Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බයිඩන්ගේ සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය පිළිගනී  

0 comments

ඊශ්‍රායලයේ මාස අටක යුද්ධය නතර කිරිමේ බලාපොරොත්තු මතු කරමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව සාධනීය ලෙස පිළිගන්නා බව හමාස් සංවිධානය පවසනවා. අලුතෙන් ඉදිරිපත් කර ඇති ගාසා සටන් විරාමයක් සදහා වන නව ඊශ්‍රායල යෝජනාව කල්පවත්නා සටන් විරාමයක් හා සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා මාර්ග සිතියමක් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. […]

The post බයිඩන්ගේ සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය පිළිගනී appeared first on ITN News.

Read More »

ඉස්ලාම් විරෝධියෙකුට ජර්මනියේදී පිහි ප්‍රහාරයක්  

0 comments

නිරිතදිග ජර්මනියේ මැන්හයිම් නගරයේදී පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඇතුළු හය දෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා. එලෙස තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ජර්මනියේ ජනප්‍රිය ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරිකයෙකුවන මයිකල් ස්ටර්සන්බර්ගර්ය. ඔහු සිය කණ්ඩායම සමගින් මැන්හයිම් නගරයේදී ඉස්ලාම් විරෝධී රැළියක් ඊයේ (31දා) පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදීයි මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ. එමෙන්ම මෙම ප්‍රහාරය එල්ල වන අයුරු යූ […]

The post ඉස්ලාම් විරෝධියෙකුට ජර්මනියේදී පිහි ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් චෝදනා 34කට ට්‍රම්ප් වරදකරු වෙයි  

0 comments

නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබෙනවා. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා […]

The post අමෙරිකානු ඉතිහාසය වෙනස් කරමින් චෝදනා 34කට ට්‍රම්ප් වරදකරු වෙයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාව යුක්‍රේනයට දුන් අවසරය  

0 comments

රුසියා පාලනයේ පවතින ප්‍රදේශයන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමෙරිකාවේ නිෂ්පාදිත අවිආයුධ භාවිතා කිරීමට ඇමෙරිකා ජනාධිපතිවරයා යුක්‍රේනයට අවසර ලබාදී තිබෙනවා. කාකයිව් ප්‍රාන්තයේ අවට රුසියා පාලනයේ පවතින ප්‍රදේශයන්ට  ප්‍රහාර එල්ල කිරීමට රුසියා ප්‍රහාර මැඩපැවැත්වීම සඳහා ඇමෙරිකාව යුක්‍රේනයට ලබා දුන් අවිආයුධ සහ යුද උපකරණ භාවිතා කළ හැකි බවයි ධවල මන්දිරය නිවේදනය කරන්නේ. කෙසේ වුවද රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල […]

The post ඇමෙරිකාව යුක්‍රේනයට දුන් අවසරය appeared first on ITN News.

Read More »

ට්‍රම්ප් චෝදනා 34කට වරදකරු වෙයි  

0 comments

ඇමෙරිකා හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි ඓතිහාසික අපරාධ නඩු විභාගයේදී සියලු චෝදනාවලට ඔහු වැරදිකරු කෙරුණා. ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනා 34ටම ඔහු වරදකරු බවයි අධිකරණය තීන්දු කළේ. නිව්යෝර්ක් හි පැවති අපරාධ නඩු විභාගය සති 6ක කාලයක් පුරා පැවති අතර සාක්ෂිකරුවන් 22 දෙදෙනෙකු එහිදී හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සාක්ෂි ලබාදුන්නා. ඒ අතරට ට්‍රම්ප් සමඟ ලිංගික […]

The post ට්‍රම්ප් චෝදනා 34කට වරදකරු වෙයි appeared first on ITN News.

Read More »

චීනය සහ අරාබි රාජ්‍යයන් අතර ‘පංච සහයෝගිතා ක්‍රමවේදයක්’  

0 comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (30) බෙයිජිංහි පැවති චීන අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උ‍ළෙලට සහභාගී වුණා. අරාබි රටවල් සමඟ එක්ව අන්‍යෝන්‍ය සහයෝගය යටතේ චීන-අරාබි රාජ්‍ය සම්බන්ධතාව ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමේ ආදර්ශයක් ලෙසට සංවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවක් බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළා. පොදු ඉරණමක් සහිත චීන-අරාබි […]

The post චීනය සහ අරාබි රාජ්‍යයන් අතර ‘පංච සහයෝගිතා ක්‍රමවේදයක්’ appeared first on ITN News.

Read More »

ටයි­ටැ­නික් නටඹුන් බැලීමට සැරසෙන ඇමරිකාවේ කෝටි­ප­ති­යා  

0 comments

ඇමරිකාවේ කෝටි­ප­ති­යකු ටයි­ටැ­නික් නට­බුන් ගවේ­ෂ­ණය  කිරීමේ චාරි­කා­වක නිර­ත­වී­මට සූදා­න­මින් සිටිනවා. ඒ ටයි­ටැ­නික් නෞකාවේ නට­බුන් නැර­ඹී­මට ගොස්  බ්‍රිතාන්‍ය කෝටි­ප­ති­යකු ඇතුළු පුද්ග­ල­යන් පස්දෙ­න­කුට ජීවිත අහි­මි­වීමේ  ඛේද­වා­ච­ක­යෙන් වස­ර­කට පසුවයි. මොහු   74 හැවි­රිදි සමාගම් හිමිකරුවෙක්.   ඔහු තම සහායකයෙකු සමග මෙම චාරිකාවට එක්වීමටයි සූදානම් වී තිබෙන්නේ. මොහු නාසා ආය­ත­නයේ සහ­ති­ක­ලත්  පෞද්ග­ලික  ගඟ­න­ගා­මියෙක්. මොහු මීට පෙර අභ්‍ය­ව­කාශ  නැව­තුම් මධ්‍ය­ස්ථා­න­යට ද ගොස් […]

The post ටයි­ටැ­නික් නටඹුන් බැලීමට සැරසෙන ඇමරිකාවේ කෝටි­ප­ති­යා appeared first on ITN News.

Read More »

ෆිලඩෙල්පි කලාපයේ බලය ඊශ්‍රායලය අත්පත් කරගනී  

0 comments

ගාසා-ඊජිප්තු දේශසීමාවේ බලය තමන් සතු කරගත් බව ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායල හමුදාව පවසන්නේ ගාසා තීරය හා  ඊජිප්තුව අතර දේශ සීමා මායිමේ පිහිටි ෆිලඩෙල්පි කලාපයේ බලය තමන් විසින් අත්පත් කරගෙන ඇති බවයි. හමාස් සංවිධානය ගාසා තීරයට ආයුධ ගෙන ඒම සඳහා යොදාගත් උමං මාර්ග 20ක් පමණ එහි තිබී සොයාගත් බව ඊශ්‍රායල හමුදාව පවසනවා. කෙසේ වෙතත් ඊජිප්තු රූපවාහිනිය මෙය […]

The post ෆිලඩෙල්පි කලාපයේ බලය ඊශ්‍රායලය අත්පත් කරගනී appeared first on ITN News.

Read More »

හොංකොංහි විශාලතම ආරක්ෂක නඩුවේදී 47 දෙනෙකුට දඬුවම් නියම කෙරේ  

0 comments

හොංකොං හි විශාලතම ආරක්ෂක නඩුවේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් 47 දෙනෙකුට දඬුවම් නියම කෙරුණා . 2021 වසරේදී ඔවුන්ට චෝදනා එල්ල වූණේ නිල නොවන මැතිවරණයක් සංවිධාන කිරීමෙන් රජය පෙරළා දැමීමට උත්සාහ කිරීම පිළිබඳවයි. කඩාකප්පල් කිරීමේ චෝදනා මත ඔවුන් 47දෙනා සිරගත කිරීමටයි නියම වුණේ. එම ක්‍රියාකාරීන් අතරට දේශපාලනඥයන් මෙන්ම ශිෂ්‍ය උද්ඝෝෂකයන් ද ඇතුලත්. 2020 වසරේදී චීනය පනවන ලද ජාතික […]

The post හොංකොංහි විශාලතම ආරක්ෂක නඩුවේදී 47 දෙනෙකුට දඬුවම් නියම කෙරේ appeared first on ITN News.

Read More »

රෆා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් තවත් පලස්තීන වැසියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බටහිර රෆා ප්‍රදේශයේ අවතැන් පිරිස් වාසය කරන කදවුරක් ඉලක්ක කර ගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ඊයේ දිනයේද එම ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊශ්‍රායලය අඛණ්ඩව සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් මෙලෙස ප්‍රහාර […]

The post රෆා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

අමෙරිකාවේ බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක් – 7කට තුවාල  

0 comments

අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව මූලික විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා. පිපිරීමෙන් ගොඩනැගිල්ලේ පළමු මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.

The post අමෙරිකාවේ බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක් – 7කට තුවාල appeared first on ITN News.

Read More »

පාකිස්තානයට අධික උෂ්ණත්වයෙන් බලපෑම්  

0 comments

පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්තානයේ සුක්කූර් දිස්ත්‍රික්කයේ ඊයේ දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා තිබෙනවා. ඉදිරි දින කීපය තුළදී ද අධික උෂ්ණත්වයේ බලපෑම බලාපොරොත්තු විය හැකි බවයි එරට කාලගුණ අංශ සඳහන් කරන්නේ. එමෙන්ම රට පුරා රෝහල් රැසකින් හදවත් රෝගීන්ගේ වාර්තාවීම ඉහළ ගොස් ඇති බවද පාකිස්තාන […]

The post පාකිස්තානයට අධික උෂ්ණත්වයෙන් බලපෑම් appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම්  

0 comments

වයඹ දිග හා මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. වයඹ දිග හා මධ්‍යම ඉන්දියාවේ ඇතැම් ස්ථානයන්හි ඊයේ දිනයේදී උෂ්ණතවය සෙල්සියස් අංශක 48 ඉක්මවූ බවයි ඉන්දීය කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. කෙසේ වුවද ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයට බලපා ඇති රේමාල් සුළි කුණාටුව හේතුවෙන් උෂ්ණත්වය තවදුරටත් ඉහළ යාම පාලනය වී ඇති බවද එම […]

The post ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

චීන-ඇමරිකා සමුද්‍ර කටයුතු පිළිබඳ සාකච්ඡාවක්  

0 comments

චීන-ඇමරිකා සමුද්‍ර කටයුතු පිළිබඳ දෙවැනි වටයේ සාකච්ඡාව පැවැත්වේ. සංවාද මාර්ගයෙන් අනවබෝධයන් දුරු කිරීමට දෙපාර්ශ්වය එහිදී එකඟ වී තිබෙනවා. එසේ ම, මෙහිදී ඇමරිකාව චීනය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කර ඇති ප්‍රකෝපකාරී ක්‍රියාවන් වෙත චීනය දැඩි සැලකිල්ල දක්වා ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ භෞමික අඛණ්ඩතාව හා සමුද්‍ර අයිතිවාසිකම් වෙත ගරු කර චීනය හා අසල්වැසි රටවල් අතර පවතින […]

The post චීන-ඇමරිකා සමුද්‍ර කටයුතු පිළිබඳ සාකච්ඡාවක් appeared first on ITN News.

Read More »

ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදුකරන බව ඊශ්‍රායල අගමැති පවසයි  

0 comments

කුමන බලපෑම් එල්ල වුවද ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදුකරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරනවා. ගාසා තීරයේ රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ඊයේ එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් සියයකට අධික පිරිසක් පිළිස්සුම් හා කැපුම් තුවාල ලබා සිටින බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඊශ්‍රායල ප්‍රහාරයන් ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට […]

The post ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම අඛණ්ඩව සිදුකරන බව ඊශ්‍රායල අගමැති පවසයි appeared first on ITN News.

Read More »

බංග්ලාදේශයට හා ඉන්දියාවට බලපා ඇති “රෙමාල්” සුළි කුණාටුවෙන් 16 දෙනෙකු මරුට  

0 comments

බංග්ලාදේශයට හා ඉන්දියාවට බලපා ඇති රේමාල් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පැයට කිලෝමීටර 110ක පමණ ප්‍රබලත්වයෙන් යුතු සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ හා බංග්ලාදේශයේ දකුණු දිග ප්‍රදේශයන්ට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුවත් සමග ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පහත් බිමි රැසක් ජලයෙන් යටව ඇති අතර ගංවතුර තත්ත්වයක් ද හටගෙන […]

The post බංග්ලාදේශයට හා ඉන්දියාවට බලපා ඇති “රෙමාල්” සුළි කුණාටුවෙන් 16 දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

උතුරු පැපුවානිව්ගිනියාවේ ඛේදවාචකයෙන් මිය ගිය සංඛ්‍යාව 1000 ඉක්මවිය හැකියි  

0 comments

උතුරු පැපුවානිව්ගිනියාවේ සිදුවූ නායයාමෙන් අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවීමට ඉඩ ඇති බව එරට රජය නිවේදනය කරනවා.

උතුරු පැපුවානිව්ගිනියාවේ සිදු වූ නාය යෑමෙන් මියගිය සංඛ්‍යාව 670 දක්වා ඉහළ ගියා.

එංගා පළාතේ කඕකලම් ගම්මානයේ මෙම අනතුර සිදු වු අතර නායයාමෙන් විශාල ගල් / කඩාවැටුණු ගස් සහ වෙනත් සුන්බුන් අතර තවමත් ජනතාව සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම නිවාස 1500 ක් පමණ විනාශ වී ඇති බවද සදහන්. ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

කෙසේ වුවත් ඇතැම් ස්ථානවල අඩි 32ක පමණ ගැඹුරක ද ඇතැම් පුද්ගලයින් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

The post උතුරු පැපුවානිව්ගිනියාවේ ඛේදවාචකයෙන් මිය ගිය සංඛ්‍යාව 1000 ඉක්මවිය හැකියි appeared first on ITN News.

Read More »

ගුවන්යානයක් වායු කැලඹීමකට හසුවෙයි  

0 comments

කටාර් රාජ්‍යයේ දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරමින් පැවති කටාර් එයාර්වේස් සමාගමට අයත් ගුවන්යානයක් උඩුගුවනේ දී වායු කැලඹීමකට හසුවීමෙන් මගීන් 12 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට එහි නියමුවන් සමත්ව තිබූ අතර තුවාල ලබා තිබුණේ මගීන් හය දෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් හය දෙනෙක්.

The post ගුවන්යානයක් වායු කැලඹීමකට හසුවෙයි appeared first on ITN News.

Read More »

ලෝකෙම හදවත් වසඟයට ගත් Richard M Sherman දිවියෙන් සමුගනී  

0 comments

ලෝකයේම හදවත් වසඟයට ගත් නිර්මාණකරුවෙකු වන ඩිස්නි චිත්‍රපට සඳහා ගීත රචනා කළ Richard M Sherman අභාවප්‍රාප්ත වුණා.

වයෝ වෘද්ධ භාවය සමග ඇති වු රෝගී තත්ත්වයන් හේතුවෙන් ඔහු මිය යන විට 95 වන වියේහි පසුවුණා.

Richard M Sherman ඔහුගේ සහෝදරයා වන රොබට් ෂර්මන් සමග ඩිස්නිහි ගීත 150කට වැඩි ප්‍රමාණයක් රචනා කර තිබෙනවා.

මේරි පොපින්ස් නම් ඩිස්නි චිත්‍රපටය සදහා ෂර්මන් සහෝදරයන් නිර්මාණය කළ ගීත සදහා ඔස්කා සම්මාන ද හිමිවුණා.

ඔහුගේ නිර්මාණ අතර ජංගල් බුක් චිත්‍රපටයේ ගීතය සහ චිටි චිටි බැන්ග් බැන්ග් චිත්‍රපටයේ ගීත ප්‍රධාන වනවා.

ෂර්මන් සහෝදරයින්ට මෙම ගීත නිර්මාණ වෙනුවෙන් එක්සත් ජනපද කලා පදක්කම ද 2008 වසරේ දී හිමිවී තිබුණා.

 

 

 

 

 

 

 

The post ලෝකෙම හදවත් වසඟයට ගත් Richard M Sherman දිවියෙන් සමුගනී appeared first on ITN News.

Read More »

යුක්රේනයේ කාර්කිව් නගරයේ සුපිරි වෙළදසැලකට එල්ල වූ ප්‍රහාරයකින් 12 දෙනෙකු මරුට  

0 comments

උතුරු යුක්රේනයේ කාර්කිව් නගරයේ  සුපිරි වෙළදසැලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

තවත් 43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති වොල්දොමීර්  සෙලෙන්ස්කි රුසියාවට චෝදනා එල්ල කර ඇති බව ද එම වාර්තාවල සදහන්.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ 200 කට වැඩි පිරිසක් සුපිරි වෙළදසැලේ රැදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post යුක්රේනයේ කාර්කිව් නගරයේ සුපිරි වෙළදසැලකට එල්ල වූ ප්‍රහාරයකින් 12 දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

දිල්ලියේ ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ගින්නකින් බිළිඳුන් 6 දෙනෙක් මියයයි  

0 comments

දිල්ලියේ ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් බිළිඳුන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

අලුත උපන් බිළිඳුන් 12 දෙනෙකු මෙම ගින්නෙන් බේරාගෙන ඇති අතර රෝහල් ගතව සිටියදී ඉන් 6 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නැගෙනහිර දිල්ලියේ විවේක් විහාර් ප්‍රදේශයේ ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ඇතිවූ මෙම ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 8ක් පමණ යොදවනු ලැබුවා.

ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැති අතර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

The post දිල්ලියේ ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ගින්නකින් බිළිඳුන් 6 දෙනෙක් මියයයි appeared first on ITN News.

Read More »

ගුජරාට් ප්‍රාන්තයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නක්  

0 comments

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කෝට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්නෙන් පුද්ගලයින් 20දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි  ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එලෙස මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු සිටිනවා.

සිදුවීම සැලවීමත් සමඟ සහන කණ්ඩායම් එම ස්ථානයට පැමිණ ගින්න නිවීමටත්, මුදාගැනීම් සිදුකිරීම ආරම්භ කළා.

මෙම ගින්න හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

The post ගුජරාට් ප්‍රාන්තයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක ගින්නක් appeared first on ITN News.

Read More »

පාකිස්ථානය සහ IMF අතර සාකච්ඡාවක්  

0 comments

පාකිස්ථානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවයක් ඇතිකර ගැනීමට සාකච්ඡා පවත්වා තිබෙනවා.

සැලකිය යුතු ප්‍රගතියක් පාකිස්ථානය අත්කර ගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

පාකිස්ථානය මගින් ඩොලර් බිලියන 6ත් 8ත් අතර ණය මුදලක් අයදුම් කර තිබෙනවා.

එම ණය මුදල අනුමත වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්ථානය ලාබාගන්නා විසිහතරවන ණය මුදල මෙයයි.

ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල එකගතාවයකට එළඹිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණ වන්නේ පාකිස්ථානය ආර්ථික ස්ථායිකරණයේ සිට ශක්තිමත් ආර්ථික වර්ධනයක් දක්වා රැගෙන යාමටයි.

The post පාකිස්ථානය සහ IMF අතර සාකච්ඡාවක් appeared first on ITN News.

Read More »

ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර වහාම නවත්වන්න – ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝගයක්  

0 comments

ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර වහාම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

ගාසා තීරයට නිදහසේ ආධාර ගලාඒමට ඉඩ සැලසීම මෙන්ම දේශ සීමා හරස්මාර්ග විවෘත කරන ලෙසට ද නියෝග කර තිබෙනවා.

පලස්තීනයේ ජන සංහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කණ්ඩායම්වලට නිදහසේ තම රාජකාරි ඉටු කිරිම සඳහා ඉඩ සැලසිය යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.

එමෙන්ම මෙම නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මාසයක් තුළ වාර්තා කරන ලෙසට ද ඊශ්‍රායලයට නියෝග කෙරුණා.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ඊශ්‍රායලය කියා සිටින්නේ ආරක්ෂා වීම සඳහා ඇති අයිතිය තම රට භාවිත කරන බවයි.

එමෙන්ම ජන සංහාර පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ඔවුන් කියා සිටිනවා.

The post ගාසා තීරයට එල්ලකරන ප්‍රහාර වහාම නවත්වන්න – ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.

Read More »

පැපුවා නිව්ගිනියාවේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි  

0 comments

පැපුවා නිව්ගිනියාවේ සිදූ වූ නායයාමෙන් මිය ගිය පිරිස 300 කට අධික බව එරට වාර්තා සඳහන් කරනවා.

අයහපත් කාලගුණය හා මාර්ග අවහිරතා හේතුවෙන් විපතට පත්වූවන්  මුදාගැනීමේ මෙහෙයුම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

නිවාස 1182 න් නායයෑමට ලක් වුණා.ඒවායෙහි සිටි පිරිස නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැක බවයි පැපුවානිව්ගිනියා  රජය ප්‍රකාශ කරන්නේ.

නායයාමට ලක් වූ ගම්මානයේ පුද්ගලයින් 3895 දෙනෙකු ජීවත් වුණා.

මෙම ගම්මානය අවට ප්‍රදේශයේද නායයෑමේ තර්ජනයට ලක්ව තිබෙනවා.

The post පැපුවා නිව්ගිනියාවේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි appeared first on ITN News.

Read More »

පැපුවානිව්ගිනියාවේ නායයාමකින් විශාල පිරිසක් මිය යයි  

0 comments

පැපුවානිව්ගිනියාවේ නායයාමකින් විශාල පිරිසක් මිය ගොස්  සහ අතුරුදන්ව සිටිනවා.

නිවාස 100 කට අධික සංඛ්‍යාවක් වැලලී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පැපුවානිව්ගිනියාවේ දුෂ්කර ගම්මාන 06ක් මෙලෙස නායගොස් තිබෙනවා.

මියගිය නිශ්චිත සංඛ්‍යාව හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිර වී සිටීද යන්න පිලිබද තොරතුරු මෙතෙක් තහවුරු කිරීමට නොහැකි වී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

පස්කදුවලට යටවී ඇති පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනවා. පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍යවරයා පවසන්නේ විනාශයේ හා ජීවිත හානියේ පරිමානය කොපමණ ද යන්න පිළිබද තොරතුරු පසුව නිකුත් කරන බවයි.

මෙම විශාල නාය යාමත් සමග ගස්ගල් පෙරලී ඇති බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

The post පැපුවානිව්ගිනියාවේ නායයාමකින් විශාල පිරිසක් මිය යයි appeared first on ITN News.

Read More »

ස්පාඤ්ඤයේ ගොඩනැගිලක් කඩා වැටීමෙන් 4 දෙනෙක් මියයයි  

0 comments

ස්පාඤ්ඤයේ මජෝකා දිවයිනේ දෙමහල් ගොඩනැගිලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලැබුවා.

මජෝකා හි වෙරළබඩ විදියක අවන්හලකයි මෙය සිදුවුණේ.

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තවත් පිරිසක් සිරව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුදාගැනීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතිනවා.

විදේශිකයන් බහුලව සිටි අවන්හලකුයි මෙසේ කඩා වැටී ඇත්තේ.

The post ස්පාඤ්ඤයේ ගොඩනැගිලක් කඩා වැටීමෙන් 4 දෙනෙක් මියයයි appeared first on ITN News.

Read More »

මෙක්සිකෝවේ ජනාධිපතිවරණ රැළියක වේදිකාවක් කඩා වැටී 9 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

මෙක්සිකෝවේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටීමෙන් 9 දෙනෙකු මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මධ්‍ය වාම ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් අල්වාරෙස් මයිනෙස්ගේ රැළියක් අතරතුරයි මෙලෙස වේදිකාව කඩා වැටී ඇත්තේ.

කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයාට ඉන් තුවාල සිදුව නැති බවයි වාර්තා වන්නේ.

වේදිකාවේ විශාල පිරිසක් සිටියදී ඇති වු හදිසි සුළඟක් හේතුවෙන් මෙම කඩා වැටීම සිදුව ඇත්තේ.

The post මෙක්සිකෝවේ ජනාධිපතිවරණ රැළියක වේදිකාවක් කඩා වැටී 9 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

සිරියා ජනපති ආර්යාවට ලියුකේමියාව වැළඳී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි  

0 comments

සිරියා ජනාධිපති ආර්යාව ලියුකේමියා රෝගයට ගොදුරුවී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා.

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බිරිද වන අස්මා අසාද් ලියුකේමියා රෝගයට ගොදුරුවී ඇති බව පුළුල් වෛද්‍ය පරීක්ෂණ මාලාවක් සිදුකිරීමෙන් පසු අනාවරණය වී තිබෙනවා.

මේ වනවිට ඇය රෝගයට ප්‍රතිකාර සදහා විශේෂ වැඩසටහන් යටතේ යොමුව සිටින අතර සියලු මහජන කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව සිටින බව ජනාධිපති කාර්යාලය සදහන් කරනවා.

අස්මා අසාද් මීට පෙර පියයුරු පිළිකා සදහා ද ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. 2019 වසරේ අගෝස්තු මාසයේ දී ඇයගේ පියයුරු පිළිකා රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව වූ බව නිවේදනය කළා.

2020 වසරේ දී ඇය සිරියා ජනාධිපතිවරයා සමග විවාහ ගිවිස ගත්තා.

 

 

 

 

The post සිරියා ජනපති ආර්යාවට ලියුකේමියාව වැළඳී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි appeared first on ITN News.

Read More »

ගුවන් අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – 07කට බරපතලයි  

0 comments

සිංගප්පුරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ලන්ඩන් නුවර සිට බැංකොක් බලා පැමි‍ණෙමින් සිටියදී උඩුගුවනේ දී වායු රික්තකයකට ඇතුලු වීමත් සමඟ සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු බව සිංගප්පූරු ගුවන් සේවය නිවේදනය කරනවා.

ජෙෆ් කිචන් නැමැති මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරෙන් පුද්ගලයින් 70 දෙනෙකු පමණ තුවාල ලබා ඇති ද ගුවන් සේවය නිවේදනය කරනවා.

ඔවුන්ගෙන් 07 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්.

මගීන් බොහෝ දෙනෙකු ආසනපටි පැලද සිට නොමැති අතර ඔවුන්ගුවන් යානයේ ඉහළ කොටසේ ගැටුණු බව එක් මගියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.

එය සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 211 දෙනෙකු හා කාර්යමණ්ඩලය 18 දෙනෙකු ගමන් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්යානයේ ගමන් කළ සියලු මගීන්ගෙන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගෙන් සමාව අයැද සිටින බවයි ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එමෙන්ම අනතුර සම්බන්ධයෙන් පූර්ණ පරික්ෂණයක් සිදු කරන ලෙස සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

The post ගුවන් අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට – 07කට බරපතලයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයට සාගත තත්ත්වයක් ඇති වීමේ අවදානම ඉහළට  

0 comments

ගාසා තීරයට අවශ්‍ය මානුෂීය ආධාර නිසි ආකාරයෙන් බෙදා හැරීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් සාගත තත්ත්වයක් ඇති වීමේ අවදානම ඉහළ යමින් පවතිනවා.

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ ජබාලියා සරණාගත කඳවුර හා රෝහල් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය ඊයේ දිනයේද අඛණ්ඩ ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

කාලතුවක්කු හා යුද ටැංකි යොදා ගනිමින් මෙම ප්‍රහාර මාලාව සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

තාවකාලිකව ඉදිකළ වරාය උපයෝගී කරගනිමින් ඇමෙරිකා හමුදාවේ මැදිහත්වීමෙන් රැගෙන ආ මානුෂීය ආධාර ටොන් 570 කට ආසන්න ප්‍රමාණය ගාසා වැසියන් වෙත ලබාදීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ.

ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීම සිදු කළහොත් ගාසා තීරය තුළ ක්‍රියාත්මක මානුෂීය ක්‍රියාන්විතයන් අත්හිටුවීමට සිදු වන බව ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවනවා.

The post ගාසා තීරයට සාගත තත්ත්වයක් ඇති වීමේ අවදානම ඉහළට appeared first on ITN News.

Read More »

ජෙකෝබ් සුමා ඇත්තටම සුදුසු නැද්ද?  

0 comments

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජෙකෝබ් සුමාට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට සුදුසුකම් නොමැති බව අධිකරණය තීන්දුකර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා 2021 වසරේ දී අධිකරණයට අපහාස කිරීමට වරදකරු වීම හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවටයි අධිකරණය තීන්දු කර ඇත්තේ.

එයට වරදකරු වීම හේතුවෙන් ඔහුට මාස 15ක සිරදඩුවමක් ද නියම කෙරුණා.

දකුණු අප්‍රිකා ව්‍යවස්ථාව අනුව මාස 12ට වැඩි සිරදඬුවමක් ලබා ඇති කිසිම පුද්ගලයෙකුට එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මෙම මස 29 වන දින දකුණු අප්‍රිකා මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

 

 

 

 

The post ජෙකෝබ් සුමා ඇත්තටම සුදුසු නැද්ද? appeared first on ITN News.

Read More »

ඉරානයේ දින පහක ශෝක කාලයක්  

0 comments

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගුවන් අනතුරකින් ජිවිතක්ෂයට පත්වීම හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීමට ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි කටයුතු කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.

ඉරාන අසර්බයිජාන් දේශසීමාවේ ඉදිකළ වේල්ලක් විවෘත කිරීමෙන් අනතුරුව ටැබ්‍රිස් නගරය බලා යළි පැමිණෙනමින් සිටියදී ඉරාන ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය අනතුරට ලක්වුණා.

සෙනසුරාදා සන්ධ්‍යාවේ දි අනතුරට ලක්වු ගුවන් යානය සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණ ද අධික මීදුම් හා අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ උදෑසන වන තෙක් සහන කණ්ඩායම් හට ඊට ළගා වීමට නොහැකිවුණා.

ඩ්‍රෝන යානා ආධාරයෙන් අනතුරට ලක්වු හෙලිකොප්ටර් යානයේ සුන්බුන් ඊයේ උදෑසන සොයා ගැනුනා.

එහි ගමන් කළ  ඉරාන ජනාධිපතිවරයා,  විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුලු එහි ගමන් කළ සියලුදෙනා ඒ වන විට ජිවිතක්ෂයට පත්ව ඇති බවයි සහන කණ්ඩායම් නිවේදනය කළේ.

ඉරාන ජනාධිපතිවරයා ගුවන් අනතුරෙන් ජිවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා රටවල් රැසක් තම අතිශය සංවේගය ඉරාන රජයට සහ ජනතාවට පළ කළා.

එමෙන්ම ජගත් ආරක්ෂක කවුන්සිලයේ දී ඉරාන ජනාධිපතිවරයා සිහිකරමින් විනාඩියක නිශ්ෂබ්දතාවයක් සුරකීමට ද එහි සාමාජිකයින් කටයුතු කළා.

මේ අතර හෙලිකොප්ටර් යානා අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ආරම්භ කිරීමට ඉරාන රජය පියවර ගෙන තිබෙනවා. ඒ සදහා විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් අනතුර සිදුවු ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති අතර මේ වන විටත් ඔවුන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයාගේ හදිසි අභාවය හේතුවෙන් වැඩබලන ජනාධිපතිවරයා ලෙස එරට උප ජනාධිපති මොහොමඩ් මොක්බර් පත්කෙරුණු අතර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අලී බගේරි ඛාන් පත්කෙරුණා.

ඉරාන ජනාධිපතිවරණය ලබන මස 28 වන දින පැවැත්වීමට නියමිතයි. ඊබ්‍රහිම් රයිසි ජනාධිපතිවරයා ජිවිතක්ෂයට පත්වීම හේතුවෙන් ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වෙනවා.

එරට අධිකරණ,  විධායක හා ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් එම තීරණය ගෙන තිබෙනවා.

මෙම මස 30 වන දිනට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් තම නාම යෝජනා භාරදිය යුතු බවයි ඉරාන මාධ්‍ය සදහන් කරන්නේ.

එමෙන්ම ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය හේතුවෙන් අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා. සෑම රාජ්‍ය ආයතනයකම ජාතික ධජය අඩකුඹුකර තබන ලෙස උපදෙස් දී ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසන්නේ.

 

The post ඉරානයේ දින පහක ශෝක කාලයක් appeared first on ITN News.

Read More »

ගාසා ජනගහනයෙන් 40%ක් සති දෙකක් ඇතුළත අවතැන් – ජගත් සංවිධානය  

0 comments

ගාසා ජනගහනයෙන් සියයට 40ක ප්‍රතිශතයක් සති දෙකක් ඇතුළත දී අවතැන්භාවයට පත්ව ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

ගාසා සමස්ත ජන ගහනයෙන් සියයට 40ක ප්‍රමාණයක් නැතහොත් ලක්ෂ 9කට අධික ගාසා වැසියන් පිරිසක් පසුගිය සති දෙක තුළදී අවතැන්භාවයට පත්ව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ.

ඊශ්‍රායලය ගාසා තීරයේ උතුරු හා දකුණු ප්‍රදේශ දෙකම ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව මෙහෙයුම් සිදුකිරීම ඊට හේතුවී තිබෙනවා.

එමෙන්ම රෆා ප්‍රදේශයෙන් ජනතාවට ඉවත්ව යන ලෙසට ඊශ්‍රායල ආරක්ෂක අංශ බලපෑම් කිරීම ද හේතුවී ඇති බවයි ජගත් සංවිධාන අනාවරණය කරන්නේ.

මේ අතර ගාසා තීරයේ ජබාලියා හා බෙයිට් ලහියා ප්‍ර දේශ වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සංවිධානය නිවේදනය කරනවා.

 

 

 

 

The post ගාසා ජනගහනයෙන් 40%ක් සති දෙකක් ඇතුළත අවතැන් – ජගත් සංවිධානය appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල-හමාස් නායකයන්ට වරෙන්තු නිකුත් කරන්නැයි යුද අධිකරණයට ඉල්ලීමක්  

0 comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හා හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර යුද අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබෙනවා.

ජාත්‍යන්තර යුද අධිකරණයේ ප්‍රධාන නඩු ගොනු කරන්නා ලෙස ක්‍රියාකරන කරීම් ඛාන් මෙලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හා හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා තිබෙනවා.

සාහසික ලෙස මනූෂ්‍ය ඝාතන සිදුකිරීම හේතුවෙනුයි මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලා ඇත්තේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරිම හරහා ඊශ්‍රායල වැසියන් ඝාතනය කිරීම හා ඊශ්‍රායලය ගාසා තිරය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් ජිවිතක්ෂයට පත්වීම ඊට හේතු ලෙස නම් කර තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙන්ම එරට ආරක්ෂක අමාත්‍යවරයා හා හමාස් සංවිධානයේ නායකයින් තුන් දෙනෙකු දැනට සිදුකෙරෙමින් පවත්නා ඝාතනයන්ට වගකිව යුතු බවයි කරීම් ඛාන් නිවේදනය කරන්නේ.

යුද අපරාධ හා මනූෂ්‍යත්වයට එරෙහි අපරාධ දෙපාර්ශවයම සිදුකර ඇති බැවින් ඔවුන්ට එරෙහි වරෙන්තු නිකුත් කරනු ඇති බවට කරිම් ඛාන් විශ්වාසය පළ කරනවා.

 

 

 

The post ඊශ්‍රායල-හමාස් නායකයන්ට වරෙන්තු නිකුත් කරන්නැයි යුද අධිකරණයට ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දෙයි  

0 comments

තායිවානයේ නව ජනාධිපතිවරයා ලෙස පාලක ප්‍රජාතාන්ත්‍රික ප්‍රගතිශිලි පක්ෂයේ විලියම් ලායි චිං-ටේ දිවුරුම් දුන්නා.

චීන විරෝධි කඳවුර නියෝජනය කරන ඔහු ලක්ෂ 50කට අධික ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසයි සැලකෙන්නේ.

චීනයේ දීර්ඝ කාලීන පවතින ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පාලනයක් ස්ථාපිත කිරීමට ඔහු විටින් විට සටන් කර තිබෙනවා.

ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ලායි චින් වයස අවුරුදු 64ක පුද්ගලයෙක්.

තායිවානයේ ඉදිරියටත් සාමය සහ ප්‍රජාත්නත්‍රවාදය ස්ථාපිත කිරීමට තමා කටයුතු කරන බවයි දිවුරුම් දෙමින් කියා සිටියේ.

 

 

 

 

 

 

 

The post තායිවානයේ නව ජනාධිපති ලෙස විලියම් ලායි චිං-ටේ දිවුරුම් දෙයි appeared first on ITN News.

Read More »

ඉරාන ජනාධිපති ගමන් කළ යානය කඩා වැටුණු ස්ථානය සොයා ගනී  

0 comments

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි රැගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා.

එහිදී තත්ත්වය එතරම් “‍යහපත්” මට්ටමක නොවන බවට ඉරානයේ Red Crescent සමාජයේ ප්‍රධානියා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉරාන ජනාධිපතිවරයා, ජීවිතුන් අතර සිටිනවා ද? නැද්ද? යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

 

The post ඉරාන ජනාධිපති ගමන් කළ යානය කඩා වැටුණු ස්ථානය සොයා ගනී appeared first on ITN News.

Read More »

ඉරාන ජනපතිව සොයා විශේෂ මෙහෙයුමක්  

0 comments

ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ගමන්කරමින් සිටියදී අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය සොයා එරට ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කෙසේ වෙතත් අධික මීදුම ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වයන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා පමුණුවන අතර හෙලිකොප්ටරය තවමත් අතුරුදන්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමට ඊයේ (19) සහභාගි වී තිබෙනවා.

එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙලිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී ඔවුන් එම අනතුරට මුහුණ දී තිබේ.

අයහපත් කාලගුණය ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කරමින් සිටි බව ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය IRNA වාර්තා කළේය. ඉරාන හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා, හමුදාවේ සහ ප්‍රභූ විප්ලවවාදී ආරක්ෂක බළකායේ සියලු සම්පත් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන ලෙස නියෝග කර ඇත.

එසේම රට පුරා රයිසි වෙනුවෙන් යාඥා පවත්වන බව පෙන්වීමට රාජ්‍ය රූපවාහිනිය සිය නිත්‍ය වැඩසටහන් සියල්ල නවතා තිරයේ කොනක දැඩි මීදුමක කඳුකර ප්‍රදේශයේ පා ගමනින් යොදවා ඇති ගලවා ගැනීමේ කණ්ඩායම් සජීවීව ආවරණය කරමින් ඇති බව වාර්තා වේ.

The post ඉරාන ජනපතිව සොයා විශේෂ මෙහෙයුමක් appeared first on ITN News.

Read More »

රෆා ප්‍රදේශයෙන් ලක්ෂ 9ක් පලායයි  

0 comments

ගාසා තීරයේ රෆා ප්‍රදේශයෙන් ලක්ෂ 9ක පමණ පිරිසක් පලාගොස් ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

ඊශ්‍රායලය රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් දැඩි කිරීමත් සමඟ ඉන් පලායන පිරිස ඉහළ ගොස් තිබෙනවා.

ගාසා තීරයේ අවතැන් වූ පිරිස අතරට තවත් ලක්ෂ 9ක පිරිසක් මේ සමඟ එක්වන බවයි ජගත් සංවිධානය පවසන්නේ.

පසුගිය සතිය ඇතුළත දී  මෙතරම් විශාල පිරිසක් අවතැන්භාවයට පත්වීම ද විශේෂත්වයක්.

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ඊයේ දිනයේදී පමණක් පලස්තීන වැසියන් 83 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම අද දිනය තුළදී තවත් සාමාන්‍ය වැසියන් 20 දෙනෙකු පමණ ඊහ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්වූ බව හමාස් සංවිධානය නිවේදනය කරනවා.

The post රෆා ප්‍රදේශයෙන් ලක්ෂ 9ක් පලායයි appeared first on ITN News.

Read More »

උතුරු සුඩානයේ ගැටුම් තීව්‍ර වෙයි  

0 comments

පසුගිය සතියේ සිට උතුරු සුඩානය කේන්ද්‍ර කර දියත්වන ගැටුම් තීව්‍ර වී තිබෙනවා.

ගැටුම්වලින් මෙතෙක් මියගොස් ඇති පිරිස 60කට ආසන්න බවයි වාර්තා වන්නේ.

උතුරු සුඩානයේ තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් දැඩි කනස්සල්ල පළ කළා.

සුඩාන හමුදාව සහ එරට පැරාමිලිටරි කණ්ඩායම් අතර වසරක කාලයක සිට පවතින ගැටුම් හේතුවෙන් සුඩාන ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

සුඩානයේ ප්‍රාන්ත 18න් 11කට ගැටුම් පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

The post උතුරු සුඩානයේ ගැටුම් තීව්‍ර වෙයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්  

0 comments

යුද මෙහෙයුම් වලින් අනතුරුව ගාසා තීරය සම්බන්ධයෙන් නිසි වැඩසටහනක් ඉදිරිපත් නොකරන්නේ නම් කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අමාත්‍ය බෙනී ගැන්ස් අනතුරු අඟවනවා.

බෙනී ගැන්ස් ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකු ලෙසයි සැලකෙන්නේ.

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සැළසුම් සම්බන්ධයෙන් එරට යුද කැබිනට්ටුවේ මතබේදාත්මක ගැටුම් හටගෙන තිබෙනවා.

ගාසා තීරය තුළ කිසි ලෙසකින් ඊශ්‍රායල මිලිටරි පාලනයක් හෝ සිවිල් පාලනයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි පසුගිය සිකුරාදා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ.

සාම සාකච්ඡා ආරම්භ කර ගැටුම් සමතයකට පත්කර ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට එල්ල වන පීඩනය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

ජුනි මස 8 වන දිනට ප්‍රථමයෙන් ගාසා තීරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා තම සැළැස්ම ඉදිරිපත් කළ යුතු බවයි බෙනී ගැන්ස් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ.

The post ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

කිරිගිස්තාන විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක ගැටුමක්  

0 comments

කිරිගිස්තාන විශ්වවිද්‍යාල සිසුන් විදෙස් සිසුන්ට සිදුකළ පහරදීමෙන් සිසුන් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කිරිගිස්තානයේ බිෂ්කෙක් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක දේශීය සිසුන් සහ විදේශීය සිසුන් අතර ගැටුමක් ඇති වුණා.

මෙම ගැටුමට ප්‍රදේශවාසින්ගේ සහාය ද දේශීය සිසුන්ට ලැබී තිබෙනවා.

මෙම ගැටුමෙන් පාකිස්තාන සිසුන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් ආරංචි මාර්ග සදහන් කරන්නේ. පාකිස්තානය,  බංග්ලාදේශය,  ඉන්දියාව, ඊජිප්තුව වැනි රටවල් වලින් පැමිණෙන සිසුන් සංඛ්‍යාව ඉහළ යාමට විරුද්ධව මෙම ගැටුම් හටගත්තා.

මේ වන විට කිරිගිස්තානය තුළ ඉන්දීය සිසුන් 15000කට අධික ප්‍රමාණයක් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රචන්ඩ විරෝධතා මධ්‍යයේ සියලුම සිසුන් තම නේවාසිකාගාර තුළ රැදි සිටින ලෙස ඉන්දීය රජය සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බවට කිරිගිස්තාන රජය ප්‍රකාශ කරනවා.

 

 

The post කිරිගිස්තාන විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක ගැටුමක් appeared first on ITN News.

Read More »

පේරු රාජ්‍යයේ  ජනතාව වීදි බසී  

0 comments

පේරු රාජ්‍යයේ  නව රක්ෂණ නීතියට විරෝධය පළකරමින් ජනතාව වීදි බැස තිබෙනවා.

එරට රජය විසින් පසුගිය සතියේ සංක්‍රාන්තික ලිංගිකයන් මානසික රෝගීන් ලෙස සලකා නව සෞඛ්‍ය නීති සම්මත කර ගෙන තිබෙනවා.

එම නීතිය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා පේරු අගනුවර පසුගිය දා විරෝධතාවක් පැවැත්වුණා.

500ක් පමණ පිරිසක් එම විරෝධතාවට එක්ව සිටියා.

සංක්‍රාන්තික ලිංගිකයන්ට සිදුවන අපකිර්තිය ප්‍රතික්ෂේප කරන බවත් මෙය සම්පුර්ණ සෞඛ්‍ය ආවරණයක් සහතික කිරීමට ගත් උත්සහයක් බව එරට රජය ප්‍රකාශ කරනවා.

The post පේරු රාජ්‍යයේ  ජනතාව වීදි බසී appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවෙන් ගාසා තීරයට ආධාර තොගයක්  

0 comments

ගාසා තීරයට පළමු ඇමෙරිකා ආධාර තොගය සාර්ථකව යොමු කිරීමට හැකිවුණා.

තාවකාලික පාවෙන තොටුපොළක් හරහා ආධාර තොගය නැව්ගත කර තිබෙනවා.

මෙම ආධාර අනතුරුව ට්‍රක් රථ මගින් අදාළ ස්ථානවලට යොමු කෙරුණා.

ප්ලාස්ටික් කූඩාරම් 8400ක් ද මේ අතර වනවා.

කූඩාරම් පමණක් නොව සනීපාරක්ෂක කට්ටල ද ගාසා තීරයට යොමු කෙරුණා.

එමෙන්ම ටොන් 500ක තවත් ආධාර තොගයක් ලබන සතියේදි ගාසා තීරයට යොමු කිරීමට එංගලන්තය සූදානමින් සිටිනවා.

The post ඇමෙරිකාවෙන් ගාසා තීරයට ආධාර තොගයක් appeared first on ITN News.

Read More »

ස්පාඤ්ඤ සංචාරකයින් තුන්දෙනෙක් මධ්‍යම ඇෆ්ගනිස්තානයේදී ඝාතනය කෙරේ  

0 comments

ස්පාඤ්ඤ සංචාරකයන් තුන්දෙනෙකු මධ්‍යම ඇෆ්ගන්ස්ථානයේදී ඝාතනය කර තිබෙනවා.

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ බාමියන් නගරයේ සිදුකළ වෙඩි තැබීමකදී ඔවුන් මෙසේ මිය ගොස් ඇත්තේ.

ඇෆ්ගනිස්තාන ජාතිකයෙකු ද සිද්ධියෙන් මියගියා.

විදේශිකයන් 4 දෙනෙකු හා ඇෆ්ගන් ජාතිකයන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එමෙන්ම තලෙයිබාන් රජය මෙම සිද්ධිය හෙලාදකින බවද එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.

The post ස්පාඤ්ඤ සංචාරකයින් තුන්දෙනෙක් මධ්‍යම ඇෆ්ගනිස්තානයේදී ඝාතනය කෙරේ appeared first on ITN News.

Read More »

යුරෝපය පුරා වාර්තා ගත ලෙස උද්ධමනය ඉහළ යයි  

0 comments

යුරෝපය පුරා වාර්තා ගත ලෙස උද්ධමනය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.

උද්ධමනය ඉහළ යාම හමුවේ යුරෝපයේ ජනතාව පාරිභෝගික භාණ්ඩ මිල දී ගැනීම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

යුරෝපා රටවල සියලු රජයන් උද්ධමනය පාලනය කිරීමට උත්සහ කළ ද මෙතෙක් එය සාර්ථක වී නැහැ.

ලබන මාසයේ දී යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර ආර්ථික අර්බුදය මැතිවරණයට සෘජු බලපෑමක් ඇති කරනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරනවා.

යුරෝපා කලාපයේ ගෑස් සහ විදුලි මිල 35%කින් පමණ ඉහළ ගොස් ඇති අතර යුරෝපා ජනතාව තම රජයන් කෙරෙහි තබා ඇති විශ්වාසය දිනෙන් දින පළුදු වීමට ලක්වන බව ද විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

 

 

 

 

 

 

The post යුරෝපය පුරා වාර්තා ගත ලෙස උද්ධමනය ඉහළ යයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල යුද කැබිනට්ටුව තුළ දැඩි අර්බුදයක්  

0 comments

ඊශ්‍රායල යුද කැබිනට්ටුව තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මතභේදාත්මක ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල යුද කැබිනට්ටුව දෙකඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සදහන් කරන්නේ ගාසා තීරය තුළ ඊශ්‍රායල පාලනක් ඇති විමට කිසිසේත් ඉඩ නොතබන බවයි. ඔහු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග දැඩි මතභේදාත්මක ගැටුම් ඇති කර ගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාට අභියෝග කරමින් ඔහු සදහන් කරන්නේ ගාසා තීරය තුළ ඊශ්‍රායල මිලිටරි පාලනයක් හෝ සිවිල් පාලනයක් ඇති වීමට තමා කිසිසේත් ඉඩ නොතබන බවයි.

පසුගිය වසෙර් දී අග්‍රාමාත්‍යවරයා ඔහු ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට උත්සහ කළ ද එය ද අසාර්ථක වුණා.

මේ වන විට යුද කැබිනට් මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම ගැලන්ට් ට සහාය දක්වන බවයි වාර්තා වන්නේ.

 

 

 

The post ඊශ්‍රායල යුද කැබිනට්ටුව තුළ දැඩි අර්බුදයක් appeared first on ITN News.

Read More »

චීන-රුසියා ජනපතිවරුන් අතර නිල නොවන සාකච්ඡාවක්  

0 comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා අතර නිල නොවන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ඊයේ(16) රාත්‍රියේ බෙයිජිං හි Zhongnanhai මණ්ඩපයේ දී‍.

ලෝකයේ සාමය හා ඒකාබද්ධ සංවර්ධනය සහතික කිරීම සඳහා රුසියාව මෙන් ම සෙසු රටවල් සමග එක්ව, සහයෝගිතා තහවුරු කරමින් ගෝලීය පාලනය සඳහා වන නිවැරදි ගමනකට මඟපෙන්වීමට චීනය කැමති බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

කිසිදු බලවේගයකට චීනයේ ප්‍රගමනය අවහිර කළ නොහැකි බව පූටින් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. චීනය හා සෙසු ‘ගෝලීය දකුණේ’ රටවල් සමග එක්ව සහයෝගිතා වැඩිදියුණු කර ජාත්‍යන්තර සාධාරණත්වය ඉදිරියට ගෙන යමින් වැඩි සමානත්වයෙන් හා බහුධ්‍රෑවකරණයෙන් යුතු ලෝකයක් ගොඩනැංවීම සහතික කිරීමට තම රට සූදානම් බව ද පූටින් මහතා එහිදී පවසා තිබෙනවා.

මෙම නායක දෙපළ යුක්රේන අර්බුදය පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින්, දේශපාලන ක්‍රමයෙන් අර්බුදය හැකි ඉක්මනින් විසඳා ගැනීම එකඟ වී තිබෙනවා.

The post චීන-රුසියා ජනපතිවරුන් අතර නිල නොවන සාකච්ඡාවක් appeared first on ITN News.

Read More »

පලස්තීන වැසියන් ලක්ෂ 7ක් රෆා අතහැර පලායයි  

0 comments

පලස්තීන ජාතිකයින් ලක්ෂ 7ක් පමණ රෆා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සිවිල් වැසියන් දහස් ගණනක් පානීය ජලය හා ආහාර නොමැති වීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා.

සතියකට අධික කාලයක් පුරා ඊශ්‍රායලය එම ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග සහන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

ජාත්‍යන්තරයේ දැඩි විරෝධය මධ්‍යයේ ඊශ්‍රායලය රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාරයන් ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 35272 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබු පිරිස 79205ක් ලෙසයි සටහන් වන්නේ.

The post පලස්තීන වැසියන් ලක්ෂ 7ක් රෆා අතහැර පලායයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණයේ නඩු විභාගයක් ඇරඹෙයි  

0 comments

ඊශ්‍රායල හමුදා ගාසාහි රෆා ප්‍රදේශය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණයේ නඩු විභාගයක් ආරම්භ කර තිබෙනවා.

ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් සිටින දකුණු ගාසා නගරයේ රෆාහි මිලිටරි මෙහෙයුම් නතර කරන්නැයි ඊශ්‍රායලයට බලපෑම් කරන ලෙස දකුණු අප්‍රිකාව ජගත් සංවිධානයෙන් ඉල්ලා තිබුණා.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙකක නඩු විභාගයක් ආරම්භ කර තිබෙනවා.

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ගය ජන සංහාරයක් බවට චෝදනා කරමින් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස දකුණු අප්‍රිකාවෙන් ඉල්ලා සිටි 04 වන අවස්ථාව මෙයයි.

හේග්හි පිහිටි මෙම අධිකරණයේ නඩු විභාගය ආරම්භ  කර ඇත්තේ ගාසාවේ ජනතාවට ඉතිරිව තිබූ එකම සරණාගත ස්ථානයට එල්ල වූ ම්ලේච්ච ප්‍රහාරය මෙය බවට චෝදනා කරමිනුයි.

The post ඊශ්‍රායලයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණයේ නඩු විභාගයක් ඇරඹෙයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයේදී ඊශ්‍රායල සොල්දුදාවන් 05 දෙනෙක් මියයයි  

0 comments

ගාසා තීරයේදී ඊශ්‍රායල සොල්දුදාවන් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

වැරදීමකින් එල්ල කෙරුණු ඊශ්‍රායල යුද ටැංකි ප්‍රහාරයකට ලක්ව මෙම සෙබලුන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හමාස් සටන්කරුවන් සමඟ උතුරු ගාසා තීරයේ සටන් පවතිනවා.

ඊයේ දිනයේදී යුද ටැංකි මගින් හඳුනාගත් ප්‍රදේශයකට ඊශ්‍රායල හමුදා ෂෙල්වෙඩි දෙකක් එල්ල කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් මිය ගිය ගොස් ඇත්තේ ඊශ්‍රායල සෙබලුන් වන අතර ඔවුන් 05 දෙනාම පැරෂුට් සෙබලුන් වනවා.

ප්‍රහාරයෙන් තවත් 07 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post ගාසා තීරයේදී ඊශ්‍රායල සොල්දුදාවන් 05 දෙනෙක් මියයයි appeared first on ITN News.

Read More »

පුටින් චීනයේ සංචාරයක  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් චීනයේ අද විශේෂ සංචාරයක නිරත වනවා.

රුසියා ජනාධිතිවරයා අද සහ හෙට මෙසේ චීන නිල සංචාරයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීනය හා රුසියාව අතර සීමා නොමැති සබඳතා තවදුරටත් වර්ධනය කිරීම මෙම සංචාරයේ අරමුණ වනවා.

චීන ජනාධිපති ෂි ජින් පින්ගේ ආරාධනයකට අනුවයි මෙම සංචාරය සිදුකෙරෙන්නේ.

රුසියා ජනාධිපතිවරයා 5 වන වරටත් ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව සිදුකෙරෙන පළමු විදෙස් සංචාරය ද මෙයයි.

මීට පෙර 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ඔහු චීනයේ සංචාරයක නිරතවුවා.

The post පුටින් චීනයේ සංචාරයක appeared first on ITN News.

Read More »

හමාස් සංවිධානයේ සාමාජිකයන් ගැන තුර්කි ජනපතිගෙන් ප්‍රකාශයක්  

0 comments

හමාස් සංවිධානයේ සාමාජිකයන් දහසකට අධික සංඛ්‍යාවක් තම රටේ රෝහල් තුල ප්‍රතිකාර ලබන බව තුර්කි ජනාධිපතිවරයා පවසනවා.

තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් මේ බව සදහන් කළේ ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස හදුන්වන්නේ නම් එය තුර්කිය කනස්සල්ලට පත් කරන කාරනාවක් බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

තමා හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස කිසි විටකත් නොසලකන බව ඔවුන් බලපෑමක් එල්ල කළ හැකි කණ්ඩායමක් ලෙස පමණක් සළකන බවත් තයිප් එර්දෝගන් තවදුරටත් මෙහිදී පවසා සිටියා.

කෙසේ වුවද පසුව තුර්කි බලධාරීන් සදහන් කර සිටියේ හමාස් සාමාජිකයින් තුර්කි රෝහල් තුළ ප්‍රතිකාර ලබන බව පැවසීම හරහා ජනාධිපතිවරයා කියා සිටියේ ලොව සියලු දෙනාට තම රට එකහා සමානව සළකන බවයි.

 

The post හමාස් සංවිධානයේ සාමාජිකයන් ගැන තුර්කි ජනපතිගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

Read More »

හමාස් සාමාජිකයින් දහසකට අධික පිරිසක් තම රටේ ප්‍රතිකාර ලබන බව තුර්කි ජනපති කියයි  

0 comments

හමාස් සංවිධානයේ සාමාජිකයන් දහසකට අධික සංඛ්‍යාවක් තම රටේ රෝහල් තුල ප්‍රතිකාර ලබන බව තුර්කි ජනාධිපතිවරයා පවසනවා.

තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් මේ බව සඳහන් කළේ ග්‍රීසියේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස හදුන්වන්නේ නම් එය තුර්කිය කනස්සල්ලට පත් කරන කාරනාවක් බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

තමා හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස කිසි විටකත් නොසලකන බව ඔවුන් බලපෑමක් එල්ල කළ හැකි කණ්ඩායමක් ලෙස පමණක් සළකන බවත් තයිප් එර්දෝගන් තවදුරටත් මෙහිදී පවසා සිටියා.

කෙසේ වුවද පසුව තුර්කි බලධාරීන් සඳහන් කර සිටියේ හමාස් සාමාජිකයින් තුර්කි රෝහල් තුළ ප්‍රතිකාර ලබන බව පැවසීම හරහා ජනාධිපතිවරයා කියා සිටියේ ලොව සියලු දෙනාට තම රට එකහා සමානව සළකන බවයි.

The post හමාස් සාමාජිකයින් දහසකට අධික පිරිසක් තම රටේ ප්‍රතිකාර ලබන බව තුර්කි ජනපති කියයි appeared first on ITN News.

Read More »

සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් රෆා අතහැර යයි  

0 comments

පසුගිය සතිය තුළදී පමණක් ගාසා තීරයේ රෆා ප්‍රදේශයෙන් සාමාන්‍ය වැසියන් හාරලක්ෂ පනස් දහසක් පමණ පලාගොස් ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

රෆා ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ගොඩ බිමින් යුද මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බැවින් එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය ජනතාවට දැනුම් දුන්නා.

ඊට ප්‍රතිචාරයක් ලෙසයි මෙම පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇත්තේ.

ඊශ්‍රායල යුද ටැංකි රෆා ප්‍රදේශයේ සීමාවන් අසලටම මේ වන විට පැමිණ සිටින අතර ඕනෑම මොහොතක එම ප්‍රදේශය ආක්‍රමණය කිරීමේ හැකියාව පවතිනවා.

මේ අතර උතුරු ගාසා ප්‍රදේශයේ ලක්ෂයක පමණ පිරිසක් අවතැන්ව සිටින බවයි ජගත් සංවිධානය සඳහන් කරන්නේ.

ගාසා තීරයේ සමස්ථ ජනගහනය මිලියන 2.3 ක් පමණ වන අතර ඉන් හතරෙන් එකක පමණ පිරිසක් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් අවතැන් භාවයට පත්ව සිටිනවා.

The post සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් රෆා අතහැර යයි appeared first on ITN News.

Read More »

සිංගප්පූරුවේ අගමැති ඉල්ලා අස්වෙයි  

0 comments

සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

වසර 20ක ලී පාලන කාලය නිමාවට පත්කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ.

සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ධුරය වැඩිම කාලයක් හෙබවු පුද්ගලයා ලෙස ද ඔහු සැලකෙනවා.

ලී සියැන් ලූන්ග්ගේ පියා වන ලී කුවාන් යූ වසර 25ක කාලයක් සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවු අතර ඔහු නූතන සිංගප්පුරුව ගොඩනැගු පුද්ගලයා ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ධුරය උප අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලෝරන්ස් වොන්ග් වෙත ප්‍රධානය කිරීම අද රාත්‍රියේ දී සිදුකිරීමට නියමිතයි.

1965 වසරේ දී නිදහස ලැබීමෙන් පසු මේ වන තෙක් එරට අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත්තේ පුද්ගලයින් තුන් දෙනෙකු පමණක් වන අතර ඔවුන් සියලුදෙනා පී ඒ පී පක්ෂය නියෝජනය කළ අය වනවා.

The post සිංගප්පූරුවේ අගමැති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

Read More »

ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ දහස් ගණනකට පීඩා  

0 comments

කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් දහස් ගණනක පිරිසෙක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

අධික උෂ්ණ කාලගුණයත් සමග බටහිර කැනඩාවේ ස්ථාන රැසක ලැව්ගිනි ශීඝ්‍ර යෙන් පැතිර යන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ වනවිටත් අක්කර 25,000කට ආසන්න භූමි ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබෙනවා.

ලැව්ගිනි හේතුවෙන් හටගත් දුමාරයත් සමග වායු ගුණාත්මකභාවය ද ඉතා පහළ අගයකට පත්ව ඇති බවයි කාලගුණ අංශ නිවේදනය කරන්නේ.

3,500ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර ලැව්ගිනි හටගෙන ඇති ප්‍ර දේශයන්හි සියලුම වැසියන් ඉවත් කරන බව ගිනි නිවන අංශ සදහන් කරනවා.

ඉවත් නොවී රැඳී සිටින පුද්ගලයින්ට කිසිදු හදිසි ආධාරයක් ලබා නොදෙන බවද ඔවුන් පවසනවා.

The post ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ දහස් ගණනකට පීඩා appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍යය ව්‍යාජ සිද්ධීන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය  

0 comments

චීන විදේශ අමාත්‍යංශයේ හොංකොං කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්, බ්‍රිතාන්‍යය ව්‍යාජ චෝදනා නිර්මාණය කරමින්, චීන පුරවැසියන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ හොංකොං විශේෂ පරිපාලන රජයට චෝදනා කිරීම හෙළා දකී.

බ්‍රිතාන්‍ය පොලිසිය හොංකොං විශේෂ පරිපාලනයේ රහස් ඔත්තු ඒජන්සියට ආධාර සැපයූ බවට පවසමින් චීන පුරවැසියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව පසුගිය දා නඩු පවරා තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ හොංකොං හි කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේ, බ්‍රිතාන්‍යය ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් උල්ලංඝණය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් චීනය ‍දැඩි විරෝධය ප්‍රකාශ කරමිනුයි මෙම නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

The post බ්‍රිතාන්‍යය ව්‍යාජ සිද්ධීන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය appeared first on ITN News.

Read More »

මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14ක් මියයයි  

0 comments

ඉන්දියාවේ මුම්බායි නගරයේ දැවැන්ත දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දැන්වීම් පුවරුව කඩාවැටීම හේතුවෙන් තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මුම්බායි නගරයට ඊයේ සවස 3ට පමණ බලපෑ දූවිලි කුණාටු තත්ත්වය සමග මෙම දැන්වීම් පුවරුව කඩාවැටීමට ලක්වන අයුරු මාධ්‍ය වාර්තා කළා.

මෙම දැන්වීම් පුවරුව මීටර් 70ක පළලින් හා මීටර් 50ක උසින් යුතු බවයි මුම්බායි පොලීසිය සදහන් කරන්නේ.

සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක අතර මුම්බායි නගරයට බලපෑ දූවිල කුණාටු තත්ත්වය හේතුවෙන් ගස් කඩාවැටීමත් සමග නගරයේ ප්‍රදේශ රැසකට විදුලිබලය ඇණහිට තිබෙනවා.

එමෙන්ම මුම්බායි ගුවන් තොටුපල වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා රැසක් ආපසු හරවා යැවීමට ද බලධාරීන් ඊයේ සන්ධ්‍යාවේ කටයුතු කළා.

 

 

 

 

The post මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14ක් මියයයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 14 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගාසි තීරයේ මධ්‍යම ප්‍රදේශයේ නුසෙයිරත් සරණාගත කඳවුරටයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

මියගිය 14 දෙනා අතරට කුඩා දරුවන් ද අයත්වන බව ජගත් සංවිධානය සදහන් කරනවා.

සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම වහාම නවතා දමන ලෙසයි එම සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින්නේ. විශේෂයෙන් කුඩා දරුවන් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් මරණයට පත්වීම කණගාටුදායක තත්ත්වයක් ලෙස ජගත් සංවිධානය හදුන්වනවා.

මේ අතර ගාසා තීරයේ සේවයේ නිරත ජගත් සංවිධානයට අනියුක්ත විදෙස් ජාතිකයෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම හෙළාදකින බවයි ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.

රෆා ප්‍රදේශයේ සේවයේ නිරතව සිටියදී ඔහු ඝාතනයට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකළ යුතු බව ජගත් සංවිධාන ප්‍රධානියා අවධාරණය කරනවා.

 

 

 

 

The post ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 14 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

රුසියානු මහල් නිවාසකයකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්  

0 comments

යුක්‍රේනය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් රුසියානු මහල් නිවාසකයකට හානි සිදුව තිබෙනවා.

මහල් 10කින් යුත් ගොඩනැගිල්ලකට ප්‍රහාරය එල්ල වූ අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල සිදුව ඇති බවයි රුසියා බලධාරීන් පවසන්නේ.

මෙම මහල් නිවාසය පිහිටා ඇත්තේ දේශසීමා ප්‍රදේශයක් වන බෙල්ගොරොද් හියි.

2022 වසරේ දී රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ සිට එම ප්‍රදේශය යුක්‍රේන හමුදා ඉලක්ක කර තිබුණා.

කෙසේ වෙතත් යුක්‍රේන නිලධාරීන් මීට පෙර පවසා තිබුණේ දේශසීමාවලට එල්ලවන ප්‍රහාර සිවිල් වැසියන් ඉලක්කර නොගන්නා බවයි.

 

 

The post රුසියානු මහල් නිවාසකයකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ඌරු වකුගඩුවක් බද්ධ කළ පුද්ගලයා මිය ගිහිං  

0 comments

ඌරෙකුගේ ජානමය වශයෙන් වෙනස් කරන ලද වකුගඩුවක් සාර්ථකව බද්ධ කිරීමට ලක්වූ 62 හැවිරිදි පුද්ගලයා එම සැත්කමෙන් මාස කිහිපයකට පසු මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රික් ස්ලේමන් නම් පුද්ගලයා පසුගිය 2023 වසරේදී වකුගඩු රෝගය හඳුනා ගැනීමෙන් පසු මාර්තු මාසයේදී මැසචුසෙට්ස් රෝහලේදී හිදී වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට ලක්ව තිබුණා.

කෙසේවෙතත් ඔහුගේ මරණය වකුගඩු බද්ධ කිරීමේ ප්‍රතිඵලයක් මත සිදුවූවක් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි රෝහල අවධාරණය කර ඇත්තේ.

The post ඌරු වකුගඩුවක් බද්ධ කළ පුද්ගලයා මිය ගිහිං appeared first on ITN News.

Read More »

පුටින්ගේ දිගු කාලීන මිත්‍රයෙකු ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා ලෙස පත් කරයි  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ දිගු කාලීන මිත්‍රයෙකු වන සර්ජි ෂොයිගු එරට ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා ලෙස පත් කිරීමට තීරණය කර තිබෙනවා.

68 වන වියේ පසුවන සර්ජි ෂොයිගු 2012 වසරේ සිට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

රුසියා පාර්ලිමේන්තු වාර්තා සදහන් කරන්නේ ෂොයිගු මෙලෙස පත් කිරීමට රුසියාවේ නියෝජ්‍ය අගමැති ඇන්ඩ්‍රි බෙලසෝ යෝජනා කර ඇති බවයි.

ෂොයිගු යුක්‍රේනය සහ රුසියාවේ අතර පවතින යුද්ධයේ දී දැවැන්ත කාර්ය භාරයක් ඉටුකළ  පුද්ගලයෙකු ලෙසයි සැලකෙන්නේ.

 

 

 

 

 

 

 

The post පුටින්ගේ දිගු කාලීන මිත්‍රයෙකු ආරක්ෂක මණ්ඩල ලේකම්වරයා ලෙස පත් කරයි appeared first on ITN News.

Read More »

29 වතාවක් එවරස්ට් නැග්ග නේපාල ජාතිකයා  

0 comments

ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ පුද්ගලයා බවට නේපාල ජාතික  කමි රිටා ෂර්පා යළිත් පත්වුණා.

මීට පෙර 28 වතාවක් එවරස්ට් කන්ද තරණය කළ ඔහු 29 වන වරට ද යළි එම කන්ද තරණය කිරීමට එක්වුණා.

ඒ අනුව එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ පුද්ගලයා ලෙස ඔහු තැබූ වාර්තාව යළි අලුත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කමි රිටා පළමු වරට එවරස්ට් කන්ද තරණය කළේ 1994 වසරේදීයි. එතැන් සිට සෑම වසරකම ඔහු එවරස්ට් කන්ද තරණයට එක්ව ඇති බවයි ගිනස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

The post 29 වතාවක් එවරස්ට් නැග්ග නේපාල ජාතිකයා appeared first on ITN News.

Read More »

රුසියාව ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කර ගනී  

0 comments

ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ඒ දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කරමින්.

ප්‍රහාරයෙන් පසු ප්‍රෙදේශයේ ස්ථාන රැසක ගිනි ගැනීම් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගිනි නිවීම සඳහා ගිනි නිවීමේ භටයින් යොදවා තිබෙනවා.

කෙසේ වෙතත් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් යුක්‍රේන බලධාරීන් මේ දක්වා ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

ප්‍රහාරයෙන් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් වලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

The post රුසියාව ඊසාන දිග යුක්‍රේනයේ ගම්මාන පහක බලය තහවුරු කර ගනී appeared first on ITN News.

Read More »

උතුරු ඇෆ්ගනිස්ථානයට ඇතිවූ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට  

0 comments

උතුරු ඇෆ්ගනිස්ථානයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුරෙන් පුද්ගලයින් 153 දෙනෙකු මියගොස් තිබෙනවා.

උතුරු ඇෆ්ගනිස්ථානයේ පළාත් තුනක තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 200කට ආසන්න විය හැකි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසන්නේ ගංවතුර හේතුවෙන් දරුණුතතම ලෙස බලපෑමට ලක්ව ඇත්තේ බග්ලාන් පළාතේ පුද්ගලයින් බවයි.

එම පළාතේ පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් ඇති බවට විශ්වාස කෙරෙන අතර නිවාස දහසකට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බවටයි ජගත් ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ.

පසුගිය සිකුරාදා සිට උතුරු ඇෆ්ගනිස්ථානයට ධාරානිපාත වැසි ඇදහැලෙමින් පවතිනවා.

 

 

 

The post උතුරු ඇෆ්ගනිස්ථානයට ඇතිවූ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

Read More »

පලස්තීනයට සාමාජිකත්වය දෙන්න ගෙනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි  

0 comments

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ කාලීන සාමාජිකයකු වීමට අවශ්‍ය සුදුසුකම් පලස්තීනයට තිබෙන බව හඳුනාගන්නා ලෙස සහ පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳ ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 134 කින් සම්මත වී තිබෙනවා.

යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඇතුළුව සාමාජිකයන් 143 කගේ ඡන්දය ලැබුණු අතර යෝජනාවට විපක්ෂව සාමාජිකයෝ 9 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කළා.

එසේම තවත් සාමාජිකයන් 25 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

විපක්ෂව ඡන්දය භාවිත කළ සාමාජිකයන් අතර ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සිටිනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමේ තීරණය ගනු ලබන්නේ ආරක්ෂක කවුන්සිලය නිසාවෙන් පලස්තීනයට පූර්ණ කාලීන සාමාජිකත්වය ලබාදීම පිළිබඳව ධනාත්මකව සිතන ලෙස නිර්දේශ කරමින් යෝජනාව ඉදිරිපත් වී තිබෙනවා.

සම්මත වූ යෝජනාවෙන් පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය නොලැබුණත් පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් තිබෙන බවට හඳුනා ගැනීම තුළින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුල පලස්තීනයට වැඩි සහභාගීත්වයක් සහ අයිතිවාසිකම් හිමිවන බව ප්‍රකාශ විය.

The post පලස්තීනයට සාමාජිකත්වය දෙන්න ගෙනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනාවක්  

0 comments

තම අවි භාවිත කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේදී ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇතැයි ඇමෙරිකාව චෝදනා කරනවා.

ගාසා තීරයේ පැවති යුද්ධයේ ඇතැම් අවස්ථාවලදී ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩ කරමින් ඊශ්‍රායලය ඇමරිකාව සපයන ලද අවි ආයුධ භාවිත කරන්නට ඇතැයි ඔවුන් චෝදනා කරනවා.

චෝදනා කළ ද එය තහවුරු කිරීමට තරම් සම්පූර්ණ තොරතුරු තමන් සතුව නොමැති බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම චෝදනා ඇතුලත් වාර්තාව ඊයේ එරට කොන්ග්‍රසයට ඉදිරිපත් කරනු ලැබුවා.

ධවල මන්දිරය විසින් ඇමරිකාව ආයුධ සැපයූ රටවල් 6ක තොරතුරු සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම වාර්තාව සකසා තිබෙනවා.

එහි පසුගිය වසරේ ආරම්භයේ සිට මේ දක්වා තොරතුරු ඇතුලත් වනවා.

The post ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනාවක් appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා  

0 comments

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා කරනවා.

ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ චෝදනා නගා ඇත්තේ, නව වාර්තාවක් නිකුත් කරමිනි. දිනෙන් දින ප්‍රමාද වීමෙන් පසු මෙම වාර්තාව අද  නිකුත් කෙරුණු බවයි  පැවැසෙන්නේ.

ඇමෙරිකාව ඊශ්‍රායලයට ලබා දෙන අවි ආයුධ යොදා ගනිමින්, ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය කඩ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය වගකිවයුතු යැයි එම වාර්තාව පෙන්වා දී තිබෙනවා.

කෙසේ නමුත්, ගාසා තිරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි සටන ඊශ්‍රායල හමුදාවට අභියෝගයක් වී ඇති බැවින්, ඇතැම් අවස්ථාවලදී ඔවුන් හමාස් සටන්කාමීන්ට පහර දීමට යොදාගත් උපක්‍රම සාධාරණීය කළ හැකි බව ද ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව පෙන්වා දී තිබෙනවා.

The post ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා appeared first on ITN News.

Read More »

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා වන ඡන්ද විමසීම අද  

0 comments

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා වන ඡන්ද විමසීම අද පැවැත්වෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබා ගැනීමට අදාළ අයදුම්පත නැවත සලකා බැලීම සඳහා පලස්තීනය ඉදිරිපත් කර තිබෙනවා.

එම අයදුම්පත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යවා ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර පසුගිය මාසයේ දී සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් ජගත් ආරක්ෂක කවුන්සිලයේදී ඇමරිකාව නිෂේධ බලය භාවිතා කර එය වැළැක්වූවා.

සාමාජිකයන් 193 දෙනෙකුගෙන් සමන්විත මහා මණ්ඩලයේ ඡන්ද විමසීම පලස්තීනයට සහයෝගය දැක්වීමේ ගෝලීය සමීක්ෂණයක් වනු ඇති.

පලස්තීනය දැනට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක් ලෙසයි කටයුතු කරන්නේ.

 

 

 

The post පලස්තීනයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සාමාජිකත්වය ලබාදීම සඳහා වන ඡන්ද විමසීම අද appeared first on ITN News.

Read More »

ඇමරිකාව පිළිබඳ චීනයේ අපේක්ෂාව  

0 comments

චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකොට, දෙරට අතර සබඳතා නැංවීමට ඇමරිකාව කැපවී ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසනවා.

චීනය සහ ඇමරිකාව අතර සංවාද ශක්තිමත් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය සභාපති Gita Gopinath කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(9) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළා.

ජාතික ආරක්ෂාව පිළිබඳ සංකල්පය අයුතු ලෙස යොදා ගැනීම සහ වෙනත් රටවල් සමඟ ඇති ආර්ථික සබඳතා කෘත්‍රිමව දුර්වල කිරීම මගින් කිසිදු ප්‍රයෝජනයක් අත්නොවන බව Lin Jian මහතා එහිදී පෙන්වා දුන්නා.

මෙය ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයේ ස්ථායීතාවය දැඩි ව අඩාල කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

චීනයේ ආර්ථික සංවර්ධනයට බාධා නොකරමින්, විවිධ ක්ෂේත්‍රවල චීන-ඇමරිකා සබඳතා වර්ධනය කිරීම සඳහා යහපත් පරිසරයක් නිසි අයුරින් නිර්මාණය කිරීමට ඇමරිකාව කැපවී ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

The post ඇමරිකාව පිළිබඳ චීනයේ අපේක්ෂාව appeared first on ITN News.

Read More »

යුක්‍රේනයේ සිරකරුවන්ට එරට හමුදාවට එක්වීමට අවස්ථාව  

0 comments

සිරකරුවන්ට යුද සෙබළුන් ලෙස හමුදාවට එක්වීමට හැකිවන ආකාරයේ නව පනතක් සම්මත කිරීමට යුක්‍රේන පාර්ලිමේන්තුව කටයුතු කළා.

නව පනත අනුව යුක්‍රේනයේ සිරකරුවන්ට එරට යුද හමුදාවට එක්වීමට අවස්ථාව හිමිවනවා.

රුසියා ප්‍රහාරයන්ට මුහුණදීමට හා ඔවුන්ට ප්‍රහාරයන් එල්ල කිරීම ප්‍රමාණවත් තරම් සෙබළුන් සංඛ්‍යාවක් මේ වන විට යුක්‍රේන හමුදාවට නොමැති අතර එම පිරිස වැඩිකර ගැනීමේ අරමුණිනුයි මෙම පනත සම්මත කර ඇත්තේ.

රුසියා යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වු දිනයේ සිට යුක්‍රේනය ගත් අතිශය තීරණාත්මක තීන්දුවක් ලෙස මෙය හැදින්විය හැකි බව විශ්ලේෂකයින් පවසනවා.

එම පනත නීතියක් බවට පත්වීමට එරට පාර්ලිමේන්තුවේ සභාපතිවරයා හා ජනාධිපති සෙලෙන්ස්කි ඊට අත්සන් තැබිය යුතු වනවා.

The post යුක්‍රේනයේ සිරකරුවන්ට එරට හමුදාවට එක්වීමට අවස්ථාව appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ජනාධිපති ඊශ්‍රායලයට අනතුරු අඟවයි  

0 comments

ඊශ්‍රායලය ගාසා තීරයේ රෆා ප්‍රදේශය ආක්‍රමණය කළ හොත් ඔවුන්ට ලබාදෙන යුද ආධාර සීමා කිරීමට සිදුවන බව ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කරනවා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මේ බව සඳහන් කළේ සීඑන්එන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්.

රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ගොඩබිමින් යුද මෙහෙයුම් ආරම්භ කළ හොත් ඊශ්‍රායලයට ඇතැම් යුද උපකරණ ලබාදීම අත්හිටවන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා මෙහිදි අනතුරු අඟවා සිටියේ.

එහෙත් ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීමට තමා සහාය ලබාදෙන බව ද මෙහිදි ඔහු සඳහන් කළා.

ඇමෙරිකාවේ අනතුරු ඇඟවීම් හා දැඩි විරෝධය මධ්‍යයේ වුවද ඊශ්‍රායලය රෆා ප්‍රදේශය තුළ ගොඩබිමින් යුද මෙහෙයුම් ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය මේ වන විට ඊශ්‍රායල ආරක්ෂක අංශ සතු වන බව ද සඳහන්.

The post ඇමෙරිකා ජනාධිපති ඊශ්‍රායලයට අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ ජල මූලාශ්‍රවලින් අඩක් හානිවී ඇති බව හෙළි වෙයි  

0 comments

ගාසා තීරයේ ජල මූලාශ්‍රවලින් අඩක්ම හානිවීමකට හෝ විනාශ වීමකට ලක්ව ඇති බව චන්ද්‍රිකා දත්ත අනාවරණය කරනවා.

හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල යුද්ධය ආරම්භ කළ දා සිට ගාසා තීරයේ ජල හා සනීපාරක්ෂක පහසුකම් සිය ගණනකට හානි වී හෝ විනාශ වී ඇති බව චන්ද්‍රිකා විශ්ලේෂණයකින් හෙළිව තිබෙනවා.

ප්‍රධාන සැපයුම් ගබඩාවලට සිදුවූ හානිය හේතුවෙන් අලුත්වැඩියා කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

පිරිසිදු ජලය නොමැතිකම හා අපද්‍රව්‍ය ගලා යාම සෞඛ්‍යයට බරපතල තර්ජනයක් බව සහන ආයතන පවසනවා.

අපජල පවිත්‍රාගාර හයෙන් හතරක්ම විනාශ වී තිබෙනවා.  ඉන්ධන හෝ සැපයුම් නොමැතිකම නිසා අනෙක් පවිත්‍රාගාර දෙකද වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

 

 

 

The post ගාසා තීරයේ ජල මූලාශ්‍රවලින් අඩක් හානිවී ඇති බව හෙළි වෙයි appeared first on ITN News.

Read More »

පසුගිය වසර තුළදී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ යයි  

0 comments

පසුගිය වසර තුළ දී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.

පසුගිය වසර පුරා සෑම දිනකම සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවයි බීබීසී පුවත් සේවය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ.

කාලගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස සාගර උෂ්ණත්වය ඉහළයාම සිදුවුව ද එල්නිනෝ තත්ත්වය ඊට සෘජුව බලපා ඇති බව එම පුවත් සේවය සදහන් කරනවා.

සාගර ජීවින්ගේ පැවැත්මට ද සාගර උෂ්ණත්වය ඉහළ යාම සෘජුව බලපා ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ වසරේ මාර්තු මාසය වන විට සාගරය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 21යි දශම බින්දුවයි නවයක් පමණ වන බව බීබීසී පුවත් සේවය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

 

 

 

 

 

 

 

 

The post පසුගිය වසර තුළදී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ යයි appeared first on ITN News.

Read More »

TikTok ඇමෙරිකාවට එරෙහිව නඩු පවරයි  

0 comments

ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට විරුද්ධව එම සමාගම ඇමෙරිකාවට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ටික් ටොක් යෙදවුම අයත් චීන සමාගමෙන් පරිබාහිර වෙනත් පාර්ශවයකට ඇමෙරිකාව තුළ එම සමාගමේ අයිතිය ලබා දිය යුතු වනවා.

එසේ නොවුනහොත් එම යෙදවුම ඇමෙරිකාව තුළ තහනම් වන ආකාරයටයි ඔවුන් නීති සම්පාදනය කර ඇත්තේ.

කෙසේ වුව ද ජනතාවගේ භාෂනයේ නිදහස උල්ලංඝනය කිරීමට ඇමෙරිකා කටයුතු කර ඇති බව පවසමින් ඔවුන් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ටික් ටොක් යෙදවුම තහනම් කිරීම සාධාරණ හේතු දැක්වීමට ද ඇමෙරිකාව සමත් වී නැති බවයි අදාළ සමාගම පෙන්වා දෙන්නේ.

The post TikTok ඇමෙරිකාවට එරෙහිව නඩු පවරයි appeared first on ITN News.

Read More »

දේශසීමා හරස් මාර්ග විවෘත කරන්නැයි ඊශ්‍රායලයට කෙරෙන ඉල්ලීම් වැඩිවෙයි  

0 comments

ගාසා තීරයේ වසා දැමූ දේශසීමා හරස් මාර්ග විවෘත කරන්නැයි ඊශ්‍රායලයට කෙරෙන ඉල්ලීම් වැඩි වී තිබෙනවා.

ඊශ්‍රායල හමුදා රෆා නගරය සම්පුර්ණයෙන් ආක්‍රමණය කිරීමේ අරමුණින් එහි ජනයාට ඉවත්වන ලෙස දැනුම් දී තිබුණා.

ඒ අනුව බොහෝ පිරිසක් ඊයේ හා පෙරේද ඉවත්වනු දක්නට ලැබුණා.

රෆා හරස් මාර්ගය ඊශ්‍රායලය අල්ලා ගැනීමත් සමඟ දැනටමත් ආහාර හිඟ වීමට පටන්ගෙන ඇති අතර වෛද්‍ය සැපයුම් ද සිදු වන්නේ නැහැ.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සංවිධානය එකඟ වූ සටන් විරාම යෝජනාවක් පිළිබඳ කතාබහ සිදු කලද එහි ඉල්ලීම්වලින් බොහෝ ප්‍රමාණයක් තමන් ඉල්ලන ප්‍රමානයට වඩා අඩු බවයි.

එහෙත් නියෝජිත පිරිසක් සාකච්චා සඳහා කයිරෝ වෙත ගිය බව ඔහු පවසනවා.

The post දේශසීමා හරස් මාර්ග විවෘත කරන්නැයි ඊශ්‍රායලයට කෙරෙන ඉල්ලීම් වැඩිවෙයි appeared first on ITN News.

Read More »

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු පාකිස්තානයේ නිල සංචාරයක  

0 comments

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාකිස්තානයේ නිල සංචාරයක නිරතවීමට සූදානම් වනවා.

මෙම මාසයේ අග භාගයේ දී සල්මාන් කුමරුගේ පාකිස්තාන සංචාරය සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ඔහු සමග විශේෂ දූත පිරිසක් ද පාකිස්තානයට පැමිණීමට නියමිතයි.

සල්මාන් කුමරුගේ සංචාරයට සම්බන්ධ ක්‍රියාවලිය පිළිබද පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාෂ් ෂරීෆ්ගේ පෞද්ගලික නිරීක්ෂණයට ලක්ව ඇති බවද සදහන්.

එමෙන්ම සෞදි කුමරු පාකිස්තානයට පැමිණෙන දිනයක් නිවේදනය කර නොමැති අතර ඔහුගේ සංචාරය සිදුකරන තෙක් අග්‍රාමාත්‍යවරයා කිසිදු විදෙස් සංචාරයකට සහභාගි නොවන බවද දැනුම් දී තිබෙනවා.

සංචාරය අතරතුරදී ඇමෙරිකා ඩොලර් බිලියන පහක වටිනාකමින් යුත් ආයෝජනයන්ට දෙපාර්ශ්වය අත්සන් තැබීමට ද නියමිතයි.

 

 

 

The post සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු පාකිස්තානයේ නිල සංචාරයක appeared first on ITN News.

Read More »

හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟවේ  

0 comments

ඊශ්‍රායලය සමග සටන් විරාම ගිවිසුමට එළඹීම සදහා ඉදිරිපත් කර ඇති යෝජනාවන්ට තමන් එකඟතාවය පළ කරන බව හමාස් සංවිධානය නිවේදනය කරනවා.

ඊශ්‍රායල හමාස් සටන් විරාම සාකච්ඡාවල මැදිහත් කරුවන් ලෙස කටයුතු කරන කටාර් හා ඊජිප්තු නියෝජිතයින්ට තම තීරණය දැනුම් දුන් බවයි හමාස් සංවිධානය පවසන්නේ.

නව සටන් විරාම එකඟතාවය අනුව ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර අත්හිටුවන අතර හමාස් සංවිධානය තමන් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් යළි ඊශ්‍රායලයට භාර දිය යුතු වනවා.

කෙසේ වුවද හමාස් සංවිධානය සටන් විරාම යෝජනාවන්ට එකගතාවය පළ කිරීම ඊශ්‍රායලයේ අවශ්‍යතාවයන් ඉටු නොකරන බවයි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සදහන් කරන්නේ.

කෙසේ වුවද දෙපාර්ශ්වය අතර ස්ථිර එකඟතාවයකට එළඹීම සදහා සාකච්ඡා තවදුරටත් පැවැත්වෙනු ඇති.

හමාස් සංවිධානය තම තීරණය දැනුම් දීමත් සමග ගාසා වැසියන් තම සතුට ප්‍රකාශකරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

 

 

 

The post හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟවේ appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ රෆා වෙත ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක්  

0 comments

ගාසා තීරයේ රෆා වෙත ඊශ්‍රායලය දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළා.

ඊශ්‍රායල යුද ටැංකි රෆා දේශසීමා වෙත සමීප වී ඇති බව වාර්තා වනවා.

මේ අතර රෆා වෙත එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් හමාස් නායක ඉස්මයිල් හනියේ පවසන්නේ කටාර් හා ඊජිප්තු මැදිහත්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද ගාසා සටන් විරාම යෝජනාව තම කණ්ඩායම පිළිගෙන ඇති බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසන්නේ මෙම යෝජනාව ඊශ්‍රායලයේ ඉල්ලීම්වලට වඩා වෙනස් නමුත් ඊශ්‍රායල රජය කයිරෝ වෙත දූත පිරිසක් සාකච්ඡා සඳහා යවන බවයි. මෙම ප්‍රහාරවලට පෙර පලස්තීනුවන් දස දහස් ගනනකට ඉවත් වන ලෙස ඊශ්‍රායලය නියෝග කර තිබුණා.

 

 

 

 

 

 

 

The post ගාසා තීරයේ රෆා වෙත ඊශ්‍රායලයෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් appeared first on ITN News.

Read More »

බ්‍රසීලයේ ගංවතුරෙන් 75ක් මියයයි  

0 comments

බ්‍රසීලයේ දකුණු දිග රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් 75 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් අතුරුදන්ව සිටිනවා.

පුද්ගලයන් 88,000කට වැඩි පිරිසක් අවතැන්ව බවද සඳහන්.

තවත් 103 දෙනෙකු අතුරුදන්ව ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පවසනවා.

වර්ෂාවෙන් විපතට පත්වූවන් 16,000 ක් පාසල්, ව්‍යායාම මධ්‍යස්ථාන හා වෙනත් තාවකාලික ස්ථාන වල රඳවා සිටිනවා. ප්‍රාන්තය පුරා නාය යෑම්, මාර්ග හා පාලම් කඩා වැටීම සිදුව තිබෙනවා.

 

 

 

 

The post බ්‍රසීලයේ ගංවතුරෙන් 75ක් මියයයි appeared first on ITN News.

Read More »

හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු මරුට  

0 comments

පලස්තීන හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු ජිවිතක්ෂයට  වුණා.

හමාස් සටන්කාමීන් ගාසා තීරය අසල කෙරම් ෂාලෝම් සිට එල්ල කළ රොකට් ප්‍රහාරයකින් මෙසේ මියගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ඊශ්‍රායලය කෙරම් ෂාලෝම් හරහා ගාසා තීරයට පිවිසෙන මාර්ගය වසා දමා තිබෙනවා.

ඊශ්‍රායලය පැවසුවේ මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බවයි.

කෙරම් ෂාලෝම් හරස් මාර්ගය ගාසා තීරයට ආහාර හා වෛද්‍ය සැපයුම් ඇතුළු මානුෂීය ආධාර ලබා ගැනීමට ඇති මාර්ග කිහිපයෙන් එකක්.

මේ අතර ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ගිවිසුමක් ඇති කර ගැනීම වෙනුවෙන් දෙකක් සාකච්ඡා පවත්වනු ලැබුවා.

 

The post හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

අප්‍රේල් මාසය තුළ පාකිස්තානයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 144 දෙනෙකු මියයයි  

0 comments

පාකිස්තානයට වැඩිම වර්ෂාපතනයක් ලැබුණු අප්‍රේල් මාසය ලෙස පසුගිය මාසය වාර්තා අතරට එක්වනවා.

මීට පෙර වැඩිම වර්ෂාපතනයක් වාර්තා වු අප්‍රේල් මාසය සටහන් වී ඇත්තේ 1961 වසරේ දීයි.

පසුගිය මාසයේ දී පාකිස්තානයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 144 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඒ අතරින් 38 දෙනෙකු කුඩා දරුවන් වන අතර නිවාස 3500කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව ද සදහන්.

සාමාන්‍ය මාසයක දී ඇද හැළෙන වර්ෂාපතනය මෙන් දෙගුණයක වර්ෂාපතනයක් පසුගිය මාසයේ දී එරටට ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

මසක සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් දෙකයි දශම පහක් ලෙස සටහන් වන අතර පසුගිය මාසයේ දී එය දැක්වෙන්නේ මිලි මීටර් 59යි දශම 3ක් ලෙසයි.

 

 

 

The post අප්‍රේල් මාසය තුළ පාකිස්තානයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 144 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සිසුන් 2000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට  

0 comments

ඊශ්‍රායලයට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයන් හි පැවැත්වෙන විරෝධතාවලට සහභාගී වු සිසුන් 2000කට අධික සංඛ්‍යාවක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශ්වවිද්‍යාලය සිසුන්ගේ විරෝධතා හේතුවෙන් ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල රැසක උපාධි ප්‍රදානෝත්සව අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.

වර්ජිනියා විශ්වවිද්‍යාලයේ විරෝධතාවලට සහභාගි වු සිසුන් 25 දෙනෙකු පමණ ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් බව ද සදහන්.

විරෝධතා අවසන් කිරීමට දින ලබාදීමත් සමග එම විරෝධතා මේ වන විට ප්‍රචන්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය යෙදවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

 

 

 

 

 

 

 

 

The post ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සිසුන් 2000කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල රජයට එරෙහි විරෝධතා තවදුරටත්  

0 comments

හමාස් සංවිධානය භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර දෙන මෙන් ඊශ්‍රායල රජයට බල කරමින් පැවැත්වෙන විරෝධතා තවදුරටත් ක්‍රියාත්මකයි.

හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට එළඹෙන ලෙස ඊයේ පැවති විරෝධතාවන්හිදී ඔවුන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට බල කර සිටියා.

ටෙල් අවිව් අගනුවර පැවති විරෝධතා සඳහන් දහස් ගණනක පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ප්‍රාණ ඇපකරුවන් 130 දෙනෙකු පමණ තවමත් හමාස් භාරයේ පසුවනවා.

ඊශ්‍රායලය ඉදිරිපත් කළ නව සටන් විරාම යෝජනා සම්බන්ධයෙන් හමාස් නියෝජිතයින් ඊජිප්තුවේ කයිරෝ අගනුවරදී පැවැත්වෙන සාකච්ඡා සඳහා එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

The post ඊශ්‍රායල රජයට එරෙහි විරෝධතා තවදුරටත් appeared first on ITN News.

Read More »

ලන්ඩන් නගරාධිපතිවරයා ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සාදික් කාන් තේරී පත්වෙයි  

0 comments

ලන්ඩන් නගරාධිපතිවරයා ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සාදික් කාන් තේරී පත්වුණා.

පසුගිය සතියේ එංගලන්තයේ ප්‍රාන්ත මැතිවරණ පැවති අතර සාදික් කාන් 2016 වසරේදී ලැබූ ජයග්‍රහණයට සමාජ ජයග්‍රහණයක් මෙවර ද ලබාගැනීම විශේෂත්වයක්.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා තරග වැදුනු සාදික් කාන් 43.8%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති අතර කන්සවේටිව් පක්ෂය නියෝජනය කළ ඔහුගේ ප්‍රතිවාදී සුසාන් හෝල්ට හිමිකර ගැනීමට හැකිව ඇත්තේ 32.7%ක් ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත සාධාරණ හා හරිත ලන්ඩන් නුවරක් නිර්මාණය කිරීමට තමා කැපවන බවයි.

The post ලන්ඩන් නගරාධිපතිවරයා ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සාදික් කාන් තේරී පත්වෙයි appeared first on ITN News.

Read More »

මධ්‍යම පිලිපීනයට භූ කම්පනයක්  

0 comments

මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක  ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන ඇත.

විදෙස් වාර්තා සඳහන් කළේ  පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8 ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවය.

පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ ඊයේ (03)  පස්වරු 6.16 ට පමණ සිදු වූ මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බවය.

එම පසුකම්පන ලයිට් පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

භූ කම්පන හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා

The post මධ්‍යම පිලිපීනයට භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

කැනඩාවේ සීක් ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට  

0 comments

කැනඩාවේ සික් ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබෙනවා.

ඉන්දියාව හා කැනඩාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති කළ කැනඩාවේ සීක් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන චෝදනා එල්ල කර තිබෙනවා.

45 හැවිරිදි හර්දීප් සිං නිජ්ජාර් පසුගිය ජුනි මාසයේදී වැන්කුවර් උපනගරයේ රථගාලකදී තුවක්කුකරුවන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ ඉන්දීය රජය ඊට සම්බන්ධ වන්නට ඇතැයි චෝදනා කිරීමත් සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුම උත්සන්න වුණා.

දිල්ලිය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළා.

The post කැනඩාවේ සීක් ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

චන්ද්‍ර ගවේෂණයට චීනයෙන් ඓතිහාසික පියවරක්  

0 comments

චන්ද්‍රයාගේ සැඟව ඇති දුරස්ථ කොටසේ  සාම්පල  ලබා ගැනීම සඳහා චීනය Chang’e-6 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කළා.

මානව චන්ද්‍ර ගවේෂණ ඉතිහාසයේ මෙවැනි දියත් කිරීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Chang’e-6 අභ්‍යවකාශ යානය රැගත් Long March-5 රොකට්ටුව චීනයේ දකුණු ප්‍රදේශයේ පිහිටි දූපත් පළාතක් වන හයිනාන් වෙරළෙහි Wenchang අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධස්ථානයේ සිට පස්වරු 5:27 ට පමණ ගුවන් ගත කෙරිණ.

චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයට අනුව (CNSA) ආසන්න වශයෙන් මිනිත්තු 37 කට පමණ පසු මෙම යානය රොකට්ටුවෙන් වෙන්ව සැලසුම් කළ කක්ෂයට සාර්ථකව ඇතුළු වී තිබෙනවා.

චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයේ සාම්පල එකතු කිරීම සහ ආපසු රැගෙන ඒම ‍ඓතිහාසික ජයග්‍රහණයකි.

මේ වනවිට අදාළ ප්‍රදේශය පිළිබඳ ඉතා අල්ප දත්ත ප්‍රමාණයක් පවතින බවත්, මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, ඉන් විද්‍යාඥයින්ට වඩා ඵලදායී නිගමන ලබා ගැනීමේ අවකාශය පවතින බවත් චීන ඉංජිනේරු ඇකඩමියේ විද්‍යාඥයෙකු සහ චීනයේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ ප්‍රධාන සැලසුම්කරුවෙකු වන Wu Weiren මහතා පැවසීය.

එමෙන්ම එය සඳෙහි දුරස්ථ ප්‍රදේශයේ පරිසරය සහ ද්‍රව්‍යමය සංයුතිය අවබෝධ කර ගැනීමට ද ඉවහල් වනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

The post චන්ද්‍ර ගවේෂණයට චීනයෙන් ඓතිහාසික පියවරක් appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණයෙන් දෙවන වරටත් අරාබියට බලපෑම්  

0 comments

සති කිහිපයකට පසු දෙවන වරටත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අධික වර්ෂාපතනය හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් රැසක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. පාසල් හා කාර්යාල ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

රජය හා පෞද්ගලික ආයතනවල මෙන්ම පාසල්වල කාර්යයන් ද මාර්ග ගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යන ලෙස රජය උපදෙස් ලබාදී තිබෙනවා.

වසරේ මෙම කාලයේ දී මේතරම් අධික වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි එරට කාලගුණ අංශ නිවේදනය කරන්නේ. මීට සති කිහිපයකට පෙර දී එරටට බලපැ අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්වු අතර දේපළ හානි රැසක් සිදුවුණා.

 

 

 

 

 

 

 

The post අයහපත් කාලගුණයෙන් දෙවන වරටත් අරාබියට බලපෑම් appeared first on ITN News.

Read More »

බ්‍රසීලයේ ජලාශයක වේල්ලක් බිදී යාමෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

බ්‍රසීලයේ ජලාශයක වේල්ලක් බිදී යාම හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ විදුලිබලාගාරයකට අයත් ජලාශයක වේල්ලකුයි මෙලෙස බිදී යාමට ලක්ව ඇත්තේ.

අනතුරෙන් තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ අතුරුදන් බව වාර්තා වනවා.

පසුගිය දින කිහිපය පුරා දකුණු දිග බ්‍රසීලයට ඇද හැළෙන අධකි වර්ෂාපතනයත් සමග ගංවතුර තත්ත්වයක් ද හටගත් අතර ජලාශ රැසක් පිටාර ගලා තිබෙනවා.

15000ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ලක්ෂ 5ක පමණ පිරිසකට පිරිසිදු පානීය ජලය හෝ විදුලිබලය නොමැති බව ද බ්‍රසීල වාර්තා සදහන් කරනවා.

 

 

 

 

 

 

 

 

The post බ්‍රසීලයේ ජලාශයක වේල්ලක් බිදී යාමෙන් 30 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

බොරිස් ජෝන්සන් ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යවයි  

0 comments

එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන් සිය හැඳුනුම්පත අමතකවීම නිසා ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද ඔහුගේ රජයෙන් වීම විශේෂත්වයක්.

එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පිළිගත හැකි ඡායා රූපයක් සහිත හැදුනුම්පතක් රැගෙන ඒමට අමතකවීම හේතුවෙන් ආපසු හරවා යවා ඇත්තේ දකුණු ඔක්ස්ෆර්ඩ් හි ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානයකිනුයි.

පසුව ඔහු යළි නිවසට ගොස්  හැදුනුම්පත රැගෙන ආපසු පැමිණ ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡායාරූපය සහිත හැදුනුම්පත අනිවාර්ය වන බවට 2022 වසරේ දී බොරිස් ජෝන්සන් රජය නව නීති එංගලන්තයට හදුන්වාදීමත් සමඟ පසුගිය වසරේ පළාත් පාලන ඡන්දයේ දී හැදුනුම්පත පෙන්වීමට නොහැකිවීමෙන් 14000කට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී තිබෙනවා.

හිටපු අගමැති බොරිස් ජෝන්සන් හැදුනුම්පත නොමැතිවීමෙන් ඡන්ද මධ්‍යස්ථානයෙන් හරවා යැවීම ගැන ඔහුගේ ප්‍රකාශකවරයා බීබීසී ගුවන් විදුලියට පවසා ඇත්තේ අගමැතිවරයා හොදින් හඳුනන පුද්ගලයෙකු බැවින් ආපසු හරවා යැවීම ගැන තමන් පුදුමයට පත්වු බවයි.

The post බොරිස් ජෝන්සන් ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යවයි appeared first on ITN News.

Read More »

තුර්කිය ඊශ්‍රායලය සමඟ ඇති සියලුම වෙළඳ සබඳතා අත්හිටුවයි  

0 comments

ගාසා තීරයේ මානුෂිය ඛේදවාචකය හේතුවෙන් තුර්කිය ඊශ්‍රායලය සමඟ ඇති සියලුම වෙළඳ සබඳතා අත්හිටුවා තිබෙනවා.

තුර්කිය පවසන්නේ ඊශ්‍රායලය ගාසා තීරයට අඛණ්ඩ සහ ප්‍රමාණවත් ආධාර ලැබීමට ඉඩ ලබාදෙන තෙක් ඔවුන් සමඟ පවතින සියලුම වෙළෙඳ කටයුතු අත්හිටුවන බවයි.

පසුගිය වසරේ දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 7ක් පමණ වුණා.

ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසන්නේ තුර්කි ජනාධිපතිවරයා ඒකාධිපතිවරයෙකු ලෙස ක්‍රියා කරන බවයි.

තුර්කි ජනතාවගේ සහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ද නොසලකා හරිමින් මෙම පියවර ගෙන ඇති බවට ඔහු චෝදනා කරනවා.

කෙසේ වෙතත් තුර්කිය පවසන්නේ ගාසා ජනතාවට ආධාර ලැබීමට ඉඩ සලසන තෙක් ඊශ්‍රායලය සමඟ වෙළෙඳ සබඳතාව නතර කිරීමේ තීරණය වෙනස් නොකරන බවයි.

The post තුර්කිය ඊශ්‍රායලය සමඟ ඇති සියලුම වෙළඳ සබඳතා අත්හිටුවයි appeared first on ITN News.

Read More »

ඇමරිකා පොලිසියට චෝදනාවක්  

0 comments

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ගැටුම් පාලනය සඳහා පැමිණීමේදී ඇමරිකා පොලිසිය ප්‍රමාද වී කටයුතු කළ බවට චෝදනා එල්ල වනවා.

ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ප්‍රචණ්ඩත්වය පාලනය සඳහා පොලිසිය මැදිහත්වීමට ප්‍රමාද වූ බව කැලිෆෝනියා ආණ්ඩුකාර කාර්යාලය චෝදනා කරනවා.

ආණ්ඩුකාර ගේවින් නිව්සෝම්ගේ ප්‍රකාශකවරයා පවසා ඇත්තේ එම පහරදීම් පාලනය සඳහා සීමිත පොලිස් නිලධාරින් පිරිසක් යෙදවීම හා ඔවුන් පැමිණීමේදී සිදුවූ ප්‍රමාදය අනුමත නොකරන බවයි.

මුහුණු ආවරණය කරගෙන සිටි ඊශ්‍රායල හිතවාදී කණ්ඩායමක් විශ්වවිද්‍යාලයේ පලස්තීන හිතවාදී ශිෂ්‍ය කඳවුරකට අඟහරුවාදා රාත්‍රියේ පහර දුන්නා.

විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකු තුවාල ලැබූ අතර තවත් පිරිසක්  අත්අඩංගුවට ගැනුණා.

The post ඇමරිකා පොලිසියට චෝදනාවක් appeared first on ITN News.

Read More »

චීනයේ අධිවේගී මාර්ගයක් නායයාමෙන් 24 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

චීනයේ අධිවේගී මාර්ගයක් නායයාමෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චීනයේ ග්වාන්දොන්ග් පළාතට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්  කඳුකරයේ අධිවේගී මාර්ගයක කොටසක් නාය යාමට ලක්ව තිබෙනවා.

ඉන් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අධිවේගී මාර්ගයේ මීටර් 17.9 පමණ නාය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ තිස් දෙනෙකු රෝහල් ගත කරනු ලැබුවා.

වාහන 20ක් පමණ අනතුරට ලක්ව ඇති බවද සඳහන්.

The post චීනයේ අධිවේගී මාර්ගයක් නායයාමෙන් 24 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

පැය 55ක් සම්මුඛ සාකච්ඡා පවත්වා තැබූ ගිනස් වාර්තාව  

0 comments

නයිජීරියාවේ යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ක්ලේරා චිසෝබා වැඩිම කාලයක් සම්මුඛ සාකච්ඡා කිරීමේ ගිනස් වාර්තාව තැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘ටෝක් ෂෝ‘ නමැති යූ ටියුබ් වැඩසටහන මෙහෙයවන ඇය අඛණ්ඩව පැය 55ක කාලයක් එරට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නළුනිළියන් ඇතුළු එරට ප්‍රකට පුද්ගලයන් 90 දෙනකු සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් එම වාර්තාව තැබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

සිය වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට, ඇඳුම් පැලඳුම් වෙනස් කිරීමට සහ ශරීර කෘත්‍ය සඳහා එම කාලය භාවිත කර ඇතැයි වැඩිදුරටත් සඳහන්

The post පැය 55ක් සම්මුඛ සාකච්ඡා පවත්වා තැබූ ගිනස් වාර්තාව appeared first on ITN News.

Read More »

වැස්ස නිසා කඩාවැටුණු බන්ධනාගාරයෙන් සිරකරුවෝ 118ක් පැනලා  

0 comments

නයිජීරියාවට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම නයිජීරියාවේ බන්ධනාගාරයක කොටසක් කඩා වැටීමෙන් පසු එහි සිරකරුවන් 118 දෙනකු පලාගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස් ඇත්තේ ඒ අතරින් බව යි සඳහන් වන්නේ

පලා ගිය සිරකරුවන්ගෙන් 10 දෙනකු නැවත අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත් වී ඇතැයි ද, සෙසු සිරකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

The post වැස්ස නිසා කඩාවැටුණු බන්ධනාගාරයෙන් සිරකරුවෝ 118ක් පැනලා appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG