Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Aug 31

ඊයේ අත්අඩංගුවට ගත් අන්තරේ 28 දෙනෙකුට ඇප  

0 comments

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාව අතුරතුර ඊයේ අත්අඩංගුවට ගත් 28 දෙනෙකු ඇප මත මුදාහැරුණා. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ විරෝධතා පාගමනක් ආරම්භ කළේ රැදවුම් නියෝග මත රදවාගෙන සිටින එම බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනා නිදහස් කර ලෙස ඉල්ලමිනුයි. මරදාන එල්ෆින්ස්ටන් රගහල අසලින්  ආරම්භ වූ පාගමන ටෙක්නිකල් හන්දියට පැමිණි විට එය නතර කරන ලෙස පොලිසිය දැනුම් දුන්නා. ඒ සමග ඇති වූයේ උණුසුම් තත්ත්වයක්....
Read More »

Aug 31

සෝවියට් සමූහාණ්ඩව පෙරස්ට්‍රොයිකාවෙන් අවසන් කළ ගොර්බචෝව් අවසන් ගමන්යයි  

0 comments

පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචෝව් අද අභාවප්‍රාප්ත වුණා. සෝවියට් සමූහාණ්ඩුව හා බටහිර රටවල් අතර පැවති සීතල යුද්ධය සාමකාමීව අවසන් කළ නායකයෙකු ලෙස හැදින්වෙන මිහායිල් ගොර්බචෝව් අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 91 ක්. 1985 වසරේ සිට 1991 වසර දක්වා මිහායිල් ගොර්බචෝව් සෝවියට් සංගම් කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරය හෙබවූවා. එමෙන්ම 1988 වසරේ සිට 1989 දක්වා වසරක කාලයක් උත්තරීතර සෝවියට් සංගමයේ සභාපතිවරයා ලෙසත් 1988...
Read More »

Aug 31

ණය අපේක්ෂිත රටකට සුදුසුම අයවැයක් – මහබැංකු අධිපති   

0 comments

ණය අපේක්ෂිත රටකට සුදුසුම අයවැයක් අතුරු අයවැය තුලින් මෙවර ඉදිරිපත් කර ඇති බව මහබැංකු අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කොළඹ නාවික ඇකඩමිය සංවිධාන කළ රාජ්‍ය ආර්ථිකය සම්බන්ධ සත්‍ය දැනගනිමු යන තේමාව යටතේ පවැති සම්මන්ත්‍රණයට එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මෙ බව සදහන් කළේ. අර්බුදයෙන් ගොඩ ඒමට ස්ථාවරත්වයක් ගොඩනගා ගත හැකි අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි මහබැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. දේශපාලන වශයෙන්...
Read More »

Aug 31

රත්‍රං බිස්කට් කිලෝග්‍රෑම් 7 ක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට  

0 comments

රුපියල් කෝටි 16 කට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් කිලෝග්‍රෑම් 7 ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබුවා. කිලෝග්‍රෑම් 7 ක පමණ බරකින් යුතු රත්‍රං බිස්කට් 60 ක් මෙසේ ගමන් මල්ලක සූක්ෂම ලෙස අසුරා තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු කටුණායක ගුවන් තොටුපලෙන් පිට කිරීමට උත්සාහ දැරූ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීන් පවසනවා. ඔහු මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රත්‍රං තොගයේ වටිනාකම රුපියල් කෝටි 16...
Read More »

Aug 31

කොවිඩ් සමයේ රාජ්‍ය සේවකයන් ගත් නිවාඩු ගණනයට ක්‍රම ඇතුළත් නව චක්‍රලේඛයක්  

0 comments

කොරෝනා සමයේ අනුගමනය කළ සහනදායී වැඩපිළිවෙළ තුළ, රාජ්‍ය නිලධාරීන් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් ඇතුළත් චක්‍රලේඛයක්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්  සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත...
Read More »

Aug 31

නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ඇරඹේ  

0 comments

 ‍ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් සමඟින් නෙළුම් කුළුණේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ඇරඹේ.  ශ්‍රී ලාංකේය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින්  දකුණු ආසියාවේ උසම  ගොඩනැඟිල්ල වන “නෙළුම් කුළුණේ”  මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් 15 වනදාසිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එක්සත් ජනපද ඩොලර් මිලියන 113කට ආසන්න මුදලක වියදමින් ඉදි වූ නෙළුම් කුළුණේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ, ජනතාවට නවමු අත්දැකීම් රැසක් ලබාදීමට...
Read More »

Aug 31

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය ඔක්තෝබර් 16 වැනි දා පැවැත්වීමට යෝජනා  

0 comments

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනය එ‍ළඹෙන ඔක්තෝබර් 16වැනි දා පැවැත්වෙන බවට යෝජනා කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය එහි මහලේකම්, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් 30වැනිදා රැස්වීමක් පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි මධ්‍යම කාරක සභාවේ 7වැනි පූර්ණ සැසිවාරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනයට අදාළ පූර්ව සූදානම් කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. චීන...
Read More »

Aug 29

තායිවානයට අවි ආයුධ තොගයක් අලෙවි කිරීමට බයිඩන් අනුමැතිය ඉල්ලයි  

0 comments

ඇමෙරිකා ඩොලර් බිලියන 1.1 වටිනාකමින් යුතු අවි ආයුධ තොගයක් තායිවානයට අලෙවි කිරීම සදහා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා තිබෙනවා. මිසයිල හා නෞකා විනාශ කිරීමට යොදාගන්නා අවි මෙලෙස තායිවානයට අලෙවි කිරීමට ඇමෙරිකාව සැළසුම්කර තිබෙනවා. ඊට නෞකා නාශක මිසයිල 60 ක් හා මිසයිල නාශක අවි සියයක් ඇතුළත්. ඒ ජී එම් එයිටි ෆෝ එල් හාපූන් බ්ලොක් ටූ වර්ගයට අයත් මිසයිල 60 සදහා ඇමෙරිකා ඩොලර් මිලියන 355 ක ඇස්තමේන්තුවක් ලබාදී ඇති අතර...
Read More »

Aug 29

චීනයේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳව නොකඩවාම අසත්‍ය තොරතුරු පතුරුවන බවට චීනයෙන් ඇමරිකාවට චෝදනා  

0 comments

චීනයේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳව ඇමරිකාව නොකඩවාම අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් සිටින බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලි චියෙන් මහතා 29වැනිදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියේ ය. බටහිර මාධ්‍ය හා රටවල් නිරතුරුව චීනය පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත්, ෂින්ජ්‍යං ප්‍රදේශය ඔවුන් එවන් තොරතුරු සඳහා වැඩියෙන් භාවිත කරන බවත් ඔහු එහිදී පැවසීය. ඇමරිකාව කාලන්තරයක් තිස්සේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳව අසත්‍ය...
Read More »

Aug 29

ජාතික සභාව ගැන කෙටුම්පත අගමැති පක්ෂ නායකයන්ට ඉදිරිපත් කරයි  

0 comments

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ ඇතුළත් ජාතික සභාව ගැන කෙටුම්පත අග්‍රාමාත්‍යවරයා පක්ෂ නායකයන්ට ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික සභාවක් පිහිටුවීම සඳහා, මූලික කෙටුම්පතක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පක්ෂ නායකයන් වෙත ඊයේ (29) දින ඉදිරිපත් කරනු ලැබීය. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදීය. මෙහිදී පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණය කාරක සභා ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද රජයේ යෝජනාව සාකච්ඡාවට...
Read More »

Aug 29

යුරෝපීය බහුජාතික සමාගම් චීන වෙළඳපොළ පිළිබඳ ඉහළ ශුභවාදී ආකල්පයක පසුවන බව තහවුරු වේ  

0 comments

යුරෝපීය බහුජාතික සමාගම් චීන වෙළඳපොළ පිළිබඳ අඛණ්ඩව ශුභවාදී ආකල්ප දරන බව, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය පවසයි. එම කවුන්සිලයේ ප්‍රකාශක Sun Xiao මහතා, 29වැනිදා පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. මෙම වසරේ පළමු භාගයේදී, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය, විදේශ ව්‍යාපාරික පරිසරය පිළිබඳ මත විමසුම් සිදුකර ඇත. යුරෝපීය බහුජාතික සමාගම් 160කට ආසන්න ප්‍රමාණයක් අදාළ ප්‍රශ්නාවලියට ප්‍රතිචාර දක්වා තිබේ. චීනයේ යුරෝපීය සමාගම්වලින්...
Read More »

Aug 29

ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණයක්  

0 comments

ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීම තීරණය කර තිබෙනවා. එහි සේවකයින්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කරමින් මෙම පියවර ගන්නා බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ. කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.           The post ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට තීරණයක් appeared first on ITN News...
Read More »

Aug 29

“ස්ථිර පත්වීම් නොලැබූ උපාධිධාරීන්ගේ ගැටළුවට විසඳුමක් දෙනවා “- අගමැති  

0 comments

උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේදී, විවිධ ගැටළු නිසා පත්වීම් නොලැබූ පිරිසගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (29) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විවිධ අඩුපාඩු නිසා 461 දෙනෙකුට පත්වීම් ලැබී නොමැති බවට, විපක්ෂ නායකවරයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, දැනටමත් මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය ලේකම්වරයා...
Read More »

Aug 29

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි  

0 comments

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වලින් ප්‍රතිඵල ලබාගත හැකියි. මෙවර ප්‍රතිඵල වලට අනුව 171497 දෙනෙකු  විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයැදුම් කිරීමට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසනවා.       The...
Read More »

Aug 29

රුසියාවට වීසා ලබා නොදීමේ තීරණයට සියලු යුරෝපා රටවල් සහාය නොදේවි  

0 comments

රුසියානු ජාතිකයින්ට යුරෝපා රටවලට වීසා ලබා නොදීමට ගෙන ඇති තීරණයට සියලුම යුරෝපයේ සියලු රටවල් සහාය ලබා නොදෙනු ඇති බවට යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් සදහන් කරනවා. සියලුම රුසියානු ජාතිකයින්ට වීසා ලබා නොදීමේ ප්‍රතිපත්තියෙන් බැහැරව ක්‍රමවේදයක් යටතේ තෝරාගත් පිරිසකට පමණක් වීසා ලබා නොදීම ප්‍රතිඵලදායක බවයි ජෝසෙප් බොරෙල් පෙන්වා දෙන්නේ. එමෙන්ම යුරෝපා රටවලට රුසියානු ජාතිකයින්ට පැමිණීමට ඉඩ ලබා නොදීම හරහා එම රටවල ආර්ථිකයට...
Read More »

Aug 28

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවට මන්ත්‍රීවරුන් නම් කෙරේ  

0 comments

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව ඇතුළු කාරක සභාව සදහා මන්ත්‍රීවරුන් නම් කිරීම සිදුකර තිබෙනවා. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ එම නම් නිවේදනය කළා. මේ අතර ගෘහ්‍ය කාරක සභාව,  ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබද කාරක සභාව,  මහජන පෙත්සම් කාරක සභාව හා පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව සදහා ද මන්ත්‍රීවරුන් නම්කර තිබෙනවා. එහෙත් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව හා රාජ්‍ය...
Read More »

Aug 28

මන්ත්‍රීවරු තිදෙනෙකුගේ නිවෙස්වලට හානි කළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට  

0 comments

විමල් වීරවංශ, ලසන්ත අලගියවන්න සහ අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුළු දේපළ විනාශ කිරිමේ සිද්ධීන්ට අදාළ සැකකරුවන් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසට පහර දී දේපළවලට ගිනි තබා තිබුණේ පසුගිය මැයි 09 වන දායි. මාලඹේ පොලිස් වසමේ පිහිටි මෙම දේපළ විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි ප්‍රධාන සැකකරුවෙකු මාලඹේ පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු හෝකන්දර...
Read More »

Aug 28

වසර 3කට පසු කොලොම්බියාව හා වෙනිසියුලාව නැවත වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹයි  

0 comments

වසර 3කට පසු කොලොම්බියාව හා වෙනිසියුලාව නැවත වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමේ පියවරක් ලෙස වෙනිසියුලාවේ නව කොලොම්බියානු තානාපති ආමන්ඩෝ බෙනඩිට්ටි කැරකස් අගනුවට පැමිණියා. එහිදී වෙනිසියුලා උප විදේශ කටයුතු අමාත්‍යවරයා මුණ ගැසුණු ඔහු දෙපාර්ශවය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි තහවුරු කිරීමේ අරමුණෙන් ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වුවා. කෙලොම්බියාවට වෙනිසියුලාවෙන් වෙන්ව කටයුතුකළ නොහැකි...
Read More »

Aug 28

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යයි  

0 comments

රන්මාල කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියගොස් තිබෙනවා. මිල්ලතේ ප්‍රදේශයේ තාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිල්ලක අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනේ පසුගිය 26 වනදා රාත්‍රියේයි. 27 හැවිරිදි සැකකරු කිරිදිවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකෙරුණු අතර රන්මාල කොල්ලකෑම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පිළිබද ඔහු තොරතුරු...
Read More »

Aug 28

ගංවතුර තත්වයෙන් පසු පාකිස්ථානය ජාත්‍යන්තර ආධාර ඉල්ලයි  

0 comments

රට පුරා ඇති වූ ගංවතුර තත්වයෙන් පසු පාකිස්ථානය ජාත්‍යන්තර ආධාර ඉල්ලා තිබුණා. පාකිස්ථානය පුරා ඇතිව තිබෙන දරුණු ගංවතුර තත්වය හේතුවෙන් රට පුරා හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට පකිස්තාන රජය ඊයේ දිනයේ කටයුතු කළා. ගංවතුර හේතුවෙන් ජූනි මාසයේ සිට මිය ගිය සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා. ඊට අමතරව මිලියන ගණනක් ජනතාව අවතැන්ව තිබෙනවා. පාකිස්ථානයේ වයඹ දෙසටයි මෙම ගංවතුර තත්වය වැඩිපුරම බලපා ඇත්තේ. එසේම පාකිස්ථානයේ ගිණිකොන දෙසින් පිහිටි සින්ද් පළාතට...
Read More »

Aug 27

නීතිවිරෝධීව කැබ් රථයකින් ඩීසල් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධීව කැබ් රථයකින් ඩීසල් ප්‍රවාහනය කළ දෙදෙනෙකු කළුතර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර උතුර පොලීසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම ඩීසල් තොගය සොයා ගැණුනා. ඩීසල් ලීටර් 250 කට ආසන්න ප්‍රමාණයක් කැබ් රථයෙන් ප්‍රවාහනය කර තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. කැබ් රථයේ පසුපස බූලි   5 ක සහ තවත් විශාල ප්‍රමාණයේ බූලියක මෙම ඩීසල් අසුරා තිබියදී සොයා ගැණුනේ. ඩීසල් ඉවත් කිරීමට භාවිත කරන විශාල ප්‍රමාණයේ බටයක් සහ...
Read More »

Aug 27

මතුගමදී පුද්ගල ඝාතනයක්  

0 comments

මතුගම පින්නගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව මතුගම පොලිසිය පවසනවා. ඝාතනයට ලක් වූ පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග කතා බහ කරමින් සිටිය දී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු එහි සිටි තවත් පුද්ගලයෙකු සමග ආරව්ලක් ඇති කර ගෙන තිබෙනවා. එය සමතයකට පත් කිරීමට උත්සාහ දැරීමේ දී ඝාතනයට ලක් වූ පුද්ගලයාට පිහියකින් ඇන ඇති බව මූලික පරීක්ෂණවල දී හෙලි වී තිබෙනවා. බරපතළ තුවාල ලැබූ පුද්ගලයා වෑත්තෑව රෝහලට...
Read More »

Aug 27

මනුෂ්‍යත්වයේ අපි කලාකරුවෝ සංවිධානයේ පළමු සැසිවාරය කොළඹ දී  

0 comments

මනුෂ්‍යත්වයේ අපි කලාකරුවෝ සංවිධානයේ පළමු සැසිවාරය කොළඹ දී පැවැත්වුණා. කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වයෝවෘද්ධ කලාකරුවන් වෙත වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීම මෙන්ම විවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙන කලාකරුවන් වෙත  මූල්‍යමය ආධාර පිරිනැමීමක් ද  මෙහිදී සිදුවුණා.         The post මනුෂ්‍යත්වයේ අපි කලාකරුවෝ සංවිධානයේ පළමු සැසිවාරය කොළඹ දී appeared first on ITN News...
Read More »

Aug 27

සඳුදා සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වන ලකුණු  

0 comments

ඉන්ධන නොලැබීම හේතුවෙන් ලබන සදුදා සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වනු ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සදහන් කරනවා. The post සඳුදා සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වන ලකුණු appeared first on ITN News...
Read More »

Aug 27

සමුද්‍රජීවීන් ආරක්ෂා කර ගැනීම සඳහා වන සම්මුතිය 5 වන වරටත් සම්මත කර ගැනීමට නොහැකි වෙයි  

0 comments

ලෝකයේ සාගර සහ සමුද්‍රජීවීන් ආරක්ෂා කර ගැනීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ඇතිකර ගැනීමට ගිය ලෝක සම්මුතිය පස්වන වරටත් සම්මත කර ගැනීමට නොහැකි වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ඉහළ සමුද්‍ර සම්මුතිය ලෙස හැදින්වෙන මෙම එකගතාව සම්බන්ධයෙන් ලොව රටවල් ගණනාවක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පසුගිය සති දෙකක කාලය තුළ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණා. විවිධ රටවල් සිය ජාතික අවශ්‍යතාවන් මතු කර...
Read More »

Aug 27

හංගේරියාවේ නව න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීමට රුසියාව පියවර ගනී  

0 comments

රුසියාව හංගේරියාවේ නව න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළදී මෙම බලාගාර ඉදිකිරීම ආරම්භ වන බවයි හංගේරියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ. රුසියා රජයට අයත් රොසාටොම් ආයතනයයි ඉදිකිරීම් සිදු කරන්නේ. 2014 වසරේදී රුසියාව සහ හංගේරියාව අතර ඇති කර ගත් ගිවිසුමක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඉදිකිරීම් සිදු වනවා. කෙසේ වෙතත් යුරෝපා රටක් වන හංගේරියාව රුසියාව සමඟ කටයුතු කිරීම යුරෝපා සංගමයේ විරෝධයට හේතු...
Read More »

Aug 26

පාකිස්තානයේ අධික ජල ගැල්ම නිසා දැඩි සෞඛ්‍ය තර්ජනයක් මතුවෙයි  

0 comments

පාකිස්තානයේ මෝසම් වැසි සමග ඇති වී තිබෙන අධික ජල ගැල්ම නිසා දැඩි සෞඛ්‍ය තර්ජනයක් මතු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ජල ගැල්ම සමග කැළිකසල නිදහසේ පාවෙන ආකාරය දැකගැනීමට ලැබුණා. මේ වනවිට ජල ගැල්මෙන් මිලියන 33 කට වැඩි ජනතාවක් බලපෑමට ලක්ව තිබෙනවා. 900 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. පසුගිය පැය 24 තුලදී පුද්ගලයන් 34 දෙනෙකු අයහපත් කාලගුණය නිසා මියගොස් තිබෙනවා. පාකිස්තාන රජය සදහන් කළේ විපතට පත්...
Read More »

Aug 26

ට්‍රම්ප්ගේ නීතියට බාධා කිරීම් ගැන අධිකරණයට වාර්තා කරන බව එෆ් බී අයි සංවිධානය පවසයි  

0 comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීතියට බාධා කිරිම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීමට කටයුතු කරන බව එෆ් බී අයි සංවිධානය පවසනවා. හිටපු ජනාධිපතිවරයාගේ ෆ්ලොරීඩා හි නිවස පසුගියදා සෝදිසි කිරිමට ලක්වුනා. ඒ ඔහුගේ ජනාධිපති ධුර කාලයට අදාළ ලිපි ලේඛණ එහි සගවා ඇත්ද යන්න සොයා බැලීමටයි. මෙම අවස්ථාවේදී එෆ් බී අයි නිලධාරීන්ට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශ්වයෙන් බාධා එල්ලවූ බවයි එම නිලධාරීන් සදහන් කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් සාක්ෂි ගණනාවක්...
Read More »

Aug 26

දේශපාලනඥයින්ගේ හා පොදු දේපල විනාශ කළ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට  

0 comments

පසුගිය දිනවල රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ දේශපාලනඥයන්ගේ හා පොදු දේපල විනාශ කළ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු නීතියේ රැහැනට හසුකරගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ නිවාසවලට හා දේපලවලට පසුගිය මැයි මස 09 වනදා හානි සිදු කළ සැකකරුවකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත්තා. රත්මලාන ප්‍රදේශයේ පිහිටි රෝහිත අබේගුණවර්ධන මහතාගේ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු...
Read More »

Aug 25

තවදුරටත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව තායිලන්ත අගමැති කියයි  

0 comments

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු සිදුකිරීම තහනම් කරනු ලැබුවද තමන් තවදුරටත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා පවසනවා. විපක්ෂය ගොනුකළ නඩුවක් විභාග කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ තීන්දුවක් ලබා දෙන තුරු අග්‍රාමාත්‍යවරයා අගමැති ධුරයෙහි කටයුතු නොකළ යුතු බවයි. කෙසේ වෙතත් ප්‍රයුත් චන් ඕචා සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් තායිලන්ත ජනතාව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ...
Read More »

Aug 25

විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර  

0 comments

විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබා දෙන ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ත්‍රී රෝද රථ ලක්ෂ 10ක් විද්‍යුත්කරණය කිරීමේ වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතියක් ලෙස ත්‍රීරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රී රෝද රථ බවට පත් කිරීමටයි  තීරණය කර තිබෙන්නේ.බලපත්‍ර යටතේ විදුලි යතුරුපැදි හා පාපැදි ආනයනය කිරීමට අවසර ලබා දෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඒ අනුව විදුලි යතුරුපැදි...
Read More »

Aug 25

යුක්රේන බලාගාරයේ විකිරණ කාන්දුවීමේ අවදානමක් ගැන සෙලෙන්ස්කි අනතුරු අඟවයි  

0 comments

සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය යුක්රේන බලශක්ති පද්ධතියෙන් ඉවත් කිරීමට රුසියාව කටයුතු කිරීමත් සමග බරපතල විනාශයක් ඉදිරියේදී ඇති වීමේ අවදානමක් පවතින බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය පසුගිය මාර්තු මාසයේ සිට රුසියා හමුදා යටතට පත්ව තිබෙනවා. ඊයේ දිනයේදී එම බලාගාරය යුක්රේන විදුලි පද්ධතියෙන් ඉවත් කිරීම සිදු වුණා. මේ සමග න්‍යෂ්ටික විකිරණ කාන්දුවීමේ දැඩි අවදානමක් පවතින බවයි යුක්රේන ජනාධිපතිවරයා...
Read More »

Aug 25

අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ලබාදෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රතිඥාවක්  

0 comments

ශ්‍රී ලාංකේය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් ගෙබ්‍රීසියස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම් පිළිගන්වමින් මෙම පණිවුඩය යොමු කර ඇත. ලංකාවට ලබාදෙන අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන්...
Read More »

Aug 25

මතුගම බෝපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරයි  

0 comments

මතුගම බෝපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකළ සිද්ධිය අදාළ වෙළෙඳසැලේ ආරක්ෂක කැමරා පද්ධතියක සටහන්ව තිබුණා. කළු පැහැති ආරක්ෂක හිස් වැසුම් සහ කබා පැළද මතුගම බෝපිටිය ප්‍රදේශයේ වෙළෙඳසැලට පැමිණි සාහසිකයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදු කළා. සිද්ධියෙන් මියගොස් තිබුණේ වෙළෙඳසැලට පැමිණ සිටි බෝපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්. සිද්ධියෙන්...
Read More »

Aug 25

නිවාසවල හිමිකම් ඔප්පු වසරක් ඇතුළත ලබාදීමට පියවර ගන්නැයි බලධාරීන්ට උපදෙස්  

0 comments

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මගින් ලබා දී ඇති නිවාසවල හිමිකම් ඔප්පු වසරක් ඇතුළත ලබාදීමට පියවර ගන්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ හිමිකම් ඔප්පු ලබාදීම සඳහා වූ ගැටලු ආයතන මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් අණ පනත් සංශෝධනයටද පියවර ගන්නා ලෙස...
Read More »

Aug 25

ජාතික හැගීමකින් තොර දේශපාලනඥයින්ට ජනතාව නිසි පිළිතුරු ලබාදේවී  

0 comments

ජාතික හැගීමකින් තොරව කටයුතු කරන දේශපාලනඥයින්ට ජනතාව ඉදිරියේදී නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.     The post ජාතික හැගීමකින් තොර දේශපාලනඥයින්ට ජනතාව නිසි පිළිතුරු ලබාදේවී appeared first on ITN News...
Read More »

Aug 25

පාකිස්තානයේ ඩොලර් බිලියන තුනක මුදලක් ආයෝජනය කිරීමට කටාර් රාජ්‍යය එකඟවෙයි  

0 comments

පාකිස්තානයේ ඇමෙරිකා ඩොලර් බිලියන තුනක මුදලක් ආයෝජනය කිරීමට කටාර් රාජ්‍යය පියවර ගෙන තිබෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් දෝහා නගරයේ සිදු කළ නිල සංචාරය අතරතුරයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. කටාර් ආයෝජන අධිකාරිය මෙම මූල්‍ය ආයෝජනයන් සිදු කිරීමට නියමිතයි. පාකිස්තානය පසුගිය මාස කිහිපය තුළදී දැඩි ආර්ථික අර්බුදයක ගිලී තිබුණා. එරට ආර්ථිකය යළිත් ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමේ අරමුණින් මෙම ආයෝජන සිදු කරන බවයි කටාර් ආයෝජන අධිකාරිය සඳහන් කළේ....
Read More »

Aug 24

බස් රථයක් සහ යතුරුපැදියක් ගැටෙයි – එක් අයෙකු ජීවිතක්ෂයට  

0 comments

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් උතුරු පයාගල මංසන්ධිය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වුණා. මෙසේ මිය ගොස් ඇත්තේ මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්. බස් රථය අධික වේගයෙන් ගමන් කිරීම හා යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වුණා. මේ අතර වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ ආනපල්ලම ප්‍රදේශයේදී කැබ් රථයන් මාර්ගය අසල නවතා...
Read More »

Aug 24

ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලබාගෙන ඇති ණය ඩොලර් දසදහසක් දක්වා කපා හැරීමට ජෝ බයිඩ්න් තීරණය කරයි  

0 comments

ඇමෙරිකා එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනයේ නිරත වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලබාගෙන ඇති ණය ඩොලර් දසදහසක් දක්වා කපා හැරීමට ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබෙනවා. සිසුන් ණය බරින් මිරිකී සිටීම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දීර්ඝ කාලයක් පැවති අර්බුදයක්. වසරකට ඇමෙරිකා ඩොලර් එක්ලක්ෂ විසිපන්දහසකට අඩුවෙන් උපයන පිරිස්වලින් මෙම ණය කප්පාදුව සිදු කිරීමට නියමිතයි. කෙසේ වෙතත් බයිඩ්න්ගේ මෙම තීරණය නිසා ඇමෙරිකා එක්සත් ජනපදය තුළ උද්ධමනය තවත් ඉහළ යාමේ අවදානමක් ඇති...
Read More »

Aug 24

රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

රුසියා හමුදා විසින් යුක්‍රේනයේ දුම්රිය ස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගිය පිරිස අතර කුඩා දරුවන් ද සිටිනා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කර මාස 06 ක් සම්පූර්ණ වන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වුණා. සිද්ධියෙන් පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය පිළිබඳ රුසියා රජය මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නැහැ.         The...
Read More »

Aug 24

ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝකරයි  

0 comments

මාර්තු 31 වනදා සිට මැයි 15 වනදා දක්වා රට තුළ පැවති වාතාවරණය සමඟ සිදු වූ ජීවිත හා දේපල හානි පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝකර තිබෙනවා. එම කොමිසම පත් කර තිබුණේ අදාළ සිද්ධීන් පිළිබඳ සොයා බලා අගෝස්තු 31 වන දිනට පෙර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස  දන්වමින්. කෙසේ වෙතත් එහි කාලය ලබන නොවැම්බර් මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන්නේ. The post ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝකරයි...
Read More »

Aug 24

චීන එන්නත් නියාමන පද්ධතිය ලෝක සෞඛ්‍ය සංවිධාන නව වටයේ ඇගයීම් තක්සේරුවෙන් සමත් වෙයි  

0 comments

චීන එන්නත් නියාමන පද්ධතිය ලෝක සෞඛ්‍ය සංවිධාන නව වටයේ ඇගයීම් තක්සේරුවෙන් සමත් වෙයි. එය ඊයේ(23) නිවේදනය කෙරිණ. චීන රාජ්‍ය ඖෂධ පරිපාලනය නිකුත් කළ තොරතුරුවලට අනුව, චීනයේ එන්නත් නියාමන පද්ධතිය 2011 වසරේ හා 2014 වසරේ දෙවරක් එම ඇගයීම් තක්සේරුවෙන් සමත් වී ඇත. පසුගිය ජුලි මාසයේ, ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු නිර්ණායක දියුණු කිරීමෙන් පසු විස්තීරණ ඇගයීමේ නව වටයකින් ද , චීනයේ එම පද්ධතිය සමත් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම තක්සේරුව, ලොව පුරා...
Read More »

Aug 24

හිරුණිකාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 16 වනදා  

0 comments

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා යොමුකළ නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. 2015 වසරේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා කිහිපයකටයි මෙම නඩුව ගොනුකර ඇත්තේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වන අශාන් ප්‍රනාන්දු මහතා මේ දිනවල...
Read More »

Aug 23

සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් අද ගොඩබායි  

0 comments

දිවයිනට රැගෙන ආ සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් අද දිනයේ ගොඩබෑමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ අතර බොරතෙල් තොගයක් රැගත් තවත් නෞකාවක් ඊයේ දිනයේ මෙරටට පැමිණයා. බොරතෙල් රැගත් නෞකාවක් ඊයේ දිනයේ මෙරටට පැමිණි බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සදහන් කළා. ඔටෝ ඩීසල් තොගයක් සහිත ‌නෞකාවක් අද හෝ හෙට දිනයන්හිදී මෙරටට පැමිණීමට නියමිතයි. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් ලබන 27 හෝ...
Read More »

Aug 23

විදුලි කප්පාදු කාලසටහන – අදත් පැය 3ක් විදුලිය විසන්ධියි  

0 comments

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව අද (24) දිනයේ ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරනවා.   The post විදුලි කප්පාදු කාලසටහන – අදත් පැය 3ක් විදුලිය විසන්ධියි appeared first on ITN News...
Read More »

Aug 23

ගතවූ පැය 24 ට ලොව පුරා නව ආසාදිතයින් ලක්ෂ 7 ඉක්මවයි  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් හමුව ඇති කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,830 ක්. ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව 185,000 කට අධිකයි. එමෙන්ම දකුණු කොරියාවෙන් 150,000 ක් ඇමෙරිකාවෙන් 53,000 ක් යේමනයෙන් 52,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගතවූ පැය 24 ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව 294 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒ...
Read More »

Aug 23

බිම් මට්ටමේ ජනතාවගේ හදගැස්ම හැඳිනූ ළෙන්ගතු නායකත්වය – ෂී ජින්පිං  

0 comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බිම් මට්ටමේ සිට වැඩකටයුතු කිරීමේ අත්දැකීම්වලින් පොහොසත් නායකයෙක්. වසර 1975 දී, කඩඉම් විභාගයෙන් සමත් වූ තරුණ ෂී ජින්පිං සුප්‍රසිද්ධ ට්සිංහුවා විශ්වවිද්‍යාලය විසින් බඳවාගනු ලැබුවා. ඒ, වයඹදිග චීනයේ ලියං ජියා හ ග‍ම්මානයේ වසර හතක සේවා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුවයි. වසර 1978 දී චීන උසස් නායක මණ්ඩලය ඓතිහාසික තීරණයකට එළඹුණා. ඒ, ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කොටගෙන ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීම...
Read More »

Aug 23

වෛද්‍ය පැතුම් කර්නර්ට වරෙන්තු  

0 comments

සමාජ මාධ්‍ය ක්‍රියාකාරික වෛද්‍ය පැතුම් කර්නර් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා. අදාළ නඩුව අද පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙන්නේ. පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවක් අතරතුර ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්...
Read More »

Aug 23

දර්යා දුගීනා ඝාතනයට යුක්රේනය සම්බන්ධ බවට රුසියාව චෝදනා කරයි  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම සගයෙකුගේ දියණියක් වන දර්යා දුගීනා ඝාතනයට යුක්රේනය සම්බන්ධ බවට රුසියාව චෝදනා කරනවා. පසුගියදා ඇය සිය නිවසට යමින් සිටියදී මෝටර් රථය පිපිරීමකට ලක්වීමෙන් මියගියා. දර්යා දුගීනාගේ පියා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතමයෙක් වන රුසියානු දාර්ශනික ඇලෙක්සැන්ඩර් දුගීනා වනවා. 29 හැවිරිදි දර්යා දුගීනා ඝාතනයට යුක්රේන විශේෂ කාර්ය බලකාය සම්බන්ධ බවට රුසියා රහස් ඔත්තු සේවයන් හදුනාගෙන ඇති බවයි වාර්තා...
Read More »

Aug 22

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි නිවස සෝදිසි කිරීමට එරෙහිව ට්‍රම්ප් නඩු පවරයි  

0 comments

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි තම නිවස සෝදිසි කිරීමට එරෙහිව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඇමෙරිකාවේ නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරමින් හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තම නිවසෙන් රැගෙන ගිය ලිපි ලේඛන පරීක්ෂා කිරීම තහනම් කරමින් නියෝගයක් පනවන ලෙසයි. එම ලිපි ලේඛන පරීක්ෂා කිරීමේ අයිතිය නීතිඥවරයෙකුට පවරන ලෙසත් එෆ්බීඅයි නිලධාරීන් එම කටයුතු වලින් ඉවත් කරන ලෙසත්...
Read More »

Aug 22

හෙරොයින් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට  

0 comments

හෙරොයින් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු වැල්ලවායේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ සිදුකල වැටලීමක දී හෙරොයින් සමඟ මෙම සැකකරුවන් තුන් දෙනා අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසනවා. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 17යි මිලි ග්රෑම් 260ක් සොයාගැනුන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 12කට ආසන්නයි. වැල්ලවාය හා මොරටුව පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වන...
Read More »

Aug 22

වසන්ත මුදලිගේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර  

0 comments

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ,  පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන අය දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරිමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර ලබා දී තිබෙනවා. පසුගිය 18 වනදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ දී පැවැත්වූ උද්ඝෝෂණය අතරතුර 19 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඉන් 16 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර 15 දෙනෙකුට ඇප නියම කෙරුණා. එක් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා....
Read More »

Aug 21

රූපවාහිනියට පැන්න කැලුම් අමරසිංහත් පොලිස් භාරයට  

0 comments

පසුගිය ජූලි 13 වනදා රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ කැළුම් අමරසිංහ කුරුදුවත්ත පොලිසියට අද භාරවුණා. අරගලකරුවන් සම පැමිණ බලහත්කාරයෙන් රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී එහි විකාශන කටයුතු තාවකාලිකව නතර කිරීමට කැළුම් අමරසිංහ ඇතුළු පිරිසක් බලපෑම් කළා. ඔහු දනීෂ් අලී නමැත්තා සමග සජීවීව පෙනී සිටිමින් අරගලයේ අරමුනු පැහැදිලි කරනු ලැබුවා.  මේ වන විට කැලුම් අමරසිංහ නමැත්තාගෙන් කුරුදුවත්ත පොලිසිය  ප්‍රකාශ කරගනිමින් සිටිනවා. ඔහුගේ...
Read More »

Aug 21

කළහකාරී සිදුවීම්වලට අදාළව හිමිනමක් ඇතුළු 8ක් අත්අඩංගුවට  

0 comments

පසුගිය මැයි 09 වන දා ජුලි 09 වන දා සහ ජූලි 13 වන දා  ඇති වූ සිද්ධින් කිහිපයකට අදාළව සැකකරුවන් අට දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජූලි 09 වන දා අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී රජයේ සේවකයන්ට සාපරාධී බලහත්කාරය පාමින් රජයේ දේපළවලට හානි කිරීම හා දේපළ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අරලිය ගහ මන්දිරයෙන් සොරකම් කරන ලද පිත්තල සැරසිලි කැබලි හතක් සහ විශාල ප්‍රමාණයේ...
Read More »

Aug 21

කිසිදු හේතුවක් නිසා රටකජු ආනයනය කරන්නේ නැහැ – ඇමති අමරවීර  

0 comments

කිසිදු හේතුවක් නිසා රටකජු ආනයනය නොකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරනවා. යල කන්නයේ රටකජු අස්වැන්න නෙලීම මිද්දෙනිය රජයේ බීජ ගොවිපළේ දී සිදු කෙරුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීම මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙරටට අවශ්‍ය රටකජු ප්‍රමාණය ලබන කන්නය වන විට නිශ්පාදනය කල හැකි බවයි. ගොවීන්ට අවශ්‍ය බීජ බෙදා දීමට කටයුතු කරන බව ද ඒ මහතා සදහන් කලා.   The post කිසිදු හේතුවක් නිසා රටකජු ආනයනය...
Read More »

Aug 21

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද පිටත්වෙයි  

0 comments

‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව අද පස්වරුවේ හම්බන්තොට වරායෙන් පිටත්ව යන බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා පවසනවා. හම්බන්තොට වරායෙන් පිටත්වන නෞකාවේ ගමනාන්තය තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ වී නැති බවයි වාර්තා වන්නේ. අද දින වරායේ නිෂ්කාශන කටයුතු අවසන්වීමෙන් පසු ඔවුන් යළි ගමන් ආරම්භ කරනු ඇති. ‘යුවාන් වැන්ග් 5’ චීන අධි තාක්ෂණික හා පර්යේෂණ නෞකාව චීනයේ සිට මෙරටට සේන්දූ වූයේ පසුගිය 16 වනදායි. ඉකුත් 11 වෙනිදා මෙරටට සේන්දු...
Read More »

Aug 21

ඇමෙරිකා ඉතිහාසයේ විශාලතම දේශගුණික පැකේජයට ජෝ බයිඩන් අත්සන් තබයි  

0 comments

ඇමෙරිකා ඉතිහාසයේ විශාලතම දේශගුණික පැකේජයට ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තැබුවා. ඩොලර් බිලියන 430 ක වටිනාකමකින් යුත් මෙම දේශගුණික බිල්පත තුළින් උද්දමනය අඩුකිරීමට සැළසුම් කර තිබෙනවා. ගෘහස්ථ හරිතාගාර වායු විමෝචනය කපා හැරීමට මෙන්ම ඖෂධ මිල අඩු කිරීමට ද ඒ තුළින් සැළසුම්කර තිබෙනවා. ධවල මන්දිරයේ පැවති උත්සවයක දී ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභික ජෝ මැන්චින් ඇතුළු පිරිසක් සමගයි ජනාධිපති ජෝ බයිඩන් මෙම අත්සන් තැබීමට එක්ව තිබුණේ. මෙම පනත අත්සන් කිරීම...
Read More »

Aug 21

ලොවපුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටි 60 ඉක්මවයි  

0 comments

ලොවපුරා රටවලින් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටි 60 ඉක්මවා තිබෙනවා. ගතවූ පැය 24 ට පමණක් හමුවී ඇති කොරෝනා වයිරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ පනස් දහසකට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 908 ක්. ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව 240,000 ට අධිකයි. එමෙන්ම දකුණු කොරියාවෙන් 110,000 ක් රුසියාවෙන් 39,000 ක් හා තායිවානයෙන් 22,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයේදී...
Read More »

Aug 21

රට හමුවේ ඇති අභියෝගය නොබියව භාරගත් ජනපතිට සියලුදෙනාගේ සහාය හිමි විය යුතුයි – මහා සංඝරත්නය  

0 comments

රට ගැන ඇති වගකීමෙන් සියලුදෙනා බැහැර වූ අවස්ථාවක, රට ගැන සිතා එහි භාරදූර වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම හිමි වන බව රුවන්වැලි සෑය විහාරාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ පැවසූහ. අද (20) පෙරවරුවේ ඓතිහාසික අනුරාධපුර පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා රුවන්වැලි මහා සෑය...
Read More »

Aug 21

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි සුළු වැඩිවීමක්  

0 comments

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි සුළු වැඩිවීමක් මෙම සති අන්තයේ දී සිදුව තිබෙනවා. ඒ අනුව මේ වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල 0.3%ක වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 90යි ශත 77ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 96යි ශත 72ක් ලෙස සටහන් වනවා.       The post ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි සුළු වැඩිවීමක් appeared first on ITN News...
Read More »

Aug 20

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට  

0 comments

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම මාවත ප්‍රදේශයේ සිදුකළ මෙම වැටලීමේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 74 යි මිලිග්‍රෑම් 74 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ 9 ට ආසන්න බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට...
Read More »

Aug 20

තුර්කියේ සිදු වූ අනතුරු දෙකකින් පුද්ගලයින් 32 නෙකු ජීවිතක්ෂයට  

0 comments

තුර්කියේ සිදු වූ අනතුරු දෙකකින් පුද්ගලයින් 32 නෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් 51 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තුර්කියේ ගැසියන්ටෙප් නගරයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර තුර්කියේ මාල්ඩින් ප්‍රදේශයේ දී ට්‍රක් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව පිරිසක් අතරට කඩා වැඳීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම අනතුරෙන් පුද්ගලයින් 29...
Read More »

Aug 20

පුටින්ගේ සමීපතම සගයෙකුගේ දියණියක් ඝාතනය කෙරේ  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම සගයෙකුගේ දියණියක් මොස්කව් නුවරදී ඝාතනය කර ඇති බව වාර්තා වනවා. ඇය නිවසට යමින් සිටියදී මෝටර් රථය පිපිරීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දර්යා දුගීනා නමැති මෙම තරුණියගේ පියා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතමයෙක් වන රුසියානු දාර්ශනික ඇලෙක්සැන්ඩර් දුගීනා වනවා. කෙසේ වෙතත් රුසියා බලධාරීන් සදහන් කරන්නනේ ඇලෙක්සැන්ඩර් දුගීනා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.         The...
Read More »

Aug 20

මහනුවර මාතලේ මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණයෙකුට බරපතල තුවාල  

0 comments

මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ 7 කණුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තරුණයෙකු බරපතල තුවාල ලැබුවා. අකුරණ 7 කණුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් මෝටර් රථයක් පසුකර ඉදිරියට ධාවනය කිරීමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙනුයි අනතුර සිදුවුනේ. එහිදී යතුරුපැදියේ ගමන් ගත් තරුණයා ටිපර් රථයේ වැදී විසිවී ගොස් මෝටර් රථයට යටවී ඇති බවයි වාර්තා වුණේ. අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඔහු මේ වනවිට දැඩිසත්කාර...
Read More »

Aug 20

ට්‍රැක්ටරයක් පෙරළීමෙන් තුන්දෙනෙකු මියයයි – 18 දෙනෙකුට තුවාල  

0 comments

ට්‍රැක්ටරයක් පෙරළීමෙන් තුන්දෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු තුවාල ලැබුවා. ශ්‍රමදාන කටයුත්තක් සඳහා පුද්ගලයින් පිරිසක් ගමන් ගත් ට්‍රැක්ටරයකුයි මෙසේ මුතූර් ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇත්තේ. පච්චනූර් ප්‍රදේශයේදී ට්‍රැක්ටරය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදු වූ බව පොලිසිය පවසනවා. ගල්කන්දේ කදු පාමුල පිහිටි කොට්ටියාරමුල්ල රජමහා විහාරස්ථානයේ ශ්‍රමදානයකට එක්වීම සඳහා මෙම පිරිස ගමන් කරමින් සිටි බව සඳහන්. තුවාලකරුවන් මුතූර් රෝහලට ඇතුළත් කෙරුණු...
Read More »

Aug 20

ෆින්ලන්ත අගමැතිට මත්ද්‍රව්‍ය චෝදනාවක්  

0 comments

ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සනා මරීන් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පරික්ෂණයකට බදුන් වී තිබෙනවා. ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සාදයකට සහභාගී වී නර්තනයක යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යජාලාවල ප්‍රචාරය වීමත් සමග එරට විපක්ෂයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ලවුණා. විපක්ෂ දේශපාලකයන් සදහන් කළේ අග්‍රාමාත්‍යවරිය තහනම් මත්ද්‍රව්‍ය භාවිතකර ඇත්ද යන්න පිරික්ෂණයක් සිදුකළ යුතු බවයි. 36 හැවිරිදි වියේ පසුවන ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ තමන් රාජකාරී ජීවිතය හා...
Read More »

Aug 20

වී මිලදී ගැනීම අඛණ්ඩව  

0 comments

වී මිලදී ගැනීම සදහා රජයේ වී ගබඩා විවෘත කර තැබීමට පියවර ගැනුණා. බොහෝ ප්‍රදේශවල වී මිලදී ගැනීම් සිදු කෙරෙමින් පවතින බවයි වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් පවසන්නේ. නාඩු වී කිලෝග්‍රෑම් එකක්  රුපියල් 120 කට ද සම්බා රුපියල් 125 කට හා කීරි සම්බා වී කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 130 කටත්  මිලදී ගැනීමට රජය තීරණය කළා. ඒ ගොවීන්ට තම වී අස්වැන්න අලෙවි කර ගැනීමට පහසුකම් සැලසීමේ අරමුණින්. උතුරු මැද පළාතේ පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්වල...
Read More »

Aug 20

රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සිදුවෙන බව GL කියයි  

0 comments

නව ගමනක ඇරඹුමක් වෙනුවෙන් නුදුරේදිම රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලිසෑය ඇතුළු විහාරස්ථාන කිහිපයක් වැදපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එම පිරිස රුවන්වැලි විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේද...
Read More »

Aug 20

බලශක්ති ක්ෂේත්‍රයේ අයෝජන වැඩි කරන ලෙස අගමැති ඉරානයෙන් ඉල්ලයි  

0 comments

බලශක්ති ක්ෂේත්‍රයේ අයෝජන වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉරානයෙන් ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍යවරයා හා ඉරාන තානාපති හෂේන් අෂ්ඩාද්හි අතර පැවති සාකච්ඡාවකදීයී මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරුණේ. සාකච්ඡාව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. මෙරට තෙල්පිරිපහදු ධාරිතාව වැඩිකිරීමටත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතින් ඇති කිරීමටත් ගෙන ඇති පියවර අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළා. එම ක්ෂේත්‍රයේ තාක්ෂණික දැනුමෙන් පොහොසත් ඉරානය තෙල් නිෂ්පාදනයේ...
Read More »

Aug 19

සෝමාලියාවේ හෝටලයකට අල් ෂබාබ් සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්  

0 comments

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හෝටලයකට අල් ෂබාබ් සටන්කාමී සංවිධානය ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අල්ෂබාබ් සටන්කාමීන් හෝටලයේ පාලනය තමන් සතු කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෝටලය ඉදිරිපිට පිපුරුම් දෙකක් සිදුව තිබෙනවා. ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් නව දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. සෝමාලියා රජයට එරෙහිව අල් ෂබාබ් සටන්කාමී සංවිධානය වසර ගණනාවක් පුරා අරගලයක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම සටන්කාමී සංවිධානය අල්කයිඩා සංවිධානයට සම්බන්ධ...
Read More »

Aug 19

යුනියන් පෙදෙසේ පවත්වන ලද විරෝධතාව සම්බන්ධයෙන් 19  දෙනෙකු අත්අඩංගුවට  

0 comments

කොළඹ යුනියන් පෙදෙසේ දී පෙරේදා පවත්වන ලද විරෝධතාව සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 19  දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් කොළඹ යුනියන් පෙදෙසේ දී පෙරේදා විරෝධතා පෙළපාලියක් පැවැත්වුණා. අයුතු ජන රාශියක සාමාජිකයන් වීම හේතුවෙන් භික්ෂූන් වහන්සේ සිව් නමක හා තවත් 15 දෙනෙකු කුරුදුවත්ත කොම්පඤ්ඤවීදිය බොරැල්ල යන පොලිස් ස්ථාන මගින් හා කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට...
Read More »

Aug 19

එක්සත් ජාතීන්ගේ සංවිධානයට යුක්රේන න්‍යෂ්ටික බලාගාරය පරීක්ෂා කිරීමට අවසර  

0 comments

රුසියා හමුදා අල්ලා ගත් යුක්රේනයේ සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ට ඉඩ ලබාදීමට රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් එකග වී තිබෙනවා. සපොරිෂ්ෂියා බලාගාරය යුරෝපයේ ඇති විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි. මෙම බලාගාරයට පසුගිය කාලයේදී ෂෙල් ප්‍රහාර කිහිපයක් එල්ල වීම නිසා න්‍යෂ්ටික කාන්දුවක් ඇතිවීමේ දැඩි අවදානමක් උද්ගත වී තිබුණා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රෝන් සමග රුසියා ජනාධිපතිවරයා පැවැත්වූ දුරකතන...
Read More »

Aug 18

අන්තරේ විරෝධයට කඳුලු ගෑස් – කැඳවුම්කරු මුදලිගේ අත්අඩංගුවට  

0 comments

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලීසිය කදුලු ගෑස් ප්‍රහාර එල්ල කළා. භාණ්ඩ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ලිප්ටන් වට රවුමෙන් විරෝධතා පාගමනක් ආරම්භ කළා. එය කොම්පඤ්ඤවීදිය දෙසට ගමන් කිරීමේදී දැඩි වාහන තදබදයක්  ද ඇති වුණා. මෙහිදී විරෝධතාකරුවන් විසුරුවාහැරීමට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. එහිදී විරෝධතාවට...
Read More »

Aug 18

22 වගන්තිවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9 ක්  

0 comments

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9 ක් ගොනු කර තිබෙනවා. විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර, යන මහත්වරුන් ඇතුළු නව දෙනෙකු මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති...
Read More »

Aug 18

යුක්රේන න්‍යෂ්ටික බලාගාරයට හානි සිදු කිරීම සියතින් දිවි නසා ගැනීමක්  

0 comments

යුක්රේනයේ සපොර්ෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදු කිරිම සියතින් දිවි නසා ගැනීමක් බව එක්සත් ජාතීන්ගේ  මහලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසනවා. සපොර්ෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය යුරෝපයේ ඇති විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි.මෙම ප්‍රදේශයේ පවතින ගැටුම්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවදානය යොමු කර ඇති බවද ජගත් මහලේකම්වරයා පවසනවා. හදිසි සංචාරයක් සඳහා යුක්රේනයට පැමිණි අන්තෝනියෝ ගුටරේස්ට් එරට ජනාධිපති වොලොදොමීර් සෙලෙන්ස්කි...
Read More »

Aug 18

සල්මාන් රෂිඩිට පිහියෙන් ඇනීම සිදු කළ පුද්ගලයාගෙන් පාපොච්චාරනයක්  

0 comments

මිනිස් ඝාතන අරමුණක් තමන්ට නොතිබූ බව ලෝක ප්‍රකට ගත්කතුවරයෙකු වන සල්මාන් රෂිඩි හට පිහියෙන් ඇනීම සිදු කළ 24 හැවිරිදි පුද්ගලයා පවසනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණයක් හමුවට හදී මතාර් නැමැති මෙම සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේදීයී මේ බව ප්‍රකාශ කර ඇත්තේ. දෙවන ගණයේ ඝාතන තැතක් සම්බන්ධයෙන් චෝදනා යටතේයි හදී මතාර්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබෙනවා. සැකකරුට ඇප ලබා දෙන ලෙසට නීතිඥයන් කළ ඉල්ලීම අධිකරණය  ඉවත දැම්මා. චෝදනා සම්බන්ධයෙන් හදී මතාර්...
Read More »

Aug 18

යුරෝපය හරහා හමා යන දැඩි ඡන්ඩ මාරුතයෙන් 13 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට  

0 comments

යුරෝපය හරහා හමා යන දැඩි ඡන්ඩ මාරුතයෙන් පුද්ගලයින් 13 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගිය පිරිස අතරට කුඩා දරුවන් තුන් දෙනෙකු ද අයත් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඡණ්ඩ මාරුතයෙන් වැඩිම බලපෑමක් එල්ල වූයේ මධ්‍යම සහ දකුණුදිග යුරෝපයටයි. ඉතාලිය / ඕස්ට්‍රේලියාව සහ කොර්සිකා දූපතට ආපදා සිදුව තිබුණා. ගස් කඩා වැටීම් නිසා  වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඇතැම් අවස්ථාවලදී සුළගේ වේගය පැයට කිලෝමීටර්...
Read More »

Aug 18

කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ” රන් මාවත ” විවෘත කෙරේ  

0 comments

කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සදහා ” රන් මාවත ” ( Gold Route) නමින් නව සේවා පර්යන්තයක් , වරාය , නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින්  අද දින පස්වරු 01.30 ට විවෘත කෙරුණා. ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපළ රාජකාරී සිදු කර ගැනීම සදහා පෝලිම් වල නොසිට , මෙම විවේකාගාරය වෙත පිවිස ආගමන විගමන , රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් මෙහිදී ඉටු කර...
Read More »

Aug 18

ලාෆ්ස් ගෑස් මිල රු 1,050 කින් අඩු කෙරේ  

0 comments

අද සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,050 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව නව මිල රුපියල් 5,800 කි. නව ලාෆ්ස් ගෑස් මිල 12.5 kg – රු. 5,800 05 kg    – රු. 2,320 02 kg    – රු. 928 ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් අලෙවි කරන කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රු. 4,664 ක්. The post ලාෆ්ස් ගෑස් මිල රු 1,050 කින් අඩු කෙරේ appeared first on ITN News...
Read More »

Aug 18

ශ්‍රී ලංකාවට පෞද්ගලීකරණය කළ හැකි රාජ්‍ය ආයතන ජනපති නම් කරයි  

0 comments

රජය සතු ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ද ඉකොනොමිස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පෞද්ගලීකරණය කළ හැකි බවයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC)  සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවා. ශ්‍රී ලංකාව ආයෝජන...
Read More »

Aug 18

රුසියාවේ බලශක්ති නිෂ්පාදන ආදායම 30% කින් ඉහළ යයි  

0 comments

රුසියාවේ බලශක්ති නිෂ්පාදන ආදායම සියයට තිහකින් ඉහළ ගොස් තිබෙනවා. ඛනිජ තෙල් හා ගෑස් ඇතුළු බලශක්ති නිෂ්පාදනවලිනුයි ඔවුන් මෙම වර්ධනය ලබාගෙන ඇත්තේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි රුසියාවේ මේ වසරේ බලශක්ති අපනයනයෙන් ඇමෙරිකා ඩොලර් බිලියන338 ක පමණ ආදායමක් ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ. බටහිර රටවල් සම්බාධක පැනවුවද රටවල් ගණනාවක් සම්බාධක නොතකා රුසියාවෙන් ඛනිජ තෙල් සහ ගෑස් මිලදී ගැනීමට යොමු වී තිබෙනවා. මේ හේතුවෙනුයි රුසියාව මෙම ආදායම...
Read More »

Aug 17

ඇල්ජීරියාවේ ඇති වූ ලැව් ගිනිවලින් මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළට  

0 comments

ඇල්ජීරියාවේ ඇති වූ ලැව් ගිනිවලින් මිය ගිය සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල මේ වන විටත් ලැව් ගිනි පැතිරෙමින් පවතින අතර හෙළිකොප්ටර් යානා යොදාගනිමින් ගිනි නිවීමේ කටයුතු සිදු කෙරෙනවා. සෑම වසරකදීම ඇල්ජීරියාවේ මෙවැනි ලැව්ගිනි තත්ත්වයන් ඇති වන අතර පසුගිය වසරේ ඇති වූ ලැව්ගිනිවලින් පුද්ගලයින් 90 කට වැඩි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා. මේ වන විට මධ්‍යධරනී කලාපය තුළ අධික උණුසුම් කාලගුණයකුයි  පවතින්නේ. ප්‍රංශය මහාබ්‍රිතාන්‍ය...
Read More »

Aug 17

ITN නිෂ්පාදක කපිල ලියනගේ මහතාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා  

0 comments

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ කපිල ලියනගේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු  තලවතුගොඩ වැලිපාර පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.  . කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ කපිල ලියනගේ මහතා වසර විසිපහක කාලයක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවය කළා. ක්‍රීඩා අංශය නියෝජනය කරමින් වැඩසටහන් රැසක් නිෂ්පාදනය කිරීමට ඒ මහතාගේ දායකත්වය ලබා දුන්නා. 2021 වසරේ සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ දී වසරේ...
Read More »

Aug 17

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයන් දකුණු කොරියාවෙන්  

0 comments

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් හමු වී ඇති වයිරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව හත්ලක්ෂ හැත්තෑ දහසකට ආසන්නයි. සිදු වී ඇති මරණ සංඛ්‍යාව දෙදහස් තිස් තුනක්. ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයන් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව එක්ලක්ෂ අසූදහසකට අධිකයි. එමෙන්ම ජපානයෙන් එක්ලක්ෂ හැත්තෑ අට...
Read More »

Aug 17

උදයංග වීරතුංගගෙන් CIDය ප්‍රකාශ සටහන් කරගනී  

0 comments

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහායි ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත්තේ. අද උදෑසන පැමිණි ඒ මහතාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන්කර ගැනීම සිදුවනවා. මේ අතර පසුගිය ජුලි 9 වනදා ඇතිවූ අරගලකාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සදහා ප්‍රවීන ක්‍රීඩක ජූලියන් බෝලිං...
Read More »

Aug 17

පාකිස්තානයේ මාරක රිය අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

පාකිස්තානයේ බස් රථයක් හා ඉන්ධන ප්‍රවාහන රථයක් එකිනෙක ගැටීමෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 24 දෙනෙකු ගමන් කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ. වේගය පාලනය කරගත නොහැකි වූ බස් රථය, ඉන්ධන ප්‍රවාහන රථයේ පිටුපස ගැටී තිබෙනවා. ඒ සමගම ගින්නක් හටගත් බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද අනතුරෙන් පසුව ඉන්ධන ප්‍රවාහන...
Read More »

Aug 16

අයිතීන් වෙනුවෙන් අන්තරේ හෙට කොළඹට  

0 comments

වත්මන් රජයට එරෙහිව හෙට (18) කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනය කරයි. අත්අඩංගුවේ පසුවන අරගලකරුවන් නිදහස් කිරීම , සාමාන්‍ය ජනතාවට  ජීවත් වීමට අවශ්‍ය සහන දීම, අඩපණ වී ඇති විශ්වවිද්‍යාල අධ්‍යාපනය යථාවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වෙනවා. මෙම විරෝධතාවය නම් කර ඇත්තේ “අයිතීන් වෙනුවෙන් අන්තරේ කොළඹට” යන නමින්. The post අයිතීන් වෙනුවෙන් අන්තරේ හෙට කොළඹට...
Read More »

Aug 16

යුක්රේනය එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් රුසියාවෙන් නිවේදනයක්  

0 comments

යුක්රේනයේ ක්‍රිමියා ප්‍රදේශයේ පිහිටා ඇති රුසියා ආයුධ ගබඩාවකට එල්ල වූ ප්‍රහාරය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව රුසියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා. පසුගි සතියේ ද ක්‍රිමියා ප්‍රදේශයේ රුසියා හමුදා කදවුරක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වුණා. රුසියා පාලන බලයේ පවතින ක්‍රිමියාවේ හමුදා කදවුරු ඉලක්ක කර ගනිමින් යුක්රේනය ප්‍රහාර එල්ල කරන බවයි රුසියාව චෝදනා කරන්නේ. එම ප්‍රහාරයන්ගෙන් රුසියා හමුදා කදවුරුවලට දැඩි හානි සිදුව තිබෙනවා. කෙසේ වුවද එම...
Read More »

Aug 16

ගතවූ පැය 24ට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 50කට අධික සංඛ්‍යාවක් හමුවෙයි  

0 comments

ගතවූ පැය 24 ලොව පුරා රටවල් 228 කින් කොරෝනා වයිරස ආසාදිතයින් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක්දහස් හාරසිය පනස්හයක්. ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින් හමුව ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව 160,000 ට ආසන්නයි. එමෙන්ම දකුණු කොරියාවෙන් 84,000 ක් ඇමෙරිකාවෙන් 54,000 ක් හා රුසියාවෙන් 23,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ගතවූ පැය 24 ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 262 වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ඒත්...
Read More »

Aug 16

අද කාලගුණය  

0 comments

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා...
Read More »

Recent News

Gossip Lanka MAG