Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වෙනිදා  

0 comments

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වන දින පැවැත්වීමට දින නියමකර තිබෙනවා.

රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුරදී පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ යෝජනාවකට අනුවයි මෙම සමුළුව පැවැත්වෙන්නේ. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හා රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව සමුළුව පැවැත්වෙන දිනය , වේලාව හා කාලය තීරණය කර තිබෙනවා. රුසියාවේ ආරක්ෂක යෝජනාවලිය සාකච්ඡාවට භාජනය කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් පවතින බවයි රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොෆ් පවසන්නේ.

 

 

The post යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පැවැත්වෙන රුසියා , ඇමෙරිකා සමුළුව ලබන 24 වෙනිදා appeared first on ITN News.

Read More »

යුක්රේනයේ ශ්‍රී ලාංකික සිසුන් ගැන විදේශ අමාත්‍යාංශය විමසිල්ලෙන්  

0 comments

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික දරුවන් සමග සමීප සබදතා පවත්වමින් ඉදිරි කටයුතු පිළිබද සොයා බලන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.

යුක්රේනය හා රුසියාව අතර හටගෙන ඇති මතභේදාත්මක ගැටුම් හා රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පවතින හැකියාව පිළිබද තොරතුරු ලබාගනිමින් එහි සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබද දැඩි අවධානයෙන් කටයුතු කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සදහන් කරන්නේ.

අන්කාරා තානාපති කාර්යාලය සමග සම්බන්ධවෙමින් යුක්රේනයේ සිටින සිසුන් 14 දෙනෙකු ඇතුළු 40 කට අධික ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කර ඇති බවද එහි සදහන්. නිරන්තරයෙන් අන්කාරා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධවෙමින් කටයුතු කරන ලෙස යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා. යුක්රේනය වෙත සිදුකෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වලකින ලෙස ද අමාත්‍යාංශය සියලු ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් ලබාදෙනවා.

 

 

 

 

 

The post යුක්රේනයේ ශ්‍රී ලාංකික සිසුන් ගැන විදේශ අමාත්‍යාංශය විමසිල්ලෙන් appeared first on ITN News.

Read More »

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 65 ඉක්මවයි  

0 comments

මෙරට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 65 සීමාව ඉක්මවා ගොස් තිඛෙනවා.

එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු මාර්ත්‍රාව එක්කෝටි හැට අට ලක්ෂ පනස් පන්දහස් තුන්සිය පනස් නව දෙනෙකු ලබා ගෙන තිබෙනවා. දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව එක්කෝටි හතලිස් ලක්ෂ අනූ එක් දහස් පන්සිය අනූ හතරක්. හැට පන්ලක්ෂ තිස් අට දහස් හත්සිය පනස් නව දෙනෙකු තුන්වවන මාත්‍රාව ලබා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරනවා.

The post බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 65 ඉක්මවයි appeared first on ITN News.

Read More »

එක්ස්ප්‍රස් පර්ල් ශ්‍රී ලංකාවට සිදු කළ හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 5.3ක් ලැබෙයි  

0 comments

එක්ස්ප්‍රස්පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ ආර්ථික හානි පූර්ණයට අදියර දෙකක් යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 5.3 ක මුදලක් මේ වන විට ලැබී ඇති බව සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ලහඳපුර පවසනවා. ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 400ක මුදලක් රජය වන්දි ලෙස ලබා දී ඇති බවයි ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් සභාපතිනිය කියා සිටියේ.

 

 

The post එක්ස්ප්‍රස් පර්ල් ශ්‍රී ලංකාවට සිදු කළ හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 5.3ක් ලැබෙයි appeared first on ITN News.

Read More »

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1206ක්  

0 comments

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1206 දෙනෙකු මෙරටින් හදුනාගනිද්දී කොරෝනා ආසාදිත මරණ 30 ක් ද වාර්තා කෙරුණා.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1206 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 638,043 ක්. 14,900 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 607,119 ක්. කොරෝනා ආසාදිත මරණ 30 ක් ඊයේ දිනයේ වාර්තා කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 16,024 දක්වා ඉහළ ගියා.

මේ අතර ගෙවී ගිය පැය 24 තුළ ලොව පුරා නව ආසාදිතයින් දොලොස් ලක්ෂ පනස් දහස් තුන්සිය දහ තුන් දෙනෙකු හදුනාගෙන තියෙනවා. වැඩිම ආසාදිතයින් සහ මරණ වාර්තා වුණේ රුසියාවෙන්.  ආසාදිතයින් 152337 දෙනෙකු වාර්තා වෙද්දි මරණ 735 ක් රුසියාවෙන් වාර්තා වුණා.

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1206ක් appeared first on ITN News.

Read More »

ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් යන ප්‍රාන්ත ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්න – රුසියා ජනපති  

0 comments

නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් යන ප්‍රාන්ත යුක්රේනයෙන් වෙන්වූ ස්වාධීන මහජන ජනරජයන් ලෙස පිළිගන්නා බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිවේදනය කරනවා.

ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් යන ප්‍රාන්ත ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා නීතිමය ලිපිලේඛනවලට ද රුසියා ජනාධිපතිවරයා අත්සන් තැබුවා. ඒ සමගම එම ප්‍රාන්තයන්ට රුසියා හමුදා අනියුක්ත කිරීමේ නීතිමය හැකියාව පුටින් ජනාධිපතිවරයාට හිමිවන බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මේ වනවිටත් ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් ප්‍රාන්තයන්හි සාමය ආරක්ෂා කිරීමට රුසියා හමුදා ඛණ්ඩ සේවයට අනියුක්ත කිරීමට ජනාධිපතිවරයා නියෝග ලබාදී තිබෙනවා. රුසියාවේ මෙම තීරණයත් සමග ඇමෙරිකාව / නේටෝ සංවිධානය ප්‍රමුඛ යුක්රේන හිතවාදී රටවල් දැඩි කැළඹීමකට ලක්ව සිටින බවද සදහන්. 2014 වසරේ සිට එම ප්‍රාන්තයන්හි රුසියාවට පක්ෂපාත කැරළිකරුවන් පාලන බලය අත්කරගෙන සිටිනවා. කෙසේ වුවද සාමය ආරක්ෂා කිරීමට එම ප්‍රාන්තයන් දෙකට රුසියා හමුදා  යොමු කිරීම උපක්‍රමයක් බවයි බටහිර රටවල් පෙන්වා දෙන්නේ.

 

 

 

The post ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් යන ප්‍රාන්ත ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්න – රුසියා ජනපති appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව රුසියාවෙන්  

0 comments

ගතවූ පැය 24 ට ලොවපුරා රටවල් 224 කින් කොරෝනා ආසාදිතයින් දොළොස් ලක්ෂ පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව හයදහස් එකසිය හැත්තෑ තුනක්.

ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ රුසියාවෙන්. එරටින් ඊයේ දිනයේ දී ආසාදිතයින් එක්ලක්ෂ පනස් දෙදහස් තුන්සිය තිස්හත් දෙනෙකු හමුව ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 735 ක්. එමෙන්ම ජර්මනියෙන් එක්ලක්ෂ එකොළොස් දහසක්, තුර්කියෙන් අසූපන් දහසක් හා බ්‍රසීලයෙන් හතලිස් දෙදහසක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඒ සමගම ලොව සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් දෙකෝටි හැටහතර ලක්ෂයකට ආසන්න වනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් නව ලක්ෂ නවදහස් එකසිය අසූහතරක්.

 

 

The post ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව රුසියාවෙන් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG