Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එජාපයේ සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විශේෂ සාකච්ඡාවක  

0 comments

නව සන්ධානය සකස් කිරීම හා ඉදිරි මහමැතිවරණයට මුහුණ දෙන ආකාරය පිලිබද සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විශේෂ සාකච්ඡාවක නිතර වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයී.

 

The post එජාපයේ සජිත් පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් විශේෂ සාකච්ඡාවක appeared first on ITN News.

Read More »

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහළ නිළධාරින් සම්බන්ධයි  

0 comments

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහළ නිළධාරින් සම්බන්ධ බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

හොරණ සම්බන්ධිකරණ කමිටු රැස්විමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

 

The post මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහළ නිළධාරින් සම්බන්ධයි appeared first on ITN News.

Read More »

වුහාන් සිට මෙරටට පැමිණි සිසුන් දියතලාව විශේෂ රෝග නිරෝධායන මධ්‍යස්ථානයට  

0 comments

චීනයේ වුහාන් නගරයේ සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කදවුරේ පිහිටි විශේෂ රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලබනවා.

වූහාන් නරගයේ සිටි සිසුන් රැගෙන ගුවන් යානය අද (01) පෙරවරු 7.42ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණියා. යුද හමුදාව සහ ගුවන් හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මත්තල ගුවන් තොටුපොලේදී ඔවුන් විශේෂ පරික්ෂාවකට ලක් කෙරුණා.

අනතුරුව සිසුන් දියතලාව රෝග නිරෝධායන මධ්‍යස්ථානයට විශේෂ බස් රථයකින් රැගෙන යාම ආරම්භ කෙරුණා.  දියතලාව යුද හමුදා කදවුරේ සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් සහිතව විශේෂ මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙනවා.

එහිදී දින 14ක කාලයක් රදවා තබා ගනිමින් සිසුන් වෛද්‍ය පරික්ෂාවකට ලක් කිරීමට නියමිතයි.

The post වුහාන් සිට මෙරටට පැමිණි සිසුන් දියතලාව විශේෂ රෝග නිරෝධායන මධ්‍යස්ථානයට appeared first on ITN News.

Read More »

ගෝලීය හදිසි තත්ත්වය හමුවේ කටුනායක සියලු විදේශිකයන් පරික්ෂාවට  

0 comments

කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ්‍ර ප්‍රකාශයට පත් කිරීම නිසා අද සිට කටුනායක ගුවන්තොටුපලේදී  සියලු විදේශිකයන් සෞඛ්‍ය පරික්ෂාවකට ලක් කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

මෙරට සෞඛ්‍ය සේවයේ කාර්යක්ෂම බව හේතුවෙන් ඉතා ඉක්මනින් කෙරෝනා ආසාදිත චීන ජාතික කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට හැකි වූ බවයි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළේ. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි.

The post ගෝලීය හදිසි තත්ත්වය හමුවේ කටුනායක සියලු විදේශිකයන් පරික්ෂාවට appeared first on ITN News.

Read More »

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න මිලියන 60ක ආරක්ෂිත මෙවලම්  

0 comments

කොරෝනා වෛරසය පාලනයට සහ ආසාදිතයින්ට ප්‍රතිකාර සිදු කරන කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට රුපියල් මිලියන 60 ක ආරක්ෂිත  මෙවලම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා.

එමෙන්ම බස් හා දුම්රිය මගී ජනතාව මෙම වෛරසයෙන් ආරක්ෂා කිරීම සදහා වැඩ පිලිවෙලක් අරඹන්නැයි ප්‍රවාහන අමත්‍යවරයා උපදෙස් ලබාදුන්නා.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සදහා පත් කළ ජාතික ක්‍රියාකාරී කමිටුව ඉදිරි ක්‍රියාමාර්ග පිලිබද සාකච්ඡාවක නිතර වුණා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මූලික්ත්වයෙන් වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් යොමු කරන සියලු රෝහල්වල අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. මේ අනුව කාර්ය මණ්ඩලවල ආරක්ෂාව මෙන්ම වෛරසය පාලනය සදහා රුපියල් මිලියන 60 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කෙරුණා.

මේ අනුව වෛද්‍ය සැපයුම් අංශය ජාතික බෝනොවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් 12 කට මෙම උපකරණ ලබාදී තිබෙනවා.

මේ අතර බස් රථ හා දුම්රියවල ගමන් ගන්නා මගී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීම සදහා කඩිනම් වැඩපිලිවෙලක් අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

 

The post කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න මිලියන 60ක ආරක්ෂිත මෙවලම් appeared first on ITN News.

Read More »

මෙරට රැදී සිටින චීන ජාතිකයින් හෝ විදේශිකයන් ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතුයි  

0 comments

මෙරට රැදී සිටින චීන ජාතිකයින් හෝ විදේශිකයන් ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රි අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පවසනවා.

මෙරට සංචාරක ව්‍යාපාරයට එය හානියක් විය හැකි බවයි උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ.

ඊයේ (31) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

The post මෙරට රැදී සිටින චීන ජාතිකයින් හෝ විදේශිකයන් ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතුයි appeared first on ITN News.

Read More »

නයිජීරියාව ඇතුලු රටවල් 6කින් පැමිණෙන සංක‍්‍රමණිකයන් සීමා කිරීමට ඇමරිකාව තීරණය කරයි  

0 comments

නයිජීරියාව ඇතුලු රටවල් 6 කින් පැමිණෙන සංක‍්‍රමණිකයන් දැඩි ලෙස සීමා කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙවනා.

ඒ අනුව එරිත‍්‍රියාව, සුඩානය, ටැන්සානියාව, කිරිගිස්ථානය සහ මියන්මාර පුරවැසියන්ට වීසා බලපත‍්‍ර ලබාදීම අවහිර කර ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. ඇමරිකාවේ ආරක්ෂාව සහ තොරතුරු හුවමාරු කරගැනීමේ ප‍්‍රමිතීන් ආරක්ෂා කිරිමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඇමරිකා බලධාරීන් සඳහන් කළේ.

The post නයිජීරියාව ඇතුලු රටවල් 6කින් පැමිණෙන සංක‍්‍රමණිකයන් සීමා කිරීමට ඇමරිකාව තීරණය කරයි appeared first on ITN News.

Read More »

ලෝක බැංකුව – ශ්‍රී ලංකාව නව සහයෝගිතා ක්ෂේත්‍ර හඳුනා ගනී  

0 comments

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකාව ලෝක බැංකු ආධාර යටතේදැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන්ට අමතරව නව සහයෝගීතා ක්ෂේත්‍ර කිහිපයක් හඳුනා ගනී.

පුනර්ජනනීය බලශක්තිය, කසළ බැහැර කිරීම, දියබස්නා කළමනාකරණය, අපනයනය ඉලක්ක කරගත් වැවිලි වගා, මාර්ග තදබදය ලිහිල් කිරීම සහ පදික සහ මහාමාර්ග ආරක්ෂාව ඒ අතර වෙයි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති Hartwig Schafer මහතා අද (31) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී මෙම එකඟතාව පළ විය. මේ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සඳහා සහනදායී පදනම මත මූල්‍යාධාර ලබාදිය හැකි බව උප සභාපතිවරයා සඳහන් කළේය.

තමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී නිම කළ මාර්ග සංවර්ධනය සහ නගර අලංකරණය වැනි ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති සමග සබඳතාව සිහිපත් කළ ජනාධිපතිතුමා ලෝක බැංකු නව සහයෝගීතාව සුහදශීලීව පිළිගත්තේය. වැවිලි කර්මාන්ත සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිතුමා ගම්මිරිස් සහ කුරුඳු වැනි සුළු අපනයන බෝග කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මීට ප්‍රතිචාර දක්වමින් “රැකියා සහ අපනයන ආදායම් උත්පාදනයේ දී මේ බෝග සදහා විශාල ඉඩ ප්‍රස්ථාවක් පවතින බව” ලෝක බැංකු උප සභාපතිවරයා කියා සිටියේය.

“දැනට ලෝක බැංකු ආධාර යටතේ මෙරට ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් ඒවා සාර්ථකව ඉදිරියට යනවා. ඇතැම් ඒවා එසේ නැහැ. මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මහනුවර බහු ආකෘති පර්යන්ත ව්‍යාපෘතියට බැංකුව ඉදිරියටත් ආධාර දෙනවා”. යැයි උප සභාපතිවරයා කීය.

යෝජිත කටයුතුවලදී නවීන තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම ඉස්මතු කළ ජනාධිපතිරාජපක්ෂ මැතිතුමා විශේෂිත වූ ව්‍යාපෘති තීරණය කිරීමට වැඩිදුර සාකච්ඡා කිරීමට එකඟතාව පළ කළේය.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා IdahZ.Pswarayi-Riddihoughමහත්මිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

 

 

The post ලෝක බැංකුව – ශ්‍රී ලංකාව නව සහයෝගිතා ක්ෂේත්‍ර හඳුනා ගනී appeared first on ITN News.

Read More »

”එජාපයේ නායකත්වය හැර සියලු දේ අනිත්‍යයි”  

0 comments

තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය රැක ගනිමින් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (30) පැවැත්වුණා.

එහිදී විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සන්ධානයේ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය ද ලබා දීමට තීරණය කෙරුණා. ඊයේ (30) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු විසි දෙදෙනෙකු සහභාගි වුණේ නැහැ.

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදීයි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ. 59 දෙනෙකුගෙන් යුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 37 දෙනෙකු ඊට එක්වුණා. මාස ගණනක් පුරා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය වෙනස් කිරීම පිළිබඳ විවිධ මත ගැටුම් පැවතියත් ඊයේ දිනයේදීත් පක්‍ෂ නායකත්වය වෙනස් වුණේ නැහැ.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳ ඊයේ මෙන්ම අද දිනයේත් විවිධ ස්ථානවලදී පළ වුණේ මෙවැනි අදහස්.

The post ”එජාපයේ නායකත්වය හැර සියලු දේ අනිත්‍යයි” appeared first on ITN News.

Read More »

විපක්ෂ නායකවරයාගේ වෛරස් චෝදනාවලට චීනයෙන් පිළිතුරු (VIDEO)  

0 comments

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ වූහාන් ප්‍රාන්තයේ සිටින සිසුන් ගෙන්වා ගැනීමට රජය පියවර ගෙන නැති බවයි. චීන තානාපති කාර්යාලයටද විපක්ෂ නායකවරයා මෙහිදී චෝදනා කළා.

එහෙත් අද පස්වරුව වන විට චීන රජය සමග පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී වුහාන් බලා ගුවන්යානයක් ද මෙරටින් පිටත්ව තිබුණා.

එල්ලවන චෝදනා පිලිබදව චීනයේ වැඩබල නතානාපති කේ.කේ යෝගනාදන් මහතාගෙන් අප විමසීමක් කළා. (වීඩියෝව පහතින්…) අමාත්‍ය විමල් වීරවංශ අද ඉල්ලා සිටියේ කෙරෝනා වැනි භයානක රෝගයකින් දේශපානය නොකරන ලෙසයි.

 

The post විපක්ෂ නායකවරයාගේ වෛරස් චෝදනාවලට චීනයෙන් පිළිතුරු (VIDEO) appeared first on ITN News.

Read More »

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 8ක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට  

0 comments

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 8 ක් සමඟ සැකකරුවෙක් කනගරායන්කුලම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු පොලිස් කොස්තාපල්වරයෙක් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ. සැකකරු මෝටර් රථයකින් ගංජා තොගය ප‍්‍රවාහනය කරමින් සිටියදී වැටලීම සිදුකිරීමට විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

ඔහු කනගරායන්කුලම් පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.

The post කේරල ගංජා කිලෝග‍්‍රෑම් 8ක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

අද සිට සතියක් ජාතික ධජය ඔසවන්න – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය  

0 comments

72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව අද (01) සිට සතියක් ජාතික ධජය ඔසවා තබන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.

සෑම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, නිවාස සහ රථ වාහනවල ද ජාතික ධජය ප‍්‍රදර්ශනය කරන ලෙසයි අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ. 72 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ආගමික වතාවත් හෙට (02) සිට ආරම්භ වනවා.

නිදහස් දින පෙරහුරු කටයුතු හේතුවෙන් ලබන සඳුදා (03) කොළඹ පාසල් 15 ක් වසාතබා ඇති අතර මේ දින කිහිපයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද කි‍්‍රයාත්මකයි.

The post අද සිට සතියක් ජාතික ධජය ඔසවන්න – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය appeared first on ITN News.

Read More »

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 259ක් දක්වා ඉහළට  

0 comments

කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 259 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

චීනයෙන් පමණක් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව එකොළොස් දහස් හත්සිය අනූ එකක්. ලක්ෂයකට වැඩි පිරිසක් ශ්වසන රෝග ලක්ෂණ සහිතව හදුනාගෙන ඇති අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි චීන බලධාරීන් ප‍්‍රකාශ කළේ.

තත්වය පාලනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව ද වූහාන් පරිපාලන නිලධාරීන් සඳහන් කළා.

The post කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 259ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 191ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

0 comments

කේරල ගංජා කිලෝග‍්‍රෑම් 191 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යාපනය මාදගල්තුරෙයි ප‍්‍රදේශයේදී. නාවික හමුදාව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව වැටලීම සිදුකළා. නිවසක සඟවා තිබියදී ගංජා තොගය සොයාගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මක කර තිබෙනවා.

The post කේරල ගංජා කිලෝග‍්‍රෑම් 191ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මසකට ලක්ෂ 240 ක් ඉතිරි කරමින් කෘෂිකර්මය නව නිවහනකට  

0 comments

කෝටි ගණනක් වැය කරමින් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය අද යළිත් වරක් ගොවිජන මන්දිරයෙහි ස්ථාපනය කරනු ලැබුවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන ගියේ මසකට රුපියල් ලක්ෂ 240 ක් වැය කරමින්. මෙතරම් විශාල මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සදහා කුලිය වශයෙන් වැය කිරීම සම්බන්ධයෙන් විවිධ  විවේචන එල්ල වුණා.

වත්මන් විෂය භාර අමාත්‍යාංශ චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නැවතවරක් බත්තරමුල්ල ගොවිජන මන්දිරයෙහි ස්ථාපනය කිරීම සිදු කෙරුණේ ආගමික වතාවත් මධ්‍යයේයි. රාජ්‍ය අමාත්‍ය මහින්ද  යාපා අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා.

The post මසකට ලක්ෂ 240 ක් ඉතිරි කරමින් කෘෂිකර්මය නව නිවහනකට appeared first on ITN News.

Read More »

කොළඹ පාසල් 15කට ලබන සඳුදා නිවාඩු  

0 comments

කොළඹ පාසල් 15 කට ලබන සඳුදා  (03) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.

ඒ අනුව කොළඹ ඩී එස් සේනානායක,  රාජකීය,  තර්ස්ටන්,  යශෝධරා,  මියුසියස් යන විද්‍යාල මෙන්ම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය,  කාන්තා විද්‍යාලය, කොළඹ ජාත්‍යන්තර පාසල හා විචර්ලි ජාත්‍යන්තර පාසල සඳහා නිවාඩු හිමිවනවා.

එසේම කොළඹ මහානාම,  පොල්වත්ත ශාන්ත මයිකල්,  පොල්වත්ත ශාන්ත මේරි,  කොළඹ 12 මිහිදු,  කොළඹ 10 අල්හිදායා,  කොළඹ 10 අශෝක යන විද්‍යාලවලට ද නිවාඩු හිමිවනවා.

අදාළ දිනයේ මගහැරෙන අධ්‍යයන කටයුතු වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ.

The post කොළඹ පාසල් 15කට ලබන සඳුදා නිවාඩු appeared first on ITN News.

Read More »

බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි  

0 comments

වසර 47 කට පසු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත්වුණා.

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේදීයි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වූණේ. පසුගියදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් බ්‍රේක්සිට් ගිවිසුමට පක්ෂව වැඩි ඡන්ද හිමි විමෙන් එය සම්මත වුණා. බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය මොරිස් ජොන්සන් ප්‍රකාශ කළේ එය නව යුගයක ආරම්භයක් බවයි.

යුරෝපා සංගමයෙන් වෙන්විමත් සමග එය සැමරිම සදහා ජනතාව පාර්ලිමේන්තු චතුරස්‍රයට රැස් වුණා.

 

 

 

 

 

 

The post බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි appeared first on ITN News.

Read More »

ශ්‍රී ලන්කන් යානයක් වූහාන් බලා පිටත්වෙයි (VIDEO)  

0 comments

චීනයේ වූහාන් නගරයේ සිටින මෙරට සිසුන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ එල් 1422 දරණ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළින් පිටත්ව ගොස් තිබෙනවා. එරට තානාපති අංශ පවසන්නේ එහි සිටින සියලු දෙනා ආපදාවකින් තොරව සිටින බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගෝලීය සෞඛ්‍ය අවදානමක් ප්‍රකාශයට පත් කළා. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කර තිබුණේ අවස්ථා පහකදී පමණයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ මෙම තීරණයට හේතුව කොරෝනා වෛරසය චීනයෙන් බැහැර රටවල ව්‍යාප්තවීම වැළැක්වීම බවයි. දිළිදු රටවල ජනතාවට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් එහි බලපෑම ඉතා දරුණු විය හැකියි. බටහිර අප්‍රිකා රටවල පැතිර ගිය ඉබෝලා වෛරසය නිසා මින් පෙර එකොළොස් දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. එම රටවල නිසි සෞඛ්‍ය වැඩපිළිවෙළක් නොතිබීම ඊට හේතුවයි. රටවල් සහ ස්වාධීන පාලන ප්‍රදේශ 24 කින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හමු වී තිබෙනවා. මීට පැය කිහිපයකට පෙර මහා බ්‍රිතාන්‍යයෙන්ද කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු සොයා ගැනුණා.  චීනයට අමතරව වැඩිම රෝගින් පිරිසක් හමු වී ඇත්තේ තායිලන්තයෙන් සහ ජපානයෙනුයි. තායිලන්තයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 19 දෙනෙකු සහ ජපානයෙන් 17 දෙනෙකු හමුවී තිබෙනවා.  වෛරසය ආසාදනය වීමෙන් චීනය තුළ පුද්ගලයන් 213 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පහළොස් දහස් දෙසිය තිස් අට දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ආසාදනයට පත් පුද්ගලයන් 124 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර රුසියාව චීන දේශසීමාව වසා දැමීමට පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදයද චීනයේ සංචාරය නොකරන ලෙසට සිය ජනතාවට දැනුම් දී තිබෙනවා. වූහාන් නගරයේ සිටි ඇමෙරිකා ජාතිකයන් දෙසිය දෙනෙකු පමණ එරටින් රැගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කළා. ඔවුන් කැලිෆෝනියාවේ හමුදා කදවුරක රදවා ඇති බව සදහන්. ඊශ්‍රායලයද චිනය සමග සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සදහාම වෙන් වූ රෝහල පෙබරවාරි 2 වනදා වන විට සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරන බව එරට බලධාරීන් පවසනවා. ලබන 5 වනදා වන විට එය භාවිතයට ගැනීමට හැකි බවයි ඔවුන් සදහන් කළේ. දින කිහිපයක් ඇතුළත වර්ග අඩි විසිපන්දහසක ප්‍රමාණයකට නිර්මාණය කළ මෙම රෝහල නිසා එම ව්‍යාපෘතියේ සේවකයන් චීනය තුළ වීරයන් පිරිසක් බවට මේ වන විට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. එම රෝගියා හැර වෙනත් කිසිදු කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නැහැ. වෛරසය මෙරට තුළ පැතිරයාමේ අවදානම ඉතා අඩු මට්ටමක පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් සදහන් කළේ. එබැවින් ජනතාව අනවශ්‍ය භීතියකට පත් විය යුතු නැති බවද ඔවුන් සදහන් කරනවා. චීනයේ රැදී සිටි ශිෂ්‍යයන් 580 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ ඇති බව සදහන්. සිචුවාන් සහ චෙන්ඩු යන ප්‍රාන්තවලින් තවත් සිසුන් හැට එක්දෙනෙකු දිවයිනට ළගා වුණා. ඔවුන් වෙත ගුවන්තොටුපොළේ විශේෂ වෛද්‍ය ඒකකයෙන් උපදෙස් ලබාදීම සිදු කෙරෙනවා. වූහාන් නගරයේ රැදී සිටින මෙරට සිසුන් ගැටලුවකින් තොරව සිටින බවයි චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ කේ යෝගනාදන් මහතා සදහන් කළේ. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද ඒ මහතා කියා සිටියා. වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා ගුවන්තොටුපොළ තුළ නැනෝ තාක්ෂණය යටතේ නව උපකරණ ද සවි කර තිබෙනවා.

රට තුළ මුඛ ආවරණවල  හිගයක් මේ වන විට නැති බවයි පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සදහන් කළේ.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළවන අසත්‍ය තොරතුරු ඉන් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි ෆේස්බුක් සමාගම පවසන්නේ.

මේ අතර පවත්නා තත්ත්වය යහපත් අතට පත් වූ වහාම දඹදිව වන්දනා චාරිකා යළි ආරම්භ කරන බව විදේශ බෞද්ධ වන්දනා සංගම් එකමුතුව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.

 

The post ශ්‍රී ලන්කන් යානයක් වූහාන් බලා පිටත්වෙයි (VIDEO) appeared first on ITN News.

Read More »

මාවනැල්ල සිද්ධියේ පරික්‍ෂණ ගැන කොමිසමේදී තොරතුරු හෙළිවෙයි  

0 comments

මාවනැල්ල බුදුපිලිම කැඩීමේ සිද්ධිය සම්බන්ධ පරික්ෂණ කටයුතු සදහා සම්බන්ධවීමට අපරාධ  පරික්ෂණ දෙපාර්තමේන්තුව මැලිකමක් දැක්වූයේ ඊට දේශපාලන අත පෙවීමක් සිදුව ඇති නිසා දැයි තමන්ට සැකයක් පවතින බව කෑගල්ල කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිලිබද පරික්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාවේ අද (31) සාක්ෂි ලබාදෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

අද (31) දිනයේ සාක්ෂි ලබාදීම සදහා සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා පස්වරු 01 ට පමණ කොමිෂන් සභාව වෙත පැමිණියා. කොමිෂන් සභාවේ කටයුතු ආරම්භ කරමින් රජයේ අධිනීතිඥවරිය සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසා සිටියේ 2018.12.23 සහ 26 යන දිනවල මාවනැල්ලේ සිදු වූ බුදුපිලිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැනුවත් වූයේ කෙසේද යන්නයි.

ඊට පිලිතුරු ලබා දෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේ කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දැනුවත් කිරීම මත තමන් ඒ පිලිබද දැනුවත් වූ බවත් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කළ බවත්. සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් පළමු සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් ඔස්සේ සාදික් සහ සිද්දික් යන සහෝදරයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඔහු කොමිසම හමුවේ කියා සිටියා.

අනතුරුව අදාළ සැකකරුවන් දෙදෙනාගේ පියාවන ඊබ්‍රහීම් නමැත්තා පිලිබදවද තොරතුරු අනාවරණය කරගත් බවයි ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ.ඊබ්‍රහිම් නමැත්තා දැඩි අන්තවාදී ආගමික මතධාරියෙකු බවත් ඔහු ප්‍රදේශයේ   තරුණයන් එක්රැස්කොට අන්තවාදී ආගමික ඉගැන්වීම් සිදු කරන බවටත් තොරතුරු අනාවරණය වීමෙන් පසු ඔහුවද අත්අඩංගුවට ගත් බව සහකාර පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළා.

මෙහිදී කොමිසමේ අධිනීතිඥවරිය සහකාර පොලිස් අධිකාරවරයාගෙන් විමසා සිටියේ අසාද් සාලි මහතා සැකකරුන් දෙදෙනෙකු පොලිසීයට භාර දෙන බවට තමන්ට දැනුම් දුන්නාද යන්නයි. ඊට පිලිතුරු ලබා දෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේ එවැන්නක් සිදු වන බවට පොලිස්පතිතුමා නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති අතර නියෝජ්‍ය පොලිස්පතිවරයා මාර්ගයෙන් තමන් ඒ පිලිබදව දැනගත් බවයි. එවැනි සැකකරුවන් දෙදෙනෙකු අසාද් සාලි මහතා පොලසීයට භාර දුන්නා දැයි කොමිසම විමසා සිටියා. එවැන්නක් සිදු නොවූ බවයි ඊට පිළිතුරු ලබා දුන්  සහකාර පොලිස් අධිකාරී   කමල් පෙරේරා මහතා සදහන් කළේ. සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා දිනයක අසාද් සාලි මහතා දුරකතනයෙන් සම්බන්ධ කර මේ පිලිබදව තමන් ඉදිරියේදී විමසූ බවත් එහිදී අසාද් සාලිගෙන් ඊට නිසි පිලිතුරක් නොලැබුණ බවත් සහකාර පොලිස් අධිකාරිවයරා ප්‍රකාශ කළා.

නමුත් අදාළ දුරකතන ඇමතුම ශ්‍රවනය කිරීමේදී තමාට හැගී ගියේ අසාද් සාලිගෙන් පොලීසියට සැකකරුවන් ලැබෙනවා වෙනුවට අදාළ පොලිස් පරික්ෂණයේ තොරතුරු අසාද් සාලි මහතා ලැබෙන බවයි. ඒ අනුව අදාළ දුරකතන ඇමතුම වහාම විසන්ධි කරන ලෙස එම ස්ථානයේ සිටි නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා ගාමිණී තෙන්නකෝන් මහතාට දැනුම් දුන්නා. අනතුරුව කොමිසම සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් විමසා සිටියේ මෙම් පරික්ෂණ සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු සම්බන්ධ වූයේ කවදාද යන්නයි.

ඊට පිලිතුරු දුන් සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා 2018-12-26 වන දින කෑගල්ල පොලිස් මූලස්තානයට පැමින තමන් හමුවී මෙම පරික්ෂණ කටයුතු සීඅයිඩිය භාරට ගන්නා බවට නිල නොවන අකාරයෙන් තමන්ට දැනුම් දුන් බවයි. ප්‍රාදේශීය පොලිස් පරික්ෂණයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා ගන්නා ක්‍රමවේදය කුමක්දැයි මෙහිදී කොමිසම සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් වමිසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා හෝ පොලිස්පතිතුමාගේ නියෝගයකින් එවැනි පරික්ෂන කටයුත්තක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර ගැනීමේ හැකියාවක් ඇති බවයි.

නමුත් මෙම සිද්ධිය සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාම පැමිණ සිටීම අදාළ පරික්ෂණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ගන්නා බවට යම් සළකුණක් සැපයූ බවත් සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියා. මීට පෙර මෙවැනි සිද්ධියක් සදහා  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂවරයාම පැමිණ ඇත්තේ එක් අවස්ථාවකදී පමණක් බවත් ඒ නාලන්ද එල්ලාවල මහතාගේ “ඝාතන සිද්ධියේදී පමණතක් බවත් සහකාර පොලිස් අධිකාරීවරයා මෙහිදී කියා සිටියා.

නමුත් එලෙස පැමිනි අධ්‍යක්ෂවරයා කමල් හොදින් පරික්ෂණ කටයුතු සිදු කරගෙන යනවා යැයි පවසා දිවා ආහාරයෙන් පසු පිටත්ව ගිය බව සහකාර පොලිස් අධිකාරී කමල් පෙරේරා මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

මෙ පරික්ෂණ කටයුතු සදහා යම් දේශපාලන මැදිහත් වීමක් සිදු වූවාද යන්න කොමිසම මෙහිදී සහකාර පොලිස් අධිකාරීයරයාගෙන් විමසෘ සිටියා.

ඊට පිලිතුරු ලබා දුන් සහකාර පොලිස් අධිකාරීවරයා සදහන් කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාම මෙම ස්ථානයට පැමිණියත් පසුව ඔහු එම පරික්ෂණ කටයුතු අතහැර දමා මෙම ස්ථානයෙන් පිටව ගියේ යම් දේශපාලන බලාධිකාරියකින් ඔහුට දුරකතන ඇමතුමක් ලැබුනාද යන සැකය අද වන විට තමන්ට තිබෙන බවයි.

කෙසේ වෙතත් ඉතිරි ප්‍රකාශයන් සෘජුවම පවතින පරික්ෂණ සදහා බලපාන බැවින් මෙම ස්ථානයෙන් මාධ්‍ය ඉවත් කරන ලෙස කොමිෂන් සභාව නියෝග කළා..

 

 

The post මාවනැල්ල සිද්ධියේ පරික්‍ෂණ ගැන කොමිසමේදී තොරතුරු හෙළිවෙයි appeared first on ITN News.

Read More »

නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න 14 වන දා තෙක් රිමාන්ඩ්  

0 comments

පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාවට නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා පෙබරවාරි මස 14 වන දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.

ඒ අනුව නීතිඥ අජිත් ප්‍රසන්න, අරුණ තුෂාර මෙන්ඩිස් සහ කස්තුරිගේ ගාමිණි යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්තලියනගේ මහතා නියෝග කළේ.

මේ නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින නීතිඥ අජිත් ප්‍රසන්න නමැත්තා මේ වන විට කොළඹ මහාධිකරණ විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ද  රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.. සැකකරුවන් පසුගිය වසරේ දෙසැම්බර් මස 6 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම නඩුවේ වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කළා. සැකකරුවන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කර ඇති බවට පැමිණිලි පාර්ශ්වය චෝදනා කර සිටියි .

අජිත් ප්‍රසන්න මහතා වෙනුවෙන් ඇප ඉල්ලීමක් සිදු කළ අතර මෙවැනි චෝදනාවකට තමාට ඇප ලබා දීමේ බලයක් නොමැති බව පවසමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

මේ අතර මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ කස්තුරිගේ ගාමිණි නැමැත්තාගේ බිරිඳ සහ විජය කාන්තන් යන අය ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අතිරේක
මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබෙනවා.

මීට අමතරව මෙම නඩුවේ සාක්ෂිකරුවන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර , නිශාන්ත සිල්වා සහ නාවික හමුදාවේ නිළධාරී චමින්ද වෙලගෙදර යන අයගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට පොලිසියට දන්වා සිටිනවා.

The post නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න 14 වන දා තෙක් රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාවේ සංචාරකයින් පිළිබද පසුවිපරම් කිරීම සඳහා නව මෘදුකාංගයක් ක්‍රියාත්මකයි  

0 comments

මේ දිනවල ව්‍යප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට අද සිට නව මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබද විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෞඛ්‍ය , මානව සුභ සාධනය සහ සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අදාළ කරුණු සාකච්ඡා කිරීම සදහා   කැදවා තිබූ විශේෂ රැස්වීමේදි ඒ මහතා මේබව ප්‍රකාශ කළේය.

 

 

සංචාරකයින් පිළිබද දැඩි විමසිල්ලෙන්

වෛද්‍යවරුන් කණ්ඩායමක් සමග ICTA ආයතනය මෙම නව මෘදුකාංගය දින දෙකක් තුළ හදුන්වා දුන් බවත් සියලු ගුවන් මගීන් දැනුවත් කර ඔවුන් නවාතැන් ගන්නා ස්ථාන ඇතුළු යනෙන ස්ථාන පිළිබද සියලු තොරතුරු ලබා ගෙන මෙම මෘදුකාංගය හරහා විමසිල්ලෙන් පසුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. චීනයේ සිට මෙරටට පැමිණෙන මගීන් වෙනම ප්‍රවේශ මාර්ගයක් හරහා විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන බවත්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සදහා දින ඇතැම් විට දින 14ක කාලයක් ගතවන බැවින් සියලු මගින් පිළිබද මෙලෙස පසුවිපරම් කිරීම සිදු කරන බවද එතුමා පැවසීය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අමතරව පලාලි ගුවන් තොටුපළ සහ කොළඹ ,ගාල්ල,ත්‍රිකුණාමලය යන වරායයන් ආශ්‍රිතව ද විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙල රැසක් ද ක්‍රියාත්මක බව පැවසූ ඒ මහතා සදහන් කළේ සෞඛ්‍ය සේවය එක්තරා ආකාරයක බුද්ධි සේවයක් ලෙසද ක්‍රියාත්මක වෙමින් යුහුසුලුව අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

 

• රටපුරා රෝහල් 12 ක් සූදානමින්

මෙම නව කොරෝනා -2019 වෛරසයට අදාල සුවිශේෂි වු DCR පරීක්ෂණය මේ වන විට සිදු කරන බවත් මෙම පරීක්ෂණය කලාපයේ රටවල් අතර සිදු කරනුයේ ශ්‍රී ලංකාවේත් ,ඉන්දියාවේ පූනේහීදීත් පමණක් බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙහිදී සදහන් කළේය.සැක සහිත රෝගීන් සියලු දෙනා දැනට මූලිකව ජාතික බෝවන රෝග විද්‍යායතනයට(IDH) යොමු කරන අතර ඊට අමතරව දිවයින පුරා තවත් ප්‍රධාන රෝහල් 12 ක් මේ සදහා සූදානමින් ඇති බවද , ප්‍රාදේශිය වසංගත විද්‍යාඥවරු කොළඹට කැදවා අද දින ද දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය. එසේම කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැයි හදුනා ගත් රෝගියාගේ තත්ත්වය මේවන විට යහපත් බවද ඔහු සදහන් කළේය.

 

• වෛද්‍ය පර්යේෂණ ආයතනයත් සූදානමින්

මෙහිදී අදහස් දැක්වු බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ අදාළ පර්යේෂණ කටයුතු සදහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සියලු කටයුතු සූදානම් බවයි. එසේම වෛද්‍ය පර්යේෂණ ආයතයේ වැඩිදියුණු විය යුතු රසායනාගාර පහසුකම් ඇතුළු අංශ පිළිබදව ද හෙතෙම මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

• අසත්‍ය ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න

ජනතාවගේ අරමුණ විය යුත්තේ මෙම වෛරසය මෙරට ව්‍යාප්ත වීම වළක්වා ගැනීම බව සදහන් කළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා බොහෝ අසත්‍ය පුවත් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළ වන බැවින් අනවශ්‍ය ලෙස කළබලයට පත් නොවී කටයුතු කිරීමේ වගකීමක් මහජනතාවට මෙන්ම ජනමාධ්‍ය ආයතන ද සතුවන බව අවධාරණය කළේය. චීනයේ සිට පැමිණෙන සියලු දෙනාට තහනමක් පැණවිය නොහැකිද යන්න ඇතැමුන් පුශ්න කළද ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව එසේ කළ නො‍හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

 

• පාර්ලිමේන්තුවට මේ සම්බන්ධව වාර්තාවක්

සෞඛ්‍ය බලධාරීන් ,වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට මෙහිදී පාර්ලිමේන්තුව වෙනුවෙන් ස්තුතිය පළ කරමින්, සෞඛ්‍ය , මානව සුභ සාධනය සහ සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් තිලකරාජා මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරි පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව වාර්තාවක් ද ඉදිරිපත් කරන බවයි . එසේම මෙවැනි තතත්වයකට මුහුණ දීමේදී අඩුපාඩු ලෙස පවතින වෛද්‍ය රසායනාගාර ඇතුළු අනෙකුත් පහසුකම් පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර කාරක සභාවේ නිර්දේශ තුළින් ඒවා විසදීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් J.M.B ජයවර්ධන මහත්මිය , ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය D.M.A.H අත්තනායක ඇතුළු වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

– රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

The post ශ්‍රී ලංකාවේ සංචාරකයින් පිළිබද පසුවිපරම් කිරීම සඳහා නව මෘදුකාංගයක් ක්‍රියාත්මකයි appeared first on ITN News.

Read More »

“ගමට ගෙයක් රටට හෙටක්” ව්‍යාපෘතිය හෙට කුරුණෑගලින් ඇරඹේ  

0 comments

ගමට ගෙයක් රටට හෙටක් සංකල්පය තුළ සෑම ග්‍රාම සේවා වසමකටම නිවසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය කුරුණෑගලින් හෙට ආරම්භ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියාසිටියේ.

 

 

The post “ගමට ගෙයක් රටට හෙටක්” ව්‍යාපෘතිය හෙට කුරුණෑගලින් ඇරඹේ appeared first on ITN News.

Read More »

අතහැරදමා ඇති නව නගර සැලසුම් හා නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට උපදෙස්  

0 comments

නව නගර සැලසුම් සහ නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමටත් අතහැර දමා තිබු නගර සැලසුම් හා නිවාස ව්‍යාපෘතිවල වැඩ අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන අවස්ථාවට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා පසුගිය දා මේ බව පැවසීය. තවද විදේශීය ඉදිකරීම් විශේෂඥයින් වෙනුවට දේශීය ඉදිකිරීම් විශේෂඥයින්ට අවස්ථාව ලබා දීමට කටයුතු කරන ලෙසත්, පිටරටින් රජයේ රෝහල්වලට ඇදන් ගෙන්වීම නතර කර, එම අවස්ථාව රජයේ කර්මාන්ත ශාලාවට ලබා දීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

දුෂ්කර ප්‍රදේශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොළඹ නතර වීමට ක්‍රීඩා නේවාසිකාගාරයක අවශ්‍යතාවය දැඩි ලෙස ඇති බැවින් එම ගොඩනැගිල්ල ඉදිකිරිම, පසුගිය කාලයේ අතහැර දමා තිබූ නගර සැලසුම් හා නිවාස ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීමත් ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලෙසට එහිදී උපදෙස් ලබා දුන්නේය.

– රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

The post අතහැරදමා ඇති නව නගර සැලසුම් හා නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට උපදෙස් appeared first on ITN News.

Read More »

ජාතික නිදහස් දින සමරු උලෙළ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්  

0 comments

72 වන ජාතික නිදහස් දින සමරු උලෙළ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් අද (31) සිට ක්‍රියාත්මකයි.

ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය හන්දිය දෙසින් පැමිණෙන රථ වාහන ලිබර්ටි වටරවුම ඔස්සේ පිත්තල හන්දිය දක්වාත් ලිප්ටන් වටරවුම ඔස්සේ වෝඩ් පෙදෙස,  යුනියන් පෙදෙස හා ඩීන්ස් පාර වෙතටත් ඇතුලු විය හැකි බවයි පොලීසිය සඳහන් කළේ. හැව්ලොක් මාර්ගයෙන් පැමිණෙන රථ වාහන තුම්මුල්ල දෙසින් තර්ස්ටන් පාර හා පිත්තල හන්දිය ඔස්සේ ධර්මපාල මාවතට ඇතුලු විය හැකියි. යුනියන් පෙදෙස සහ ඩීන්ස් පාර ඔස්සේ සොයිසා වටරවුමට පැමිණෙන රථ වාහන බොරැල්ල දෙසට ධාවනය කිරීම සඳහා වෝඩ්ස් පෙදෙස භාවිත කළ හැකි බවයි රථ වාහන පොලීසිය සඳහන් කළේ.

බෞද්ධා ලෝක මාවතට පිවිසෙන රථ වාහන බොරැල්ල කනත්ත වටරවුම දෙසින් පිටව යා හැකි වනවා. අද (31) සිට ක්‍රියාත්මක කෙරෙන මෙම රථ වාහන සැලැස්ම යටතේ හෙට (01) සහ අනිද්දා (02) උදෑසන 6 සිට පස්වරු 1 දක්වා වාහන ධාවනය කළ යුතු වනවා.

පෙබරවාරි 3 වනදා මෙම රථ වාහන සැලැස්ම පෙරවරු 8.30 සිට පස්වරු 1 දක්වා ක්‍රියාත්මකයි.

නිදහස් සමරු උලෙළ පැවැත්වෙන පෙබරවාරි 4 වනදා අලුයම 4 සිට දහවල් 1 දක්වා රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනවා.

The post ජාතික නිදහස් දින සමරු උලෙළ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් appeared first on ITN News.

Read More »

ගමට ගෙයක් රටට හෙටක් නිවාස සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්  

0 comments

ගමට ගෙයක් රටට හෙටක් දීප ව්‍යාප්ත නිවාස සංවර්ධන වැඩසටහන සාර්ථකව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

The post ගමට ගෙයක් රටට හෙටක් නිවාස සංවර්ධන වැඩසටහන ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් appeared first on ITN News.

Read More »

ඊජිප්තුවේ දකුණු දිග ප්‍රදේශයේ නගරයකින් වසර 2500ක් පැරණි පූජකවරුන්ගේ සොහොන් ගෙවල් සොයා ගැනේ  

0 comments

ඊජිප්තුවේ දකුණු දිග ප්‍රදේශයේ නගරයකින් වසර 2500ක් පැරණි පූජකවරුන්ගේ සොහොන් ගෙවල් සොයාගෙන තිබෙනවා.

අල්ගෝරිෆා පුරාවිද්‍යා භූමියේ පිහිටි සොහොන් ගෙවල් වලින්  විස්සකට ආසන්න මමි  සොයාගෙන තිබෙනවා. පැරණි මැටිබදුන් කිහිපයක් ද කැනීම්වලදී හමුවී තිබෙනවා. මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන හේතුවෙන් තම රටේ සංචාරක ආකර්ෂණය  ඉහළ යනු ඇති බවයි  ඊජිප්තු පුරා විද්‍යා නිලධාරීන් ප්‍රකාශ කරන්නේ.

පසුගිය වසරේ ඊජිප්තු පුරා විද්‍යාඥයින් ටොලමික් යුගයට අයත් මමියන් 50කින් යුත් සොහොන් ගෙයක් ද සොයා ගත්තා.

 

 

 

The post ඊජිප්තුවේ දකුණු දිග ප්‍රදේශයේ නගරයකින් වසර 2500ක් පැරණි පූජකවරුන්ගේ සොහොන් ගෙවල් සොයා ගැනේ appeared first on ITN News.

Read More »

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු සැකකරුවන් 6ක් යළි රිමාන්ඩ්  

0 comments

පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් යන අයගේ පියා වන දෙමටගොඩ ප්‍රදේශයේ
ව්‍යාපරික මොහොමඩ් ඊබ්‍රාහිම් නැමැත්තා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු පෙබරවාරි මස 14 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.

ඒ සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.

එබැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා . ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී .

මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි . ඔවුන් රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් රැඳවුම් නියෝග නිකුත් කර තිබුණි .

The post ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු සැකකරුවන් 6ක් යළි රිමාන්ඩ් appeared first on ITN News.

Read More »

ශානි අබේසේකරගේ පෙත්සම සළකා බැලීම මැයි 11වනදා  

0 comments

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මැයි මස 11 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) දින ලබා දුන්නා.

තමන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහායකයෙකු ලෙසට ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක් කරමිනුයි එම පෙත්සම ඔහු ගොනු කර ඇත්තේ. පෙත්සමට අදාළව වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බැවින් යළි නොතීසි නිකුත් කිරීමට අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නියෝග කළා.

තමන් නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ පිහිටුවන ලෙසයි ඔහු සිය පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ.

 

 

 

 

The post ශානි අබේසේකරගේ පෙත්සම සළකා බැලීම මැයි 11වනදා appeared first on ITN News.

Read More »

ආහාර විෂවීමකින් සිසුන් 41 දෙනෙකු රෝහලේ  

0 comments

ආහාර විෂවීමක් හේතුවෙන් සිසුන් 41 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

ගිනිගත්හේන කළුගල සිංහල මහා විද්‍යාලයේ සිසුන් පිරිසකුයි මෙසේ රෝහල්ගත කර ඇත්තේ.

විදුහලේ පැවති උත්සවයකදී ලබා දී ඇති මාළු පාන් ආහාරයට ගත් සිසුන් මෙසේ අසනීප වී ඇති බවයි ගිනිගත්හේන මහජන සෞඛ්‍ය පරීක්ෂක තිසර වීරසේකර මහතා පැවසුවේ.

රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

The post ආහාර විෂවීමකින් සිසුන් 41 දෙනෙකු රෝහලේ appeared first on ITN News.

Read More »

චීනයේ නිශ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පළමු මස තුළ 50% දක්වා පහතට  

0 comments

චීනයේ නිශ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පළමු මස තුළ සියයට 50 දක්වා පහත වැටී තිබෙනවා.

එය පසුගිය දෙසැම්බර් මාසයේ පැවතුනේ සියයට 50.2ක අගයකයි. නමුත් පරිගණක සන්නිවේදන, ඉලොට්‍රොනික උපකරණ නිශ්පාදනය කරන කර්මාන්ත අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව චීන වාර්තා සදහන් කරනවා.

ඉහළ බලශක්ති පරිභෝජනය කරන කර්මාන්තවල එම දර්ශකය සියයට 49ක් වූ අතර මේ වන විට එය අඩුවෙමින් පවතින බවද සදහන්. කොරෝනා වෛරසය හේතුවෙන් වෙළෙදපොලේ ඉල්ලුමේ වර්ධනය  එකවරම පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post චීනයේ නිශ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පළමු මස තුළ 50% දක්වා පහතට appeared first on ITN News.

Read More »

අනුරාධපුරය බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය  

0 comments

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

මහාචාර්ය තිස්ස විතාරණ මහතා ආණ්ඩුකාර ධුරයට පත්වීමෙන් පසු උතුරුමැද පළාතේ සංචාරක ක්ෂේත්‍රය පිළිබද නිරන්තරයෙන් ගැටලු ඉදිරිපත් වූණා.  ඒ පිළිබද සැළකිල්ලට ගනිමින් අනුරාධපුරය බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

උතුරු මැද පළාතේ සංචාරක හෝටල් හිමියන් දිස්ත්‍රික් වාණිජ මණ්ඩල නිලධාරීන් හා අමාත්‍යාංශ ලේකම්වරුන් සමග සාකච්ඡාවක් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. මෙහිදී අවශ්‍ය සියලු සහයෝගය රජයේ පාර්ශ්වයෙන් ලබා දෙන බවයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා සදහන් කළේ.

 

 

The post අනුරාධපුරය බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය appeared first on ITN News.

Read More »

වව්නියාව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම් ඇරඹෙයි  

0 comments

වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් මෙම කන්නයේ වී මිලදී ගැනීම දැන් සිදු කෙරෙනවා.

වව්නියා දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වී මිලදී ගැනීම වව්නියාවේදී සිදු කෙරුණා. රජයේ වී ගබඩාවල එම වී තොග ගබඩා කෙරෙනවා. සම්බා සහ නාඩු වී නියමිත ප්‍රමිතියට අනුව වියළා ඇත්නම් කිලෝග්‍රෑම් එකක් රුපියල් පනහක මුදලකට මිලදී ගැනීම සිදු කෙරෙනවා.

වියළා නැති වී කිලෝග්‍රෑම් එකක් මිලදී ගැනෙන්නේ රුපියල් 44 කටයි. කුඩා මෝල් හිමියන්ට සහන පොළී අනුපාත යටතේ ණය මුදල් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා.

 

 

 

The post වව්නියාව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම් ඇරඹෙයි appeared first on ITN News.

Read More »

ශ්‍රී ලංකාව තුළ නැනෝ තාක්ෂණය දියුණු කිරිමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ඇමති බන්දුල කියයි  

0 comments

ශ්‍රී ලංකාව තුළ නැනෝ තාක්ෂණය දියුණු කිරිමට හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි නැනෝ තාක්ෂණ ආයතනයේ වත්මන් තත්ත්වය හා ඉදිරි වැඩ කටයුතු පිලිබදව සොයා බැලිමට අමාත්‍යවරයා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වුණා. එම තාක්ෂණික ආයතනයේ ක්‍රියාකාරිත්වය පිලිබද එහි  විධායක නිළධාරින් සමග  සාකච්ඡා කෙරුණා.

නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මංජුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.

 

 

The post ශ්‍රී ලංකාව තුළ නැනෝ තාක්ෂණය දියුණු කිරිමට හැකි සෑම පියවරක්ම ගන්නා බව ඇමති බන්දුල කියයි appeared first on ITN News.

Read More »

2020 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම් වල වැඩිදියුණු වීමක් අපේක්ෂා කරනවා-මහබැංකු අධිපති  

0 comments

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතිකය 6.50% දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7.50% දක්වාත් පදනම් අංක 50කින් අඩු කිරීමට තීරණය කළ බව මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී.ලක්ෂ්මන් මහතා පැවසීය.

දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ මූල්‍ය වෙළඳපළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවයන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගත් බව මහ බැංකු අධිපතිවරයා පැවසූවේ (30) මහ බැංකුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. පසුගිය වසරේ 4වෙනි කාර්තුව තුළදී දේශීය ආර්ථික කටයුතු මන්දගාමීව පැවති නමුත් සුදුසු රාජ්‍ය මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග , ව්‍යාපාර විශ්වාස වැඩිදියුණු වීම හා දේශපාලන ස්ථාවරභාවය හේතු කොටගෙන 2020 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම් වල වැඩිදියුණු වීමක් අපේක්ෂා කරන බවද මහාචාර්ය ලක්ෂ්මන් මහතා තවදුරටත් කීය.

දේශීය සැපයුම් අඩාල වීම හේතුවෙන් 2019 දෙසැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගියේය. එහෙත් සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා අනුව 2020 වසරේදී උද්ධමනය 5%කට වඩා අඩු මට්ටමක පවතිනු ඇතැයි කෙටි කාලීන පූර්වෝකතනයන් මගින් දක්වා ඇතත් ඉන් පසුව උද්දමනය 4% -6% ත් අතර පරාසය තුළ ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

පසුගිය වසර අවසන් වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 0.6%කින් රුපියල අතිප්‍රමාන වූ අතර එම තත්වය මේ දක්වා නොවෙනස්ව පවතී.

2019 වසරේ අවසානය වන විට දළ නිළ විදේශ සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7.6ක් ලෙස ඇස්තමේන්තු කොට ඇති අතර එය මාස 4 1/2 ආනයන සඳහා ප්‍රමාණවත් වන බවද මහබැංකු අධිපතිවරයා කීය.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් වන අචාර්ය නන්දලාල් වීරසිංහ ,ආචාර්ය එම්.ඒ.කරුණාරත්න සහ ආචාර්ය සී.අමරසේකර යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරින් රැසක් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

– රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

The post 2020 වසරේදී ආර්ථික ක්‍රියාකාරකම් වල වැඩිදියුණු වීමක් අපේක්ෂා කරනවා-මහබැංකු අධිපති appeared first on ITN News.

Read More »

කොරෝනා ගැන බිය වන්න එපා – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි  

0 comments

කොරෝනා වෛරසය පිළිබද අනියත බියක් ඇතිකර ගත යුතු නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

හදුනාගත් රෝගියා සුවය ලබා තිබෙනවා. තවත් රෝගීන් හමුවුනහොත් ප්‍රතිකාර කිරීමේ කිසිදු ගැටලුවක් නැති බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. වූහාන්වල සිටින ශ්‍රී ලාංකික සිසුන්ද සුවෙන් සිටිනවා.

මේ අතර කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයන් සංඛ්‍යාව දස දහසකට ආසන්නයි.

කෙරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වී නැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ජනතාවට එදිනෙදා කටයුතු සිදු කිරීමේ කිසිදු ගැටලුවක් නැහැ. වෛරසය ආසාදනය වූ බවට තහවුරු කර ගත් චීන ජාතික කාන්තාවගෙන්ද කිසිවෙකුටත් රෝගය බෝවීමේ ඉඩක් මේ වන විට නැති බවයි සෞඛ්‍ය අංශ තවදුරටත් අවධාරණය කරන්නේ.

චීනයේ වූහාන්වල සිටින ශ්‍රී ලාංකික සිසුන් කිසිවෙකුටත් කොරොනා වෛරසය ආසාදිත වී නොමැති බව චීනයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති කේ කේ යෝගනාදන් මහතා පවසනවා. එම සිසුන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් කඩිනමින්ම සුබවාදී පිළිතුරක් ලැබෙනු ඇති බවයි ඒ මහතා පවසන්නේ.

කොරෝනා වෛරසය මෙරටට ව්‍යාප්තවීම වැළැක්වීම සදහා නැනෝ තාක්ෂණය හා සමන්විත නව මෘදුකාංගයක් සකස් කර තිබෙනවා.

මුඛ ආවරණ පැළදීම අත්‍යවශ්‍ය නොවූවද සියලු දෙනා ඒවා මිලදී ගැනීමට යාම හේතුවෙන් දිවයින පුරා ඒවායෙහි හිගයක් ඇති වුණා. ඇතැම් ඖෂධහල් හිමියන් වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කිරීම නිසා රුපියල් පහළොවක පාලන මිලක් නියම කිරීමටද රජයට සිදු වුණා.

කෙසේ වෙතත් මේ වන විට මුඛ ආවරණවල හිගයක් නැති බවයි පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ.

මේ අතර කොරෝනා වෛරසය පැතිරයාමත් සමග ගෝලීය වශයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ තීරණය කළා. රටවල් රැසකින් වෛරසය ආසාදනය වූවන් හමුවුවද චීනය හැර කිසිදු රටකින් මරණ වාර්තා වී නැහැ. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සිය ජනතාවට අවවාද කළේ චීනයේ සංචාරයෙන් වළකින ලෙසයි.

 

The post කොරෝනා ගැන බිය වන්න එපා – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම අද  

0 comments

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම අද (31) සිදුවනවා. යුරෝපා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී බ්‍රෙක්සිට් ගිවිසුමට ඊට පක්ෂව ඡන්ද 621 ක් ලැබුණා.  විරුද්ධව ඡන්ද 49ක් හිමිවුණා.

වසර 47කට පසු බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සූදානම් වෙද්දී,  බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කරන්නේ තම රටට නව යුගයක් උදාවන බවයි.

 

The post බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම අද appeared first on ITN News.

Read More »

විධිමත් කළමනාකරණය තුළින් ශක්තිමත් අනාගත පරපුරක් බිහිකරනවා – ඇමති රමේෂ්  

0 comments

විධිමත් කළමනාකරණය තුළින් ශක්තිමත් අනාගත පරපුරක් බිහිකරන බව  අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

බණ්ඩාරගම වල්ගම,  ශ්‍රි සද්ධාතිස්ස මහා විද්‍යාලයේ පැවති නිවාසාන්තර ක්‍රීඩා උළෙලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විද්‍යාලයේ විදුහල්පති සිසු දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post විධිමත් කළමනාකරණය තුළින් ශක්තිමත් අනාගත පරපුරක් බිහිකරනවා – ඇමති රමේෂ් appeared first on ITN News.

Read More »

කැස්බෑව නගර සංවර්ධනය සඳහා වත්මන් රජයෙන් පියවර රැසක්  

0 comments

කැස්බෑව නගර සංවර්ධනය සදහා වත්මන් රජය පියවර රැසක් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

කැස්බෑව නගර සභාවේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. වර්ග අඩි පනස් පන්දහසකින් සමන්විතවයි නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරෙන්නේ.

ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 637 ක්. කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක් වුණා.

The post කැස්බෑව නගර සංවර්ධනය සඳහා වත්මන් රජයෙන් පියවර රැසක් appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියා රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි  

0 comments

ඕස්ට්‍රේලියාවේ දකුණු කැන්බරා ප්‍රදේශයේ පැතිර යන දැවැන්ත ලැව් ගිනි හේතුවෙන් එරට රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

කැන්බරා නගරයට දකුණින් පිහිටි මෙම ප්‍රදේශයේ හටගත් ගින්න හේතුවෙන් හෙක්ටයාර 18500ක භූමි ප්‍රමාණයක් දැවෙමින් පවතින බවයි ඕස්ට්‍රේලියා වාර්තා සදහන් කරන්නේ. එම ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබෙනවා.

සිඩ්නි සහ මෙල්බන් නගර පිහිටා ඇති මෙම කුඩා භූමියේ පදිංචිකරුවන් ලක්ෂ හතරක් පමණ සිටිනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 11කට අධික ප්‍රමාණයක් විනාශ වුණා.

The post ඕස්ට්‍රේලියා රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි appeared first on ITN News.

Read More »

චිලී රාජ්‍යයේ ගිනි කදු වඩාත් සක්‍රීයවීමේ අවදානමක්  

0 comments

චිලී රාජ්‍යයේ ගිනි කදු වඩාත් සක්‍රීයවීමේ අවදානමක් පවතින බැවින් ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස අනතුරු අගවා තිබෙනවා.

චිලී, ජාතික භූ විද්‍යා හා පතල් සේවය මෙම නිල නිවේදනය ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ඉදිරි සතිවලදී ගිනි කදු පිපිරීමක් අපේක්ෂා කළ හැකි බවයි.

මීට පෙර චිලී රාජ්‍යයේ ගිනි කදු පුපුරා යාමක් සිදුව ඇත්තේ 2015 අප්‍රේල් මාසයේදී. වඩාත් සක්‍රීය ගිනි කදු පිහිටා තිබෙන්නේ උතුරු ප්‍රදේශයේයි.

ඒ ලස්කාර්, සැන්පෙට්රෝ සහ ඉස්ලුහා යන ගිනි කදුයි.

The post චිලී රාජ්‍යයේ ගිනි කදු වඩාත් සක්‍රීයවීමේ අවදානමක් appeared first on ITN News.

Read More »

වියදම් අඩු අභිමානවත් නිදහස් දින උලෙළක්  

0 comments

72 වන නිදහස් දින සැමරුම වෙනත් වසරවලට සාපේක්‍ෂව අඩු වියදමකින් අභිමානවත්ව පැවැත්වීමට කටයුතු කරන බව රජයේ නියෝජිතයන් පවසනවා. ජනතාවට අපහසුතාවක් ඇති නොවන පරිදි ඒ සඳහා නිදහස් චතුරස්‍ර පරිශ්‍රය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.

 

 

 

The post වියදම් අඩු අභිමානවත් නිදහස් දින උලෙළක් appeared first on ITN News.

Read More »

ජාවාරම් සිදු කෙරෙන ඇමෙරිකා – මෙක්සිකෝ දීර්ඝතම උමඟ සොයාගනී  

0 comments

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවෙන් මෙතෙක් හමුවූ ජාවාරම් සිදු කෙරෙන දීර්ඝතම උමං මාර්ගය සොයා ගෙන තිබෙනවා.

මීටර් 1313ක් දිගට විහිදෙන මෙම උමඟට සෝපානයක් , දුම්රිය මාර්ගයක්, ජලපවාහන හා වාතාශ්‍ර පද්ධතියක් සහ අධිවෝල්ටීයතා විදුලි රැහැන් පද්ධතියක් ද ඇති බව සඳහන්. මෙක්සිකෝවේ ටිජුවානා සිට කැලිෆෝනියාවේ සෙන්ඩියාගෝ දක්වා මෙම උමං මාර්ගය දිව යනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම උමඟ ඉදිකිරීම පිටුපස සිටින බවටයි බලධාරීන් සැක පළකරන්නේ.

 

 

 

The post ජාවාරම් සිදු කෙරෙන ඇමෙරිකා – මෙක්සිකෝ දීර්ඝතම උමඟ සොයාගනී appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි  

0 comments

ඉන්දියාවෙන් කොරෝනා වෛරසය ආසාදිත පළමු රෝගියා වාර්තා වී ඇති බවත් ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණි සිසුවෙකු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

The post ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමුවෙයි appeared first on ITN News.

Read More »

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති‍ගෙන් පෙත්සමක්  

0 comments

අකුරැස්ස ප්‍රාදේශීය  සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් යන අය අභියාචනාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොණු කළා.

කොළඹ මහාධිකරණය ඔහුට ලබාදුන් වසර 15ක සිර දඬුවමට එරෙහිවයි. තමා යටතේ සේවය කළ අඹුසැමි යුවලකගේ දැරිය දූෂණ කිරීමේ වරදට ඔහුට වසර 15 ක  බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ පසුගිය 09 වනදායි.

The post අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති‍ගෙන් පෙත්සමක් appeared first on ITN News.

Read More »

සහරාන් සමග සබඳතා පැවැත්වූ බව කියන සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරයට  

0 comments

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ හිටපු නායක මොහොමඩ් සහරාන් සමග සබදතා පැවැත්වූ බව කියන සැකකරුවකු ලබන 06 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කෙරුණේ. අබුසාලි අබුබකර්  නමැති සැකකරු රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරු ත්‍රස්ත ක්‍රියාවලට ආධාර උපකාර කර ඇති බව පරික්ෂණවලින් හෙළි වූ බවයි රහස් පොලීසිය අධිකරණයට ප්‍රකාශ කළේ.

The post සහරාන් සමග සබඳතා පැවැත්වූ බව කියන සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.

Read More »

ලැව්ගිනි සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කරයි  

0 comments

ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව්ගිනි සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කිරිමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ආරම්භ වූ ලැව් ගිනි මේ වන විට පාලනය කර ඇති නමුත් ප්‍ර දේශ කිහිපයක තවමත් ලැව් ගිනි පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයේ පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. නිවාස දහස් ගණනකට හානි  ද සිදුවුණා. මාස කිහිපයක් පුරා පැවති ලැව් ගිනි පාලනය කිරීමට නොහැකි විම සහ කිසියම් පිරිසක් මෙය සිදුකළාදැයි යන්න පිළිබදව මෙහිදී විමර්ශනය කෙරෙනු ඇති. මාස 6ක කාලයක් තුල අදාළ පරික්ෂණය අවසන් කිරීමට නියමිතයි.

 

 

The post ලැව්ගිනි සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කරයි appeared first on ITN News.

Read More »

බිලියන 130 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය  

0 comments

පසුගිය රජය විසින් නොගෙවන ලද ගෙවීම් සිදුකිරිම සඳහා රුපියල් බිලියන 130 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව සදහන් කළේ.

 

 

The post බිලියන 130 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

Read More »

ජනතා ගැටළුවලට මැදිහත්වීමට පවා නොහැකි තත්ත්වයට එජාප නියෝජිතයන් පත් වෙලා  

0 comments

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ඇති ගැටුම් හමුවේ ජනතා ගැටළුවලට මැදිහත්වීමට පවා නොහැකි තත්ත්වයට එජාප නියෝජිතයන් පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.

මීරිගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන්  හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා ද එක්සත් ජාතික පක්ෂ අර්බුධය සම්බන්ධයෙන් අදහස් පල කළා.

 

 

 

The post ජනතා ගැටළුවලට මැදිහත්වීමට පවා නොහැකි තත්ත්වයට එජාප නියෝජිතයන් පත් වෙලා appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG