Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දැඩි සුළගකින් නිවාස රැසකට හානි  

0 comments

මින්නේරිය සමගිපුර හරහා හමාගිය දැඩි සුළගකින් නිවාස රැසකට හානි සිදු වුණා. එමෙන්ම මාර්ග හා නිවාස කිහියක් මතට ගස් කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මින්නේරිය පුරාන දේවාලය ප්‍රදේශයේ නිවසක් මතට පොල් ගසක් කඩා වැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මේ අතර නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයට වරකාව ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීමෙන් අත්‍යවශ්‍ය සේවා සපයන වාහනවලට එම මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වුණා.

අවට තිබූ විදුලි හා දුරකතන රැහැන් පද්ධතියටද හානි සිදු ව තිබෙනවා. මෙම ගස කපා ඉවත් කිරීමට පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය  සභාව කටයුතු කළා.

 

 

The post දැඩි සුළගකින් නිවාස රැසකට හානි appeared first on ITN News.

Read More »

යල කන්නයේ පොහොර බෙදාදිම විසි වනදා සිට  

0 comments

යල කන්නය වෙනුවෙන් ලබන 20 වනදා සිට පොහොර බෙදාදෙන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

යල කන්නයේදි හෙක්ටාර පන් ලක්ෂ විසි තුන් දහසකට වැඩි භූමි ප‍්‍රමාණයක් අස්වැද්දීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ සදහා පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස් දහසකට වැඩි ප‍්‍රමාණයක් අවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කෘෂිකාර්මික ව්‍යාපෘති සදහා අස්වැන්න නමින් විශේෂ ණය යෝජනා ක‍්‍රමයක් හදුන්වා දීමට ද රජය තීරණය කර තිබෙනවා. ඒ යටතේ ගොවියෙකුට රුපියල් ලක්ෂ තිහක් දක්වා වු සහන ණය මුදල් ඉල්ලුම් කළහැකි වන අතර එය ලබන සතියේ සිට ආරම්භ කරන බවයි බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ.

The post යල කන්නයේ පොහොර බෙදාදිම විසි වනදා සිට appeared first on ITN News.

Read More »

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ හතලිස් දෙදහස් අටසියකට වැඩි පිරිසක් අත්අඩංගුවට  

0 comments

අද (01) උදෑසන 6.00න් අවසන්වූ පැය 24 තුළ පමණක් ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 709 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 218 ක්. ලබන 15 වනදා දක්වා පොලිස් නිලධාරින්ගේ නිවාඩු තවදුරටත් අවලංගු කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

කොරෝනා වසංගතය පාලනයට ඇඳිරිනීතිය පැනවීම ඇතුළු පොලීසිය ගත් අනෙකුත් කි‍්‍රයාමාර්ග සදහා නීතිපති දප්පුල ද ලිවේරා මහතා අනුමැතිය ලබාදි තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කලේ වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ඉල්ලා සිටිමෙන් පසු නීතිපතිවරයා මෙම අනුමැතිය ලබාදි ඇති බවයි.

The post ඇඳිරිනීතිය උල්ලංඝනය කළ හතලිස් දෙදහස් අටසියකට වැඩි පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

මනුෂ්‍යත්වයේ සත්කාරයට අගමැතිගෙන් රුපියල් මිලියන 10ක්  

0 comments

රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කලාකරුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ක්‍රියාත්මක කර තිබෙනවා.

පීඩාවට පත් කලාකරුවන්ට සහන සැලසීම සඳහා ඉදිරිපත්ව සිටින ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහනට  අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 10 ක මුදලක් පරිත්‍යාග කෙරුණා.

කලාකරුවන් ක්ෂේත්‍රය තුළ රඳවා ගැනීමත් දිරිගැන්වීමත් අරමුණු කර ගනිමින් ඔවුන්ට සහන ලබා දීමේ වැඩපිළිවෙළක් මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කර ඇත්තේ එහි නීති ප්‍රතිපාදනවලට අනුවයි. ඒ යටතේයි ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය සඳහා රුපියල් මිලියන 10 ක මුදල ප්‍රදානය කෙරුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා වෙත එම මුදල විජේරාම නිල නිවසේදී ප්‍රදානය කෙරුණා. මෙම අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා ද සහභාගී වූ අතර මෙම කටයුත්ත සම්බන්ධීකරණය කළේ බුද්ධශාසන හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතායි.

 

 

 

The post මනුෂ්‍යත්වයේ සත්කාරයට අගමැතිගෙන් රුපියල් මිලියන 10ක් appeared first on ITN News.

Read More »

ලබන සදුදා සිට දුම්රිය සේවා සැලසෙන කණ්ඩායම් ගැන දැනුම් දිමක්  

0 comments

ලබන සඳුදා (04)  සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන සේවකයන් සඳහා දුම්රිය සේවා සැලසෙන්නේ අදාල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ප‍්‍රධානින් නිර්දේශ කර ඉල්ලුම් කර ඇති සේවකයන් සඳහා පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

එලෙස ගමන්වාර වෙන්කර නොගත් මගිීන් එදිනට දුම්රිය ස්ථානයට පැමිණීමෙන් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ලබන 11 වනදා සිට 15 වනදා සතිය සඳහා ගමන් වාර වෙන් කිරිම ඔන්ලයින් ක‍්‍රමයට පමණක් සිදු කෙරෙනවා.

ලබන සඳුදා (04) සිට අත්‍යවශ්‍ය සේවා සදහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩල සදහා සියලු දුම්රිය මාර්ගවල ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක වන බවයි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

The post ලබන සදුදා සිට දුම්රිය සේවා සැලසෙන කණ්ඩායම් ගැන දැනුම් දිමක් appeared first on ITN News.

Read More »

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 653 දක්වා ඉහළට  

0 comments

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 653 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

The post මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 653 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ආණ්ඩුව වෙහෙසෙන්නේ කොරෝනා මර්දනයට මිස ඡන්දයට නෙවෙයි  

0 comments

රජයේ සෞඛ්‍ය අංශ හා ත්‍රිවිධ හමුදාව වෙහෙසෙන්නේ කොරෝනා අර්බුදයෙන් මිදීමට මිස රජයේ ඉලක්කය මැතිවරණයක් නොවන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

 

The post ආණ්ඩුව වෙහෙසෙන්නේ කොරෝනා මර්දනයට මිස ඡන්දයට නෙවෙයි appeared first on ITN News.

Read More »

තමා මැතිවරණයෙන් පරාජය කිරිම චිනයේ අරමුණ බව ට‍්‍රම්ප් කියයි  

0 comments

මීලග ජනාධිපතිවරණයෙන් තමා පරාජයට පත්කිරිම චීනයේ අරමුණ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළා.

ඒ වෙනුවෙන් චීනය හැකි සෑම දෙයක්ම සිදුකරන බවටයි ඔහු චෝදනා කරන්නේ. කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඊට වක‍්‍රාකාරයෙන් හෝ චීනය වගකිව යුතු බවයි ට‍්‍රම්ප් පෙන්වා දෙන්නේ.

තත්වය පාලනය කිරිම සදහා ඇමරිකාව පැනවූ දැඩි නීති හෙට (01) සිට ලිහිල් කිරිමටයි නියමිත. ඒ ඇමරිකාවෙන් කොරෝනා ආසාධිතයන් 1,064,572ක් වාර්තාවී ඇති පසුබිමක. 61,669 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. වසංගතයෙන් වැඩිම බලපෑම් එල්ලවූ රට ලෙසයි ඇමරිකාව සැලකෙන්නේ.

 

The post තමා මැතිවරණයෙන් පරාජය කිරිම චිනයේ අරමුණ බව ට‍්‍රම්ප් කියයි appeared first on ITN News.

Read More »

යේමනයේ පළමු කොරෝනා මරණ දෙක වාර්තා වෙයි  

0 comments

යේමනයේ පලමු කොරෝනා මරණ දෙක වාර්තා වුණා.

එරටින් කොරෝනා ආසාධිතයන් හය දෙනෙකු වාර්තාවි ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. වසර ගණනාවක් පුරා යුද්ධයෙන් පීඩාවිදින යේමනයට කොරෝනා වසංගතය ව්‍යප්ත වුවහොත් දැඩි බලපෑමවලට මුහුණදීමට සිදුවනු ඇතැයි විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

මේ අතර මාලදිවයිනෙන් ද පළමු කොරෝනා මරණය වාර්තාවී තිබෙනවා. එරටින් තහවුරු කරගත් ආසාධිතයන් සංඛ්‍යාව 278 ක්. 17 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා තිබෙනවා.

The post යේමනයේ පළමු කොරෝනා මරණ දෙක වාර්තා වෙයි appeared first on ITN News.

Read More »

ශ‍්‍රී‍්‍රී ලංකාවේ කොරෝනා පාලනය කිරිමට ඔස්ටෙ‍්‍රිලියාවේ සහාය  

0 comments

කොරෝනා වසංගතය පාලනය කිරිම සදහා ශ‍්‍රී‍්‍රී ලංකාව ක‍්‍රියාත්මක කරන වැඩපිලිවෙලට සහාය පළකරන බව ඔස්ටෙ‍්‍රිලියාව ප‍්‍රකාශ කළා.

ඒ යටතේ හිස් ආවරණ සහ මුව ආවරණ තොගයක් යුද හමුදාපතිවරයාට පිරිනැමීම සිදුවුණේ ඔස්ටෙ‍්‍රිලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහ කොමසාරිස්වරයාගේ ප‍්‍රධානත්වයෙන්. ඒවායේ වටිනාකම ඔස්ටෙ‍්‍රිලියානු ඩොලර් එක්ලක්ෂ පනස් දහස ඉක්මවනවා.

ඕනෑම අවස්ථාවකදී ශ‍්‍රීලංකාවට සහාය ලබාදීමට තම රජය සුදානම් බව ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවේදී කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළා.

කොරෝනා වසංගතය පාලනය සදහා දැනට ක‍්‍රියාත්මක වැඩපිලිවෙල ද ඔවුන්ගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

The post ශ‍්‍රී‍්‍රී ලංකාවේ කොරෝනා පාලනය කිරිමට ඔස්ටෙ‍්‍රිලියාවේ සහාය appeared first on ITN News.

Read More »

බොලිවුඩයේ තවත් සුපිරි තරුවක් නිවී යයි  

0 comments

බොලිවුඩයේ ජනප‍්‍රිය නලුවෙකු වන රිෂී කපුර් අභාවප‍්‍රාප්ත වුණා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 67 ක්. වසර දෙකකට වැඩි කාලයක් රිෂි කපුර් පිලිකා තත්වයකින් පීඩාවිදි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 1970 දී මෙරා නාම් ජෝකර් චිත‍්‍රපටයේ දරුවෙකුගේ චරිතය රඟ දක්වමින් ඔහු ක්ෂේත‍්‍රයට පිවිසියා. එම චිත‍්‍රපටය සදහා ඉන්දීය ජාතික සම්මානය හිමිකරගැනීමට ද රිෂී කපුර් සමත්විම විශේෂත්වයක්.

ඉන්පසුව ඔහු වඩාත් ජනප‍්‍රියත්වයට පත්වුණේ 1973 වසරේදී තිරගතවූ බොබී චිත‍්‍රපටයෙන්. චිත‍්‍රපට 90 කට වැඩි සංඛ්‍යාවකට ඔහු රංගන දායකත්වය ලබාදී ඇති බවයි ඉන්දිය වාර්තාවල දැක්වෙන්නේ. ඔහුගේ අවසන් චිත‍්‍රපටය වන්නේ අමිතාබ් භච්චන් සමග රඟපෑ 2018 වසරේදී තිරගතවූ වන් සීරෝ ටු නොටවුට් චිත‍්‍රපටයයි.

ඉන්දියාවේ සිනමා නලු නිලියන් සහ දේශපාලනඥයන් ඇතුලු පාර්ශ්ව රැසක් රිෂී කපුර්ගේ අභාවය පිලිබද සිය ට්විටර් ගිණුම්වල ශෝක පණිවිඩ සටහන් කර තිබෙනවා.

The post බොලිවුඩයේ තවත් සුපිරි තරුවක් නිවී යයි appeared first on ITN News.

Read More »

PCR පරීක්ෂණ තවදුරටත් පුළුල් කෙරේ  

0 comments

කොරෝනා වෛරසය පාලනය සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙළ යටතේ PCR පරීක්ෂණ තවදුරටත් පුළුල්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අඛණ්ඩව සිදුවෙනවා. එම ධාරිතාව හැකිතාක් දුරට පුළුල් කිරීමටයි රජය පියවර ගෙන ඇත්තේ. මේ වන විට දිනකදී සිදු කෙරෙන PCR පරීක්ෂණ සංඛ්‍යාව 1500 ඉක්මවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ හේතුවෙන් කඩිනමින් වෛරසය ආසාදිත වූවන් හඳුනාගැනීමට හැකිවී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

මෙරටින් කොරෝනා ආසාදිතයින් 649 දෙනෙකු මේ දක්වා වාර්තා වී ඇති අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 139 ක්.

 

 

 

 

The post PCR පරීක්ෂණ තවදුරටත් පුළුල් කෙරේ appeared first on ITN News.

Read More »

තවත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු සුවය ලබයි  

0 comments

තවත් කොරෝනා ආසාදිතයන් 3 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 139 දක්වා ඉහළ ගියා.

The post තවත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News.

Read More »

කොරෝනා පාලනයේදී ශ්‍රී ලංකාවේ ඉහළ ප්‍රගතියක්  

0 comments

ස්ථාන 3ක හැර අනෙක් සියලු තැන්හි කොරෝනා වෛරසය පාලනය කර ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

ලොව සෙසු රටවල් හා සැසදීමේදී ද කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම අතින් ශ්‍රී ලංකාව ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

The post කොරෝනා පාලනයේදී ශ්‍රී ලංකාවේ ඉහළ ප්‍රගතියක් appeared first on ITN News.

Read More »

යාපනයේ පාසල් නිරෝධායනයට යොදා ගන්නා බවට ගෙන යන ප්‍රචාර අසත්‍යයි  

0 comments

යාපනය ප්‍රදේශයේ පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

නිරෝධායන මධ්‍යස්ථාන 35 ක තවදුරටත් පුද්ගලයන් හාරදහස් එකසිය විසිහය දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

The post යාපනයේ පාසල් නිරෝධායනයට යොදා ගන්නා බවට ගෙන යන ප්‍රචාර අසත්‍යයි appeared first on ITN News.

Read More »

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල ආපනශාලා සහ වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්  

0 comments

ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල ආපනා ශාලා හා අනෙකුත් වෙළෙඳ ආයතන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් කඩකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම එම වැඩපිළිවෙලේ අරමුණයි.

ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත් කෙරෙන ප්‍රදේශවල වසා දමා තිබූ ආපන ශාලා හා ආහාර ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථාන යළි විවෘත කිරීමත් සමඟ ජනතාව එම ස්ථානවලට වැඩි වශයෙන් පැමිණෙමින් සිටිනවා. කොරෝනා වෛරසය පාලනය සඳහා හඳුන්වා දී ඇති ක්‍රමවේද හා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මෙම ආයතන කටයුතු කරන්නේ ද යන්න නිරතුරුව පරීක්ෂාවට ලක් කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එවැනි පරීක්ෂාකිරීම් රැසක් සිදු කෙරුණා. සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් කටයුතු කරන ලෙසයි වෙළෙඳුන්ට සහ පාරිභෝගිකයින්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබා දුන්නේ.

මහනුවර ගෙලිඔය නගරයේ වෙළෙඳසැල් මෙන්ම පදික වෙළෙඳුන් සිදුකරන වෙළදාම් පිළිබඳවද පරීක්ෂා කිරීම් සිදු කෙරුණා. සෞඛ්‍යයට අහිතකර ආහාර අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයකට නඩු පැවරීමට පියවර ගැනුනු අතර පදික වෙළෙඳාමේ යෙදී සිටි වෙළෙඳුන් ඉවත් කිරීම ද සිදුවුණා. ගෙලිඔය නගරයේ වෙළෙඳසැල් හා මංමාවත් විෂබීජහරණයට ද ලක් කෙරුණේ පාර්ශ්ව කිහිපයක සහයෝගය මතයි.

 

 

 

The post ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල ආපනශාලා සහ වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.

Read More »

කොරෝනාව නිසා නාවික විරුවන් කොන් නොකරන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලීමක්  

0 comments

කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මුල්කර ගනිමින් වීරෝදාර නාවික හමුදා සෙබලුන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල උදවියට ද වෙනස්කම් නොකරන්නැයි ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඉල්ලා සිටිනවා.

 

 

The post කොරෝනාව නිසා නාවික විරුවන් කොන් නොකරන්නැයි ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේත් ආසියාවේත් කොටස් වෙළෙඳපොළ ඉහළ යයි  

0 comments

කොරෝනා වෛරසයට එරෙහිව ලොවපුරා එන්නත් අත්හදා බැලීම ආරම්භ කිරීමත් සමඟ ඇමෙරිකානු හා ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළ ගොස් තිබෙනවා.

ජපානයේ නිකී 225 දර්ශකය  2.3%කින් හා ඕස්ට්‍රේලියා ASX 200 දර්ශකය 1.2%කින් ඉහළ ගොස් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ. ඇමෙරිකාවේ කොටස් වෙළෙඳපොළද නැවත වරක් ශක්තිමත් වී තිබෙනවා.  ඩෝව් ජෝන්ස් කාර්මික දර්ශකය 2.2% කින් ද S & P 500දර්ශකය 2.7 %කින් හා නැස්ඩැක් දර්ශකය 3.6% කින්ද ඉහළගොස් ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

The post ඇමෙරිකාවේත් ආසියාවේත් කොටස් වෙළෙඳපොළ ඉහළ යයි appeared first on ITN News.

Read More »

ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 91ක් නිරෝධායන කටයුතු අවසන් කර පිටව යයි  

0 comments

ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයන් 91 දෙනෙකු නිවෙස් බලා  අද (30) පෙරවරුවේ පිටව ගියා.

කොළඹ තොටළඟ,  ගුණසිංහපුර,  ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකුයි මෙසේ නිරෝධායනය අවසන් කළේ. ඔවුන් යුද හමුදාවේ බස් රථ 4 කින් කොළඹට රැගෙන ඒමට පියවර ගැනුණා.

The post ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 91ක් නිරෝධායන කටයුතු අවසන් කර පිටව යයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්මවයි  

0 comments

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33000 ඉක්මවා තිබියදී මරණ සංඛ්‍යාව දහස ඉක්මවූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

එහෙත් එළඹෙන තුන්වන දින සිට වසාදැමීමේ නීති ලිහිල් කිරීමේ සූදානමක් පවතින බවට රජයේ ආරංචි මාර්ග සදහන් කරනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන නගර තුළ සිරවී සිටින වෙනත් ප්‍රාන්ත වැසියන්ට ගම්බිම් බලා යාමට අවස්ථාව උදාවනු ඇති.

The post ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්මවයි appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24ට වෛරසය ආසාදනය වූ කිසිදු දකුණු කොරියානුවෙකු වාර්තා වී නැහැ  

0 comments

ගතවූ පැය 24ට කොරියාවෙන් වෛරසය ආසාදනය වූ කිසිදු දකුණු කොරියානුවෙකු වාර්තා වී නැහැ. එහෙත් එරටට පැමිණි විදේශිකයින් 4 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරනවා.

පසුගිය මාස දෙකේදීම කොරෝනා ආසාධිතයන් වාර්තාවීමේ සීග‍්‍ර අඩුවක් පැවති බව එරට වසංගත රෝග මර්දන හා වැලැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

දකුණු කොරියාවෙන් වාර්තාවන මුළු ආසාධිතයන් සංඛ්‍යාව දස දහස් හත්සිය හැට පහක්. මරණ 247 ක් ද සිදුවුණා.

The post ගතවූ පැය 24ට වෛරසය ආසාදනය වූ කිසිදු දකුණු කොරියානුවෙකු වාර්තා වී නැහැ appeared first on ITN News.

Read More »

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පෞද්ගලික කර්මාන්ත ශාලාවල සේවාවන් යළි අරඹයි  

0 comments

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග බොහෝ කලක් වසාදමා තිබූ පෞද්ගලික කර්මාන්ත ශාලාවල සේවාවන් දැන් යළි ආරම්භකර තිබෙනවා.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු සිදුකළ හැකි කර්මාන්ත ශාලා යළි ආරම්භ කිරීමට රජය අවසර ලබාදුන්නා. ඒ අනුව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ ක්‍රියාත්මක ආයතනවල නිෂ්පාදන කටයුතු යලි ආරම්භ කිරීම පිළිබද එම නිලධාරීන් සොයා බැලුවා.

සමස්ත සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක පිරිසක් කැදවා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් මෙම කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු ක්‍රියාත්මකයි.

The post සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පෞද්ගලික කර්මාන්ත ශාලාවල සේවාවන් යළි අරඹයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ සිට තවත් සිසුන් 143ක් දිවයිනට  

0 comments

ඉන්දියාවේ නව දිල්ලි සිට තවත් සිසුන් 143 දෙනෙකු අද (29) ශ්‍රී ලංකාවට පැමිණියා.

කොරෝනා ව්‍යාප්තියත් සමග විදේශයන්හි සිරවී සිටින තමන් මව්බිමට ගෙන්වා ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් සහ රජයෙන් කළ ඉල්ලීමට අනුවයි මෙම පිරිසට මෙරටට පැමිණිමට හැකිවුණේ.

යූ එල් 119 දරණ ගුවන් යානයෙන් මෙම පිරිස දිවයිනට පැමිණියේ ගුවන් යානය තුළදී ද සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින්. ඊයේ (28) දිනයේ ද බැංගලෝර් හි සිට 164 දෙනෙකු මෙරටට පැමිණියා.

මෙම සියලු දෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී විෂබීජහරණයට ලක්කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානකරා යොමුකෙරුණා.

 

The post ඉන්දියාවේ සිට තවත් සිසුන් 143ක් දිවයිනට appeared first on ITN News.

Read More »

උතුරු කොරියා නායකයා මෑතකාලීනව හමුනොවු බව ඇමරිකා රාජ්‍ය ලේකම් කියයි  

0 comments

උතුරු කොරියා නායක කිම්ජොන් උන් මෑතකාලීනව හමුනොවු බව ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප‍්‍රකාශ කළා.

ඔහු අවසන් වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේ පසුගිය 12 වනදා බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. දැඩිව රෝගාතුරව සිටි කිම් ජොන් උන් මියගිය බවට ද තොරතුරු වාර්තාවුණා.

එහෙත් එම වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව දකුණු කොරියාවද සදහන් කළා. කොරෝනා වසංගතය හේතුවෙන් සිය දේශසීමා වසා දැමීමට උතුරු කොරියා නායකයා තීරණය කළේ පසුගිය ජනවාරි මාසයේදී.

The post උතුරු කොරියා නායකයා මෑතකාලීනව හමුනොවු බව ඇමරිකා රාජ්‍ය ලේකම් කියයි appeared first on ITN News.

Read More »

කොරෝනාවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික ආයතනවල තොරතුරු ONLINE මගින් දැනුම් දෙන්න  

0 comments

කොරෝනා හෙවත් COVID – 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් කරයි.

ඒ අනුව, මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතනවල පැවැත්ම හා ඒවායෙහි සේවය කරන අයගේ රැකියාවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීමට සහ එම ආයතනවලට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධයෙන් සලකා බැලීමට රජයට පහසු වීම සඳහා මෙම සමීක්ෂණය අතිශයින් වැදගත් වෙයි.

එමනිසා සියලු පෞද්ගලික ආයතන විසින් මෙම සමීක්ෂණයට අදාල පෝරමය කම්කරු දෙපාර්තමේන්තුවේ www.labourdept.gov.lk අඩවියට පිවිස ONLINE හරහා සම්පූර්ණ කොට 2020 මැයි මස 03 වැනිදා හෝ ඊට පෙර කම්කරු දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

එක් එක් ව්‍යාපාරය සඳහා වෙන වෙනම පෝරම පුරවා ඉදිරිපත් කරන ලෙසත් එම සමීක්ෂණයට අදාල පෝරමය ONLINE හරහා සම්පූර්ණ කිරීමේදී අවශ්‍ය වෙතොත් ඔබ ප්‍රදේශයේ කම්කරු කාර්යාලයේ හෝ කම්කරු නිලධාරියාගේ සහය ලබා ගන්නා ලෙසත් කම්කරු අමාත්‍යාංය ඉල්ලා සිටියි.

නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් හා අමාත්‍යාංශ ලේකම් ඩී.එම් සරත් අභයගුණවර්ධන මහතාගේ මගපෙන්වීම මත කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම සමීක්ෂණය සිදුවෙයි.

The post කොරෝනාවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික ආයතනවල තොරතුරු ONLINE මගින් දැනුම් දෙන්න appeared first on ITN News.

Read More »

ගෝඩා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පිලියන්දල සහ කොටිකාවත්ත අංගොඩ ප‍්‍රදේශවලින්. බොල්ගොඩ ගඟ ප‍්‍රදේශයේදී එක් වැටලීමක් සිදුකළේ බස්නාහිර පලාත් දකුණු අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ නිලධාරින්ගේ මෙහෙයවීමෙන්. ගෝඩා මිලිලීටර තුන්ලක්ෂ හතලිස් අටදහස් හත්සිය පනහක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙක් වැටලීමේදී ද ගෝඩා මිලිලිටර එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් සිය භාරයට ගත් බවයි බස්නාහිර පලාත් දකුණු අපරාධ විමර්ෂණ කොට්ඨාසය සදහන් කරන්නේ. සැකකරුවන් කැස්බෑව සහ අලුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

The post ගෝඩා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

වරාය ප‍්‍රමාද ගාස්තු අයනොකිරීමේ කාලය දීර්ඝ කෙරේ  

0 comments

වරාය ප‍්‍රමාද ගාස්තු අයනොකිරීමේ කාලය මැයි 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

පවතින තත්වය සැලකිල්ලට ගෙන තීරණයට එළඹි බවයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප‍්‍රකාශ කළේ.

වරායේ ගොඩගැසී ඇති බහාලුම් නිදහස් කරගැනීම සදහා උපරිම පහසුකම්ද සලසන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

The post වරාය ප‍්‍රමාද ගාස්තු අයනොකිරීමේ කාලය දීර්ඝ කෙරේ appeared first on ITN News.

Read More »

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 622ක් දක්වා ඉහළට  

0 comments

අද දිනයේ (29) තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 622 ක් දක්වා ඉහළ ගියා.

The post මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 622ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ තිස්දෙක ඉක්මවයි  

0 comments

ලොව පුරා කොවිඩ් 19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ තිස්දෙක ඉක්මවා තිබෙනවා.

ලොව පුරා රටවල් 210 කින් කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් 3,220,268ක් වාර්තා වී තිබෙනවා. ආසාදිතයන් 228,224ක් ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වැඩිම මරණ හා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 28,429 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව  2,390ක්. ඒ අනුව එරටින් වාර්තා වන මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,064,572ක් ලෙසයි සඳහන්ව ඇත්තේ.

 

 

 

The post ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ තිස්දෙක ඉක්මවයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවෙන් ගතවු පැය 24 තුළ කොරෝනා මරණ 69ක්  

0 comments

ඉන්දියාවෙන් ගතවු පැය 24 තුළ කොරෝනා මරණ 69ක් වාර්තා වුණා.

ඒ සමස්ත මරණ සංඛ්‍යාව 1008 දක්වා ඉහල දමමින්. ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් තිස් එක් දහස් තුන්සියකට වැඩි පිරිසක් හදුනාගෙන තිබෙනවා.

ගතවු පැය 24දි අලුතින් රෝගින් 1873 දෙනෙකු වාර්තා වු බවයි ඉන්දිය සෞඛ්‍ය අංශ සදහන් කළේ. කොරෝනා වසංගතයෙන් ඉන්දියාවේ වැඩිම හානි සිදුවුණේ මහාරාෂ්ඨ ප‍්‍රාන්තයටයි.

The post ඉන්දියාවෙන් ගතවු පැය 24 තුළ කොරෝනා මරණ 69ක් appeared first on ITN News.

Read More »

කොරෝනාවෙන් දරුවන් ආරක්ෂාකර ගැනීමට වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි  

0 comments

කොරෝනා වෛරසයෙන් දරුවන් ආරක්ෂාකර ගැනීම සඳහා වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරුන් පවසනවා.

නිරන්තරව ඔවුන් පිළිබඳ අවදානයෙන් සිටින ලෙසයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

The post කොරෝනාවෙන් දරුවන් ආරක්ෂාකර ගැනීමට වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි appeared first on ITN News.

Read More »

දිස්ති‍්‍රක් කිහිපයකට මිලි මීටර් 100ක පමණ තද වැසි  

0 comments

දිස්ති‍්‍රක් කිහිපයකට මිලි මීටර් සියයක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඒ පොලොන්නරුව , මාතලේ සහ මඩකලපුව දිස්ති‍්‍රක්වලට. ඌව , නැගෙනහිර සහ උතුරු මැද පළාත් වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ති‍්‍රක්ක වලත් සවස් කාලයේ හෝ රාති‍්‍ර කාලයේ දි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

බස්නාහිර සහ දකුණු පළාත් වලත් මන්නාරම මෙන්ම යාපනය දිස්ති‍්‍රක්කයේත් වෙරළබඩ ප‍්‍රදේශවල උදෑසන කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

The post දිස්ති‍්‍රක් කිහිපයකට මිලි මීටර් 100ක පමණ තද වැසි appeared first on ITN News.

Read More »

රුසියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළට  

0 comments

රුසියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී වාර්තා වූ 6411 නව ආසාදිතයන් ද සමඟින් එරටින් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 99,399ක්. මරණ සංඛ්‍යාව 972 ක් වනවා. දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එරට වැඩ නොකරන කාල සීමාව මැයි මස 11 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post රුසියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.

Read More »

ප‍්‍රකට බොලිවුඩ් නලු ඉර්ෆාන් ඛාන් ජීවිතයට සමුදෙයි  

0 comments

ප‍්‍රකට බොලිවුඩ් නලුවෙකු වන ඉර්ෆාන් ඛාන් මියගියා.

අතිශය ජනපි‍්‍රයත්වයට පත් ස්ලම්ඩෝග් මිලියන සහ ජුරාසික් වර්ල්ඩ් යන සිනමා නිර්මාණවල ප‍්‍රධාන චරිතය රඟපෑ ඉර්ෆාන් ඛාන් මුම්බායි රෝහලකදි මියගොස් තිබෙනවා.

අවුරුදු 53ක් වයසැති ඔහු මහ බඩවැලේ හටගත් ආසාදනයක් හේතුවෙන් දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබු බවයි වාර්තා වන්නේ. දුර්ලභ රෝග තත්ත්වයකින් පෙළුනු ඉර්ෆාන් ඛාන්ට ලන්ඩන් නුවර රෝහලකින් ද 2018 වසරේ දි ප‍්‍රතිකාර ලබාදි ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

The post ප‍්‍රකට බොලිවුඩ් නලු ඉර්ෆාන් ඛාන් ජීවිතයට සමුදෙයි appeared first on ITN News.

Read More »

තවත් සිසුන් 143 දෙනෙකු රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් ඉන්දියාවට  

0 comments

ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී‍්‍ර ලාංකික සිසුන් 143 දෙනෙකු යළි රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම ප‍්‍රකාශ කළා.

එම යානය දහවල් 12.30ට නවදිල්ලි ගුවන් තොටුපල වෙත ළඟාවීමටයි නියමිත. පස්වරු 5.10 ට පමණ එය කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන බවයි ගුවන් තොටුපල උප සභාපති රජිව් සූරියආරච්චි මහතා පවසන්නේ.

නවදිල්ලි බලා පියසර කළ ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානයෙහි කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන අටක්. ඉන්දියාවට ගොස් ආපසු පැමිණීම සදහා අවශ්‍ය ආහාර මෙන්ම ඉන්ධන ද කටුනායක ගුවන් තොටුපලෙන් රැගෙන ගොස් තිබෙනවා.

The post තවත් සිසුන් 143 දෙනෙකු රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් ඉන්දියාවට appeared first on ITN News.

Read More »

වියට්නාම යුද්ධයේදී මිය ගිය ඇමෙරිකානුවන්ටත් වඩා කොරෝනාවෙන් ඇමෙරිකානුවන් මිය ගිහිං  

0 comments

නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ මේ වන විට මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව වියට්නාම යුද්ධයේදී මිය ගිය ඇමෙරිකා ජාතිකයන් ගණන ද ඉක්මවා ගියා. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සිදු කළ සමීක්‍ෂණයකට අනුව මේ බව තහවුරු වුණා.

වසර 10 ක් පුරා පැවති වියට්නාම යුද්ධයේදී මිය ගොස් ඇති ඇමෙරිකා ජාතිකයන් සංඛ්‍යාව පනස්අටදහස් දෙසීය විස්සක්. එහෙත් ගත වූ දින 82 ක කාලය තුළ නව කොරෝනා වෛරසයෙන් පමණක් ඇමෙරිකාවේ පුද්ගලයන් හැටදහසකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා.

ඇමෙරිකාවන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දින 18 ක කාලය තුළ දෙගුණයක් වුණා. එය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් ලෙස සැලකෙනවා. වෛරසයේ වැඩිම බලපෑමට ලක් වූ යුරෝපා කලාපයේ ඉතාලිය හා ස්පාඤ්ඤය සමඟ සසදන විට ඇමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ලබන නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණය කල් දැමීමට තමාගේ කිසිඳු බලාපොරොත්තුවක් නැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ප්‍රාන්ත කිහිපයක් විවෘත කළ ද ප්‍රතිශක්තිකරණ එන්නත් සොයා ගන්නා තුරු බොහෝ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාර ආරම්භ නොකිරීමට ද තීරණය කර තිබෙනවා.

The post වියට්නාම යුද්ධයේදී මිය ගිය ඇමෙරිකානුවන්ටත් වඩා කොරෝනාවෙන් ඇමෙරිකානුවන් මිය ගිහිං appeared first on ITN News.

Read More »

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන්  

0 comments

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස එම දෙපාර්තමේන්තුවේ ආකෘතියට අනුවම බාගත කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

The post සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් appeared first on ITN News.

Read More »

ස්වාධීන රූපවාහිනියට ආරක්ෂිත හිස්වැසුම් සහ මුහුණු ආවරණ පරිත්‍යාගයක්  

0 comments

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ආරක්ෂිත හිස්වැසුම් සහ මුහුණු ආවරණ තොගයක් ස්වාධීන රූපවාහිනිය වෙත පරිත්‍යාග කෙරුණා.

යතුරුපැදි හෙල්මට් නිෂ්පාදනයේ වෙළෙඳපොළ ප්‍රමුඛයෙකු වන HHCO ආයතනය නිෂ්පාදනය කළ ආරක්ෂිත හිස්වැසුම් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය වෙත අද ප්‍රදානය කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අනුග්‍රහය ඇතිව මෙම හිස්වැසුම් අත්‍යවශ්‍ය සේවා සපයන අයට ලබාදීමට බලාපොරොත්තු වන බව එම ආයතනයේ නිලධාරීන් ප්‍රකාශ කළා.

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සේවා සපයන ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලය සඳහා මුහුණු ආවරණ තොගයක් භාරදීම අද සිදුකෙරුණා. ස්වාධීන රූපවාහිනී ප්‍රධාන විධායක නිලධාරී නලීන් නිශ්ශංක, සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වුණා.

 

The post ස්වාධීන රූපවාහිනියට ආරක්ෂිත හිස්වැසුම් සහ මුහුණු ආවරණ පරිත්‍යාගයක් appeared first on ITN News.

Read More »

ලංගම බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවැන්ට අමතර දීමනාවක්  

0 comments

කොරෝනා වසංගතය හමුවේ සේවය සඳහා වාර්තා කරන ලංගම බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවැන්ට අමතර දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනා ගමන මණ්ඩලයට ද දැනුම්දි තිබෙනවා.

පාඩු ලබමින් වුවද අත්‍යවශ්‍ය සේවා සඳහා ප‍්‍රවාහන පහසුකම් ලබාදිමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. පෞද්ගලික බස්ථ හිමියන් ද ධාවන කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා.

එහිදි ඉදිරිපත්වූ ඉල්ලිම් කිහිපයක් අද (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි මහින්ද අමරවිර මහතා සදහන් කළේ.

The post ලංගම බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවැන්ට අමතර දීමනාවක් appeared first on ITN News.

Read More »

අත සේදීම හා වේලීම ස්වයංක්‍රීයව සිදුවන විෂබීජහරණ උපකරණයක්  

0 comments

අත සේදීම හා අත වේලීම යන ක්‍රියාවලි දෙකම ස්වයංක්‍රීයව සිදුවන දෙඅත් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට කළුතර ශාන්ත ජෝන් විදුහලේ ගුරුවරයෙකු සමත්ව සිටිනවා.

ඔහු එම විදුහලේ තාක්ෂණවේදය විෂය උගන්වන රංජන් කන්නන්ගර ගුරු මහතායි.

 

The post අත සේදීම හා වේලීම ස්වයංක්‍රීයව සිදුවන විෂබීජහරණ උපකරණයක් appeared first on ITN News.

Read More »

ප්‍රවීන රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි  

0 comments

ප්‍රවීන රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වුණා.

සටන් රංගන ශිල්පියෙකු ලෙස නමක් දරා සිටි අලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා චිත්‍රපට සියයක පමණ රගපා තිබෙනවා. වසර 50 කට ආසන්න ඔහුගේ රංගන දිවිය තුළ ඔහු රගපෑ චිත්‍රපට අතර යකඩයා,  හිතුවොත් හිතුවාමයි,  සරදියෙල්ගෙ පුතා,  ක්‍රිස්තු චරිතය,  තුෂාරා ආදී ජනප්‍රිය චිත්‍රපට රැසක් ද වනවා. රෝගී තත්ත්වයෙන් පසුවූ ප්‍රවීන රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වන විට 80 වන වියෙහි පසුවුණා.

දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතයි.

 

 

The post ප්‍රවීන රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.

Read More »

ගල්ගමුව , කුලියාපිටිය , එප්පාවල , තලාව , තඹුත්තේගම කඩ සාප්පු වැසේ  

0 comments

නගර කිහිපයක වෙළෙඳසල් හා ආයතන වසා දැමීමට ඒවායෙහි හිමිකරුවන් ක්‍රියාකර තිබෙනවා.

ගල්ගමුව නගරයේ වෙළෙඳසල් අද සිට දින 3 ක් වසා තැබීමට ගල්ගමුව වෙළෙඳ සංගමය තීරණය කළා. කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ආශ්‍රය කළ අය ගල්ගමුව නගරයේ මෙන්ම අවට ප්‍රදේශවාසීන් සමඟ සබඳතා පවත්වා තිබෙනවා. ඒ හේතුවෙන් සැලකිය යුතු පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමත් සමඟයි වෙළෙඳසල් වසා දැමීමට තීරණය කර ඇත්තේ.

රාජ්‍ය බැංකු ද වසා දමා ඇති බව අප වාර්තාකරු පවසනවා. ගල්ගමුව නගරයේ ඔසුසල් හා ඉන්ධන අලෙවිසල් විවෘත කර තිබෙනවා.

කුලියාපිටිය මෙන්ම එප්පාවල , තලාව , තඹුත්තේගම යන නගරවල වෙළෙඳසල් තාවකාලිකව වසා දැමීමට වෙළෙඳසල් හිමියන් ක්‍රියා කළා.

 

 

 

 

 

The post ගල්ගමුව , කුලියාපිටිය , එප්පාවල , තලාව , තඹුත්තේගම කඩ සාප්පු වැසේ appeared first on ITN News.

Read More »

ඕනෑම කාමරයක් හෝ ශාලාවක් තත්ත්පර 10කින් විෂබීජහරණය කළ හැකි උපකරණයක්  

0 comments

නව නිපැයුම් පිළිබදව දිනෙන් දිනම අපට වාර්තා වනවා.

ඕනෑම කාමරයක් හෝ ශාලාවක් තත්ත්පර 10 කින් විෂබීජහරණය කළ හැකි උපකරණයක් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ සිසුදරුවෙකු නිර්මාණය කර තිබෙනවා. එම විදුහලේ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන 17 හැවිරිදි ඉමාෂ අනුජ සත්සර සිසුවා සිය උපකරණය පිළිබද මෙසේ අදහස් පළකළා.

 

 

The post ඕනෑම කාමරයක් හෝ ශාලාවක් තත්ත්පර 10කින් විෂබීජහරණය කළ හැකි උපකරණයක් appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG