Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 31

ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ට ට‍්‍රම්ප්ගෙන් චෝදනා  

0 comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ට චෝදනාවක් එල්ල කළා. ඒ ඔවුන්ගේ කි‍්‍රයා කලාපය විවේචනය කරමින්. ජනතාව වෙනුවෙන් යෝජිත වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේදී ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් කිසිදු සහයක් නොලැබෙන බව ද ට‍්‍රම්ප් පෙන්වාදෙනවා. නිව්යෝර්ක් දේශපාලන නායකයන් තමන්ට වැරදි ආකාරයට සැලකීම හේතුවෙන් ස්ථිර පදිංචිය ද වෙනස් කරන බවයි...
Read More »

Oct 31

දෙනුවර මැණිකේ බදුල්ල බලා ගමන් අරඹයි  

0 comments

දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය බදුල්ල බලා ගමන් ආරම්භ කළා. උදෑසන 6.45 ට යෙදුණු සුභ මොහොතින් කොළඹ කොටුවෙන් දෙනුවර මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කළ බවයි ප‍්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ. ඒ ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී. දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය අද (01) පස්වරු 3.30 ට බදුල්ලට ළඟාවනවා. නැවතත්...
Read More »

Oct 31

රුවන්වැලි සෑයේ කොතට නව චූඩා මාණික්‍යයක් පැළදවීමට සියලු කටයුතු සූදානම්  

0 comments

අනුරාධපුර රුවන්වැලි සෑයේ කොතට නව චූඩා මාණික්‍යයක් පැළදවීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් බව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි උන්වහස්සේ මේ බව කියාසිටියේ. ලබන 18 සහ 19 යන දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනය පිළිබදව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය...
Read More »

Oct 31

තමිල්නාඩු ප‍්‍රාන්ත වෛද්‍ය වැඩවර්ජනය අවසන්  

0 comments

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ වෛද්‍යවරුන් ආරම්භ කර තිබු වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා. ඒ ප‍්‍රධාන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවෙන් පසුව බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ. ප‍්‍රාන්තයේ වෛද්‍යවරුන් දාහත් දහසක් පමණ දින හතක් පුරා පැවති වැඩවර්ජනයට එක්වුණා. වැටුප් ප‍්‍රශ්නයක් මුල්කර ගනිමින් වර්ජනය පැවති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළේ. The post තමිල්නාඩු...
Read More »

Oct 31

හෙලිකොප්ටර් යානයක් මුහුදට කඩා වැටෙයි – පුද්ගලයින් 7ක් අතුරුදන්  

0 comments

දකුණු කොරියාවට අයත් හෙලිකොප්ටර් යානයක් මුහුදට කඩා වැටීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. හෙළිකොප්ටර් යානයේ ගමන් ගත් 7 දෙනා දකුණු කොරියා ජාතිකයින් බවයි වාර්තා වන්නේ. ජපානයේ සිට රෝගියෙකු රැගෙන යමින් සිටියදීයි  ඩොක්ඩෝ දූපත ආසන්න මුහුදට මෙම හෙළිකොප්ටර් යානය  කඩා වැටී ඇත්තේ. මෙය දකුණු කොරියාවේ මුදා ගැනීමේ ඒකකයට අයත් හෙළිකොප්ටර්...
Read More »

Oct 31

IS සංවිධානයට නව නායකයෙක්  

0 comments

අයිඑස්  සංවිධානයේ හිටපු නායක අබුබකර් අල්බග්දාදිගේ මරණය එම සංවිධානය සනාථ කරමින් ඔහු වෙනුවට නව නායකයෙකු පත් කර තිබෙනවා. අයිඑස් සංවිධානයේ  නව නායකයා ලෙස පත් කර ඇත්තේ අබු ඊබ්‍රහිම් අල් හෂෙමි අල් කුරාෂි. එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබු හම්සා අල් කුරාෂි නිවේදනයක් නිකුත් කරමින් මෙය තහවුරු කළා. නව නායකයා ජිහාඩ් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු...
Read More »

Oct 31

ඉන්දියාවේ සේවා නියුක්තිය මිලියන නවයකින් අඩු වෙයි  

0 comments

ඉන්දියාවේ සේවා නියුක්තිය මිලියන නවයකින් අඩුවි ඇති බව අධ්‍යයනයකින් හෙළිවුණා. 2011 , 2012 සහ 2017 , 2018 යන කාල සීමා වලට අදාලවයි අධ්‍යයනය සිදුකර ඇත්තේ. එම කාල සීමාවලදී සෑම වසරකම සේවා නියුක්තිය විසි හය ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකින් අඩුවී වි ඇති බව අධ්‍යයන වාර්තාවේ සදහන්. ඉන්දිය ඉතිහාසයේ මෙවැනි අඩුවීමක් පෙන්නුම් කළ පළමු අවස්ථාව මෙය බව එරට මාධ්‍ය...
Read More »

Oct 31

ඇහැලියගොඩ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇහැලියගොඩ තලාවිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් 24 හා 27 හැවිරිදි ගල්නෑව ප්‍රදේශයේ පදිංචි කරුවන්. ඔවුන්ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී දේපල සොරකම් කිහිපයකට සම්බන්ධ...
Read More »

Oct 31

පුත්තලමේදී අයිස් ලඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම නගරයේ දි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග‍්‍රැම් දෙසියක් සමඟයි. ඔහු යතුරුපැදියකින් ඒවා ප‍්‍රවාහනය කරමින් තිබු බවයි විශේෂ කාර්ය බලකාය සදහන් කළේ. අනෙක් සැකකරු පුත්තලම අනුරාධපුර මර්ගයේදි අත්අඩංගුවට ගැනුණා. ඔහු ළඟ තිබි අයිස් මත්ද්‍රව්‍ය...
Read More »

Oct 31

බ‍්‍රසීලයේ ලැව්ගිනි වලින් හ‍ෙක්ටාර පනස් දහසක් විනාශයි  

0 comments

බ‍්‍රසීලයේ ලැව්ගිනි වලින් මේ වන විට හ‍ෙක්ටාර පනස් දහසක පමණ ප‍්‍රදේශයක් විනාශ වී ඇති බව බලධාරින් ප‍්‍රකාශ කළා. සතියකට පමණ පෙර ආරම්භ වූ ලැව්ගිනි අධික උෂ්ණත්වය සහ සුළං හේතුවෙන් ව්‍යප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. තෙත් බිම් රැසක් ද ඉන් විනාශ වී තිබෙනවා. පසුගිය බදාදා සිට ගිනි ගැනිම් අට දහසකට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇති බවයි වන සංරක්ෂණ නිලධාරින්...
Read More »

Oct 31

පකිස්ථානයේ දුම්රියක හටගත් ගින්නෙන් මියගිය ගණන 74 දක්වා ඉහළට  

0 comments

පකිස්ථානයේ දුම්රියක හටගත් ගින්නෙන් 74 දෙනෙකු මියගියා. කරච්චි සහ රාවල්පින්ඩි අතර මාර්ගයේ දි හටගත් ගින්නෙන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මගියෙකු දුම්රිය මැදිරියක සිට උදෑසන ආහාරය සැකසීම සදහා ගෑස් සිලින්ඩරයක් භාවිත කිරිමේ දි එය පුපුරා ගොස් ඇති බව දිවිබේරාගත් පිරිස ප‍්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධිය පිළිබද කඩිනම් විමර්ශනයක්...
Read More »

Oct 31

බදුල්ල පිහිල්ලකඩේ ව්‍යාපාරික ස්ථානයක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි  

0 comments

බදුල්ල පිහිල්ලකඩේ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත්තා. මංගල මුල් ඇදුම් ව්‍යාපාරික ස්ථානයකයි ඊයේ රාත්‍රී 11 ට පමණ ගින්න හටගෙන ඇත්තේ. ගින්නෙන් ව්‍යාපාරික ස්ථානය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න නිවීමට කටයුතු කළා. බදුල්ල පොලීසිය මේ පිළිබද විමර්ශන කටයුතු සිදුකරනවා.   The...
Read More »

Oct 31

ලක්ෂ 319ක වැඩි රත‍්‍රං තොගයක් කටුනායකදී අත්අඩංගුවට  

0 comments

රුපියල් තුන් කෝටි දහනම ලක්ෂ හැත්තෑපන් දහස් එකසිය අසූවක් (3,19,75,180 ) ක්  වටිනා ස්වර්ණාභරන තොගයක් සමඟ 14 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලෝ ග‍්‍රැම් 4.7 ක රත‍්‍රං ප‍්‍රමාණයක් ඒ අතර වන බවයි ගුවන් තොටුපල රේගුව පවසන්නේ. සැකකරුවන් සිය ඇඳුම්වල සඟවාගෙන ම‍ෙම ස්වර්ණාභරන රැගෙන විත් ඇති බව හෙළිවුණා. ඉන්දියාවේ චෙන්නායි...
Read More »

Oct 31

පකිස්ථානයේ දුම්රියක හටගත් ගින්නෙන් මියගිය ගණන 74 දක්වා ඉහළට  

0 comments

පකිස්ථානයේ දුම්රියක හටගත් ගින්නෙන් 74 දෙනෙකු මියගියා. කරච්චි සහ රාවල්පින්ඩි අතර මාර්ගයේ දි හටගත් ගින්නෙන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මගියෙකු දුම්රිය මැදිරියක සිට උදෑසන ආහාරය සැකසීම සදහා ගෑස් සිලින්ඩරයක් භාවිත කිරිමේ දි එය පුපුරා ගොස් ඇති බව දිවිබේරාගත් පිරිස ප‍්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් සිද්ධිය පිළිබද කඩිනම් විමර්ශනයක්...
Read More »

Oct 31

දිස්ති‍්‍රක් කිහිපයකට පස්වරුවේ වැසි  

0 comments

දිස්ති‍්‍රක් කිහිපයකට පස්වරුවේ මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ ගාල්ල , මාතර, රත්නපුර සහ මොණරාගල දිස්ති‍්‍රක් වලටයි. මධ්‍යම , සබරගමුව සහ ඌව පළාත් වලටත් කලුතර , ගාල්ල , මාතර , අනුරාධපුරය සහ වව්නියාව යන දිස්ති‍්‍රක් සදහාත් පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි...
Read More »

Oct 31

උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක  

0 comments

උතුරු කොරියාව යළිත් මිසයිල අත්හදා බැලීමක් සිදුකළ බව දකුණු කොරියා ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළා. ඒ අනුව උතුරු කොරියාව මේ වසර තුළ සිදුකළ 12 වන මිසයිල අත්හදා බැලීම එය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දකුණු පියොන්ග්යැන්ග් ප‍්‍රාන්තයේ සිට එය අත්හදා බලා තිබෙනවා. කෙසේවෙතත් උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා නැහැ. The post උතුරු කොරියාව තවත්...
Read More »

Oct 31

මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ  

0 comments

මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරුණා. එම උත්සවය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මහනුවර රෝහල ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම තෘත්‍රීක සත්කාරක සේවා රෝහල වනවා. අක්කර 58 ක භූමි ප්‍රදේශයක ව්‍යාප්තව ඇති මහනුවර රෝහල විශේෂඥ වෛද්‍ය සේවාවන් 62 කට අධික ප්‍රමාණයක් සපයනු ලබනවා. වාට්ටු සහ විශේෂිත...
Read More »

Oct 31

කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති වූ ලැව් ගින්න ලොස් ඇන්ජලිස් දක්වා ව්‍යාප්ත වෙයි  

0 comments

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති වූ ලැව් ගින්න මේ වන විට ලොස් ඇන්ජලිස් දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. කැලිෆෝනියා ප්‍රාන්තය ආශ්‍රිතව දැඩි වියළි කාලගුණය සහ  අධික සුළං තත්ත්වය ලැව් ගින්න පැතිරයාමට හේතුව බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. පැයට කිලෝමීටර් 74 ක වේගයෙන් සුලං හමා යන බව සඳහන්.කැළිෆෝනියා සිමි නිම්නය ආසන්නයේ පැතිර යන ලැව් ගින්න...
Read More »

Oct 31

වසර පන්සියයක් පැරණි ජපන් මාලිගයක ගින්නක්  

0 comments

වසර පන්සියයක් පැරණි ජපානයේ ෂූරි මාලිගයේ ගින්නක් හටගෙන තිබෙනවා. දකුණු ඔකිනාවා ප‍්‍රදේශයේ ඉදිකර ඇති එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්න පාලනයට ප‍්‍රබල උත්සාහයක් ගත්තද ගින්නෙන් මාලිගයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. දෙවන ලෝක යුද්ධයේදී මුළුමනින්ම විනාශවූ ෂූරි මාලිගය ප‍්‍රතිසංස්කරණයට ලක්කළ බවයි ජපාන වාර්තා පෙන්වා...
Read More »

Oct 31

රුපියල් කෝටියකට වැඩි කේරල ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට  

0 comments

රුපියල් කෝටියකට වැඩි කේරල ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කිලිනොච්චිය චුන්ඩිකුලම් මුහුදු තීරයේදී. ගංජා කිලෝග‍්‍රෑම් 105 ක් ඔහු ලග තිබී සොයාගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. සැකකරු ඉදිරිපත් කරන්නේ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණයට. පලෙයි පොලිසිය විමර්ෂණ සිදුකරනවා. The post රුපියල් කෝටියකට වැඩි කේරල ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට...
Read More »

Oct 31

පාකිස්ථානයේ දුම්රිය ගිනිගනී – 65ක් ජිවිතක්ෂයට  

0 comments

මධ්‍යම පාකිස්ථානයේදී සිදුවූ දුම්රිය ගිනිගැනීමෙන් 65 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. තුවාල ලැබූ ගණන 45 ක්. ලියාකට්පුර් නගරය ආසන්නයේදි මෙම අනතුර සිදුවුණේ කරච්චි සිට රාවල්පිණ්ඩි දක්වා ගමන් කළ දුම්රියක. අනතුර සිදුවූ ප‍්‍රදේශය ආසන්නයේ රෝහලක් නොමැතිවීමෙන් තුවාල කරුවන් රැගෙනයාම ප‍්‍රමාද වී තිබෙනවා. ගෑස් කාන්දුවක් හේතුවෙන්...
Read More »

Oct 31

රණවිරුවන්ට නිසි ගෞරවය ලබාදී පහසුකම් සැළසුවේ වත්මන් රජය බව අගමැති කියයි  

0 comments

රණවිරුවන්ට නිසි ගෞරවය ලබාදී පහසුකම් සැළසුවේ වත්මන් රජය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මිනුවන්ගොඩ පැවති ජන හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළා.   The post රණවිරුවන්ට නිසි ගෞරවය ලබාදී පහසුකම් සැළසුවේ වත්මන් රජය බව අගමැති කියයි appeared first on ITN News...
Read More »

Oct 31

නිවාස ගැටලුව විසදීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා  

0 comments

නිවාස ගැටලුව විසදීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රත්මලාන ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරමින් පැවති මෙම ජනරැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහජන නියෝජිතයන්...
Read More »

Oct 31

පසුගිය පැය 24 දී ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 112ක්  

0 comments

පසුගිය පැය 24 දී ජනාධිපතිවරණය සම්බන්ධ පැමිණිලි 112 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා. ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට. නීති උල්ලංඝණය කිරිම් 109 ක් ඊට ඇතුලත්. ඔක්තෝබර් 8 වනදා සිට මේ දක්වා කාලයේදී ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 2250 ක් බවයි මැතිවරණ කොමිෂන්...
Read More »

Oct 31

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි  

0 comments

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද උදෑසන හතට ආරම්භ කෙරුණා. ඒ අනුව අද (31) සහ හෙට (01) රාජ්‍ය ආයතන හා හමුදා සාමාජිකයන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 4 වනදා හා 5 වනදා සිදුවනවා. විශේෂ දිනයක් ලෙස...
Read More »

Oct 31

ජනපති සජිත් සමඟ ඉදිරි වසර පහේත් තමාගේ අග්‍රාමාත්‍ය ධුරය යටතේ සංවර්ධනය සිදුවන බව අගමැති පවසයි  

0 comments

ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වූ පසු රටේ සංවර්ධනය  ඉදිරියට ගෙන යාමට ඔහු සමග එක්ව අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියාසිටියේ. පස් අවුරුදු සැලැස්මේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ දැනුවත්...
Read More »

Oct 31

සජිත් ඉදිරිපත් කළ කාන්තා ප්‍රඥප්තිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී  

0 comments

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ කාන්තා ප්‍රඥප්තිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹදී එළිදැක්වුවා. දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වුණේ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. කාන්තාවන්ට පහසුකම් සැලසෙන කාන්තා ප්‍රඥප්තියේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මෙහිදී දැනුවත් කෙරුණා. කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්...
Read More »

Oct 30

තම රජය යටතේ සියලු පත්වීම් ලබා දෙන්නේ සුදුසු අයට පමණයි  

0 comments

ඉදිරියේ බිහිවන තම රජය යටතේ සියලු පත්වීම් ලබා දෙන්නේ සුදුසු අයට පමණක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රට සූරා කෑ දූෂිතයන් කිසිවෙකුටත් කිසිදු තනතුරක් හෝ පත්වීමක් තම අත්සනින් ලබා දෙන්නේ නැති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කළේ සිය ජනාධිපතිවරණ...
Read More »

Oct 30

IS නායකයාගේ ඝාතන මෙහෙයුමේ දර්ශන මාධ්‍යයට  

0 comments

IS ත්‍රස්ත නායකයා ඝාතනය කිරීමේ සිරියාවේදී සිදු වූ මෙහෙයුම්වල දර්ශන ඇමෙරිකා හමුදා අංශ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. අබු බකර් අල් බග්දාදි සැඟව සිටි ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරන වීඩියෝ පටයකුයි ඇමෙරිකා ආරක්ෂක අංශ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන්නේ. බග්දාදි එම භූමියේ පිහිටි උමගකට ඇතුළු වී සියදිවි නසා ගැනීමේ කබායක් ඇද ගනිමින් දිවි හානි කර ගත් බවයි ඇමෙරිකා...
Read More »

Oct 30

පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාල ප‍්‍රධානියාගෙන් ශ්‍රී‍්‍ර ලංකාව ගැන ප‍්‍රකාශයක්  

0 comments

ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද විශ්වාසය ශක්තිමත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක බව පොදු රාජ්‍ය මණ්ඩලය සඳහන් කළා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා හා දකුණු ආසියානු විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයේ ප‍්‍රධානී ෆර්ගස් ඕල්ඩ් මහතා අතර පැවැති සාකච්ඡාවේදී. උතුරු පළාතේ සංවර්ධනය පිළිබදව විශේෂ අවධානය යොමුවුණා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී...
Read More »

Oct 30

ජම්මුකාෂ්මීරය යුනියන් බලප‍්‍රදේශයක් කෙරේ  

0 comments

ජම්මුකාෂ්මීරයේ පරිපාලන තත්වය වෙනස් කිරීමට ඉන්දියාව පියවර ගත්තා. ඒ අනුව ජම්මුකාෂ්මීර සහ ලඩක් ලෙස වෙනම යුනියන් බලප‍්‍රදේශ දෙකක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේ සිට ගත් කි‍්‍රයාමාර්ගවල ප‍්‍රතිඑලයක් ලෙසට මෙම තත්වය නිර්මාණයවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. කාෂ්මීරයේ විශේෂ තත්වය ඉවත් කිරිම ද එහි එක් අදියරක්. The post ජම්මුකාෂ්මීරය...
Read More »

Oct 30

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැළකෙන ජපානයේ ෂූරි මාළිගාවේ ගින්නක්  

0 comments

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැළකෙන ජපානයේ ෂූරි මාළිගාවේ ගින්නක් හටගෙන තිබෙනවා. ජපානයේ දකුණුදිග දිවයිනක් වන ඔකිනාවා දූපතේ පිහිටි ෂූරී මාළිගාවයි මෙලෙස ගින්නට හසුවී තිබෙන්නේ. අද අලුයම හටගෙන ඇති ගින්න තවමත් නිවා දමා නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම ප්‍රදේශයේ පදිංචිව සිටි ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මීට වසර 500 කට පෙර...
Read More »

Oct 30

සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 162ක්  

0 comments

සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 162 ක් ලැබී ඇති බව ශ්‍රී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණය සංගමය ප‍්‍රකාශ කළා. ඉන් පැමිණිලි 66 ක් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට එල්ල කළ විවිධ ප‍්‍රචාර බවයි ඔවුන් පවසන්නේ. මෙවැනි අවභාවිතා කිරීම් සිදුනොකරන ලෙසත් තොරතුරු තාක්ෂණ සංගමය ඉල්ලීමක් කළා. The post සමාජ මාධ්‍ය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 162ක්...
Read More »

Oct 30

යේමනයෙන් හමුදාව ඉවත් කිරිමට එමීර් රාජ්‍යය තීරණය කරයි  

0 comments

යේමනයේ සිටින හමුදා සාමාජිකයන් ගෙන්වා ගැනීමට එමීර් රාජ්‍යය තීරණය කළා. ඒකාබද්ධ මෙහෙයුම් සඳහා සවුදි අරාබියට එමීර් රාජ්‍යයේ දායකත්වය ද හිමිවුණා. කෙසේවෙතත් මේ වනවිට ගැටලුකාරී වාතාවරණයක් උත්සන්නවී තිබෙනවා. සාම කි‍්‍රයාවලිය අසාර්ථකවීමයි ඊට හේතුව. ඒ අනුව කඩිනමින් සෙබලුන් ගෙන්වා ගන්නා බවයි එමීර් රාජ්‍යය පවසන්නේ. The post යේමනයෙන් හමුදාව ඉවත් කිරිමට...
Read More »

Oct 30

මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. නවගමුව පොලිස් නිලධාරීන් වැටලීම සිදුකර තිබෙන්නේ මැණික්කාගාර හංදියේදී. දකුණු අපි‍්‍රකා ජාතික කාන්තාවක් සහ ඇයගේ ශ්‍රී‍්‍ර ලාංකික ස්වාමිපුරුෂයා ළඟ මත්ද්‍රව්‍ය තිබූ බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් අද (31) කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. The post මත්ද්‍රව්‍ය...
Read More »

Oct 30

දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් පුළුල් වැඩසටහනක්  

0 comments

දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් පුළුල් වැඩසටහනක් කි‍්‍රයාත්මක බව රජය ප‍්‍රකාශ කළා. ජාතික භාර අරමුදල ද ශක්තිමත් කර තිබෙනවා. එය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් සකස් කර ඇති බවයි රජය පෙන්වාදුන්නේ. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමටත් ජාතික ළමාරක්ෂක අධිකාරිය පියවර ගත්තා. The post දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාව...
Read More »

Oct 30

ලොවපුරා සියලුම දේශපාලන දැන්වීම් තහනම් කිරීමට Twitter තීරණය කරයි  

0 comments

ලොවපුරා සියලුම දේශපාලන දැන්වීම් තහනම් කිරීමට ට්විටර් සමාජ ජාලය තීරණය කර තිබෙනවා. Twitter සමාජ ජාලයේ ප්‍රධානී ජැක් ඩෝර්සි Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ දේශපාලන දැන්වීම් තුළින් උපයාගත්තද ඔවුන්ට තම ආයතනය මිලදීගැනීමට ඉඩ දිය යුතු නැති බවයි. මේ වන විට අන්තර්ජාල වෙළද ප්‍රචාරණය ඇදහිය නොහැකි තරම් බලවත් වී ඇති අතර ඒ තුළින් වානිජ දැන්වීම්කරුවන්ට...
Read More »

Oct 30

ඇමරිකාවේ අයිඑස් මෙහෙයුමේ පළමු වීඩියෝ පටය නිකුත් කෙරේ  

0 comments

අයිඑස් ත‍්‍රස්තවාදී නායක අබුබකර් අල්බග්ඩාඩි ඝාතන මෙහෙයුමේ පළමු වීඩියෝ පටය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ත‍්‍රස්තවාදී නායකයා රැඳීසිටින ස්ථානයට ඇමරිකා හමුදා සෙබලුන් ළඟා වන ආකාරය හා ගුවනින් උමං මාර්ගයට බෝම්බ හෙලීම ද වීඩියෝ පටයට ඇතුලත් බවයි ආරක්ෂක අංශ පවසන්නේ. වීඩියෝ පටයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මීටපෙර ධවල මන්දිරය අදහස් පළකළා. ඒ අනුව තෝරාගත් කොටසක්...
Read More »

Oct 30

පාස්කු ප‍්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සාක්ෂි විමසීම හෙට අරඹයි  

0 comments

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම හෙටින් (31) ආරම්භ වනවා. බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදී හෙට (31) පස්වරු දෙකට සාක්ෂි විමසීම ආරම්භ කරන බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එම අවස්ථාව මහජනතාවට සහ මාධ්‍යවේදීන්ට ද විවෘත කර ඇති බව කොමිෂන්...
Read More »

Oct 30

ඕස්ට්‍රේලියාවේ පරිසරවේදීන් පිරිසක් පැවැත් වූ විරෝධතාවක් අතරතුර 40 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

ඕස්ට්‍රේලියාවේ පරිසරවේදීන් පිරිසක් පැවැත් වූ විරෝධතාවක් අතරතුර පුද්ගලයන් හතළිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙල්බන් නුවර පැවැත් වූ ජාත්‍යන්තර සමුළුවකට විරෝධය දක්වමින් පතල් කර්මාන්තකරුවන් පිරිසක් මෙසේ විරෝධතාවක නිරත වුණා. එම සමුළුවට නියෝජිතයින් සහභාගීවීම වළක්වාලමින් විරෝධතාකරුවන් මාර්ගය අවහිර කළා. ඒත් සමගම මෙම ස්ථානයේ කලහකාරී ස්වභාවයක්...
Read More »

Oct 30

ගම්මන්පිලට සහ සිඩ්නි ජයසිංහට එරෙහි නඩුව කල් යයි  

0 comments

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ යන අයට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 12 වනදාට කල්තැබුවා. කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. ඕස්ට්‍රේලියා ජාතිකයෙකුට අයත් ඩිජිටල් නොමිනි  නැමැති ආයතනයේ කොටස් ධම්මික පෙරේරා නමැති ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21 ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවටයි ඔවුන්ට...
Read More »

Oct 30

හම්බන්තොට සහ මාතර මුලටියන පාසල්වලට හෙටත් නිවාඩු  

0 comments

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (31) දිනයේද වසා තබන බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයට නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග තිස්සමහාරාම ප්‍රදේශයේ සියලු වැව් පිරී ඉතිරීගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ හේතුවෙන් පහත් බිම්වල නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා. යෝධකණ්ඩිය...
Read More »

Oct 30

මහනුවර ශික්ෂණ රෝහල අද සිට ජාතික රෝහලක්  

0 comments

මෙරට දෙවන ජාතික රෝහල අද (30) ජනතා අයිතියට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස ප‍්‍රකාශයට පත්කිරිම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ පෙරවරු නවයට. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. රෝහලේ සියලු පරිපාලන කටයුතු...
Read More »

Oct 30

කැමරුන් රාජ්‍යයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා  

0 comments

කැමරුන් රාජ්‍යයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. නිවාස රැසක් ද නායගොස් තිබෙනවා. සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් හා විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා කැමරුන් රාජ්‍යය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අධික වර්ෂාවත් සමග නායයාම් ආරම්භ වුණා....
Read More »

Oct 30

දිල්ලි අගනුවර වායු දූෂණය ගැන යළි අවධානය  

0 comments

ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව එරට පරිසර සංගම් පෙන්වාදෙනවා. පසුගිය කාලසීමාවට සාපේක්ෂව වායු දූෂණ මට්ටම ක‍්‍රමයෙන් වැඩිවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඇතැම් මෝටර් රථ වලින් නිකුත් කරන දුම් හේතුවෙන් තත්වය පාලනය කිරීම ගැටලු සහගතවී ඇති බව පරිසර සංගම් පෙන්වාදෙනවා. මෙය දිල්ලියේ ජීවත් වන ජනතාවට ඉතා අහිතකර තත්වයක් බවටයි...
Read More »

Oct 30

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කළ මාධ්‍ය හමුවක් දුමින්ද නාගමුවගේ ප්‍රධානත්වයෙන්  

0 comments

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කළ මාධ්‍ය හමුවක් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු පිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූවා. ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය ජන රැළියට සහභාගිවීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළකෙරුණා. මේ අතර ජනාධිපති අපේක්ෂක එම්...
Read More »

Oct 30

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් යළි අවවාදාත්මක නිවේදනයක්  

0 comments

තද වැසි, සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශවල තද වැසි ඇති විමේ හැකියාවක් පවතිනවා. සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මිටර 80 දක්වා ඉහළයා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. නාවික හා ධීවර ප‍්‍රජාව මේ පිළිබඳ අවදානයෙන්...
Read More »

Oct 29

මැතිවරණ පැමිණිලි දෙදහස ඉක්මවයි  

0 comments

පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි 124 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා. ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට. නීති උල්ලංගනය කිරීම් 117 ක් ඊට ඇතුලත්. ඔක්තෝබර් 8 වනදා සිට මේ දක්වා ලැබුණු සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 2138 ක් බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය...
Read More »

Recent News

Gossip Lanka MAG