Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Nov 30

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අරලියගහ මන්දිරයේ ඉන්න බැහැ  

0 comments

රනිල් වික්‍රමසිංහ එලවා දමා ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති පරාජය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතරදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.      ...
Read More »

Nov 30

කටුනායක නව ගුවන් යානා අංගනයක් ඇතුලු මගී පර්යන්තවල පහසුකම් පුළුල් කිරීමට පියවර  

0 comments

කටුනායක ගුවන්තොටුපොළේ නව ගුවන් යානා අංගනයක් ඇතුලු මගී පර්යන්තවල පහසුකම් පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු යටතේ නව ගුවන් යානා අංගනයක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජයිකා ආයතනයේ සහන ණය ආධාර යටතේ ඉදිකෙරෙන ගුවන් යානා අංගනය සදහා රුපියල් දස ලක්‍ෂ හයදහසක් වැය කෙරෙන බව...
Read More »

Nov 30

තවත් ප‍්‍රබල භූ කම්පනයක් හිමාල අඩවියේ  

0 comments

තවත් ප‍්‍රබල භූ කම්පනයක් හිමාල අඩවියේ සිදුවිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිවුණා. බොහෝ විට එය ඉන්දු – නේපාල දේශසීමාවේ හටගත හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ. රිච්ටර් පරිමාණ ඒකක 8.5 ක් හෝ ඊට වැඩි ප‍්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගත හැකි බවට මේ වනවිටත් පුරෝකථනය කර තිබෙනවා. චන්ද්‍රිකා දත්ත සහ භූ විද්‍යාත්මක දත්ත විශේලේෂණය කිරීමෙන් අනතුරුවයි පර්යේෂකයන්...
Read More »

Nov 30

ති‍්‍රරෝද රථ ගාස්තු සඳුදා සිට අඩු කෙරේ  

0 comments

ඉන්ධන මිල අඩුවිමත් සමඟ ති‍්‍රරෝද රථ ගාස්තු අඩු කිරිමට සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ති‍්‍රරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල අඩුවිමත් සමඟ එහි වාසිය මගි ජනතාවට ලබාදිම වෙනුවෙන් ලබන සඳුදා (03) සිට පළමු කිලෝ මීටරය සදහා අය කෙරෙන ති‍්‍රරෝද රථ ගාස්තුව රුපියල් දහයකින් අඩු කිරිමට තීරණය කළ බවයි සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ...
Read More »

Nov 30

ඇතෙකු වෙඩි තබා ඝාතනය කරයි  

0 comments

උඩවලව ජාතික වනෝද්‍යානයේදී කිසියම් පිරිසක් ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා. මියගිය ඇතාගේ වයස අවුරුදු 12 ක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් සදහන් කරන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් උඩවලව ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය නිලධාරීන්...
Read More »

Nov 30

හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල – හිඳගොඩ සහ බදුලුපිටිය ප‍්‍රදේශ වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිඳගොඩ ප‍්‍රදේශයේදි මත්කුඩු ග‍්‍රැම් 2යි මිලි ග‍්‍රෑම් 660ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. බදුලුපිටිය ප‍්‍රදේශයේදි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තේ භෙරොයින් ග‍්‍රැම් දෙකයි මිලි ග‍්‍රැම් 640 ක් සමඟින්. බදුල්ල...
Read More »

Nov 30

බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා  

0 comments

ඉන්ධන මිල අඩු විමත් සමඟ බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය ප‍්‍රකාශ කළා. සංගමයේ සියලු නියෝජිතයන් අද කොළඹට කැඳවා ඇති බවයි එහි ලේකම් අංජන පි‍්‍රයන්ජිත් සදහන් කළේ. කෙසේ වෙතත් බස් ගාස්තු අඩු කිරිමට නොහැකි බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප‍්‍රකාශ කළා. එහෙත්...
Read More »

Nov 30

බිළිඳියක් ළිඳකට දමා ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට  

0 comments

බිළිඳියක් ළිඳකට දමා ඝාතනය කළ ඥාති කාන්තාවක් පුලියන්කුලම උන්ජල්කට්ටුව ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට ලක්ව ඇත්තේ මාස 8 ක ගැහැණු දරුවෙක්. පුලියන්කුලම පොලීසියට ලැබුණු තොරතුරක් මතයි විමර්ශන ආරම්භ කළේ. දැරිය නිදිකරවා නිවසෙන් පිටතට ගොස් නැවත පැමිණීමේදී ඇය නොමැති බව දැනගත් මව අවට පරීක්ෂා කිරීමේදී ළිදෙහි ළමයා වැටී සිටින බවට දැක ඇති බවයි...
Read More »

Nov 30

ඇලස්කාවේ ප‍්‍රබල භූ කම්පනයක්  

0 comments

ඇලස්කාවේ ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් පරිමාණ ඒකක 7ක් ලෙස සටහන්ව ඇති බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ. භූ කම්පනයත් සමඟ ගොඩනැගිලි රැසක් කඩාවැටී තිබෙනවා. මාර්ග රැසක් ද පැලී යාමෙන් හානියට පත්ව ඇති බවයි බීබීසී ප‍්‍රවෘත්ති සේවය වාර්තා කළේ. ඇන්කොරේජ් නගරයේ මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා. ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මෙම කලාපයේ...
Read More »

Nov 30

ගොවි සහන නොමැති නිසා ගොවීන් ලක්ෂ තුනක් සියදිවි හානි කරගෙන  

0 comments

1995 වර්ෂයේ සිට මේ දක්වා ඉන්දීය ගොවීන් ලක්ෂ තුනක් සියදිවි හානි කරගෙන ඇති බව හෙළිවුණා. ඒ කෘෂි නිෂ්පාදන වලට ඉහළ මිලක් නොලැබීම සහ ගොවි සහන කප්පාදු කිරීම හේතුවෙන්. දශක ගණනක්පුරා ඉන්දීය ගොවීන් නියඟය, ජල හිඟය, නිෂ්පාදනය අඩුවීම සහ නූතන තාක්ෂණික ක‍්‍රම භාවිතයට නොගෙනීම හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. ඒ සමඟ ඉන්දියාවේ දස දහස් ගණනක ගොවීන් ණය ගෙවා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. දහස් සංඛ්‍යාත ගොවීන් පිරිසක් නව දිල්ලි...
Read More »

Nov 30

අසත්‍ය ප්‍රචාර ගෙන යන්නේ ව්‍යාජ ට්විටර් ගිණුමකින් – විනායගමූර්ති මුරලිදරන්  

0 comments

රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ තමා නමින් ව්‍යාජ ට්විටර් ගිණුමක් ආරම්භ කර ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා පවසනවා. එම ව්‍යාජ ගිණුම මගින් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් තමා පිළිබද වැරදි අවබෝධයක් ලබා දෙන බව ඒ මහතා කියාසිටිනවා. අයිටිඑන් වසන්තම් ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.   හිටපු...
Read More »

Nov 30

16 ත් 60 අතර රුසියාවේ පිරිමි පුද්ගලයින්ට යුක්රේනය තහනම්  

0 comments

16 ත් 60 ත් අතර වයස් සීමාවේ පසුවන රුසියාවේ පිරිමි පුද්ගලයින්ට යුක්රේනයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. යුක්රේනයේ පවතින හමුදා නීතියට අනුවයි මෙම නව නීතිය පනවා ඇත්තේ. අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීම හෝ අත්‍යවශ්‍ය මානුෂීය හේතුවකට හැර කිසිදු ලෙසකින් යුක්රේනයට රුසියානු පිරිමි පුද්ගලයින් ඇතුළු කර ගැනීම මේ අනුව තහනම් වනවා. දෙසැම්බර් 26 වන තෙක් යුක්රේනයේ...
Read More »

Nov 30

සමෘද්ධි නිලධාරීන් 7000 කට ස්ථිර පත්වීම්  

0 comments

සමෘද්ධි නිලධාරීන් 7000 කට ස්ථිර පත්වීම් ලබාදීම සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. සමෘද්ධි ව්‍යාපාරය තුළ සිටින සියලුදෙනා මුහුණදී ඇති ගැටලු කඩිනමින් විසඳීමට ද අවධානය යොමුකරන බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කළේ. ග‍්‍රාමීය...
Read More »

Nov 30

තුර්කියේ නිරිතදිග ප්‍රදේශයේ බෝඩ්‍රම් නගරයට ගංවතුරෙන් බලපෑම්  

0 comments

තුර්කියේ නිරිතදිග ප්‍රදේශයේ බෝඩ්‍රම්  නගරයට ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. දින කිහිපයක් පුරා ඇද හැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙනුයි මෙම ගංවතුර තත්ත්වය හට ගත්තේ.පුද්ගලයින් කිහිප දෙනෙකු ද අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රධාන මාර්ග හෝටල් වෙළද සංකීර්ණ  සහ නිවාස ගංවතුරින් යටවී තිබෙනවා. මාර්ගවල ගමනාගමන කටයුතු ද...
Read More »

Nov 30

වසර ගණනාවකට පසු දකුණු කොරියා දුම්රියක් උතුරු කොරියාවට  

0 comments

වසර ගණනාවකට පසු දකුණු කොරියා දුම්රියක් උතුරු කොරියාවට පැමිණ තිබෙනවා. කොරියා රාජ්‍යයන් දෙක අතර සබඳතා ශක්තිමත් කරගැනිම අරමුණ බවයි දකුණු කොරියා රජය ප‍්‍රකාශ කළේ. ඉදිරියේදි දෙරට අතර දුම්රිය සේවය වඩාත් කාර්යක්ෂම කිරිම සදහා අවධානය යොමුව තිබෙනවා. දකුණු කොරියා විශේෂඥයින් පිරිසක් ඒ සදහා නව ව්‍යාපෘතියක් සැලසුම් කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ...
Read More »

Nov 29

බේරුවල වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ තරුණයා ඝාතනය කර ඇති බව හෙළිවෙයි  

0 comments

බේරුවල වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ බව කී 18 හැවිරිදි තරුණයා ඝාතනය කර ඇති බව හෙළිවුණා.  තාරක අරවින්ද නමැති මෙම තරුණයාට දැඩි ලෙස පහරදී දැලක ඔතා මුහුදට දැමූ බවයි හෙළිව තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේරුවල වරායෙන් පසුගිය ඔක්තෝබර් 15 වන දින තාරක අරවින්ද ඇතුළු පුද්ගලයන් 6 දෙනෙක් මුහුදු...
Read More »

Nov 29

බෝපේ – පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 03 කින් සම්මතයි  

0 comments

බෝපේ  –  පෝද්දල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 03 කින් සම්මත වුණා. එක්සත් ජාතික පක්ෂ  මන්ත්‍රීවරුන් පිරිසක් කලු ඇදුම් පැළද සභාවට පැමිණියා. විරෝධය පලකරමින් අයවැය වාර්තාව ගිනි තැබීමට ද ඔවුන් කටයුතු කළා. එහිදී දැඩි උනුසුම්කාරී  තත්ත්වයක් හට ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා‍වේ අයවැය...
Read More »

Nov 29

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්  

0 comments

දිවයින පුරා වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින දෙක තුළදී (දෙසැම්බර් 01 සහ 02) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම්...
Read More »

Nov 29

බහුතරය යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව මැ.කොමිසමේ සභාපති කියයි  

0 comments

බහුතරය යනු ප්‍රජාතන්ත්‍රවාදය නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඉලෙට්‍රොනික ඡන්ද ක්‍රමය ඉදිරියේදී ඡන්ද පොලේදී භාවිත කිරීමට  අවශ්‍ය  කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද ඒ මහතා ප්‍රකාශ කරනවා. සභාපතිවරයා මෙම අදහස් පල කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකදී. ජූනි 1 වෙනිදාට යෙදී තිබූණූ ඡන්ද...
Read More »

Nov 29

සාපෙළ සිසුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශන සංග‍්‍රහයක්  

0 comments

අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ මාර්ගෝපදේශන සංග‍්‍රහයක් නිකුත් කර තිබෙනවා. විභාග සමයේදි ආතතිය මගහරවා ගනිමින් ශාරීරික හා මානසික සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වා ගැනිමේ තොරතුරු ඊට ඇතුලත්. මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගනගේ මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය එක්ව එම මාර්ගෝපදේශන...
Read More »

Nov 29

ට‍්‍රම්ප් ආජන්ටිනාවට පැමිණෙයි  

0 comments

ජී 20 සමුළුවට සහභාගීවීම සඳහා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ආජන්ටිනාවට පැමිණියා. චීන ජනාධිපති ෂි ජින්පින් ඇතුලු රාජ්‍ය නායකයන් සමඟ ඔහු සාකච්ඡා කරන බවයි ධවල මන්දිරය ප‍්‍රකාශ කළේ. ට‍්‍රම්ප් බලයට පත්වීමෙන් පසු ලතින් ඇමරිකාවේ සිදුකරන ප‍්‍රථම නිල සංචාරය මෙයවීම විශේෂත්වයකි. ජී 20 සමුළුවට සමගාමීව සංවිධානය කර තිබූ රුසියා ජනාධිපති ව්ලැඩ්මියර්...
Read More »

Nov 29

“සේනා” මර්දනයට කෘමිනාශක වර්ග 3ක්  

0 comments

“සේනා” නැමැති ආක්‍රමණශීලී ආගන්තුක දළඹු විශේෂය මේ වන විට දිස්ත්‍රික්ක 03ක බඩඉරිඟු ඇතුළු වගාවන් ගණනාවකට හානි කරමින් ව්‍යාප්තවී තිබෙනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද මෙම දළඹුවා පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත. “සේනා” දළඹුවා සහ සළබයා මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘමිනාශක වර්ග 03ක් වහා ක්‍රියාත්මක වන පරිදි නිර්දේශ කර ඇත. Proclaim...
Read More »

Nov 29

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය බිබිල ප්‍රදේශයේ ඉදි කෙරේ  

0 comments

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අක්කර 2200කින් සමන්විත මෙම වගා කලාපය තුළ “Bibile sweets”නමැති පැණි දොඩම් විශේෂය වගා කෙරෙන අතර පැණි දොඩම් පැළ 85,000ක් මෙම කලාපය තුළ වගා කෙරේ.බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 500ක්,...
Read More »

Nov 29

හොංකොං රියඅනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

හොංකොං හි සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් තිස් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ. බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. මියගිය අය අතර බස් රථ රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙක් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අනතුරට හේතුව මෙතෙක් භෙළිව නැහැ...
Read More »

Nov 29

මෝදි සහ සල්මාන් කුමරු අතර හමුවක්  

0 comments

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ සවුදි ඔටුන්න හිමිකුමරු මොහොමඩ් බින් සල්මාන් අතර හමුවක් ආජන්ටිනාවේදී පැවැත්වුණා. ඒ ජී 20 සමුළුව අතරතුරයි. දෙරට අතර ආර්ථික සංස්කෘතික සහ බලශක්ති සබඳතා ශක්තිමත් කිරීම පිළිබදව ද්විපාර්ශවීය සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබෙනවා. ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට රාජ්‍ය නායකයන් එකඟතාවය පළකළ බවයි...
Read More »

Nov 29

රත‍්‍රං තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් රේගු දැලේ  

0 comments

රත‍්‍රං තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී රුපියල් තිස් එක් ලක්ෂයක් වටිනා රත‍්‍රං බිස්කට් සහ මාල සොයාගත් බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. සැකකරුවන් අතර මාලදිවයින ජාතිකයෙක් ද සිටින අතර අනෙක් පුද්ගලයා රාජගිරිය ප‍්‍රදේශයේපදිංචි ශ්‍රී‍්‍ර ලාංකිකයෙකි. ඔවුන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම්...
Read More »

Nov 29

මුදල් පනතක් වෙනස් කිරීමට විපක්ෂයට බැහැ ආණ්ඩුව කථානායකවරයාට මතක්කරයි  

0 comments

ජනරජයේ අරමුදල්වලින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාට මුදල් වියදම් කිරීම තහනම් කරමින් යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම නීත්‍යානුකූල නොවන බව රජයේ මැති ඇමතිවරුන් අවධාරණය කරනවා. පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතකින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාට මෙම මුදල් බලය ලැබී තිබෙනවා. පනතකින් ලැබුණු එම අයිතිය වෙනස් කළ හැකි වන්නේ ආණ්ඩුව ගෙන එන තවත් පනතකින් පමණයි.  විපක්ෂයේ...
Read More »

Nov 29

මනුෂ්‍ය ඝාතන 90 කට සම්බන්ධ ඇමරිකා ජාතිකයෙක් අත්අඩංගුවට  

0 comments

මනුෂ්‍ය ඝාතන 90 කට සම්බන්ධ ඇමරිකා ජාතිකයෙක් අත්අඩංගුවට ගත් බව එෆ්බීඅයි ආයතනය ප‍්‍රකාශ කළා. ඝාතනයවූ වැඩි පිරිසක් කාන්තාවන් බවයි පැවසෙන්නේ. ප‍්‍රාන්ත 14 ක සැකකරු ඝාතන සිදුකර ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. 78 හැවිරිදි ඔහු 1987 දී පළමු ඝාතනය සිදුකර ඇති අතර මනුෂ්‍ය ඝාතන වලට අමතරව කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය සහ පහරදීම් සම්බන්ධ චෝදනා රැසක්ද සැකකරුට...
Read More »

Nov 29

ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් උද්ඝෝෂණයක  

0 comments

දේශගුණික විපර්යාස සදහා ක්‍රියාමාර්ගයක් ඉල්ලා ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක පාසල් සිසුන් උද්ඝෝෂණයක නිරත වනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ඕස්ට්‍රේලියාවට විවිධ ස්වාභාවික ව්‍යසනවලින් බලපෑම් එල්ල වුණා. වායු විමෝචන වාර්තාව අනුව පසුගිය වසරේ සිට මේ වසර දක්වා ඕස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්හි කිසිදු ගුණාත්මක වර්ධනයක් සිදුව නැහැ. මෙම පාසල් සිසුන්...
Read More »

Nov 29

ට්‍රම්ප් පුටින් සමඟ සාකච්ඡා අවලංගු කරයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගුකර තිබෙනවා. රුසියාව යුක්රේනයේ නෞකා 03ක් අත්පත්කර ගැනීමේ සිද්ධිය මුල්කර ගනිමිනුයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ද ඇමෙරිකා ජනාධිපතිවරයා මීට පෙර ඉල්ලා තිබුණා. ආජන්ටිනාවේ පැවැත්වෙන ජී විස්ස...
Read More »

Nov 29

මඩකලපුව පොලිස් නිලධාරීන් දෙදෙනා මියයාම ගැන පුළුල් විමර්ශනයක්  

0 comments

මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හදිස්සියේ මියයාම ගැන පොලීසිය පුළුල් විමර්ශන ආරම්භකර තිබෙනවා. මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා එම මාර්ග බාධකය අසල මියගොස් සිටියදී අද උදෑසන සොයා ගැනුණා. මරණයට හේතුව මෙතෙක් හෙළිව නැහැ. පොලිස්පතිවරයාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයාගේ...
Read More »

Nov 29

ඛණිජතෙල් අලෙවියේ මිල විෂමතා ඉවත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්  

0 comments

ඛණිජ තෙල් අලෙවි කිරීමේ දී පවතින මිල විෂමතා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඉන්දියන් තෙල් සමාගමට අයත් ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ නියෝජිතයන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි මෙම උපදෙස් ලබා දී ඇත්තේ. බෙදුම්කරුවන්ගේ සංගමයේ ඉල්ලීම වූයේ තෙල් සංස්ථා පිරවුම්හල්වල...
Read More »

Nov 29

දෙමළ ජාතික සන්ධානයෙන් ජනපතිට ලිපියක්  

0 comments

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව ලිපියක් මගින් එම සන්ධානය ජනාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා. මන්ත්‍රිවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුතු  ලිපියක් ඔවුන් අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.  පසුගිය දින කිහිපය පුරාම පාර්ලිමේන්තුවේදී...
Read More »

Nov 29

කෙටි කාලයක් තුළ අගමැතිගෙන් ජනතාවට සහන රැසක්  

0 comments

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වූ දින සිට මේ දක්වා වූ කෙටි කාලයේදී ජනතාවට සහන රැසක් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. එතුමා මේ පිළිබද අදහස් පළ කළේ අග්‍රාමාතය කාර්යාලයේ අද (29) පැවති මාධ්‍ය හමුවකදීයි.          ...
Read More »

Nov 29

යාපනය කොළඹ බසය හැමිල්ටන් ඇළට පෙරළි 4 ක් මියගොස් 19 කට තුවාල  

0 comments

බස් රථ අනතුරකින් 4 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලැබුවා. යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ඕලන්ද ඇළට පෙරලීමෙනුයි අනතුර සිදුවුණේ. නාත්තන්ඩිය වලහපිටිය ප්‍රදේශයේ දී සිදුවූ මෙම අනතුරෙන් මියගිය අය අතර කාන්තාවන් තුන් දෙනෙකු ද වනවා. ඔවුන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ. තුවාල ලැබූවන් මාරවිල රෝහලට ඇතුළත්කර තිබ...
Read More »

Nov 29

මැතිවරණයක් ඉල්ලා ජාතික පෙත්සමකට අත්සන් තැබේ  

0 comments

පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා ජාතික පෙත්සමකට අත්සන් තැබීමක් රත්නපුර නව නගරයේදී සිදු කෙරුණා. රත්තනපුර, සබරගමු පළාත් සභා කාර්යාලය ඉදිරිපිටදීයී පෙත්සමට අත්සන් තැබීම සිදු කෙරු‍ණේ. ඒ සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන්. මහාසංඝරත්නය සහ විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා.  කතානායකවරයාගේ...
Read More »

Nov 29

ඉදිරි මැතිවරණයට එජාපයත් සන්ධානයකින්  

0 comments

ඉදිරි මැතිවරණයකට පක්ෂ කිහිපයක් එක්ව සන්ධානයක් ලෙස ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.  පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම සදහා පැවති හමුවක් අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.        ...
Read More »

Nov 29

P.M.B රයිස් වෙළඳනාමය යටතේ සකස් කළ සහල් වෙළඳපොලට  

0 comments

වී අලෙවි මණ්ඩලය පී එම් බී රයිස් වෙළෙදනාමය යටතේ සකස් කළ සහල් නිල වශයෙන් වෙළඳපොලට නිකුත් කළා. එහි පළමු ඇසුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද පිළිගැන්වුණා. වී අලෙවි මණ්ඩලය ගොවි ජනතාවගේ ජීවන තතත්ත්වය ඉහළනැංවීමේ අරමුණෙන් වී මිලදී ගැනීම සිදු කරනවා. රට පුරා දිස්ත්‍රික්ක 19 ක ගබඩා 220කදී මෙම වී තොග පවත්වා ගැනීම...
Read More »

Nov 29

ජනතා පරමාධිපත්‍යයට ඉඩ සලසමින් මහ මැතිවරණයකට යා යුතුයි  

0 comments

ජනතා පරමාධිපත්‍යයට ඉඩ සලසමින් මහ මැතිවරණයකට යා යුතු බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකදී. දකුණු පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත ස්වාමීන් වහන්සේ ද මෙහිදී අදහස් දැක්වූවා.            ...
Read More »

Nov 29

උතුරු පළාතේ ඇති අධ්‍යාපන ගැටළු නිරාකරණය සදහා නව ක්‍රමවේදයක්  

0 comments

උතුරු පළාතේ ඇති අධ්‍යාපන ගැටළු නිරාකරණය සදහා නව ක්‍රමවේදයක් සකස් කළ යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසනවා. ගැටළු පිළිබද සාකච්ඡා කිරීම සදහා පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කිලිනොච්චිය හා තුනුක්කායි කලාපවල ඇති පාසල්වල විදුහල්පති හා අංශභාර ගුරුවරුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සදහායි  මෙම හමුව පැවැත් වුණේ. විද්‍යා,...
Read More »

Nov 29

කටුනායක – සීදුව නගර සභාවේ අයවැය පරාජයට පත්වෙයි  

0 comments

කටුනායක සීදුව නගර සභාවේ අයවැය අද පරාජයට පත් වුණා. ආණ්ඩුපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අයවැය යෝජනායි මෙලෙස  පරාජයට පත් වුණේ. ආණ්ඩු පක්ෂය සමග කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් දෙදෙනෙකුද විපක්ෂය සමග එක් වුණා. මේ අනුව කටුනායක සීදුව නගර සභවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...
Read More »

Nov 29

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ්  

0 comments

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 4 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඔවුන් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. ඉදිරි...
Read More »

Nov 29

ආයෝජන මණ්ඩලය ගැන ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි ගෙන යන ප්‍රචාර අසත්‍යයි  

0 comments

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට විශේෂ පත් කිරීමක් සිදු කර ඇති බවට ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි කිහිපයක් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව එම මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අවධාරණය කරනවා.  මේ සම්බන්ධයෙන් නිවේදනක් නිකුත් කරමින් ඒ මහතා කරුණු පැහැදිලි කළා. තමා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩයේ සභාපති ලෙස වැඩ භාරගැනීමෙන් පසු මේ දක්වා ශ්‍රී ලංකා ආයෝජන...
Read More »

Nov 29

පුටින් සහ ට්‍රම්ප් අතර හමුව අනිද්දා  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව අනිද්දා පැවැත්වෙන බව රුසියාව පවසනවා. ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 සමුළුවට සමගාමීවයි මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ. රුසියාව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ රටවල් දෙක අතර පවතින ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු ඇති බවයි. තවද සිරියාව , ඉරානය , උතුරු...
Read More »

Nov 29

ශ්‍රීපාද මාර්ගයේ අනවසර වෙළඳසැල් ඉවතට  

0 comments

ශ‍්‍රීපාද වන්දනා සමය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පෙරවරුවේ පැවැත්වුණා. ඒ ශ‍්‍රිපාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන්. ශ‍්‍රිපාද වන්දනා සමයේදී නල්ලතන්නියේ සිට ශිතගගුල දක්වා ඉදිකර ඇති අනවසර වෙළෙද සැල් කඩා ඉවත්කිරිමටයි එහිදී තීරණය කළේ. වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහ පොදු ස්ථාන මෙන්ම පරිසරය ආරක්ෂා කරගැනීමට...
Read More »

Nov 29

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කෙරේ  

0 comments

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු හෙට පෙරවරුවේ විවෘත කරනවා. එය මේවන විට පිටාර මට්ටමට ලගාවී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ. මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා  ව්‍යාපෘති පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක ද නිරතවීමටයි නියමිත. මොරගහකන්ද කලුගඟ ජලාශ ව්‍යාපෘතිය දශක 4 කට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය ලෙසයි...
Read More »

Nov 29

ලබන වසර සදහා පාසල් සහ පිරිවෙන් පෙළ පොත් මිලියන 39.4ක්  

0 comments

ලබන වසර සදහා දිවයිනේ සියලුම පාසල් සහ පිරිවෙන්වලට අවශ්‍ය පෙළ පොත් මිලියන 39.4ක් මුද්‍රණය කිරීමට නියමිතයි. ඉන්  87%ක ප්‍රමාණයක් මේ වන විට පාසල් දරුවන්ට බෙදා හැර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඉතිරි 13%ක ප්‍රමාණය වසර අවසානයට පෙර දරුවන් වෙතට ලබා දීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර හිටපු අධ්‍යාපන...
Read More »

Nov 29

කුරුනෑගල ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 27 කින් සම්මතයි  

0 comments

කුරුනෑගල ප්‍රාදේශීය සභාවේ ඉදිරි වර්ෂ සදහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 27 කින් සම්මත වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අය වැය යෝජනාව ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ද ඒ සදහා සහයෝගය දැක්වුවා. එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් අය වැය විවාදයට හෝ සහභාගී නොවීම කැපී පෙනුණා.  ...
Read More »

Nov 29

ඔස්ටෙ‍්‍රිලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප‍්‍රාන්තයේ ජනතාවට තවදුරටත් අනතුරු ඇඟවීම්  

0 comments

ඔස්ටෙ‍්‍රිලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප‍්‍රාන්තයේ ජනතාවට තවදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ ලැව් ගිනි ව්‍යප්තවීමේ අවදානමක් හේතුවෙන්. අවදානම් සහිත ස්ථානවලින් ජනතාව ඉවත්කිරිමට බලධාරින් පියවර ගත් බවයි වාර්තා වන්නේ. දැඩි සුලං තත්වය හේතුවෙන් ලැව්ගිනි පැතිරයාම වේගවත් වී ඇති බව ද ක්වීන්ලන්ත බලධාරින් ප‍්‍රකාශ කර තිබෙනවා...
Read More »

Nov 29

කතරගම විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්  

0 comments

කතරගම විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝගයෙන්. සැකකරුවන් ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. කතරගම කිරි වෙහෙර විහාරාධිපති හිමියන් වෙඩි ප‍්‍රහාරයට ලක්වුණේ පසුගිය ජුලි...
Read More »

Nov 28

ප්‍රදේශ කිහිපයක වැසි  

0 comments

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි...
Read More »

Recent News

Gossip Lanka MAG