Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ දරුණු ටොනේඩෝ තත්වයක්  

0 comments

ඇමෙරිකාවේ දරුණු ටොනේඩෝ තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ටොනේඩෝ තත්ත්වය හේතුවෙන් ගොඩනැගිලි මෙන්ම රථවාහන කිහිපයකටද හානි සිදු වුණා.

සිද්ධියෙන් තුවාල ලැබූ විසිපස් දෙනෙකු පමණ දැනටමත් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ටොනේඩෝව ඇති වූ ස්ථානයේ සිට සැතපුම් 100 ක් පමණ දුරට එහි බලපෑම එල්ල වී තිබෙනවා.

එමෙන්ම ඇමෙරිකා කාලගුණ ඒජන්සිය සදහන් කරන්නේ තවත් ප්‍රදේශ කිහිපයකට සුළි කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

 

The post ඇමෙරිකාවේ දරුණු ටොනේඩෝ තත්වයක් appeared first on ITN News.

Read More »

වසර 3ක් කූඩාරම්වල ජීවත්ව තැබූ ගිනස් ලෝක වාර්තාව  

0 comments

වසර 3 ක් කූඩාරම්වල ජීවත්ව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට බ්‍රිතාන්‍ය තරුණයෙකු සමත්ව තිබෙනවා.

මැක්ස් වූස්ලි ලෙස හදුන්වන මෙම තරුණයා 2020 වසරේ සිටම බ්‍රිතාන්‍ය විවිධ ස්ථානවල කූඩාරම් ජීවිතයක් ගත කර තිබෙනවා.

ඔහුගේ කූඩාරම් ජීවිතයේ ආරම්භය වී ඇත්තේ තම මිතුරෙකු වූ පිළිකාවකින් මියගිය රික් ඇබට්ගේ මරණයෙන් පසුවයි.

පිළිකා රෝගීන් වෙනුවෙන් අරමුදල් රැස් කිරීම පිණිස මැක්ස් වූස්ලි මෙම කූඩාරම් ජීවිතය ගත කර තිබෙනවා.

ඔහු අග්‍රාමාත්‍ය නිල නිවසේද කදවුරු බැද තිබෙන අතර එවකට අග්‍රාමාත්‍ය වූ බොරිස් ජොන්සන් සමග කෝපි පානයටද එක්ව තිබුණා.

කෙසේ වෙතත් වසර 3 ක් තිස්සේ ඔහු ගතකළ කදවුරු ජීවිතයේදී පිළිකා රෝගීන් වෙනුවෙන් ආධාර වශයෙන් පවුල් හත්ලක්ෂ පනස් දහසක් එකතු කිරීමට මෙම තරුණයා සමත්ව තිබෙනවා.

 

 

The post වසර 3ක් කූඩාරම්වල ජීවත්ව තැබූ ගිනස් ලෝක වාර්තාව appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී  

0 comments

ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ එතනෝල් රැගෙන ගිය දුම්රියක් අනතුරට පත්ව තිබෙනවා.

ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ එතනෝල් ප්‍රවාහනයේ යෙදෙමින් සිටි දුම්රියක් පීලි පැන තිබෙනවා. මේ හේතුවෙන් එතනෝල් බවුසර් 22ක් පමණ පීලි පැන තිබෙනවා. පීලිපැනීමත් සමග එතනෝල් අඩංගු බවුසල් පිපිරී ගිනිගෙන තිබෙනවා. අනතුර සිදුව පැය 14ක් ගතව ඇති නමුත් තවමත් එම ගින්න නිවීම අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ.

එතනෝල්වල ඇති අධික ගිනි ගැනිමේ හැකියාව නිසා විෂ සහිත තත්ත්වයක් අවට වායුගෝලයේ ඇතිවිය හැකි බව මේ වන විට අනතුරු අගවා තිබෙනවා. ඒ අනුව අනතුර සිදුවූ ස්ථානයේ සිට වර්ග සැතපුම් භාගයකම පමණ සිටින ජනතාව ඉවත් කිරීමට මිනසෝටා ප්‍රාන්ත රජය කටයුතු කර තිබෙනවා.

 

 

 

The post ඇමෙරිකාවේ එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ දේවාලයක වහළය කඩා වැටීමෙන් 35 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි දේවාලයක සිදු වූ අනතුරකින් 35 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන්දෝර් හි පිහිටි බෙලේෂ්වර් මහාදෙව් දේවාලයක වහළ කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

අධික තදබදය නිසා ඇති වූ පීඩනය මත දේවාලයේ එක් තට්ටුවක් කඩා වැටී ඇති අතර ඊට පහළින් තරප්පු පෙළේ රැඳී සිටි පිරිස මෙම අනතුරට ලක්ව තිබෙනවා.

සිද්ධියෙන් තවත් 14 දෙනෙකුට තුවාල සිදු වුණා.

මධ්‍ය ප්‍රදේශ් හි මහ ඇමති ෂිවරාජ් සිං ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයන්ට ලක්ෂ පහ බැගිනුත්, තුවාල ලැබූවන්ට රුපියල් පනස් දහස බැගිනුත් ලබාදීමට පියවර ගන්නා බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිද මෙම අනතුර සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය පළ කර තිබුණා.

 

The post ඉන්දියාවේ දේවාලයක වහළය කඩා වැටීමෙන් 35 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

රුසියාව උ.කොරියාවට ආහාර ලබා දී ඒ වෙනුවට ආයුධ ලබා ගැනීමට සූදානම් වෙයි  

0 comments

රුසියාව උතුරු කොරියාවට ආහාර  ලබා දී ඒ වෙනුවට ආයුධ ලබා ගැනීමට සූදානම් වන බව එක්සත් ජනපදය චෝදනා කරනවා.

එක්සත් ජනපදයේ ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි චෝදනා කරන්නේ ආයුධ වෙනුවට ආහාර පිරිනැමීම සඳහා රුසියාව උතුරු කොරියාවට නියෝජිත පිරිසක් යැවීමට සූදානම් බවයි.

උතුරු කොරියාව සහ රුසියාව අතර ඕනෑම ආයුධ ගනුදෙනුවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කොන්දේසි උල්ලංඝනය කරන බව ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

යුක්‍රේනයේ මෙහෙයුම්වල නිරත රුසියා කුලී හමුදා වන වැග්නර් කල්ලියට උතරු කොරියාව ආයුධ සපයන බව මීට පෙර ඇමෙරිකාව චෝදනා කළා.

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ආයුධ තැනීම සිදු කළත් ආහාර හිගයකට මුහුණ පා තිබෙන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් රුසියාවෙන් ආහාර සැපයීම පිළිබඳව වන යෝජනාව උතුරු කොරියාව අනුමත කරනු ඇති බව විදෙස් විශ්ලේෂකයන් පවසනවා.

 

 

The post රුසියාව උ.කොරියාවට ආහාර ලබා දී ඒ වෙනුවට ආයුධ ලබා ගැනීමට සූදානම් වෙයි appeared first on ITN News.

Read More »

තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක ලැව් ගින්නක්  

0 comments

තායිලන්තයේ බැංකොක් හි Khao Laem ජාතික වනෝද්‍යානය තුළ ලැව් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලැව් ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට ගිනි නිවීමේ ඒකක නිලධාරීන්ට ලඟා විය නොහැකි තත්ත්වයක් ද උද්ගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ගින්න මැඩපැවැත්වීම සඳහා හෙලිකොප්ටර් යානා යොදවා තිබෙනවා.

ඊට අමතරව ගිනි නිවීමේ රථ 20 කට ආසන්න සංඛ්‍යාවක් ද යොදවා ඇති අතර වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

The post තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක ලැව් ගින්නක් appeared first on ITN News.

Read More »

තායිවාන ජනාධිපතිනිය ඇමෙරිකාවේ සංචාරයක  

0 comments

තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන් ඇමෙරිකාවේ සංචාරයක නිරත වනවා.

ඊට චීනයෛන් දැඩි විරෝධයක් එල්ල වුණා.

චීනයේ පාලනයට නතු වු තායිවානය මේ වන විට ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කරමින් සිටිනවා.

ඒ අනුව යමින් තායිවාන ජනාධිපතිනිය ඇමෙරිකා සංචාරයක නිතර වන බවටයි වාර්තා වන්නේ.

ඇය සිය ධුර කාලය තුළ 7 වන වරටයි ඇමෙරිකාවට පැමිණ ඇත්තේ.

මෙම සංචාරය අතර තුර ඇමෙරිකා කතානායක කෙවින් මැක්කාර්ති මුණගැසී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරිය කටයුතු කරනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් පළ කළ චීන රජය පෙන්වා දෙන්නේ මෙය ඔවුන්ගේ එක් චීනයක් යන මූලධර්මය උල්ලංඝනය කරන්නක් බවයි.

 

 

 

 

 

The post තායිවාන ජනාධිපතිනිය ඇමෙරිකාවේ සංචාරයක appeared first on ITN News.

Read More »

ඉන්දියාව තුළ නැවතත් කොරෝනා හිස ඔසවයි  

0 comments

දිනක් තුළ වාර්තා වු වැඩිම කොරෝනා ආසාධිතයන් ප්‍රමාණයක් ඊයේ දිනයේ දී ඉන්දියාවෙන් හමුව තිබෙනවා.

එම සංඛ්‍යාව 3016ක්.

මාස 6කට ආසන්න කාලයක් තුළ ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වු වැඩිම කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව මෙයයි.

මේ අනුව කොවිඩ් 19 වෛරසය ඉන්දියාව තුළ නැවතත් සීග්‍රලෙස ව්‍යාප්ත වීමේ අවධානමක මතුව තිබෙනවා.

මෙම දෛනික වැඩිවීම පෙරදිනට සාපේක්ෂව 40%ක අගයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනය තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 02ක් ද වාර්තා වුණා.

මේ වන විට ඉන්දියාවේ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව පන්ලක්ෂ තිස්දහස් අටසියහැට දෙකක් වනවා.

 

 

 

 

 

 

The post ඉන්දියාව තුළ නැවතත් කොරෝනා හිස ඔසවයි appeared first on ITN News.

Read More »

රුසියා ජනපති තුර්කි සංචාරයකට සූදානම්  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් තුර්කියේ සංචාරයක් සඳහා පැමීණීමට නියමිතයි.

රුසියා ජනාධිපතිවරයා එළඹෙන අප්‍රේල් මාසයේ තුර්කියට පැමිණෙන බව තුර්කි ජනාධිපති තයිප්එර්දෝගන් ප්‍රකාශ කළා.

පුටීන්  තුර්කියට පැමිණෙන්නේ රුසියානු සමාගමක් වන රොසැටම් විසින් ඉදිකරන ලද තුර්කියේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාර විවෘත කිරීමට බවයි වාර්තා වන්නේ.

මෙම බලාගාරය මෙගාවොට් 4800 ක ධාරිතාවකින් යුක්ත වන අතර මේ සඳහා වැය කර ඇති මුදල  ඩොලර් බිලියන 20 ක්.

පසුගියදා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් පුටීන්ට එරෙහිව වරෙන්තු නිකුත් කළ අතර කෙසේ වෙතත් තුර්කිය ජාත්‍යන්තර අපරාධ අධිකරණය සමඟ ගිවිසුම් ගතවී නොමැති හෙයින් මෙම සංචාරයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවයි විදෙස් විශ්ලේෂකයන් පවසන්නේ.

 

 

The post රුසියා ජනපති තුර්කි සංචාරයකට සූදානම් appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව නව න්‍යෂ්ටික යුද ශීර්ෂ එළිදක්වයි  

0 comments

උතුරු කොරියාව තම නව න්‍යෂ්ටික යුද ශීර්ෂ එළිදක්වනු ලැබුවා.

න්‍යෂ්ටික  බැලිස්ටික් මිසයිල නිෂ්පාදනය සඳහා අවශ්‍ය සකසන ලද යුද ශීර්ෂයන් එළිදැක්වීම උතුරු කොරියා ජනාධිපති කිම් ජොන් උන් ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

න්‍යෂ්ටික යුද ශීර්ෂයන් නැරඹීමෙන් අනතුරුව ආයුධ සඳහා අවශ්‍ය න්‍යෂ්ටික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ඉදිරියටත් කඩිනම් පියවර ගැනීමට සූදානම් බව උතුරු කොරියා නායකයා ප්‍රකාශ කර තිබෙනවා.

උතුරු කොරියා නායකයා වෙත මෙලෙස ප්‍රදර්ශනය කළේ හෝසෝන් 31 ලෙස නම් කරන ලද න්‍යෂ්ටික යුද ශීර්ෂයි.

මේ අතර එක්සත් ජනපද යුද නෞකාවක් දකුණු කොරියාවට ලගාවී ඇති අතර අනතුරු ඇඟවීමක් ලෙස උතුරුකොරියාව මෙම න්‍යෂ්ටික යුද ශීර්ෂ එළිදැක්වීම සිදු කළ බව අනුමාන කෙරෙනවා.

 

 

The post උතුරු කොරියාව නව න්‍යෂ්ටික යුද ශීර්ෂ එළිදක්වයි appeared first on ITN News.

Read More »

පාප් වහන්සේ රෝහල් ගත කරයි  

0 comments

රෝගී තත්ත්වයක් හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝහල් ගත කර තිබෙනවා.

ශ්වසන පද්ධතියේ ඇති වු ආසාධනයක් හේතුවෙනුයි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රෝමයේ පිහිටි රෝහලකට ඇතුළුලත් කර ඇත්තේ.

86 හැවිරිදි වියේ පසුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ දින කිහිපයක් පුරා හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලුනු බවයි වතිකානය සඳහන් කරන්නේ.

එළඹෙන අප්‍රේල් මාසය පාප්වහන්සේගේ කාර්යබහුලම රාජකාරී සහිත මාසය ලෙසයි සැලකෙන්නේ.

පාප්වහන්සේ හංගේරියාවේ සංචාරයක ද නිරතවීමට සැලසුම්කර තිබුණ ද ඒ පිළිබඳ නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවයි වතිකානය වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේ පාප්වහන්සේට කොවිඩ් රෝගය වැළදී නොමැති බවයි.

 

 

The post පාප් වහන්සේ රෝහල් ගත කරයි appeared first on ITN News.

Read More »

ලොව පුරා රැකියා මිලියන 300ක් අහිමිවීමේ අවධානමක්  

0 comments

කෘතිම බුද්ධීන් භාවිතය හේතුවෙන් ලොව පුරා රැකියා මිලියන 300 ක් පමණ අහිමිවීමේ  අවධානමක් මතුව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඇමෙරිකාවේ හා යුරෝපයේ සමස්ත රැකියා සංඛ්‍යාවෙන් 1/4 ක් පමණ ඒ අනුව කප්පාදුවට ලක්වනු ඇති.

මේ වන විටත් ලොව පුරා සමාගම්  රැසක් කෘතිම බුද්ධින් යොදාගනිමින් වැඩකටයුතු කිරීම ආරම්භ කර ඇති අතර ඒ හරහා දහස් ගණනකට තම රැකියා අහිමි වී තිබෙනවා.

මිනිසුන් යොදාගනිමින් සිදු කරන කටයුතු රැසක් කෘතිම බුද්ධි යොදාගනිමින් සිදු කිරීමේ හැකියාවත් සමගයි මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ.

එමෙන්ම ලොව රටවල් රැසක් කෘතිම බුද්ධීන් වැඩිදියුණු කිරීම සදහා ආයෝජනය කිරීම ද ආරම්භ කර තිබෙනවා.

කෙසේ වුවද කෘතීම බුද්ධිය යොදාගැනීම සදහා  රැකියාවේ තත්ත්වය හෑල්ලුවට ලක් වන බවයි බොහෝ වෘත්තිකයන් චෝදනා කරන්නේ.

 

 

 

The post ලොව පුරා රැකියා මිලියන 300ක් අහිමිවීමේ අවධානමක් appeared first on ITN News.

Read More »

ස්පාඤ්ඤයේ ලැව් ගිනි හේතුවෙන් අක්කර දස දහසක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි  

0 comments

ස්පාඤ්ඤයේ හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් අක්කර දස දහසක් පමණ සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ස්පාඤ්ඤයේ ලැව් ගිනි හටගෙන ඇති අතර 2000 කට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

වසරේ මෙම කාලය තුළදී සාමාන්‍යයෙන් ලැව් ගිනි හට නොගත්තද මෙම වසරේදී එම තත්ත්වය වෙනස් වී තිබෙනවා.

ඇතැම් ගොවිපොළවල සතුන් අතහැර දමා ගොවීන්ට පළා යාමට සිදුව ඇති බවද සඳහන්.

ලැව් ගිනි තත්ත්වය පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් 500 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති අතර ගිනි නිවන ගුවන්යානා හා හෙලිකොප්ටර් 20 ක් පමණ යෙදවීමටද පියවර ගෙන තිබෙනවා.

 

 

The post ස්පාඤ්ඤයේ ලැව් ගිනි හේතුවෙන් අක්කර දස දහසක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාථමික පාසලේ ඝාතකයා මානසික රෝගියෙක් බව හෙළිවෙයි  

0 comments

ඇමෙරිකාවේ ටෙනසි ප්‍රදේශයේ නැෂ්විල් ප්‍රාථමික පාසලේ ඝාතන සිද්ධියට සම්බන්ධ 28 හැවිරිදි ඕඩ්රි හේල් ඒ සඳහා ගිනි අවි 7 ක් රැගෙන විත් ඇති අතර ඉන් 3 ක් භාවිතා කර ඇති බව පොලීසිය පවසනවා.

ඕඩ්රි හේල් මානසික ව්‍යාධි තත්ත්වයකින් පසු වූ බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඕඩ්රි හේල් පාසල තුළට ඇතුළු වී වෙඩි ප්‍රහාර එල්ල කරන ආකාරය දැක්වෙන CCTV අද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

වෙඩි ප්‍රහාරයෙන් නව හැවිරිදි ලමුන් තිදෙනෙකු හා වැඩිහිටියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

පසුව පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරන්ගෙන් ඝාතකයා ද ජීවිතක්ෂයට පත් වූණා.

මානසික ව්‍යාධි තත්ත්වයක් හේතුවෙන් ඇය  වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වූ බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඇය සතුව ගිනි අවි නොතිබූ බවයි ඇයගේ දෙමාපියන් පොලීසියට සඳහන් කර ඇත්තේ.

මිලදී ගත් ගිනි අවි 7 ඇයගේ දෙමාපියන්ගේ නිවසේ සඟවා තිබූ බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඕඩ්රි හේල් එම පාසලේම ඉගෙනුම ලැබූ ආදි ශිෂ්‍යාවක වන අතර සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

 

The post ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාථමික පාසලේ ඝාතකයා මානසික රෝගියෙක් බව හෙළිවෙයි appeared first on ITN News.

Read More »

ජර්මනියේ දැවැන්තම වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි  

0 comments

ජර්මනියේ ප්‍රවාහන සේවකයින් පසුගියදා එරට ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනයේ නිරත වූවා.

ජර්මනියේ ප්‍රවාහන සේවකයින් තම වැටුප් වර්ධකයක් ලබාදී රැකියාවේ තත්ත්වය ඉහළ දැමීමට කටයුතු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

පසුගිය පෙබරවාරි මාසයේදී එරට උද්දමනය 9.3% ක් ලෙස වාර්තා වූ අතර යුරෝපයේ විශාලතම ආර්ථිකයට ද ජර්මනිය හිමිකම් කියනවා.

උද්දමනය ඉහළ යාමට සරිසලන ලෙස වැටුප් වර්ධක ලබා දෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

ජර්මනියේ ගුවන්,දුම්රිය හා බස් රථ සේවාවන් සම්පූර්ණයෙන් අඩාල කිරීමට මෙම වැඩවර්ජනය සමත් වූ බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

ගුවන්ගමන් වාර 1200 ක් පමණ අවලංගු කෙරුණු අතර එක් ලක්ෂ හැට දහසක් පමණ ගුවන්මගීන් අපහසුතාවට පත් වුණා.

 

 

The post ජර්මනියේ දැවැන්තම වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි appeared first on ITN News.

Read More »

මෙක්සිකෝවේ සරණාගත කඳවුරේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළට  

0 comments

මෙක්සිකෝවේ සරණාගත කඳවුරක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඇමෙරිකා දේශසීමාව ආසන්නයේ මෙක්සිකෝවේ සරණාගත කඳවුරකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පුද්ගලයින් රැසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවද සඳහන්.

මධ්‍යම සහ දකුණු ඇමෙරිකාවේ සිට ඇමෙරිකාවට ඇතුළුවීම සඳහා පැමිණි පුද්ගලයින් මෙම සරණාගත කදවුරු තුළ රඳවා සිටි බවයි වාර්තා වන්නේ.

එම ගින්න ව්‍යාප්ත වීමට හේතු වි ඇත්තේ සරණාගතයින්ට ලබා දී තිබූ මෙට්ටවලට ගිනි ඇවිලීම බවයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

 

 

 

 

 

The post මෙක්සිකෝවේ සරණාගත කඳවුරේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

සෞදියේ බස් රථ අනතුරකින් 20ක් මරුට  

0 comments

සෞදි අරාබියේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බස් රථය මක්කම වෙත වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටියදී නිරිතදිග අසීර් පළාතේ පාලමක ගැටී පෙරළී ගිනිගෙන තිබෙන බවයි පැවසෙන්නේ

 

The post සෞදියේ බස් රථ අනතුරකින් 20ක් මරුට appeared first on ITN News.

Read More »

න්‍යෂ්ටික අවි ඇතුළු යුධ උපකරණ නිෂ්පාදනය වැඩිකරන්නැයි උතුරු කොරියා නායකයාගෙන් නියෝග  

0 comments

න්‍යෂ්ටික අවි ඇතුළු යුධ උපකරණ නිෂ්පාදනය ඉහළ දමන ලෙස උතුරු කොරියා නායකයා නියෝග කර තිබෙනවා.

ඇමෙරිකාවේ හා දකුණු කොරියාවේ ක්‍රියාකාරකම්වලින් උතුරු කොරියාව ආරක්ෂා කර ගැනීමට මෙම පියවර ගත් බවයි උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් සඳහන් කර ඇත්තේ.

මහා පරිමාණ න්‍යෂ්ටික අවි නිෂ්පාදන ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ඔහු එරට විද්‍යාඥයින්ට උපදෙස් ලබා දී ඇති බවයි උතුරු කොරියා මාධ්‍ය සඳහන් කරන්නේ.

දකුණු කොරියාව හා ඇමෙරිකාව එකව කලාපයේ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීම හා ඇමෙරිකාවේ ප්‍රහාරක යානා රැගත් නෞකාවක් එම මුහුදු කලාපයට ඇතුළු වීමත් සමඟයි කිම් ජොන්ග් උන් මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

එමෙන්ම න්‍යෂ්ටික අවි ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක දී භාවිත කිරීමට පසුබට නොවන බව ද උතුරු කොරියා නායකයා සඳහන් කරන්නේ.

The post න්‍යෂ්ටික අවි ඇතුළු යුධ උපකරණ නිෂ්පාදනය වැඩිකරන්නැයි උතුරු කොරියා නායකයාගෙන් නියෝග appeared first on ITN News.

Read More »

රටපුරා ක්‍රියාත්මක විරෝධතා හමුවේ ඊශ්‍රායල අගමැති ගත් තීරණය  

0 comments

රටපුරා ක්‍රියාත්මක විරෝධතා හමුවේ යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් පහා කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගැනීමත් සමග ක්‍රියාත්මක විරෝධතා ඉහළ ගොස් තිබෙනවා.

ඔහු යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව අදහස් පළ කළ බවයි වාර්තා වන්නේ.

ක්‍රියාත්ම කිරීමට යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණ හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.

ඊට විරෝධය පළ කරමින් එරට වෘත්තීය සමිති දැවැන්ත වැඩවර්ජනයක් ද ක්‍රියාත්මක කළා.

ගුවන් තොටුපළ, බැංකු, රෝහල් හා වෙළදසැල් ඇතුළු අංග රැසක් මෙහිදී ක්‍රියාත්මක නොවු බවයි වාර්තා වන්නේ.

 

 

The post රටපුරා ක්‍රියාත්මක විරෝධතා හමුවේ ඊශ්‍රායල අගමැති ගත් තීරණය appeared first on ITN News.

Read More »

අතුරුදන් වූ ජැක් මා චීනයේ පාසලකට පැමිණෙයි  

0 comments

පසුගිය වසර 3ක කාලය පුරා ඉතා කලාතුරකින් මාධ්‍ය හමුවේ පෙනී සිටි අලි බාබා ව්‍යාපාරයේ හිමිකරු ජැක් මා ඊයේ දිනයේ දී චීනයේ පාසලකට පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

2020 වසරේ දී චීන රජයේ මූල්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරීමෙන් අනතුරුව වසරක පමණ කාලයක් ඔහු අතුරුදන්ව සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වුවද ඉන්පසු වරින් වර ඉතා කලාතුරකින් මාධ්‍ය හරහා ඔහුව දක්නට ලැබුණා. චීනයේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන ජැක් මා චීන රජයේ බලපෑම් වලට යටත්ව සිටින බවටයි පසුගිය කාලයේ දී වාර්තා වුයේ.

එමෙන්ම පසුගිය වසරක කාලයක් පුරා ඔහු විදෙස් ගත ව සිටි බවට ද වාර්තා පළ වනවා. චීනයේ පාසලක පැවති උත්සවයකට සහභාගී වි සිටි ඔහු පාසල් අධ්‍යාපනය කෘත්‍රිම බුද්ධිය ඉදිරියේ මුහුණ දී සිටින අභියෝග සම්බන්ධයෙන් දේශනයක් ද පවත්වා තිබෙනවා.

 

 

 

The post අතුරුදන් වූ ජැක් මා චීනයේ පාසලකට පැමිණෙයි appeared first on ITN News.

Read More »

විරෝධතා මැඩ පැවැත්වීමට පසුබට නොවන බව මියන්මාර හමුදා නායකයා පවසයි  

0 comments

තම පාලනයට එරෙහිව පැන නගින විරෝධතා මැඩ පැවැත්වීමට පසුබට නොවන බව මියන්මාර හමුදා නායකයා සදහන් කරනවා.

මියන්මාරයේ වාර්ෂික හමුදා පෙළපාලිය ඊයේ පැවති අතර එයට සහභාගී වෙමිනුයි ජෙනරාල් මින් අවුන්ග් හ්ලෙන්ග් මේ බව සදහන් කර සිටියේ. 2021 වසරේ කුමන්ත්‍රණයක් මගින් මියන්මාර පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු එරට හමුදාවට විරුද්ධව රටපුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා. එහිදී උද්ඝෝෂකයින් හා හමුදාව අතර හටගත් ගැටුම්වලින් සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගොස් ඇති අතර තවත් මිලියනයකට අධික සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා.

මියන්මාරයේ ඉදිරි ගමනට බාධා කරන කිසිදු කටයුත්තක් පාලනය කිරීමට හමුදාව නොපැකිළිව කටයුතු කරන බවයි හමුදා නායකයා පවසන්නේ.

 

 

The post විරෝධතා මැඩ පැවැත්වීමට පසුබට නොවන බව මියන්මාර හමුදා නායකයා පවසයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් 6දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් 6දෙනෙකු මියගොස් තිබෙනවා.

වෙඩිතැබීම කාන්තාවක් විසින් සිදුකර ඇති අතර පොලීසිය විසින් ඇයව ද වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

 

 

The post ඇමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් 6දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ජර්මනියේ පොදු ප්‍රවාහන ජාලයේ සේවා ඇණහිටයි  

0 comments

වැඩවර්ජන හේතුවෙන් ජර්මනියේ පොදු ප්‍රවාහන ජාලය අකර්මර්ණය වී තිබෙනවා.

ජර්මනියේ විශාලතම වෘත්තීය සමිති දෙකක් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ගුවන්තොටුපළ, වරාය, දුම්රිය, බස් රථ හා උමං දුම්රිය සේවා ඇණහිට ඇතැයි වාර්තා වනවා.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක මෙම වැඩවර්ජන ක්‍රියාත්මකයි.

වසර 10කට පමණ පසු මෙවැනි වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයක්.

වැටුප් වැඩිවීමක් ඉල්ලා මෙම වැඩවර්ජනය සිදු කෙරෙනවා.

 

The post ජර්මනියේ පොදු ප්‍රවාහන ජාලයේ සේවා ඇණහිටයි appeared first on ITN News.

Read More »

මිසිසිපි ප්‍රාන්තයට තවත් දරුණු ටොනේඩෝ තත්ත්වයන් ?  

0 comments

ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයට තවත් දරුණු ටොනේඩෝ තත්ත්වයන් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

පසුගිය දා ඇති වු ටොනේඩෝ තත්ත්වයෙන් නිවාස හා දේපළ රැසකට අලාභ හානි සිදු වුණා.

එමෙන්ම පුද්ගලයන් 26 දෙනෙකුට ජීවිත අහිමි වුණා.

මිසිසිපි ආණ්ඩුකාර ටේඩ් රීව්ස් ප්‍රකාශ කලේ එම ටොනේඩෝවෙන් තමාගේ මිතුරන් කිහිපදෙනෙකුට ද ජිවිත අහිමි වු බවයි.

පුද්ගලයන් සිය ගණනක් මේ වන විට අවතැන්ව ඇති අතර බොහෝ පිරිසක් රැය පහන් කරන්නේ අවතැන් කදවුරුවල සිටයි.

කෙසේ වෙතත් ඉදිරියේ මෙවැනි තත්ත්ව ඇති විය හැකි බවයි එරට කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

පසුගිය සිකුරාදා(23) රාත්‍රියේ මිසිසිපි සහ ඇලබාමා ප්‍රදේශ හරහා හමා ගිය සුළි කුණාටු හේතුවෙන් සිය ගණනක් ජනතාව අවතැන් වී සිටින අතර ජනාධිපති ජෝ බයිඩන් මේවන විට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

The post මිසිසිපි ප්‍රාන්තයට තවත් දරුණු ටොනේඩෝ තත්ත්වයන් ? appeared first on ITN News.

Read More »

සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් අනතුරක  

0 comments

ටියුනිසියා මුහුදු කලාපයේ සිදු වූ බෝට්ටු අනතුරකින් සරණාගතයින් 29 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ටියුනිසියාවට අයත් මුහුදු කලාපයේ දී සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්වී ඇති බවයි ටියුනිසියා බලධාරීන් සඳහන් කරන්නේ.

මධ්‍යධරණි මුහුද හරහා ඔවුන් ඉතාලියට ගමන් කිරීමට උත්සහ කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

පසුගිය සතියේ දී ද එම කලාපයේ බෝට්ටු අනතුරු 5ක් සිදුව ඇති බවයි බලධාරීන් සදහන් කරන්නේ.

මේ අතර පසුගිය පැය 24 තුළ දී ඉතාලියට සරණාගතයින් 2500කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ ඇති බව වාර්තා වනවා.

The post සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් අනතුරක appeared first on ITN News.

Read More »

පාර්ලිමේන්තු ධුරය අහිමි වුවත් දේශපාලනිකව ශක්තිමත් වූ බව රාහුල් ගාන්ධි කියයි  

0 comments

අපහාස නඩුවකට වැරදිකරුවෙක්වීම හේතුවෙන් රාහුල් ගාන්ධිට පසුගියදා අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවම් නියම කළා.

මේ හේතුවෙන් රාහුල් ගාන්ධිට තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහිමි වූ අතර ඤෙද්ශපාලනය කිරීමට නුසුදුස්සෙකු ලෙස ද ලෝක් සභාව විසින් තීරණය කළා.

2019 වසරේ දී මැතිවරණ රැළියක දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම සම්බන්ධයෙන් කළ අපහාසයක් හේතුවෙනුයි ඔහු අධිකරණයේ වරදකරු බවට පත්වූයේ.

ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාහුල් ගාන්ධි පැවසුවේ මා නුසුදුස්සෙකු වුවහොත් මට වෙනසක් නැත.

තමන්ව ජීවිත කාලයටම නුසුදුස්සෙකු කරන්න. නමුත් මම නතර නොවෙමි යන්නයි.

The post පාර්ලිමේන්තු ධුරය අහිමි වුවත් දේශපාලනිකව ශක්තිමත් වූ බව රාහුල් ගාන්ධි කියයි appeared first on ITN News.

Read More »

චන්ද්‍රිකා 36ක් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කරයි  

0 comments

ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය චන්ද්‍රිකා 36ක් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කළා.

එක්සත් රාජධානියේ සමාගමකට අයත් චන්ද්‍රිකා 36ක් මෙලෙස අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

අද උදෑසන චෙන්නායි ආසන්නයේ වු ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙම චන්ද්‍රිකා රැගත් රොකට්ටුව අභ්‍යවකාශ ගත කළා.

මේ සමගම මෙම වසරේ දී ඉන්දියා අභ්‍යවකාශ ඒජන්සිය මගින් කක්ෂ ගත කිරීමට අපේක්ෂා කරන චන්ද්‍රිකා සංඛ්‍යාව 616ක් වන බවයි වාර්තා වන්නේ.

 

 

The post චන්ද්‍රිකා 36ක් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශ ගත කරයි appeared first on ITN News.

Read More »

රුසියාව ගත් අලුත්ම තීරණය  

0 comments

බෙලරුසියාවේ න්‍යෂ්ටික අවි ස්ථාන ගත කිරීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටිං විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළා.

මෙම න්‍යෂ්ටික අවි ස්ථාන ගත කිරීම ජාත්‍යන්තර න්‍යෂ්ටික අවිහරණ ගිවිසුම් උල්ලංඝණය නොකිරීමක් බව ද පුටිං පවසනවා.

බෙලරුසියාව / රුසියාවට පක්ෂ රාජ්‍යයක් වන අතර මෙම න්‍යෂ්ටික අවි ස්ථාන ගත කිරීමට එකගතාව පළ කර තිබෙනවා.

ජූලි 1 වනදා වන විට මෙම අවි ස්ථාන ගත කිරීම අවසන් කිරීමටයි රුසියාව සැලසුම් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව පවසන්නේ රුසියාව මෙලෙස න්‍යෂ්ටික අවි ස්ථාන ගත කළත් ඒවා භාවිතයට තරම් අනුවන නොවිය යුතු බවයි.

 

 

The post රුසියාව ගත් අලුත්ම තීරණය appeared first on ITN News.

Read More »

මිසිසිපි ජීවිත 26ක් බිලි ගනී  

0 comments

ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ තත්ත්වයක් හේතුවෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ටොනේඩෝ තත්ත්වය බලපා ඇත්තේ මිසිසිපි සහ ඇලබාමා ප්‍රාන්ත වලටයි.

මේ වනවිට මිසිසිපි ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ටොනේඩෝ තත්ත්වය හේතුවෙන් දේපල රැසකට ද හානි සිදුව ඇති අතර බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බවටයි සැක කෙරෙන්නේ.

ඒ අනුව අතුරුදන් වූවන් සොයා ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කර ඇත්තේ විපතට පත්වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළක් වහාම ආරම්භ කරන බවයි.

The post මිසිසිපි ජීවිත 26ක් බිලි ගනී appeared first on ITN News.

Read More »

ජෝ බයිඩන් සහ කැනඩා අගමැති අතර හමුවක්  

0 comments

එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ කැනඩා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් සිදු වුණා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතර හමුවක් කැනඩාවේ ඔන්ටාරියෝහි දී පැවැත්වුණා. මෙහිදි රාජ්‍ය නායකයන් දෙදෙනා අතර විශේෂ සාකච්ඡා කිහිපයක් සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා වුණා.

මෙහිදී රටවල් දෙක එකගවී ඇත්තේ දේශසීමා හරහා නීතිවිරෝධිව සංක්‍රමණය වීම සදහා පැමිණෙන සියලු දෙනා නැවත ආපසු හරවා යැවීමේ ප්‍රතිපත්තියකට පැමිණීමටයි. කෙසේ වෙතත් කැනඩාවත්,  ඇමෙරිකාවත් අතර දේශසීමාවේ සම්පුර්ණ දුර ප්‍රමාණය කිලෝ මීටර 5060ක් වන අතර නීති විරෝධිව සංක්‍රමණිකයන් ආපසු හරවා යැවීම අපහසු කාර්යක් වන බවයි විදෙස් විශ්ලේෂකයන් පවසන්නේ.

 

 

 

 

 

 

 

The post ජෝ බයිඩන් සහ කැනඩා අගමැති අතර හමුවක් appeared first on ITN News.

Read More »

බක්මුට් සටනේදී රුසියානු හමුදාවට දැඩි හානි සිදුව ඇති බව යුක්‍රේනය පවසයි  

0 comments

බක්මුට් සටනේදී රුසියානු හමුදාවට දැඩි හානි සිදුව ඇති බව යුක්‍රේනය පවසනවා.

පසුගිය මාස කිහිපය පුරාම නැගෙනහිර යුක්‍රේන නගරයක් වන බක්මුට් අල්ලා ගැනීමට රුසියාව දැඩි ප්‍රහාරයක් එල්ලකළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් යුක්‍රේන අණදෙන නිලධාරීවරයා පවසන්නේ බක්මුට් සටනේදී රුසියානු හමුදා භටයන් විසිදහසත් තිස් දහසත් අතර ප්‍රමාණයක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව තමන්ට බුද්ධි තොරතුරු ලැබුණු බවයි.

යුක්‍රේනය එසේ පැවසුවත් මේ වන විට බක්මුට් නගරයේ පැති තුනකින් වට කිරීමට රුසියාවට හැකිව තිබෙනවා. බක්මුට් නගරය අත්පත් කර ගැනීම යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රධාන පළාත වන ඩොන්බාස්ක් ප්‍රදේශය පාලනය සදහා රුසියාවට මහත් අස්වැසිල්ලක් වනු ඇති බව විදෙස් විශ්ලේෂකයන් පවසනවා. ්‍

 

 

 

 

The post බක්මුට් සටනේදී රුසියානු හමුදාවට දැඩි හානි සිදුව ඇති බව යුක්‍රේනය පවසයි appeared first on ITN News.

Read More »

මැතිවරණය සඳහා මුදල් නොමැති බව පාකිස්තානය පවසයි  

0 comments

මැතිවරණය සඳහා මුදල් නොමැති බව පාකිස්තානය පවසනවා.

මැතිවරණ පැවැත්වීම සඳහා තම රජයට මුදල් නොමැති බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් පවසනවා.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිඋත්තර දෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

ඉම්රාන්ඛාන් සෑම දිනකම අර්බුද නිර්මාණය කරන අතර පාකිස්තානය ඉක්මනින්ම සියලුම අර්බුදවලින් ගොඩඒමට උත්සාහ කරන බව පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.

මේ වන විට පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහන ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් පාකිස්තානය බලාපොරොත්තුවෙන් සිටින ඩොලර් බිලියන එකයි දශම එකක පළමු ණය වාරිකය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවමත් එකඟ වී නැහැ.

 

 

The post මැතිවරණය සඳහා මුදල් නොමැති බව පාකිස්තානය පවසයි appeared first on ITN News.

Read More »

ප්‍රංශයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් චාල්ස් රජුගේ ප්‍රංශ සංචාරය කල් දැමේ  

0 comments

විශ්‍රාම වැටුප් සංශෝධනවලට එරෙහිව ප්‍රංශයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් චාල්ස් රජුගේ ප්‍රංශ සංචාරය කල්දමා තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එමැනුවල් මැක්රෝන්ගේ ආරාධනාවකට අනුව බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ප්‍රංශයේ සංචාරයක නිරත වීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වුවද විරෝධතා හේතුවෙන් මෙම සංචාරය කල්දැමීමටයි තීරණය කර ඇත්තේ. විරෝධතාකරුවන් සමග ඇති වු  ගැටුම්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන් 441 දෙනෙකු ද තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ප්‍රංශය පුරා ස්ථාන 900ක පමණ ගිනි තැබීම් සහ  ප්‍රචණ්ඩකාරී ක්‍රියාද සිදුව තිබෙනවා. මේ අතර ප්‍රංශයේ බෝඩෝ නගරයේ නගර ශාලාවට ද ඔවුන් ගිනි තැබුවා.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ පැරිස් නගරයේ පමණක් උද්ඝෝෂකයන් එක්ලක්ෂ දහනව දහසක් සිටින බවයි.

විශ්‍රාම යන වයස 64 දක්වා ඉහළ දැමීමට එරෙහිවයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.

 

 

 

 

 

The post ප්‍රංශයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් චාල්ස් රජුගේ ප්‍රංශ සංචාරය කල් දැමේ appeared first on ITN News.

Read More »

ප්‍රංශයේ උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන් 457 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

විශ්‍රාම වැටුප් සංශෝධනවලට එරෙහිව ප්‍රංශයේ පැවැත්වෙන උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන් 457 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තාවනවා.

විරෝධතාකරුවන් හා ඇතිවූ ගැටුම්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන් 441 දෙනෙකු ද තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ප්‍රංශය පුරා ස්ථාන 900ක පමණ ගිනි තැබීම් සහ  ප්‍රචණ්ඩකාරී ක්‍රියාද සිදුව තිබෙනවා.

මේ අතර ප්‍රංශයේ බෝඩෝ නගරයේ නගර ශාලාවට උද්ඝෝෂණකරුවන් විසින් ඊයේ ගිනිතබා තිබෙනවා. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ පැරිස් නගරයේ පමණක් උද්ඝෝෂකයන් එක්ලක්ෂ දහනව දහසක් සිටින බවයි.

විශ්‍රාම යන වයස 64 දක්වා ඉහළ දැමීමට එරෙහිවයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ. ඒ අනුව තරුණ ප්‍රජාව උද්ඝෝෂණවල මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

ප්‍රංශය පුරා මිලියනයකට අධික ජනතාවක් වීදි බැස උද්ඝෝෂණ කරන බවයි වාර්තා වන්නේ.

 

The post ප්‍රංශයේ උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන් 457 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවදානමක්  

0 comments

ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

රාහුල් ගාන්ධි 2019 ඉන්දීය මැතිවරණයේ දී සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් අපහාස නඩුවකට වැරදිකරු වීමෙන් වසර දෙකකට සිරදඩුවම් නියම වුණා.

කෙසේ වෙතත් දින 30ක් දක්වා ඔහුට ඇප ලබා දීමට ඊයේ ඉන්දීය අධිකරණය කටයුතු කළා.

2019 වසරේ දී  ඔහු මෝඩී යන වාසගම ඇත්තේ හොරුන්ට බව ප්‍රකාශ කිරීම අපහාසයක් ලෙස සලකා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ පාර්ශවයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹීම සිදුවුණා. ඒ අනුව ඊයේ දිනයේ දී අධිකරණය තීන්දු කලේ මෙම අපහාසය සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි වැරදිකරු බවයි.

දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ 1951 මහජන නියෝජන පනත අනුව ඕනෑම වරදකට වරදකරු වී වසර දෙකකට නොඅඩු සිරදඩුවම් නියම කරන ඕනෑම අයෙකු දේශපාලනය කිරීමට නුසුදුසු බව ප්‍රකාශ වී ඇති බවයි.

මේ අනුව රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමේ අයිතිය ඔහු වරදකරු බවට තීරණය සිදුවු දිනයේ සිටම අහිමි වන බවයි සඳහන් වන්නේ.

 

The post රාහුල් ගාන්ධිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමේ අවදානමක් appeared first on ITN News.

Read More »

ප්‍රංශයේ බෝඩෝ නගරයේ නගර ශාලාවට උද්ඝෝෂණකරුවන් ගිනි තබයි  

0 comments

විශ්‍රාම වැටුප් සංශෝධනවලට එරෙහිව ප්‍රංශයේ පැවැත්වෙන උද්ඝෝෂණ මේ වන විට වර්ධනය වී ඇති බව වාර්තා වනවා.

දින කිහිපයක් පුරා උද්ඝෝෂණ පැවැත්වෙන අතර ප්‍රංශයේ බෝඩෝ නගරයේ නගර ශාලාවට උද්ඝෝෂණකරුවන් විසින් ඊයේ ගිනිතබා තිබෙනවා.

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ පැරිස් නගරයේ පමණක් උද්ඝෝෂකයන් එක්ලක්ෂ දහනව දහසක් සිටින බවයි.

විශ්‍රාම යන වයස 64 දක්වා ඉහළ දැමීමට එරෙහිවයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.

ඒ අනුව තරුණ ප්‍රජාව උද්ඝෝෂණවල මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

ප්‍රංශය පුරා මිලියනයකට අධික ජනතාවක් වීදි බැස උද්ඝෝෂණ කරන බවයි වාර්තා වන්නේ.

 

 

The post ප්‍රංශයේ බෝඩෝ නගරයේ නගර ශාලාවට උද්ඝෝෂණකරුවන් ගිනි තබයි appeared first on ITN News.

Read More »

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවම්  

0 comments

සාපරාධී අපහාස නඩුවකට වරදකරුවීම හේතුවෙන් කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවම් නියමකර තිබෙනවා.

දඩුවම ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව රාහුල් ගාන්ධිට දින 30කට ඇප ලබාදීමටයි අධිකරණය කටයුතු කර ඇත්තේ.

එම කාලය තුළදී ඔහුට අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

2019 වසරේ පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට එරෙහිව පැවරූ නඩුවක තීන්දුවයි අද දින ප්‍රකාශයට පත්කෙරුණේ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේදී රාහුල් ගාන්ධි අධිකරණයට පැමිණ සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

 

The post රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවම් appeared first on ITN News.

Read More »

පසුගිය වසරේ දී සෝමාලියාවට බලපෑ නියඟයෙන් පුද්ගලයින් 43000ක් ජීවිතක්ෂයට – UN  

0 comments

පසුගිය වසරේ දී සෝමාලියාවට බලපෑ නියඟය හේතුවෙන් පුද්ගලයින් 43000ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව ජගත් සංවිධානය පවසනවා.

පසුගිය වසරේ දී සෝමාලියාවට වර්ෂාව ලැබී නොමැති බවයි සෝමාලියා රජය සදහන් කරන්නේ.

පසුගිය වසර තුළ දී ජලය නොමැති වීම හේතුවෙන් මෙම පිරිස මිය ගොස් ඇති බවයි   සෝමාලියා රජය හා ජගත් සංවිධානය එක්ව නිතුක් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

මිය ගිය පිරිසගෙන් අඩක් පමණ වයස අවුරුදු 5ට අඩු දරුවන් බව එම වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම මෙම වසරේ මුල් මාස 6 තුළ දී තවත් මරණ 18000ත්, 34000ත් අතර සංඛ්‍යාවක් සිදුවිය හැකි බවටයි ජගත් සංවිධානය අනතුරු අගවන්නේ.

2011 වසරේ දී සෝමාලියාවට බලපෑ නියඟය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 3කට ආසන්න  සංඛ්‍යාවක් මිය ගියා.

 

The post පසුගිය වසරේ දී සෝමාලියාවට බලපෑ නියඟයෙන් පුද්ගලයින් 43000ක් ජීවිතක්ෂයට – UN appeared first on ITN News.

Read More »

ඇමෙරිකා මහ බැංකුව බැංකු පොලී අනුපාත තවදුරටත් ඉහළ දමයි  

0 comments

බැංකු පොලී අනුපාත තවදුරටත් ඉහළ දැමීමට ඇමෙරිකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

ඇමෙරිකාවේ බැංකු අර්බුධකාරී තත්ත්වයකට මුහුණදී සිටියද සියයට 0.25කින් පොලී අනුපාත ඉහළ දැමීමටයි එරට මහ බැංකුව පියවර ගෙන ඇත්තේ. එ

ය ඇමෙරිකාවේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වයට සෘජුව බලපානු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

කෙසේ වුවද ඇමෙරිකාවේ සිලිකන් වැලි හා සිග්නේචර් බැංකු කඩාවැටීම එරට ආර්ථික වර්ධනයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට මත පලවනවා.

ආර්ථික ස්ථාවරත්වය තබා ගැනීමට ලොව රටවල් රැසක මහ බැංකු පොලී අනුපාත ඉහළ දැමීමටයි පසුගිය කාලයේ දී කටයුතු කළේ.

මේ අතර යුරෝපා මහ බැංකුව ද සියයට 0.5 කින් තම පොලී අනුපාත ඉහළ දමා තිබෙනවා.

 

 

 

 

The post ඇමෙරිකා මහ බැංකුව බැංකු පොලී අනුපාත තවදුරටත් ඉහළ දමයි appeared first on ITN News.

Read More »

විනාශවූ යුක්රේනය ගොඩනැගීමට ඩොලර් බිලියන 411ක් වැය වන බව ලෝක බැංකුව කියයි  

0 comments

විනාශ වු යුක්රේනය නැවත ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන 411ක් වැයවන බව ලෝක බැංකුව පවසනවා.

ලෝක බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය තවදුරටත් පවතින බැවින් ඉදිරි වසර 10ක කාලයක් සඳහා මෙම මුදල අවශ්‍යව ඇති බවයි.

විනාශයට පත් නගරවල සුන්බුන් ඉවත් කිරීම සඳහා පමණක් ඩොලර් බිලියන 5ක් අවශ්‍යව ඇති බවට ගණන් බලා තිබෙනවා.

කෙසේ වෙතත් යුද්ධය තවදුරටත්  පැවතිය හොත් මෙම වියදම් තවත් ඉහළ යා හැකියි.

මේ වන විට යුක්රේන යුද්ධයෙන් නිවාස මිලියන 2කකට හානි සිදුව ඇති අතර ගිලන්රථ 650ක් හා රෝහල් පහෙන් එකකටම හානි සිදුව තිබෙනවා.

මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 9655ක්.

 

 

 

 

The post විනාශවූ යුක්රේනය ගොඩනැගීමට ඩොලර් බිලියන 411ක් වැය වන බව ලෝක බැංකුව කියයි appeared first on ITN News.

Read More »

2030 වනවිට ගෝලීය පිරිසිදු ජලයට ඇති ඉල්ලුම සපුරාලීමට නොහැකි වනු ඇති බවට හෙළි වෙයි  

0 comments

2030 වසර වනවිට ගෝලීය පිරිසිදු ජලයට ඇති ඉල්ලුම සපුරාලීමට නොහැකි වනු ඇති බවට නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

2030 වසර වනවිට ගෝලීය පිරිසිදු ජලය සඳහා ඇති ඉල්ලුම සැපයුමට වඩා  40% කින් පමණ ඉහළ යා හැකි බවටයි ජල ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසම සඳහන් කරන්නේ.

ජලයෙහි අයිතිය සම්බන්ධයෙන් නිර්නායකයන් නිකුත් කළ නොහැකි අතර සියලු සත්වයින්ට එය අයත් ලෙස සලකා කටයුතු කළ යුතු බවට ද එම කොමිසම සඳහන් කරනවා.

පිරිසිදු ජලය සපයා ගැනීමේ අර්බුදයන්ට මේ වනවිටත් ලොව රටවල් රැසක ජනතාව මුහුණදී සිටින බවටයි ජල ආර්ථික විද්‍යාව පිළිබඳ ගෝලීය කොමිසම නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

පසුගිය වසරේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ද පිරිසිදු ජලය අවමවීමට බලපා ඇති බවයි එහි සඳහන් වන්නේ.

එමෙන්ම ඉදිරි වසරයන්හිදී හටගන්නා ගංවතුර , නියං , කුණාටු හා තාප තරංග වැනි ස්වාභාවික ආපදා ඉදිරියේ තත්ත්වය තවත් දරුණු අතට හැරීමට ඉඩ ඇති බවට ද එම කොමිසම පවසනවා.

 

 

 

The post 2030 වනවිට ගෝලීය පිරිසිදු ජලයට ඇති ඉල්ලුම සපුරාලීමට නොහැකි වනු ඇති බවට හෙළි වෙයි appeared first on ITN News.

Read More »

බයිඩන් විශේෂ COVID-19 පනත් කෙටුම්පතකට අත්සන් තබයි   

0 comments

කොවිඩ් 19 වයිරසයේ ආරම්භය පිළිබඳව තොරතුරු වර්ගීකරණය කිරීමට අවශ්‍ය වන පනත් කෙටුම්පතකට ඇමෙරිකා ජනාධිපතිවරයා අත්සන් තබා තිබෙනවා.

කොවිඩ් 19 වයිරසයේ මූලාරම්භය පිළිබඳ හැකිතරම් තොරතුරු නිකුත් කිරීමට කොංග්‍රස් මණ්ඩලය තමා සමග සාකච්ඡා කළ බවයි බයිඩන් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු හැර වයිරසය සම්බන්ධයෙන් අදාළ තොරතුරු වර්ගීකරණය කර හෙළි කිරීමට නියමිතයි.

පනත ඇමෙරිකාවේ සෙනට් සභාව හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සම්මත වී තිබෙනවා.

2019 වසරේ අග භාගයේ දී චීනයේ වූහාන් නගරයෙන් පළමු ආසාදිතයා වාර්තා වූ දිනයේ සිට වයිරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් ඇමෙරිකාව චීනයට චෝදනා කරනවා.

වයිරසය චීනයේ රසායනාගාරයක් තුළ නිෂ්පාදනය කරන ලද්දක් බවට ද ඇමෙරිකාව චෝදනා කරනවා.

 

 

 

 

 

 

The post බයිඩන් විශේෂ COVID-19 පනත් කෙටුම්පතකට අත්සන් තබයි  appeared first on ITN News.

Read More »

මාරාන්තික කැන්ඩීඩා ඕරිස් දිලීර රෝගය ඇමෙරිකාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යයි  

0 comments

මාරාන්තික කැන්ඩීඩා ඕරිස් දිලීර රෝගය ඇමෙරිකාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව එරට රෝග පාලනය කිරීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

එම දිලීර රෝගය වර්ධනයවන තර්ජනයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

එමෙන්ම මෙම දිලීර රෝගය දැනට පවත්නා ඖෂධවලට ඔරොත්තු දීමට සමත් බවද වාර්තා වනවා.

කැන්ඩීඩා ඕරිස් නම්වන මෙම දිලීරය මීට වසර 15කට පමණ පෙරදී ජපානයෙන් ද හමුවූවා.

මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රන්ත රැසක මෙම දිලීරය පැතිරයමින් පවතින බවටයි එරට රෝග පාලන මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

එමෙන්ම 2021 වසරේ දී ඇමෙරිකාවෙන් ආසාදිතයින් 1,471 දෙනෙකු හමුවී තිබෙනවා.

 

 

 

 

The post මාරාන්තික කැන්ඩීඩා ඕරිස් දිලීර රෝගය ඇමෙරිකාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යයි appeared first on ITN News.

Read More »

ජපාන අගමැති යුක්‍රේනයේ සංචාරයක  

0 comments

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා යුක්‍රේනයේ විශේෂ සංචාරයක නිරත වනවා.

ජපාන අග්‍රාමාත්‍යවරයා යුක්රේනයේ සංනචාරයක නිරතවන බවට කිසිඳු මාධ්‍යයක් වාර්තාකර තිබුණේ නැහැ.

හදිසි සංචාරයක් ලෙස සංවිධාන කර ඇති මෙම සංචාරය චීන ජනාධිපතිවරයා රුසියාවේ සංචාරයක නිරතවන අවස්ථාවේ සිදුකිරීම විශේෂත්වයක්.

සංචාරය අතරතුරදී යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

යුක්රේනය නැවත ගොඩනැගීමට හා එරටට අවශ්‍ය මානුෂීය ආධාර අඛණ්ඩව ලබාදෙන බවටයි ජපාන අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රතිඥා දී ඇත්තේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුක්රේනයේ සංතචාරයක නිරතවන ප්‍රථම ජපාන නායකයා වන්නේ ද පුමියෝ කිෂිඩායි.

 

 

The post ජපාන අගමැති යුක්‍රේනයේ සංචාරයක appeared first on ITN News.

Read More »

යුක්‍රේනය සහ බටහිර බලවේග යුද්ධය අවසන් කිරීමට කිසිඳු සූදානමක් නැහැ  

0 comments

යුද්ධය අවසන් කිරීමට චීනය සැළසුම් කළ ද යුක්‍රේනය හා බටහිර බලවේග යුද්ධය අවසන් කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

රුසියාවේ සංචාරයක නිරත චීන ජනාධිපතිවරයා සමඟ අදහස් පළකරමින් පුටින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

චීනය ඉදිරිපත් කර ඇති සැළැස්ම අනුව යුක්‍රේනය යුද්ධය අවසන් කළ හැකි වුවද ඒ සඳහා බටහිර බලවේග උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරුණක් බවයි රුසියා ජනාධිපතිවරයා කියාසිටින්නේ.

යුද්ධය අවසන් කිරීමට සාම සාකච්ඡා පැවැත්වීමට පෙර රුසියා භට පිරිස් තම රටින් ඉවත්කර ගන්නැයි යුක්‍රේනය ඉල්ලා තිබෙනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ද එම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post යුක්‍රේනය සහ බටහිර බලවේග යුද්ධය අවසන් කිරීමට කිසිඳු සූදානමක් නැහැ appeared first on ITN News.

Read More »

ඉක්වදෝරයේ මාධ්‍ය ආයතන කිහිපයකට තැපෑලෙන් ආ බෝම්බ  

0 comments

ඉක්වදෝරයේ මාධ්‍ය ආයතන කිහිපයකට තැපෑලෙන් බෝම්බ ඒවා ඇති අතර ඉන් එකක් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අවම වශයෙන් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඉලක්ක කරගනිමින් බෝම්බ ඒවා ඇති බවටයි පැවසෙන්නේ.

පුපුරා ගිය බෝම්බය පෙන් ඩ්‍රයිව් එකකට සම්බන්ධ කර ඒවා තිබූ බවද වාර්තා කර තිබෙනවා.

ඉන් ජීවිත හානියක් සිදුව නැහැ

එරට ආයතන පහකට පමණ මෙලෙස පුපුරණ ද්‍රව්‍ය අඩංගු ලිපි යවා ඇති බවටයි වාර්තාවන්නේ.

 

The post ඉක්වදෝරයේ මාධ්‍ය ආයතන කිහිපයකට තැපෑලෙන් ආ බෝම්බ appeared first on ITN News.

Read More »

ප්‍රබල භූමිකම්පාවක් ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ ඉන්දියාව සොලවයි  

0 comments

පාකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ හට ගැනුණු රිච්ටර් මාපකයේ 6.5 ක ප්‍රබල භූ කම්පනයක් ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියට දැනුණු බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

භූ කම්පනයෙන් පාකිස්තානයේ අවම වශයෙන් පුද්ගලයින්  පස්දෙනෙකු මිය ගොස් සිය ගණනක් තුවාල ඇති බවයි මේ වන විට වාර්තා වන්නේ .

භූමිකම්පාවේ අපකේන්ද්‍රය ඇෆ්ගනිස්ථානයේ ජූර්ම් නගරයට දකුණු-ගිණිකොණ දෙසින් පකිස්ථානය සහ ටජිකිස්තානයට ආසන්නව පිහිටා ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළා.

පාකිස්තානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි  භූ කම්පනය රිච්ටර් මාපකයේ 6.8 දක්වා මඳක් ඉහළ ගොස් ඇති අතර, පසුව ඇෆ්ගනිස්ථානය සමඟ රටේ දේශසීමාවේ හින්දු කුෂ් කලාපයේ 3.7 පසු කම්පනයක් වාර්තා වී තිබෙනවා.

භූමිකම්පාව හේතුවෙන් පාකිස්තානයේ Khyber Pakhtunkhwa පළාතේ කුඩා දරුවෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලවා ගැනීමේ නිලධාරීන් පවසයි.

වයඹ පළාතේ ගලවා ගැනීමේ 1122 සේවයේ ප්‍රකාශක බිලාල් ෆයිසි අල්ට පැවසුවේ “ස්වාට් හි 10 හැවිරිදි දැරියක් සහ පහළ ඩිර් හි 24 හැවිරිදි පිරිමි ළමයෙකු ඔවුන්ගේ [පිළිබඳ] නිවාසවල බිත්ති කඩා වැටීමෙන් මිය ගියහ. ජසීරා.

ඉස්ලාමාබාද් අගනුවරට වයඹ දෙසින් කිලෝමීටර් 180ක් (සැතපුම් 112ක්) ඔබ්බෙන් වූ ස්වාත් දිස්ත්‍රික්කයේ නායයෑම් ද සිදුව තිබෙනවා.

 

The post ප්‍රබල භූමිකම්පාවක් ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය සහ ඉන්දියාව සොලවයි appeared first on ITN News.

Read More »

මෙක්සිකොවේ පිපිරීමකින් 7ක් මරුට  

0 comments

මෙක්සිකොවේ මොරෙලෝස් හි නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නීතිවිරෝධි ලෙස පුපරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවසක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බවයි

තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

The post මෙක්සිකොවේ පිපිරීමකින් 7ක් මරුට appeared first on ITN News.

Read More »

නේපාල අගමැතිට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගය පරාජයට කෙරේ  

0 comments

නේපාල අග්‍රාමාත්‍ය පුෂ්පා කමල් දහල්ට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්ව තිබෙනවා.

නේපාල රජයට එක්ව කටයුතු කළ පක්ෂ කිහිපයක් වෙන්වී යාමත් සමග අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා.

කෙසේ වුවද එම යෝජනාව පරාජයට පත් කිරීමටයි පාලක පක්ෂය කටයුතු කළේ. යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ කුඩා පක්ෂ නව කැබිනට් මණ්ඩලයට සම්බන්ධවීමට නියමිතයි.

එරට මීළග ජනාධිපතිවරයා ලෙස විපක්ෂයේ නාමයෝජනාවට අග්‍රාමාතයවරයා සහයෝගය පළකිරීම හේතුවෙනුයි රජයට සහාය පළකළ කුඩා පක්ෂ ඉන් ඉවත් වුණේ.

එලෙස නේපාල රජයට සහාය පළකරන පක්ෂයක් සන්ධානයෙන් ඉවත් වුවහොත් අග්‍රාමාත්‍යවරයාට විශ්වාසභංගයකට මුහුණදීමට සිදුවනවා.

 

 

The post නේපාල අගමැතිට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගය පරාජයට කෙරේ appeared first on ITN News.

Read More »

යුක්රේන් යුද්ධය නවත්තන චීන ජනපතිගේ යෝජනා සාකච්ඡාවට පුටින් සූදානම්  

0 comments

යුක්‍රේන යුද ගැටුම් නවතාලීම සදහා වන චීන ජනපතිගේ යෝජනා සාකච්ඡා කිරීමට තමා සූදානම් බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් සදහන් කරනවා.

චීන ජනාධිපති ක්ෂී ජින් පින්ග් මොස්කව්  අගනුවරදී හමුවූ අවස්ථාවේදී පුටින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. යුක්‍රේන යුද ගැටුම් නවතාලීමට කරුණු 12කින් සමන්විත යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටයි චීන ජනාධිපති පියවර ගෙන ඇත්තේ. එම කරුණු සාකච්ඡා කිරීමට රුසියා ජනාධිපතිවරයා පූර්ණ එකගත්වය පළකර තිබෙනවා. එකගතාවයකට පැමිණීමට තමා සූදානම් බවයි රුසියා ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින් පින් සමග පැවති සාකච්ඡා අතරතුරදී සදහන් කර ඇත්තේ.

ඇමෙරිකාව,  බ්‍රිතාන්‍ය හා යුක්‍රේනය ද යුද ගැටුම් නවතාලීමට මැදිහත්වන ලෙස චීනයෙන් ඉල්ලා සිටියා. එහි ප්‍රථිපලයක් ලෙසයි චීන ජනාධිපති ෂී ජින් පින් රුසියාවේ විශේෂ සංචාරයක නිරත වන්නේ.

 

 

 

The post යුක්රේන් යුද්ධය නවත්තන චීන ජනපතිගේ යෝජනා සාකච්ඡාවට පුටින් සූදානම් appeared first on ITN News.

Read More »

ප්‍රංශ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනා දෙකක්  

0 comments

ප්‍රංශ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනා දෙකක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වනවා.

ජනාධිපති එම්මානුවෙන් මැක්‍රෝන්ගේ යෝජිත වීශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට විරෝධය පල කරමිනුයි මෙම විශ්වාසභංග යෝජනා ගෙනඒමට සූදානම් වන්නේ. යෝජිත විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට විරෝධය පල කරමින් රට පුරා උද්ඝෝෂණය පැවැත්වෙනවා.

උද්ඝෝෂකයින් හා පොලීසිය අතර දරුණු ගැටුම් ද හටගත්තා. කෙසේ වුවද ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනා හමුවේ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ ධුරය අභියෝගයට ලක් නොවනු ඇති බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

The post ප්‍රංශ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනා දෙකක් appeared first on ITN News.

Read More »

මාලි රාජ්‍යයේ දී පැහැරගත් රතුකුරුස සේවකයින් දෙදෙනා නිදහස් කෙරේ  

0 comments

මාලි රාජ්‍යයේ දී පැහැරගත් රතුකුරුස සේවකයින් දෙදෙනා නිදහස් කර ඇති බවට වාර්තා වනවා.

සහන කටයුතුවල නිරතව සිටියදීයි රතුකුරුස සංවිධානයට සේවය ලබාදුන් ස්වෙච්ඡා සේවකයින් දෙදෙනෙකු මේ මස මුලදී පැහැරගත්තේ. ඒ මාලි රාජ්‍යයේ සටන්කාමීන් විසින්. ඔවුන් නිරුපද්‍රිතව යළි නිදහස් කර ඇති බවයි මාලිහි ජාත්‍යන්තර රතුකුරුස නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඇන්ටොයින් ග්‍රෑන්ඩ් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන්නේ. හැකි ඉක්මනින් එම සාමාජිකයින් දෙදෙනා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙත භාරකරන බව ඔහු ප්‍රකාශ කළා.

 

 

 

 

The post මාලි රාජ්‍යයේ දී පැහැරගත් රතුකුරුස සේවකයින් දෙදෙනා නිදහස් කෙරේ appeared first on ITN News.

Read More »

ජපාන අගමැති ඉන්දියාවේ සංචාරයක  

0 comments

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා දෙදින නිල සංචාරයක් සදහා ඉන්දියාවට පැමිණියා.

ජපානයේ සහ ඉන්දියාව අතර ද්වී පාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනිමට මෙය හොද අවස්ථාවක් වනවා.  මේ වන විට ඉන්දියාව ජී විස්ස සමුළුවේ ජපානය ජී 7 සමුළුවේත් සභාපතීත්වය දරණ අතර ගෝලීය වශයෙන් දෙරට අතර වැදගත් සංවාදයක් සදහා මෙම හමුවීම ඉවහල්වනු ඇති බවයි වාර්තා වන්නේ.

නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපය පිළිබද නවසැලැස්ම මෙම හමුවේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. ජාත්‍යන්තර අභියෝග විසදීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද ප්‍රකාශ කර තිබෙනවා.

 

 

 

The post ජපාන අගමැති ඉන්දියාවේ සංචාරයක appeared first on ITN News.

Read More »

ලොව පුරා දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව පහළට  

0 comments

ලොව පුරා රටවල් 229 කින් හමුවී ඇති සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටඅට කෝටි විසිපන් ලක්ෂය ඉක්මවා තිබෙනවා.

මේ වනවිට ලොව පුරා රටවලින් දෛනිකව වාර්තාවන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඉතා පහළ අගයක් ගෙන ඇති බවයි ලෝක සෞඛය සංවිධානය නිවේදනය කරන්නේ.

ඊයේ දිනයේදී හමුවී ඇත්තේ වයිරස ආසාදිතයින් 55,392කු පමණයි.  සිදුව ඇති මරණ සංඛ්‍යාව 184 ක්.

ඊයේ දිනයට හමුවී ඇති වැඩිම වයිරස ආසාදිතයින් සංඛ්‍යාව වන 12,333 වාර්තා වන්නේ රුසියාවෙන්.

එමෙන්ම වයිරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව හැටඅට ලක්ෂ දහනව දහස් අටසිය හයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

The post ලොව පුරා දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව පහළට appeared first on ITN News.

Read More »

බංග්ලාදේශයේ බස් රථ අනතුරකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

බංග්ලාදේශයේ බස් රථ අනතුරකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බංග්ලාදේශයේ මදාරිපූර් ප්‍රදේශයේයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. අධිවේගී මාර්ගය ගමන් ගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර නිසා තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති අතර 12 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවූ මදාරිපූර් ප්‍රදේශය ඩකා අගනුවරට කිලෝමීටර් 80 ක් දුරින් පිහිටා තිබෙනවා. බංග්ලාදේශ මගී සුබසාධන සංගමයට අනුව පසුගිය වසරේ එරට සිදුවූ මාර්ග අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 9,951 ක්.

 

 

 

 

 

The post බංග්ලාදේශයේ බස් රථ අනතුරකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

යුද තර්ජන මැද පුටින් මරියුපෝල්හි සංචාරයක  

0 comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුද තර්ජන මැද යුක්රේන නගරයක් වන මරියුපෝල්හි සංචාරයකට එක්වුණා.

රුසියා හමුදා අත්පත්කරගත් යුක්රේන වරාය නගරයක් වන මරියුපෝල් නගරයේ හදිසි සංචාරයකට රුසියා ජනාධිපතිවරයා මෙසේ එක්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පුටින් මෝටර් රථයක් පදවාගෙන යමින් මෙම සංචාරයට එක්වන අයුරු දැක්වෙන නිල වීඩියෝවක් ද රුසියා රජය නිකුත් කර තිබෙනවා.

ප්‍රහාර එල්ලවන අවස්ථාවේ මරියුපෝල් නගරයේ වානේ කම්හලක් තුළ අවසන් වශයෙන් යුක්රේන සෙබලුන් රැදී සිටියා.

එම කම්හල ද රුසියා ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ බවයි වාර්තා වන්නේ.

යුද ගැටුම් හේතුවෙන් විනාශයට පත්වූ මරියුපෝල් නගරය යළි ප්‍රතිසංස්කරණය කර නගරවාසීන්ගේ ප්‍රසාදය දිනා ගැනීම පුටින්ගේ මෙම සංචාරයේ අරමුණ බවට විදෙස් විශ්ලේෂකයින් අදහස් පළකර තිබෙනවා.

 

 

***අසංක රත්/14.23/ගිහාන්

 

 

The post යුද තර්ජන මැද පුටින් මරියුපෝල්හි සංචාරයක appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව සතියක් ඇතුළත දෙවන බැලැස්ටික් මිසයිලයත් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව සතියක් ඇතුළත දෙවන බැලැස්ටික් මිසයිලයත් අත්හදා බලා තිබෙනවා.

ඊයේ දිනයේ උතුරු කොරියාව සිදුකළ මෙම මිසයිල අත්හදා බැලීම ජපාන ආරක්ෂක අංශ ද මේ වනවිට තහවුරු කර තිබෙනවා. උතුරු කොරියාව පසුගිය බ්‍රහස්පතින්දා මෙම වසර තුළ අත්හදා බැලූ ප්‍රබලම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය අත්හදා බැලුවා. මෙම අත්හදා බැලූ මිසයිල හෝසොන්ග් 17 මාදිලියේ ප්‍රබල බැලැස්ටික් මිසයිල වනවා. දකුණු කොරියාව සහ එක්සත් ජනපදය දිගින් දිගටම සිදුකරන හමුදා අභ්‍යාසවලට අනතුරු ඇගවීමක් ලෙසින් උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම් දිගින් දිගටම සිදුකරන බවයි විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.

 

 

 

The post උතුරු කොරියාව සතියක් ඇතුළත දෙවන බැලැස්ටික් මිසයිලයත් අත්හදා බලයි appeared first on ITN News.

Read More »

ඉක්වදෝරයේ භූ කම්පනයෙන් මියගිය ගණන 14 දක්වා ඉහළට  

0 comments

ඉක්වදෝරයේ දකුණු වෙරළ තීරයේ හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රික්ටර් පරිමාණයේ 6.7 ක අගයක් ගත් මෙම භූ කම්පනයෙන් නගර රැසක ගොඩනැගිලි කඩාවැටී ඇති අතර, විශාල පිරිසක් එම ගොඩනැගිලි අතර සිරවී ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පොළොව අභ්‍යන්තරයේ කිලෝ මීටර 66 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.

The post ඉක්වදෝරයේ භූ කම්පනයෙන් මියගිය ගණන 14 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන අධිකරණය ගත් තීරණය  

0 comments

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව එරට අධිකරණය විසින් අවලංගු කර තිබෙනවා.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට මීට පෙර එරට අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබුණා.

කෙසේ වෙතත් දින කිහිපයක් තිස්සේ ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ඔහුගේ ආධාරකරුවන් ඉම්රාන් ඛාන් ජීවත්වන නිවස වටා රැදී සිටීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඊයේ දිනයේ දී ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අධිකරණයේ පෙනී සිටියා.

එහිදී අධිකරණය තීරණය කළේ ඉම්රාන් ඛාන්ට එරෙහිව තිබෙන දූෂණ නඩුවේ විභාගය මාර්තු 30 වනදා දක්වා කල් තැබීමටයි.

තවද අත්අඩංගුවට ගැනීම සදහා නිකුත් කළ වරෙන්තුව අවලංගු කිරීමටත් අධිකරණය කටයුතු කළා.

 

The post ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන අධිකරණය ගත් තීරණය appeared first on ITN News.

Read More »

දකුණු ඉක්වදෝරයේ භූ කම්පනයක්  

0 comments

දකුණු ඉක්වදෝරයේ ඇතිවූ භූ කම්පනයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව විදස් මාධ්‍ය සඳහන් කරනවා.

රික්ටර් පරිමාණ ඒකක 6.7ක ප්‍රබලතාවයකින් යුතු භු කම්පනය ඉක්වදෝරයේ නගර කිහිපයකට බලපෑම් එල්ල කර ඇති බවටයි වාර්තා වන්නේ

එල්ඕරෝ නගරයේ ගොඩනැගිලි රැසක් කඩාවැටී ඇති අතර මාර්ග රැසක් ද අවහිර වී ඇති බව වාර්තා වනවා.

 

The post දකුණු ඉක්වදෝරයේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

මාස 4කට පසු ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 841 ක් වාර්තා වී තිබෙනවා.

මාස හතරකට පසු ඉන්දියාවෙන් එක්දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙය බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

කේරලය මහාරාට්‍ර ප්‍රාන්තය , කර්නාටක ප්‍රාන්තය සහ ගුජරාට් ප්‍රාන්තයෙන් මෙම රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වීම සිදුව තිබෙනවා.

මේ අනුව සෞඛ්‍ය අංශ පවසන පරිදී මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව කෝටි 4.46ක් බවයි.

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ තුනක් ද වාර්තා වී තිබෙනවා.

 

 

The post මාස 4කට පසු ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

ඉම්රාන්ගේ දේශපාලන පක්ෂය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ යුතුයි  

0 comments

ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ යුතු බව පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන නවාස් ෂරීෆ්ගේ දියණිය පවසවා.

ලාහෝරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නවාස් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම්  නවාස් ෂරීෆ්  මේ බව සඳහන් කළා.

ඇය පාකිස්ථාන් මුස්ලිම් ලීගයේ උප සභාපතිවරිය ලෙස ද මේ වන විට කටයුතු කරනවා.

රට තුල මහජන සාමය බිඳවැටෙන ආකාරයෙන් කටයුතු කරමින් විදේශ මුදල් ලබාගැනීම නිසා ඉම්රාන් ඛාන් හා ඔහුගේ දේශපාලන පක්ෂය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළ යුතු බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

 

The post ඉම්රාන්ගේ දේශපාලන පක්ෂය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළ යුතුයි appeared first on ITN News.

Read More »

ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මිය යයි  

0 comments

ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන “ද වයර්” සහ “ජෝන් වික්” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මියගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 60ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රෙඩික්ගේ මරණය ගැන ප්‍රකාශයක් නිකුත් කරමින් මියා හැන්සන් පවසන්නේ ඊයේ පෙරවරුවේ දී රෙඩික් ස්වාභාවික හේතුන් මත තම ජීවිතයට සමු දුන් බවයි.

ඔහුගේ මරණයේ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් TMZ වෙබ් අඩවිය පවසන්නේ රෙඩික් ලොස් ඇන්ජලීස් හි ස්ටුඩියෝ සිටි දිස්ත්‍රික්කයේ පිහිටි ඔහුගේ නිවසේ තම අවසන් සුසුම් හෙලූ බවයි.

කෙසේ නමුත් “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වැනි දිනට දින කිහිපයකට මත්තෙන් සිය ජීවිතයට සමු දීම පිළිබඳ කලා ලෝකයේ දැඩි ශෝකයක් මතුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

The post ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මිය යයි appeared first on ITN News.

Read More »

රුසියානු ජනපති පුටින්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු  

0 comments

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති පුටින් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බවයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ.

නීතිවිරෝධීව  ළමුන්ව යුක්‍රේනයේ සිට රුසියාවට පිටුවහල් කිරීම  ඔහුට එල්ලවී ඇති එක් චෝදනාවක් වනවා.

The post රුසියානු ජනපති පුටින්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සර්පින් ක්‍රීඩාවෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවයි  

0 comments

සර්පින් ක්‍රීඩාවෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සමත්ව තිබෙනවා.

සර්පින් ක්‍රීඩාව හෙවත් දියමත ලිස්සා යාමේ ක්‍රීඩාවෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඕස්ට්‍රේලියාවේ බ්ලේක් ජොන්ස්ටන් සමත්ව තිබෙනවා.

ඒ ඔහු එකදිකට පැය 40කට වැඩි කාලයක් සර්පින් ක්‍රීඩාවේ යෙදෙමින්.

මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ජොස් එන්ස්ලින් වන අතර ඒ පැය 30යි මිනිත්තු 11ක් එකදිගට සර්පින් ක්‍රීඩාවේ යෙදෙමින්.

ඔහු මෙම ලෝක වාර්තාව පිහිටුවීම සදහා පෙළඹීමට හේතුව පුණ්‍ය කටයුතු සදහා මුදල් එකතු කිරීමයි.

මේ අනුව ඔහුගේ මෙම උත්සාහයට ප්‍රසාදය පළකරමින් ඕස්ට්‍රේලියා ඩොලර් තුන්ලක්ෂ තිස්පන්දහසක මුදලක්  පරිත්‍යාගශීලීන් විසින් ලබාදී තිබුණා.

 

The post ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙකු සර්පින් ක්‍රීඩාවෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවයි appeared first on ITN News.

Read More »

චින ජනාධිපති එළඹෙන සතියේ රුසියාවේ සංචාරයක  

0 comments

චින ජනාධිපති ෂී ජින් පින් එළඹෙන සතියේ රුසියාවේ සංචාරයකට එක්වීමට නියමිතයි.

රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ආරාධනාවකට අනුව චීන ජනාධිපතිවරයා මාර්තු 20 සිට 22 දක්වා රුසියාවේ සංචාරයකට එක්වීමට නියමිතයි. චීන ජනාධිපතිවරයාගේ සංචාරය පිළිබද චීන විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විට තහවුරු කර තිබෙනවා.

චීන ජනාධිපතිවරයා පසුගිය සතියේ තුන්වන වරටත් එරට ජනාධිපතිවරයා ලෙස  පක්ෂ අනුමැතිය ලබා පත්වූ අතර ඉන්පසු චීන ජනාධිපතිවරයා සිදු කරන විශේෂ මට්ටමේ පළමු රාජතාන්ත්‍රික සංචාරය මෙය වනවා.

 

 

The post චින ජනාධිපති එළඹෙන සතියේ රුසියාවේ සංචාරයක appeared first on ITN News.

Read More »

උ.කොරියාව ප්‍රබල මට්ටමේ බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව ප්‍රබල මට්ටමේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

උතුරු කොරියාව මේ වසරේ සිදුකළ දෙවන අන්තර් මහද්වීපික මිසයිල අත්හදා බැලීම මෙය වනවා.

උතුරු කොරියා මාධ්‍ය වාර්තා කරන්නේ මෙය මේ වසරේ අත්හදා බැලූ බලවත්ම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය බවයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙය මන්ස්ටර් මිසයිල්  එනම් රාක්ෂ මිසයිලයක් ලෙස නම් කළ හැකි බවයි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් තම දියණිය සමඟ මෙම මිසයිල අත්හදා බැලීම නරඹන ඡායාරූප උතුරු කොරියාව විසින් මේ වන විට මාධ්‍යයට නිකුත්කර තිබෙනවා.

විදෙස් විචාරකයන් පෙන්වා දෙන්නේ උතුරු කොරියාව මෙම ප්‍රබල මිසයිල අත්හදා බැලීම ජපානයට , දකුණු කොරියාවට සහ ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් ලෙස සිදුකළ බවයි.

 

 

 

The post උ.කොරියාව ප්‍රබල මට්ටමේ බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍යයේ ඇමතිවරුන්ට TikTok තහනම්  

0 comments

බ්‍රිතාන්‍යයේ ඇමතිවරුන්ට ටික් ටොක් තහනම් කර තිබෙනවා.

චීනයට අයත් සමාජ මාධ්‍ය යෙදුමක් වන ටික්ටොක් භාවිත කිරීම බ්‍රිතාන්‍ය රජයේ ඇමතිවරුන්ට තහනම් කර ඇත්තේ ආරක්ෂක හේතුන් මත බවයි  පැවසෙන්නේ.

නිල දුරකතනවල ඇති සංවේදී දත්ත චීන රජයට ප්‍රවේශවීම වැලැක්වීම එහි අරමුණයි.

කෙසේ වෙතත් පරිශීලකයන්ගේ දත්ත චීන රජයට ලබා දෙන බවට එල්ල වන චෝදනා ටික් ටොක් විසින් ප්‍රතික්ෂේප කර  ති‌බෙනවා.

ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය පැවසුවේ මෙම පියවර සත්‍ය කරුණුවලට වඩා දේශපාලන කරුණු පදනම් කරගත් ඒවා බවයි.

ටික් ටොක් ලොව පුරා බාගතකිරීම් බිලියන 3.5 ක්  පමණ වනවා

 

The post බ්‍රිතාන්‍යයේ ඇමතිවරුන්ට TikTok තහනම් appeared first on ITN News.

Read More »

ලිබියාවේ ගබඩාවකින් අතුරුදන් වූ යුරේනියම් ලෝපස් තොගය සොයා ගැනේ  

0 comments

ලිබියාවේ ගබඩාවකින් අතුරුදන් වූ බව කියන යුරේනියම් ලෝපස් තොගය නැගෙනහිර ලිබියාවේ සන්නද්ධ හමුදාව සොයාගෙන තිබෙනවා.

ටොන් දෙකහමාරක ප්‍රමාණයක් මෙසේ අස්ථාන ගත වුණා.

ලිබියාව හා චැට් රාජ්‍ය අතර පවතින ප්‍ර දේශයකදීයි මේවා සොයා ගැනුණේ.

ලෝපස් අඩංගු බැරල් 10ක් මෙසේ සොයාගෙන තිබෙනවා.

මේවා න්‍යෂ්ටික අවි සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කළ හැකියි.

එහෙත් ඒ සඳහා විවිධ ක්‍රියාකාරකම් සිදුකළ යුතු වනවා.

 

 

 

 

 

The post ලිබියාවේ ගබඩාවකින් අතුරුදන් වූ යුරේනියම් ලෝපස් තොගය සොයා ගැනේ appeared first on ITN News.

Read More »

ලොව හොඳම ගුවන්තොටුපළ  

0 comments

ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළ යළි තේරී තිබෙනවා.

ඊයේ (15) නෙදර්ලන්තයේ පැවති ස්කයිට්‍රැක්ස් ලෝක ගුවන්තොටුපළ සම්මාන උළෙලේදීයි චැංගි ගුවන්තොටුපළ ලොව හොඳම ගුවන්තොටුපළ ලෙස මෙන් ම හොඳ ම භෝජන පහසුකම් සහිත ගුවන්තොටුපළ සහ ලොව හොඳම විවේක පහසුකම් සහිත ගුවන්තොටුපළ ලෙසද සම්මාන දිනාගත්තේ.

හොඳම ගුවන්තොටුපළ විස්ස අතර දෙවන ස්ථානයට පත්වුණේ කටාර් රාජ්‍යයේ දෝහා හමාද් ගුවන්තොටුපළයි.

තුන්වන ස්ථානයට ජපානයේ ටෝකියෝ හනේදා පත්වුණා.

The post ලොව හොඳම ගුවන්තොටුපළ appeared first on ITN News.

Read More »

දහස් ගණනකට ජීවිත අහිමි කළ සිරියා යුද්ධය ආරම්භ වී වසර 12යි  

0 comments

දහස් ගණනකට ජිවීත අහිමි කළ සිරියා යුද්ධය ආරම්භ වී මේ වන විට වසර 12ක් ගත වී තිබෙනවා.

2011 වසරේ මාර්තු මස 15වන දින ආරම්භ වු සිරියා යුද්ධයෙන් අහිමිවී ඇති ජිවිත සංඛ්‍යාව හයලක්ෂ දසදහසකට අධිකයි.

පසුගිය වසර තුළ දී පමණක් යුධ ගැටුම් හේතුවෙන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවකට ජිවිත අහිමි වු බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

තවත් මිලියන 6කට ආසන්න සංඛ්‍යාවක් වෙනත් රටවලට පළා ගොස් ඇති අතර සිරියාව තුළ අවතැන්ව සිටින පිරිස මිලියන 6.9ක්.

සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ට විරෝධය පළ කරමින් ආරම්භ වු උද්ඝෝෂණත් සමඟ යුධ ගැටුම් ආරම්භ වුණා.

එහෙත් අදටත් එරට ජනාධිපති ධුරය හොබ වන්නේ ඔහුයි.

සිරියා ජනගහනයෙන් 90%ක් පමණ අන්ත දූගී බාවට පත්ව සිටින බවයි ලෝක ආහාර වැඩසටහන පවසන්නේ.

සිරියා රජය හා කැරළි කරුවන් අතර ආරම්භ වු යුධ ගැටුම් සඳහා මේ වන විට අයි එස් අයි එස් සංවිධානය , ඉරානය ,රුසියාව ,තුර්කිය හා ඇමෙරිකාව වැනි ලොව බලවත් රටවල් ද සම්බන්ධ වී සිටිනවා.

 

 

 

The post දහස් ගණනකට ජීවිත අහිමි කළ සිරියා යුද්ධය ආරම්භ වී වසර 12යි appeared first on ITN News.

Read More »

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට නොගන්නා ලෙස එරට මහාධිකරණයෙන් නියෝගයක්  

0 comments

පාකිස්තානයේ විපක්ෂ නායක ඉම්රාන් ඛාන් අද උදෑසන 10 වන තෙක් අත්අඩංගුවට නොගන්නා ලෙස එරට මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඊයේ දිනයේ දී හිටපු අග්‍රාමාත්‍ය පාකිස්තානයේ විපක්ෂ නායක ඉම්රාන් ඛාන් ලාහෝර් නුවර පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සහ කළා.

කෙසේ වුවද ඔහුගේ පාක්ෂිකයින් පළ කළ විරෝධය හමුවේ එම උත්සහය අතහැර දැමීමටයි පොලිසියට සිදු වුණේ.

විරෝධතාකරුවන් හා පොලිසිය අතර දරුණු ගැටුම් හටගත් අතර ජල හා කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කෙරුණා.

කෙසේ වුවද ඊයේ සන්ධ්‍යා භාගයේ දී නිවේදනයක් නිකුත් කරමින් ඉම්රාන් ඛාන් සඳහන් කළේ ලබන 18 වනදා තමා අධිකරණය ඉදිරියේ පෙනී සිටින බවයි.

 

 

 

 

The post ඉම්රාන් ඛාන් අත්අඩංගුවට නොගන්නා ලෙස එරට මහාධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව තවත් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

ඒ තීරණාත්මක දකුණු කොරියා ජපාන නායකයන්ගේ හමුවීමට පැය කිහිපයකට පෙරයි.

උතුරු කොරියාව මෙම දිගු දුර මිසයිලය අද උදෑසන අත්හදා බලා ඇති බව  දකුණු කොරියා බලධාරීන් තහවුරු කළා.

එය කිලෝ මීටර දහසක් පමණ පියාසර කර ජපානයට බටහිර දෙසින් වු මුහුදට පතිතවී තිබෙනවා.

එමෙන්ම උතුරු කොරියාව පසුගිය සතියේ ද කෙටි දුර මිසයිල කිහිපයක් අත්හදා බැලුවා.

මේ වන විට දකුණු කොරියාව හා ඇමෙරිකාව එක්ව කොරියා අර්ධද්වීපය ආසන්නයේ නාවික අභ්‍යාසයක් ද සිදු කරනවා.

 

 

 

The post උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

Read More »

ආර්ජන්ටිනාවේ උද්ධමනය 100% ඉක්මවයි  

0 comments

ආර්ජන්ටිනාවේ උද්ධමනය 100% ඉක්මවා තිබෙනවා.

90 දශකයේ මුල් භාගයට පසු ආර්ජන්ටිනාවේ උද්ධමනය 100% ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

පසුගිය පෙබරවාරි මාසයේ දී එරට උද්ධමනය සටහන් වන්නේ 1.25%ක් ලෙසයි.

ඒ සමඟම 2022 වසරට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩවල මිල දෙගුණයකටත් වඩා වැඩි අගයකින් ඉහළ යා හැකි බවයි විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ.

එරට ජනගහනයෙන් බහුතර පිරිසක් දුගී භාවයට පත්ව සිටින අතර වසර ගණනක් තිස්සේ දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා.

ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කිරීමට රජය උත්සාහ කළ ද අඛණ්ඩව එම භාණ්ඩවල මිල ඉහළ යන ආකාරය දැකිය හැකියි.

 

 

 

The post ආර්ජන්ටිනාවේ උද්ධමනය 100% ඉක්මවයි appeared first on ITN News.

Read More »

මලාවි රාජ්‍යයේ ප්‍රෙඩී සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 200 ඉක්මවයි  

0 comments

මලාවි රාජ්‍යයට බලපා ඇති ප්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 200 ඉක්මවා තිබෙනවා.

මියගිය පිරිස අතරින් 40 දෙනෙකු පමණ කුඩා දරුවන් බවයි වාර්තා වන්නේ.

බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගංවතුර හසුවීමෙන්.

විසිදහසකට අධික පිරිසක් සහන කඳවුරු වෙත යොමුකර තිබෙනවා.

දකුණු අප්‍රිකා කලාපයට මාසයක් තුළ බලපෑ දෙවෙනි සුළි කුණාටුව ලෙස ප්‍රෙඩී සුළි කුණාටුව හැඳින්විය හැකියි.

සුළි කුණාටුවත් සමඟ හටගත් අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හටගත්තා.

ඒ සමඟම කොලරා වසංගතය ද පැතිරයාමේ අවදානමක් පවතින බවයි සහන කණ්ඩායම් අනතුරු අඟවන්නේ.

මලාවි රාජ්‍යයේ දිස්ත්‍රික්ක 10කට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

 

 

The post මලාවි රාජ්‍යයේ ප්‍රෙඩී සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 200 ඉක්මවයි appeared first on ITN News.

Read More »

බාලි සංචාරකයින්ට යතුරුපැදි ධාවනය තහනම් කිරීමට ඉන්දුනීසියාව සැරසෙයි  

0 comments

බාලි දූපතට පැමිණෙන විදෙස් සංචාරකයින්ට යතුරුපැදි ධාවනය කිරීම තහනම් කිරීමට ඉන්දුනීසියාව සූදානම් වනවා.

විදෙස් සංචාරකයින් යතුරුපැදි භාවිතයේ දී මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දුනීසියා රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

විදේශිකයින් බාලි දූපත තුළ යතුරු පැදි ධාවනයේ දී උඩුකය නිරුවත්ව සිටීම , හිස් ආවරණ නොපැලදීම හා යතුරුපැදි ධාවනයට බලපත්‍ර නොතිබීම වැනි කාරණා එයට බලපා තිබෙනවා.

පසුගිය සති කිහිපය තුළදී පමණක් විදේශීය සංචාරකයින් මාර්ග නීති උල්ලංඝනය කිරීම් 171 ක් වාර්තා වී ඇති බවයි බාලි පොලීසිය පවසන්නේ.

කෙසේ වුවද ප්‍රවාහන පහසුකම් සපයන ආයතන ලබාදෙන මෝටර් රථ ධාවනය කිරීමට විදේශීය සංචාරකයින්ට තහනමක් පනවා නැහැ.

 

 

 

 

The post බාලි සංචාරකයින්ට යතුරුපැදි ධාවනය තහනම් කිරීමට ඉන්දුනීසියාව සැරසෙයි appeared first on ITN News.

Read More »

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහුගේ පාක්ෂිකයින් හා පොලීසිය අතර දරුණු ගැටුම්  

0 comments

පාකිස්තානයේ විපක්ෂ නායක ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහුගේ පාක්ෂිකයින් හා පොලීසිය අතර දරුණු ගැටුම් හටගෙන තිබෙනවා.

පාකිස්තාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන් ලාහෝර් නුවර පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේ දීයි පොලීසිය හා ඉම්රාන් ඛාන්ගේ පාක්ෂිකයින් අතර ගැටුම් හටගෙන ඇත්තේ.

තත්ත්වය පාලනය කිරීමට කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විරෝධතාකරුවන් ආරක්ෂක අංශයන්ට පහරදුන් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඔහුගේ පාලන කාලය තුළදී රජයට අයත් දේපල විකුණා ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.

කෙසේ වුවද එම සියලු චෝදනා දේශපාලනික උවමනාවන් මත ගොඩනැගූ ඒවා බව ඉම්රාන් ඛාන් සඳහන් කරනවා.

එමෙන්ම තමා සිරගතවීම සඳහා සූදානම් බවත් එය කෙතරම් කාලයක් සඳහා ද යන්න පමණක් නොදන්නා බවත් බීබීසී පුවත්සේවය සමඟ ඉම්රාන් ඛාන් පවසා තිබෙනවා.

තවද තමා සිරගත කිරීම හෝ ඝාතනය කිරීම රජයේ එකම අරමුණ බවයි ඔහු චෝදනා කරන්නේ.

 

 

 

The post ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහුගේ පාක්ෂිකයින් හා පොලීසිය අතර දරුණු ගැටුම් appeared first on ITN News.

Read More »

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් ඇමෙරිකා ඩ්‍රෝන යානයක ගැටෙයි  

0 comments

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් ඇමෙරිකා ඩ්‍රෝන යානයක ගැටී තිබෙනවා.

ඩ්‍රෝන යානය කලු මුහුදට කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ රුසියාව අතර පවතින ගැටුම තවදුරටත් උත්සන්න කරනු ඇතැයි වාර්තා වනවා.

ඩ්‍රෝන යානය ජාත්‍යන්තර ගුවන් සීමාවේ සාමාන්‍ය මෙහෙයුමක යෙදී සිටි බව සඳහන්.

රුසියානු ජෙට් යානා දෙකක් ඒ අතරින් ගමන් කිරීමේ දී ඩ්‍රෝන යානය අස්ථාවර වී කඩාවැටී තිබෙනවා.

එම් කියු 9 රීපර් වර්ගයේ ඩ්‍රෝන යානය එහි ට්‍රාන්ස් ෆොන්ඩර් උපකරණ ක්‍රියා විරහිත කර පියාසර කර ඇති බවයි රුසියා ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ.

ට්‍රාන්ස් ෆොන්ඩර් යනු ගුවන් යානයක් නිරීක්ෂණය කිරීමට ඉඩ සලසන සන්නිවේදන උපාංගයයි.

 

 

 

 

The post රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් ඇමෙරිකා ඩ්‍රෝන යානයක ගැටෙයි appeared first on ITN News.

Read More »

සංචාරකයන් සඳහා චීන දේශ සීමා සම්පුර්ණයෙන් විවෘත කිරීම හෙට  

0 comments

කොවිඩ් වසංගතයෙන් පසු චීනය සංචාරකයන් සඳහා සිය දේශ සීමා සම්පුර්ණයෙන් විවෘත කිරීම හෙට සිට සිදු කිරීමට නියමිතයි.

වසර 3කට පසුව චීනය සිය දේශ සීමා මෙසේ විවෘත කිරීමට සුදානමින් සිටිනවා.

ඒ අනුව හෙට සිට සියලුම ආකාරයේ වීසා බලපත්‍ර නිකුත් කිරීමට ඉඩ ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් ලෙසයි චීනය දේශ සීමා වසා දැමීමට කටයුතු කලේ. කෙසේ වෙතත් ඇතැම් රටවල් සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් කඩිනමින් සංචාරක සීමා ඉවත් කිරීමට කටයුතු කළා.

එහෙත් චීන දළ දේශීය නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන්නේ 0.9%ක දායකත්වයක් පමණයි.

මේ නිසා රට විවෘත කිරීම පිළිබද චීනයේ වැඩි උනන්දුවක් ඇතිව තිබුණේ නැහැ.

 

 

 

The post සංචාරකයන් සඳහා චීන දේශ සීමා සම්පුර්ණයෙන් විවෘත කිරීම හෙට appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියාව – ඇමෙරිකාව – බ්‍රිතාන්‍යය න්‍යෂ්ටික සබ්මැරීන සැලසුම් එළිදක්වයි  

0 comments

ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය සිය න්‍යෂ්ටික සබ්මැරීන සැලසුම් අද එළිදැක්වුවා. ඒ රටවල් තුනේ නායකයන්ගේ සහභාගීත්වයෙන්.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක් ඒකාබද්ධව ප්‍රකාශක් සිදු කරමින් මෙය එළිදැක්වුවා.

කලාපීයව චීනයෙන් එල්ල වන අභියෝග හමුවේයි මෙම න්‍යෂ්ටික සබ්මැරීන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ. ඒ යටතේ ඇතිකර ගත් ඕකස් ගිවිසුමට අනුව ඕස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන තුනක් මිල දී ගනු ඇති.

වසර 2030 පමණ වන විට මෙය ක්‍රියාත්මක වනු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ පිළිබද අදහස් පළ කරමින් චීනය පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම ලෝක න්‍යෂ්ටික අවි හරණ ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බවයි ඕස්ට්‍රේලියාව තම වගකීම් නොසලකා හරින බවට ඔවුන් චෝදනා කරනවා.

The post ඕස්ට්‍රේලියාව – ඇමෙරිකාව – බ්‍රිතාන්‍යය න්‍යෂ්ටික සබ්මැරීන සැලසුම් එළිදක්වයි appeared first on ITN News.

Read More »

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්  

0 comments

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉදිරි පැය 24 තුළ අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව එරට වාර්තා සදහන් කරනවා.

ඉම්රාන් ඛාන් ජිවත්වන සමාන් පාක් ප්‍රදේශයට ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය පැමිණෙනු ඇති බවයි ජීයෝ පුවත් සේවය වාර්තා කරන්නේ. පසුගිය දා පැවති රැළියක දී මහේස්ත්‍රාත්වරියක වන සෙබා චෞද්‍රි හා පොලිස් නිළධාරීන්ට තර්ජනය කිරීම හේතුවෙනුයි ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ. ඒ සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට එරෙහිව නඩුවක් ද පවරා තිබෙනවා.

ඇප දිය නොහැකි වරේන්තුවක් ඔහුට නිකුත් කර ඇති බව පාකිස්තාන වාර්තා සදහන් කළා. කෙසේ වෙතත් එළඹෙන මැතිවරණයට ඔහු ඉදිරිපත් වීම වළක්වාලමින් මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදු කෙරෙන බවටයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

 

The post ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් appeared first on ITN News.

Read More »

චීන ජනපති රුසියාවේ සංචාරයකට සූදානම්  

0 comments

චීන ජනාධිපති ෂී ජින් පින් ඉදිරි සතියේ දී රුසියාවේ විශේෂ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ලබන සතියේ දී චීන ජනාධිපතිවරයා රුසියාවේ සිදුකිරීමට නියමිත සංචාරය අතරතුරදී රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග කලාපීය සහයෝගීතාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම යුක්රේන යුද ගැටුම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බවටයි විශ්ලේෂකයින් අනාවැකි පළකරන්නේ. පසුගිය මාසයේදී ද චීන විදේශකටයුතු අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරියෙකු රුසියාවේ සංචාරයක නිරත වූ අතර ජනාධිපති පුටින් සමග සාකච්ඡාවක් ද පැවැත්වූවා.

චීන ජනාධිපතිවරයා රුසියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව මීට පෙර දැනුම්දී තිබුණ ද දින වකවානු ප්‍රකාශයට පත්කර තිබුණේ නැහැ.

 

 

 

 

The post චීන ජනපති රුසියාවේ සංචාරයකට සූදානම් appeared first on ITN News.

Read More »

සුළි කුණාටුවකින් මලාවි රාජ්‍යයේ සියයකට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට  

0 comments

මොසැම්බික් හා මලාවි යන රාජ්‍යන්ට බලපා ඇති ප්‍රෙඩි සුළි කුණාටුවෙන් සියයකට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රෙඩි සුළි කුණාටුව හේතුවෙන් තවත් පුද්ගලයින් සියය ගණනක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. දකුණු අප්‍රිකා කලාපයට මාසයක් තුළ දී බලපැ දෙවනි සුළි කුණාටුව මෙයයි. දකුණු අර්ධ ගෝලයට බලපැ දරුණුතම සුළි කුණාටුව ප්‍රෙඩී සුළි කුණාටුව ලෙස ලෝක කාලගුණ සංවිධානය නිවේදනය කරනවා. එමෙන්ම දීර්ඝතම කාලයක් බලපැ හැකි සුළි කුණාටුව ද මෙය විය හැකි බවටයි ඔවුන් අනාවැකි පළ කරන්නේ.

සුළි කුණාටුව හේතුවෙන් නිවාස රැසක් සම්පුර්ණයෙන්ම විනාශයට පත් වී ඇති අතර දරුණු ගංවතුර තත්ත්වයක් ද හට ගත්තා.

 

 

 

 

The post සුළි කුණාටුවකින් මලාවි රාජ්‍යයේ සියයකට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට appeared first on ITN News.

Read More »

බක්හ්මත් ප්‍රදේශයේ යුද ගැටුම්වලින් රුසියා – යුක්රේන දෙපාර්ශ්වයටම දැඩි හානි  

0 comments

යුක්රේනයේ බක්හ්මත් ප්‍රදේශයේ ඇතිව තිබෙන යුද ගැටුම්වලින් රුසියා යුක්රේන දෙපාර්ශ්වයටම දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාස ගණනක සිට බක්හ්මත් නගරය අත්පත් කර ගැනීම සදහා රුසියාව උත්සාහ කරන අතර මේ වනවිට ප්‍රදේශයේ ගැටුම් උග්‍ර අතට හැරී තිබෙනවා. රුසියා සෙබලුන් 1,100කට අධික සංඛ්‍යාවක් ඝාතනය කළ බවයි යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි සදහන් කරන්නේ. තවත් සිය ගණනක පිරිසක් තුවාල ලබා ඇති බවද ඔහු පවසනවා. පසුගිය පැය 24 තුළදී පමණක් යුක්රේන සෙබලුන් 220 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රුසියා ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ. කෙසේ වුවද මෙම දත්තයන් තහවුරු කළ නොහැකි බව බීබීසී පුවත් සේවය සදහන් කරනවා.

බක්හ්මත් නගරය අත්පත් කර ගැනීම හරහා ඩොනෙට්ස්ක් ප්‍රාන්තයේ සම්පූර්ණ බලය හිමිකර ගැනීම රුසියාවේ අරමුණයි.

 

 

 

 

 

The post බක්හ්මත් ප්‍රදේශයේ යුද ගැටුම්වලින් රුසියා – යුක්රේන දෙපාර්ශ්වයටම දැඩි හානි appeared first on ITN News.

Read More »

ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ අය  

0 comments

ලොව චිත්‍රපට කර්මාන්තයේ ස්වර්ණමය අභිෂේක මංගල්‍ය වන ඔස්කා සම්මාන උළෙල 95 වන වරටත් අද පැවැත්වුණා.

දකුණු ආසියාවට අභිමානයක් එක්කරමින් හොදම චිත්‍රපට ගීතය සදහා වන ඔස්කා සම්මානය ඉන්දියාවේ නිෂ්පාදනය කළ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු ගීතය හිමිකර ගත්තා.

2022 වසරේ ඉන්දියාවේ නිෂ්පාදනය කළ ආර් ආර් ආර් තෙලිගු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ එස් එස් රාජමෞලියි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක රාමා රාවෝ හා රාම් චරන්ගේ රංගනයෙන් විචිත්‍රවත් වී තිබෙනවා.

අජේ දේව්ගන් / ආලියා බාත් ඇතුළු බොලිවුඩ් / කොලිවුඩ්/ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ රංගන දායකත්වය මෙම චිත්‍රපටයට හිමියි.

ආර් ආර් ආර් චිත්‍රපටය ඔස්කා සම්මාන උළෙලේ හොඳම ජාත්‍යන්තර චිත්‍රපටයට නිර්දේශ වූ පළමු ඉන්දිය වෘතාන්ත චිත්‍රපටය ද වනවා.

95 වන ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිවූයේ Everything Everywhere all at once චිත්‍රපටයටයි.

සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය The whale චිත්‍රපටයේ රංගන දායකත්වය වෙනුවෙන් බ්‍රෙන්ඩන් ප්‍රේසර් හිමිකර ගත්තා.

Everything Everywhere all at once චිත්‍රපටය 95 වන ඔස්කා සම්මාන උළෙලේ දී සම්මාන රැසක් හිමිකරගත් අතර හොඳම නිලියට හිමි සම්මානය ද එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මිචෙල් යෝහ්ට හිමිවුණා.

හොඳම සහාය නළුවාට හා සහාය නිලියට හිමි සම්මාන ද එම චිත්‍රපටයේ රගපෑ කී හේ ක්වෑන්ට හා ජේමි ලී කර්ටිස් හිමිකර ගත්තා.

හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය හිමිකර ගත්තේ Everything Everywhere all at once චිත්‍රපටය අධ්‍යක්ෂණ්‍ය කළ ඩැනියෙල් ක්වාන් හා ඩැනියෙල් ෂයිනර්ට්.

එම චිත්‍රපටය හිමිකරගත් ඔස්කා සම්මාන ගණන 7ක්.

All quiet on the western front චිත්‍රපටය හොදම ජාත්‍යන්තර චිත්‍රපටයට හිමි සම්මානය ඇතුළු ඔස්කා සම්මාන 4ක් හිමිකර ගත්තා.

එමෙන්ම The whale චිත්‍රපටය හිමිකරගත් ඔස්කා සම්මාන ගණන දෙකක්.

95 වන ඔස්කා සම්මාන උළෙල ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි චිත්‍රාගාරයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා.

The post ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ අය appeared first on ITN News.

Read More »

ඔස්කාර් සම්මාන උළෙල ඇරඹේ  

0 comments

95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ දී අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වී තිබෙනවා.

හොඳම සහාය නිළියට හිමි සම්මානය ප්‍රථම වරට නිර්දේශ වූ ඇමරිකානු ජාතික ජේමි ලී කර්ටිස් විසින් හිමිකරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම හොඳම සහාය නළුවාට හිමි සම්මානය කෙ හුයි ක්වාන් විසින් දිනාගත්තා.

මේ අතර වසර 62 පසු සම්මාන උළෙලේ රතු පළස මෙවර ෂැම්පේන් පැහැය ගෙන තිබීම විශේෂත්වයක්.

තෙළිඟු බසින් තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වන ආර්.ආර්.ආර් හි නාටු නාටු ගීතය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීත අතරට නිර්දේශ වී තිබෙනවා.

ඉන්දීය චිත්‍රපට ගීතයක් එලෙස ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ වූයේ වසර 14කට පසුවයි.

The post ඔස්කාර් සම්මාන උළෙල ඇරඹේ appeared first on ITN News.

Read More »

ඔස්කාර් සම්මාන උළෙල හෙට  

0 comments

ඔස්කාර් සිනමා උළෙල හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි.

95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල හෙට ඇමෙරිකාවේ ලොසැන්ඇන්ජලීස් හිදී පැවැත්වෙනවා.

මේ අතර මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන ඉදිරිපත් කිරීම ජීමි කිමෙල් විසින් සිදු කරනවා.

ඔස්කාර් සම්මාන උළෙලේ දී ලොව තිරගත වු විශිෂ්ඨ සිනමා නිර්මාණයන් , ගීතයන් හා නළු නිළියන් , නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරුන් වෙත සම්මාන පුදනු ලබනවා.

මෙවර සම්මාන උළෙලේ විශේෂත්වයක් වන්නේ ඉන්දීය තෙළිගු සිනමාවේ චිත්‍රපටයක් වන ආර් ආර් ආර් චිත්‍රපටයේ ප්‍රධාන ගීතය වන නාටු නාටු ගීතය හොඳම ගීතය ලෙස නිර්දේශ වී තිබිමයි.

මීට පෙර ඉන්දියානු නිර්මාණ 13ක් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී ඇති අතර එයින් නිර්මාණ 8ක් ම සම්මාන ලැබ තිබෙනවා.

අවසන් වරට ඉන්දීය චිත්‍රපටයක් ඔස්කාර් සම්මානයෙන් පුද ලැබුවේ 2008 වසරේදී වනවා.

ඒ ස්ලැම්ඩොග් මිලියන චිත්‍රපටයයි.

 

 

 

 

The post ඔස්කාර් සම්මාන උළෙල හෙට appeared first on ITN News.

Read More »

ඉතාලි මුහුදු සීමාවේ අතරමංව සිටි අනවසර සංක්‍රමණිකයින් පිරිසක් බේරා ගැනේ  

0 comments

ඉතාලි මුහුදු සීමාවේ අනතුරට පත්ව සිටි අනවසර සංක්‍රමණිකයන් දහසට වැඩි පිරිසක් බේරා ගැනීමට හැකිව තිබෙනවා.

ඉතාලි මුහුදු සීමාවේ යාත්‍රා කිහිපයක අතරමංව සිටි දහසකට වැඩි පිරිසක් බේරා ගැනීමට ඉතාලි වෙරළ ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

ප්‍රථමයෙන් 487 දෙනෙක් සිටි බෝට්ටුවක් බේරා ගැනීමට හැකිව ඇති අතර ඔවුන් ඉතාලියේ ප්‍රෝටොන් වරාය වෙත රැගෙන ගොස් තිබෙනවා.

තවත් 500 දෙනෙක් පමණ සිටි යාත්‍රාවක් ඉතාලි කැලැබ්බ්‍රියා වරාය වෙත ද 379 දෙනෙක් සිටි යාත්‍රාවක් සිසිලි තොටුපළ වෙත ද රැගෙන ගොස් තිබෙනවා.

අනවසර සංක්‍රමන වැළැක්වීම සදහා ඉතාලිය මෙහෙයුම් දැඩි කර ඇති අතර තවත් කුඩා බෝට්ටු 20කින් පැමිණි පිරිස් අත්අඩංගුවට ගැනීමට ඊයේ දිනයේ දී හැකිව තිබෙනවා.

 

 

 

The post ඉතාලි මුහුදු සීමාවේ අතරමංව සිටි අනවසර සංක්‍රමණිකයින් පිරිසක් බේරා ගැනේ appeared first on ITN News.

Read More »

අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඊශ්‍රායලය පුරා දසවන සතියටත් උද්ඝෝෂණ  

0 comments

ඊශ්‍රායලය එරට ඉතිහාසයේ විශාලතම උද්ඝෝෂණ මාලාවට මුහුණ දෙමින් සිටිනවා.

බෙන්ජමින් නෙත්යාහුගේ රජය සිදු කිරීමට බලාපොරොත්තු වන අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහි ඊශ්‍රායලය පුරා දසවන සතියටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඊශ්‍රායල අගනුවර වන ටෙල්අවිව් හි උද්ඝෝෂණවලට සහභාගීවන පිරිස ලක්ෂ දෙක ඉක්මවා ඇති බවයි.

විවිධ නගරවල ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් උද්ඝෝෂණ වල නියැලෙන බවයි ඊශ්‍රායල වාර්තා වල දැක්වෙන්නේ.

ඊශ්‍රායල රජය සිදු කිරීමට නියමිත අධිකරණ ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙත්යාහුට ඒකාධිපති බලයක් හිමිවන බවටයි ජනතාව චෝදනා නගන්නේ.    

 

 

 

The post අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව ඊශ්‍රායලය පුරා දසවන සතියටත් උද්ඝෝෂණ appeared first on ITN News.

Read More »

චීනයට නව අග්‍රාමාත්‍යවරයෙක්  

0 comments

චීන අග්‍රාමාත්‍යරයා ලෙස ලී කියෑන්ග් තෝරාපත් කරගෙන තිබෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පින් විසින් චීනයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කරන ලද ලී කියෑන්ග් පාර්ලිමේන්තුව විසින් නිල වශයෙන් තෝරාපත්කර ගෙන තිබෙනවා. මහජන කොංග්‍රසයේ ඡන්ද 2936 ක් ඔහුට පක්ෂව ලබාගනිමින් ඔහු මෙම තනතුරට පත් වුණා. ලී කියෑන්ග්  චීනයේ විශාලතම නගරය වන ෂැංග්හයි නගරයේ හිටපු කොමියුනිස්ට් පක්ෂ නායකයායි.

 

 

The post චීනයට නව අග්‍රාමාත්‍යවරයෙක් appeared first on ITN News.

Read More »

අනවසර සංක්‍රමණ වැලැක්වීමට බ්‍රිතාන්‍යයෙන් ප්‍රංශයට පවුම් මිලියන 500ක්  

0 comments

අනවසර සංක්‍රමණ වැලැක්වීමට බ්‍රිතාන්‍යයෙන් ප්‍රංශයට පවුම් මිලියන 500ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

කුඩා බෝට්ටු මගින් ප්‍රංශයට නීති විරෝධීව සංක්‍රමණය වන අනවසර සංක්‍රමණිකයන් වැලැක්වීමටයි මෙම මුදල ලබාදීමට තීරණය වී ඇත්තේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය  රිෂී සුනක් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙනු මැක්‍රෝන් අතර හමුවක් ප්‍රංශයේදී ඊයේ පැවැත්වුණා.

මේ අනුව අනවසර සංක්‍රමණිකයන් වැලැක්වීම සදහා විශේෂ කාර්යාංශයක් පිහිටුවා නිලධාරීන් 500ක් පත් කිරිමට මෙම පවුම් මිලියන 500 වෙන්කෙරෙනවා.

සාමාන්‍යයෙන් වසරකට ප්‍රංශයට කුඩා බෝට්ටු 500 ක් පමණ අනවසර සංක්‍රමණිකයන් රැගෙන පැමිණෙන අතර නමුත් පසුගිය වසරේ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබුණේ බෝට්ටු 30 ක පැමිණි පිරිස් පමණයි.

 

 

The post අනවසර සංක්‍රමණ වැලැක්වීමට බ්‍රිතාන්‍යයෙන් ප්‍රංශයට පවුම් මිලියන 500ක් appeared first on ITN News.

Read More »

යුක්රේනයේ නගර කිහිපයක් බලශක්ති අර්බුදයකට මුහුණපායි  

0 comments

රුසියා ප්‍රහාර නිසා යුක්රේනයේ නගර කිහිපයක් බලශක්ති අර්බුදයට මුහුණපා තිබෙනවා.

රුසියාව සති තුනක යුද නිහැඩියාව අවසන් කරමින්  යුක්රේනයේ නගර කිහිපයකට පෙරේදා සිට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

ගත වූ පැය කිහිපය පුරා මිසයිල ප්‍රහාර 81 ක් යුක්රේනයට එල්ල කිරීමට රුසියා හමුදා කටයුතු කර තිබෙනවා.

මේ හේතුවෙන් යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කර්කියු හි විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වනවා.

විදුලිය අහිමිවීමෙන් පීඩාවට පත්  වූ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

යුක්රේනයට බලපා තිබෙන ශීත කාලගුණයත් සමග විදුලිය විසන්ධිවීම නිසා නිවාස හා ගොඩනැගිලි උණුසුම් කිරීමට නොහැකිවීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවන්ට පත්ව සිටිනවා.

 

 

 

 

The post යුක්රේනයේ නගර කිහිපයක් බලශක්ති අර්බුදයකට මුහුණපායි appeared first on ITN News.

Read More »

හොංකොං උණෙන් ඉන්දියාවේ ප්‍රථම වරට දෙදෙනෙකු මිය යයි  

0 comments

ඉන්ෆුවෙන්සා එච් ත්‍රී එන් ටූ වයිරසය ලෙසින් හැදින්වෙන හොංකොං උණෙන් ප්‍රථම වරට ඉන්දියාවේ පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

හර්යානා ප්‍රාන්තයේ සහ කර්නාටක ප්‍රාන්තයේයි මෙලෙස හොංකොං උණෙන් දෙදෙනෙකු මියගොස් තිබෙන්නේ.

ඉන්ෆුවෙන්සා එච් ත්‍රී එන් ටු වයිරසය ආසාදනය වූ අනූ දෙනෙකු ඉන්දියාව පුරා හඳුනාගෙන ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වයිරසය වැළඳුනු අයගේ ලක්ෂණ බොහෝ ලෙසට කොරෝනා රෝගයේ ලක්ෂණවලට සමාන බවයි වෛද්‍යවරුන් සඳහන් කරන්නේ.

 

The post හොංකොං උණෙන් ඉන්දියාවේ ප්‍රථම වරට දෙදෙනෙකු මිය යයි appeared first on ITN News.

Read More »

රුසියාවෙන් යුක්රේනයට හයිපර් සොනික් මිසයිල ප්‍රහාරයක්   

0 comments

රුසියාව යුක්රේනයට හයිපර් සොනික් මිසයිල ප්‍රහාරයක්  එල්ල කර තිබෙනවා.

මේ හේතුවෙන් 09 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

හයිපර් සොනික් මිසයිල ප්‍රහාර එල්ල කිරීම ගුවනේදී ප්‍රහාර යාවා මගින් සිදු කළ හැකි අතර එම මිසයිලවල වේගය පැයට කිලෝමීර් 12350 ඉක්මවනවා.

පසුගිය දින කිහිපය පුරාම රුසියාව යුක්රේනයට අධිබලැති ආයුධ යොදාගෙන පහරදීම සිදු කළා.

මේ අතර දුලබව භාවිතා වන හයිපර් සොනික් මිසයිල භාවිතයෙන් ඊයේ එල්ල කළ  ප්‍රහාරය ද කැපී පෙනෙනවා.

යුක්රේනය පවසන්නේ රුසියාව විසින් එල්ල කළ කෘස් මිසයිල 34 ක් සහ ඉරාන ඩ්‍රෝන යානා 4 ක් සාර්ථකව බිම හෙළූ බවයි.

මේ අතර යුද ගැටුම් උගවීම  නිසා යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරය වන සපොරිෂි බලාගාරයේ කටයුතු අත්හිටුවූ අතර මේ වන විට එය නැවත ක්‍රියාත්මක කර තිබෙනවා.

 

The post රුසියාවෙන් යුක්රේනයට හයිපර් සොනික් මිසයිල ප්‍රහාරයක්  appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.

උතුරු කොරියාව කෙටි දුර බැලැස්ටික් මිසයිල අත්හදා බැලූ බවට දකුණු කොරියාව පවසනවා.

දකුණු කොරියාව සහ එක්සත් ජනපද එකතුව එක්ව මේ වන විට දැවැන්ත ඒකාබද්ධ මිලිටර් අභ්‍යාසයක් සිදු කෙරෙමින් සිටිනවා.

උතුරු කොරියාව මෙම මිලිටර් අභ්‍යාසයට ප්‍රතිචාර වශයෙන් මෙම අත්හදා බැලීම සිදු කරන්නට ඇති බව අනුමාන කෙරෙනවා.

මේ වන විට උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර විසදිය නොහැකි තරම් වූ අමනාප තත්ත්වයක් වර්ධනය වී ඇති බව විදෙස් විශ්ලේෂකයන් අනතුරු අඟවනවා.

දකුණු කොරියාව දිගින් දිගටම ඇමෙරිකාව සමඟ සිදු කරන ඒකාබද්ධ මිලිටර් යුද අභ්‍යාස නිසා උතුරු කොරියානු නායකයා කුපිත වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි appeared first on ITN News.

Read More »

ජර්මනියේ වෙඩි තැබීමකින් 7 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ජර්මනියේ වෙඩි තැබීමකින් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ජර්මනියේ හැම්බර්ග් නගරයේයි.

ජෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සංවිධාන කළ දේව මෙහෙයකදී  මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

මෙම සිද්ධියේදී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් වෙඩි තැබූ පුද්ගලයා ද අදාළ සිද්ධියේදී මිය ගොස් ඇති බවයි ජර්මන් පොලීසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

 

 

 

 

The post ජර්මනියේ වෙඩි තැබීමකින් 7 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ ජනප්‍රියතම ජන නායකයා බවට හෙළි වූ ඉම්රාන් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්  

0 comments

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගන්නා ලෙස බලුකිස්ථාන අධිකරණයක් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ ඊයේ පැවති රැළියකදී පොලස් නිලධාරීන් සමග ගැටුමක් ඇතිකර ගැනීම හා රැළියට සහභාගී වූ පුද්ගලයෙකු මිය යාම හේතුවෙන්.

පාකිස්ථාන මුස්ලිම් ලීගය එරටට බලයට පැමිණ මාස 11 ක් තුළ ඉම්රාන් ඛාන්ට විරුද්ධව පැනවූ 80 වන නඩුව මෙය බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ .

ඉම්රාන් ඛාන් ඇතුළු ඔහුගේ පී ටී අයි පක්ෂයේ ප්‍රභලයින් රැසකට ද ත්‍රස්තවාදී චෝදනා එල්ල වී තිබෙනවා.

තමා මැතිවරණයට ඉදිරිපත්වීම වැලැක්වීම හා සිරගත කිරීමේ අරමුණින් රජය කටයුතු කරන බවටයි ඉම්රාන් ඛාන් චෝදනා කරන්නේ.

The post පාකිස්තානයේ ජනප්‍රියතම ජන නායකයා බවට හෙළි වූ ඉම්රාන් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් appeared first on ITN News.

Read More »

කාර්යාලයේ සිදුවූ පිපිරීමකින් ඇෆ්ගනිස්ථාන ආණ්ඩුකාරවරයෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇෆ්ගනිස්ථානයේ උතුරු බල්ක් පළාතේ තලේබාන් ආණ්ඩුකාරවරයා ඔහුගේ කාර්යාලයේ සිදුවූ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

2021 දී තලේබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසු ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ මොහොමඩ් ඩාවුඩ් මුසම්මිල්.

2021 සිට ප්‍රචණ්ඩත්වය තියුණු ලෙස අඩු වී ඇති නමුත් ප්‍රමුඛ පෙළේ තලේබාන් ගැති පුද්ගලයින් සහ අනෙකුත් ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මකයි.

ප්‍රාදේශීය පොලිසිය පැවසුවේ පිපිරීමට හේතුව අපැහැදිලි බවයි. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැහැ.

එහෙත් තලේබාන් ප්‍රකාශක Zabihullah Mujahid ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුකාරවරයා IS  සටන්කාමීන් විසින් සිදු කරන ලද පිපිරීමකින් දිවි පිදූ බවයි. පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

මුසම්මිල් නැඟෙනහිර පළාතේ නන්ගර්හාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර පත්කිරීමේදී IS සටන්කාමීන්ට එරෙහි සටනට නායකත්වය දුන් බව වාර්තා වේ.

The post කාර්යාලයේ සිදුවූ පිපිරීමකින් ඇෆ්ගනිස්ථාන ආණ්ඩුකාරවරයෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ප්ලාස්ටික් හේතුවෙන් පක්ෂීන් අතර නව රෝගයක්  

0 comments

ප්ලාස්ටික් හේතුවෙන් පක්ෂීන් අතර නව රෝගයක් පැතිර යන බව පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ප්ලාස්ටික් මිනිස් හා සත්ත්තව සෞඛ්‍යයට අහිත කර බලපෑම් එල්ල කරන බවට තහවුරු වී ඇති අතර නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ මුහුදු පක්ෂීන් අතර ප්ලාස්ටික් හේතුවෙන් නව රෝගයක් පැතිර යන බවයි.

එය ප්ලාස්ටිකෝසිස් ලෙස නම් කර තිබෙනවා.

එම රෝගය මේ වන විට මුහුදු පක්ෂින්ගෙන් පමණක් වාර්තා වුව ද ගෝලීය අර්බුධයක් ඇති කරමින් අනෙකුත් පක්ෂීන් හා සතුන් අතර පැතිර යාමේ අවධානමක් පවතින බවටයි විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

සාමාන්‍යයෙන් රෝග ව්‍යාප්තිය වෛරස හෝ බැක්ටීරියා මාර්ගයෙන් සිදු වුව ද ප්ලාස්ටිකෝසිස් රෝගය කුඩා ප්ලාස්ටික් කැබළි හේතුවෙන් පක්ෂීන්ගේ ආහාර ජීරණපද්ධතියේ හට ගන්නා රෝගයක් වනවා.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට එක්වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරහා ගෝලීය පක්ෂී ඇතුළු සත්ත්ව ග්‍රහණයෙන් තුළණයට අහිතකර බලපෑම් එලල් වීමේ හැකියාව ඉහළ ගොස් ඇති බවයි විද්‍යඥයින් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

The post ප්ලාස්ටික් හේතුවෙන් පක්ෂීන් අතර නව රෝගයක් appeared first on ITN News.

Read More »

විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයන්ට විරෝධය පළ කරමින් ප්‍රංශයේ උද්ඝෝෂණ මාලාවක්  

0 comments

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයන්ට විරෝධය පළ කරමින් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වුණා.

විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයන්ට විරුද්ධව පැවැත්වුණු උද්ඝෝෂණයන්ට මිලියන 1.28කට අධික පිරිසක් සහභාගී වු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

යෝජිත ප්‍රතිසංස්කරණයන්ට විරෝධය පළ කරමින් කසළ එකතු කරන්නන් , දුම්රිය රියදුරන් හා අනෙකුත් පොදු සේවා සේවකයින් රැකියාවෙන් බැහැරව සිටියා.

පැරිස් අගනුවර ඇතුළු රටපුරා උද්ඝෝෂණ 250කට අධික සංඛ්‍යාවක් සංවිධාන කර තිබු බවයි වාර්තා වන්නේ.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ.

කෙසේ වුවද වැඩවර්ජන හරහා ප්‍රංශයේ ආර්ථිකය බිද දැමීමට ඉඩ ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

 

 

 

 

The post විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයන්ට විරෝධය පළ කරමින් ප්‍රංශයේ උද්ඝෝෂණ මාලාවක් appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන 5ක් මිලදී ගැනීමට සුදානම් වෙයි  

0 comments

ඕස්ට්‍රේලියාව ඇමෙරිකාවෙන් න්‍යෂ්ටික සබ්මැරීන 5ක් මිලදී ගැනීමට සුදානම් වෙයි.

ඕස්ට්‍රේලියාව 2030 වනවිට ෆැසිපික් සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම නව සබ්මැරීන බ්‍රිතාන්‍ය සැලසුම්වලට අනුව ඇමෙරිකාවෙන් නිෂ්පාදනය කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ෆැසිපික් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා , ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රීෂි සුනක් පසුගිය සඳුදා සාකච්ඡා කර තිබෙනවා.

කලාපීයව චීනයෙන් එල්ල වී ඇති අභියෝග හමුවේ ඕස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇති බවට සඳහන්.

 

 

 

 

The post ඕස්ට්‍රේලියාව න්‍යෂ්ටික සබ්මැරීන 5ක් මිලදී ගැනීමට සුදානම් වෙයි appeared first on ITN News.

Read More »

ඉරාකය තුළ මත්පැන් තහනම් කිරීම ගැන කිතුනු දේශපාලන පක්ෂවල විරෝධය  

0 comments

ඉරාකය තුළ මත්පැන් තහනම් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කිතුනු දේශපාලන පක්ෂ විරෝධය පළකර තිබෙනවා.

ඉරාකය තුළ මත්පැන් ආනයනය හා වෙළෙඳාම තහනම් කිරීමට පසුගිය සෙනසුරාදා පියවර ගත්තා.

එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් බවයි එරට කිතුනු දේශපාලන පක්ෂ සඳහන් කරන්නේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කිරීමට ද එම පක්ෂ කටයුතු කර තිබෙනවා.

මුස්ලිම් රටක් වුවද ඉරාකයේ මත්පැන් අලෙවි සැල්වලින් මත්පැන් මිලදී ගැනීමේ හැකියාව ලබාදී තිබුණා.

2016 වසරේ දී මෙම නීති පැනවීමට කටයුතු කළද එය ක්‍රියාත්මක වූයේ වසර හතකට පසුවයි.

නීති කඩකරන්නන්ට පවුම් 14,000කට අධික දඩයක් පැනවෙනවා.

කෙසේ වුවද නීති කෙතරම් දැඩිව ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබදව මෙතෙක් පැහැදිලි වී නැහැ.

 

 

 

The post ඉරාකය තුළ මත්පැන් තහනම් කිරීම ගැන කිතුනු දේශපාලන පක්ෂවල විරෝධය appeared first on ITN News.

Read More »

ඩකා අගනුවර පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

බංග්ලාදේශයේ ඩකා අගනුවර සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඩකා අගනුවර පිහිටි මහල් 5කින් සමන්විත ගොඩනැගිල්ලක් තුළයි මෙම පිපිරීම සිදුව ඇත්තේ.

මියගිය පිරිස අතරට කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත්.

අනතුරෙන් තවත් පුද්ගලයින් 140 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද සඳහන්.

ඒ අතරින් 112 දෙනෙකුගේ පමණ හිසට තුවාල සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පිපිරීමට ලක්වූ ගොඩනැගිල්ල තොග භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් බවයි පොලීසිය සඳහන් කරන්නේ.

කෙසේ වුවද පිපිරීමෙන් අනතුරුව ගින්නක් හටගෙන නැහැ.

 

 

 

 

The post ඩකා අගනුවර පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

රත් වූ ජෝර්ජියාව  

0 comments

ජෝර්ජියාවේ විරෝධතා උග්‍ර වී ති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එරට මෙම විරෝධතා ආරම්භ වූයේ, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට උත්සාහ කරන නව නීතියක් හේතුවෙන්.

විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත්තේ, ඔවුන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාර සහ ගල්මුල් ප්‍රහාර පොලීසියට එල්ල කිරීමත් සමගයි.

ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

තමන් ජනතාව සමග සිටින බවත්, අනුමැතිය සඳහා තමන්ට මෙය ලැබෙන්නේ නම් එය නිශේධනය කරන බවත් ජෝර්ජියා ජනාධිපතිවරයා ප්‍රකාශ කළා

The post රත් වූ ජෝර්ජියාව appeared first on ITN News.

Read More »

මෙක්සිකෝවේ දී පැහැර ගත් ඇමෙරිකානුවන් දෙදෙනෙකු මියයයි  

0 comments

පසුගිය සතියේ මෙක්සිකෝවේ දී පැහැර ගත් ඇමෙරිකානුවන් 4 දෙනාගෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වනවා.

පැහැරගත් අනෙක් දෙදෙනා මේ වන විට ඇමෙරිකාවට පැමිණ ඇති බවට වාර්තා වනවා.

ඇමෙරිකාවේ ටෙක්සාස් සිට දේශසීමාව හරහා මෙක්සිකෝවේ ඊසාන දිග ටැමෝලීපාස් ප්‍රාන්තයේ මැටමොරොස් නගරයට රිය පදවමින් සිටියදීයි ඔවුන් මෙක්සිකෝ සන්නද්ධ කණ්ඩායමක් පැහැර ගත්තේ.

ඒ පසුගිය 3න් වනදායි. ඔවුන් රූපලාවණ්‍ය සැත්කම් සඳහා එහි ගොස් ඇති බව ඔවුන්ගේ ඥාතීන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් දිවි බේරා ගත් දෙදෙනා ද තුවාල සහිතව පැමිණ ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

The post මෙක්සිකෝවේ දී පැහැර ගත් ඇමෙරිකානුවන් දෙදෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයේ වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඊශ්‍රායලය බටහිර ඉවුරේ සිදු කළ මෙහෙයුමකදී සිදු කළ වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් තවත් පලස්තීන ජාතිකයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඒ අතුරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන්.

ඊශ්‍රායල හමුදා ප්‍රහාරයන් එල්ල කරන ආකාරය සමාජ මාධ්‍යයද වාර්තා කර තිබුණා.

බටහිර ඉවුරේ ජෙනින් නගරයට ඇතුළු වූ ඊශ්‍රායල හමුදා රථවලට ආරක්ෂාව සැපයීම සඳහා හෙලිකොප්ටර් යානාද යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුමේදී ඊශ්‍රායල වැසියන් දෙදෙනෙකු ඝාතනය කළ මිනීමරුවන්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව  ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

 

 

 

The post ඊශ්‍රායලයේ වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

බංග්ලාදේශයේ පිපිරීමකින් 15ක් මරුට  

0 comments

බංග්ලාදේශයේ ඩකා අගනුවර ගොඩනැගිල්ලක පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පිපිරීම හේතුවෙන් 100ක ආසන්න පිරිසක් තුවාළ ලබා ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ .

The post බංග්ලාදේශයේ පිපිරීමකින් 15ක් මරුට appeared first on ITN News.

Read More »

ලොව වඩාත් නොමේරු නිවුන් දරු උපතක් ගිනස් වාර්තා පොතට  

0 comments

සති 22ක කාලයකින් උපත ලැබු කැනඩාවේ දරුවන් දෙදෙනෙකු ලොව වඩාත් නොමේරු නිවුන් දරුවන් ලෙස ගිනස් වාර්තා පොතට එක්ව තිබෙනවා.

ආඩියා හා ඒඩ්‍රියල් නඩරාජා ලෙස නම් කර ඇති මෙම පිරිමි සහ ගැහැනු නිවුන් දරුවන් දෙදෙනා උපත ලබා ඇත්තේ  ගැබ් ගෙන දින 126කින්.

සති 40ක ගැබ් කාලයකින් පසු දරුවෙකු උපත ලැබීම සාමාන්‍යයෙන් සිදු වනවා.

කෙසේ වුවද සති 21යි දින 5ක් ගතව යද්දි මෙම නිවුන් දරුවන්ගේ මව දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කර ඇති අතර දරුවන් ජීවත් වීමේ හැකියාව 0% ක් බවයි වෛද්‍යවරු ඇයට පවසා ඇත්තේ.

මෙවැනි නොමේරු උපත් සම්බන්ධයෙන් දෙමාපියන්ට සහයක් ලබා දිය නොහැකි බව ද රෝහල් බලධාරීන් පවසා තිබෙනවා.

එමෙන්ම සති 22ක් සම්පූර්ණ වීමට පැයකට ප්‍රථමයෙන් හෝ දරුවන් උපත ලැබුවහොත් ඔවුන්ගේ ජිවිතය රැක ගැනීමට රෝහල උත්සහ නොකරන බවට ද දැනුම්දී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් දැඩි අපසුතා මධ්‍යයේ දරුවන් දෙදෙනාගේ මව දරු ප්‍රසූතිය පැය කිහිපයකින් හෝ ප්‍රමාද කිරීමට කටයුතු කළ බව ඇය මාධ්‍යට පවසා තිබෙනවා.

මේ වන විට නිවුන් දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post ලොව වඩාත් නොමේරු නිවුන් දරු උපතක් ගිනස් වාර්තා පොතට appeared first on ITN News.

Read More »

නැගෙනහිර යුක්රේනයේ බක්හ්මත් ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර  

0 comments

නැගෙනහිර යුක්රේනයේ බක්හ්මත් ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව යුක්රේන ජනාධිපතිවරයා සදහන් කරනවා.

බක්හ්මත් නගරයේ ආරක්ෂක කටයුතු සදහා ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරුන්ගෙන් සමන්විත බලැණි යොදවා ඇති බවයි යුක්රේනයේ ජනාධිපති වෝල්දොමීර් සෙලෙන්ස්කි පවසන්නේ. කෙසේ වුවද රුසියා හමුදා නගරයට ආසන්න වීමත් සමග යුක්රේන හමුදා කණ්ඩ ඉවත් කර ගැනීම සුදුසු බව ඇමෙරිකාව ඇතුලු යුක්රේන හිතවාදීන් සදහන් කර තිබෙනවා. බක්හ්මත් නගරය අත්පත් කර ගැනීමට රුසියා හමුදා මාස ගණනක සිට ප්‍රහාර එල්ල කළ ද දෙපාර්ශවයටම දැඩිහානි සිදු වුව ද නගරය අත්පත් කර ගැනීමට රුසියා බට කණ්ඩවලට හැකියාව ලැබුනේ නැහැ.

 

 

 

The post නැගෙනහිර යුක්රේනයේ බක්හ්මත් ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ කොචි නගරය විෂ දුමාරයකින් වැසෙයි  

0 comments

ඉන්දීය ගිනි නිවන භටයන් කේරළ ප්‍රාන්තයේ කොචි නගරයේ බොහෝ ප්‍රදේශ පුරා විෂ දුමාරයක් වැසී තිබෙනවා. ඒ් අපද්‍රව්‍ය කම්හලක ඇති වූ ගින්නක් හේතුවෙන්.

දිනකට අපද්‍රව්‍ය ටොන් ගණනක් එක්කෙරෙන ප්‍රාදේශීය අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රදේශයක පසුගිය සතියේ ගින්න ඇති වුණා.

නිවැසියන්ට ගෘහස්ථව සිටින ලෙසත් ඔවුන් පිටතට ගියහොත් N-95 මුහුණු ආවරණ භාවිතා කරන ලෙසත් උපදෙස් දී තිබුණා.

කුඩා ළමුන් සඳහා පාසල් වසා දමන බව පළාත් පාලන ආයතන ද නිවේදනය කර කළා.

ඉරිදා ප්‍රාන්ත රජය පවසා ඇත්තේ ගින්න පාලනය කර ඇති බවත් ඉක්මනින්ම නිවා දමනු ඇති බවත්ය. එහෙත් තවමත් ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් සිටියි.

බොහෝ විට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල දැවැන්ත කසළ ගොඩකිරීම් වල  හදිසි ගිනි වාර්තා වනවා. ඒ බොහෝ දුරට අපද්‍රව්‍ය දිරාපත් වන විට ජනනය වන මීතේන් නිසායි.

කොචි නගරයේ මායිම ආසන්නයේ පිහිටා ඇති බ්‍රහ්මපුරම් අපද්‍රව්‍ය කම්හල එහි පරිශ්‍රය එහි ඇති විශාල අපද්‍රව්‍ය ගොඩවල් සඳහා ප්‍රසිද්ධයි. මෙය කොචි නගර බලධාරීන්ට අයත්  වෙයි.

අධික රස්නය හේතුවෙන් වසරේ මේ කාලයේදී මෙහි ගිනි ගැනීම් බහුලව සිදුවන බව නිලධාරීන් පවසයි.

ප්‍රදේශවාසීන් විසින් මීට පෙරද මෙම ගිනි ගැනීම් සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති අතර ප්ලාස්ටික් පිළිස්සීම හේතුවෙන් සිදුවන සෞඛ්‍ය උවදුර සම්බන්ධයෙන්ද ප්‍රදේශවාසීන් විරෝධය පළ කළා.

නවතම ගින්නට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත. ගිනි නිවන භටයින් පවසන්නේ අපද්‍රව්‍ය ගොඩවල් වලට යටින් ප්ලාස්ටික් ස්ථර රත් වී ගිනි නිවීමේ මෙහෙයුම ප්‍රමාද කරන බවයි.

The post ඉන්දියාවේ කොචි නගරය විෂ දුමාරයකින් වැසෙයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG