Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් ඇමති ප්‍රමුඛ දූත කණ්ඩායම IMF සමඟ සිදුකළ සාකච්ඡා ඉතා සාර්ථකයි – මුදල් අමාත්‍යාංශය  

0 comments

මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රමුඛ දූත කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකළ සාකච්ඡා ඉතා සාර්ථක බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.

අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සැපයුම් දායම යළි සකස් කිරීම ශ්‍රී ලංකාවේ මූල්‍ය අපහසුතා ඉවත්කර ගැනීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම මෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ  බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ. ශ්‍රී ලංකා දූත කණ්ඩායම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මුණගැසුනා. ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් කඩිනම් සහන සැපයීම සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වී තිබෙනවා. මෙම සාකච්ඡාවලට ඉන්දීය මුදල් අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් යුතු ඉන්දීය දූත කණ්ඩායමක් ද එක්වුණා. ඉන්ධන සහ වෙනත් ආනයන සදහා ඉන්දීය රජයේ සහයෝගය ලබා දෙන බවයි ඔවුන් මෙහිදී සදහන් කර ඇත්තේ.

 

 

 

The post මුදල් ඇමති ප්‍රමුඛ දූත කණ්ඩායම IMF සමඟ සිදුකළ සාකච්ඡා ඉතා සාර්ථකයි – මුදල් අමාත්‍යාංශය appeared first on ITN News.

Read More »

ඉන්දියානු සිසුන් චීනයේ අධ්‍යාපන කටයුතු සඳහා යළි ගෙන්වා ගැනීම කෙරෙහි ඉහළ අවධානයක් යොමු කර ඇතැයි චීනය කියයි  

0 comments

ඉන්දියානු සිසුන් චීනයේ අධ්‍යාපනය සඳහා නැවත පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පැවසුවේ,
චීනය මෙම ප්‍රශ්නය කෙරෙහි දැඩි අවධානය යොමු කරන බවයි. ඉන්දියානු සිසුන් චීනයට යළි ගෙන්වා ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ වී තිබේ. දැනට චීනයට යළි පැමිණීමේ සැබෑ අවශ්‍යතාව ඇති
ඉන්දියානු සිසුන්ගේ ලැයිස්තුව, ඉන්දියානු පාර්ශ්වයට ඉදිරිපත් කරන බව ද, Zhao Lijian මහතා සඳහන් කළේ ය.

වර්තමානයේ වසංගත තත්ත්වය දරුණු හා සංකීර්ණ වී තිබේ. විදේශීය සිසුන් චීනයේ අධ්‍යාපනය සඳහා ගෙන්වා ගැනීමේදී, ජාත්‍යන්තර වසංගත තත්වයේ වෙනස්කම් සහ සිසුන්ගේ අධ්‍යාපන
කටයුතු යන දෙකම ඒකාබද්ධ ව කල්පනා කළ යුතු බවත්, සියලුම ජාත්‍යන්තර සිසුන්ට මෙම මූලධර්ම සමාන ව ප්‍රවර්ධනය කළ යුතු බවත්, Zhao Lijian මහතා අවධාරණය කළේ ය.

The post ඉන්දියානු සිසුන් චීනයේ අධ්‍යාපන කටයුතු සඳහා යළි ගෙන්වා ගැනීම කෙරෙහි ඉහළ අවධානයක් යොමු කර ඇතැයි චීනය කියයි appeared first on ITN News.

Read More »

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් ජර්මනියෙන්  

0 comments

ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් ජර්මනියෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව පනස් හත් දහස් තුනක්.

ගෙවීගිය පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ රුසියාවෙන්. එම සංඛ්‍යාව 157 ක්. ඊයේ දිනයේදී පමණක් ලොව පුරා කොරෝනා ආසාදිතයින් 422,505 දෙනෙකු හදුනා ගැණුනා. කොරෝනා ආසාදිත මරණ 1,303 ක් වාර්තා වුණා. ඒ අනුව ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව පන්ස් එක්කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා. සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටදෙලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post ඊයේ දිනයේ දී වැඩිම කොරෝනා ආසාදිතයින් ජර්මනියෙන් appeared first on ITN News.

Read More »

ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළට  

0 comments

ඖෂධ කිහිපයක මිල සීමාව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය අනුව අදාළ නියෝග ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනවා. ගැසට් නිවේදනයට අනුව 2019  ඖෂධ නියෝගවලට අයත්වන ලෙස මිල ඉහළ සීමා මෙමගින් තවදුරටත් සංශෝධනය කෙරෙනවා. ඒ අනුව අදාළ ඖෂධවල මිල සියයට 40ක් දක්වා වැඩි කිරීමට අවසර හිමිවනවා. මිල වැඩිවන ඖෂධ වර්ග සංඛ්‍යාව 60ක් වනවා.

 

The post ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළට appeared first on ITN News.

Read More »

රඹුක්කන ඝාතනය: පොලීසියේ සැක 04 දෙනාගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නැයි නියෝග  

0 comments

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්,  කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිසියේ හතර දෙනා සම්බන්ධයෙන් ‌වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියෝග කළා.

මොවුන් ඊයේ අත්අඩංගුවට ගැනුණේ කෑගල්ල මහේස්ත්‍රාත්වරිය පොලිසියට කළ  නියෝගයකට අනුවයි.

රඹුක්කන පැවති විරෝධතාවක් අතරතුර පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙකු මිය ගියේ පසුගිය 19 වනදායි. කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමට අණ දුන් සහ එම නියෝග ක්‍රියාත්මක කළ නිලධාරීන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය පසුගියදා නියෝග කළා. එම නියෝගය අනුව ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේ සිද්ධියට අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඒ අනුවයි කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න ඇතුළු නිලධාරීන් 4 දෙනා ඊයේ අත්අඩංගුවට ගැනුණේ.

කෙසේ වෙතත් අද අධිකරණයේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් සදහන් කළේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකාර පොලිස් නිලධාරීන් මෙම නඩුවට ඇතුළත් කොට  අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.   ඒ අනුව මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පොලිසියට නියෝග කර සිටියේ අදාළ සැකකරුවන් ද අත්අඩංගුවට ගෙන ලබන මස දෙවනදා වන විට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. නඩුව ලබන දෙවනදා යළි කැදවීමට නියමිතයි.

 

 

 

The post රඹුක්කන ඝාතනය: පොලීසියේ සැක 04 දෙනාගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නැයි නියෝග appeared first on ITN News.

Read More »

අසභ්‍ය විඩියෝ දර්ශනයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උණුසුම්  

0 comments

බ්‍රිතාන්‍යය කොන්සවේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්  පාර්ලිමේන්තුව තුල දි අසභ්‍ය විඩියෝ දර්ශන නැරඹීම නිසා තහනමට ලක්ව තිබෙනවා.

නීල් පැරිශ් නැමති පාර්ලිමේන්තු මන්ත්‍රිවරයායි මෙලෙස තහනමට ලක්ව ඇත්තේ. ඔහු 2010 වසරේ සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. නීල් පැරිශ් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ආණ්ඩු පක්ෂයට අයත්  මන්ත්‍රිවරයෙකු වීම විශේෂත්වයක්. පහළ මන්ත්‍රි මණ්ඩලයේ විවාදයක් පවතින අතරතුරද ඔහු සිය ජංගම දුරකතනය භාවිත කරමින් අසභ්‍ය දර්ශන නරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කළේ .රැකියා ස්ථානය තුළ දි මෙවැනි ක්‍රියාමාර්ගයක නිරත වීම විනය කඩ කිරීමක් බව බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවරයා ප්‍රකාශ කර සිටියා.

 

 

The post අසභ්‍ය විඩියෝ දර්ශනයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උණුසුම් appeared first on ITN News.

Read More »

තුර්කිය සහ වෙනිසියුලාව අතර වෙළෙද ගිවිසුම් කිහිපයක් අත්සන් කරයි  

0 comments

තුර්කිය සහ වෙනිසියුලාව අතර වෙළෙද සබදතා වර්ධනය කර ගැනීම සඳහා ගිවිසුම් කිහිපයක් අත්සන්කර තිබෙනවා.

තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලුට් කව්සොග්ලුගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත කණ්ඩායමක් මේ දිනවල වෙනිසියුලාවේ සංචාරය කරනවා. සෞඛ්‍ය, ආර්ථික, කෘෂිකර්ම,  අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසකින් දෙරට අතර සහයෝගීතාව ඇතිකර ගැනීමට අපේක්ෂා කරන බවයි තුර්කි බලධාරීන් සදහන් කළේ.

වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ සහ තුර්කි ජනාධිපති රිසෙප් එර්දෝගන් අතර පසුගිය වසරේදී ඇතිවූ හමුවෙන් පසු දෙරට අතර සබදතා වර්ධනය කර ගැනීමට පියවර ගැනුණා.

 

 

 

The post තුර්කිය සහ වෙනිසියුලාව අතර වෙළෙද ගිවිසුම් කිහිපයක් අත්සන් කරයි appeared first on ITN News.

Read More »

රුසියාව යුද අපරාධ සිදුකරමින් සිටින බව ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් චෝදනා  

0 comments

රුසියාව යුද අපරාධ සිදුකරමින් සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව චෝදනා කරනවා.

ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ රුසියාව සිදුකරමින් සිටින යුද අපරාධ සදහා කිසිදු ආකාරයක සදාචාරාත්මක සාධාරණීකරණයක් සිදුකළ නොහැකි බවයි. පසුගිය දින කිහිපයේදී බුචා සහ මරියුපෝල් ඇතුළු නගර කිහිපයකට ඇතිවූ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 400 කට වැඩි පිරිසක් මිය ගිය බව යුක්‍රේන රජය සදහන් කරනවා. එම යුද අපරාධවලට සම්බන්ධ රුසියානු සොල්දාදුවන් 10 දෙනෙකු සොයා මෙහෙයුමක්ද සිදුකර ඇති බවයි යුක්‍රේන ආරක්ෂක අංශ පවසන්නේ.

 

 

 

The post රුසියාව යුද අපරාධ සිදුකරමින් සිටින බව ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් චෝදනා appeared first on ITN News.

Read More »

මැයි 02 වනදා රජයේ නිවාඩු දිනයක්  

0 comments

මැයි 2 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් මේ බව දැනුම් දෙනු ලැබ ඇත.

 

The post මැයි 02 වනදා රජයේ නිවාඩු දිනයක් appeared first on ITN News.

Read More »

තුර්කි ජනපති සහ සවුදි ඔටුන්න හිමිකුමරු අතර සාකච්ඡාවක්  

0 comments

තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන් සහ සවුදි ඔටුන්න හිමිකුමරු වන  මොහොමඩ් බින් සල්මාන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

සෞදිය සහ තුර්කිය අතර රාජ්‍ය නායක මට්ටමේ මෙවැනි සාකච්ඡාවක් පැවැත්වෙන්නේ වසර ගණනාවකට පසුවයි. තුර්කි ජනාධිපතිවරයා සදහන් කළේ ඉදිරියේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවල ඉතා පැහැබර අනාගතයක් ඇති වන බවයි. දෙරටේ නායකයින් අතර ජෙද්දා නගරයේදී පැවැත්වුණා.එර්දෝගන් මෙම සංචාරයේ නිරත වූයේ සෞදි ඔටුන්න හිමි කුමරුගේ ආරාධනාවකට අනුවයි. ජනමාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනයෙන් පසු තුර්කිය සහ සෞදි අරාබිය අතර 2018 වසරේ සිට සබදතා බිද වැටී තිබුණා.

 

 

 

The post තුර්කි ජනපති සහ සවුදි ඔටුන්න හිමිකුමරු අතර සාකච්ඡාවක් appeared first on ITN News.

Read More »

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම්වලදීයී.

හෙරොයින් සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකකරුවෙකු වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.  ඔහු ලග හෙරොයින් ග්‍රැම් 10 මිලිග්‍රෑම් 100 ක් තිබූ බවයි පොලීසිය පවසන්නේ.

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී ද මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කෙරුණා. එහිදීද සැකකරුවකු අත්අඩංගුවට  ගැනුනේ හරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 200 ක් සමගයි.

මාලිගාවත්ත කොටා පාර ප්‍රදේශය්දී ද.හෙරොයින් ග්‍රෑම් 8 යි මිලිග්‍රෑම් 800 ක් සමග සැකකරුවෙකු  අත්අඩංගුවට පත් වුණා.

හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 205 ක් සමගින් සැකකරුවකු අත්අඩගුවට පත් වුණේ බොරැල්ල ප්‍රදේශයේදීයී.

හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200 ක් සමග තවත් සැකකරුවකු  ග්‍රෑන්ඩ්පාස් ස්ටේස් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වුණා.

ග්‍රෑන්ඩ්පාස් නවගම්පොල ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත්තා. ඒ හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 200 ක් ද සමගයි.

හෙරොයින් ග්‍රෑම් 6 ක් සමග තවත් සැකකරුවකු අගුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වුණා.

හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 200 ක් සමග බියගම කලුපාලම අසලදීද සැකකරුවෙකු පොලීසිය කොටු වුණා.

මිරිහාන ප්‍රගතිපුර ප්‍රදේශයේදීද  හෙරොයින් සමග සැකකරුවකු අත්අඩංගුවට පත් වුණා. ඒ හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රැම් 140 ක් සමගයි.

 

 

The post හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

රුපියල් මිලියන 550ක වෛද්‍යාධාරයක් ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට  

0 comments

ඉන්දුනීසියානු රජය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 550 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.6 ක් ) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කටුනායක ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනි ඩේවි ටොබින් (Dewi Tobing) මැතිණිය විසින් සෞඛ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාර දෙන ලදී.

එම ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගය කිලෝ ග්‍රෑම් 3100 ක පමණ බරින් යුක්ත බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.මෙම ඖෂධ තොගය අතර පිළිකා රෝග සඳහා යොදා ගන්නා ඖෂධ ප්‍රමුඛ වේ.

ඖෂධ ලබාගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති මේ අවස්ථාවේදී ඉන්දුනීසියාව විසින් ලබාදුන් මෙම ඉක්මන් උපකාරය 70 වසරක ශ්‍රී ලංකා ඉන්දුනීසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවත් ශක්තිමත් කරන බව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය විසින් මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කරන ලදී.

The post රුපියල් මිලියන 550ක වෛද්‍යාධාරයක් ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට appeared first on ITN News.

Read More »

විශේෂ පක්ෂ නායක රැස්වීමක්  

0 comments

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවැත්වෙනවා.

මෙම රැස්වීමේදී ඉන්ධන විදුලි සහ ගෑස් අර්බුදය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන්නේ.21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනා සම්බන්ධයෙන් දමෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව සඳහන්. එමෙන්ම ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වනවා.

 

 

 

 

The post විශේෂ පක්ෂ නායක රැස්වීමක් appeared first on ITN News.

Read More »

අනූෂා සොනාලි ජීවන රඟමඩලට සමු දෙයි  

0 comments

අනූව දශකයේ ජනප්‍රිය නිලියකව සිටි අනූෂා සොනාලි මහත්මිය ජීවන රගමඩලට සමු දුන්නා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අනූෂා සොනාලි මහත්මිය මෙසේ ජීවිතක්ෂයට පත්වන විට 47 වන වියේ පසු වුනා. විසිදැල, ලොකු දුව, දරු උපත, සුන්දර වරද ආදී චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබා දුන් අනූෂා සොනාලි 1995 වසරේ සරසවි සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

 

 

 

The post අනූෂා සොනාලි ජීවන රඟමඩලට සමු දෙයි appeared first on ITN News.

Read More »

රන්මාල කොල්ලකෑ සංවිධානාත්මක කන්ඩායමක 4 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

රන්මාල පැළද මහමග ගමන් කිරීමේදී දැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රන්මාල පැහැර ගන්නා සොර කල්ලි වැඩි වශයෙන් සිටීම ඊට හේතුවයි.

දිවයිනේ ප්‍රදේශ රැසක රන්මාල කොල්ලකෑ සංවිධානාත්මක කන්ඩායමක 4 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණ තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. කළුතර හා අවට ප්‍රදේශවල වෙළෙද ස්ථාන හා බැංකු අසළ නවතා තිබෙන යතුරුපැදි සොරකම් කොට එම යතුරුපැදිවල අංක තහඩු වෙනස් කොට ගොස් මෙම රන්මාල සොරකම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. එක් සැකකරුවෙකු පළමුව අත්අඩංගුවට පත්වුණා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුවයි සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවුණේ. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

The post රන්මාල කොල්ලකෑ සංවිධානාත්මක කන්ඩායමක 4 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

වැඩවර්ජනය හේතුවෙන් දෛනික කටයුතුවලට බලපෑම් – බොහෝ ප්‍රදේශවල පාලු ස්වභාවයක්  

0 comments

වෘත්තිය සමිති එක්ව ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දෛනික කටයුතුවලට බලපෑම් එල්ල වී තිබෙනවා. බොහෝ ප්‍රදේශවල පාලු ස්වභාවයක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

රාජ්‍ය,  අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින් සංකේත වැඩවර්ජනයකට එක්ව සිටිනවා. මේ හේතුවෙන් බොහෝ දෛනික කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති අයුරු දැක ගත හැකියි. සිසුන් නොපැමිණීම හේතුවෙන් පාසැල්වල පාලු ස්වභාවයක් ගෙන තිබූ අතර ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹ සිටින බවයි ගුරු සංගම් පවසන්නේ. දුම්රිය ධාවනය ද අඩාල වී ඇති අතර දුම්රිය කිහිපයක් පමණක් ධාවනයට එක් කර තිබුණා. කෙසේ වුවද  ලංගම හා පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර ඇති අයුරු දැක ගත හැකියි.

බස් ධාවනය සිදු වුවද මගීන්ගේ අඩුවක් පවතින බව බස් සංගම් පවසනවා. වර්ජනයක් පැවතිය ද වරයා හා ගුවන්තොටුපල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටයි පියවර ගෙන ඇත්තේ.

 

 

The post වැඩවර්ජනය හේතුවෙන් දෛනික කටයුතුවලට බලපෑම් – බොහෝ ප්‍රදේශවල පාලු ස්වභාවයක් appeared first on ITN News.

Read More »

ජගත් මහලේකම් යුක්රේනයේ කියෙව් නගරයේ සංචාරයක  

0 comments

ජගත් මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් යුක්රේනයේ කියෙව් නගරයේ සංචාරයක නිතරව සිටින අතරතුරදී රුසියාවෙන් ඒ ආසන්නයට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා.

ජගත් මහලේකම්වරයා බොරොඩියන්කා,  බුචා,  ඉර්පින් යන ප්‍රදේශවල සංචාරය කිරීමට සැළසුම් කර තිබුණා. මෙම ප්‍රදේශ පසුගිය සති 09 ක කාලය තුළ පැවති යුද ගැටුම්වලින් දැඩි ලෙස හානි සිදු වුණා. සංචාරය අතරතුරදී ඇන්තෝනියෝ ගුතරෙස් සදහන් කළේ රුසියාව මෙම ගැටලුවේදී ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. සිවිල් ජනතාව සිදුවන හානි සම්බන්ධයෙන් ද මහලේකම්වරයාගේ අවධානය යොමු වුණා.

 

 

The post ජගත් මහලේකම් යුක්රේනයේ කියෙව් නගරයේ සංචාරයක appeared first on ITN News.

Read More »

එක්සත් ජාතීන්ගේ මහලේකම් යුක්රේනයට  

0 comments

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් යුක්රේනයට පැමිණ තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් තමන් යුක්රේනයට පැමිණි බව ට්විටර් පණිවුඩයක් මගින් තහවුරු කර තිබෙනවා. මහලේකම්වරයා  පසුගියදා රුසියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී රුසියා ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමු වී සාකච්ඡා පැවැත්වූවා. මානුෂීය සහයෝගය පුළුල් කිරීමටත්, ගැටුම් සහිත ප්‍රදේශවලින් සිවිල් වැසියන් ඉවත් කිරීමටත් එම ජනතාව සුරක්ෂිත කිරීමටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අඛණ්ඩව කටයුතු කරන බව මහලේකම්වරයා සඳහන් කරනවා. ලෝකය වෙනුවෙන් යුක්රේන රුසියා යුද්ධය අවසන් වීම වඩාත් සුදුසු බව මහලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. යුක්රේන සංචාරයේදී එරට ජනාධිපතිවරයා හා තවත් රාජ්‍ය නිලධාරින් සමඟ මහලේකම්වරයා සාකච්ඡා කිරීමට නියමිතයි.

 

 

 

The post එක්සත් ජාතීන්ගේ මහලේකම් යුක්රේනයට appeared first on ITN News.

Read More »

ගෝලීය කාර්මික දාමය සහ හරිත බලශක්ති සංක්‍රාන්තිය යන ක්ෂේත්‍රවල චීනය වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි  

0 comments

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතකදී ගෝලීය ආර්ථිකය පිළිබඳ නව තක්සේරු වටයක් සිදු කර තිබේ.එම වාර්තාවට අනුව, රුසියානු-යුක්රේන ගැටුම හා කොරොනා වසංගතය, ආර්ථික වර්ධනයට එල්ලකරන සෘජු බලපෑමට අමතරව, ගෝලීය කාර්මික දාමයට සහ හරිත බලශක්ති සංක්‍රාන්තියට ද දැඩි බලපෑමක් ඇති කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පසුගියදා, චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවන් සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දුන්නේ, ගෝලීය කාර්මික දාමය සහ හරිත බලශක්ති සංක්‍රාන්තිය යන ක්ෂේත්‍රවල චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.

The post ගෝලීය කාර්මික දාමය සහ හරිත බලශක්ති සංක්‍රාන්තිය යන ක්ෂේත්‍රවල චීනය වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි appeared first on ITN News.

Read More »

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි  

0 comments

අද දිනයේද දිවයිනේ කලාප වශයෙන් විදුලි කප්පාදුව සිදු කෙරෙනවා.

https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/04/Demand-Managmet-Schedule-28th-April-2022-to-30th-April-2022.pdf

The post අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on ITN News.

Read More »

යුරෝපයට එරෙහිව රුසියාව ගෑස් වෙළඳාම ආයුධයක් කරගෙන – යුක්රේන ජනපති  

0 comments

යුරෝපයට එරෙහිව රුසියාව ගෑස් වෙළඳාම ආයුධයක් කර ගෙන ඇති බව යුක්රේන ජනාධිපතිවරයා පවසනවා.

රුසියාව පෝලන්තයට හා බල්ගේරියාවට ගෑස් සැපයුම අත්හිටුවීමට පියවර ගත්තා. මෙම තීරණයෙන් පසුවයි යුක්රේන ජනාධිපති වොල්මීර් සෙලෙන්ස්කි මේ බව කියා සිටියේ. යුරෝපා සංගමය ද මෙම ක්‍රියාමාර්ගය හෙළා දකිමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා. එමගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ රුසියාවේ මෙම ක්‍රියාව තර්ජනාත්මක පියවරක් බවයි. කෙසේ වුවද යුරෝපා සංගමවේ ප්‍රකාශයට රුසියාව මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

 

 

 

The post යුරෝපයට එරෙහිව රුසියාව ගෑස් වෙළඳාම ආයුධයක් කරගෙන – යුක්රේන ජනපති appeared first on ITN News.

Read More »

රඹුක්කනදී , වෙඩි තැබූ සහ ඊට නියෝග කළ අය අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග  

0 comments

රඹුක්කනදී පසුගිය 19 වනදා පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට වෙඩි තැබීමට නියෝග කළ නිලධාරීන් සහ වෙඩි තැබූ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

The post රඹුක්කනදී , වෙඩි තැබූ සහ ඊට නියෝග කළ අය අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග appeared first on ITN News.

Read More »

යුක්රේනට සහය දැක්වුවහොත් අකුණක වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට සූදානම්  

0 comments

යුක්රේන යුද්ධයට මැදිහත් වන ඕනෑම විදෙස් බලවේගයකට එරෙහිව කඩිනම් ප්‍රතිචාර දැක්වීමට පසුබට නොවන බව රුසියා ජනපති ව්ලැඩ්මීර් පුටින් පවසයි.

කිනම් පාර්ශ්වයක් මැදිහත් වුවද ඔවුනට අකුණක වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට රුසියාව සූදානම් බවයි රුසියා ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ. දැඩි න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමට හැකියාව ඇති මෙන්ම  අන්තර් මහද්වීපික මිසයිල ඇති තම රට අවතක්සේරු නොකරන්නැයි රුසියා ජනපති ව්ලැඩ්මීර් පුටින් පවසනවා. රුසියාව කියෙව් නගරය අවටින් පසුගිය සති කිහිපයේ පසු බැස්ස ද යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ තම මෙහෙයුම් තීර්ව කර ඇති බව රුසියා ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

 

The post යුක්රේනට සහය දැක්වුවහොත් අකුණක වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට සූදානම් appeared first on ITN News.

Read More »

සයින්දමරුදු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් අද යළි ගොඩගැනේ  

0 comments

අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේදී සිදු වූ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ශරීර කොටස් අද යළි ගොඩගැනීමට නියමිතයි.

පාස්කු ඉරුදින කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්තානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිද වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ ඩී එන් ඒ හදුනා ගැනීම සදහා මෙසේ සිරුරු කොටස් ගොඩගන්නා බවයි පොලිසිය සදහන් කළේ.

 

The post සයින්දමරුදු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් අද යළි ගොඩගැනේ appeared first on ITN News.

Read More »

මෙම වසරේදී පමණක් සරණාගතයින් මිලියන 8 ඉක්මවයි – UN  

0 comments

රුසියා යුක්රේන යුද ගැටුම් හේතුවෙන් මෙම වසර තුළදී පමණක් සරණාගතයින් මිලියන 8.3කට අධික සංඛ්‍යාවක් බලාපොරොත්තු වන බව ජගත් සංවිධානයේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය නිවේදනය කරනවා.

රුසියාවේ යුද මෙහෙයුම් හේතුවෙන් යුක්රේන වැසියන් මිලියන 12.7ක් පමණ තම නිවෙස් හැර පළා ගොස් ඇති බවයි ජගත් සංවිධානයේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය සඳහන් කරන්නේ. මිලියන පහක් පමණ වෙනත් රටවලට පළාගොස් ඇති අතර මිලියන 7.7ක පිරිසක් රට අභ්‍යන්තරයේ අවතැන්ව සිටින බවද වාර්තා වනවා. යුද ගැටුම් ආරම්භයේදී සරණාගතයින් සංඛ්‍යාව මිලියන හතරක් පමණ වනු ඇති බවට අපේක්ෂා කළද එම සංඛ්‍යාව පසුගිය සතියේදී ඉක්මවා ගියා. මේ අතර ලොව වැඩිම සරණාගතයින් සංඛ්‍යාවක් බිහි කළ යුද ගැටුම බවට සිරියා අර්බුදය හැඳින්විය හැකියි. ඉන් අවතැන්භාවයට පත්ව ඇති පිරිස මිලියන 6.8කට අධිකයි.

 

 

The post මෙම වසරේදී පමණක් සරණාගතයින් මිලියන 8 ඉක්මවයි – UN appeared first on ITN News.

Read More »

වැඩි මිලට රසායනික පොහොර අලෙවි කළ ගබඩාවක් වටලයි  

0 comments

වැඩි මිලට රසායනික පොහොර අලෙවි කළ ගබඩාවක් පොලිසිය මගින් වටලනු ලැබුවා.

මොණරාගල වෙහෙරයාය ප්‍රදේශයේ මෙම රසායනික පොහොර ගබඩාව පවත්වාගෙන ගොස් තිබුණේ නිසි බලපත්‍රයක්ද නොමැතිවයි. මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් එය වටලන අවස්ථාවේ පොහොර මිටි 17 ක් එහි  තිබී සොයා ගැනුණා. ඒ සමග ගබඩාවේ අයිතිකරුද අත්අඩංගුවට පත් වුණා. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

 

 

 

The post වැඩි මිලට රසායනික පොහොර අලෙවි කළ ගබඩාවක් වටලයි appeared first on ITN News.

Read More »

රුසියාව පෝලන්තයට හා බල්ගේරියාවට ගෑස් සැපයීම අත්හිටුවයි  

0 comments

රුසියාව පෝලන්තයට හා බල්ගේරියාවට ගෑස් සැපයීම අත්හිටුවා ඇති බව එම රටවල් නිවේදනය කරනවා.

පෝලන්තයට හා බල්ගේරියාවට ගෑස් සැපයීම අද සිට අත්හිටුවන බව එම රටවලට ගෑස් සැපයීම සිදුකරන ගෑස්ප්රෝම් ආයතනය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. එම රටවලට ගෑස් සැපයීම සඳහා අත්සන් කර තිබූ කොන්ත්‍රාත්තු කාලය අවසන් වීමත් සමඟයි රුසියාව මෙම පියවර ගෙන ඇත්තේ. රුසියාව, යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ  රුසියා සමාගම් පනහකට අධික සංඛ්‍යාවකට  සම්බාධක පැනවීමට පියවර ගත්තා. එමෙන්ම යුරෝපා සංගමයට අයත් රටවල් යුක්රේනයට පක්ෂපාතීව ක්‍රියා කිරීම රුසියාව මෙම පියවර ගැනීමට හේතු වී ඇති බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

The post රුසියාව පෝලන්තයට හා බල්ගේරියාවට ගෑස් සැපයීම අත්හිටුවයි appeared first on ITN News.

Read More »

සුදු හඳුන් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් සුදු හඳුන් ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙම සුදු හඳුන් තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. උඩවලව මිරිස්වැල්පොත හන්දිය, කොළඹගේආර ප්‍රදේශයේ බ්ලොක්ගල් වැඩපොළක් තුළ මෙම සුදු හදුන් තොගය සගවා තබා තිබුණා. සුදු හදුන් ශාක කොටස් කිලෝග්‍රෑම් හත්සිය අසූ හතක් මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බළකාය පවසන්නේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා ඇඹිලිපිටිය අඩවිවන නිලධාරී කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

 

 

The post සුදු හඳුන් තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

artemisinin ඖෂධයෙන් චීනය ලොවට තිළිණ කළ මිත්‍රත්වය  

0 comments

artemisinin යනු චීනය සොයා ගත් සහ සාර්ථකව නිස්සාරණය කරන ලද ලොව පළමු ඵලදායී මැලේරියා මර්දන ඖෂධයයි. මීට වසර 50කට පෙර චීන විද්‍යාඥයෝ artemisinin සොයාගෙන මැලේරියා මර්දන ඖෂධය නිපදවීමට සමත් වූහ.

කාර්යක්ෂමඵලදායීතාව , අවම අතුරු ආබාධ, අඩු මිල හා වැඩි පහසුව artemisinin ඖෂධය සතුව ඇති ගුණයන් කිහිපයකි. 2000 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඖෂධය ප්‍රධානතම මැලේරියා මර්දන ඖෂධය ලෙස නම් කිරීම විශේෂත්වයකි. මේ වන විට ලොව පුරා මිලියන ගණනක පිරිසක් artemisinin ඖෂධය භාවිතයෙන් ජීවිත බේරාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලින් හෙළි වේ. එම සංඛ්‍යා ලේඛන අනුව මැලේරියා රෝගයට ප්‍රතිකාර වශයෙන් වාර්ෂික ව කෝටි 10කට වැඩි පිරිසක් මෙම ඖෂධය භාවිත කරති.

චීනය artemisinin ඖෂධය සෙසු රටවල් සමග බෙදා ගත් පසු බො‍හෝ රටවල්, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙත සිය මැලේරියා මර්දන තාක්ෂණවේදීන් හා වෛද්‍ය සේවකයන් යවා තිබේ. වසර 2021 වන විට චීනය රටවල් 30ක පමණ මැලේරියා මර්දන මධ්‍යස්ථාන ස්ථාපනයට සහය වූ අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් 72ක් වෙනුවෙන් සිය වෛද්‍ය ආධාර කණ්ඩායම් යවා තිබිණ. artemisinin ඖෂධය චීනය ලෝකය වෙත ලබා දුන් පුංචි, එහෙත් අතිශය වටිනා තිළිණයකි. සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග එක්ව දුක සැප සමව බෙදාගනිමින්, එම රටවල සෞඛ්‍ය සුබසිද්ධිය උදෙසා චීනය මාහැඟි මෙහෙවරක් ඉටු කර ඇත.

The post artemisinin ඖෂධයෙන් චීනය ලොවට තිළිණ කළ මිත්‍රත්වය appeared first on ITN News.

Read More »

හදිසි අවශ්‍යතා සඳහා රුධිර සංඝඨක සැපයීමේ කිසිදු ගැටලුවක් ඇති වී නැහැ – ජාතික ලේ බැංකුවේ අධ්‍යක්ෂ  

0 comments

කිසිවෙකු බිය විය යුතු නැති බවත් රටේ හදිසි තත්ත්වයන් යටතේ හදිසි ශල්‍යකර්ම සදහා රුධිර සංඝඨක සැපයීමේ කිසිදු ගැටලුවක් තවම ඇතිවී නොමැති බව ජාතික ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා කියා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ජාතික රුධිර පාරවිලයනයේදී සැපයුම් කළමනාකරණය යන මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

ජාතික රුධිර පාරවිලයන සේවය ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව යුරෝපියානු ගුණාත්මක නිර්ණායකයන්ට අනූව පවත්වාගෙන යන ආයතනයක් හේතුවෙන් සැපයුම් ජාලාව අනිවාර්යයෙන්ම ආනයකින ශල්‍ය උපකරණ, ආනයනික ප්‍රතිකියක සහ අනෙකුත් පාරිභෝජ්‍ය ද්‍රව්‍ය මත යැපෙන සේවාවක් බව ලේ බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා අවධාරණය කළේය.

ඒ අනූව සීයට සීයක්ම සැපයුම් සේවාව ආනයනික ද්‍රව්‍ය මත යැපෙන බවද, එම ආනයනික ද්‍රව්‍ය බොහෝමයක් යුරෝපීය රටවලින් ආනයනය කරන බවද සදහන් කළ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා රටේ විදේශ විනිම සංචිත ගැටලුවක් ඇති වුවහොත්, එම ගැටලුව අනිවාර්යයෙන්ම ජාතික රුධිර පාරවිලයන සේවයට කිසියම් බලපෑමක් ඇති කරන බවද කියා සිටියේය.

ඒ කෙසේ වුවද ජාතික රුධිර පාරවිලයන සේවය සැපයුම් වල මේ වන විටත් කිසිදු දෙයක සම්පූර්ණ ශුන්‍ය අගයකට (Zero Supply Level) පැමිණ නොමැති බවද, නමුත් සැපයුම් කිසියම් ප්‍රමාණයකට තර්ජනයකට ලක්වෙමින් අවප්‍රමාණය වී ඇතැයිද එම නිසා මේ අවස්ථාවේ ජාතික රුධිර ජාරවිලයන සේවයේ කළමනාකාරීත්වයත්, සායනික කටයුතු රට පුරා පවත්වාගෙන යන පර්ශද මූලස්ථාන 24 නියෝජනය කරන සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ද පසුගිය සතියේ කළමනාකරණ රැස්වීමක් පැවැත්වූ බවද කියා සිටියේය.

ඒ අනූව සැමදා පවතින එකම තත්ත්වයක් යටතේ සේවය සැපයිය නොහැකි බැවින් සියලුදෙනා එකගතාවයකට එළඹුණු බවද කළමනාකරණ තීන්දු කිහිපයක් ගත් බවද, වෛද්‍ය ලක්ෂ්මන් මහතා සදහන් කළේය.

වාර්ෂික රුධිර අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීමට රුධිරය ඒකක ලක්ෂ 4 – 4.5ක ප්‍රමාණයක් අවශ්‍ය වන බවද දිනකට සාමාන්‍ය තත්ත්ව යටතේ රුධිර පැකට් 1200 – 1400ක් ප්‍රමාණයක් අවශ්‍ය වන බවද කියා සිටි ජාතික ලේ බැංකුවේ අධ්‍යක්ෂවරයා මේ දින වල රටෙහි පවතින තත්ත්වයත් සමග සමහර ශල්‍යාගාර කටයුතු සීමාවීම් වැනි තත්ත්වයන් යටතේ මෙම ඉල්ලීම් කිසියම් සුළු ප්‍රමාණයකින් අවප්‍රමාණය වී ඇතැයිද කියා සිටියේය.

අද උදෑසන විමර්ශනය කළ දත්ත අනූව රටෙහි ජාතික රුධිර සංඝටක සදහා ඇති අවශ්‍යතාවය දිනකට 1100 – 1200 මට්ටමේ පවතින බවද ඔහු සදහන් කළේය. රුධිර දායකයින් රුධිරය ලබාදීම මේ දිනවල 1000ක පමණ මට්ටමක පවතින බවද පැවසුවේය.

දායකයින්ගෙන් රුධිරය ලබාගැනීමට රුධිර පැකට් වර්ග 04ක් භාවිතා කරන බවද, ඉන් එක් වර්ගයක අවප්‍රමාණයකට මේ අවස්ථාවේ ළගාවී ඇතැයිද, නමුත් අනෙකුත් බෑග් වර්ග තවමත් පවතින නිසා මාසයක් එකහමාරක් යනතෙක් කළමනාකරණය කරගත හැකි බවද ඔහු පැවසුවේය.

මැයි මාසයේ පළමු සතියේ අවසන වන විට තවත් සැපයුම් ප්‍රමාණයක් ලැබීමට නියමිතව ඇතැයිද,එම සැපයුම් යථා පරිදි ලැබුණහොත් සේවාව පෙර පරිදිම පවත්වාගත හැකි බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

මෙම සැපයිම් නැව් මගින් හෝ ගුවන් යානා මගින් ලැබීමේදී ප්‍රමාදයක් සිදුවුවහොත් යන තත්ත්වද සැලකිල්ලට ගනිමින් සමහර රෝගී සකත්කාර සේවාවන්ට ප්‍රමුඛතාවයක් දී සතියක කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට කළමනාකරණ තීන්දුවක් ගත් බවද, එහිදී සමහර රෝගී සත්කාරක සේවාවන් වලට වැඩි ප්‍රමුඛතාවයක් දී කටයුතු කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

කිසිදු හෘද සැත්කමක්, ගර්භණීබාවයේදී සිදුවන සැත්කමක් ජීවිත අවධානමකට ලක්වූ රෝගීන්ගේ සැත්කම්, පිළිකා රෝගීන් සම්බන්ධ සැත්කම් ආදිය කිසි ලෙසකින් කල් දැමීමට ඉල්ලීමක් කර නැතැයිද, තැලසීමියා රෝගීන් වැනි විවිධ රෝග හේතුවෙන් රුධිර පාරවිලයනය මත යැපෙන රෝගීන්ගේ අවශ්‍යතාවයන් මෙම අවස්ථාවේ කැප කරන ලෙස ඉල්ලීම් නොකරන බවද එම රෝගීන් සදහා සේවාව ලබාදීමට හැකි සෑම විටම කටයුතු කරන බවද ඔහු සදහන් කළේය.

The post හදිසි අවශ්‍යතා සඳහා රුධිර සංඝඨක සැපයීමේ කිසිදු ගැටලුවක් ඇති වී නැහැ – ජාතික ලේ බැංකුවේ අධ්‍යක්ෂ appeared first on ITN News.

Read More »

ලංකා විදුලිබල පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය  

0 comments

ලංකා විදුලිබල පනත  සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ලංකා විදුලිබල පනත සංශෝධනය සදහා නීතිකෙටුම්පත් සකස් කර ඇති අතර නීතිපතිගේ නිශ්කාෂන  ද ඊට ලැබී තිබෙනවා. ඒ අනුව එය රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය  මණ්ඩලය අනුමත කළා.

 

 

 

 

The post ලංකා විදුලිබල පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය appeared first on ITN News.

Read More »

චීනයේ ෂැන්ග්හයි නගරයෙන් දෛනිකව ආසාදිතයින් යළිත් වරක් ඉහළට  

0 comments

චීනයේ ෂැන්ග්හයි නගරයෙන් දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව යළිත්වරක් ඉහළ ගොස් තිබෙනවා.

ඒත් සමගම නගරවැසියන් සියලු දෙනාගේ ආසාදිතභාවය පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. තත්ත්වය පාලනය කිරීමට ඊයේ දිනයේදී ෂැන්ග්හයි නගරයේ මහල් නිවාසවල වැසියන්ට ඉන් පිටතට පැමිණීමට නොහැකිවන ආකාරයෙන් බාධක යෙදීමට ද බලධාරීන් පියවර ගත්තා.

මේ අතර බීජිං නගරයෙන්ද වයිරස ආසාදිතයින් 26 දෙනෙකු හමුවීමත් සමග නිරෝධායන නීති දැඩිකර තිබෙනවා. ආසාදිතභාවය පරීක්ෂාකර ගැනීමට නගරවැසියන් දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

 

 

 

 

The post චීනයේ ෂැන්ග්හයි නගරයෙන් දෛනිකව ආසාදිතයින් යළිත් වරක් ඉහළට appeared first on ITN News.

Read More »

මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන්න – IMF අපිට කියයි  

0 comments

ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන ලෙසත් ණය ගැටලු විසදීම සදහා බදු වැඩි කරන ලෙසත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය විසදීම සදහා මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම, බදු ඉහළ දැමීම සහ නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපය භාර වැඩබලන අධ්‍යක්ෂ ඈන් මාරි පවසා තිබෙන්නේ.

එමෙන්ම ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ පසුගිය සතියේ මෙරට නියෝජිත කණ්ඩායම සමග පැවති සාකච්ඡා ඉතා හොද ඵලදායී තාක්ෂණික එකක් වූ බවයි. උද්දමනය පාලනය  සදහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම අනිවාර්යෙන් කළ යුතු බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

 

The post මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කරන්න – IMF අපිට කියයි appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාවේ රැදී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ  

0 comments

මෙරට රැඳී සිටින යුක්‍රේන හා රුසියානු සංචාරකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

The post ශ්‍රී ලංකාවේ රැදී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ appeared first on ITN News.

Read More »

මත් කුඩු සමඟ 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට  

0 comments

මත් කුඩු සමග සැකකාරියක ඇතුළු තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාලච්චේන බිරන්දරච්චේන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 850 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 150 ක් සමග 36 හැවිදිරි කාන්තාවක් අත්අඩංගුවට ගැනුනා. ඒ වාලච්චේන පොලීසිය කළ විශේෂ වැටලීමකදී. මේ අතර පෑලියගොඩ මැනිං වෙළදසැල අසලදී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 200 ක් සන්තකයේ තබා ගෙන සිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව  පෑලියගොඩ පොලීසිය සදහන් කළා.

එමෙන්ම නවලෝක වටරවුම අසලදීද තවත් සැකකරුවකු හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 110 ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. ග්‍රෑන්ඩ්පාස්  පොලිස් වසමේ කම්බි කොටුව ප්‍රදේශයේදීද තවත් සැකකරුවක් අත්අඩංගුවට ගැනුනේ හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 200 ක් සමගයි.

 

 

 

The post මත් කුඩු සමඟ 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ලොව ප‍්‍රමුඛ පෙළේ ආ‍යෝජන බැංකු, ෂැන්ග්හයි නගරය තම ප‍්‍රධාන ගමනාන්තය ලෙස සලකන බව බ්‍රිතාන්‍ය Financial Times පුවත්පත පවසයි  

0 comments

ලොව ප‍්‍රමුඛ පෙළේ ආ‍යෝජන බැංකු, ෂැන්ග්හයි නගරය තම ප‍්‍රධාන ගමනාන්තය ලෙස සලකන බව බ‍්‍රිතාන්‍ය  Financial Times පුවත්පත පවසයි.

ගෝලීය ආ‍යෝජන බැංකු, ෂැන්ග්හයි නගරයේ තම කටයුතු ව්‍යාප්ත කිරීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක  කරමින් සිටින අතර, එම ක‍්‍රියාමාර්ග වත්මන් කොරෝනා වසංගතය වැළැක්වීම හා පාලන විධිවිධාන හේතුවෙන්   වෙනස් නොකරන  බව බ‍්‍රිතාන්‍ය   Financial Times පුවත්පත පසුගිය 22වැනිදා ලිපියක් පළකරමින් වාර්තා කළේය.

මෑත සතිවලදී, Goldman Sachs Group Inc. සහ JP Morgan Chase ඇතුළු සමාගම්  හොංග්කොං සිට  ෂැන්ග්හයි වෙත තම කාර්යමණ්ඩල ගෙන ගොස්ඇත. Morgan Stanley, Citigroup, UBS, Credit Suisse සහDeutsche Bank යන ගෝලීය ආයෝජන බැංකු ඉදිරි වසර කිහිපය තුළ ෂැන්ග්හයි නගරය තමන්ගේ  ප‍්‍රධාන ආයෝජන ගමනාන්තය ලෙස ලැයිස්තුගත කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ.

චීන ව්‍යාපාර  සහ වාණිජ බැංකු මහා පරිමාණයෙන්  ඩිජිටල්කරණය ප‍්‍රවර්ධනය කර ඇති බැවින්, ෂැන්ග්හයි කොරොනා වසංගත වැළැක්වීමේ හා පාලන ක‍්‍රියාමාර්ග වලින් සිය කටයුතු වලට බරපතල බලපෑමක් සිදුවී නොමැති බවද Citigroup සමාගම පවසා ඇත.

The post ලොව ප‍්‍රමුඛ පෙළේ ආ‍යෝජන බැංකු, ෂැන්ග්හයි නගරය තම ප‍්‍රධාන ගමනාන්තය ලෙස සලකන බව බ්‍රිතාන්‍ය Financial Times පුවත්පත පවසයි appeared first on ITN News.

Read More »

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද  

0 comments

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා.

රට තුළ පවතින වාතාවරණය සැළකිල්ලට ගනිමින් කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිතුමා පසුගියදා පියවර ගත්තා. ඒ අනුව පත්කෙරුණු නව කැබිනට් මණඩලය පසුගිය 18 වනදා දිවුරුම් දුන්නද අමාත්‍ය මණ්ඩල රැස්වීම් පැවැත්වුණේ නැහැ. නව කැබිනට් මණ්ඩලය බහුතරය තරුණ නියෝජනයක් පැවතීම විශේෂත්වයක්.

මේ අතර අද රැස්වන නව කැබිනට් මණ්ඩලයට 21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීමේ යෝජනාව අග්‍රාමාත්‍යවරයා  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති.

 

 

 

 

 

The post නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම අද appeared first on ITN News.

Read More »

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවන බවට සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි  

0 comments

ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු වන බවට සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර අනවශ්‍ය ලෙස ඉන්ධන එක් රැස්කිරීමෙන් වළකින ලෙස අමාත්‍යවරයා  ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ ඉදිරි දින තුනක කාලය තුළ ඩීසල් හා පෙට්‍රල් තොග මෙරටට ලගාවිමට නියමිත බවයි. ඒ අනුව ඩීසල් , සුපර් ඩීසල් ,පෙට්‍රල් 92, පෙට්‍රල් 95 තොග ප්‍රමාණවත් පරිදි මෙරටට ලැබෙනු ඇති.

මේ අතර ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය යථා තත්වයට පත්කිරීම සහ කඩිනමින් සිදුකිරීම වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.

පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමේ කටයුතු කොළොන්නාව නිමාව තෙල් සංකීර්ණයෙන්  අඛණ්ඩව සිදු කෙරෙනවා. මෙතෙක් දෛනික බෙදා හැරීම්වලට එක්වූ රථ සංඛ්‍යාවද වැඩිකර තිබෙනවා.

එළඹෙන සතියේ මෙරටට ගෑස් මෙට්‍රික් ටොන් 7200 ක ප්‍රමාණයක් රැගෙන ඒමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා. එහි පළමු තොගය මෙට්‍රික් ටොන් 3600 ක් 26 වනදා දිවයිනට පැමිණෙන අතර බෙදාහැරීම 27 වනදා ආරම්භ වනු ඇති. 28 වනදාත් තවත් ගෑස් නැවක් මෙරටට ළඟාවිමට නියමිතයි.

The post ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදුවන බවට සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍යයි appeared first on ITN News.

Read More »

පෘථිවියට ආසන්න ග්‍රහක ආරක්ෂක පද්ධතියක් ගොඩනැගීමට චීනය සූදානම්  

0 comments

ඊයේ (24) චීන අභ්‍යාවකාශ දිනයයි. එමෙන්ම ඊයේ(24) චීනයේ ප්‍රථම කෘත්‍රිම පෘථිවි චන්ද්‍රිකාව Dongfanghong අංක එක සාර්ථක ලෙස අභ්‍යාවකාශ ගත කිරීමේ 52 වැනි සංවත්සර දිනය ද වෙයි.

මෑත වසරවලදී, විවිධ කාර්යයන් සහිත විවිධ වර්ගයේ චන්ද්‍රිකා සහ අභ්‍යාවකාශ යානා සංඛ්‍යාව වැඩි වීමත් සමඟ මතුවන අභ්‍යාවකාශ සුන්බුන් පසුකාලීන නිකුත් කිරීමේ මෙහෙයුම්වල දී කක්ෂ සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වඩාත් ඉහළ ඉල්ලීම් සපුරාලිය යුතුය. චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පසුගියදා ප්‍රකාශ කළේ පෘථිවියට ආසන්න ග්‍රහක බලපෑමේ තර්ජනයට ඒකාබද්ධව ප්‍රතිචාර දක්වා පෘථිවියේ සහ මානව ආරක්ෂාවට චීනයේ ශක්තිය දායක කිරීම සඳහා පෘථිවියට ආසන්න ග්‍රහක ආරක්ෂක පද්ධතියක් ගොඩනැගීමට චීනය සූදානම් බවයි.

The post පෘථිවියට ආසන්න ග්‍රහක ආරක්ෂක පද්ධතියක් ගොඩනැගීමට චීනය සූදානම් appeared first on ITN News.

Read More »

හෙට දිනයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වර්ජනයක  

0 comments

අසනීප නිවාඩු වාර්තා කරමින් හෙට දිනයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වර්ජනයක නිරත වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

 

The post හෙට දිනයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වර්ජනයක appeared first on ITN News.

Read More »

ප්‍රංශ ජනාධිපතිවරණයෙන් එමානුවෙල් මැක්‍රොන්ට විශිෂ්ට ජයක්  

0 comments

ඊයේ පැවති ප්‍රංශ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමත් වුණා.

ඒ අනුව ඉදිරි වසර 5 සඳහා ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස එමානුවෙන් මැක්‍රෝන්ට බලය හිමිවනවා. ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් ඔහු හිමිකරගත් ඡන්ද ප්‍රතිශතය 58.55% ක්. ඔහුට විරුද්ධව තරගවැදී අන්ත දක්ෂිණාන්ෂික අපේක්ෂිකා මාරීන් ලේ පෙන් හට හිමිකර ගැනීමට හැකිවූයේ 41.45% ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. කෙසේ වුවද ප්‍රංශ ජනාධිපතිවරණ ඉතිහාසයේ අන්ත දක්ෂිණාන්ෂික අපේක්ෂකයෙකු හිමිකරගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයද මෙයයි. කෙසේ වුවද ඇය අඛණ්ඩව පරාජයට පත්වූ 8 වන අවස්ථාව ද මෙය වනවා. මැතිවරණයෙන් එමානුවෙල් මැක්‍රෝන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත්තද දේශපාලනික මත අනුව ප්‍රංශය දෙකඩ වී ඇති බවයි විශේලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

The post ප්‍රංශ ජනාධිපතිවරණයෙන් එමානුවෙල් මැක්‍රොන්ට විශිෂ්ට ජයක් appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දකුණු කොරියාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 226 කින් හමුව ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 කට අධිකයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 977 ක්.

ඊයේ දිනයේ දී වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ දකුණු කොරියාවෙන්. එම සංඛ්‍යාව 65,000 කට අධිකයි. එමෙන්ම ප්‍රංශයෙන් 58,000 ක් ඉතාලියෙන් 56,000 ක් හා ජපානයෙන් 43,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා. ඊයේ දිනයට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වන 168 සිදුව ඇත්තේ රුසියාවෙන්. ඒ සමඟම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 6,243,259 දක්වා ඉහළ ගියා. හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 51 කට ආසන්න වනවා.

 

 

 

 

The post ගතවූ පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දකුණු කොරියාවෙන් වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සුපුරුදු පරිදි  

0 comments

කොළොන්නාව නිමාව තෙල් සංකීර්ණයේ පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනවා.

බවුසර් හිමියන් වැඩවර්ජනයකට සහභාගිවී ඇති බවට වන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

මේ අතර පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමේ කටයුතු කොළොන්නාව නිමාව තෙල් සංකීර්ණයෙන්  අඛණ්ඩව සිදු කෙරෙනවා. මෙතෙක් දෛනික බෙදා හැරීම්වලට එක්වූ රථ සංඛ්‍යාවද වැඩිකර ඇති බව දක්නට ලැබෙනවා. කොළොන්නාව නිමාවෙන් ආරම්භ වන ඉන්ධන දුම්රියත් අඛණ්ඩව ධාවනයට යොදවා තිබෙනවා. මේ අතර අද පෙරවරුවේ බොහෝ ඉන්ධන පිරවුම්හල් අවට  පෙර පැවති පරිදී දිගු  පෝලිම් දක්නට ලැබුණේ නැහැ.

මේ අතර පෞද්ගලික තෙල් ටැංකි රථ හිමියන් වර්ජනයකට එළඹි නැති අතර සංස්ථාව සියලු ගෙවීම් සිදුකර ඇති බැවින් එවැනි වර්ජනයකට යාමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව පෞද්ගලික තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

 

The post පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමේ කටයුතු සුපුරුදු පරිදි appeared first on ITN News.

Read More »

සහන මිලට සතොසෙන් සහල් තවදුරටත්  

0 comments

පාරිභෝගික ජනතාවට සහන මිලට සහල් අලෙවි කිරිමට ලංකා සතොස අලෙවි ජාලය කටයුතු කරමින් සිටිනවා.

එක් පාරිභෝගිකයෙකුට කිලෝග්‍රෑම් 5ක උපරිමයකට යටත්ව  සහල්  ලංකා සතොස මඟින් ලබා ගත හැකියි. ඉන්දියාවෙන් ආනයනය කළ  සුදු කැකුළු සහල් සම්බා හා නාඩු සහල් මේ අනුව  දිවයින පුරා අලෙවි කිරිමට කටයුතු කෙරෙනවා. සුදු කැකුළු සහල් කිලෝවක්  සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 145 බැගින් අලෙවි කරනවා. සම්බා සහල් කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 175 කටයි.

 

 

The post සහන මිලට සතොසෙන් සහල් තවදුරටත් appeared first on ITN News.

Read More »

ඇත්දළ වලින් නිමවා ඇති ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු අත්අඩංගුවට  

0 comments

පුරා විද්‍යා වටිනාකමක් සහිත බවට විශ්වාස කෙරෙන ඇත් දළ වලින් නිමවා ඇති කාන්තා රුවකට සමාන ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ නිලධාරීන් මෙම වැටලීම සිදුකළා. මාපලාන ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ දීයි අගල් 18 ක උසින් යුතු ඇත් දළවලින් නිමවා ඇති මෙම ප්‍රතිමාව සොයා ගැණුනේ. එහි බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 598 ක්. රැජිණකගේ බවට හැගවෙන කාන්තා රුවකට සමානව මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබෙනවා. සැකකරු විසින් සමාජ මාධ්‍යයේ පළකර ඇති දැන්වීමක් මත උපාය දූතයෙකු යොදවා වැටලීම සිදුකෙරුණා. අත්අඩංගුවට ගත් සැකකරු 46 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

 

 

 

The post ඇත්දළ වලින් නිමවා ඇති ප්‍රතිමාවක් අලෙවි කිරීමට උත්සාහ කළ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG