Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,815ක් දක්වා ඉහළට  

0 comments

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2815 ක් බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.

රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 413 ක්. කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ 48 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.

සමස්ත රෝගීන්ගෙන් 2391 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

අද (01) උදෑසන වන විට තවත් කොරෝනා රෝගියෙකු හදුනාගත් අතර එම පුද්ගලයා කන්දකාඩු මධ්‍යස්ථානයේ රාජකාරි කළ කාර්ය මණ්ඩලයේ සමීපතමයෙකු බවයි එම මධ්‍යස්ථානය සදහන් කරන්නේ.

අලුතින් හදුනාගත් කොරෝනා රෝගියා ලංකාපුර ප්‍රදේශයෙන් මීට පෙර වාර්තා වූ රෝගියාගේ ආශ්‍රිතයෙකු බව හදුනාගෙන තිබෙනවා.

 

 

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,815ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

කන්දකාඩු කොරෝනා පොකුර 600ක් දක්වා ඉහළට  

0 comments

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොරෝනා ආසාදිතයන් 600 දෙනෙකු හදනාගෙන ඇති බව කෝවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

අද (01) උදෑසන වන විට තවත් කොරෝනා රෝගියෙකු හදුනාගත් අතර එම පුද්ගලයා කන්දකාඩු මධ්‍යස්ථානයේ රාජකාරි කළ කාර්ය මණ්ඩලයේ සමීපතමයෙකු බවයි එම මධ්‍යස්ථානය සදහන් කරන්නේ.

අලුතින් හදුනාගත් කොරෝනා රෝගියා ලංකාපුර ප්‍රදේශයෙන් මීට පෙර වාර්තා වූ රෝගියාගේ ආශ්‍රිතයෙකු බව හදුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ඔහු ඇසුරු කළ පුද්ගලයන් සියලු දෙනා හදුනාගනිමින් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බවයි.

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව හදුනාගත් කෝවිඩ් නයින්ටින් ආසාදිතයන්ගෙන් හාරසිය අසූ දෙදෙනෙකුම පුනරුත්ථාපනය වන රැදවූවන්. කාර්ය මණ්ඩලයේ 66 දෙනෙකු හා ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු කොරෝනා රෝගීන් බවට හදුනා ගැනුණා. පවුල්වල මෙන්ම සමීපතමයින් 46 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත වූ රැදවුවෙකු ඇසුරු කළ පුද්ගලයින් ඇතුලුව එම මධ්‍යස්ථානය ආශ්‍රිතව හදුනාගත් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 600 ක්.

 

 

 

The post කන්දකාඩු කොරෝනා පොකුර 600ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

අධිවේගී මාර්ග දේශීය ඉදිකිරීම් කරුවන්ට භාරදී ඉදිකිරීම් කඩිනමින් නිම කරන බව අගමැති පවසයි  

0 comments

මධ්‍යම හා අධිවේගී මාර්ග දේශීය ඉදිකිරීම් කරුවන්ට භාරදී ඉදිකිරීම් කඩිනමින් නිම කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පසුගිය රජය සමයේ කඩා වැටුණු මැණික් ව්‍යාපාර ද ජාත්‍යන්තර වශයෙන් ගොඩ නැගීමට පියවර ගන්නා බවයි බලංගොඩ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කෙරෙන ජන හමුවක් බලංගොඩදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ජන හමුවට අපේක්ෂකයින් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.

මේ අතර ඇඹිලිපිටියේ පිහිටි ජන හමුවකට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්වුණා. මෙවර මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්ෂකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

 

 

The post අධිවේගී මාර්ග දේශීය ඉදිකිරීම් කරුවන්ට භාරදී ඉදිකිරීම් කඩිනමින් නිම කරන බව අගමැති පවසයි appeared first on ITN News.

Read More »

උතුරේ පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණයට හා සංවර්ධනයට සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ සහාය  

0 comments

උතුරේ පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණයට හා සංවර්ධනයට සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ උපරිම සහාය ලබා දෙන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසනවා.

උතුරු ප්‍රදේශයේ පුරා විද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය හා සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව බොහෝ පුරා විද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කෙරෙමින් පවතිනවා.

වව්නියාව උතුර නෙඩුන්කේනි ඓතිහාසික සපුමල්ගස්කඩ විහාරස්ථානයේ නව බෝධි ප්‍රාකාරයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්.

විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි ස්වාමීන්  වහන්සේගේ මෙහෙයවීමෙන් එම කටයුතු සංවිධාන කර තිබුණා.

The post උතුරේ පුරා විද්‍යා ස්ථාන සංරක්ෂණයට හා සංවර්ධනයට සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ සහාය appeared first on ITN News.

Read More »

විෂබීජනාශක පානය කළ ඉන්දියාවේ 10 දෙනෙකු මරුට  

0 comments

ඉන්දියාවෙන් දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

මේ දක්වා දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව හදුනාගැණුනේ ඊයේ (31)  දිනයේදීයි. ගතවූ පැය 24 ට පමණක් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව පනස්අට දහසකට ආසන්න වනවා.

මේ අතර ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විෂබීජනාශක පානය කළ පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කළා.

සුරාසැල් වසාදැමීම හේතුවෙන් බොහෝ පිරිසක් විෂබීජනාශක පානය කිරීමට පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post විෂබීජනාශක පානය කළ ඉන්දියාවේ 10 දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව 46,000 ඉක්මවයි  

0 comments

මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව 46,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතරින් තුන්වන ස්ථානයේ පසුවන බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව ද අබිභවායාමට ඉතා ආසන්න මට්ටමටයි පැමිණ ඇත්තේ.

කෙසේ වුවද වෛරස ව්‍යාප්තියේ යම් අඩාලවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 424,637 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 46,688ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

The post මෙක්සිකෝවේ කොරෝනා මරණ සංඛ්‍යාව 46,000 ඉක්මවයි appeared first on ITN News.

Read More »

පේරු රාජ්‍යයේ පනවා ඇති හදිසි තත්ත්වය අගෝස්තු 31 දක්වා දීර්ඝ කෙරේ  

0 comments

පේරු රාජ්‍යයේ පනවා ඇති හදිසි තත්ත්වය අගෝස්තු 31 වනදා දක්වා දීර්ඝකර තිබෙනවා.

එරට පනවා ඇති නිරෝධායන නීතිද දැඩිකර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද ලීමා අගනුවරට පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ලවන බව මාධ්‍ය සදහන් කරනවා.

ඒ  එරටින් වාර්තාවන ආසාදිතයින්ගෙන් සියයට 55 ක්ම ලීමා නගරයෙන් හමුවීම හේතුවෙනුයි.

The post පේරු රාජ්‍යයේ පනවා ඇති හදිසි තත්ත්වය අගෝස්තු 31 දක්වා දීර්ඝ කෙරේ appeared first on ITN News.

Read More »

ඇලස්කාවේ සිදුවූ ගුවන් අනතුරකින් 7 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇලස්කාවේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උඩු ගුවනේදී සැහැල්ලු ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙනුයි එම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් එරට පාර්ලිමේන්තු නියෝජිතයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් කිසිවෙකුත් දිවි ගලවා ගැනීමට සමත්ව නොමැති බවයි ඇලස්කා අරක්ෂක අංශ නිවේදනය කරන්නේ.

සොල්ඩොට්නා ගුවන් තොටුපොල ආසන්නයේදී එක් ගුවන් යානයක් ගොඩබැස්වීමට සූදානම්වන මොහොතේදී අනතුරු සිදුවූ බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

 

 

 

The post ඇලස්කාවේ සිදුවූ ගුවන් අනතුරකින් 7 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

බස්නාහිර පළාතේ සිදුකළ වැටලිම්වලින් සැකකරුවන් 390ක් අත්අඩංගුවට  

0 comments

ඊයේ (31) පස්වරු හයේ සිට අද (01) අලුයම පහ දක්වා බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් සැකකරුවන් 390 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් සමඟ සැකකරුවන් 132 ක් සහ ගංජා සමඟ සැකකරුවන් 79 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

නීතිවිරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 117 ක්. නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථාන 4 ක් වටලා කාන්තාවන් 15 දෙනෙක් ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.

බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි වැටලීම් කි‍්‍රයාත්මකයි.

The post බස්නාහිර පළාතේ සිදුකළ වැටලිම්වලින් සැකකරුවන් 390ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

කොංගෝ රාජ්‍යයේ සොල්දාදුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

කොංගෝ රාජ්‍යයේ සොල්දාදුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තවත් 9 දෙනෙක් බරපතල තුවාල ලැබුවා.

සැකකරු බීමතින් සිටි බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

මියගිය සියලුදෙනා සාමාන්‍ය වැසියන්. සැකකරු පළාගොස් ඇති අතර තවදුරටත් ඔහු සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි ආණ්ඩුකාර තියෝකාසි ප‍්‍රකාශ කළේ.

The post කොංගෝ රාජ්‍යයේ සොල්දාදුවෙකු සිදුකළ වෙඩිතැබීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

නෝර්වේ රාජ්‍යයට අයත් නෞකාවක කාරය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකුට කොරෝනා  

0 comments

නෝර්වේ රාජ්‍යයට අයත් නෞකාවක කාරය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු නව්‍ය කොරෝනා ආසාදිතයින් බව පරීක්ෂණවලදී තහවුරු වුණා.

එහි සේවය කරන කාර්ය මණ්ඩල සාමාජිකයින් 160 දෙනා සහ මඟීන් 177 දෙනා නිරෝධායනයට යොමුකර තිබෙනවා. මඟීන් විශාල පිරිසක් නෞකාවෙන් පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට පෙර පිටත්ව ගොස් ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

ඔවුන් සොයාගැනීමේ මෙහෙයුමක් ද කි‍්‍රයාත්මක බව නෝර්වේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

The post නෝර්වේ රාජ්‍යයට අයත් නෞකාවක කාරය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකුට කොරෝනා appeared first on ITN News.

Read More »

ඉරාක මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ තීරණයක්  

0 comments

ඉරාකයේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ ජූනි 6 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එය 2022 පැවැත්වීමට නියමිතව තිබුණ ද ඊට පෙර මැතිවරණය පවත්වන බවයි අග‍්‍රාමාත්‍ය මුස්තාෆා අල්කද්මි ප‍්‍රකාශ කළේ. මාස ගණනක් එරට පැවැත්වෙන විරෝධතා හේතුවෙන් රජය අර්බුදයකට මුහුණපා සිටිනවා.

කඩිනමින් මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ. ඉරාක රජයේ තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඇගයීමට ලක්කර තිබෙනවා.

The post ඉරාක මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ තීරණයක් appeared first on ITN News.

Read More »

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට තීරණයක්  

0 comments

දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, අඟුණකොළපැලැස්සේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගය මඟින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහාත් මාර්ග තදබදය අඩුකර ගැනිමත් අපේක්ෂා කරන අතර, රටට විශාල මුදලක් ඉතිරිකර ගැනීමට අවස්ථාව ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. පැයට කි.මි.100 වඩා වේගයෙන්දු ම්රිය ගමන් කළ හැකි මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ සක්‍යතා අධ්‍යනය හා ඉඩම් අත්පත් කර ගැනිමේ කටයුතු මෙම වසර තුළ අවසන් කෙරේ. ඉදිරිකිරීම් කටයුතු ලබන වසර මුලදී ආරම්භ කරන අතර, 2023 දී පළමු දුම්රිය ධාවනයට සැලසුම් කර තිබේ.

මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී නිල්වලා ගඟේ පාළම ඉදිකර තිබූ බැවින් ගැටළුවකින් තොරව දුම්රිය මාර්ගය ඉදිකිරීමට හැකි වූ අතර, හම්බන්තොට දක්වා මෙම මාර්ග ඉදිකිරීමේ දී ගැටළුවක් පැන නොනගින බවත් ඇමතිවරයා සඳහන් කළේය. එමෙන්ම මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී දේශීය ඉංජිනේරුවරුන් හා තාක්ෂණය හැකිතාක් දුරට යොදා ගැනීම අරමුණ බවත් අමාත්‍යවරයා පැවසීය.

The post මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට තීරණයක් appeared first on ITN News.

Read More »

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට  

0 comments

හෙරොයින් කිලෝග‍්‍රැම් 25 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවක් ද සිටින බවයි පොලීසිය පවසන්නේ. වැල්ලම්පිටිය බ‍්‍රැන්ඩියාවත්ත ප‍්‍රදේශයේදී වැටලීම සිදුකළා. ඒ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව.

සැකකරුවන් අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට පෙරවරුවේ ඉදිරිපත් කිරීමටයි නියමිත.

The post හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ලබන බදාදා සහ බ‍්‍රහස්පතින්දා සුරාසැල් වසාදැමීමට පියවර  

0 comments

ලබන 5 වනදා සහ 6 වනදා දිවයින පුරා සුරාසැල් වසාදැමීමට තීරණය කර තිබෙනවා.

ඒ මැතිවරණ කොමිසමේ ඉල්ලීම මත.

නියෝගය උල්ලංගනය කරන බලපත‍්‍රලාභීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

The post ලබන බදාදා සහ බ‍්‍රහස්පතින්දා සුරාසැල් වසාදැමීමට පියවර appeared first on ITN News.

Read More »

ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරයි  

0 comments

ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් වාර්ෂිකව සමරන හජ් උත්සවය අදට (01) යෙදී තිබෙනවා.

මෙවර හජ් වන්දනා සමය පසුගිය 29 වනදා ආරම්භ වුණා. සියලු ඉස්ලාම් බැතිමතුන් සාමයෙන් හා සහෝදරත්වයෙන් බැදී පවත්නා ලෝක සමුළුව ලෙස ද හජ් උත්සවය සැලකෙනවා.

හජ් උත්සවයේ වටිනාකම හදුනාගෙන සිටින වත්මන් රජය මුස්ලිම් ප‍්‍රජාවට සිය ආගමික වතාවත් හි නිරතවීමට පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්වය හමුවේ වුවද සියලු පහසුකම් සලසා ඇතැයි පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප‍්‍රකාශ කළා.

අතීතයේ සිට සියලු ආගමිකයින් සමඟ සමගියෙන් විසූ මෙරට මුස්ලිම් ප‍්‍රජාව අනාගතයේදී ද දේශයේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබාදෙනු ඇති බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ.

හජ් උත්සවය සමරන සියලු මුස්ලිම් ජනතාවට සිය සුබ පැතුම් එක්කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ.

ලෝකමය මුහුණදී ඇති ව්‍යවසනකාරී තත්වය ඉක්මණින්ම පහව යන ලෙස සර්ව බලධාරී අල්ලා දෙවියන්ගෙන් මෙම හජ් සැමරුමේදී අයැද සිටිය යුතු බව ද අග‍්‍රාමාත්‍යවරයා පවසනවා.

නව්‍ය කොරෝනා වයිරසයෙන් ශ්‍රී‍්‍ර ලංකාව ගලවා ගැනීම සඳහා වෙභෙසන රාජ්‍ය සහ සෞඛ්‍ය නිලධාරීන්ට මෙන්ම ආරකෂක අංශ නිලධාරීන්ට ද හෘදයාංගම ස්තූතිය හජ් දිනයේදී පළ කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ.

The post ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරයි appeared first on ITN News.

Read More »

රාජාංගනයේ සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරයි  

0 comments

කොරෝනා ආසාදිතයින් හදුනාගැනීමත් සමඟ රාජාංගනය ප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමා අද (31) සම්පූර්ණයෙන්ම ඉවත් කළා.

රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයේ යාය 03,04,05,06 සහ යාය 01 ප්‍ර‍දේශයේ කොටසකට පසුගිය 13 වැනිදා සිට මෙම සීමා පැනවීම සිදුකර තිබිණි.

 

 

The post රාජාංගනයේ සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරයි appeared first on ITN News.

Read More »

PCR පරීක්ෂණ 156,943ක් සිදු කර අවසන්  

0 comments

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පීසීආර් පරීක්ෂණ එක්ලක්ෂ පනස්හය දහස් නවසිය හතලිස් තුනක් සිදුකර ඇති බව කොවිඩ් දහනවය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ ඊයේ (30) දිනයේදී සිදුකළ පීසීආර් පරීක්ෂණ එක්දහස් එක්සිය හැත්තෑවක්ද සමඟයි.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ එම කාර්යාලය සහ අවට දෙසිය දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ ඊයේ (30) රාත්‍රියේ සිදුකෙරුණා. සැක සහිත සියලුම දෙනාගේ පීසීආර් පරීක්ෂණ සිදුකරන බවයි පොළොන්නරුව දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරිපාලන නිලධාරී ජයන්ත චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අවට ජනතාවගේ සංචරණ කටයුතු සීමාකර තිබෙනවා. හදුනාගත් කොරෝනා ආසාදිතයා ආගියතැන් අධීක්ෂණය කරමින් අද (31) දිනයේ ද දහසකගේ පමණ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි සෞඛ්‍ය නිලධාරීන් සදහන් කරන්නේ.

 

 

 

 

 

 

The post PCR පරීක්ෂණ 156,943ක් සිදු කර අවසන් appeared first on ITN News.

Read More »

බ්‍රසීල ජනාධිපතිගේ බිරිදට කොරෝනා  

0 comments

බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සොනාරෝගේ බිරිදට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

බ්‍රසීල ජනපති බිරිදවන මිචෙල් බොල්සොනාරෝගේ තත්ත්වය බරපතල නොවන බවයි සදහන් වන්නේ. ඇමෙරිකාවට පසුව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ලවී ඇති රට වන්නේ ද බ්‍රසීලයයි. තම බිරිදට කොරෝනා ආසාදනය වී තිබුණ ද ජනාධිපතිවරයා මුව ආවරණයක් පැළදීමකින් තොරව මහජන රැස්වීමකට පවා සහභාගිවී සිටිනු දැකගත හැකි වුණා.

 

 

 

The post බ්‍රසීල ජනාධිපතිගේ බිරිදට කොරෝනා appeared first on ITN News.

Read More »

බොස්ට්වානා රාජ්‍යයේ වන අලි අබිරහස් ලෙස මියයාමට හේතුව හෙළිවෙයි  

0 comments

පසුගිය සති කිහිපයේ දී බොස්ට්වානා රාජ්‍යයේ වන අලි දෙසිය අසූඑක් දෙනෙකු අබිරහස් ලෙස මියයාමට හේතුව ස්වභාවික විෂ වායුවක් විය හැකි බව මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

ජලාශ තුළ නිර්මාණය වූ බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවූ විෂ වායුවකින් මෙම සත්ත්වයින් මිය යන්නට ඇති බවට සැළකෙනවා. සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහුණු වන අලි බොහෝ සංඛ්‍යාවක් තවමත් බොස්ට්වානා රාජ්‍යයේ වනාන්තර තුළ දැකගත හැකියි.

පසුගිය මැයි 25 වනදා මියගිය වන අලින්ගේ සිරුරු එකසිය හැටනවයක් සහ පසුගිය ජුනි 14 වනදා මියගිය වන අලි එකසිය අසූ හත්දෙනෙකුගේ සිරුරු සොයා ගැණුනා.

 

 

 

 

The post බොස්ට්වානා රාජ්‍යයේ වන අලි අබිරහස් ලෙස මියයාමට හේතුව හෙළිවෙයි appeared first on ITN News.

Read More »

බෙලරූස් ජනාධිපතිවරණ රැළිවලදී රුසියානු ත්‍රස්තයින් 33ක් අත්අඩංගුවට  

0 comments

එළඹෙන අගෝස්තු 9 වනදා පැවැත්වීමට නියමිත බෙලරූස් ජනාධිපතිවරණය ඉලක්කකර ගනිමින් ත්‍රස්ත ප්‍රහාර එල්ලකිරීමට උත්සාහ දැරූ රුසියා ජාතිකයින් තිස්තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මේ වනවිට බෙලරූස් රාජ්‍ය පුරා මැතිවරණ රැළි සංවිධානකර තිබෙනවා. ප්‍රහාරයක් හෝ ජනතාව නොසන්සුන්වන ආකාරයේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක් සිදුකළ හැකි බවට සැක කරමිනුයි මෙසේ රුසියා ජාතිකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බෙලරූස් ජනාධිපති ඇලේක්සැන්ඩර් ලූකා ශෙන්කෝ 1994 වසරේ සිට එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනවා. මෙවර ජනාධිපතිවරණයට ද ඉදිරිපත්ව ඇති ඔහු 6 වන ධුර කාලය සදහායි තරගවදින්නේ.

 

 

 

 

 

The post බෙලරූස් ජනාධිපතිවරණ රැළිවලදී රුසියානු ත්‍රස්තයින් 33ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

එජාපයේ තවත් 37කගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි  

0 comments

සමගි ජන බලවේගයට සහය දෙන තවත් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

The post එජාපයේ තවත් 37කගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි appeared first on ITN News.

Read More »

පසුගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් වාර්තාවු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 58,271ක්  

0 comments

තවමත් දෙවනුවට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

එරට රෝගීන් සංඛ්‍යාව මිලියන දෙකයි දශම හය ද ඉක්මවා ගොස් තිබෙනවා.

පසුගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් වාර්තාවු රෝගීන් සංඛ්‍යාව පනස් අටදහස් දෙසිය හැත්තෑ එකක්. මරණ එක්දහස් එකසිය අසූනවයක් වාර්තාවී තිබෙනවා.

The post පසුගිය පැය 24 තුළ බ්‍රසීලයෙන් වාර්තාවු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 58,271ක් appeared first on ITN News.

Read More »

සෑම විනාඩියකටම වරක් ඇමෙරිකාවෙන් කොරෝනා මරණයක්  

0 comments

සෑම විනාඩියකටම වරක් ඇමෙරිකාවෙන් කොරෝනා මරණයක් වාර්තාවන බව  එරට වාර්තා සදහන් කරනවා.

ටෙක්සාස්,  කැලිෆෝනියා සහ ෆ්ලොරීඩා ප්‍රාන්තවලින් ඊයේ (30) දිනයේ දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වුණා. ඇමෙරිකාවේ ප්‍රාන්ත 21 ක් කොරෝනා හේතුවෙන් රතු කලාප ලෙස නම් කර තිබෙනවා.

ඒ අතර ටෙක්සාස්, මිසොරි, නෙවාඩා, ඔක්ලහෝමා යන ප්‍රාන්ත ද වන බව සදහන්. සතියක් තුළ කොරෝනා රෝගීන් ලක්ෂය ඉක්මවා වාර්තා වීම හේතුවෙන් මෙස් රතු කලාප සෙ එම ප්‍රාන්ත නම් කර ඇති බව සදහන්.

The post සෑම විනාඩියකටම වරක් ඇමෙරිකාවෙන් කොරෝනා මරණයක් appeared first on ITN News.

Read More »

බම්බලපිටිය දෙහිවල වෙරළතීරයේ පවුල් 54 ක නව නිවාස  

0 comments

බම්බලපිටිය දෙහිවල වෙරළතීරයේ අවිධිමත් නිවාසවල ජීවත්වූ පවුල් 54 ක නව නිවාස ලබා දීමට පියවර ගැනුණා.

කොළඹ අවිධිමත් හා  අඩු පහසුකම් සහිත නිවාස මෙන්ම පැල්පත්වල වෙසෙන පවුල් සදහා  පහසුකම් සහිත නව නිවාස ලබා දීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මකයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ වකවානුවේ හේනමුල්ල රන්මිතු සෙවන නිවාස ව්‍යාපෘතිය ආරම්භ කළා. මහල් 15කින් සමන්විත එම නිවාස ව්‍යාපෘතියේ වැඩ අවසන් කෙරුණේ විශාල පිරිසකට සෙත සලසමින්. ඒ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 1656ක්.

වර්ග අඩි 450කින් සමන්විත නිවසක් රුපියල් ලක්ෂ 50ක වටිනාකමින් යුක්ත වනවා. වෙරළතීරයේ අවිධිමත් නිවාසවල ජීවත් වූ පවුල් 54 සදහා එම නිවාසවල හිමිකම් ප්‍රදානය කිරීම සිදුවුණේ නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන්. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

The post බම්බලපිටිය දෙහිවල වෙරළතීරයේ පවුල් 54 ක නව නිවාස appeared first on ITN News.

Read More »

රටේ ආර්ථිකය ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි – රනිල්  

0 comments

රටේ ආර්ථිකය ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගවදින එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන රැළියක් කොල්ලුපිටිය ස්ටැන්ලි ජෑන්ස් පිටියේදී පැවැත්වුණා.

ඒ  එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. රවී කරුණානායක මහතා ඇතුළු අපේක්ෂකයින් ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

The post රටේ ආර්ථිකය ගොඩනැගිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි – රනිල් appeared first on ITN News.

Read More »

රටේ ආර්ථිකය ආපස්සට හැරවූ උදවියම අද ආර්ථිකය ගැන ප්‍රශ්න කරනවා – බන්දුල  

0 comments

රටේ ආර්ථිකය ආපස්සට හැරවූ උදවියම අද ආර්ථිකය ගැන ප්‍රශ්න නගන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

තෙල් මිල සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

The post රටේ ආර්ථිකය ආපස්සට හැරවූ උදවියම අද ආර්ථිකය ගැන ප්‍රශ්න කරනවා – බන්දුල appeared first on ITN News.

Read More »

19න් ජනතා අයිතීන් අහිමිවුණා – අගමැති කියයි  

0 comments

දහනව වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවගේ මූලික අයිතීන් අහිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර පැවති විද්වත් හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා අවාසනාවන්ත ලෙස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිරීම හේතුවෙන් නව පක්ෂයක් බිහි කිරීමට තමන්ට සිදුවූ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

කුමන බාධක හමුවේ වුවද යහපාලන රජය නොසිතූ අයුරින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් පත්කිරීමට හැටනව ලක්ෂයක් ජනතාව කටයුතු කළේ එතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ අනුමත කිරීම හේතුවෙන් බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.

 

The post 19න් ජනතා අයිතීන් අහිමිවුණා – අගමැති කියයි appeared first on ITN News.

Read More »

විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට  

0 comments

අද (31) උදෑසන දෝහා සිට පුද්ගලයින් තිස් දෙනෙකු ද ජපානයේ සිට හය දෙනෙකු ද චෙන්නායි සිට හත් දෙනෙකු ද මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ත්‍රිවිද හමුදාව මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකෙරුණා.

එම මධ්‍යස්ථානවල නිරෝධායන වෙමින් සිටි දෙසිය දාහත් දෙනෙකු අද (31) දිනයේ දී නිවෙස් බලා පිටත්කර යැවූ බවද ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

අද (31) වනවිට පුද්ගලයින් විසිඅටදහස් පන්සිය හතලිස් දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්කර පිටත්ව ගොස් ඇති බවයි එම මධ්‍යස්ථානය තවදුරටත් සදහන් කරන්නේ.

The post විදෙස්ගතව සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.

Read More »

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළට  

0 comments

ඊයේ (30) හදුනාගත් කොරෝනා ආසාදිතයින් හතර දෙනාත් සමග මෙරටින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව දෙදහස් අටසිය දාහතර දක්වා ඉහළ ගියා.

ඊයේ (30)  දිනයේ දී දහසය දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා. ඒ සමඟ සුවය ලැබූ සංඛ්‍යාව දෙදහස් තුන්සිය තිස්තුනක්.

මේ අනුව දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් හාරසිය හැත්තෑ දෙනෙකු පමණයි. අසූහය දෙනෙකු රෝහල්වල වෛද්‍ය විමර්ශනය යටතේ පවතිනවා.

ඊයේ (30) හදුනා ගත් ආසාදිතයින් හතර දෙනාගෙන එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ සමීපතමයෙක්

අනික් තුන්දෙනාගෙන එක් අයෙකු තුර්කි ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වූ විදේශිකයෙකු බවයි කොවිඩ් දහනවය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

අනික් දෙදෙනා විදේශවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයයි.

The post මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,814ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

හදන ආණ්ඩුවට විකිණෙන්න බලන් ඉන්න අය ගැන ටිල්වින් හෙළිකරයි  

0 comments

මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගත යුත්තේ සත්‍යගරුක පුද්ගලයින් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

බෙරලන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

The post හදන ආණ්ඩුවට විකිණෙන්න බලන් ඉන්න අය ගැන ටිල්වින් හෙළිකරයි appeared first on ITN News.

Read More »

කන්දකාඩු කොරෝනා පොකුර 599ක් දක්වා ඉහළට  

0 comments

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ කොරෝනා පොකුරෙන් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව පන්සිය අනූනවයක්.

රැදවූවන් හාරසිය අසූ දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හැටහය දෙනෙකු ඊට අයත්. ආරාධිත කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකුට ද වෛරසය ආසාදනය වුණා. මෙම පොකුරේ ආසාදිතයින්ගේ පවුල්වල සමීපතමයින් හතලිස් පස් දෙනෙකුට මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිත වූ රැදවියා ඇසුරු කළ පුද්ගලයෙකුට ද රෝගය වැළදුනා.

ඊයේ (30) හදුනා ගත් ආසාදිතයින් හතර දෙනාගෙන එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ සමීපතමයෙක්.

The post කන්දකාඩු කොරෝනා පොකුර 599ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

බලයට පැමිණ පැය 24 ක් ගතවීමට පෙර සහන රැසක් – සජිත් පාක්ෂිකයින් පිනවූ හැටි (VIDEO)  

0 comments

තම පක්ෂය බලයට පැමිණ පැය 24 ක් ගතවීමට පෙර ජනතාවට සහන රැසක් ලබා දෙන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාදුක්ක පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මෙවර මහ මැතිවරණයට සමගි ජනබලවේගයෙන් තරගවදින කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් පාදුක්ක පොල භූමියේදී පැවැත්වුණා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එය සංවිධාන කර තිබුණේ අපේක්ෂක ලෙනාඩ් කරුණාරත්න මහතායි.  සජිත් ප්‍රේමදාස මහතා ගිටාරයක් වයමින් පැමිණි සිටි පිරිස පිනවීම සදහා කටයුතු කළේ මෙලෙසින්.

මේ අතර බුලත්සිංහල මහජන ක්‍රීඩාංගනයේ පැවති ජන රැලියකට ද සජිත් ප්‍රේමදාස මහතා එක්වුණා. බුලත්සිංහල ආසන සංවිධායක ජගත් විතාන මහතා එය සංවිධාන කර තිබූ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයින් ඊට එක්ව සිටියා.

The post බලයට පැමිණ පැය 24 ක් ගතවීමට පෙර සහන රැසක් – සජිත් පාක්ෂිකයින් පිනවූ හැටි (VIDEO) appeared first on ITN News.

Read More »

දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි  

0 comments

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (31) දිනයේ ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

 

The post දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි appeared first on ITN News.

Read More »

කොරෝනා නීති ලිහිල් කරද්දී වෙනස්ම ආකාරයේ ටැටූ උත්සවයක් (PHOTOS)  

0 comments

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා රුසියාව පනවා තිබූ නීති ලිහිල් කිරීමත් සමග එරට වෙනස්ම ආකාරයේ පච්ච කෙටීම හෙවත් ටැටූ උත්සවයක් පැවැත්වුණා.

නිර්මාණශීලීන් සිය ගණනක් මෙම උත්සවයට සහභාගි වී සිටියා. හොඳම ටැටූ නිර්මාණය තේරීම සදහා තරගයක් ද පැවැත්වුණා.

මෙවර අටවන වරටයි ටැටූ උත්සවය පැවැත්වුණේ. එය දින තුනක් පුරා ක්‍රියාත්මක වුණා.

රුසියාවේ පැවැත්වීමට නියමිතව තිබූ තවත් ටැටූ උත්සව පහක් නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් අවලංගු කෙරුණා.

The post කොරෝනා නීති ලිහිල් කරද්දී වෙනස්ම ආකාරයේ ටැටූ උත්සවයක් (PHOTOS) appeared first on ITN News.

Read More »

තායිවාන ප්‍රජාතන්ත්‍රවාදයේ පියා “ලී ටෙන්ග් හුයි” අභාවප්‍රාප්ත වෙයි  

0 comments

තායිවාන ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙස සැලකෙන ලී ටෙන්ග් හුයි අභාවප්‍රාප්ත වුණා.

තායිවානයේ අත්තනෝමතික පාලනය අවසන් කිරීමේ ගෞරවය මොහුට හිමිවනවා.

එමෙන්ම සෘජු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය තායිවානයට හදුන්වා දුන්නේ ද ලී ජනාධිපතිවරයායි.

මොහු 1988 වසරේ සිට 2000 වසර දක්වා චීනයේ මෙන්ම චීනයට අයත්ව තිබූ තායිවානයේ ද ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.

ඔහු මිය යනවිට 97 වියේ පසුවුණා. මාස කිහිපයක් රෝහල් ගතව සිටි ලී ටෙන්ග් හුයි අද උදෑසන මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

The post තායිවාන ප්‍රජාතන්ත්‍රවාදයේ පියා “ලී ටෙන්ග් හුයි” අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ජනාධිපතිවරණය කල් දැමීම ගැන රිපබ්ලිකන් විරෝධය  

0 comments

නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තනි කැමැත්තට කල්දැමිය නොහැකි බවට රිපබ්ලිකන් පාක්ෂිකයින් පවසනවා.

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීම සදහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

පවතින තත්ත්වය මත තැපැල් ඡන්ද ප්‍රමාණය වැඩි කළහොත් දූෂණ හා අක්‍රමිකතා සිදුවිය හැකි බවටයි ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත්තේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ද මැතිවරණය කල් දැමිය යුතු බව ඔහු පවසනවා.

එහෙත් රිපබ්ලිකන් පක්ෂයේ බහුතරයකගේ මතය වී ඇත්තේ මැතිවරණය කල් දැමීම සදහා ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවයි.

එය එසේ සිදුවන්නේ නම් ඒ සදහා කොංග්‍රස් මණ්ඩල අනුමැතිය අනිවාර්යයෙන්ම ලැබිය යුතු බව රිපබ්ලිකන් පාක්ෂිකයින් පෙන්වා දෙනවා.

The post ඇමෙරිකා ජනාධිපතිවරණය කල් දැමීම ගැන රිපබ්ලිකන් විරෝධය appeared first on ITN News.

Read More »

ඉටුකම Covid – 19 අරමුදලේ ශේෂය මිලියන 1549 දක්වා ඉහළට  

0 comments

ඉටුකම කෝවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ අරමුදලේ පරිත්‍යාග රුපියල් මිලියන 1549 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී නාගල රජමහා විහාරාධිපති පූජ්‍ය වරද්දන ධම්මානන්ද ස්වාමීන්වහන්සේ රුපියල් ලක්‍ෂයක්,  දිඹුල ආරන්‍ය සේනාසනාධිපති පූජ්‍ය දොලුවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ රුපියල් විසිපන්දහසක්,  කොට්ටවගම ශ්‍රී බෝධි රාජාරාම විහාරාධිකාරී පූජ්‍ය යටලමත්තේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ රුපියල් හැට දහසක් අරමුදලට පිරිනමා තිබෙනවා.

වයඹ පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් අරමුදලට පිරිනමා ඇති මුදල රුපියල් දෙසීය විසිහය ලක්‍ෂ අසූහය දහස් දෙසීය හතළිහක්. එච් එම් කමල් කුමාර හේරත් මහතා රුපියල් හතළිස්පන්දහස් තිස්නවයක් හා එස් එස් බී එම් කිරිබණ්ඩා සහ එස් ජේ අසංක මධුශංඛ යන මහත්වරුන් රුපියල් පන්දහස බැගින් ලබා දී තිබෙනවා.

කෝකිලා සෙව්වන්දි,  මිනුදි සිහස්නා,  සනුක මිහිජය,  පහන්දි ඉමාෂා,  චමල් චන්දු බණ්ඩාර,  කසුන් ගිහන්ත යන දරුවන් සිය කැටවල එක් රැස් වූ මුදල් කෝවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කළා

 

 

 

The post ඉටුකම Covid – 19 අරමුදලේ ශේෂය මිලියන 1549 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

කොරෝනාවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට පත් තරුණියන් දිරි ගැන්වීමේ වැඩසටහනක්  

0 comments

කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ග්‍රාමීය ප්‍රදේශවල තරුණියන් දිරි ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා.

කොරෝනා ව්‍යසනය හමුවේ ආදායම් බිද වැටුණ ග්‍රාමීය ප්‍රදේශවල තරුණියන්ගේ ආර්ථිකය නගා සිටුවීම සදහා වෘත්තීය අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ලිය සවිය වැඩසටහන පියවර ගෙන තිබෙනවා.

එහි ආරම්භක වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් තෝප්පුවේදී පැවැත්වුණා.

රූපලාවන්‍ය හා කේක් සෑදිම ඇතුළු ස්වයං රැකියා සදහා යොමු වීමට මෙන්ම ගෘහස්ත ව්‍යාපාර ආරම්භ කිරීමට මග පෙන්වීම මෙහි අරමුණයි.

ආරම්භක වැඩ සටහනේදී ශිෂ්‍යත්ව 500ක් පිරිනැමීමටයි කටයුතු කෙරුණේ.

The post කොරෝනාවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට පත් තරුණියන් දිරි ගැන්වීමේ වැඩසටහනක් appeared first on ITN News.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා මරණ හා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ නගී  

0 comments

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා මරණ හා ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

ගතවූ පැය 24ට මරණ 13ක් හා ආසාදිතයින් 723 දෙනෙකු වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඒ අනුව ඕස්ට්‍රේලියාවෙන් දිනක් තුළ සිදුවූ වැඩිම  මරණ සංඛ්‍යාව ද වාර්තා වූයේ ඊයේ දිනයේ යි.  පෙරේදා දිනයට සාපේක්ෂව එය සියයට තිස්හයක ඉහළ යාමක් බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.

The post වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා මරණ හා ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ නගී appeared first on ITN News.

Read More »

චීනයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව ඉහළට  

0 comments

චීනයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ යමින් පවතිනවා.

කිසිදු මරණයක් වාර්තා නොවුව ද ඊයේ දිනයට පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 105ක්. ඉන් 102නෙකුම චීන ජාතිකයින් බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

The post චීනයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමිකව ඉහළට appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG