම වරායන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයන් එල්ල වන බව ද සදහන්. කෙසේ වුවද එම ජනතාවට ආරක්ෂිතව එම ස්ථානවලින් ඉවත් වී යාම සදහා...
Read More »

Apr 30

Starship අභ්‍යවකාශගත කිරීම නැවත සිදුකරන බව ඉලෝන් මස්ක් කියයි  

0 comments

ස්පේස් එක්ස් ව්‍යාපෘතිය නුදුරේදීම යළි ක්‍රියාවට නංවන බව ඉලෝන් මස්ක් පවසනවා. ස්පේස් එක්ස් ව්‍යාපෘතිය යටතේ ස්ටාර් ෂිප් යානය අභ්‍යවකාශගත කිරීම ඉදිරි සති 6 ත් 8ත් අතර කාලය තුළ නැවත සිදුකරන බව ඉලෝන් මස්ක් පවසනවා. පසුගිය 20 වනදා ස්ටාර් ෂිප් යානය අභයවකාශ ගත කිරීමට දැරූ උත්සාහය ව්‍යාර්ත වී ගියේ එය ගුවන් ගත වී මිනිත්තු කිහිපයකට පසු පිපිරී යාමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් රොකට්ටුවේ එන්ජින් 33 ඇතිවූ දෝශයක් නිසා යානය පිපිරී ගිය බවයි මේ වනවිට...
Read More »

Apr 30

ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදු වු ගෑස් කාන්දුවක් හේතුවෙන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පංජාබ් ප්‍රාන්තයේ ලුඩියානා දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලාවකයි මෙම ගෑස් කාන්දුවීම ඇති ව තිබෙන්නේ. ගෑස් හා මීතෙන් වායුව සමග ඇති වු කිසියම් ප්‍රතික්‍රියාවක් නිසා මෙම මරණ සිදුවන්නට ඇති බවයි අනුමාන කෙරෙන්නේ. ගෑස් කාන්දුව වාර්තා වීමත් සමඟ සිද්ධිය වු කර්මාන්ත ශාලාව මෙන්ම අවට ජිවත්වන පිරිස් ද ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා. ජාතික...
Read More »

Apr 29

අපරීක්ෂාකාරී ක්‍රියා නතර කරන්නැයි ඇමෙරිකාව චීනයෙන් ඉල්ලයි  

0 comments

චීන මුහුදු කලාපයේ සිදුකරන අපරීක්ෂාකාරී ක්‍රියා නතර කරන්නැයි ඇමෙරිකාව චීනයෙන් ඉල්ලීමක් කරනවා. පිලිපීන වෙරළාරක්ෂක බෝට්ටුවක් චීනයේ වෙරළාරක්ෂක යාත්‍රාවක ගැටී අනතුරක් සිදුවීමෙන් පසුව ඇමෙරිකාව මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා. දකුණු චීන මුහුදු කලාපය පිලිපීනය , තායිවානය ඇතුළු රටවල් තමන්ට අයිති බව ප්‍රකාශ කලත් චීනය එය ඉක්මවා කටයුතු කරන බවයි ඇමෙරිකාව චෝදනා කරන්නේ. නමුත් චීනය ප්‍රකාශ කරන්නේ දකුණු චීන මුහුදු කලාපයේ අනෙක් රටවලට තිබෙන ස්වාධීනත්වය...
Read More »

Apr 29

ටෙක්සාස් හි වෙඩිතැබීමක් – 05ක් මරුට  

0 comments

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තිබෙනවා. බීමතින් සිටි පුද්ගලයෙකු සිය මිදුලේ වෙඩිතැබීමට පුහුණුවෙමින් සිටියදී අසල්වැසි නිවසේ අයෙකු ඔහුට පවසා ඇත්තේ තම කුඩා දරුවාට නිදා ගැනීමට අවශ්‍ය බැවින් ඊට බාධා නොකරන ලෙසයි . එම ප්‍රකාශයට උරණ වූ එම පුද්ගලයා අසල්වැසියාගේ නිවසට ගොස් වෙඩිතැබීම සිදුකර තිබෙනවා. එහිදී 08 හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු 05 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙඩිතැබීම...
Read More »

Apr 29

සිසුන් 66කගේ පණ රැක දුන් සිසුවා  

0 comments

ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයෙන් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ධාවනය කරමින් සිටිය දී රියදුරු හදිසියේ රෝගී වීමත් සමග 13 හැවිරිදි දරුවෙකු විසින් බස් රථය ආරක්ෂිතව නවතා ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ බස් රථයේ ගමන් කළ එම දරුවා රියදුරු රෝගී වී සිටින බව දැක එලෙස බස් රථය ධාවනය වීම නවතා ගෙන ඇති බවයි. ඒ සමගම ඔහු සිය මිතුරන්ට පවසා ඇත්තේ හදිසි සේවා අංශ අමතන ලෙසයි. එම අවස්ථාවේ බස් රථයේ සිසුන් 66 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය...
Read More »

Apr 29

ක්‍රිමියාවේ තෙල් ගබඩාවක දැවැන්ත ගින්නක්  

0 comments

ඩ්‍රෝන ප්‍රහාරයක් නිසා ක්‍රිමියාවේ තෙල් ගබඩාවක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. රුසියානු පාලනයේ පවතින  ක්‍රිමියාවේ තෙල් ගබඩාවක මෙම ගින්න ඇතිවීමට හේතුව ඩ්‍රෝන ප්‍රහාරයක් බව මේ වන විට සොයාගෙන තිබෙනවා. ඩ්‍රෝන ප්‍රහාරයන් නිසා මෙම ගබඩාවේ තිබූ තෙල් ටැංකියකට හානි සිදුව තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරන්නේ යුක්‍රේනය තම හමුදාවේ සංචිතයන් සහ ගබඩා ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ලකරන බවයි. තවමත් ගින්න නිවීමේ කටයුතු අවසන් කර නොමැති...
Read More »

Apr 29

සටන් විරාමය මැද සුඩානයේ ගැටුම් අඛණ්ඩව  

0 comments

සුඩානයේ ගැටුම් සටන් විරාමය මැද අඛණ්ඩව සිදුවන බව වාර්තා වනවා. සුඩාන අගනුවර වන කාර්ටුන් නගරයේ ගුවන්තොටුපොලකට ගොඩබැස්සවීමට ගිය තුර්කි ගුවන් යානයකට ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වනවා. තම පුරවැසියන් නැවත රැගෙන යාමට මෙම ගුවන් යානය එවන ලද බවත්  එම ගුවන් යානයට ප්‍රහාර එල්ලවූ බවත් තුර්කිය සනාථ කර සිටිනවා. මේ අතර සුඩානයේ ගැටුම් ඇතිකර ගෙන තිබෙන හමුදා කණ්ඩායම් දෙකෙන් එකක නායකයා වන ජනරාල් මොහොමඩ් හම්දාන් ඩගාලෝ පවසන්නේ බෝම්බ පිපිරීම් නවත්වන...
Read More »

Apr 29

අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ ප්‍රථම අරාබි ජාතික ගගණගාමියා  

0 comments

පළමු අරාබි ගගණගාමියා බවට පත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් නෙයාඩ් සමත් වෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුල්තාන්වරයෙකු වන අල් නෙයාඩ් අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ ප්‍රථම අරාබි ජාතික ගගණගාමියා වීමේ ගෞරවය හිමිකරගෙන තිබෙනවා. ඔහු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගමන්කොට එහි කටයුතු කිරීමට සමත්ව තිබෙනවා. එහිදී ඔහු අභ්‍යවකාශයේ ඇවිදීම ඇතුලු ක්‍රියාකාරකම් සිදු කළ බව වාර්තා වනවා. සුල්තාන් අල් නෙයාඩ් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පසුගිය...
Read More »

Apr 29

ටියුනීසියා වෙරළින් හමු වූ අනවසර සංක්‍රමණිකයන්ගේ සිරුරු ගණන 200 ඉක්මවයි  

0 comments

දින 10 ක් තුළ ටියුනීසියා වෙරළින් හමු වූ අනවසර සංක්‍රමණිකයන්ගේ සිරුරු ගණන 200 ඉක්මවා තිබෙනවා. පසුගිය දින කිහිපයේම අනතුරට පත් නෞකා කිහිපයක සහ බෝට්ටු වල සුන් බුන් ටියුනීසියා වෙරළට ගසාගෙන ඒම සිදු වුණා. ඊයේ දිනයේ පමණක් මල සිරුරු 41 ක් ටියුනීසියා වෙරළාරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා. මෙම බොහෝ මලල සිරුරු දිරාපත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ. සරණාගතයින් රැගෙන යුරෝපය බලා යන බොහෝ යාත්‍රා ටියුනීසියාව ආසන්නයේ අනතුරට පත්වී තිබීම මෙලෙස මලසිරුරු වෙරලට...
Read More »

Apr 28

පාප් වහන්සේ හංගේරියාවේ සංචාරයක  

0 comments

ශුද්ධෝත්තම පාප් වහන්සේ දින තුනක සංචාරයක් සඳහා හංගේරියාව වෙත පැමිණියා. වතිකානය සඳහන් කරන්නේ පාප් වහන්සේ හංගේරියාවේදී දේව මෙහෙයන් කිහිපයකටම සහභාගී වන බවයි. හංගේරියාවේදී පාප්වහන්සේ දේව ගැතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහභාගී වන උත්සවයකට සහභාගී අදහස් පල කිරීමට කටයුතු කළා. එහිදී උන්වහන්සේ කියා සිටියේ යුරෝපයේ නැගී එන ජාතිකවාදය සම්බන්ධයෙන් තමන් සියලු රටවල්වලට අනතුරු අඟවන බවයි. වෙනත් රටවල සිට දරිද්‍රතාවෙන් පෙලීම නිසා යුරෝපයට සංක්‍රමණය...
Read More »

Apr 28

රුසියා මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ 25දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

රුසියාව යුක්‍රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් 25දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. යුක්‍රේනයේ උමාන් නගරයට රුසියානු රූස් මිසයිල කිහිපයක් එල්ල වී තිබෙනවා. එහිදී කුඩා ළමයින් හතර දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ රුසියා ප්‍රහාර නිසා නිවාස සංකීර්ණ 10කට හානි වී ඇති බවයි. සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන රුසියාව සිදු කරන මෙම ප්‍රහාරවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව පියවර ගත යුතු...
Read More »

Apr 28

බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ හමුදා මුර පොළකට එල්ලවූ ප්‍රහාරයකින් සෙබලුන් 33ක් මිය යයි  

0 comments

බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ හමුදා මුර පොළකට එල්ලවූ ප්‍රහාරයෙන් සෙබලුන් 33ක් මිය ගොස් තිබෙනවා. බුර්කිනෝ ෆාසෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශය වූ හමුදා කදවුරකටයි මෙලෙස ප්‍රහාරයක් එල්ලවී ඇත්තේ. සිද්ධියෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. හමුදා කදවුරට ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තවාදීන් 40 දෙනෙකුගේ කණ්ඩායමක් පැමිණ ඇති බව එරට හමුදාව නිවේදනය කරනවා. 2015 වසරේ සිට බුකිනෝ ෆාසෝහි සන්නද්ද කැරළිකරුවන් සහ හමුදාව අතර ගැටුම් ඇතිව තිබෙනවා. මෙම ගැටුම් නිසා...
Read More »

Apr 28

පාප් වහන්සේ දින 3ක සංචාරයක් සඳහා හංගේරියාවට යයි  

0 comments

ශුද්ධෝත්තම පාප් වහන්සේ දින තුනක සංචාරයක් සදහා හංගේරියාවේ සංචාරයක නිරත වනවා. ශුද්ධෝත්තම පාප් වහන්සේ අද පස්වරුවේ හංගේරියාවට පැමිණීමට තම ගුවන් යානයට ගොඩවන අයුරු දැක්වෙන දර්ශන මේ වන විට නිකුත්ව තිබෙනවා. වතිකානය සදහන් කරන්නේ පාප් වහන්සේ හංගේරියාවේදී දේව මෙහෙයන් කිහිපයකටම සහභාගී වන බවයි. හංගේරියානු සංචාරයේදී පාප් වහන්සේ යුක්‍රේනය පිළිබදව ද සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් පුවත් වාර්තා කරන්නේ. කෙසේ වෙතත් යුක්‍රේනය හා හංගේරියාව යුද්ධය...
Read More »

Apr 28

ලෝකය පුරා ස්ථාන කිහිපයක උෂ්ණත්වය වැඩිවීමේ අධි අවදානමක්  

0 comments

ලෝකය පුරා ස්ථාන කිහිපයක උෂ්ණත්වය වැඩිවීමේ අධි අවදානමක් ඇති බවට අනාවැකි පළවනවා. පෙර නොවූ විරූ උෂ්ණත්වයක් ලෝකයේ නගර කිහිපයක ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා සංවිධාන අනතුරු අඟවනවා. මේ පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයකින් අනතුරුව මෙලෙස උෂ්ණත්වය ඉහළ යා හැකි රාජ්‍යයන් ලෙස ඇෆ්ගනිස්තානය, පැපුවා නිව්ගිනියාව, ග්වාතමාලාව, හොන්ඩුරාස් සහ නිකරගුවා රාජ්‍යයන් නම් කර තිබෙනවා. තාප තරංග හේතුවෙන් මෙම උෂ්ණත්වය ඉහළ යාම සිදුවිය හැකි බවයි ප්‍රකාශ වන්නේ. මීට...
Read More »

Apr 27

යුක්‍රේනයට රුසියාවෙන් ගුවන් ප්‍රහාර  

0 comments

යුක්‍රේනයට රුසියාවෙන් ගුවන් ප්‍රහාර රැසක් එල්ල වී තිබෙනවා. යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක සහ නගර කිහිපයක පිපිරීම් වාර්තා වීමත් සමඟ කියෙව් අගනුවර ඇතුළුව යුක්රේනය පුරා ගුවන් ප්‍රහාර හේතුවෙන් නිකුත් කරන අනතුරු ඇගවීමේ සයිරන් නාද නිකුත් කර තිබෙනවා. අද අළුයම කියෙව් අග නගරයට ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අතර එහිදී සිදු වු හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ. මේ අතර යුක්‍රේනයේ උමාන් නගරයට රුසියානු රූස් මිසයිල කිහිපයක් එල්ල වී තිබෙනවා. එහිදී...
Read More »

Apr 27

සටන් විරාමය දීර්ඝ කළත් සුඩානයේ ගැටුම් අඛණ්ඩව  

0 comments

සටන් විරාමය දීර්ඝ කළත් සුඩානයේ ගැටුම් අඛණ්ඩව සිදුවන බව වාර්තා වනවා. සුඩානයේ ගැටුම් ඇති කරගත් පාර්ශවයන් නැවතත් පැය 72ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එසේ වුවත් කාර්ටුම් අගනුවර ගැටුම් දිගින් දිගටම සිදුවන බව වාර්තා වනවා. ගැටුම් නිසා මේ වන විට මියගිය සංඛ්‍යාව 512ක් වී ඇති අතර 4200ක් තුවාල ලබා තිබෙනවා. සටන් විරාමයත් සමග බොහෝ දෙනෙකු සුඩානයෙන් පළා යාමට උත්සහ ගන්නා අතර බොහෝ රටවල් තම පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීමට දැඩි උත්සහයක නිරත...
Read More »

Apr 27

බිෂොප්වරුන්ගේ ගෝලීය හමුවේදී ඡන්දය භාවිත කිරීමට කාන්තාවන්ට අවස්ථාව  

0 comments

ලබන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන බිෂොප්වරුන්ගේ ගෝලීය හමුවේදී ඡන්දය භාවිත කිරීමට කාන්තාවන්ට අවස්ථාව ලබාදී තිබෙනවා. රෝමානු කතෝලික දේවස්ථානයන්හි තීරණ ගැනීමේ දී කාන්තාවන්ට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙම පියවර ගත් බවයි වාර්තා වන්නේ. මීට පෙර රෝමානු කතෝලික දේවස්ථානයේ සැසිවාරයන් සඳහා සහභාගිවීමේ අවස්ථාවට කාන්තාවන්ට තිබුණ ද ඡන්දය භාවිත කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. ඒ අනුව ප්‍රථමවරටයි ඔවුන්ට මෙම අවස්ථාව හිමිව...
Read More »

Apr 27

ඇමෙරිකාව හා දකුණු කොරියාව නව න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් තබයි  

0 comments

ඇමෙරිකාව හා දකුණු කොරියාව නව න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික අවධානම හේතුවෙන් ඇමෙරිකා දකුණු කොරියා ජනාධිපතිවරුන් මෙලෙස නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹුණා. නව ගිවිසුම යටතේ දකුණු කොරියාවේ න්‍යෂ්ඨික බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට මෙන්ම න්‍යෂ්ඨික ආයුධවලින් සන්නද්ධ සබ්මැරීන්, ලබාදීමද සිදුවනවා. එමෙන්ම ගිවිසුම යටතේ ඇමෙරිකාවෙන් න්‍යෂ්ටික ආධාර ලබාදීම හේතුවෙන් දකුණු කොරියාවට න්‍යෂ්ඨීක...
Read More »

Apr 27

සුඩානයේ ගැටුම්වලට මැදිව සිටින ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට නොහැකි තත්ත්වයක්  

0 comments

සුඩානයේ ගැටුම්වලට මැදිව සිටින සාමාන්‍ය ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. සුඩාන හමුදා හා ආර් එස් එෆ් සටන්කාමීන් අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් ලක්ෂයක පමණ පිරිසක් සුඩානයෙන් චැඩ් රාජ්‍යයට පලා යනු ඇති බවටයි ජගත් සංවිධානය අනුමාන කරන්නේ. මේ වන විටත් චැඩ් රාජ්‍යය සරණාගතයින් ලක්ෂ පහක පමණ පිරිසකට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා. පසුගිය 15 වන දින ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ...
Read More »

Apr 26

චීන ජනපති සහ යුක්‍රේන ජනපති අතර දුරකතන සංවාදයක්  

0 comments

චීන ජනාධිපති ෂී ජින් පින් යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි සමඟ පැයක දුරකතන සංවාදයක් සිදුකර තිබෙනවා. එම දුරතකන සංවාදය පිළිබඳ අදහස් පළ කරමින් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පැයකට ආසන්න කාලයක් පැවති සංවාදය ඉතා අර්ථවත් එකක් වු බවයි. ඊයේ පස්වරුවේ තමා හා යුක්රේන ජනාධිපතිවරයා අතර සිදු වු සංවාදය හරහා රුසියා යුක්රේන ගැටුමට දේශපාලන විසඳුමක් ලැබෙනු ඇති බවයි චීන ජනාධිපති ෂී ජින් පින් සඳහන් කරන්නේ. මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත්...
Read More »

Apr 26

බ්‍රිටිෂ් ඇමරිකන් දුම්කොල සමාගමට ඩොලර් මිලියන 635ක දඩයක්  

0 comments

උතුරු කොරියාවට දුම්වැටි අලෙවි කිරීම හේතුවෙන් බ්‍රිටිෂ් ඇමරිකන් දුම්කොල සමාගමට ඇමෙරිකා ඩොලර් මිලියන 635ක දඩයක් නියම කර තිබෙනවා. ඇමෙරිකාව උතුරුකොරියාවට පනවා ඇති සම්බාධක කඩ කිරීම හේතුවෙනුයි මෙම දඩ මුදල නියමකර ඇත්තේ. 2007 වසරේ සිට 2017 වසර දක්වා බ්‍රිටිෂ් ඇමරිකන් දුම්කොල සමාගම උතුරු කොරියාවට දුම්වැටි අලෙවිකර ඇති බව හෙළිව තිබෙනවා. උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් එම සමාගමේ දුම්වැටි භාවිත කර ඇති බවට ද මත පලවනවා. සන්නාම කිහිපයක් යටතේ...
Read More »

Apr 26

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප් එකක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයරතු එළි දල්වයි  

0 comments

ඉන්දියාවේ නිෂ්පාදිත තවත් කැස්ස සඳහා ලබාදෙන සිරප් වර්ගයක් පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතරු අගවා තිබෙනවා. මාර්ෂල් හා මික්රෝනීසියා රාජ්‍යයන්හි අලෙවියට තිබූ මෙම කැස්ස සදහා ලබාදෙන සිරප් වර්ගයේ ද විස රසායන අඩංගු වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ. එම සිරප් වර්ගයේ මිනිස් සිරුරට අහිතකර විස රසායන ද්‍රව්‍ය දෙකක් අඩංගු අතර ඒවා භාවිතයෙන් ජීවිතක්ෂයට වුවද පත්විය හැකි බව එම සංවිධානය පවසනවා. කෙසේ වුවද එම සිරප් වර්ගය භාවිතයෙන් රෝගාතුර...
Read More »

Apr 26

සුඩාන කැරළිකරුවන් එරට ජීව විද්‍යාත්මක රසායනාගාරයක් අත්පත් කර ගැනීමත් සමඟ දැඩි අවදානමක්  

0 comments

සුඩාන කැරළිකරුවන් එරට ජීව විද්‍යාත්මක රසායනාගාරයක් අත්පත් කර ගැනීමත් සමඟ දැඩි අවදානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. සුඩානයේ කාහ්ටූම් නගරයේ පිහිටා ඇති ජීව විද්‍යාත්මක රසායනාගාරයකුයි සුඩාන කැරළිකරුවන් මෙලෙස අත්පත් කරගෙන ඇත්තේ. එහි සියලු සේවකයින් ඉන් ඉවත් කර ඇති බවද වාර්තා වනවා. මෙලෙස ජාතික සෞඛ්‍ය පද්ධතියට අයත් රසායනාගාර අත්පත් කර ගැනීම හරහා දැඩි අවදානමක් හටගන්නා බවටයි ජගත් සංවිධාන නිලධාරීන් අනතුරු අඟවන්නේ. ඊයේ දිනයේදී...
Read More »

Apr 25

කාබුල් ගුවන්තොටුපොළට එල්ල කළ ප්‍රහාරය පිටුපස සිටි IS නායකයා ඝාතනය කෙරේ  

0 comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපොළට එල්ල කළ ප්‍රහාරය පිටුපස සිටි අයි එස් නායකයා ඝාතනය කර තිබෙනවා. 2021 වසරේ කාබුල් ගුවන්තොටුපොළේ සිදු වූ විනාශකාරී බෝම්බ ප්‍රහාරය සැලසුම් කළ බවට සැළකෙන මහමොළකරු ඝාතනය කළ බව ඇෆ්ගනිස්තානයේ පාලක තලෙයිබාන් සංවිධානය පවසනවා. සති කිහිපයකට පෙර ඔහු ඝාතනය කර ඇති අතර එය තහවුරු කර ඇත්තේ අද දිනයේදීයි. කාබුල් ගුවන්තොටුපොළේ බෝම්බ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 170 දෙනෙකු සහ ඇමෙරිකා සෙබලු 13 දෙනෙකු මියගියා. මරාගෙන මැරෙන...
Read More »

Apr 25

මෙවර එවරස්ට් කඳු තරණය සඳහා බලපත්‍ර 454ක්  

0 comments

මේ වසන්තයේ එවරස්ට් කඳු තරණය සඳහා බලපත්‍ර 454ක් නිකුත් කර ඇති බව නේපාල බලධාරීන් පවසනවා. ලොව උසම කඳු මුදුනේ අධික තදබදය හේතුවෙන් මරණ හතරක් සිදුවී වසර හතරකට පසුව නේපාල රජය විසින් මෙවර බලපත්‍ර 454ක් නිකුත් කරඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වැඩිම බලපත්‍ර සංඛ්‍යාව මෙය වන බවත් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් එරට සංචාරක දෙපාර්තමේන්තුවේ බිග්යන් කොයිරාල සඳහන් කරනවා. කඳු...
Read More »

Apr 25

නිර්මාණාත්මක විරෝධතාවක්  

0 comments

දුම්වැටියේ ඉවතලන කොටස් හයලක්ෂ පනස්දහසක් එක්කරමින් පැවැත්වූ විරෝධතාවක් පිළිබද පෘතුගාලයෙන් වාර්තා වනවා. ලොව පුරා සිදුවන පරිසර දූෂණයට විරෝධය දැක්වීම සදහායි මෙය සංවිධාන කර තිබුණේ. පෘතුගාලයේ ලිස්බන් අගනුවර පැවති මෙම විරෝධතාවයට ප්ලාස්ටික් බහාලුම් 40කට පමණ රැස්කළ දුම්වැටියේ ඉවතලන කොටස් එක්කර තිබුණා. ජර්මානු ජාතික කාලගුණ ක්‍රියාකාරිකයෙකු මෙය සංවිධානකර තිබූ අතර දුම්වැටියේ ඉවතලන කොටස් හරහා සිදුවන පරිසර දූෂණය සම්බන්ධයෙන් එහිදී ජනතාව දැනුවත්...
Read More »

Apr 25

වායු දූෂණය නිසා මිලියන ගණනකට ශ්වසන රෝග  

0 comments

වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ මිලියන ගණනක පිරිසකට ශ්වසන රෝග වැළදී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා වායු දූෂණය හේතුවෙන් හටගත් ශ්වසන රෝග සදහා ප්‍රතිකාර ලබාගැනීමට මිලියන දෙකයි දශම 4ක පිරිසක් රෝහල් ගතව ඇති බවයි තායිලන්ත සෞඛ්‍ය බලධාරීන් සඳ හන් කරන්නේ. මෙම සතිය තුළදී පමණක් ශ්වසන රෝග සදහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගතවී ඇති පිරිස 185,000කට ආසන්න වනවා. තායිලන්තයේ බැංකොක් හා චියෑන්ග් මායි යන නගරයන් එරට වායු දූෂණය...
Read More »

Apr 24

පාකිස්තානයේ ත්‍රස්ත මර්දන කාර්යාලයක සිදුවූ පිපිරීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

වයඹදිග පාකිස්තානයේ ත්‍රස්ත මර්දන කාර්යාලයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ත්‍රස්ත මර්දන කාර්යාලයේ පිපිරීමට හේතුව එහි ආයුධ ගබඩාවේ සිදුවූ විදුලි කාන්දුවක් බව පොලීසිය සදහන් කරනවා. ප්‍රහාරයක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් හමුව නොමැති බවයි වාර්තා වන්නේ. මියගිය පිරිස අතරෙන් බහුතරයක් පොලිස් නිලධාරීන් බවද සදහන්. එම ගොඩනැගිල්ල විනාශයට පත්ව ඇති අතර පුද්ගලයින් 40කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය...
Read More »

Apr 24

සුඩානයේ පැය 72ක සටන් විරාමයක්  

0 comments

සුඩාන හමුදාව හා ආර් එස් එෆ් සටන්කරුවන් පැය 72ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගිය 15 වනදා සුඩාන හමුදාව හා ආර් එස් එෆ් සටන්කරුවන් අතර ගැටුම් ආරම්භ වුණා. ඒ හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 400කට ආසන්නයි. තවත් තුන්දහසක පමණ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ නිවේදනයට පත්කළ සටන්විරාමය,  ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා ප්‍රකාශයට පත්කළ 3වන සටන් විරාමය ද වනවා. පෙර ප්‍රකාශයට පත්කළ සටන්විරාම දෙපාර්ශ්වයම...
Read More »

Apr 23

නවසීලන්තයේ භූ කම්පනයක්  

0 comments

නවසීලන්තයේ කර්මඩෙක් දූපත් කලාපයට රිච්ටර් පරිමාන හතයි දශම තුනක භූකම්පනයක් ඇතිව තිබෙනවා. ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ එය පොලොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක්  ගැඹුරින් හට ගෙන ඇති බවයි. භූමි කම්පාවෙන් පසුව සුනාමි අනතුරු ඇගවීමේ නිවේදන ද නිකුත් කර තිබෙනවා. පසුගිය මාසයේද මෙවැනිම භූ කම්පනයක් කර්මඩෙක් දූපත්වලට බලපෑවා. එය සටහන් වුණේ රිච්ටර් පරිමාන ඒකක හතයි දශම එකක් ලෙසයි. අද සිදු වූ භූ කම්පනයෙන් ඇතිව තිබෙන හානි...
Read More »

Apr 23

රටවල් රැසක් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පුරවැසියන් සුඩානයෙන් ඉවත් කර ගනී  

0 comments

විදෙස් රටවල් රැසක් සුඩානයෙන් තම රාජ්‍ය තාන්ත්‍රිකයින් හා පුරවැසියන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. පසුගිය සතියේ සිට සුඩානයේ කාහ්ටූම් නගරයේ සුඩාන හමුදාව හා සන්නද්ධ කණ්ඩායමක් අතර දරුණු ගැටුම් හට  ගත්තා. ඒ හේතුවෙන් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය,  ජර්මනිය, ඉතාලිය හා ස්පාඤ්ඤය ඇතුළු ලොව රටවල් රැසක් තම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සුඩානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළා. කෙසේ වුවද සුඩානයේ පදිංචිව සිටින එම රටවලට අයත් පුරවැසියන් කණ්ඩායම්...
Read More »

Apr 23

ජපානය ප්‍රථම වතාවට ගබ්සා පෙති භාවිතය අනුමත කරයි  

0 comments

ජපානය ප්‍රථම වතාවට ගබ්සා පෙති භාවිතය අනුමත කර තිබෙනවා. ජපානය මෙතෙක්කල් ගබ්සා කිරීම් සම්බන්ධයෙන් සිදුකලේ ලෝහ උපකරණ භාවිතයෙනුයි. කෙසේ වෙතත් විශේෂඥයින්ගේ ඉල්ලීම මත ජපානයට ගබ්සා පෙති හදුන්වාදීම ඊයේ දිනයේ සිදුවුණා. ජපාන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මිෆිගෝ නම් ඖෂධයක් ගබ්සා කිරීම් සදහා අනුමත කර තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ ජපන් ජනතාවගෙන් කරන ලද විමසීමකින් අනතුරුවයි මෙම ඖෂධය භාවිත කිරීමට පියවර ගැණුනේ.             The...
Read More »

Apr 23

උතුරු කොරියාවේ මිසයිල පහරදී බිම හෙලීමට ජපාන හමුදාවට අවසර  

0 comments

උතුරු කොරියා මිසයිල පහරදී බිම හෙලීමට ජපාන හමුදාවට අවසර ලබා දී තිබෙනවා. ජපානය තම හමුදාවට උතුරු කොරියා මිසයිල බිම හෙලීමට මෙලෙස අවසර ලබාදීමට තීරණය කළේ උතුරු කොරියාව තම ප්‍රථම හමුදා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට සූදානම් බව ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. උතුරු කොරියාව මීට පෙර 2012 දී සහ 2016 දීද චන්ද්‍රිකා අත්හදාබැලීමක් මුවාවෙන් සිදු කළේ බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් බව ජපානය චෝදනා කරනවා. ඔවුන් අත්හදා බැලූ බැලස්ටික් මිසයිල...
Read More »

Apr 23

ඉන්දියානුවන් වෙනුවෙන් වීසා මිලියනයක් ලබාදීමට ඇමෙරිකාව තීරණය කරයි  

0 comments

2023 වසර සඳහා ඉන්දියානුවන් වෙනුවෙන් වීසා මිලියනයක් ලබාදීමට එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. ඇමෙරිකා දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන ඇමෙරිකා රාජ්‍ය ලේකම් වන ඩොනල්ඩ් ලූ පවසන්නේ රැකියා සඳහා මෙම වීසා ලබා දෙන බවයි. ඇමෙරිකාවේ තිබෙන තාක්ෂණික සහ විද්‍යා කටයුතු සම්බන්ධව තිබෙන ආයතනවලට අවශ්‍ය පිරිස වෙනුවෙනුයි මෙලෙස වීසා නිකුත් කරනු ලබන්නේ. ඉන්දියාව මේ වන විට ඇමෙරිකාව සඳහා අධ්‍යාපනය සඳහා වැඩිම ප්‍රමාණයක් ළමුන් එවන රටවල් අතර දෙවන ස්ථානයේද පසුවනවා. මෘදුකාංග...
Read More »

Apr 23

අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඊශ්‍රායලයේ විරෝධතා  

0 comments

අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඊශ්‍රායලයේ දහස් ගණනක් විරෝධතාවල නිරත වනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දුර්වල කිරීමට බෙන්ජමින් නෙතන්යාහුගේ රජය ඉදිරිපත් කරන ලද සැළසුම් ඊශ්‍රායල ජනතාවගේ කෝපයට හේතුවී තිබෙනවා. අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඊශ්‍රායලයේ ආරම්භ වූ විරෝධතා මේ වනවිට සති 16ක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මකයි. අද පැවති විරෝධතාවල දී ජනතාව නෙතන්යාහුට චෝදනා කළේ අපරාධ ඇමති යන අන්වර්ත නාමයෙන්. ඒ බව දැක්වෙන විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කෙරුණා. බෙන්ජමින්...
Read More »

Apr 22

දිවිගමනට සමුදුන් විකට නළුවා  

0 comments

ඔස්ට්‍රේලියානු ප්‍රහසන නළුවෙක් වන බැරි හම්ප්‍රීස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 89 වැනි වියේ පසුවූ හම්ප්‍රීස් සිඩ්නි හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ The post දිවිගමනට සමුදුන් විකට නළුවා appeared first on ITN News...
Read More »

Apr 22

ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සාව සඳහා වූ ඖෂධයක වාරණය ඉවත් කරයි  

0 comments

ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සාව සඳහා වූ ඖෂධයක වාරණය ඉවත්කර තිබෙනවා. ඇමෙරිකාවේ අධිකරණයක් විසින් එරට සුලබව භාවිත වූ මයි ෆෙප්සි ටෝන් නම් ගබ්සා කිරීමේ ඖෂධයකට මීට පෙර වාරණයක් නිකුත්කර තිබුණා. කෙසේ වෙතත් ජනතාවගෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් මේ පිළිබඳ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමටයි රජය කටයුතු කළේ. වසර 20ක් පුරා භාවිත කළ ඖෂධයක් වන මෙය ඉදිරියටත් භාවිතය සඳහා අවසර ලබාදීමට අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබෙනවා.       The...
Read More »

Apr 22

කැනඩාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 28 ක ආධාර පැකේජයක්  

0 comments

කැනඩාව යුක්‍රේනය වෙනුවෙන් ඩොලර් මිලියන 28 ක ආධාර පැකේජයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. යුක්‍රේනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති ආධාර පැකේජයේ ස්නයිපර් ගිනිඅවි සහ ඉන්ධන වෙනුවෙන් මෙම මුදල වෙන්කර තිබෙනවා. යුද්ධය ආරම්භයේ සිටම කැනඩාව මේ වනවිට යුක්‍රේනය වෙත ඩොලර් බිලියනයකට ආසන්න ආධාර ලබාදී තිබෙන බවයි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. මීට අමතරව ගුවන් විදුලි සම්ප්‍රේෂණ උපකරණ ද ලබාදීමට කැනඩාව අපේක්ෂාවෙන් සිටිනවා.             The...
Read More »

Apr 22

පසුගිය වසරේ උෂ්ණත්වය හේතුවෙන් යුරෝපයේ 15,700ක් මියයයි  

0 comments

ගෝලීය උෂ්ණත්වය හේතුකරගෙන 2022 වසර තුළ යුරෝපය තුළ 15,700 පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසන්නේ 2022 වසර තුළ යුරෝපයේ සිදු වූ මරණවලින් 15,700 ක්ම අධික උෂ්ණත්වය නිසා ඇති වූ මරන බවයි ගෝලීය මධ්‍යයන උෂ්ණත්වය පසුගිය වසර 08 තුළ ඉහළම අගය වාර්තා කර ඇත්තේ 2022 වසරේදීයී. ගෝලීය  උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ කාබන් ඩයොක්සයිඩ් මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් යන හරිතාගාර වායු මට්ටම් ඉහළ යාම ද සිදුව තිබෙනවා. ලෝක කාලගුණ...
Read More »

Apr 21

බ්‍රිතාන්‍යයට නව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙක්  

0 comments

බ්‍රිතාන්‍යයට නව නියොජ්‍ය අග්‍රාමාත්‍යවරයෙක් පත්ව තිබෙනවා. ඔලිවර් ඩව්ඩන් මෙලෙස බ්‍රිතාන්‍යයේ නව නියෝජ්‍ය අග්‍රාමාත්‍යරයා ලෙස නම් කර  තිබෙනවා. ඒ ඊයේ දිනයේදී බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ඩොමිනික් රාබ් ඉල්ලා අස් වුණා. නව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඔලිවර් ඩවුඩන් මීට පෙර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක්ගේ කාර්ය මණ්ඩල ඇමති ලෙස කටයුතු කළා. මේ අතර බ්‍රිතාන්‍යයේ නව අධිකරණ ඇමති ලෙස ඇලෙක්ස් චොක්ස් පත් කර තිබෙනවා.     The...
Read More »

Apr 21

කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපලේ තිබු රත්‍රං තොගයක් අතුරුදහන්  

0 comments

කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපලේ තිබු රත්‍රං තොගයක් අතුරුදන්ව තිබෙනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වටිනා රත්‍රං තොගයක් බවයි එරට ආරක්ෂක අංශ සදහන් කරන්නේ. ටොරෙන්ටෝ ගුවන්තොටුපලේ බහලුමක තිබු රත්‍රං කිලෝ ග්‍රෑම් 1633ක ප්‍රමාණයක් මෙලෙස අතුරුදන්ව තිබෙනවා. ආරක්ෂක අංශ පවසන්නේ මෙම රත්‍රං තොගය වර්ග මීටර් 5ක ප්‍රමාණක විශාලත්වයේ බහලුමක තිබු බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිශ්චිත හෝඩුවාවක් සොයා ගැනීමට කැනඩා ආරක්ෂක අංශ...
Read More »

Apr 21

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ගෝලීය ගැටලුවලට විසදුම් සපයන බව ඉන්දීය අගමැති පවසයි  

0 comments

බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ගෝලීය ගැටලුවලට විසදුම් සපයන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. අගමැති මෝදි දිල්ලියේ පැවති ගෝලීය බෞද්ධ සමුළුවේ ආරම්භක සමුළුව අමතමින් මේ බව කියා සිටියා. ඔහු වැඩිදුරටත් පවසන්නේ බුද්ධ දර්ශනයෙන් ආභාෂය ලබා ගනිමින් මිනිසුන් සහ ජාතීන් තම අවශ්‍යතා සමග ගෝලීය අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි. බුදුන් වහන්සේගේ ධර්මයේ ආභාෂය ලබමින් ඉන්දියාව ගෝලීය සුබසාධනය සදහා මුල පිරීම පටන් ගනිමින් සිටින බව නරේන්ද්‍ර...
Read More »

Apr 20

ඉන්දීය හමුදා සෙබලුන් ගමන්කළ වාහනයකට එල්ල වූ ප්‍රහාරයකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ජම්මු කාෂ්මීරයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉන්දීය හමුදා සෙබලුන් ගමන්කළ හමුදා වාහනයකට එල්ලවූ ප්‍රහාරයක් හේතුවෙන් සෙබලුන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. ත්‍රස්තවාදීන් විසින් හමුදා සෙබලුන් ගමන් කළ වාහනයට වෙඩි තබා ඇති අතර ඉන් අනතුරුව අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. ප්‍රහාරයෙන් ඉන්දීය රයිෆල් ඒකකයේ සාමාජිකයන් 5 දෙනෙකුයි මිය ගොස් ඇත්තේ. එක් සෙබලෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය එල්ලකළ ත්‍රස්තවාදී කණ්ඩායම...
Read More »

Apr 20

ඉලොන් මස්ක්ට අයත් රොකට්ටුවක් මංගල ගමනේදීම පුපුරා යයි  

0 comments

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතෙකු වන ඉලොන් මස්ක්ගේ සමාගමකට අයත් නවතම රොකට්ටුවක් මංගල ගමනේදීම පුපුරා ගියා. ටෙක්සාස් ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ තීරය ආසන්න ප්‍රදේශයකදී මෙම රොකට්ටුව සිය මංගල ගමන ආරම්භ කරන අවස්ථාවේදී මෙසේ පුපුරා ගොස් තිබෙනවා. කාර්ය මණ්ඩලයේ කිසිවෙකුගෙන් තොරවයි මෙය ගුවන් ගත කිරීමට පියවර ගෙන ඇත්තේ. සිද්ධියෙන් රොකට්ටුවට විනාශ වුවද පුද්ගලයන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. එය ගුවන්ගත කර විනාඩි 3කට පමණ පසු පාලනයෙන් මිදී ගොස් මෙසේ විනාශ...
Read More »

Apr 20

පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ලබන මාසයේ ඉන්දියාවේ සංචාරයක  

0 comments

පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන මාසයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වන බව පකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවේදනය කළා. මැයි මාසයේ ඉන්දියාවේ ගෝවා නගරයේදී පැවැත්වීමට නියමිත ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ සැසියට සහභාගී වීම සඳහා පකිස්තාන විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි ඉන්දියාවට පැමිණීමට නියමිතයි. 2014 වසරේ නවෂ් ශරීෆ් ඉන්දියාවේ සංචාරයක නිරත වීමෙන් පසු එරට සංචාරයේ නිරතවන පළමු පකිස්ථාන රාජ්‍ය නියෝජිතයා බවට සර්දාරි පත්වනවා. සාමාජිකයින්...
Read More »

Apr 20

අධික උෂ්ණත්වයෙන් ඉන්දියාවේ ආර්ථික හා සංවර්ධන ඉලක්කයන්ට දැඩි බලපෑම්  

0 comments

ඉන්දියාවට බලපා ඇති අධික උෂ්ණත්වය එරට ආර්ථික හා සංවර්ධන ඉලක්කයන්ට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය සිදුකළ අධ්‍යනයකින් හෙළිව තිබෙනවා. ඉන්දියාවට බලපා ඇති උෂ්ණ තරංග ආර්ථිකයට හා සංවර්ධනයට සිදු කරන බලපෑම එරට බලධාරීන් අවතක්සේරුවට ලක්ව ඇති බව එම අධ්‍යයන වාර්තාවේ දැක්වෙනවා. කෘෂිකර්මාන්තයට , ආර්ථිකයට හා මහජන සෞඛ්‍යට එමගින් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. දරිද්‍රතාව තුරන් කිරීමට සමානාත්මතාව ඇති කිරීමට හා රෝග ව්‍යාප්තිය...
Read More »

Apr 20

ලොව වැඩිම ජනගහනය ඉන්දියාවේ?  

0 comments

ඉදිරි මාස කිහිපය තුළ දී ලොව වැඩිම ජනගහණයක් සහිත රට බවට ඉන්දියාව පත්වනු ඇති බව ජගත් සංවිධානය පවසනවා. මේ වන විට ලොව වැඩිම ජනගහනයක් සහිත රට වන්නේ චීනයයි. කෙසේ වුව ද මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ දී චීනයේ ජනගහනය ඉක්මවා යමින් ඉන්දියාවේ සමස්ත ජනගහනය මිලියන 1428.6ක් වනු ඇති බවට ජගත් සංවිධානය පුරෝකථනය කරනවා. දැනට චීනයේ සමස්ත ජනගහනය මිලියන 1425.7ක් වන අතර එම සංඛ්‍යාවට වඩා මිලියන 2.9කින් ඉන්දියාවේ සමස්ත ජනගහනය ඉහළ යනු ඇති බවටයි ජගත් සංවිධානය...
Read More »

Apr 20

කියුබා ජනාධිපති ධුරය යළි මිගෙල් ඩයස් කැනැල්ට  

0 comments

කියුබා ජනාධිපති මිගෙල් ඩයස් කැනැල් යළි එම ධුරයට තෝරා පත්කර ගෙන තිබෙනවා. කියුබා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ජනාධිපති මිගෙල් ඩයස් කැනැල් යළි එම ධුරයට තෝරා පත්කර ගැනුනා. එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 462න් 459ක කැමැත්ත ඔහුට හිමිවුණා. ඒ අනුව ඔහුට තවත් වසර 5ක කාලයක් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට හැකියාව හිමි වනවා. කියුබාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ දහස් ගණනක පිරිසක් රට හැර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය...
Read More »

Apr 19

යේමනයේ ගැටුමකින් 85 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

යේමනයේ ආධාර බෙදා දීමක් අතරතුර ඇති වු ගැටුමකින් 85 දෙනෙකු මිය ගොස් තිබෙනවා. යේමනයේ සානා අගනුවර පාසලක පැවති රාමදාන් උත්සවයක් වෙනුවෙන් ආධාර බෙදා දීමේ වැඩසටහනක් පවත්වා තිබෙනවා. එහිදීයි මෙම ගැටුම හටගෙන තිබෙන්නේ. එම ගැටුම්වලින් මිය ගිය 85 දෙනාට අමතරව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම සංඛ්‍යාව 320 ඉක්මවා ඇති බව එම වාර්තා තවදුරටත් සඳහන් කරනවා. යේමන ජනතාව යුද ගැටුම් , වර්ගවාදී ගැටුම් සහ දිළිඳුකමින් දැඩි...
Read More »

Apr 19

ඇමෙරිකාවේ නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට පත්වෙයි  

0 comments

ලොව ධනවත්ම නගරය බවට ඇමෙරිකාවේ නිව්යොර්ක් නගරය යළිත් වරක් පත්ව ඇත. මෙය මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර 2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ඇති බව වාර්තා වනවා. මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව සඳහන්ව ඇත. ලොව ධනවත්ම නගර අතර දෙවන ස්ථානය මිලියනපතියන් 290,300ක් වෙසෙන ජපානයේ ටෝකියෝ නගරයටත්...
Read More »

Apr 19

වායු දූෂණය රෝගාබාධ රැසකට හේතු වන බව සමීක්ෂණයකින් හෙළි වෙයි  

0 comments

මිනිසාට ඇතිවන රෝගාබාධ රැසකට වායු දූෂණය හේතුවී ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. බ්‍රිතාන්‍ය යේ පරිසර සංවිධානයක් වසර 10ක කාලයක් පුරා 35,000කට අධික පිරිසක් යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව තහවුරු වී ඇත්තේ. කළලයක වර්ධනයේ සිට වැඩිහිටි මානසික සෞඛ්‍ය දක්වා මිනිස් ජීවිතයේ සෑම අදියරකදීම වායු දූෂණය හේතුවෙන් රෝගාබාධ ඇතිවිය හැකි බවට එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා. මොළයේ වර්ධනයට මානසික සෞඛ්‍යයට හා ඩිමෙන්ෂියා තත්ත්වයන් ඇතිවීම...
Read More »

Apr 18

අමෙරිකාවේ මහල් කිහිපයකින් යුත් රථගාලක් කඩා වැටෙයි  

0 comments

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ මහල් කිහිපයකින් යුත් රථගාලක් අර්ධ වශයෙන් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. අනතුරින් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මහල් හතරකින් යුත් මෙම ගොඩනැගිල්ලේ දෙවන මහල මුලින්ම කඩා වැටී තිබෙනවා. තුවාල ලැබූ එක් සේවකයෙකු ඉහළ මහලක සිරවී සිටියදී ගිනි නිවන භටයන් විසින් ඔහුව වහලය හරහා වෙනත් ගොඩනැගිල්ලකට ගෙන ගොස් ආරක්ෂිතව බේරා ගෙන තිබෙනවා. කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ...
Read More »

Apr 18

තලෙයිබාන් ක්‍රියාකාරකම් ඇෆ්ගනිස්ථාන ආර්ථිකයට තර්ජනයක් – ජගත් සංවිධානය  

0 comments

තලෙයිබාන් සංවිධානයේ ක්‍රියාකාරකම් ඇෆ්ගනිස්ථාන ආර්ථිකයට තර්ජනයක් වී ඇති බව ජගත් සංවිධානය පවසනවා. රාජ්‍ය නොවන සංවිධානවල ආධාර ඇෆ්ගනිස්ථානයට නොලැබෙන තත්ත්වයක් මත ඇෆ්ගනිස්ථාන ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා. ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානයන්හි සේවයේ නිරතවීම තලෙයිබාන් සංවිධානය තහනම් කිරීමත් සමඟ මෙම තත්ත්වය උග්‍ර වී ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ. එමෙන්ම ජගත් සංවිධානයේ සේවයද ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තහනම්...
Read More »

Apr 18

යුක්රේනයට පාඩුවක්  

0 comments

යුක්රේනයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කිරීමට ස්ලෝවැකියා රාජ්‍ය තීරණය කර තිබෙනවා. යුක්රේනයේ කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කළ තුන්වන රට ලෙසයි ස්ලෝවැකියා රාජ්‍ය සැලකෙන්නේ. මීට පෙර හංගේරියාව හා පෝලන්තය යුක්රේනයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට පියවර ගත්තා. මේ අතර යුරෝපා සංගමය කෘෂිකාර්මික නිෂ්පාදනයන් හි මිල පහළ යාම පාලනය කිරීමට අසමත් වුව හොත් පනවා ඇති තහනම දීර්ඝ කිරීමට පියවර ගන්නා බවයි හංගේරියාව නිවේදනය...
Read More »

Apr 18

සිඩ්නි පරදා පළමු තැනට ආ මෙල්බන්  

0 comments

ඕස්ට්‍රේලියාවේ ජනගහණය වැඩිම නගරය බවට මෙල්බන් නගරය පත්ව තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ නගරයන් හි සීමා වෙනස් කිරීමෙන් පසුවයි මෙල්බන් නගරය ජනගහණය වැඩිම නගරය බවට පත්ව ඇත්තේ. මීට පෙර ඕස්ට්‍රේලියාවේ ජනගහණය වැඩිම නගරය ලෙස සැලකුනේ සිඩ්නි නගරයයි. වසර සියයක පමණ කාලයක සිට සිඩ්නි නගරය ඕස්ට්‍රේලියාවේ වැඩිම ජනගහණය සිටින නගරය ලෙස නම්කර තිබුණා. සිඩ්නි නගරයට වඩා මෙල්බන් නගරය තුළ විදේශිකයින් වාසය කිරීම ඉහළ යාම මෙලෙස ජනගහණය ඉහළ යාමට හේතු වී ඇති බව ද සඳහන්. The...
Read More »

Apr 17

ජපානය,  දකුණු කොරියාව හා ඇමෙරිකාව එක්ව යුද අභ්‍යාසයක්  

0 comments

ජපානය,  දකුණු කොරියාව හා ඇමෙරිකාව එක්ව යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය සතියේ දී උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලීමෙන් පසුව මෙම යුද අභ්‍යාසය සිදුකිරීම විශේෂත්වයක්. දකුණු කොරියාව,  ඇමෙරිකාව සහභාගි කර ගනිමින් සිදුකරන යුද අභ්‍යාස හරහා න්‍යෂ්ටික යුද්ධයකට අත වැනීමක් සිදුවන බවට උතුරු කොරියාව අනතුරු අගවනවා. කෙසේ වුවද උතුරු කොරියාවේ අනතුරු ඇගවීම් පසෙකලා දකුණු කොරියාව ඇමෙරිකාව හා එක්ව අඛණ්ඩව...
Read More »

Apr 17

FBI විමර්ශකයෝ නිව්යෝක් නුවර රහසිගත චීන පොලිසියක් වටලයි  

0 comments

ඇමෙරිකාවේ එෆ් බී අයි ආයතනය නිව්යොක් නුවර පිහිටි රහසිගත චීන පොලිස් ස්ථානයක් වටලා තිබෙනවා. නිව්යොක් නුවර මැන්හැටන් හි චයිනා ටවුන් ප්‍රදේශයේ මෙම රහසිගත පොලිස් ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ ක්‍රියාත්මක කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව ඇමෙරිකා වාර්තා සදහන් කරනවා. ඔවුන් 59 හා 61 යන වයස් වල පසුවන්නන්. කෙසේ වෙතත් චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ ඇමෙරිකාවේ වෙසෙන චීන ජාතිකයන් සදහා සේවා ස්ථාන ලෙස මෙම පොලිස්...
Read More »

Apr 17

එලෝන් මස්ක්ගේ මෙහෙයුම  

0 comments

ඕපන් ඒ අයි සමග තරග කිරීමට නව කෘත්‍රිම බුද්ධියක් නිපදවීම සඳහා එලෝන් මස්ක් සිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. සිලිකන් නිම්නයේ කෘත්‍රිම බුද්ධි තරගයට මුහුණ දීම සදහා ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. චැට් ජී පී ටී / ඕපන් ඒ අයි කෘත්‍රිම බුද්ධිය අභිබවා යාම සඳහා එලෝන් මස්ක් සිය ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජකයන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ටෙස්ලා හා ට්විටර් සමාගම ප්‍රධානියා ලෙස කටයුතු කරන මස්ක්...
Read More »

Apr 17

ගිනි ගත් ප්‍රංශ , ස්පාඤ්ඤ දේශ සීමාව  

0 comments

ප්‍රංශ , ස්පාඤ්ඤ දේශ සීමාවේ දරුණු ලැව් ගිනි හටගෙන තිබෙනවා. ප්‍රංශයේ කටලෝනියා ප්‍ර දේශයෙන් ආරම්භ වු ලැව් ගිනි තත්ත්වය මේ වන විට ස්පාඤ්ඤයේ පෝට්බෝ නගරයට ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට ස්පාඤ්ඤයේ ගොවිපළ වල හා නිවාස වල වැසියන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වනවා. මේ වන විටත් ගින්නට හසුව හෙක්ටාර 750ක භූමි ප්‍ර දේශයක් විනාශ වී තිබෙනවා. දෙරට යා කරන දුම්රිය මාර්ග ද වසා දැමීමටයි එම රජයන් කටයුතු කර ඇත්තේ. මේ...
Read More »

Apr 17

ඉන්දියාවේ ප්‍රධානතම ගණුදෙනුකරුවා වූ රට  

0 comments

ඉන්දියාවේ ප්‍රධානතම ගණුදෙනුකරුවා බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්ව තිබෙනවා. මීට පෙර ඉන්දියාවේ ප්‍රධානතම ගණුදෙනුකරුවා වුයේ චීනයයි. කෙසේ වෙතත් එම තත්ත්වය අභිබවා යාමට ඇමෙරිකාව සමත්ව ඇත්තේ මේ වසර තුළ ඇමෙරිකා ඩොලර් බිලියන 128 දශම පහයි පහක ගණුදෙනු අගයක් වාර්තා කරමින්. ඉන්දීය වාණිජ අමාත්‍යාංශයේ දත්තවලට අනුව එය 7.65%ක වර්ධනයක්. එමෙන්ම චීනය හා ගණුදෙනු වල වටිනාකම මේ වසරේ දී 1.5%කින් අඩු වී තිබෙනවා. එහි අගය සටහන්ව ඇත්තේ ඇමෙරිකා ඩොලර් බිලියන...
Read More »

Apr 17

රුසියානු ජනපති, චීන ආරක්ෂක ඇමති හමුවෙයි  

0 comments

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු අතර හමුවක් සිදුව තිබෙනවා. රුසියාවේදී පැවති සාකච්ඡාවේදී ආර්ථික, දේශපාලන සහ යුද සබදතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම චීන ආරක්ෂක අමාත්‍යවරයා රුසියානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර සබඳතාවලට සීමාවක් නොමැති බවයි. යුද මෙන්ම තාක්ෂණික තොරතුරු හුවමාරු කරගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට තම රට ඉතාමත්ම කැමැත්තෙන් සිටින...
Read More »

Apr 16

ඇමෙරිකාවේ උපන්දින සාදයක වෙඩි තැබීමක්  

0 comments

ඇමෙරිකාවේ උපන් දින සාදයක සිදු වු වෙඩි තැබීමකින් 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලැබුවා. ඇළබාමා ප්‍රාන්තයේ සිදු වු මෙම වෙඩි තැබීම ටෙනසි සහ කෙන්ටකී ප්‍රාන්ත වල සිදු වු වෙඩි තැබීම්වලින් පසුව වාර්තා වන 3න් වන වෙඩි තැබීමයි. මිය ගිය අයගේ තොරතුරු මෙතෙක් හෙළි කර නොමැති බවයි ඇළබාමා ප්‍රාන්ත බලධාරීන් සදහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. උසස් පාසල් පාපන්දු ක්‍රීඩකයන්...
Read More »

Apr 16

ඩුබායි මහල් නිවාසයක ගින්නකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඩුබායි මහල් නිවාසයක ගින්නකින් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඩුබායි හි අල්රාස් ප්‍රදේශයේ ගොඩනැගිල්ලක හතරවන මහලේ මෙම ගින්න හටගෙන තිබෙනවා. සිද්ධියෙන් තවත් 09 දෙනෙකු තුවාල ලබා තිබෙන බවද වාර්තා වනවා. ඩුබායි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි එම ගොඩනැගිල්ලේ ආරක්ෂක සැලසුම දුර්වලවීම නිසා මෙම ගින්න ඇතිව තිබෙනවා. ගොඩනැගිලිවල ඉදිකිරීම්වලදී වහා ගිනිගන්නා ද්‍රව්‍ය භාවිත කොට ඉදිකිරීම ඩුබායි බලධාරීන් තහනම් කර ඇති අතර මෙම ගොඩනැගිල් එම නිර්දේශවලින්...
Read More »

Apr 16

අන්තරාදායක ද්‍රව්‍ය රැගෙන ගිය ඇමරිකා දුම්රියක් පීලි පනී  

0 comments

අන්තරාදායක ද්‍රව්‍ය රැගත් දුම්රියක් ඇමෙරිකාවේ මේන් ප්‍රාන්තයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මෙම දුම්රිය වනාන්තර ප්‍රදේශයකදී පීලිපැනීමකට ලක්වීම නිසා ඒ අවට ගින්නක් ඇතිව ඇති බව වාර්තා වනවා. ගිනි නිවන කණ්ඩායම් හා ගලවාගැනීමේ කණ්ඩායම් මැදිහත්ව අනතුරට පත් දුම්රිය සේවකයන් තිදෙනෙකු බේරාගත් බව සදහන්. හිමපතනය නිසා දුම්රිය මාර්ගය සේදීයාමට ලක්ව ඇති අතර අනතුරට හේතුව එය බව හෙලිව තිබෙනවා. කෙසේ වෙතත් දුම්රිය ප්‍රවාහනය කළ අන්තරායකර ද්‍රව්‍ය...
Read More »

Apr 16

ජී 7 රටවල්වල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවක් ජපානයේ  

0 comments

ජී 7 රටවල්වල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවක් ජපානයේ පැවැත්වෙනවා. ජී 7 කණ්ඩායම නියෝජිජනය කරන්නේ කැනඩාව, ප්‍රංශය ,ජර්මනිය ,ඉතාලිය,ජපානය ,එක්සත් ජනපදය සහ එක්සත් රාජධානි යන රටවලුයි. මෙහිදී ගෝලීය ප්‍රශ්න කිහිපයක් ගැන සාකච්ඡා වන බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම චීන තායිවාන අර්බුදය ගැනත් යුක්රේන රුසියා යුද්ධය පිළිබඳවත් ජී 7 විදේශ අමාත්‍යවරුන් විසින් විශේෂ අවධානය යොමුකර ඇති බව වාර්තා වනවා. සමුළුව පැවැත්වෙන්නේ ජපානයේ කරුසාවා නගරයේදීයී.     The...
Read More »

Apr 16

සුඩානයේ ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 56ක් දක්වා ඉහළට  

0 comments

සුඩානයේ  ඇති වූ ගැටුම් නිසා මියගිය සංඛ්‍යාව 56 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සූඩාන හමුදාව සහ පැරා තවත් හමුදා කණ්ඩායමක් අතර බලඅරගලයක් හේතුවෙන් මුළු රටම කැළඹී තිබෙනවා. මේ හේතුවෙන් 56 දෙනෙකු මිය ගොස් 600 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. ජනාධිපති මන්දිරය, රාජ්‍ය රූපවාහිනිය සහ හමුදා මූළස්ථානය මුල්කරගෙන දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිව තිබෙනවා. ගැටුම් හේතුවෙන් මිය ගිය අය අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් තුන් දෙනෙකුද සිටින බව...
Read More »

Apr 16

ජර්මනිය න්‍යෂ්ටික යුගය අවසන් කරයි  

0 comments

ජර්මනිය තම අවසාන න්‍යෂ්ටික බලප්‍රතික්‍රියාකාරක තුන ක්‍රියාවිරහිත කොට තිබෙනවා. යුරෝපය පුරා බලශක්ති අර්බුදයක් උද්ගතව තිබෙන අවස්ථාවක ජර්මනිය ජනතාව දුන් පොරොන්දුවක් මතයි 2011 දී ජපානයේ පුකුෂිමා ව්‍යසනයෙන් පසුව ජර්මනිය තමන් න්‍යෂ්ටික බලයෙන් ඉවත් වන බවට ප්‍රතිඥා ලබාදී තිබුණා. ජර්මනිය මින් ඉදිරියට ගෑස් සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා කටයුතු කරන බවයි එරට රජය පවසන්නේ.         The post ජර්මනිය න්‍යෂ්ටික...
Read More »

Apr 15

ඉන්දියාවේ සජීවී රූපවාහිනී පටිගත කිරීමක් අතරතුර දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ  

0 comments

ඉන්දියාවේ සජීවී රූපවාහිනී පටිගත කිරීමක් අතරතුරදී එරට හිටපු දේශපාලඥයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා. හිටපු ඉන්දීය දේශපාලකයෙකු වන අතික් අහමඩ් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සජීවීව රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වෙමින් තිබියදීයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයින් දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. වෙඩි තැබූ පුද්ගලයා මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටිමින් එම ස්ථානයට පැමිණ ඇති බවයි පොලීසිය පවසන්නේ.         The...
Read More »

Apr 15

ගතවූ පැය 24 තුළ සුඩානයේ ගැටුම් හේතුවෙන් 27 දෙනෙකු මියයයි  

0 comments

පසුගිය පැය 24 තුළ සුඩානයේ  ඇති වූ ගැටුම් නිසා 27 දෙනෙකු මිය යයි. සූඩාන හමුදාව සහ පැරා තවත් හමුදා කණ්ඩායමක් අතර  බලඅරගලයක් හේතුවෙන් මුළු රටම කැළඹී තිබෙනවා. මේ හේතුවෙන් 27 දෙනෙකු මිය ගොස් 200 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා. ජනාධිපති මන්දිරය, රාජ්‍ය රූපවාහිනිය සහ හමුදා මූළස්ථානය මුල්කරගෙන දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිව තිබෙනවා. ගැටුම් හේතුවෙන් මිය ගිය අය අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් තුන් දෙනෙකුද සිටින...
Read More »

Apr 15

ඇමෙරිකාව ගබ්සා පෙති තහනම තාවකාලිකව වාරණය කරයි  

0 comments

ඇමෙරිකාව ගබ්සා පෙති තහනම තාවකාලිකව වාරණය කොට තිබෙනවා. පසුගිය සතියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයක් විසින් මයිෆේ ප්‍රිස්ටෝන් නමැති ගබ්සා කිරීම් සඳහා යොදා ගන්නා ඖෂධයක් තහනම් කිරීමට කටයුතු කළා. මෙම ඖෂධය වසර විස්සක් පුරා ඇමෙරිකාවේ භාවිත කෙරුණු අතර තහනම සමඟ ඇමෙරිකාවේ උද්ඝෝෂණ කිහිපයක් ද සිදුවුණා. ඒ අනුව මෙම තීරණය වහාම ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසීමට ලක් කෙරුණු අතර ඒ අනුව මෙම ඖෂධයේ තහනම තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කෙරුණා.       The...
Read More »

Apr 15

රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 8 දෙනෙකු මියයයි  

0 comments

යුක්‍රේනයට එල්ලවූ රුසියානු ප්‍රහාරයකින් 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා. යුක්‍රේනයේ ස්ලෝවියන්ස් නගරයට එල්ලවූ රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයක් නිසා තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි විදෙස් පුවත් වාර්තාකරන්නේ. මෙම ෂෙල් වෙඩිල්ල මහල් නිවාසයකට එල්ලවී ඇති අතර මේ නිසා සිවිල් වැසියන් ඝාතනය වූ බව යුක්‍රේනය චෝදනා කරනවා. පසුගිය දින කිහිපය පුරාම යුක්‍රේනයේ බක්මුත් සහ ස්ලෝවියන්ස් නගර අශ්‍රිතව රුසියා යුක්‍රේන ගැටුම් දරුණු වශයෙන් සිදුවුණා.       The...
Read More »

Apr 15

සාගරයේ ගිලුණු ටයිටැනික් කඳුළට 111 යි  

0 comments

ඉතිහාසයේ කදුළු කතාවක් සටහන් කළ ටයිටැනික් නෞකාවේ ඛේදවාචකය සිදු වී අදට වසර 111 ක් සපිරෙනවා. මුහුදු බත් වූ ටයිටැනික් නෞකාවේ සැලසුම ලබන 22 වනදා යළි වෙන්දේසි කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. 1912 වසරේ අප්‍රේල් 15 වන දා එවකට ලොව තිබූ සුඛෝපභෝගීම සහ වේගවත්ම මගී නෞකාව වන ටයිටැනික් නෞකාව අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ මංගල ගමන යන අතරතුරදීයි. දිගින් මීටර් 270 ක් සහ පළලින් මීටර් 28 ක් වූ ටයිටැනික් නෞකාව 1910 දශකයේ ලොව ඉදිකළ විශාලතම...
Read More »

Apr 15

දින 500ක් ගුහාවක හුදෙකලාව සිට කාන්තාව  

0 comments

ස්පාඤ්ඤ කාන්තාවක් දින 500ක් ගුහාවක හුදෙකලාව සිට වාර්තාවක් පිහිටුවා තිබෙනවා. 50 හැවිරිදි බියට්‍රිස් ෆ්ලැමිනී නම් ස්පාඤ්ඤ ජාතික කඳුනගින්නියක් මීටර් 70ක් ගැඹුරු භූගත ගුහාවක මෙලෙස දින 500ක් ගත කොට තිබෙනවා. ඇය 2021  නොවැම්බර් 21 සිට ඊයේ දිනය දක්වාම ගුහාව තුළ ගත කිරීමෙන් අනතුරුව පිටතට පැමිණියා. ඇයගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය සඳහා ගුහාව තුළ කැමරා දෙකක් සවිකර තිබූ අතර ඇයට අවශ්‍ය ආහාර පිටතින් ගුහාව වෙත ලබා දෙනු ලැබුවා. කෙසේ වෙතත් දින...
Read More »

Apr 14

ජපාන අග්‍රාමාත්‍යවරයා සහභාගීවූ උත්සවයක පිපිරීමක්  

0 comments

ජපාන අග්‍රාමාත්‍යවරයා සහභාගීවූ උත්සවයක පිපිරීමක් සිදුව තිබෙනවා. ටෝකියෝ නගරයේ පැවැති ජනහමුවකදී මෙම පිපිරීම සිදුව තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා කතාවක් පවත්වන අතරතුර පුද්ගලයෙක් කිසියම් දෙයක් අග්‍රාමාත්‍යවරයා දෙසට විසිකර තිබෙනවා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා. මෙම විසිකළ දෙය දුම්බෝම්බයක් ලෙස අනුමාන කරන බවයි ආරක්ෂක අංශ පවසන්නේ. සිද්ධියට මුල්වූ පුද්ගලයා එම අවස්ථාවේදීම අත්අඩංගුවට...
Read More »

Apr 14

ඇමෙරිකාව අසරණ කරමින් රහස්‍ය ලේඛන අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයාට වසර 15ක සිර දඬුවම්  

0 comments

ඇමෙරිකාව අසරණ කරමින් රහස්‍ය ලේඛන අන්තර්ජාලයට මුදාහැරීම සිදු කළ සැකකරුට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණා. 21 හැවිරිදි මෙම සැකකරු ඇමෙරිකා ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයෙක්. එෆ් බී අයි නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන බොස්ටන් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුවයි සිර දඬුවම් නියම කෙරුණේ. ඇමෙරිකා රජයේ රහසිගත ආරක්ෂක තොරතුරු සම්ප්‍රේෂණය කිරීම අපරාධයක් බවට පත් කර ඇති ඔත්තු බැලීමේ පනත යටතේයි මොහුට එරෙහිව නඩු පවරා තිබෙන්නේ. ඔහු අන්තර්ජාලයට...
Read More »

Apr 14

ඉන්දියාවේ නව කොවිඩ් ප්‍රභේදය වේගයෙන් පැතිර යයි  

0 comments

ඉන්දියාවේ ඝ්‍රීග්‍ර ලෙස ව්‍යාප්ත වන නව (XBB.1.16) කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව ඉන්දියාවෙන් ඊයේ නව කොවිඩ් රෝගීන් 11,109 ක් වාර්තා වී ඇති අතර දින 236 තුළ වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බව සඳහන් මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයින් 49,622 ඉක්මවා තිබෙනවා. අඛණ්ඩව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි රෝගීන් සංඛ්‍යාව ඝ්‍රීග්‍රයෙන්...
Read More »

Apr 13

රුසියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

0 comments

රුසියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. කසකස්තානයේ මිසයිල අත්හදා බැලීම් සිදු කරන මධ්‍යස්ථානයේ දී මෙම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය අත්හදා බැලූ බව රුසියා ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනය කරනවා. අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය අනෙකුත් උපකරණයන්ගේ ක්‍රියාකාරීත්වය අත්හදා බැලීමට මෙම මිසයිල අත්හදා බැලීම් සිදු කළ බවයි එම අමාත්‍යාංශය පවසන්නේ. තාක්ෂණික විසදුම් හා නව උපාය මාර්ගයන් සම්බන්ධයෙන්...
Read More »

Apr 13

උතුරු කොරියාව තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව අද දිනයේ දීත් තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. මෙම වසරට ඔවුන් අතහදා බැලූ 27වන මිසයිලය මෙයයි. උතුරු කොරියාව නව වර්ගයක බැලැස්ටික් මිසයිලයක් අත්හදා ඇති බවයි ජපානය අනුමාන කරන්නේ. එම මිසයිලය කොරියානු අර්ධද්වීපය හා ජපානය අතර මුහුදු කලාපයට වැටී තිබෙනවා. මිසයිලය අත්හදා බලා මිනිත්තු 30ක් ඇතුලත ජපානයේ හොකයිඩෝ දූපතේ ජනතාවට ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසට බලධාරීන් දැනුම් දුන්නා. කෙසේ වුවද එම මිසයිලය දිගු දුර මිසයිලක්...
Read More »

Apr 12

පොලී අනුපාත පහළ යනු ඇති බවට IMF වෙතින් අනාවැකියක්  

0 comments

පොලී අනුපාත අගයන් කොරෝනා වසංගතයට පෙර අගයන් මට්ටමට පත්වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කරනවා. ඵළදායීතාව අවම වීම හා වයස්ගත ජනගහනය ඉහළ යාම ඊට හේතුවී ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරන්නේ. ඉහළ යන උද්ධමනය පාලනය කිරීමෙන් පසු ණය ගැනීමේ පිරිවැය ඉහළයාම තාවකාලික විය හැකි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. බ්‍රිතාන්‍ය මහ බැංකුව 2021 වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා සියයට 0.1 සිට සියයට 4.25 දක්වා පොලී අනුපාත ඉහළ...
Read More »

Apr 12

H3N8 කුරුළු උණෙන් පළමු පුද්ගල මරණය වාර්තා වෙයි  

0 comments

H3N8 කුරුළු උණ හේතුවෙන් චීනයේ සිදු වූ පළමු පුද්ගල මරණය වාර්තා වී තිබෙනවා. දකුණු චීනයේ 56 හැවිරිදි කාන්තාවකට H3N8 කුරුළු උණ ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව පසුගියදා මියගොස් ඇති අතර එය කුරුළු උණ හේතුවෙන් එරට සිදු වූ පළමු මරණය ලෙස සැළකිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කර ඇත්තේ. H3N8 යනු කුරුළු රෝගය ආශ්‍රිතව හමුවන උප විශේෂයක් වන බව සඳහන්. පසුගිය වසරේ අප්‍රේල් සහ මැයි මාසවලදී චීනයේ අවස්ථා දෙකක දී කුරුළු උණෙහි සීඝ්‍ර...
Read More »

Apr 12

ජෝ බයිඩන් උතුරු අයර්ලන්තයට  

0 comments

උතුරු අයර්ලන්තයේ සිව්දින සංචාරයක් ආරම්භ කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බෙල්ෆාස්ට් වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . බෙල්ෆාස්ට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අගමැති රිෂි සුනක් විසින් එක්සත් ජනපද ජනාධිපතිවරයා පිළිගෙන ඇති බවයි වාර්තා කර ඇත්තේ. ජෝ බයිඩන් රථ පෙළපාලියෙන් ගුවන් තොටුපලේ සිට ගමන් කිරීමෙන් පසු බෙල්ෆාස්ට් නගර මධ්‍යයට පැමිණි අතර සංචාරයට පෙර බොහෝ වීදි වසා දමා ඇති බවත් විශාල ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති...
Read More »

Apr 11

ඉන්දුනිසියාවේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ගැන එරට මහාධිකරණයෙන් නියෝගයක්  

0 comments

ඉන්දුනිසියාවේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කල් දැමීමට ලබා දී තීන්දුව අවලංගු කිරීමට එරට මහාධිකරණය පියවර ගෙන තිබෙනවා. 2024 වසරේ දී පැවැත්වීමට නියමිත ඉන්දුනිසියාවේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වසර දෙකකින් කල් දමන ලෙස එරට අධිකරණයක් පසුගිය දා  නියෝග කළා. කෙසේ වුවද ජකර්තා මහාධිකරණය සඳහන් කරන්නේ එවැනි නියෝගයක් ලබාදීමට සාමාන්‍ය අධිකරණයට කිසිඳු න්‍යෛතික බලයක් නොමැති බවයි. මහාධිකරණ තීන්දුවත් සමඟ අස්‍ථාවරව තිබු ඉන්දුනිසියාවේ දේශපාලන තත්ත්වය...
Read More »

Apr 11

බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් අරඹයි  

0 comments

බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වැටුප් ඉහළ දැමීමක් සිදුකරන ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන් දින 4 ක වැඩවර්ජනය ඊයේ ආරම්භ කළා. කෙසේ වුවද වැඩවර්ජනය හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවයි බ්‍රිතාන්‍ය රජය සඳහන් කරන්නේ. ඊයේ ආරම්භ වූ වැඩවර්ජනය සඳහා බ්‍රිතාන්‍යයේ නවක වෛද්‍යවරුන් දහස් ගණනක් සහභාගිවී සිටි බවයි වාර්තා වන්නේ. උද්ධමනයට සරිලන ලෙස වැටුප් වර්ධක ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. පසුගිය මාසයේ...
Read More »

Apr 11

යුක්‍රේනය තුළ බටහිර රටවල විශේෂ කාර්ය බලකායන් යුද මෙහෙයුම්වල නිරතවන බව අනාවරණය වෙයි  

0 comments

යුක්‍රේනය තුළ බටහිර රටවල විශේෂ කාර්ය බලකායන් යුද මෙහෙයුම්වල නිරතවන බව අනාවරණය වී තිබෙනවා. අන්තර්ජාලයට මුදාහැරුණු ඇමෙරිකාවේ පෙන්ටගනයට අයත් රහස් ලියකියවිලි වල මේ බව සඳහන් වී තිබෙනවා. රුසියාවට විරුද්ධව සටන් කිරීමට අවි ආයුද පමණක් ලබාදෙන බව පැවසුව ද බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල් රැසක විශේෂ කාර්ය බලකායන් යුක්‍රේනයේ සහායට යුද මෙහෙයුම්වලට එක්ව සිටින බවටයි රහස් ලිපිගොනුවල සටහන්වී ඇත්තේ. ඇතැම් ලිපිගොනු සුවිශේෂී රහස් ඇතුළත් ලිපිගොනු ලෙස...
Read More »

Apr 11

යුද අභ්‍යාස සංඛ්‍යාව ඉහළ දමන්න – කිම් ජොන්ග් උන්  

0 comments

සිදු කරන යුද අභ්‍යාස සංඛ්‍යාව ඉහළ දමන ලෙස උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඉදිරියේදී ඇතිවිය හැකි යුදමය තත්ත්වයකට මුහුණදීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට යුද අභ්‍යාස සංඛ්‍යාව ඉහළ දැමීම හා පුහුණු වේගය වැඩි කිරිමට පියවර ගන්නා ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ. ඇමෙරිකාව හා දකුණු කොරියාව උතුරු කොරියාවේ දැඩි විරෝධය මධ්‍යයේ යුද අභ්‍යාසවල නිරතවීම මෙම තීරණයට හේතු වී තිබෙනවා. මේ අතර උතුරු කොරියාව දකුණු කොරියාව...
Read More »

Apr 11

ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කළ තැන්  

0 comments

ඇෆ්ගනිස්ථානයේ හේරත් පළාතේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල්වලට කාන්තාවන් ඇතුළු වීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ එවැනි ස්ථානවල ස්ත්‍රී – පුරුෂභාවට මිශ්‍ර කරන බවට සහ කාන්තාවන් හිජාබය පැළඳ නොසිටින බවට ආගමික පූජකවරුන් කළ පැමිණිලි හේතුවෙන්.   The post ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කළ තැන් appeared first on ITN News...
Read More »

Apr 11

ඇන්ටෝනියෝ ගුටරෙස් සෝමාලියාවේ අගනුවරට  

0 comments

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සෝමාලියාවේ Mogadishu අගනුවරට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ සංචාරයේ අරමුණ පිළිබඳ තොරතුරු පැහැදිලි නැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. සෝමාලියාවේ අන්තවාදයට එරෙහි සටනේදී එහි ජනතාව සමග එක්සත් ජාතීන්ගේ පවතින සහයෝගීතාවය පෙන්වීමට පුළුල් ලෙස අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මිලියන 8 ක පමණ ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්...
Read More »

Apr 10

තායිවාන මුහුදු කලාපය ආසන්නයේ චීනය සිදුකළ දින 3ක යුද පුහුණුව අවසන්  

0 comments

තායිවාන මුහුදු කලාපය ආසන්නයේ චීනය සිදුකළ දින 3ක යුද පුහුණුව අවසන් කෙරුණා. තායිවාන ජනාධිපතිවරිය ඇමෙරිකා කතානායකවරයාව කැලිෆෝනියාවේදී හමුවී සාකච්ඡා පැවැත්වීමත් සමගයි චීනය තායිවාන මුහුදු සීමාවේ යුද පුහුණුවක් ආරම්භ කළේ. චීන ප්‍රහාරක ගුවන්යානා කිහිපයක් තායිවාන ගුවන් සීමාව ද ආක්‍රමණය කළ අතර ප්‍රහාරක යානා රැගත් දැවැන්ත යුද නෞකා එම කලාපයේ සැරිසැරූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. තායිවානයේ ජනාධිපතිවරණය තවත් මාස 9කින් පමණ පැවැත්වීමට නියමිත...
Read More »

Apr 10

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් පස් දෙනෙකු මියගියා. කෙන්ටකී ප්‍රාන්තයේ ලුවිස්විල්ලේ ප්‍රදේශයේ බැංකුවකදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්වූවන් වයස අවුරුදු 40 ත් 64 ත් අතර පසුවනවා. තවත් නව දෙනෙකු වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි ප්‍රහාරය ආරම්භ වී විනාඩි තුනක් ගතවන විට එම ස්ථානයට පැමිණි පොලිසිය වෙඩික්කරුට ප්‍රති ප්‍රහාර එල්ලකර තිබෙනවා. ඔහු ද වෙඩි වැඩී බරපතල තුවාල...
Read More »

Apr 10

තම විවාහ උත්සවයේදී වෙඩි තබා ඉන්දීය මනාලිය පලා යයි  

0 comments

සිය විවාහ උත්සවයේදී මනාලියක් විසින් ගිනි අවියකින් අහසට වෙඩි තබා පලා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ මංගල්‍යයකදී මෙම සිදුවීම සිදුව ඇති අතර එරට ප්‍රාදේශීය පොලිසිය සඳහන් කර ඇත්තේ සිද්ධියෙන් පසු අතුරුදන් වූ කාන්තාවට එරෙහිව නඩු පවරා ඇති බවයි. ඇතැම් උතුරු ඉන්දියානු ප්‍රාන්තවල මංගල උත්සව අතරතුර වෙඩි තැබීම් බහුලව සිදුවන දෙයක් වන අතර බොහෝ විට තුවාල හා මරණ පවා ඇති වන බවද ඉන්දීය...
Read More »

Apr 10

ජෝජියාවේ රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ  

0 comments

ජෝජියාවේ දහස් ගණන් පිරිස් රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කර තිබෙනවා. එරට පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට මෙම විරෝධතා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සිරගත කිරීමට එරෙහිවයි එය ආරම්භ වුණේ. හිටපු ජනාධිපති මිකෙයිල් සාකශ්විලිගේ මැදිහත් වීමෙනුයි එම විරෝධතා ක්‍රියාත්ම වන්නේ. ඔහු අවස්ථා දෙකක දී ජෝජියාවේ ජනාධිපතිවරයා බවට පත්වුණා. මේ වන විට එරට විපක්ෂයට නායක්තවය ලබා දෙන්නේ ද ඔහුයි. තිබිලිසි අගනුවර පැවැත්වෙන...
Read More »

Apr 09

චීනය තුන්වන දිනටත් තායිවානය අවට යුද අභ්‍යාසවල  

0 comments

චීනය තුන්වන දිනටත් තායිවානය අවට යුද අභ්‍යාසවල නිරත වනවා. තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන්ගේ ඇමෙරිකා සංචාරයට ප්‍රතිචාරයක් ලෙසයි චීනය මෙම යුද අභ්‍යාසය ආරම්භ කළේ. චීන ප්‍රහාරක ගුවන් යානා සහ යුද නැව් ඊට එක්කර තිබෙනවා. තායිවාන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරන්නේ ඔවුන් ප්‍රහාරක යානා 70ක් සහ නෞකා 11ක් නිරීක්ෂණය කළ බවයි. එම ප්‍රහාරක යානාවලින් 35ක් තායිවාන සමුද්‍ර සංධියේ මධ්‍ය රේඛාව හරහා ගොස් එරට ගුවන් යානා ආරක්ෂක කලාපයට ද ඇතුළුවී තිබෙනවා. චීනය...
Read More »

Apr 09

ප්‍රංශයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන්  

0 comments

ප්‍රංශයේ ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු අතුරුදන් බව සහන කණ්ඩායම් පවසනවා. අතුරුදන් පිරිස ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. ප්‍රංශයේ මර්සෙයිල් ප්‍රදේශයේ ගොඩනැගිලි දෙකක් මෙලෙස කඩා වැටීමට ලක්ව තිබෙනවා. එක් ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුව ඇති අතර ඒ හේතුවෙනුයි ගොඩනැගිලි කඩා වැටීමට ලක්ව ඇත්තේ. පිපිරීමත් සමග හටගත් ගින්න මැඩපැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වු බව ගිනි නිවන භටයින් සදහන් කරනවා. සියයකට...
Read More »

Apr 09

චීනය තායිවාන අහසත් ,මුහුදත් කලබයි  

0 comments

චීනය ඊයේ දිනයේ තායිවානය ආසන්න මුහුදේ විශේෂ යුද අභ්‍යාසයක් ආරම්භ කළා. තායිවානය පවසන්නේ මෙම යුද අභ්‍යාසය මුවාවෙන් චීනය ජෙට් යානා 71ක් තම ගුවන් සීමාව හරහා පියාසර කර වූ බවයි. මේ අතර චීන යුද ගුවන් යානා 45ක් ද තායිවාන ගුවන් ආරක්ෂණ කලාපය ආසන්නයෙන්ම පියාසර කර වු බව තායිවානය චෝදනා කරනවා. යුද අභ්‍යාසය සදහා චීනය යුද නැව් 9ක් භාවිත කර ඇති බව වාර්තා වනවා. තායිවාන ආරක්ෂක අංශ කොතරම් අවවාදාත්මක පණිවිඩ චීන හමුදා නිලධාරීන්ට ලබා දුන්න ද ඔවුන් ඒවා...
Read More »

Apr 09

නයිජීරියාවේ සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයින් 74 දෙනෙකු ඝාතනය කරයි  

0 comments

නයිජීරියාවේ සන්නද්ධ කණ්ඩායමක් විසින් පුද්ගලයන් 74 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. නයිජීරියාවේ බෙන්යු ප්‍රාන්තයේ සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාර දෙකකින් මෙම මියයාම් සිදුව තිබෙනවා. බෙන්යු ප්‍රාන්ත පොලිසිය පවසන්නේ ඊයේ දිනයේ දී අවතැන් වුවන් සඳහා වු කඳවුරක තිබි මළ සිරුරු 28ක් සොයා ගත් බවයි. තවත් ස්ථානයක තිබි ඉතිරි මළ සිරුරු 46 ද සොයා ගත් බව බෙන්යු ප්‍රාන්ත පොලිසිය පවසනවා. නයිජීරියා රජය පවසන්නේ මෙම ඝාතනයන් ගොවීන් හා එඩේරුන් අතර පැවති...
Read More »

Apr 08

ටියුනීසියා මුහුදේ බෝට්ටු දෙකක් අනතුරට පත්වීමෙන් මිය ගිය සංඛ්‍යාව 27 දක්වා ඉහළට  

0 comments

ටියුනීසියා මුහුදේ බෝට්ටු දෙකක් අනතුරට පත්වීම නිසා 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙහි එක් බෝට්ටුවක 37 දෙනෙකු සිට ඇති අතර එයින් 17 දෙනෙකු පමණක් බේරා ගෙන තිබෙනවා. අනෙක් බෝට්ටුවේ 36 දෙනෙකු ගමන් කර තිබෙනවා. මෙම අනතුරට පත්වු බෝට්ටුවල සිටි සියලුම දෙනාම නීති විරෝධි සංක්‍රමණිකයන් වන අතර මොවුන් බෙහෝමයක් දෙනා අප්‍රිකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි අය වනවා. මෙම පිරිසගේ ගමනාන්තය වී ඇත්තේ ඉතාලියයි. ඉතාලි වාර්තා අනුව පසුගිය මාස 3 පුරා නීති විරෝධි...
Read More »

Apr 08

හිජාබය නොපළඳින කාන්තාවන් සොයන්න ඉරානය CCTV සවිකරන්න සුදානම් වෙයි  

0 comments

ප්‍රසිද්ධ ස්ථානවල හිජාබය නොපළඳින කාන්තාවන් හඳුනා ගැනීම සඳහා ආරක්ෂිත කැමරා සවි කිරීමට ඉරාන රජය තීරණය කර තිබෙනවා. එසේ හඳුනාගන්නා කාන්තාවන්ට ප්‍රථමයෙන් කෙටි පණිවිඩයක් හරහා අනතුරු අඟවන බවයි ඉරාන පොලිසිය පවසන්නේ. හිජාබය පැළඳීම ඉරානය තුළ අනිවාර්ය කිරීම 1979 දී සිදු වුණ අතර කෙසේ වෙතත් රැඩිකල් කාන්තාවන් මෙම නියෝගය පිළිපැදීම නිතර මගහැරීමට කටයුතු කළා. පසුගිය සතියේ හිජාබය නොපැළදී කාන්තාවන් දෙදෙනෙකුට වෙළෙඳසැලක් තුළදී යෝගට් ප්‍රහාරයක් එල්ල...
Read More »

Apr 08

හොරෙන් ඉතාලි යන්න ගිය බෝට්ටු දෙකක් පෙරලෙයි – 04ක් ජීවිතක්ෂයට  

0 comments

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් ටියුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදේ ගිලී යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබෙනවා. එසේම තවත් සංක්‍රමණිකයන් 23 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔවුන් මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියට යාමට තැත් කිරීමේදී මෙම අනතුර සිදු තිබෙනවා. මේ වනවිට 53 දෙනෙකු බේරා ගෙන ඇති අතර අදාළ සංක්‍රමණිකයන් අප්‍රිකානු ජාතිකයන් වන බව ද සඳහන්. The post හොරෙන් ඉතාලි යන්න ගිය බෝට්ටු දෙකක් පෙරලෙයි...
Read More »

Apr 08

පාකිස්ථානය සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කරයි  

0 comments

පාකිස්ථානයේ සන්නද්ධ කණ්ඩායම් මුලිනුපුටාදැමීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව  පාකිස්ථාන ආරක්ෂක කමිටුව සඳහන් කරනවා. කෙසේ වෙතත් මෙය ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පාකිස්ථානයට දුෂ්කර කාර්යක්  බවයි මැදහත් විචාරකයන් පවසන්නේ. 2014 දී මේ ආකාරයේම මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර මේ සදහා ඩොලර්  බිලියන ගණනක් වැය වූ අතර සිය ගණනාවක් ජනතාව මිය ගියා. පසුගිය කාලය පුරාම පාකිස්ථානය තුළ තෙලයිබාන් සංවිධානය සහ ටෙහෙරික් හි...
Read More »

Apr 08

චීනය තායිවාන ආසන්න මුහුදේ යුද අභ්‍යාසයක් අරඹයි  

0 comments

චීනය මේ වන විට තායිවාන ආසන්න මුහුදේ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. තායිවාන ජනාධිපති සායි ඉන්වෙන්ග් මේ වන විට ඇමෙරිකාවේ සංචාරයක නිරත වනවා. චීනයේ මෙම යුද අභ්‍යාසය තායිවාන් ජනාධිපතිනියගේ සංචාරයට විරුද්ධත්වය පෑමක් ලෙසයි විදෙස් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ. තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ චීන යුද අභ්‍යාසය තමන් හොදින් නීරික්ෂණය කරමින් සිටින අතර ඕනෑම ආකාරයක ප්‍රතිචාරයක් දැක්වීමට තමන්ට සුදානම් බවයි.       The post...
Read More »

Apr 08

උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික දිය යට ගමන් කරන ඩ්‍රෝන යාත්‍රාවක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික දිය යට ගමන් කරන ඩ්‍රෝන යාත්‍රාවක් අත්හදා බලා තිබෙනවා. සති දෙකක් අතරතුර උතුරු කොරියාව අත්හදා බැලූ දෙවන දියයට ඩ්‍රෝන යාත්‍රාව මෙය වනවා. ඩ්‍රෝන යාත්‍රාව අත්හදා බැලීම උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය විසින් අද දිනයේදී තහවුරු කළා. එම ඩ්‍රෝන යාත්‍රාව හයේලි දෙක වශයෙන් නම් කර ඇති අතර එහි  අර්ථය සුනාමිය නම් වනවා. විශේෂයෙන්ම දියයට සුනාමියක් ඇති කිරිමට තරම් ප්‍රබල න්‍යෂ්ඨික බෝම්බයක් රැගෙන යා හැකි වීම නිසා මේ නමින්...
Read More »

Apr 07

ගබ්සා පෙත්තක් නිසා ඇමෙරිකාව උණුසුම් වෙයි  

0 comments

එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් ගබ්සා කිරීම් සඳහා සුලබව භාවිතා කරන ඖෂධයක් තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මිෆර් ප්‍රෙස්ටොන් යන මෙම  ඖෂධය වසර 20 ක් පුරා එක්සත් ජනපදයේ භාවිතා වූ  ඖෂධයක් වනවා. ටෙක්සාස් ප්‍රාන්තයේ අධිකරණයයි මෙම තීන්දුව ලබා දුන්නේ. කෙසේ වෙතත් වොෂින්ටන් අධිකරණයක් විසින් මෙම ඖෂධය තවත් ප්‍රාන්ත 17 ක භාවිතය සුරක්ෂිත කරමින් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළා.         The...
Read More »

Apr 07

ඊශ්‍රායලයෙන් ලෙබනනයේ හඳුනාගත් ඉලක්ක කිහිපයකට ප්‍රහාර  

0 comments

ඊශ්‍රාලය ලෙබනනයේ හඳුනාගත් ඉලක්ක කිහිපයකට තවදුරටත් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශයේ සිටින හමාස් සංවිධානයේ  සාමාජිකයන් ඉලක්ක කරගනිමිනුයි ඊශ්‍රාලය මෙම ප්‍රහාර එල්ල කර තිබෙන්නේ. ඊශ්‍රාලය පවසන්නේ පසුගිය බ්‍රහස්පතින්දා ලෙබනනයේ සිටින හමාස් සාමාජිකයන් විසින් තමන් වෙත ද රොකට් ප්‍රහාර 34 ක් එල්ල කළ බවයි. හමා සංවිධානය වසර 17 කට පසු ලෙබනනයේ සිට ඊශ්‍රාලය වෙත එල්ල කළ විශාලතම ප්‍රහාරය මෙය වනවා. මේ අතර ඊශ්‍රාලය ගාසා තීරයෙ...
Read More »

Apr 07

ෂාරුක් ඛාන් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා අතර පෙරමුණ ගනී  

0 comments

ටයිම් සඟරාව සෑම වසරකම පාඨක ඡන්දයෙන් ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනා නම් කරනු ලබනවා. මෙවර ලොව බලගතුම පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත් මිෂෙල් යෝ, මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, සෙරීනා විලියම්ස්,හැරී කුමරු,මේගන් කුමරිය සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ඇතුලත්ව සිටියත් ඒ සියලු දෙනා පරාජයට පත් කරමින් පෙරමුණ ගැනීමට ෂාරුක් ඛාන් සමත්ව ඇත. ටයිම් සඟරාවේ පාඨකයන්...
Read More »

Apr 07

පාප් වහන්සේ ගෝලයන්ගේ පා දෙවීමේ චාරිත්‍රයට එක්වෙයි  

0 comments

රෝගාතුරව සිටි පාප් වහන්සේ ගෝලයන්ගේ පා දෙවීමේ චාරිත්‍රයට අද එක්වුණා. පාස්කු මංගල්‍යයේ චාරිත්‍රවලට අනුවයි සාම්ප්‍රධායිකව පා දෙවීමේ චාරිත්‍රය සිදු වන්නේ. ජේසුස් වහන්සේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහයේ දී තම ගෝලයන්ගේ පාද දෙවීම සිදුකළා. එය සිහිගන්වමිනුයි මෙම කටයුත්ත සංවිධාන කිරීමේ රෝමයට නුදුරින් පිහිටි තරුණ බන්ධනාගාරයේ තිබි මෙම පා දෙවීම සිදු කෙරුණා. විවිධ ජාතීන්ට අයත් රැදවියන් 12 දෙනෙකු ඊට එක්ව සිටි අතර මුස්ලිම් ජාතිකයෙක් ද එම පිරිසට අයත්. එමෙන්ම...
Read More »

Apr 07

කොවිඩ් 19 මුලාරම්භය පිළිබඳ පරීක්ෂණ ඇරඹු විද්‍යාඥයින්ගේ වාර්තාවක් එළිදක්වයි  

0 comments

කොවිඩ් 19 වෛරසයේ මුලාරම්භය පිළිබඳ පරීක්ෂණ ඇරඹු විද්‍යාඥයන්ගේ වාර්තාවක් එළිදක්වා තිබෙනවා. වසර 3කට ආසන්න කාලයක් බොහෝ පිරිසක් මේ පිළිබඳ අවධානය යොමු කරමින් පසු වුණා. කොරෝනා වෛරසය ආරම්භ වු බවට සැකකෙරෙන වූහාන් හි හූවානාන් මුහුදු ආහාර හා වනජිවී ආහාර වෙළෙඳපොළෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමෙනුයි මෙම වාර්තාව එළිදැක්වීමට කටයුතු කර ඇත්තේ. මෙම සාම්පල වල අඩංගු සතුන්ගේ ජානමය කොටස් තුළ කොරෝනා වෛරසය තිබී ඇති බවට තහවුරු වනවා. විද්‍යාඥයන් පෙන්වා...
Read More »

Apr 06

ඊශ්‍රායලයෙන් ලෙබනනයට හා ගාසා තීරයට ප්‍රබල ප්‍රහාරයක්  

0 comments

ඊශ්‍රායලය ලෙබනනයට හා ගාසා තීරයට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකළා. ඊශ්‍රායලයට ප්‍රබල රොකට් ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුවයි මෙසේ ප්‍රති ප්‍රහාර ආරම්භ කර තිබෙන්නේ. ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ ගාසා තීරයේ හා ලෙබනනයේ විශාල පිපිරුම් හඩ කිහිපයක් ඇසුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හමාස් සටන්කාමී කණ්ඩායම් වෙත ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. ඊශ්‍රායල පොලිසිය ජෙරුසෙලමේ ඉස්ලාම්  පල්ලියක් වැටලීමෙන් පසු තත්ත්වය ගැටුමක් බවට පත්ව තිබෙනවා.               The...
Read More »

Apr 06

චීනයේ දී මුණ ගැසුණු ඉරානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරු  

0 comments

ඉරානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරු 2016න් පසු ප්‍රථම වතාවට සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සහ හොසේන් අමීර්-අබ්දුල්ලාහියන් චීනයේදී මුණගැසී එකිනෙකාට සුබ පතා ගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. The post චීනයේ දී මුණ ගැසුණු ඉරානයේ සහ සෞදි අරාබියේ විදේශ අමාත්‍යවරු appeared first on ITN News...
Read More »

Apr 06

මිනිසාගේ ආයු අපේක්ෂාව වැඩිවෙයි  

0 comments

පිරිමි පාර්ශවයට වයස අවුරුදු 141 දක්වාත් කාන්තා පාර්ශවයට වයස අවුරුදු 130 දක්වාත් ජිවිත්විය හැකි බව නවතම අධ්‍යනයකින් හෙළිව තිබෙනවා. 1910 වසරේ සිට 1950 වසර දක්වා උපත ලැබූවන්ගේ ආයු කාලය වයස අවුරුදු 120 පමණ වනවා. මිනිසුන්ගේ වැඩිම ආයු කාලය වන වයස අවුරුදු 122 ඉක්මවා යාමට හැකියාව පවතින බවයි නව සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ. වැඩිහිටි පුද්ගලයන්ගේ මරණ අනුපාතය හා වයස අනුව ආයු කාලය වෙනස් වන ආකාරය සම්බන්ධයෙන් ජෝජියාවේ විශ්වවිද්‍යාලයක්  ලොව රටවල්...
Read More »

Apr 05

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ මාවතට අවතීර්ණ වී ඇති බව ආසියා සංවර්ධන බැංකුව කියයි  

0 comments

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත්වීමේ මාවතට අවතීර්ණ වී ඇති බව ආසියා සංවර්ධන බැංකුව සඳහන් කරනවා. පසුගිය වසරේදී මෙරට ආර්ථිකය 7.8%කින් හැකිලීමට ලක් වුණා. මෙම වසරේදී එය 3%කින් තවදුරටත් හැකිලෙනු ඇති බවයි ආසියා සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ. කෙසේ වුවද මෙම වසර අවසානයත් සමග ආර්ථිකය ප්‍රකෘතිමත්වීම ආරම්භ වනු ඇති බවයි එම බැංකුව පෙන්වා දෙන්නේ. 2019 වසරේදී කප්පාදු කළ බදු යළි ක්‍රියාත්මක කිරීම හා මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වීම යන කරුණු මීට බලපා...
Read More »

Apr 05

න්‍යෂ්ටික යුද්ධයක් පිළිබඳව උතුරු කොරියාව අනතුරු අඟවයි  

0 comments

ඇමෙරිකා සහ දකුණු කොරියා යුද අභ්‍යාස න්‍යෂ්ටික යුද්ධයකට මගපදා ඇති බවට උතුරු කොරියාව අනතුරු අඟවනවා. ඇමෙරිකාව හා දකුණු කෙරියාව අඛණ්ඩව යුද අභ්‍යාස සිදු කිරීමත් සමඟයි උතුරු කොරියාව මේ බව සඳහන් කර ඇත්තේ. න්‍යෂ්ටි යුද්ධයක් ඇති වීමේ සම්භාවිතාව ඉහළ දැමීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ද උතුරු කොරියාව සඳහන් කරනවා. යුද අභ්‍යාසවලට ප්‍රතිචාර දැක්වීමට ඉතා ඉක්මනින් කටයුතු කරන බවයි උතුරු කොරියා රාජ්‍ය මාධ්‍ය පවසන්නේ. ඇමෙරිකා , දකුණු කොරියා ක්‍රියාකලාපයන්...
Read More »

Recent News

Gossip Lanka MAG