Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 31

ගාසා තීරයට ඊයේ රාත්‍රියේදීත් ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර මාලාවක්  

0 comments

හමාස් ඉලක්ක වෙත ඊයේ රාත්‍රියේදීත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කරනවා. ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ජබාලියා නගරයේ ඉලක්ක වෙත මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. ප්‍රහාරයන්ගෙන් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලය පවසනවා. භූගත බංකරයකට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු මියගොස් ඇති බවයි ඊශ්‍රායලය තවදුරටත් නිවේදනය කරන්නේ. මේ අතර ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන්...
Read More »

Oct 31

රෆා ප්‍රදේශය අද විවෘත කෙරෙනු ඇති බවට අනාවැකි  

0 comments

තුවාල ලැබූ පලස්තීන ජාතිකයින්ට ගාසා තීරයෙන් පිටවීම සඳහා රෆා ප්‍රදේශය අද විවෘත කරනු ඇති බවට විදෙස් මාධ්‍ය අනාවැකි පළ කරනවා. ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් තුවාල ලැබූ පලස්තීන ජාතිකයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙලෙස ගාසා ඊජිප්තු දේශසීමාව විවෘත කිරීමට ඉඩ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ගාසා තීරයේ රෝහල් තුනෙන් දෙකක් පමණ අක්‍රීය වීම හේතුවෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම දැඩි අපහසු තත්ත්වයක් බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. එබැවින්...
Read More »

Oct 31

ජපානයේ රෝහලක වෙඩිතැබීමක්  

0 comments

මධ්‍යම ජපානයේ ටෝඩා නම් නගරයේ රෝහලක වෙඩිතැබීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා කර ඇත්තේ. ඔවුන් දෙදෙනා වෛද්‍යවරයෙකු සහ එක් පිරිමි රෝගියෙකු බවයි පොලිසිය සීඑන්එන් වෙත ප්‍රකාශ කර ඇත්තේ. The post ජපානයේ රෝහලක වෙඩිතැබීමක් appeared first on ITN News...
Read More »

Oct 30

ඩැගෙස්තාන් ගුවන්තොටුපළේ සිද්ධියට යුක්රේනය හා බටහිර රටවල් සම්බන්ධ බව පුටින් කියයි  

0 comments

ඩැගෙස්තාන් ගුවන්තොටුපළේ දී යුදෙව් විරෝධි කණ්ඩායමක් ඇති කළ කලබලයට යුක්රේනය හා බටහිර රටවල් සම්බන්ධ බවට රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සඳහන් කරනවා. පසුගිය දා ඩැගෙස්තාන් ගුවන්තොටුපළට පැමිණි යුදෙව් විරෝධි කණ්ඩායමක් ගුවන්තොටුපළ තුළ ඊශ්‍රායල ජාතිකයින් රැදි සිටින්නේ ද යන්න සොයා මෙහෙයුමක් සිදුකර තිබෙනවා. රුසියාව තුළ ද යුදෙව් විරෝධි කෝලාහලයක් ඇති කර රුසියාව ද ඊශ්‍රායල හමාස් ගැටුමට ඇදා ගැනීමට ඇමෙරිකාව යුක්රේනය හා බටහිර රටවල් උත්සහ කරන...
Read More »

Oct 30

ඇමසන් වනාන්තර කලාපයේ දී සිදුවූ ගුවන් අනතුරෙන් මිය ගිය ගණන ඉහළට  

0 comments

බ්‍රසීලයේ ඇමසන් වනාන්තර කලාපයේ දී සිදුවූ ගුවන් අනතුරෙන් මිය ගිය පුද්ගලයන් ගණන 12 ඉක්මවා තිබෙනවා. රියෝ බ්‍රැන්කෝ ගුවන් තොටුපළින් පියාසර කළ කුඩා ගුවන් යානයක් මෙසේ අනතුරට පත්වුණා. කඩා වැටීමෙන් පසු ගින්නක් ද හටගත් අතර එහි ගමන් ගත් සියලුදෙනාම මිය යන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. The post ඇමසන් වනාන්තර කලාපයේ දී සිදුවූ ගුවන් අනතුරෙන් මිය ගිය ගණන ඉහළට appeared first on ITN News...
Read More »

Oct 30

ගාසා හි රෝහලක් ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දීමක් – වගකීමක් නොගන්නා බවද ඊශ්‍රායලය කියයි  

0 comments

ඊශ්‍රායලය දන්වා ඇති පරිදි ගාසා හි අල්-කුඩ්ස් රෝහලේ රෝගීන් ඉවත් කර ගැනීම අපහසු බව වෛද්‍යවරු පවසනවා. ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත්තේ රෝහලේ රෝගීන් ඉවත්කර නොගන්නේ නම් ඊට එල්ල විය හැකි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වන්නන් පිළිබද වගකීමක් තමන්ට භාරගත නොහැකි බවයි. කෙසේ වෙතත් ගාසා තීරයේ පලස්තීන රතු සඳ සංවිධානය පවසන්නේ රෝහලේ දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහ අඩු වයස් වල උපත් සහිත ළදරුවන් සිටින අතර මෙම නියෝගයට අනුව ඔවුන් ඉවත් කිරීමට නොහැකි බවයි. මේ අතර...
Read More »

Oct 29

ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 10 දෙනෙකු මරුට  

0 comments

ගිනිකොනදිග ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 27 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකාපට්නම් සිට ඔඩීෂා ප්‍රාන්තයේ රයාගඩා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විජයනගරම් දිස්ත්‍රික්කයේ දී ඉදිරියෙන් පැමිණි දුම්රියක ගැටීමෙන් අනතුර සිදු වුණා. එකිනෙක ගැටීමෙන් දුම්රිය මැදිරි දෙකක් පීලි පැන ඇති...
Read More »

Oct 29

සහනාධාර රැගෙන ගිය ට්‍රක් රථ දහයකට ඊජිප්තුවේ සිට ගාසා තීරයට ඇතුළු වීමට අවසර  

0 comments

ගාසා නගරයේ පිහිටි ප්‍රධාන රෝහලක් වන අල්-කුඩ්ස් හි රෝගීන් ඉවත් කර ගන්නා ලෙස ඊශ්‍රායලය තමන්ට දන්වා ඇති බව ගාසා තීරයේ පලස්තීන රතු සඳ සංවිධානය පවසනවා. දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහ අඩු වයස් වල උපත් සහිත ළදරුවන් සිටින අතර මෙම නියෝගයට අනුව ඔවුන් ගෙනයාමට නොහැකි බව එම සංවිධානය පවසනවා. මේ වන විට සාමාන්‍ය වැසියන් 14,000ක් පමණ රෝහලේ හා එහි භූමියේ රැඳී සිටිනවා. කෙසේ වෙතත් ඊයේ දවස පුරා රෝහල් භූමියට ගුවන් ප්‍රහාර එල්ල වුණා. මේ අතර සහනාධාර රැගෙන...
Read More »

Oct 29

බංග්ලාදේශයේ අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා  

0 comments

බංග්ලාදේශ අගමැතිණිය ෂීක් හසීනා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් පැවැත්වෙන විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබෙනවා. විරෝධතාකරුවන් විසුරුවාහැරීමට පොලීසිය කදුලුගෑස්,  ජල හා රබර් උණ්ඩ ප්‍රහාර ද එල්ලකර තිබෙනවා. බංග්ලාදේශ ජාතිකවාදි පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ දෙකක ආධාරකරුවන් 125,000කට වැඩි පිරිසක් ඊට සහභාගිවී සිටි බව සදහන්. මධ්‍යස්ථ රජයක් යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අගමැතිණිය ඉල්ලා අස්විය යුතු බවයි විරෝධතාකරුවන්...
Read More »

Oct 29

මයික් පෙන්ස් ජනපති සටනින් ඉවත් වෙයි  

0 comments

හිටපු ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් 2024 ජනාධිපති තරඟයෙන් ඉවත් තිබෙනවා. හිටපු ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් 2024 ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වීමට හේතු ලෙස දක්වා ඇත්තේ “මෙය තමන්ගේ කාලය නොවන බවයි. ඊයේ පස්වරුවේ ලාස් වේගාස් හි රිපබ්ලිකන් යුදෙව් සන්ධානයේ දී ඔහු මේ බව නිවේදනය කලා. ජනාධිපතිවරණය උඩු යටිකුරු සටනක් බව සැමවිටම දැන සිටි නමුත් තමාට පසුතැවීමක් නොමැති ඔහු ප්‍රකාශකර තිබෙනවා. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත්...
Read More »

Oct 29

ජීවන රඟමඩලට සමු දුන් මැතිව්  

0 comments

90 දශකයේ ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන ෆ්‍රෙන්ඩ්ස් හි චැන්ඩ්ලර් බිං ලෙස රඟපෑ ප්‍රසිද්ධ නළු මැතිව් පෙරී මිය ගොස් තිබෙනවා. ඔහු මිය යනවිට 54 වන වියේ පසුවුණා. ලොස් ඇන්ජලීස්හි පිහිටි ඔහුගේ නිවසේදී මිය ගොස් සිටියදීයි සිරුර සොයාගෙන තිබෙන්නේ. නිවසේ තිබූ උණුසුම් තටාකයක තිබී ඔහුගේ සිරුර සොයාගත් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නිව්යෝක් නගරයේ ජීවත් වන මිතුරන් 6 දෙනෙකු පිළිබඳ නිර්මාණය වුණු ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාවේ ඔහු නිරූපනය කළ චරිතය අතිශය...
Read More »

Oct 29

කසකස්තානයේ පතලක ඇතිවූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 32ක් දක්වා ඉහළට  

0 comments

කසකස්තානයේ පතලක ඇතිවූ ගින්නකින් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කසකස්තානයේ ප්‍රධාන පෙළේ වානේ නිෂ්පාදන පතලක ගින්න හටගැණුනා. එම අවස්ථාව වනවිට එහි සේවකයින් 252නෙකු සිට ඇති බව සඳහන්. සිද්ධියෙන් තුවාල ලැබූ 18 දෙනෙකු රෝහල් ගත කෙරුණා. මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 14 දෙනෙකු අතුරුදන්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. The post කසකස්තානයේ පතලක ඇතිවූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 32ක් දක්වා ඉහළට appeared first on ITN...
Read More »

Oct 27

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ඊශ්‍රායල ආරක්ෂක අංශ කියයි  

0 comments

ගාසා තීරයේ රාජකාරීවල නිරත මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා. රොයිටර්ස් සහ ඒ.එෆ්.පී පුවත් සේවාවන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනුයි ඊශ්‍රායලය මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ. අදාළ පුවත් සේවාවන් ඉල්ලා ඇත්තේ තම පුවත් සේවාවන් සහ සෙසු මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, තම ප්‍රහාරයන් හමාස් හමුදා ඉලක්ක වෙත එල්ල කරන...
Read More »

Oct 27

සටන් විරාමයකට සහාය නොදැක්වීමට එක්සත් ජනපදය තීරණය කරයි  

0 comments

හමාස් සංවිධානයට යළිත් ශක්තිමත් වීමට ඉඩ සළසන සටන් විරාමයකට සහාය නොදක්වන බව එක්සත් ජනපදයය පවසනවා. ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රාලයට එල්ල කළ ප්‍රහාරවලට පසු හමාස් සංවිධානය දිනපතා රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි ඇමෙරිකාව පවසන්නේ. අද දිනයේද ඔවුන් ඊශ්‍රාලයේ අහිංසක වැසියන් ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර එල්ල කළ බව පවසා තිබෙනවා. ඔවූන්ට එම මෙහෙයූම් දිගටම කරගෙන යාමට ඉඩ සළසන සටන් විරාමයකට තම රට විරුද්ධ බවයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්ත‌ේම්න්තුව ප්‍රකාශකවරයා...
Read More »

Oct 27

ඉන්දීය හිටපු නාවික හමුදා නිලධාරින් අට දෙනෙකුට කටාර් අධිකරණයෙන් මරණ දඩුවම  

0 comments

ඉන්දීය හිටපු නාවික හමුදා නිලධාරින් අට දෙනෙකුට කටාර් අධිකරණය මගින් මරණ දඩුවම නියම කර තිබෙනවා. කටාර් හි පෞද්ගලික සමාගමක සේවය කළ මෙම ඉන්දීය ජාතිකයන් ඔත්තු බැලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය වසරේදියි. ඔවුන්ට අදාළ චෝදනා නිශ්චිතව පැහැදිලි කර නැතත් මරණ දඩුවම නියම කිරීමේ තීන්දුව දැන ගැනීමත් සමග තමන් දැඩි කම්පනයට පත් වූ බව ඉන්දීය රජය පවසනවා. ඉන්දිය විදේශ අමාත්‍යාංශය පැවසුවේ සවිස්තරාත්මක තින්දුවක් බලාපොරොත්තුවෙන්...
Read More »

Oct 26

ඇමෙරිකා හමුදාව සිරියාවේ ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කරයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ නියමයෙන් ඇමෙරිකා හමුදා  සිරියාවේ ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. පසුගිය සතිය තුළ ඉරාකයේ සහ සිරියාවේ මෙහෙයුම්වල නිරත ඇමෙරිකා හමුදාවන්ට ප්‍රහාර එල්ල වුණා. ඒ පලස්තීනයට පක්ෂපාතී ඉරානයේ ආධාර ලබන සන්නද්ධ කණ්ඩායම් විසිනුයි. ඉරානයේ සන්නද්ධ කණ්ඩායම්වලින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් එක්සත් ජනපදය මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපති බයිඩ්න් අනතුරු අඟවා ඇත්තේ. හමාස් ඉස්ලාමීය ජිහාඩ් හා ලෙබනනයේ...
Read More »

Oct 26

ගාසා තීරය සිය මෙහෙයුම් සැලකිය යුතු ලෙස අඩු කිරීම අරඹයි – එක්සත් ජාතීන්ගේ ආධාර ආයතනය  

0 comments

ගාසා තීරයේ සිය මෙහෙයුම් සැලකිය යුතු ලෙස අඩු කිරීම ආරම්භ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ ආධාර ආයතනය පවසනවා. ඔවුන්ගේ ඉන්ධන සංචිත බොහෝ දුරට අවසන් වීම ඊට හේතුවී තිබේ. ඊශ්‍රායල ප්‍රහාරවලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැකවරණය ලබන දකුණේ ජල සැපයුම පවත්වාගෙන යාමට ද දැනට පවතින සංචිතවලින් ලබාගන්නා කුඩා ඉන්ධන ප්‍රමාණයක් යොදා ගැනේ. කෙසේ වෙතත් එම ඉන්ධන ද ලබන බ්‍රහස්පතින්දා වන විට අවසන් වනු ඇත. අවතැන්වූවන් පෝෂණය කරන රෝහල් සහ බේකරි සඳහා ද ඔවුන්ගේ සහයෝගය...
Read More »

Oct 26

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 22 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින්  22 දෙනෙකු මියගොස් තිබෙනවා. වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. වෙඩිතැබීම සිදුකළ සැකකරුගේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කිරීමට පොලීසිය කටයුතු කළා. ඒ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය ලබාගැනීම සඳහායි.       The post අමෙරිකාවේ වෙඩි තැබීමකින් 22 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News...
Read More »

Oct 25

ගාසා තීරයේ භූමි ආක්‍රමණයට සුදානම් බව ඊශ්‍රායල අගමැති පවසයි  

0 comments

ගාසා තීරයේ භූමි ආක්‍රමණයට සුදානම් වන බව ඊශ්‍රායල අගමැති පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ  එරට රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින්. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නනේ ගාසා තීරයේ ඉන්ධන අවසන් වීමත් සමඟ රෝහල් හදිසි සේවා හැර අනෙකුත් සියල්ල නවතා දමා තිබෙන බවයි. පසුගිය සති 3ක කාල සීමාව තුළ ගාසා තීරයේ පමණක් 6,500කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙන බවයි එම වාර්තා වල දැක්වෙන්නේ. හමාස් සංවිධානයේ ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ 1,400කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. The...
Read More »

Oct 25

අගමැති පුතෙකුට චෝදනාවක්  

0 comments

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ගැටුම් උත්සන්න වෙද්දී, ලොව නන්දෙසින් යුදෙව්වන් සිය ගණනින්, හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් වැදීමට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටිනවා. එසේ වුවත් ඇමෙරිකාවේ ජීවත්වන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ පුතු 32 හැවිරිදි යාරී, තවමත් ඇමෙරිකාවේ සිටින බැවින් මේ වනවිට ඔහුට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතිනවා. යුද පෙරමුණට ගොස් සිටින ඊශ්‍රායල තරුණයන් ගණන ලක්ෂ 4 කි. යාරී ජීවත් වන්නේ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ...
Read More »

Oct 25

ට්‍රම්ප් හිතවාදියකු ඇමෙරිකාවේ නව කතානායක වෙයි  

0 comments

ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායක ධුරය රිපබ්ලිකන් සාමාජික මයික් ජොන්සන් ට හිමිවී තිබෙනවා. ඒ සඳහා පැවැති ඡන්ද විමසුමේදී 51 ක් හැවිරිදි මයික් ජොන්සන්ට පක්ෂව ඡන්ද 220 ක් හිමිවුණු අතර, ඔහුට විරෝධය දැක්වූ ගණන 209 කි. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය හෙවත් පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෙනෙට් මණ්ඩලයකින් සමන්විතයි. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් සතුවයි. සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ජනාධිපති...
Read More »

Oct 24

ප්‍රහාර අඩු නොකරන බව ඊශ්‍රායලය කියයි  

0 comments

පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 700කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ තමන් හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක 400කට ප්‍රහාර එල්ල කළ බවත් එම කාලය තුළ හමාස් අණදෙන නිලධාරීන් කිහිප දෙනෙකු මරා දැමූ බවත්ය. හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කළද තම ප්‍රහාර අඩු නොකරන බව ද ඊශ්‍රායලය පවසනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ ආධාර ආයතන තිරසාර...
Read More »

Oct 24

එක්සත් ජාතීන්ගේ මහලේකම් කනස්සල්ලෙන්  

0 comments

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තුළින් ජාත්‍යන්තර මානුෂීය නීතිය පැහැදිලිවම උල්ලඝනය වීම පිළිබඳ දැඩි කනස්සල්ලට  පත් වන බව එක්සත් ජාතීන්ගේ  මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්ට් පවසනවා. සිවිල් වැසියන් මිනිස්  පලිහක් ලෙස යොදා ගැනීම සහ ජනතාව ඉවත් කිරීමේ නියෝගයන් ලබාදී තිබියදීත් දකුණු ගාසා තීරයට බෝම්බ හෙලීම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හෙළා දකිනු ලැබුවා.     The post එක්සත් ජාතීන්ගේ මහලේකම් කනස්සල්ලෙන් appeared first...
Read More »

Oct 24

ප්‍රංශ ජනපති ඊශ්‍රායලය ට  

0 comments

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් අද (24) ඊශ්‍රායලය ට පැමිණ තිබෙනවා. ඔහු අද සවස ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඊශ්‍රායලය සමග සහයෝගය පෙන්වීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් The post ප්‍රංශ ජනපති ඊශ්‍රායලය ට appeared first on ITN News...
Read More »

Oct 23

හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු මුදා හරී  

0 comments

හමාස් භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර ඇති බව ඊශ්‍රායලය තහවුරු කරනවා. නූරිට් කූපර් හා යෝචෙෆ් ලිප්ෂිට්ස් නැමැති කාන්තාවන් දෙදෙනායි මෙලෙස නිදහස් කර ඇත්තේ. කෙසේ වුව ද ඔවුන් දෙදෙනාගේ ස්වාමි පුරුෂයින් තවමත් හමාස් රැදවුම් භාරයේ පසුවන බව වාර්තා වනවා. මොවුන් දෙදෙනා නිදහස් කිරීමත් සමග හමාස් සංවිධානය නිදහස් කර ඇති සමස්ත ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ යනවා  පසුගිය සිකුරාදා ද ඔවුන් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස්...
Read More »

Oct 23

බංග්ලාදේශයේ දුම්රිය අනතුරින් මියගිය ගණන ඉහළට  

0 comments

බංග්ලාදේශයේ දුම්රිය අනතුරක් හේතුවෙන් මගීන් 17 දෙනෙකුට ජිවිත අහිමිවී තිබෙනවා. භාණ්ඩ හා මගී ප්‍රවාහන දුම්රිය දෙකක් නැගෙනහිර බංග්ලාදේශයේ දී එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව බලධාරීන් සදහන් කරනවා. භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඉදිරියෙන් ගමන් කරමින් තිබු මගී ප්‍රවාහන දුම්රියේ පිටුපස මැදිරියේ ගැටී ඇති බවයි දුම්රිය බලධාරීන් සදහන් කරන්නේ. දුම්රිය මාර්ග සංඥාවල දෝෂයක් හේතුවෙන් අනතුර...
Read More »

Oct 23

හිමාලය ආසන්නයේ භූ කම්පන දෙකක්  

0 comments

පැය 24කට අඩු කාලයකදී හිමාලය කඳු වැටිය ආසන්නයේ බලපෑ භූ කම්පන තත්ත්ව දෙකක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා. ජම්මු – කාශ්මීරයේ කිෂ්ත්වාර් ප්‍රදේශයට රික්ටර් මාපාංක ඒකක 3.5ක භූ කම්පනයක් සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ. ඊයේ (22) රාත්‍රියේ රාත්‍රී 11 ට පමණ මෙම භූ කම්පනය වාර්තා වු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ඊයේ උදෑසන නේපාලයට රික්ටර් මාපාංක ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූ කම්පනයක් සිදුව තිබුනා   The post හිමාලය...
Read More »

Oct 22

මානුෂීය ආධාර රැගත් තවත් ට්‍රක් රථ 14ක් ගාසා තීරයට  

0 comments

සිවිල් වැසියන් ආරක්ෂා කළ යුතු බව බටහිර නායකයන් අවධාරණය කිරීමත් සමඟ ගාසා තීරයට වැඩි වශයෙන් ආධාර ලැබෙමින් පවතිනවා. මානුෂීය ආධාර රැගත් තවත් ට්‍රක් රථ 14ක් ගාසා තීරයට පැමිණෙන බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානී මාර්ටින් ග්‍රිෆිත්ස් නිවේදනය කළා. එය පලස්තීනුවන්ගේ තවත් කුඩා හෝ බලාපොරොත්තු දල්වන්නක් බව ඔහු පවසනවා. කෙසේ වෙතත් තවත් බොහෝ දේ අවශ්‍ය බව හෙතෙම් අනතුරු අඟවනවා. දිනකට ට්‍රක් රථ කිහිපයක් යැවීම ප්‍රමාණවත් නොවන අතර ඇමරිකාව, බ්‍රිතාන්‍යය,...
Read More »

Oct 21

ගාසා තීරයේ ඇවිලෙන ගිනි නොනිවෙන ලකුණු  

0 comments

ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර දැඩි කරන බව ඊශ්‍රායලය පවසනවා එබැවින් උතුරු ගාසා තීරයේ සිටින ජනතාව හැකි ඉක්මණින් දකුණු ගාසා තීරයට යා යුතු බවයි ඊශ්‍රායල හමුදා බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ. ඊශ්‍රායල හමුදා කණ්ඩායම් ගාසා තීරය ආසන්නයේ රැස්කර සිටින අතර කිසියම් හෝ අවස්ථාවක ඔවුන් ගාසා තීරය ආක්‍රමණය කිරීමට ඉඩ ඇති බවද යුද විචාරකයෝ පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. The post ගාසා තීරයේ ඇවිලෙන ගිනි නොනිවෙන ලකුණු appeared first on ITN News...
Read More »

Oct 21

ඊජිප්තුව Rafah හරස් මාර්ගය විවෘත කරයි – ආධාර ට්‍රක් රථ 20ක් ගාසා තීරයට එයි  

0 comments

ගාසා තිරයට ආධාර ට්‍රක් රථ 20ක් ගෙන යාමට ඉඩ දෙමින් ඊජිප්තුව Rafah හරස් මාර්ගය විවෘත කර තිබෙනවා. ඊශ්‍රායල වටලෑමකට ලක්ව ඇති ප්‍රදේශයේ ආහාර, බෙහෙත් සහ ජලය හිඟ වූ පලස්තීනුවන්ට අත්‍යවශ්‍ය ආධාර කුඩා ප්‍රමාණයක් ගලා යාමට ඉඩ සැලසීම සඳහා ඊජිප්තුව සහ ගාසා තීරය අතර Rafah දේශසීමා හරස් මාර්ගය විවෘත කිරීමට තීරණය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දළ වශයෙන් ටොන් 3,000ක ආධාර රැගත් ට්‍රක් රථ 200කට වැඩි ප්‍රමාණයක් ගාසා තීරයට යාමට සූදානම්ව දින ගණනාවක්...
Read More »

Oct 21

Gaganyaan මෙහෙයුමේ පළමු පරීක්ෂණය සාර්ථකයි  

0 comments

ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය 2025 දී ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යාමට සැලසුම් කර ඇති මෙහෙයුමට පූර්ව පරීක්ෂණයේ පළමුවැන්න සිදු කර තිබෙනවා. Gaganyaan අභ්‍යවකාශ යානය අද(21) මෙරට පස්වරුවේ Sriharikota සිට අභ්‍යවකාශ ගතකළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රොකට්ටුව ක්‍රියා විරහිත වුවහොත් කාර්ය මණ්ඩලයට ආරක්ෂිතව රොකට්ටුවෙන් ගැලවිය හැකිද යන්න උත්සහ කිරීම සඳහා මෙම පරීක්ෂණය පවත්වා තිබෙනවා. . පළමු පරීක්ෂණ මෙහෙයුම සාර්ථක වූ බව ප්‍රකාශ කිරීමට ලැබීම...
Read More »

Oct 21

ගාසා තීරය ගැන තවත් අනතුරු අඟවීමක්  

0 comments

ගාසා තීරයේ මීළඟ විශාල තර්ජනය කොලරාව ඇතුළු බෝවන රෝග බවට සෞඛ්‍ය සංවිධාන අනතුරු අඟවනවා. මානුෂීය සංවිධාන අනතුරු අඟවන්නේ ආධාර ලබා නොදුනහොත් ජලයෙන් ඇතිවන මාරාන්තික රෝග ශීග්‍රයෙන් පැතිර යනු ඇති බවයි. බොහෝ ගාසා වැසියන්ට ගැටුම් හේතුවෙන් නිදා ගැනීමට සිදුව ඇත්තේ වීදිවල, සාප්පු වල, මුස්ලිම් පල්ලිවල හෝ ඔවුන්ගේ මෝටර් රථ තුළයි. පානීය ජලය සීමා වීමද ගැටළුවක්. වර්ග මීටර් 200 ක නිවාසයක ඇතැම් විට 100  දෙනෙකු පමණ පිරී ජිවත් වීමට සිදුව තිබෙනවා. මල...
Read More »

Oct 21

බටහිර ඉවුරේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්  

0 comments

බටහිර ඉවුරේ විරෝධතාකරුවන්ට පලස්තීන හමුදා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. රමල්ලාහි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පලස්තීන ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වූ බව සැළ වීමෙන් පසු සිය ගනනක් විරෝධතාකරුවන් බටහිර ඉවුරේ විරෝධතා ආරම්භ කළා. ගාසා තීරයේ රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 500ක් පමණ මිය ගිය බව බලධාරීන් පවසනවා. බටහිර ඉවුරේ විරෝධතා උත්සන්න වී ඇත්තේ පලස්තීන...
Read More »

Oct 20

හමාස් සංවිධානය පළමු වරට ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කරයි  

0 comments

සති දෙකකට පෙර ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු හමාස් සංවිධානය පළමු වරට ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කර තිබෙනවා. කටාර් රාජ්‍යයේ සහාය ඇතිව ඔවුන් නිදහස් කර ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ ඔවුන් දුරකතනයෙන් සම්බන්ධ ආකාරය දැක්වෙන ඡායාරූප ද පළ වී තිබෙනවා. පසුගිය 7 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ හාරදහසකට වැඩි පිරිසක් මිය ගියා. ඒ අතුරින් එක්දහස් හාරසියයකට...
Read More »

Oct 20

සරණාගතයින් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ගත් තීරණය  

0 comments

සරණාගතයින් සම්බන්ධයෙන් වන නීති දැඩි කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. බෙල්ජියමේ බ්‍රෙසල්ස් නගරයේදී වෙඩි ප්‍රහාරයක් එල්ලකළ ස්වීඩ්න් ජාතිකයින් දෙදෙනෙකු හා ප්‍රංශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමෙන් පසුවයි යුරෝපා සංගමය මෙම තිරණය ගෙන ඇත්තේ. එම ඝාතනයන්ට සරණාගතයින්ගේ සම්බන්ධයක් ඇති බවට අනාවරණය වීම ඊට හේතුවී තිබෙනවා. යුරෝපා රටවල අභ්‍යන්තර කටයුතු හා අධිකරණ අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවකින් පසුවයි යුරෝපා සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ. ඊශ්‍රායල හමාස්...
Read More »

Oct 20

අත්අඩංගුවෙන් පලා යාමට හැදූ හිටපු ජනපති – විදෙස් පුවත්  

0 comments

බලයෙන් පහ කළ නයිජර් හි හිටපු ජනපති මොහොමඩ් බසූම් අත්අඩංගුවෙන් පලා යාමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ කළ බව නයිජර් හි හමුදා රජය පවසනවා. හිටපු ජනාධිපතිවරයා සිය පවුලේ අය / අරක්කැමියන් සහ ආරක්ෂකයන් සමග රාත්‍රි යේ පළා යාමට උත්සාහ කළ බවයි එරට හමුදා ප්‍රකාශකවරයා පවසා ඇත්තේ. මෙම පිරිස හෙළිකොප්ටර්වලින් පියාසර කිරීමට සැලසුම් කර තිබුණද එය ව්‍යර්ථ වූ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස මේ වන විට රඳවා සිටින්නේ...
Read More »

Oct 19

හමාස් සංවිධානය සහ පුටින් දිනවීමට ඉඩ නොදෙන බව ජෝ බයිඩෙන් කියයි  

0 comments

හමාස් සංවිධානය හා රුසියා ජනපති පුටින් දිනවීමට තමන් ඉඩ නොදෙන බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩෙන් පවසනවා. ඊශ්‍රායලයට එරෙහි හමාස් ප්‍රහාරය පිලිබඳ ඇමරිකා ප්‍රතිචාරය දක්වමින් ජනාධිපති ජෝ බයිඩෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඊශ්‍රායල හා යුක්‍රේන යුධ ගැටුම් වෙනුවෙන් ඩොලර් බිලියන ගණනක් ඇමරිකා කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටින බව බයිඩෙන් එහිදී පැවසුවා. සැප්තැම්බර්  11  ප්‍රහාරයෙන් පසු ඇමරිකාව බොහෝ දේ ඉගෙන ගත් බවත් කෝපයෙන් අන්ධ වීමෙන් වැළකී සිටින...
Read More »

Oct 19

මෙටා සමාගම ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම පිලිබඳ මත පළ කිරීම සීමා ‌කරයි  

0 comments

මෙටා සමාගම මඟින් ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම පිලිබඳ මත පළ කිරීම් සීමා කිරීමට තාවකාලික පියවරක් හඳුන්වා දී තිබෙනවා. ෆේස්බුක් සඳහා මෙම තාවකාලික සීමාව පනවා ඇති අතර, එහිදී අදහස් පළකිරීම සඳහා ලබාදී ඇති පෙර සැකසුම් ( Default settings) වල වෙනස් කිරීමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. එමඟින් යමෙකු පළකරන Post එකකට ෆේස්බුක් මිතුරන්ට සහ අනුගමනය (Follow ) කරන්නන්ට පමණක් අදහස් පළ කිරීමට අවසර හිමි වනවා. මෙටා ආයතනය නිවේදනය කරන්නේ පරිශීලකයින්ට...
Read More »

Oct 18

ගාසා තීරයට සැපයුම් සිදු කිරීම සඳහා මාර්ගයක් විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වෙයි  

0 comments

ගාසා තීරයට සැපයුම් සිදු කිරීම සඳහා මාර්ගයක් විවෘත කිරීමට ඊජිප්තුව එකඟ වූ බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. මේ අනුව ට්‍රක් රථ 20ක් දක්වා ප්‍රවාහනය කිරීමට මෙමගින් අවස්ථාව ලබාදීමටයි ඊජිප්තුව එකඟතාව පළ කර ඇත්තේ. ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායලයේ සංචාරය කළා. ඔහු එහිදී කියා සිටියේ මෙම ප්‍රහාරයට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. රෝහලට ප්‍රහාරය එල්ල වීමෙන් පසු දැවැන්ත පිපිරීමක්...
Read More »

Oct 18

ලෙබනනයේ සංචාරය නොකරන්න – ඇමරිකාව අනතුරු අඟවයි  

0 comments

එක්සත් ජනපදය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ ලෙබනනයට සංචාර නොකරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් සංචාරක අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත. එක්සත් ජනපදය ලෙබනනයට සංචාරය නොකරන ලෙස මෙලෙස සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඊශ්‍රායලය සහ ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා අතර රොකට්, මිසයිල සහ කාලතුවක්කු ප්‍රහාර සම්බන්ධව පවතින ආරක්ෂක තත්ත්වය උපුටා දක්වමින් ය. මේ අතර හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කළ දින සිට ඊශ්‍රායලය...
Read More »

Oct 18

“එක් තීරයක් එක් මාවතක්” තුන්වන ජාත්‍යන්තර සහ යෝගිතා නායක සංසදය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්  

0 comments

“එක් තීරයක් එක් මාවතක්”තුන්වන ජාත්‍යන්තර සහ යෝගිතා නායක සංසදය චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීනයේ බෙයිජිං නුවරදී අද ආරම්භ වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදය බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ වුණා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවා. “එක් තීරයක් එක් මාවතක්” ...
Read More »

Oct 18

යුක්‍රේනය රුසියාවට අයත් හෙලිකොප්ටර් යානා 9ක් විනාශ කරයි  

0 comments

ඇමෙරිකාව ලබා දුන් දිගදුර මිසයිල රුසියාවට පහර දීම සඳහා ප්‍රථම වරට භාවිත කළ බව යුක්‍රේන ජනාධිපති වොල්දමීර් සෙලෙන්ස්කි පවසනවා. ඊයේ දිනයේ දී යුක්‍රේනය එල්ල කළ ප්‍රහාරයකින් රුසියාවට අයත් හෙලිකොප්ටර් යානා 9 ක් විනාශ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේනන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ඇමෙරිකාව ලබා දුන් දිග දුර මිසයිල භාවිත කරමින් එම ප්‍රහාරය එල්ල කළ බවයි. නැගෙනහිර රුසියාවේ හමුදා කණ්ඩයක් ඉලක්ක කරගනිමිනුයි...
Read More »

Oct 17

“එක් තීරයක් එක් මාවතක්”තුන්වන ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයට පැමිණි රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ට චීන ජනපතිගෙන් භෝජන සංග්‍රහයක්  

0 comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ එම ආර්යාව පෙං ලි යුවාන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ තුන්වන ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයට සහභාගි වීම සඳහා චීනයට පැමිණි ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් පිළිගැනී‍ම වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කෙරුණා. එය ඊයේ (17) රාත්‍රියේ බෙයිජිංහි මහජන මහශාලාවේදී පැවැත්වුණා. එම අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වුණා. ෂී ජින් පිං මහතා එහිදී පැවසුවේ චීන රජය...
Read More »

Oct 17

සමරිසි විවාහයන් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව  

0 comments

සමරිසි විවාහයන් නීත්‍යානුකූල නොවන බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. සමරිසි විවාහයන් නීතිගත කරන ලෙස ගොනුකර තිබු නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනුයි ඉන්දීය අග්‍ර විනිශ්චකාරවරයා මේ බව කියා සිටියේ. ශ්‍රේෂ්ඨාධිකරණය සමරිසි විවාහයන් නීතිගත කිරීම ප්‍රතික්ෂේප කරන අතර එය ඉන්දීය පාර්ලිමේන්තුව සතු වගකීමක් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ලිංගිකත්වය අනුව තමන් තෝරාගත යුත්තේ කුමන ජීවන සහකරුවෙකු ද යන්නට සීමා පැණවිය නොහැකි බව ද අග්‍ර විනිශ්චකාරවරයා...
Read More »

Oct 17

බෙල්ජියමේ ත්‍රස්ත ප්‍රහාරයක් – දෙදෙනෙකු මරුට  

0 comments

බෙල්ජියමේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය සෙනසුරාදා අමෙරිකාවේ චිකාගේ ප්‍රදේශයේදී පලස්තීන සම්භවයක් සහිත 6 හැවිරිදි දරුවෙකුව ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ යතුරුපැදියකින් පැමිණි අයෙකු මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා. බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර යුරෝ 2024 පාපන්දු...
Read More »

Oct 16

ඇමෙරිකා ජනාධිපති ඊශ්‍රායලයේ විශේෂ සංචාරයක  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හෙට දිනයේ දී ඊශ්‍රායලයේ විශේෂ සංචාරයක නිරත වන බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ඊශ්‍රායල සංචාරයේ දී හමාස් සංවිධානයට එරෙහි යුද ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා පැවැත්වෙනු ඇති. සිවිල් වැසියන්ට අවම හානියක් සිදුවන ආකාරයෙන් ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම පිළිබද එහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇති. මේ අතර ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම කඩා වැටෙමින් පවතින බව ජගත් සංවිධානය නිවේදනය...
Read More »

Oct 16

රුසියා ජනපති චීනයේ විශේෂ සංචාරයක  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ විශේෂ සංචාරයක් ආරම්භ කර තිබෙනවා. රුසියා ජනාධිපතිවරයාගේ චීන සංචාරය හරහා බටහිර විරෝධි එකමුතුව ශක්තිමත් කිරීම අරමුණ බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. රුසියාවේ ප්‍රමුඛතම මිත්‍ර පාර්ශවය ලෙස සැලකෙන චීනයේ මෙම සංචාරය තුළින් දෙපාර්ශවයටම වාසිදායක තීන්දු රැසක් ගැනීමට නියමිතයි. ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කිරීමට සුදානම්ව සිටින මොහොතක පුටින් ජනාධිපතිවරයා චීන සංචාරයක නිරතවීම විශේෂත්වයක්. මෙම සතිය තුළදී...
Read More »

Oct 16

යාත්‍රාවක් පෙරළීමෙන් 30ක් මරුට  

0 comments

කොංගෝ ජනරජයේ Mai-Ndombe ගඟේ යාත්‍රාවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ දියේ ගිලී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාන්තාවන් 12 ක්, ළමයින් 11 ක් සහ පිරිමින් හත් දෙනෙකු සොයාගෙන ඇති බව සඳහන් තවත් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. අධික ලෙස මිනිසුන් පටවාගෙන යාම හේතුවෙන් මෙම යාත්‍රාව පෙරළීමට ලක්වී ඇති බවද සඳහන්. The post යාත්‍රාවක් පෙරළීමෙන් 30ක් මරුට appeared...
Read More »

Oct 16

සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟ වෙයි  

0 comments

අමෙරිකාවේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව ඊජිප්තුව සිය දේශසීමාව කෙටි කාලයක් සඳහා විවෘත කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ. The post සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකඟ වෙයි appeared first on ITN News...
Read More »

Oct 15

නැගෙනහිර යුක්රේනයේ අව්ඩීව්කා නගරය අවට දරුණු සටන්  

0 comments

රුසියා හමුදා නැගෙනහිර යුක්රේනයේ අව්ඩීව්කා ප්‍රදේශයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මෙම ප්‍රදේශයට එල්ල කළ ෂෙල් ප්‍රහාරවලින් සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගියා. කෙසේ වෙතත් යුක්රේන බලධාරීන් ප්‍රකාශ කරන්නේ අව්ඩීව්කා,  ටොනෙන්ක් හා පර්වොමයිස්ක් ඇතුලු ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාර 15ක් සාර්ථකව තම හමුදා ව්‍යර්ථ කළ බවයි. මේ අතර රුසියා ජනාධිපති වැල්ඩිමිර් පුටින් රුසියා රූපවාහිනිය අමතමින් ප්‍රකාශ කළේ යුක්රේනය එල්ල කරන ඕනෑම...
Read More »

Oct 15

ගාසා තීරයේ රෝහල්වල දහස් ගණනක් මියයාමේ අවදානමක්  

0 comments

ගාසා රෝහල් තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් පැය 24කට පමණක් බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා. ගාසා රෝහල්වලට අවශ්‍ය ඉන්ධන සංචිත ලබාදීමට නොහැකි වුවහොත් රෝගීන් දහස් ගණනකගේ ජිවිත අනතුරට ලක්වන බව ජගත් සංවිධානය පෙන්වා දෙනවා. දැනට පවත්නා ඉන්ධන සංචිත ඉදිරි පැය 24ක කාලය තුළ දී අවසන් වී යනු ඇති බවටයි එම සංවිධානය සදහන් කරන්නේ. ඉන්ධන අවසන් වීමත් සමග රෝහල්වලට අවශ්‍ය විදුලි බලය සපයා ගැනීමට නොහැකිවීම හරහා දැඩි අර්බුදකාරී තත්ත්වයක් ගොඩනැගෙනු...
Read More »

Oct 14

ඇෆ්ගනිස්තානයට තවත් භූ කම්පනයක්  

0 comments

දින කිහිපයක් තුළ ඇෆ්ගනිස්තානයේ සිදුවූ තුන්වැනි භූකම්පනයත් වාර්තා වී තිබෙනවා. ඒ බටහිර ඇෆ්ගනිස්තානයේ හේරට් පළාතෙනි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන්ව තිබුණා. මීට පෙර ඇති වූ භූකම්පන දෙක හේතුවෙන් 1000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඉන් බහුතරය ළමුන් සහ කාන්තාවන්. The post ඇෆ්ගනිස්තානයට තවත් භූ කම්පනයක් appeared first on ITN News...
Read More »

Oct 14

නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයේ ජය විපක්ෂයට  

0 comments

නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට විපක්ෂය බලය හිමිකර ගත්තා. ඊයේ පැවති නවසීලන්ත මහා මැතිවරණයෙන් එරට ජාතික පක්ෂය රජයක් පිහිටුවීමට තරම් ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් ජයග්‍රාහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ අනුව ඔවුන්ට පක්ෂ අනෙකුත් කුඩා කණ්ඩායම් එක්කර ගනිමින් සභාග දක්ෂිණාංශක රජයක් පිහිටුවීමට අවස්ථාව හිමිව තිබෙනවා. නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ජාතික පක්ෂ නායක ක්‍රිස් ලක්සොන්හට දුරකතනයෙන් අමතා පරාජය පිළිගෙන...
Read More »

Oct 14

ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට මාරාන්තික ප්‍රහාරයක්  

0 comments

උතුරු ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. BBC වාර්තා කරන පරිදි, උතුරු ගාසා තීරයෙන් පිට ව යන සිවිල් වැසියන් ගේ රථ පෙළකටයි මෙම පහර දීම සිදු කර තිබෙන්නේ. එම දර්ශන ද BBC විසින් උඩුගත කර තිබෙනවා. ප්‍රහාරයෙන් කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් කිහිප දෙනෙකු මිය ගිය බවටයි වාර්තා වන්නේ. ප්‍රහාරයෙන් හානි වූ සහ ගිනිගත් වාහන කිහිපයක් ඒ ආසන්නයේ දක්නට ලැබෙන බව ද සඳහන්. ගාසා නගරයේ තදාසන්න ප්‍රදේශයේ සිට කිලෝමීටර්...
Read More »

Oct 14

ත්‍රස්ත තර්ජන හේතුවෙන් ප්‍රංශය එරට ආරක්ෂාව ඉහළ නංවයි  

0 comments

ත්‍රස්ත තර්ජන හේතුවෙන් ප්‍රංශය එරට ආරක්ෂාව ඉහළ නංවා තිබෙනවා. ත්‍රස්ත මර්දන පිළිබඳ ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ඉහළම අනතුරු ඇඟවීම නිකුත් කළා. එරට ගුරුවරයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කිරීම හා තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියෙන් පසුවයි ඔහු මෙම තීරණයට එළඹ තිබෙන්නේ. උතුරු ප්‍රංශයේ අරාස් ප්‍රදේශයේ පාසලකට එල්ල වූ මෙම ප්‍රහාරයේ දී ඝාතකයා දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි යනුවෙන් කෑ ගැසූ බව ඇසින් දුටුවන් ප්‍රකාශ කරනවා. ඔහු මේ වන විටත් පොලිස්...
Read More »

Oct 14

අතුරුදන් වූ ඊශ්‍රායල ජනතාවගේ සිරුරු ගාසා තීරයේ තිබී සොයා ගැනේ   

0 comments

පසුගිය දා ආරම්භ වූ ගැටුම් වලදී අතුරුදන් වූ ඊශ්‍රායල ජනතාවගේ සිරුරු රැසක් ගාසා තීරයේ තිබී සොයා ගැනුණා. ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු කළ ගොඩබිම් මෙහෙයුමකදීයි මෙම සිරුරු ‍ සොයා ගැනුණේ. උතුරු ගාසා තීරයේ වෙසෙන මිලියන 1.1ක පලස්තීනුවන්ට වහාම ඉවත් වන ලෙසට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව දහස් ගණනක පිරිසක් සිය වාහවලින් හා පාගමනින් දකුණු ප්‍රදේශයට ගමන් කරමින් සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානි ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ...
Read More »

Oct 13

ජර්මනියේ දී සංක්‍රමණිකයන් රැගත් වෑන් රථයක් පෙරළීමෙන් 7 දෙනෙකු මරුට  

0 comments

ජර්මනියේ දී සංක්‍රමණිකයන් රැගත් වෑන් රථයක් පෙරළීමෙන් 7 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඕස්ට්‍රියා අංක තහඩු සහිත මෙම වෑන් රථයේ පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසක් ගමන් කරමින් සිටිය දී එය පෙරළි ගොස් ඇත්තේ. කෙසේ වෙතත් මෙම අනතුරෙන් එම රථයේ රියදුරු සහ මිනිස් ජාවාරම්කරු දිවි ගලවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුරෙන් මිය ගිය අය කුමන රටකට අයත් වුවන් ද යන්න මෙතෙක් කරුණු හෙළි වී නැහැ. වෑන් රථය ඔස්ට්‍රියාව සහ ජර්මනිය...
Read More »

Oct 13

එක්සත් ජාතීන්ගෙන් ලැබී ඇති ප්‍රතිචාරය ලැජ්ජා සහගත බව ඊශ්‍රායලය පවසයි  

0 comments

උතුරු ගාසා තීරයෙන් දකුණු ගාසා තීරයට යන ලෙසට ලබා දුන් නියෝගයට එක්සත් ජාතීන්ගෙන් ලැබී ඇති ප්‍රතිචාරය ලැජ්ජා සහගත බව ඊශ්‍රායලය පවසනවා. අවසන් විනාඩි කිහිපය තුලදී ඊශ්‍රායලය එක්සත් ජාතින්ගේ සංවිධානයට ප්‍රතිචාරයක් ලබා දෙමිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති ගිලාඩ් අර්ඩන් පැවසුවේ ඊශ්‍රායලය ගාසා තීරයේ ජනතාවට පූර්ව අනතුරු ඇගවීමක් සිදු කරන බවත්, හමාස් සංවිධානයට එරෙහි සිය හමුදා මෙහෙයුමට සම්බන්ධ නොවන අයට සිදුවන හානිය...
Read More »

Oct 12

ගාසා තීරයට ඉදිරි පැය 24 ගැන අනතුරු අඟවයි  

0 comments

උතුරු ගාසා තීරයේ සිටින ලක්ෂ සංඛ්‍යාත වූ ජනතාව ඉදිරි පැය 24 තුළ වහාම දකුණු ගාසා තීරයට යොමු විය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ආසන්න වශයෙන් මිලියන 1.1ක ජනතාවක් උතුරු ගාසා තීරයේ සිටින බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම අනතුරු ඇඟවීම් ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ විනාශකාරී මානුෂීය ප්‍රතිවිපාක නොමැතිව මෙවැනි ගැටුමක් සිදුවිය...
Read More »

Oct 12

ලිඩියා සුළි කුණාටුවෙන් මෙක්සිකෝවට බලපෑම්  

0 comments

මෙක්සිකෝවට බලපෑ ලිඩියා සුළි කුණාටුවෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ලිඩියා සුළි කුණාටුව 4 වැනි කාණ්ඩයේ ප්‍රබල කුණාටුවක් වර්ධනය ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් හටගත් වර්ෂාවෙන් ගංවතුර තත්ත්වයක්ද ඇති වුණා. පැසිෆික් වෙරළ තීරයේ පුවර්ටෝ වල්ලාර්ටා හි වෙළඳසැල් වලට ද අලාභ හානි සිදු වුණා. පැයට කිලෝමීටර් 220ක වේගයෙන් සුළං හැමීම සිදු වනවා. මේ වන විට හමුදා සාමාජිකයින් 6,000ක් පමණ යොදවා ඇති බව ජනාධිපති ඇන්ඩ්රොස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රමඩෝර්...
Read More »

Oct 12

ඊශ්‍රායලයට පමණක් නෙවෙයි අපිටත් ආධාර දෙන්න – යුක්‍රේන ජනපති  

0 comments

ඊශ්‍රායලයට පමණක් නොව තම රටට ද ආධාර ලබා දෙන්නැයි යුක්‍රේන ජනාධිපති වෝලදොමීර් සෙලෙන්ස්කි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඊශ්‍රායල පලස්තීන අර්බුදය හේතුවෙන් සමස්ත ලෝකයම මේ වන විට යුක්‍රේන ගැටුම් පිළිබඳ ඇති අවධානය ගිලි හී ගොස් ඇති බවයි සෙලෙන්ස්කි පවසන්නේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන නෙටෝ සංවිධානයේ ආරක්ෂක හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. තම රටට ලෝකයේ අවධානය නැවතත් යොමුවිය යුතු බව ඔහු අවධාරණය කළා. එළඹෙන ශිත සෘතුවට ශක්තිමත්ව...
Read More »

Oct 12

පාකිස්තාන ක්‍රිකට් නායකයා රූපවාහිනී නිවේදිකාවකට තරවටු කරයි  

0 comments

එක්දින ලෝක කුසලාන මාධ්‍ය ආවරණය කිරීමේ අරමුණින් ඉන්දියාවට පැමිණ හදිසියේම ඉන්දියාවෙන් පිටත්ව ගොස් ඇති පාකිස්තාන රූපවාහිනී නිවේදිකා සයිනාබ් අබ්බාස්ට පාකිස්තාන ක්‍රිකට් නායක බාබර් අසාම් ඇයගේ සීමාවන් ඉක්මවා යාම පිළිබඳව තරවටු කර ඇත. “සයිනාබ් ඔබ යමක් කීමට පෙර සිතන්න, කට වැඩියි. ඔබේ සීමාවන් ඉක්මවා යාමට උත්සාහ නොකරන්න” බාබර් ඇයට අවවාදකොට තිබෙනවා. නවසීලන්තයට එරෙහිව මෙයට පෙර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරඟයකදී බබාර්...
Read More »

Oct 11

ගාසා තීරයේ ජනතාව දැඩි පීඩාවට  

0 comments

දිගින් දිගටම එල්ල වන ගුවන් ප්‍රහාර හා ආහාර මෙන්ම විදුලිය නොමැතිකමින් ද ගාසා තීරයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිනවා. හමාස් සටන්කාමීන් පසුගිය සෙනසුරාදා එල්ල කළ රොකට් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය මේ වන විට ගාසා තීරය අල්ලා ගැනීමේ දැඩි මෙහෙයුමක නිරතව සිටිනවා. මේ වනවිට ගාසා තීරයට සිදු කරන සියලු සැපයුම් අවහිර කිරීමටයි ඊශ්‍රායලය කටයුතු කර ඇත්තේ. එහි ජනතාව කුසගින්නේ මිය යාමට ඉඩ නොතබා කඩිනමින් ඔවුන්ට අවශ්‍ය ආහාර, ඉන්ධන...
Read More »

Oct 11

අයහපත් කාලගුණයෙන් මියන්මාරයේ 14000ක් අවතැන්  

0 comments

මියන්මාරයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 14000 ක් පමණ අවතැන් බව වාර්තා වනවා. මියන්මාරයේ බගෝ නගරයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. ගංවතුරට හසුවූ 5,600ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව බලධාරීන් සඳහන් කරනවා. බගෝ නගරයේ රෝහල පවා ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ. මියන්මාරයට  වසරේ මෙම කාලයේ දී සාමාන්‍ය වර්ෂාපතනයක් ඇදහැලුණ ද කාලගුණ විපර්යාස හේතුවෙන් තත්ත්වය දරුණු අතට හැරී ඇති බවයි...
Read More »

Oct 11

ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් අඛණ්ඩ ගුවන් ප්‍රහාර  

0 comments

ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක වෙත අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. පසුගිය සෙනසුරාදා හමාස් සංවිධානය රොකට් ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයට එල්ල කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භ වුණා. ඊයේ දිනය වනවිට ඊශ්‍රායල ගාසා දේශසීමාවේ සම්පූර්ණ බලය අත්පත් කරගැනීමට සමත්වු බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කළේ. සම්පූර්ණ ගාසා තීරයේම බලය අත්පත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් ආරම්භ කිරීමට පෙරේදා දිනයේදී ඊශ්‍රායලය කටයුතු...
Read More »

Oct 10

ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයක්  

0 comments

ඇෆ්ගනිස්තානයේ හේරට් ප්‍රාන්තයට තවත් භූ කම්පනයකින් බලපෑම් එල්ලවී තිබෙනවා. හේරට් ප්‍රාන්තයට අද දිනයේ බලපෑ භූකම්පනය ද රිච්ටර් පරිමාණ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු බවයි වාර්තා වන්නේ. හේරට් නගරයේ සිට කිලෝමීටර් 28ක් පමණ උතුරු දෙසින් මෙම භූකම්පනය සිදුව තිබෙනවා. කෙසේ වුවද මෙම භූකම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ. පසුගිය සෙනසුරාදා එම ප්‍ර දේශයට බලපෑ රිච්ටර් පරිමාණ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයෙන් පුද්ගලයින් 2,500කට...
Read More »

Oct 10

මියන්මාරයේ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

මියන්මාරයේ අවතැන් පුද්ගලයින් රඳවා සිටින කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියන්මාර හමුදාව ගුවන් ප්‍රහාරය එල්ල කළ බවටයි චෝදනා එල්ල වන්නේ. මියගිය පිරිස අතරට කුඩා දරුවන්ද ඇතුළත් බවයි බී බී සී පුවත් සේවය සඳහන් කරන්නේ. මියන්මාර, චීන දේශසීමාව ආසන්නයේ කචින් ප්‍රාන්තයේ පිහිටි කඳවුරක් ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී තිබෙනවා. එම ප්‍රදේශයේ බලය ප්‍රාදේශීය කැරළිකරුවන් සතු බවද සඳහන්. වසර...
Read More »

Oct 10

මියන්මාරයේ සරණාගත කඳවුරකට ප්‍රහාරයක්  

0 comments

ඊසාන දිග මියන්මාරයේ සරණගත කඳවුරකට කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් ළමයින් 11 දෙනෙකු ඇතුළු 29 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එල්ලවූ ප්‍රහාරයෙන් 56 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. The post මියන්මාරයේ සරණාගත කඳවුරකට ප්‍රහාරයක් appeared first on ITN News...
Read More »

Oct 10

ඉන්දියාවේ හා පාකිස්තානයේ කෝටි 220කට ආසන්න ජනතාවකගේ ජීවිත අවදානමක?  

0 comments

අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉන්දියාවේ හා පාකිස්තානයේ කෝටි 220කට ආසන්න ජනතාවකගේ ජීවිත අධික උෂ්ණත්වය හමුවේ අවදානමට ලක්වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. මිනිස් සිරුරට දරාගත හැකි පරිසර උෂ්ණත්වය ඉක්මවා යාමත් සමග ආගාථය හා හෘදයාබාද ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග මෙම තත්ත්වය දරුණු අතට හැරීමට ඉඩ ඇති බව මෙම සමීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා. ලොව වැඩිම ජනතාවක් වාසය කරන කලාපය ලෙස...
Read More »

Oct 10

හමාස් සංවිධානය ඊශ්‍රායල වැසියන් රැසක් පැහැරගෙන ගනී – ගාසා තීරයට ඉන්ධන /ඖෂධ හා ආහාර අවමයි  

0 comments

ඊශ්‍රායල ආරක්ෂ අංශ ගාසා තීරයේ ආරම්භ කළ යුද මෙහෙයුම් තවමත් පවතින්නේ මුල් අවධියේ බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යරයා පවසන්නේ. පසුගිය ඉරිදා හමාස් සංවිධානය එල්ලකළ රොකට් ප්‍රහාර මාලාවත් සමග දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භ වූ අතර මේ වන විට ඊශ්‍රායල වැසියන් 900ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 700කට ආසන්නයි. ඉරිදා සිදුකළ ප්‍රහාරයන් අතරතුරදී හමාස් සංවිධානය ඊශ්‍රායල වැසියන්...
Read More »

Oct 09

හමාස් සංවිධානයට එරෙහිව උපරිම යුද බලය යොදවන බව ඊශ්‍රායල අගමැති කියයි  

0 comments

හමාස් සංවිධානයට එරෙහිව තම උපරිම යුද බලය යොදවන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අගවනවා. ඊශ්‍රායල ආරක්ෂ අංශ ගාසා තීරයේ ආරම්භ කළ යුද මෙහෙයුම් තවමත් පවතින්නේ මුල් අවධියේ බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යරයා පවසන්නේ. දශකයකට පමණ පසු ඊශ්‍රායලයට එල්ලවූ දරුණුතම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට තමා කිසිදු ලෙසකින් පසුබට නොවන බව බෙන්ජමින් නෙතන්යාහු සදහන් කරනවා. පසුගිය ඉරිදා හමාස් සංවිධානය එල්ලකළ රොකට් ප්‍රහාර මාලාවත් සමග දෙපාර්ශ්වය...
Read More »

Oct 09

බොරතෙල් මිල ඉහළට  

0 comments

ඊශ්‍රායල – හමාස් ගැටුම් දරුණු අතට හැරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. පසුගිය ඉරිදා දිනයේ දී හමාස් සංවිධානය ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර 5000ක් පමණ එල්ල කළා. ඒ සමගම ඊශ්‍රායල – හමාස් දෙපාර්ශවය අතර දරුණු ගැටුම් ආරම්භ වුණු අතර ඒ හේතුවෙන් මේ වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. මැදපෙරදිග බොරතෙල් නිෂ්පාදනයට හා බෙදා හැරීමට මෙම ගැටුම් හේතුවෙන් බාධා එල්ල වී ඇති බව...
Read More »

Oct 09

ඇමෙරිකාව සිය ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඊශ්‍රායලයේ සහයට එවයි  

0 comments

ඊශ්‍රායල ආරක්ෂක අංශ හා හමාස් සංවිධානය අතර ඇති වු ගැටුම් හේතුවෙන් ලෝක තෙල් මිලේ ද ඉහළ යාමක් පෙන්නුම්කර තිබෙනවා. මෙම කලාපය තෙල් බහුලව නිපදවන කලාපයක්වීම ඊට හේතුවයි. ඇමෙරිකාව සිය ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන යූ එස් එස් ජෙරල්ඩ් ආර් ෆෝඩ් නෞකාව මේ වනවිට ඊශ්‍රායලය දෙසට ගමන් කරවීමට කටයුතු කර තිබෙනවා. තම රටේ සහාය ඊශ්‍රායලයට අඛණ්ඩව ලබාදෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරනවා. මේ අතර ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඇමෙරිකා සෙනෙට් සභික කෝරි...
Read More »

Oct 09

IMF හා ලෝක බැංකුව වසර 50කට පසුව කරන්න යන දේ  

0 comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වසර 50කට පසුව පළමුවරට ඔවුන්ගේ රැස්වීම් මෙවර අප්‍රිකා මහද්වීපයේ දී පැවැත්වීමට සූදානමින් සිටිනවා. සෑම වසර තුනකට වරක්ම වොෂින්ටන් නුවර මූලස්ථානයෙන් බැහැරව ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ රැස්වීම් පැවැත්වීම විශේෂත්වයක්. ලොවපුරා රටවල මුදල් අමාත්‍යවරුන් හා මහ බැංකු අධිපතිවරුන් ඊට එක් වනවා. අප්‍රිකා මහද්වීපයට අයත් දකුණු දිග මොරොක්කෝවේ මරාකේෂ් හිදීයි එය මෙවර පැවැත්වෙන්නේ. මරාකේෂ් නගරයේ...
Read More »

Oct 09

කොයිනු මහා විනාසයක් කරයිද?  

0 comments

කොයිනු සුළි කුණාටුව හොංකොං රාජ්‍යයට ඇතුළු වී අධික වැසි ඇති කරනු බවට අනාවැකි පළව තිබෙනවා. පසුගිය දින කිහිපයේ දකුණු දිග චීනයේ ප්‍රදේශ රැසකට අධික වැසි ඇති කරමින් කොයිනු චන්ඩ මාරුතය හමා ගියා. එය මේ වන විට දුර්වල මට්ටමකයි පවතින්නේ. මිලි මීටර 150ක පමණ වැසි ඇති කරමින් එය හොංකොං රාජ්‍යය හරහා හමා යනු ඇති බවට කාලගුණ අංශ නිවේදනය කර තිබෙනවා. මේ හේතුවෙන් එරට පාසල් වසා දැමීමටයි කටයුතු කර ඇත්තේ. මීට මාසයකට පෙර ද හොංකොං රාජ්‍යයට අධික වැසි තත්ත්වයක්...
Read More »

Oct 09

ෂාරුක් ඛාන්ට මරණ තර්ජන  

0 comments

ඉන්දිය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මුම්බායේ පාතාල සාමාජිකයින්ගෙන් මෙම තර්ජන එල්ලවන බවටයි ඔවුන් දක්වා ඇත්තේ. මේ හේතුවෙන් විශේෂ පුහුණුව ලත් භටයින් හය දෙනෙකු ඔහුගේ ආරක්ෂාව යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ ඔහු කළ ඉල්ලීමකට අනුවයි The post ෂාරුක් ඛාන්ට මරණ තර්ජන appeared first on ITN News...
Read More »

Oct 08

ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්  

0 comments

ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. හෙරාට් ප්‍රාන්තයේ ගම්මානවලට පෙරේදා බලපෑ රිච්ටර් මාපාංක 6.3ක භූමිකම්පාවෙන් 1,000 කට වැඩි පිරිසක් මිය ගියා. සන්නිවේදනය අඩාල වීම සහ බොහෝ මාර්ග අවහිර වීමත් සමඟ, ගලවා ගැනීමේ සේවකයන්ට දුෂ්කර ප්‍රදේශවලට ළඟා වීමට අපහසු වී තිබෙනවා. 500කට අධික පිරිසක් ද තුවාල ලබා ලැබුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන හදිසි සැපයුම්...
Read More »

Oct 08

ගාසා තීරයේ ගැටුම්වලින් 1000ක් ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායල ආරක්ෂක අංශ හා හමාස් සංවිධානය අතර ඇති වු ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව දහසක් පමණ වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බවයි ජගත් සංවිධානය පවසන්නේ. පසුගියදා හමාස් සංවිධාන ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර 5000ක් පමණ එල්ල කිරීමත් සමග දෙපාර්ශවය අතර ගැටුම් ආරම්භ වුණා. හමාස් ප්‍රහාරයන්ගෙන් 300කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තවත් 2000ක් පමණ තුවාල...
Read More »

Oct 08

මෝදි ඝාතනය කරන බවට තර්ජනය කරමින් ඊ මේල් පණිවුඩයක්  

0 comments

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඝාතනය කරන බවට තර්ජනය කරමින් එරට මධ්‍යම ආරක්ෂක ඒජන්සියට ඊමේල් පණිවුඩයක් ලැබී තිබෙනවා. ඉන්දීය රුපියල් කෝටි 500ක මුදලක් හා සිරගත කර සිටින අපරාධකරුවෙකු වන ලෝරන්ස් බිෂ්නෝයි නිදහස් කරන ලෙස දන්වමින් ඉන්දීය මධ්‍යම ආරක්ෂක ඒජන්සිය වෙත මෙම ඊමේල් පණිවුඩය ලැබී තිබෙනවා. එසේ නොකළ හොත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඝාතනය කරන බවටත් ගුජරාටේ පිහිටා ඇති නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය පුපුරුවා හරින බවටත් එහි සඳහන්...
Read More »

Oct 07

ඇෆ්ගනිස්ථානයට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 320ක් දක්වා ඉහළට  

0 comments

ඇෆ්ගනිස්ථානයට බලපෑ භූ කම්පනයකින් පුද්ගලයින් 320කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. බටහිර ඇෆ්ගනිස්ථානයට භූ කම්පන 6කින් පමණ බලපෑම් එල්ලවී ඇති බවයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ. ප්‍රබලතම භූ කම්පනය රිච්ටර් පරිමාණ ඒකක 6.3ක අගයකින් යුතු වනවා. භූ කම්පනයෙන් ගම්මාන 12ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර දහසකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ඇෆ්ගනිස්ථාන මාධ්‍ය පවසනවා. ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම...
Read More »

Oct 07

ගාසා තීරයේ ජනතාවට ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම් දෙයි  

0 comments

ගාසා තීරයේ ජනතාවට ඉන් ඉවත්ව යන ලෙස ඊශ්‍රායලය දැනුම් දී තිබෙනවා. ඉස්ලාමිය සටන්කාමී හමාස් සංවිධානය ඊයේ දිනයේ දී ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළා. දශකයකට පමණ පසු හමාස් සංවිධානය එල්ල කළ දරුණුතම ප්‍රහාරය මෙය ලෙසයි සැලකෙන්නේ. ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායලය ආරම්භ කර ඇති අතර ගාසා ජනතාවට තම නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන කරා පළා යන ලෙසයි ඊශ්‍රායලය දැනුම් දී ඇත්තේ. හමාස් සංවිධානයට දරුණු ප්‍රති විපාකවලට...
Read More »

Oct 07

සිමෝන් බයිල්ස් ලොව විශිෂ්ඨතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත්වෙයි  

0 comments

ඇමෙරිකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝන් බයිල්ස් ලොව විශීෂ්ඨතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා. ලෝක ශූරතා සහ ජිම්නාස්ටික් ක්‍රීඩා හරහා පදක්කම් 34 ක් දිනාගැනීමට ඇය මේ වන විටත් සමත්ව අවසන්. වසර දෙකක විවේකයකින් පසු බෙල්ජියමේ පැවැති ලෝක ජිම්නාස්ටික් ශූරතාවලියේදී රන් පදක්කම් සමගින්  21 වෙනි ලෝක ශූරතාවට හිමිකම් කියමින් ඇය මෙම දස්කම ප්‍රදර්ශනය කළා. ඇය ඊයේ දිනයේ ද ලකුණු 58යි දශම තුනයි නවයයි නවයක් ලබා ගෙන ශූරතාව දිනාගත්තා.     The...
Read More »

Oct 07

ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර  

0 comments

ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර මාලාවක් එල්ලවී තිබෙනවා. ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශය හරහා ගුවන් ප්‍රහාර නලා හඩ අද උදෑසන සිට ඇසුනු අතර ටෙල්අවීව් ප්‍රදේශයට රොකට් ප්‍රහාර පතිත වී තිබෙනවා. මධ්‍යම ඊශ්‍රායලයේ ගොඩනැගිල්ලකට රොකට් ප්‍රහාරයක් එල්ලවීමෙන් 70 හැවිරිදි කාන්තාවක් බරපතල තුවාල ලැබුවා. එමෙන්ම තවත් ස්ථානයකට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලැබුවා. ඊශ්‍රායල ගිනි නිවීමේ භටයන් ප්‍රහාර සිදුවූ ස්ථානවල ඇතිවූ...
Read More »

Oct 06

වේගයෙන් ඉහළ යන ගෝලීය උණුසුම  

0 comments

විද්‍යාඥයින්ගේ ගණනය කිරීමටත් වඩා වැඩි වේගයකින් ගෝලීය උණුසුම ඉහළ යමින් පවතිනවා. මෙම වසරේදී සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය පූර්ණ කාර්මික මට්ටමට වඩා අවම වශයෙන් සෙල්සියස් අංශක එකයි දශම පහකින් වැඩි වී තිබෙනවා. දේශගුණික විපර්යාසවලින් එල්ල වන බලපෑම් වලක්වාගැනීමට නම් මෙම තත්ත්වය පාලනය කළ යුතු වනවා.කෙසේ වුවද මෙම වසරට වඩා ලබන වසරේදී ගෝලීය උණුසුම ඉහළ යා හැකි තත්ත්වයකුයි පවතින්නේ.               The post වේගයෙන්...
Read More »

Oct 06

මාලයක් සැදීමට ජිරාෆ් අසූචි රැගෙන ආ කාන්තාවට වෙච්චි දෙයක්  

0 comments

මාලයක් සැදීමට බව පවසමින් කෙන්යාවේ සිට ජිරාෆ් අසූචි රැගෙන ආ කාන්තාවක්  ඇමෙරිකාවේ Paul International Airport හි රේගු සහ දේශසීමා මුර සංචාරක නිලධාරීන්ගේ භාරයට  ගෙන තිබෙනවා. තමා කෙන්යාවේ නිවාඩුවක් ගතකරමින් සිටියදී මෙම අසූචි ලබා ගත් අතර ඒවා ස්වර්ණාභරණ සෑදීමට ගෙනා බවයි, කාන්තාව ප්‍රකාශ කළේ. ඇය ස්වර්ණාභරණ සෑදීම සඳහා සත්ත්ව අසූචි භාවිතා කරන පළමු අවස්ථාව මෙය නොවන බවද එම නිලධාරීන්ට පවසා තිබෙනවා. අමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ...
Read More »

Oct 06

නොබෙල් සාම ත්‍යාගය දිනා ගත් ඉරාන කාන්තාව  

0 comments

ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහම්මදී මහත්මිය 2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත්වී තිබෙනවා. ඉරාන කාන්තාවන් අයුක්ති සහගත ලෙස පීඩනයට පත් කිරීමට එරෙහිව පෙනී සිටීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සැමට නිදහස ළඟා කරදීමට සටන් වැදීම හේතුවෙන් නාර්ගෙස් මොහම්මදී මහත්මියට මෙවර නොබෙල් සාම ත්‍යාගය ලබා දීමට තීරණය කර තිබෙනවා. නාර්ගෙස් මොහම්මදී මහත්මිය කාන්තාවන් සහ මානව හිමිකම් වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ඇයට විශාල...
Read More »

Oct 06

ඉන්දියාවේ හදිසි ගංවතුරෙන් මියගිය හා අතුරුදන් වූවන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට  

0 comments

ඉන්දියාවේ ඊසාන දිග සිකිම් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය හා අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දීය වාර්තා සදහන් කරන්නේ. මේ වන විට සිද්ධියෙන් හමුදා සාමාජිකයන් විසිදෙදෙනෙකු ඇතුළු සියයකට අධික පිරිසක් අතුරුදන් වී සිටිනවා. මේ නිසා අඛණ්ඩව මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙන බවයි ඉන්දීය රජය පවසන්නේ. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඉන්දීය බලධාරීන් පැවසුවේ ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 19 දෙනෙකුවත් මිය යන්නට...
Read More »

Oct 06

තමන්ට එරෙහි මැතිවරණ ඇඟිලිගැසීම් නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි ට්‍රම්ප් ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලයි  

0 comments

තමන්ට එරෙහි මැතිවරණ ඇගිලිගැසීම් නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. 2020 මැතිවරණය පිළිබද  ජනාධිපතිවරයා ලෙස සොයා බැලීමේ වගකීමක් ට්‍රම්ප්ට තිබෙන බවත් එම වගකීම ඔහුගේ රාජකාරියට අයත් වන බවත් ඔහුගේ නීතීඥවරුන් පෙන්වා දෙනවා. එසේ තිබියදී එය අපරාධ චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැති බවයි ට්‍රම්ප් ගේ නීතීඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ. එමෙන්ම ට්‍රම්ප් ඔහුගේ රහසිගත ලේඛණ...
Read More »

Oct 05

රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 51 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

යුක්‍රේනයේ ගම්මානයකට එල්ල වූ රුසියා ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 51 දෙනෙකු වත්  මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාර්කිවු ගිනිකොනදිග හොර්සා ගම්මානයටයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ හමුදා කඳවුරු නොමැති ප්‍රදේශයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. මිය ගිය සෑම දෙනාම එම ගම්මානයේ පදිංචිකරුවන් වනවා. ගම්මානයෙන් 5 න් එකක්ම මෙම ප්‍රහාරයන් මිය ගොස් ඇති බවයි යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය...
Read More »

Oct 05

රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ 48ක් මරුට  

0 comments

රුසියාව නැගෙනහිර යුක්‍රේනයට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 48දෙනෙකු මියගොස් ඇති බවයි. අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky විසින් රුසියාවට එරෙහිව චෝදනා එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. The post රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ 48ක් මරුට appeared first on ITN News...
Read More »

Oct 05

ඉන්දියාවේ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 102ක් දක්වා ඉහළට  

0 comments

ඉන්දියාවේ ගංවතුරෙන් අතුරුදහන් වූ සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊසානදිග සිකිම් ප්‍රාන්තයේ ඇති වු හදිසි ගංවතුර හේතුවෙන් හමුදා සාමාජිකයින් 22 දෙනෙකු ඇතුළු 102 දෙනෙකු අතුරුදහන් වීමෙන් පසු ඔවුන් බේරා ගැනීමට  ඉන්දීය බලධාරීන් කාලය සමඟ තරඟයක නිරත වනවා. අධික වර්ෂාව හේතුවෙන් හෝනක් වැවේ බැම්ම කැඩී යාමෙන් විශාල ගංවතුර තත්ත්වයක් ඇති වුණා. ලාචෙන් නිම්නයේ ටීස්ටා ගංගාවේ ජලය සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ ඇති වූ ගංවතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු...
Read More »

Oct 05

රුසියා ඩ්‍රෝන යානා 24ක් විනාශ කළ බව යුක්‍රේනය කියයි  

0 comments

රුසියාව තම රට දෙසට පියාසර කරවූ ඩ්‍රෝන යානා 24 ක් ප්‍රහාර එල්ල කර විනාශ කළ බව යුක්‍රේනය පවසනවා. යුක්‍රේනයේ ගුවන් ආරක්‍ෂණ පද්ධතිය රුසියානු ඩ්‍රෝන යානා 29 න් 24 ක්ම විනාශ කළ බවයි වාර්තා වන්නේ. දකුණු ඔඩෙසා සහ මයිකොලයිව් ප්‍රදේශ මෙන්ම මධ්‍යම කිරොහොව්රාඩ් ප්‍රදේශවලට ඒවා කඩා වැටී තිබුණා. කෙසේ වෙතත් වෙනත් රටවල නෞකා යුක්‍රේන වරායන් වෙත ඇතුල් වීම වැලැක්වීමට රුසියාව මුහුදු බෝම්බ භාවිත කළ හැකි බවට බ්‍රිතාන්‍ය බුද්ධි අංශ අනතුරු අඟවනවා. මේ...
Read More »

Oct 05

අත්අඩංගුවට ගත් ඉරානයට අයත් උන්ඩ මිලියන 1.1ක් ඇමෙරිකාව යුක්‍රේනයට ලබාදෙයි  

0 comments

අත්අඩංගුවට ගත් ඉරානයට අයත් උන්ඩ මිලියන 1.1 ක් යුක්‍රේනයට ලබාදීමට ඇමෙරිකාව කටයුතු කර තිබෙනවා. පසුගිය වසරේ ඉරානයේ සිට යේමනය වෙත නැව්ගත කළ බව කියන ඉරාන පතුරම් තොගයක් ඇමෙරිකා අත්අඩංගුවට පත්ව තිබුණා. ඉරානයේ ක්‍රියාත්මක හූති කැරලිකරුවන් යේමනයට මෙම පතුරම් යවන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ඒවා අත්අඩංගුවට ගත් පසු රාජසන්තක කෙරුණා. පසුගිය ජුනි මස 20 වනදා උණ්ඩ තොගයේ හිමිකාරිත්වය ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුව මගින් එරට රජයට  පවරා දී...
Read More »

Oct 04

ගංවතුර නිසා ඉන්දියාවේ ජනතාවත් පීඩාවට  

0 comments

අයහපත් කාලගුණය ඉන්දියාවටද බලපෑම් එල්ල කර තිබෙනවා. ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි සිකීම් ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. එයින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 82කු අතුරුදන්ව තිබෙනවා. මෙම තත්ත්වය අධික වර්ෂාවත් සමඟ ටීස්ටා ගඟ පිටාර ගැලීම නිසා උදාවී ඇත්තේ. විදෙස් වාර්තා සඳහන් කළේ සිකීම් ප්‍රාන්තයේ සංචාරයේ නිරත වූ 3,000ක අධික සංචාරකයින්ද පිඩාවට පත් වී තිබෙනවා. පුද්ගලයන් 420 දෙනෙකු ගංවතුර හේතුවෙන් සහන මධ්‍යස්ථාන...
Read More »

Oct 04

දූෂණ චෝදනා එල්ලවූ ඉන්දියානු මන්ත්‍රී  

0 comments

දිල්ලි හි පාලන බලය හිමි “ආම් ආද්මි” පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ගේ නිවස සෝදිසි කිරීමට ඉන්දීය මූල්‍ය වංචා පරීක්ෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා. සංජේ සිං නම් එම මන්ත්‍රීවරයාට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇති බවයි දැක්වෙන්නේ. මධ්‍යම රජයේ වංචා පරීක්ෂණ ආයතනයක් විසින් ප්‍රශ්න කරන ලද පක්ෂ නායකයින් අතරට ඔහුත් අයත් වනවා. ප්‍රාන්ත රජයේ මත්පැන් අලෙවි ප්‍රතිපත්තිය හා සම්බන්ධ දුෂණයක් හේතුවෙන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා. නමුත් ඔහුගේ පක්ෂය පවසන්නේ ඉන්දියාවේ...
Read More »

Oct 04

මෙරට දුප්පත්කම ඉහළ යන හැටි ලෝක බැංකුව පෙන්වා දෙයි  

0 comments

ශ්‍රී ලංකාව පිළිබඳව සිය නවතම සංවර්ධන පුරෝකථන වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ප්‍රකාශ කරන්නේ මෙරට දුප්පත්කම 2023 වසරේදී තවදුරටත් ඉහළ යනු ඇති බවයි. 2022 වසරේ 25%ක අගයක පැවැති දුප්පත්කම, මේ වසරේදී 27.9% දක්වා ඉහළ යනු ඇති බවට ඇස්තමේන්තු කරන බව ලෝක බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් 2021 වසරේ 13.1%ක පැවැති දුගීභාවය 2022 වසරේ 25% දක්වා දෙගුණයකින් ඉහළ ගියද ඊට වඩා අඩුවේගයකින් මේ වසරේ දුප්පත්කම ඉහළ යනු ඇති බවයි ලෝක බැංකුව පෙන්වා...
Read More »

Oct 04

සුඩානයේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලයට ප්‍රහාරයක්  

0 comments

සුඩානයේ කාර්ටූම් අගනුවර පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ නමුත් තානාපති කාර්යාලයේ ගොඩනැගිල්ලට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවයි සුඩානයේ ඉතියෝපියානු තානාපති Yibeltal Ayimiro Alemu BBC පුවත් සේවයට පවසා ඇත්තේ The post සුඩානයේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් appeared first on ITN News...
Read More »

Oct 04

ගංවතුරට ගසාගෙන ගිය ඉන්දියා සෙබලු  

0 comments

හදිසි ගංවතුරකට මැදිවූ ඉන්දීය හමුදා සෙබලුන් 23 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. ඉන්දියාවේ ඊසානදිග සිකීම් ප්‍රාන්තයේ මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිවූ බවයි බලධාරීන් සඳහන් කරන්නේ. ප්‍රාන්තයේ පිහිටි ජලාශයක බැම්මක් පිපිරී යාමත් සමඟ මෙම ගංවතුර තත්ත්වය හටගෙන තිබෙනවා. ඒ සමඟම ටීස්ටා ගංගාවේ ජල මට්ටම භයානක ලෙස ඉහළ ගිය බවයි බලධාරීන් පවසන්නේ. එමෙන්ම තවත් ජලාශයක වේල්ලකින් ගංගාවට ජලය නිකුත් කිරීමත් සමග තත්ත්වය බරපතල අතර හැරී තිබෙනවා. හමුදාවට අයත් වාහන...
Read More »

Oct 04

ඉන්දියාවෙන් කැනඩාවට දැනුම්දීමක්  

0 comments

කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයින් 40 දෙනෙකු පමණ ඉවත් කර ගන්නා ලෙස ඉන්දියාව කැනඩාවට දැනුම් දී තිබෙනවා. ඔක්තෝබර් මස 10 වන දින වනවිට ඔවුන් පිරිස ඉන්දියාවෙන් ඉවත් කර ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ. ඉන්දියාව කැනඩාවට අනියුක්ත කර ඇති රාජ්‍ය තාන්ත්‍රිකයින් සංඛ්‍යාවට වඩා වැඩි රාජ්‍ය තාන්ත්‍රිකයින් සංඛ්‍යාවක් ඉන්දියාවේ කැනඩා තානාපති කාර්යාලය තුළ සේවය කරන බවටයි වාර්තා වන්නේ. කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ සික් ජාතිකයෙකුගේ ඝාතනය පිටුපස ඉන්දියාව...
Read More »

Oct 04

නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 4ක් මරුට  

0 comments

නයිජීරියාවේ වයඹ දිග කෙබී ප්‍රාන්තයේ නයිජර් ගඟේ මගී බෝට්ටුවක් පෙරළීමෙන් 4 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා බෝට්ටුවේ සිටි පුද්ගලයින් 25 දෙනෙකු බේරාගෙන ඇති බවයි වාර්තා කර ඇත්තේ. බෝට්ටුව පෙරළෙන විට එහි කොපමණ පිරිසක් සිටියාද යන්න සම්බන්ධයෙන් නිවැරදිව වාර්තා කර නැහැ . The post නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 4ක් මරුට appeared first on ITN News...
Read More »

Oct 03

ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති ධුරයෙන් ඉවත් කරයි  

0 comments

ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති ධුරයෙන් ඉවත්කර තිබෙනවා. ඇමෙරිකා ඉතිහාසයේ පළමුවරටයි කතානායකවරයෙකු ඡන්ද විමසීමකින් ඉවත් කෙරුණේ. කතානායක කෙවින් මැකාති ඩිමොක්‍රටික් පක්ෂ යෝජනාවකට සහයෝගය දැක්වීම හේතුවෙන් ඔහුව ධුරයෙන් ඉවත් කළ යුතු බවට ට්‍රම්ප් හිතවාදියෙකු ලෙස සැලකෙන රිපබ්ලිකන් පක්ෂ සභික මැට් ගෙයිට්ස් යෝජනාවක් ගෙන ආවා. පසුව ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණු අතර යෝජනාවට පක්ෂව ඡන්ද 216ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද...
Read More »

Oct 03

වැනීසියේ බස් රථයක් පෙරළී පුද්ගලයින් 21 දෙනෙකු මියයයි  

0 comments

වැනීසියේ බස් රථයක් පාලමකින් පෙරළීමෙන් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉතාලියේ වැනීස් නගරය ආසන්නයේ ගුවන් පාලමකිනුයි බසය පෙරලී ඇත්තේ. එය මෙස්ට්‍රේ දිස්ත්‍රික්කයේ දුම්රිය මාර්ග අසලට ඇද වැටී තිබෙනවා. මියගිය අය අතර යුක්‍රේන ජාතිකයින් පස් දෙනෙකු, එක් ජර්මානු ජාතිකයෙකු සහ ඉතාලි ජාතික රියදුරෙකු සිටින බව වැනිස් නගරාධිපති මිචෙල් ඩි බාරි පවසනවා. මෙම බස් රථය වැනීසිය සහ අසල පිහිටි මාර්ගේරා දිස්ත්‍රික්කයේ කඳවුරු භූමියක් වෙත සංචාරකයින්...
Read More »

Oct 03

කඩන් වැටුණු රන් ආකරය  

0 comments

සිම්බාබ්වේ හි රන් ආකරයක් කඩා වැටීමෙන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා චෙගුටු දිස්ත්‍රික්කයේ භාවිතයට නොගත් රන් ආකරයක් මෙලෙස කඩා වැටී තිබුණා. පතල් කම්කරුවන් 42 දෙනෙකු පමණ රන් ආකරයේ වැඩ කරමින් සිටි බවටයි විශ්වාස කෙරෙනවා The post කඩන් වැටුණු රන් ආකරය appeared first on ITN News...
Read More »

Oct 03

ට්‍රම්ප් අධිකරණය හමුවට  

0 comments

සිවිල් නඩු විභාගයකට සහභාගිවීම සදහා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව්යෝර්ක් අධිකරණයට පැමිණියා. ඇමෙරිකා ඩොලර් මිලියන 250ක වංචාවක් සම්බන්ධයෙනුයි මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ. නඩු විභාගය සදහා හිටපු ජනාධිපතිවරයා සමග ඔහුගේ දරුවන් දෙදෙනෙකු හා ට්‍රම්ප් ව්‍යාපාරයන්හි ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගිවී සිටි බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ට්‍රම්ප් ව්‍යාපාරයන්හි වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම,  ව්‍යාජ මූල්‍ය ප්‍රකාශන නිකුත්...
Read More »

Oct 03

මෙක්සිකෝවේ සිදුවූ ට්‍රක්රථ අනතුරකින් සරණාගතයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

මෙක්සිකෝවේ සිදුවූ ට්‍රක්රථ අනතුරකින් සරණාගතයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් තවත් සරණාගතයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. රටවල් රැසකට අයත් දහස් ගණනක් සරණාගතයින් ඇමෙරිකාවට ඇතුළුවීම සදහා මෙක්සිකෝව හරහා ගමන් කරනවා. මෙලෙස සරණාගතයින් ගමන් කරමින් සිටි ට්‍රක් රථයක් පෙරළී යාමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. ජීවිතක්ෂයට පත්වූ සරණාගතයින් සියලු දෙනා කියුබා ජාතිකයින් බව ආරක්ෂක අංශ පවසනවා. පසුගිය සතියේදීද මෙලෙස සරණාගතයින්...
Read More »

Oct 02

අබ්දුල්ලා යමීන් නිවාස අඩස්සියට  

0 comments

සිරගත කර සිටි හිටපු මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් නිවාස අඩස්සියට පත්කර තිබෙනවා. පසුගිය සතියේ පැවති මාලදිවයින් ජනාධිපතිවරණයෙන් මොහොමඩ් මුයිසු ජයග්‍රාහණය කිරීමත් සමග මෙලෙස හිටපු ජනාධිපතිවරයාව නිවාස අඩස්සියට පත්කර තිබෙනවා. 2013 වසරේ සිට 2018 වසර දක්වා ඔහුගේ පාලන කාලය තුළදී අල්ලස් ලබාගත් බවට හා මුදල් විශුද්ධිකරණයේ යෙදුණු බවට චෝදනා කරමින් ඊබ්‍රහිම් මොහොමඩ් සෝලීගේ පාලන කාලයේ දී ඔහුව සිරගත කෙරුණා. කෙසේ වුව ද ඔහුගේ පක්ෂයේ ජනාධිපති...
Read More »

Oct 02

තුර්කිය කුර්දි කැරලිකරුවන්ට පහර දෙයි  

0 comments

තුර්කියේ අන්කාරා අගනුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු තුර්කිය කුර්දි කැරලිකරුවන්ට පහර දී තිබෙනවා. තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී පැය කිහිපයකට පසු උතුරු ඉරාකයේ කුර්දි කැරලිකරුවන්ට ගුවන් ප්‍රහාර ගණනාවක් එල්ල කළ බව තුර්කිය පවසනවා. එරට රජය ප්‍රකාශ කළේ ඉලක්ක 20ක් වෙත ප්‍රහාර එල්ල කල බවයි. ප්‍රහාර හේතුවෙන් PKK සටන්කාමීන් උදාසීන වූ බව තුර්කිය පවසනවා. තුර්කිය, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය හා ඇමරිකාව කුර්දිස්තාන්...
Read More »

Oct 02

මෙක්සිකෝවේ දේවස්ථානයක සිදු වූ අනතුරින් මිය ගිය ගණන ඉහළට  

0 comments

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු පමණ සිරවී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා Ciudad Madero හි Santa Cruz දේවස්ථානයේ වහලය කඩා වැටීමෙන් 49 දෙනෙකු රෝහල් ගත කර ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය දක්වා තිබෙනවා. වෙරළබඩ ප්‍රාන්තයේ Tamaulipas හි පොලිසිය පැවසුවේ වහලය කඩා වැටෙන අවස්ථාවේ 100 දෙනෙකු පමණ පිරිසක් සිටි බවයි. සිරවී සිටින අය අතර කුඩා දරුවන් රැසක් සිටින බවට විශ්වාස කෙරෙන අතර මුදාගැනීමේ...
Read More »

Recent News

Gossip Lanka MAG