Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති නේපාල ශ්‍රී ලංකා ආයෝජන සමුළුවට එක්වෙයි  

0 comments

නේපාල  ශ්‍රී ලංකා වෙළෙද, සංචාරක සහ ආයෝජන සමුළුවක් ඊයේ (31) පස්වරුවේ කත්මන්ඩු නුවරදී පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. නේපාලයේ උපායමාර්ගික සමාජ පර්යේෂණ ආයතනය විසින් මෙම සමුළුව සංවිධානකර තිබුණා. දෙරට අතර වෙළෙද, සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රයන් හි සහයෝගීතාව දෙරටටම වාසිසහගත අයුරින් තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරුකර ගැණුනා. මේ අතර ජනාධිපතිතුමා නේපාලයේ උපායමාර්ගික සමාජ පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා සමග ද කෙටි සාකච්ඡාවකට එක්වුණා.

 

 

 

Read More »

තරුණ තරුණියන්ට තනිව නැගී සිටින්නට අවස්ථාව දැන්  

0 comments

රැකියා සදහා දේශපාලකයන් පසුපස යාම වෙනුවට තරුණ තරුණියන් සදහා තනිව නැගී සිටීමේ හැකියාව එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා තුළින් උදාකරදී ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධි ආයතනයේ විද්‍යාර්තයින්ගේ සංගමය සංවිධාන කළ 2018 ප්‍රධාන විධායක නිලධාරී සමුළුවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

“වත්මන් රජය අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා වෙනුවෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කරනවා. ඒ වගේම තමයි රටේ සංවර්ධනය සංහිදියාව සහ දේශපාලන නිදහස වෙනුවෙනුත් රජය කටයුතු කරමින් සිටිනවා. නිදහසෙන් පසු වැඩිම ණය වාරික ගෙවීමට සිදුවන්නේ මේ වසරේයි. ඉදිරි වසර දෙක තුළදී මෙය තවත් වැඩි වෙනවා. ආයෝජකයින් සදහා හිතකර පරිසරයක් මේ වෙතකොටත් රට තුළ ඇතිකරලා තියෙනවා. රජයේ ආර්ථික කළමනාකරණය හේතුවෙන් උද්ධමනයේ පාලනයක් පවතිනවා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය වැඩසටහන් තුළින් ඉදිරියේ දී ග්‍රාමීය හා නාගරික ආර්ථිකයන්හි දියුණුවක් දකින්න පුළුවන්. ලබන වසරේ සියලු මැතිවරණ කොට්ඨාස සංවර්ධනයට බිලියන 32 ක් දෙනවා.”

 

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.

“ඵලදායී ආර්ථිකයක් ගොඩනගන්න අපි රටේ ජනතාවට අත දෙන්න ඕනේ. රටේ සංවර්ධනය වෙනුවෙන් වත්මන් රජය සුවිශාල මෙහෙවරක් ඉටුකරලා තියෙනවා. ඉලක්කයකට යන්න කලින් අපි කොතනද ඉන්නෙ කියලා දැනගන්න ඕනේ. එහෙම උනොත් ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්”

Read More »

මියන්මාරයේ මුහුදු සීමාවේ මිනිසුන් නැති විශාල නෞකාවක් පාවෙයි  

0 comments

මියන්මාරයේ රැන්ගුන් මුහුදු සීමාවේ පාවෙමින් තිබෙන විශාල නෞකාවක් පිළිබඳව එරට පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. මීටර් 177 ක් දිග නෞකාව ඉන්දුනිසියානු ධජය සහිතව පාවෙමින් තිබු බවයි මියන්මාර බලධාරින් පවසන්නේ.

නෞකාව තුළ කිසිදු පුද්ගලයෙකු නොසිටි බවත් වෙනත් භාණ්ඩ නොතිබු බවත් මියන්මාර පොලිසිය සදහන් කළා. මෙම නෞකාව තවමත් යාත‍්‍රා කළ හැකි මට්ටමක පවතිනවා. කෙසේ වෙතත් එය අත්හැර දමා යාමට හේතුව භෙළිව නොමැති බවයි මියන්මාර බලධාරින් ප‍්‍රකාශ කළේ.

Read More »

අද මධ්‍යම රාත්‍රියේ සිට පිළිකා ඖෂධ 10 ක මිල පහළට  

0 comments

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට පිළිකා ඖෂධ 10ක මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. මෙම ඖෂධ වර්ග 10ට අමතරව තෝරාගත් ඖෂධ 13ක මිල අඩු කිරීමට ද පියවර ගෙන ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ. දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලූකෝස් මාපක සහ ඒ සදහා  භාවිත කරන පරීක්ෂණ තීරු ඇතුළු වෛද්‍ය උපකරණ වර්ග දෙකක  ද මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

 

 

 

 

Read More »

ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ ගාස්තු සංශෝධනය අද සිට  

0 comments

ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේදි අයකරන ගාස්තු අද (01) සිට සංශෝධනය කෙරෙනවා. ඒ අනුව මුල් වරට ජාතික හැදුනුම්පතක් ලබා ගැනීමේදි අය කෙරෙන ගාස්තුව රුපියල් සියයක්. පවතින හැදුනුම්පතක සංශෝධිත පිටපතක් ලබා ගැනීමේදී රුපියල් දෙසිය පනහක් අය කරන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දොපර්තමේන්තුව සදහන් කළේ. අස්ථානගතවූ හැදුනුම්පතක අනු පිටපතක් ලබා ගැනිම සදහා රුපියල් පන්සියක මුදලක් අය කෙරෙනවා. නව සංශෝධනය යටතේ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිවරයාට හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගාස්තු ගෙවීමෙන් ලබා ගන්නා රිසිට්පත , හැදුනුම්පත, අයදුම්පත‍්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසන්නෙ.

Read More »

නව පකිස්ථාන රජය සහ ඉන්දියාව අතර පළමු සාකච්ඡාව මේ මස අවසානයේ  

0 comments

නව පකිස්ථාන රජය සහ ඉන්දියාව අතර පළමු සාකච්ඡාව මේ මස අගදි පැවැත්වෙනවා. දෙරටේ විදේශ අමාත්‍යවරුන් මුහුණට මුහුණ සාකච්ඡාවට එක්වන බවයි ඉන්දිය වාර්තා සදහන් කළේ. ඉන්දිය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ පාකිස්ථාන විදේශ අමාත්‍ය මෙහෙමුද් කුරේෂි අතරයි සාකච්ඡාව සංවිධාන කර තිබෙන්නෙ. එහිදි සාර්ක් සමුළුව කඩිනමින් පැවැත්විම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරෙනවා. එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර නිව්යෝර්ක් හිදි මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි ඉන්දියාව මෙන්ම පාකිස්ථානය ද තහවුරු කර තිබෙන්නෙ.

Read More »

එන්ටප්‍රයිස් ව්‍යාපෘති සදහා ලබාදෙන සහන තවදුරටත් ඉහළට  

0 comments

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් කණ්ඩායම් ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කරන ව්‍යාපෘති සදහා ද ලබාදෙන සහන තවදුරටත් ඉහළ නංවන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මොනරාගල පැවති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

මොනරාගල පැවති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹූ අමාත්‍ය මංගල සමරවීර මහතා ජනතාව සමග ද කතාබහක නිරතවුණා. ප්‍රදර්ශන භූමිය තුළ කාන්තාවන් සවිබල ගැන්වීමේ විශේෂ වැඩමුළුවක් ද පැවැත්වුණා. ප්‍රදර්ශනයට සමගාමීව ආරම්භ වූ මෙම ප්‍රායෝගික පුහුණුව පෞද්ගලික අංශයේ ද දායකත්වය සමග මාස තුනක් පුරා පැවැත්වීමට නියමිතයි.

කාන්තාවන්ට ත්‍රි රෝද රථ අලුත්වැඩියාව, නඩත්තුව, අමතර කොටස් අලෙවිය පිළිබද කාර්මික හා තාක්ෂණික පුහුණුවක් ලබාදීම ද මීට ඇතුළත්. පුහුණුලාභී කාන්තාවන් මුණගැසුනු අමාත්‍ය මංගල සමරවීර මහතා ඔවුන් කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රවලට නැඹුරුවීම ඉහළින් අගය කළා.

 

Read More »

අදත් ප‍්‍රදේශ කිහිපයකට සූර්යයා මුදුන් වෙයි  

0 comments

අදත් (01) ප‍්‍රදේශ කිහිපයකට සූර්යයා මුදුන් වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. කන්දකුලිය , පුලියන්කුලම , කරඹැව , ගලේවෙල , තිරප්පගන් , යකල්ල , අලුත්ඔය , වඩිගෙවැව සහ කදිරවේලි ප‍්‍රදේශ වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. ලබන 07 වනදා දක්වා සූර්යයා ශ්‍රී‍්‍ර ලංකාව ආසන්න අක්ෂාංශ වලට ඍජුවම ඉහලින් පවතිනවා.

 

Read More »

යුක්රේනයේ කැරළි කණ්ඩායමක නායකයෙකු ජීවිතක්ෂයට  

0 comments

යුක්රේනයේ ඩෝනෙට්ස්ක් නගරයේ අවන්හලක් තුළ සිදුවූ පිපිරීමකින් බෙදුම්වාදී කැරළි කණ්ඩායමක නායකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු රුසියාවේ සහාය ලබන යුක්රේනයේ ක්‍රියාත්මක බෙදුම්වාදී කැරළි කණ්ඩායමක නායකයෙකු වන ඇලෙක්සැන්ඩර් සකාර්චෙන්කෝ ලෙසයි හදුනාගෙන ඇත්තේ. මෙම පුද්ගලයා ඩෝනෙට්ස්ක් පීපල්ස් පක්ෂයේ නායකයා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය යුක්රේන රජය විසින් සිදුකළ ප්‍රහාරයක් වියහැකි බවයි රුසියා විදේශ අමාත්‍යවරයා පවසන්නේ. කෙසේ වෙතත් යුක්රේන රජය පවසනනේ මෙම සිදුවීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

Read More »

වෑන් රථයක් හා ගුවන් හමුදා ට්‍රක් රථයක් එකිනෙක ගැටෙයි  

0 comments

වෑන් රථයක් හා ගුවන් හමුදා ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව හයක්.

වැල්ලවාය – තෙළුල්ල කණිෂ්ඨ විද්‍යාලය අසලදීයි අනතුර සිදුව තිබෙන්නේ. ට්‍රක් රථයේ ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ වෑන් රථයේ ගමන් ගත් හතර දෙනෙකු අනතුරෙන් තුවාල ලැබුවා. ඔවුන් වැල්ලවාය රෝහලටයි ඇතුළත් කෙරුණේ.

ඒ අතරින් බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා තිබෙනවා. අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් තවත් කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

Read More »

ඇමෙරිකාව සහන කටයුතු සදහා ලබාදෙන අරමුදල් අත්හිටුවයි  

0 comments

පලස්තීන සරණාගතයින්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සහන කටයුතු සදහා ලබාදෙන අරමුදල් අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එක්සත් ජාතීන්ගේ සහන සේවා සංවිධානය නොසැලකිලිමත්ව කටයුතු කරන බවටයි ඇමෙරිකාව චෝදනා කරන්නේ. මේ අතර පසුගිය කාලසීමාවේ සිදුකළ සහන කටයුතු පිළිබද ඇමෙරිකාව සොයා බැලීමක් සිදුකර තිබෙනවා.

ඉන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සහන සහ සේවා ඒජන්සියට අමතර දායකත්වයක් නොදැක්වීමට ඇමෙරිකාව තීරණය කළ බවයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.

 

Read More »

ලක්ෂ 88 ක මත්කුඩු කඩවත දී අල්ලයි  

0 comments

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 740 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය සමත් වුණා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 88 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

කඩවත – මංකඩ පාර ප්‍රදේශයේදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 740 යි මිලි ග්‍රෑම් 145 ක් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැණුනා. ඔහුගේ වයස අවුරුදු 38 ක්.

සැකකරු ළග තිබී රුපියල් දෙලක්ෂ තිස්තුන්දහසකට වැඩි මුදලක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකය සදහන් කරන්නේ. මේ අතර යතුරුපැදියක් හා ජංගම දුරකතනයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වැටුප් කොමිසමෙන් වැටුප් ගැටලුවලට විසදුම් ලැබෙනවා  

0 comments

වැටුප් කොමිසම හරහා රාජ්‍ය අංශයේ තාක්ෂණ ක්ෂේත්‍රයට බලපා ඇති වැටුප් ගැටලුවට විසඳුමක් ලබාදීමට හැකිවනු ඇති බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශය සංවිධාන කළ බහු විෂයක ප්‍රවේශය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. මෙම සම්මන්ත්‍රණය පැවැත්වුණේ පස්වැනි වරටයි.

 

 

 

 

 

Read More »

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට අදත් ලක්ෂ සංඛ්‍යාත ජන සහභාගීත්වයක්  

0 comments

ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි. සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කරගනිමින් පැවැත්වෙන ප්‍රදර්ශනය නැරඹීමට ඊයේ දිනය තුළ දෙලක්ෂ පනස්දහසකට අධික පිරිසක් පැමිණ සිටියා.

ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබද දැනුවත් කිරිමේ අරමුණින් සංවිධාන කෙරෙන ප්‍රදර්ශනය කලාප 12 කින් සමන්විතයි. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මත පැවැත්වෙන ප්‍රදර්ශනය අද දිනයෙන් අවසන් වනවා. නව ව්‍යවසායකයින්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතියේ ලියාපදිංචි වීමටද මෙහිදී අවස්ථාව උදා කර දී තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ව්‍යාපාරික ණය ඉල්ලුම් කළ හැකිවීමද විශේෂත්වයක්. සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබා ගැනීමටද ප්‍රදර්ශනයේ විශේෂ කලාපයක් වෙන් කර තිබෙනවා. අධ්‍යාපන කලාපයටද විශේෂාංග රැසක් ඇතුළත්. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමිය තුළ අයිටීඑන් මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශන කුටියක් ද පැවැත්වෙනවා. රූපවාහිනිය හා ගුවන්විදුලි ප්‍රවෘත්ති මෙන්ම වැඩසටහන් නිෂ්පාදනය කෙරෙන ආකාරය මෙම ප්‍රදර්ශන කුටියේදී දැකගත හැකියි. නවක නිවේදක නිවේදිකාවන්ට ද තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙහිදී හැකියාව උදාවුණා. ඒ අනුව අද පැවති තිර පරීක්ෂණයේ දී බිබිලේ පදිංචි අචිනි නිලූකා අබේරත්න නිවේදිකාවක් ලෙස තේරී පත්වුණා.

 

Read More »

සියලු ඉදිකිරිම් ව්‍යාපෘතිවල ප‍්‍රමුඛත්වය දේශිය සමාගම්වලට  

0 comments

ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති වලදී විදේශ සමාගම් සමග දේශීය සමාගම් එකතු විය යුතු බවට කොන්දේසියක් පැනවීමේ කැබිනට් යෝජනාවක් ගෙන එන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.

මාවතගමදී පැවති 5 වන ඉංජිනේරු සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයයි මෙය සංවිධාන කළේ.

 

 

Read More »

පැණි බීම වලට බ්‍රිතාන්‍යයත් හරස් වෙයි  

0 comments

බ්‍රිතාන්‍ය දරුවන්ට ශක්තිජනක පාන අලෙවි කිරීම තහනම් කිරීමට එරට රජය සූදානමින් සිටිනවා.

අධික කැෆේන් සහ සීනි අඩංගු ශක්තිජනක පාන දරුවන්ට අලෙවි කිරීම වළක්වන නීතියක් ගෙන ඒමට  බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. එම ශක්තිජනක පාන ලබාගැනීම හේතුවෙන් දරුවන් අධික ස්ථුලභාවයට පත්වීම ඇතුළු සෞඛ්‍යගැටළු රැසකට මුහුණ දෙනවා. හෘද රෝග  , දියවැඩියාව , අධි රුධිර පීඩනය , නිසි පරිදි නින්ද නොයාම වැනි රෝගී තත්ත්වයන්ට දරුවන් ගොදුරුවන බවයි වෛද්‍ය සමීක්‍ෂණ වාර්තා පෙන්වා දෙන්නේ. යුරෝපයේ අලෙවි වන සමස්ත ශක්තිජනක පාන සංඛ්‍යාව මෙන් සියයට 50 කට වැඩි ප්‍රතිශතයක් බ්‍රිතාන්‍යයේ පමණක් අලෙවි වන බව සඳහන්. මෙම නව නීතිය අනුව ශක්තිජනක පාන අලෙවි කළ හැකි වයස් සීමාවන් පැනවීමට නියමිතයි. එසේම ලීටරයකට මිලිග්‍රෑම් 150 කට වඩා වැඩි කැෆේන් අඩංගු ශක්තිජනක පාන දරුවන්ට අලෙවි කිරීම ද තහනම් වනවා.

Read More »

සේරුවිල පූජා නගර සංවර්ධනය ඇරඹීමට අගමැති නිරීක්ෂණ චාරිකාවක  

0 comments

යුද්ධය නිමා වීමත් සමග අතපසු කළ සංවර්ධනය, වත්මන්  රජය ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සේරුවිල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

දිවංගත ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ 1979 වසරේ දී ආරම්භ වූ සේරුවිල පූජා භූමි සංවර්ධනය 1994න් පසු  අඩාල වී තිබෙනවා. වත්මන් රජයේ සංවර්ධන වැඩසටහන යටතේ සේරුවිල මංගල රජමහා විහාරයේ ඉදිකළ ධර්ම මන්දිරය , සංඝාවාසය ඇතුළු ප්‍රතිසංස්කරණය කළ පැරණි විහාරය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මීට සමගාමීව සේරුවිල පුජානගර සංවර්ධනය නැවත ආරම්භ කිරීම සදහා නිරීක්ෂණ චාරිකාවක ද අග්‍රාමාත්‍යවරයා නිරතවුණා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  සදහන් කළේ අතපසු කළ සංවර්ධනය ක්‍රියාත්මක කිරීම වත්මන් රජයේ අභිප්‍රාය බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

Read More »

ඥානසාර හිමිගේ අභියාචනා පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි  

0 comments

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමට නියමිත අභියාචනා පෙත්සම සදහා අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා. මේ සම්බන්ධයෙන් ඉදිරි පත් කළ කරුණු සැලකිල්ලට ගතයුතු සුවිශේෂී ඒවා නොවන බවයි අභියාචනාධිකරණය තීරණය කළේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට මේ වනවිට සිර දඬුවම් නියමවී තිබෙනවා.

Read More »

මහපොල භාරකාර අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා රැසක්  

0 comments

පසුගිය රජය සමයේ මහපොල භාරකාර අරමුදලේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පැවති එම අරමුදලේ භාරකාරීත්වය යළි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කරන බවයි මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

 

 

 

 

 

 

 

Read More »

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු සිවුනමක් අත්අඩංගුවට ගන්නැයි නියෝග  

0 comments

රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනාවට පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ හතර නමක හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

2006 වසරේ නොවැම්බර් 7 වනදා සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ උද්ඝෝෂණයකදී මෙසේ රාජ්‍ය දේපලවලට හානි සිදුකර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ. පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත, පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන ස්වාමීන් වහන්සේ හා යූ කේ ශ්‍රියාණි යන අය මෙසේ අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. ඇප මත සිටින පූජ්‍ය ඇතුළුගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන් වහන්සේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්කර තිබුණා. ඒ අනුව උන්වහන්සේට නිකුත්කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින එම් ඒ ජීවනී යන අය අද (31) අධිකරණය හමුවේ පෙනී සිටියා.

Read More »

දකුණු කොරියාවේ පාසල්වලට කෝපි තහනමක්  

0 comments

දකුණු කොරියාවේ පාසල්වල කෝපි පානය තහනම් කරතිබෙනවා. පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට ද එම තහනම ක‍්‍රියාත්මක බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ. අධික කැෆේන් අන්තර්ගත කෝපි පානයෙන් සෞඛ්‍ය ගැටලු රැසක් මතුව ඇති බවට එරට සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නා. ඒ අනුව විශ්ව විද්‍යාල ආශ‍්‍රිතවද එම නීතිය ක‍්‍රියාත්මක කිරිමයි දකුණු කොරියා රජයේ සැලසුම.

Read More »

ඖෂධ හිඟයක් ඇත්නම් ලිඛිතව දැනුම්දෙන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්  

0 comments

ඖෂධ හිඟයක් ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම්දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉල්ලීමක් කරනවා. ඒ රෝහල්වල විශාල ඖෂධ හිඟයක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මාධ්‍යයට සිදුකර ඇති ප‍්‍රකාශය ගැන අවධානය යොමුකරමින්. අමාත්‍යාංශයට ලබාදෙන ලිඛිත තොරතුරු මත අවශ්‍ය පියවර ගැනීමට සුදානම් බවයි අමාත්‍යවරයා වෛද්‍ය සංගමයට දැනුම් දුන්නේ.

Read More »

මැල්කම් ටර්න්බුල් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙයි  

0 comments

ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්  එරට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මැල්කම් ටර්න්බුල්ගේ පක්ෂයේ පාර්ලිමේන්තුවේ බහුතර බලය  නොමැති වීම හේතුවෙනුයි ඔහු මෙසේ ඉවත් වී තිබෙන්නේ. පසුගියදා මැල්කම් ටර්න්බුල් ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධූරයෙන්ද ඉවත් වුණා.  ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍ය ලෙස ස්කොට්  මොරිසන්  දිවුරුම් දුන්නේ පසුගිය සතියේයි. මැල්කම් ටර්න්බුල් පසුගිය වසර 10 තුළ පක්ෂ නායකත්වය පිළිබද අර්බුදයක් හේතුවෙන් බලයෙන් පහකෙරුණු 04 වන අග්‍රාමාත්‍යරයායි.

 

 

 

Read More »

චිකාගෝහි ජල පිරිපහදු සංකීර්ණයක වහලය කඩා වැඩීමෙන් දස දෙනෙකුට තුවාල  

0 comments

ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ පිහිටි පැරණි ජල පිරිපහදු සංකීර්ණයක වහලය කඩා වැඩීමෙන් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලැබුවා.

තුවාලකරුවන්ගේ තත්ත්තවය බරපතල බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි එරට ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ. එම ප්‍රදේශයේ මිලියනයකට අධික ජනතාවක් සදහා මෙම ජල පිරිපහදු සංකීර්ණයෙන් ජලය බෙදාහරින බවද සදහන්.

 

 

 

 

Read More »

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රදවා ඇති අභ්‍යවකාශ යානයක වායු කාන්දුවක්  

0 comments

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රදවා ඇති අභ්‍යවකාශ යානයක වායු කාන්දුවක් හටගෙන තිබෙනවා.

පසුගිය ජුනි මාසයේදී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථාන පර්යේෂණාගාරය වෙත ගගනගාමීන් රැගෙන ගිය යානයේයි මෙම වායු කාන්දුව හටගෙන තිබෙන්නේ. යානය රදවා ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් 400ක පමණ ඉහළින්. යානයේ රැදී සිටින අභ්‍යවකාශගාමීන් හය දෙනාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. අධික වේගයෙන් ගමන්කළ උල්කාපාත කොටස් මෙම යානයේ ගැටීම වායු කාන්දුවට හේතුව බවයි රුසියා සහ ඇමෙරිකා බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

 

 

 

Read More »

බිම්ස්ටෙක් රාජ්‍ය නායකයෝ සුහද හමුවක  

0 comments

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුථවට එක්ව සිටින සියලූ රාජ්‍ය නායකයින් අතර සුහද හමුවක් අද (31) උදෑසන කත්මණ්ඩු නුවර Crown plaza හෝටලයේදී පැවැත්විණි.

එහිදී නේපාල අග්‍රාමාත්‍යවරයා සහ එම මැතිණිය විසින් සියලූ රාජ්‍ය නායකයින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මියන්මාර් ජනාධිපති Win Myint, බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා, තායිලන්ත අගමැති ප්‍රයුත් චන් ඔ චා, යන මහත් මහත්මින් එක්ව සිටී මෙම හමුවේදී එම සියලූ රාජ්‍ය නායකයින් විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

Read More »

ලබන මස පළමුවනදා සිට බස්රථ ධාවන ආදර්ශ සතියක්  

0 comments

ලබන මස පළමුවනදා සිට බස්නාහිර පළාත තුළ බස්රථ ධාවන ආදර්ශ සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකලා.

තුසිත කුලරත්න – සභාපති – මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය,

 

 

Read More »

ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි  

0 comments

උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස28වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින(01)දහවල් 12.10ටකන්දකුලිය, පුලියන්කුලම, කරබැව ,ගලේවෙල තිරප්පනේ, යකල්ල, අලුත්-ඔය, වඩිගෙවැව සහ කදිරවේලි යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කන්කසන්තුරය සිට මුලතිවු හරහා ත්‍රීකුණාමලයදක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසිහෝගිගුරුම්සහිතවැසිඇති විය හැකිඅතරදිවයින වටා වන සෙසුමුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.කොළඹ සිටගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළං බස්නාහිර දෙසින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමයි. සුළගේ වේගය පැ.කී.මී. 25-35 පමණ වේ.හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45-50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More »

බිම්ස්ටෙක් සමුළුවේ සභාපතීත්වය ශ්‍රී ලංකාවට  

0 comments

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සදහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව දෙවන දිනටත් අද නේපාලයේ  කත්මන්ඩු අගනුවරදී පැවැත්වෙනවා. අද දිනයේ විශේෂත්වයක් වන්නේ මෙම සමුළුවේ සභාපතීත්වය ශ්‍රී ලංකාව වෙත භාරදීමයි.

බිම්ස්ටෙක් සමුළුව නේපාලයේ  කත්මන්ඩු අගනුවරදී ඊයේ පස්වරුවේ ආරම්භ වූයේ රටවල් 07 ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට බංග්ලාදේශය , භූතානය , ඉන්දියාව , මියන්මාරය , ශ්‍රී ලංකාව , තායිලන්තය හා නේපාලය යන රටවල රාජ්‍ය නායකයින් හා නියෝජිතයින් එක්ව සිටියා. අද උදෑසන පැවති භෝජන සංග්‍රහයෙන් අනතුරුව රාජ්‍ය නායකයින් සුහද කතා බහක නිරතව සිටියා.

චමුදිත සමරවික්‍රම  – ජනාධිපති මාධ්‍ය අංශය,

 

 

Read More »

තේ පරීක්ෂක නිලධාරීන් සදහා ටැබ් පරිගණක 146 ක්  

0 comments

තේ පරීක්ෂක නිලධාරීන් සදහා ටැබ් පරිගණක 146 ක් ලබාදීම අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරුණා.

තාක්ෂණික දැනුම ලබාදීමෙන් නිලධාරීන් අතර මනා සබදතාවක් ඇතිකර එමගින් තේ නිෂ්පාදනය ඉහළ නැංවීම මෙහි අරමුණයි. කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා සහ කෘෂි පරීක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

අමාත්‍ය නවීන් දිසානායක,

 

 

Read More »

ලෝක වෙළෙඳ සංවිධානයට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීමක්  

0 comments

ලෝක වෙළද සංවිධානය ඇමෙරිකාව සමග කටයුතු කරන ආකාරයේ වෙනසක් සිදු නොකලහොත් තමන් එම සංවිධානයෙන් ඉවත් වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවනවා. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ  ඔහුගේ මෙම අනතුරු ඇගවීම විවෘත වෙළෙද පද්ධතිය තුළ ගැටුම් ඉස්මතු විය හැකි බවයි.

ලෝක වෙළෙද සංවිධානය පිහිටුවා ඇත්තේ ගෝලීය වෙළෙදාම සදහා නීති සම්පාදනය කිරීමට රටවල් අතර ගැටුම් නිරාකරණය කිරීම සදහායි. තවද FBI සංවිධානය සහ එරට අධිකරණ දෙපාර්තමේන්තුව තම කාර්ය නිවැරදිව ඉටු නොකළ හොත් තමන් ඒ සදහා මැදිහත්ව කටයුතු කරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

Read More »

කෝටි 15 ක රත්‍රං සමග ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට  

0 comments

රුපියල් කෝටි 15 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගු නිලධාරීන් සමත් වුණා.

ඩුබායි සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් රත්‍රං තොගයෙහි මුළු බර කිලෝග්‍රෑම් විස්සක්. කිලෝග්‍රෑම් එකක බරින් යුත් රත්‍රං කොටස් 20ක් ශරීරයේ විවිධ ස්ථානවල සගවාගෙන සිටියදීයි සැකකරු අත්අඩංගුවට පත්වුයේ.

 

 

 

Read More »

ඉරානය සහ පකිස්ථානය අතර නව සබඳතා  

0 comments

ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් ෂරීෆ් සහ පකිස්ථාන ජාතික සභාවේ කථානායකවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඉස්ලාමාබාද් හි පැවති සාකච්ඡාවේදි දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනිම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

Read More »

කැලිකසළවලින් නිපදවන කාබනික පොහොර වල ප්‍රමිතිය සොයා බැලීමට විමර්ශනයක්  

0 comments

නාගරික කසළවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල කැඩිමියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවට ඇතැම් පාර්ශව විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා නාගරික කසලවලින් නිපදවනු ලබන කාබනික පොහොරවල සංයුතිය පිළිබඳව වහාම විද්‍යාත්මක විමර්ශනයක් සිදු කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසට ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙනු ලැබී ය.

කාබනික ගොවිතැනට ගොවීන් නැඹුරු කරන අතරම, ඔවුන් විසින් යොදාගන්නා කාබනික පොහොරවල කැඩ්මියම් ඇතුලු බැර ලෝහවල ප්‍රතිශතය ඉහල මට්ටමක පවතී නම් එමඟින් මහජන සෞඛ්‍ය සම්පන්නභාවය උදෙසා ගැටළුවක් පැන නඟින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

දිවයිනේ පොහොර බෙදා හැරීම සහ පොහොර භාවිතය සම්බන්ධයෙන් සතිපතා පැවැත්වෙන පොහොර සමාලෝචන රැස්වීම ඊයේ (30) දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එම සාකච්ඡාවට පොහොර බෙදා හැරීමට අදාලව කටයුතු කරන සියලුම ආයතනවල ප්‍රධානීහු සහභාගී වූහ.

එහිදී කාබනික පොහොර සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා වූ අතර කාබනික පොහොර භාවිතයෙන් ළඟා කරගත හැකි යහ කාරණා පිළිබඳව වැඩිදුරටත් අවධානය යොමුකරන ලෙස ද එම කරුණු සෑමවිටම සහතික කර ගැනීම පිණිස කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.

Read More »

පුද්ගලික අංශය පෙළපොත් මුද්‍රණය කිරීමෙන් විශාල පාඩුවක් – ප්‍රචාර අසත්‍යයි  

0 comments

පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම පුද්ගලික අංශයට පැවරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

පෙළපොත් මුද්‍රණය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට හෝ කිසිදු රජයේ ආයතනයකට තනිව කළ හැක්කක් නොවන අතර මිලියන 40කට ආසන්න පෙළපොත් මුද්‍රණය මීට දශක කිහිපයකට පෙර සිටම සිදුකෙරෙන්නේ පෞද්ගලික අංශයේ සහය ලබාගෙන බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව සාධාරණ ලෙස විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී අවම ලංසු ඉදිරිපත් කළ රාජ්‍ය හා පුද්ගලික යන දෙඅංශය වෙතම පෙළපොත් මුද්‍රණ කටයුතු ලබා දී තිබේ.

ඒ අනුව පෙළපොත් මුද්‍රණයේදී රජයට කිසිදු පාඩුවක් සිදු නොවී ඇති අතර සත්‍ය කරුණු හරිහැටි නොදැන දරුවන්ට කලට වේලාවට පොත් ලබාදීමේ අවශ්‍යතාවය මෙන්ම අවම මිල ගණන් යටතේ හා සාධාරණ ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක වීම සදහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් වෘත්තීය සමිති පදනම් විරහිත කරුණු සමාජගත කිරීම කණගාටුදායක තත්වයක් බව එම නිවේදනයේ සඳහන් වේ.

Read More »

 

0 comments

සිරියා හමුදා ඉඩ්ලිබ් පළාතේ සිදුකරන මෙහෙයුම් ගැන එරට විදේශ අමාත්‍ය වලීඩ් අල් මුවාලම් ප‍්‍රකාශයක් කළා. ත‍්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් සිරියා හමුදා සෑම ස්ථානයකම මෙභෙයුම් සිදුකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සිරියා රජයේ නියෝජිතයන් සහ රුසියා නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදි ඔහු මේ බව සදහන් කර තිබෙනවා. මෙහෙයුම් සදහා කිසිදු අවස්ථාවක සිරියා හමුදා රසායනික අවි භාවිත නොකළ බව ඔහු එහිදි අවධාරණය කළා.

Read More »

නිව් මෙක්සිකෝ හි අනතුරකින් හතර දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

නිව් මෙක්සිකෝ හි අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස්රථයක් ,ට්‍රක් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. අනතුරින් පුද්ගලයින් දාහතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි  විදෙස් වාර්තා සදහන් කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 49දෙනෙකු ගමන් කර තිබෙනවා.

 

 

 

Read More »

බ්‍රිතාන්‍යයේ ප්ලාස්ටික් බෑග්වල මිල ඉහළ යයි  

0 comments

බ්‍රිතාන්‍යයේ ප්ලාස්ටික් බෑග්වල මිල ඉහළ දමන බවට එරට රජය නිවේදනය කර තිබෙනවා.

පරිසර දූෂණය වැළැක්වීමේ පියවරක් වශයෙනුයි බ්‍රිතාන්‍ය රජය ප්ලාස්ටික් බෑග්වල මිල ඉහළ දමා ඇත්තේ. 2015 සිට මේ දක්වා ප්ලාස්ටික් බෑග්වල මිල ස්ටර්ලින් පවුම් පහක අගයක පවතිනවා. ස්ටර්ලින් පවුම් දහයක් දක්වා මිල ඉහළ දැමීමටයි නියමිතව ඇත්තේ. සෑම වසරකම බිලියන තුනකට අධික ප්ලාස්ටික් බෑග් සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ භාවිත කරන බව එරට වාර්තා සදහන් කරනවා.

 

 

 

Read More »

කොළඹ හොර නෝට්ටු  

0 comments

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. ඒ හබරණ ප‍්‍රදේශයේ දී. කොළඹ සිට පෞද්ගලික බස් රථයකින් පැමිණි ඔහු ළඟ රුපියල් පන්සියේ ව්‍යාජ මුද්ල නෝට්ටු දෙකක් තිබූ බවයි පොලිසිය පවසන්න්.

එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 31 හැවිරිදි සැකකරු කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.

Read More »

ඉන්දියාවෙන් සොරාගත් බුද්ධ ප‍්‍රතිමාවක් යළි රැගෙන එයි  

0 comments

වසර 57කට පෙර ඉන්දියාවෙන් සොරාගත් බුද්ධ ප‍්‍රතිමාවක් යළි රැගෙන එන බව එරට මාධ්‍ය වාර්තා කළා.

එම බුද්ධ ප‍්‍රතිමාව සොයාගෙන ඇත්තේ බි‍්‍රතාන්‍යයේ වෙළද ප‍්‍රදර්ශනයකින්. එහි හිමිකරු ප‍්‍රතිමාව යළි ලබාදිමට කැමැත්ත පළකළ බව ඉන්දිය පොලිසිය පවසනවා. ලෝකඩ වලින් නිර්මාණය කළ එම බුද්ධ ප‍්‍රතිමාව 12 වන ශතවර්ෂයට අයත්වුවක් ලෙසයි සැලකෙන්නේ.

ඉන්දියාවේ බිහාර් හි නාලන්දා පුරාවිද්‍යා කෞතාකාගරයෙන් 1961 වසරේ දී එය සොරාගෙන ගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළේ.

Read More »

මාකඳුරේ මධූෂ්ගේ ප‍්‍රධාන ආධාරකරුවන් 2ක් අත්අඩංගුවට  

0 comments

පාතාල නායකයෙකු වු මාකඳුරේ මධූෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු හෝමාගම සහ බණ්ඩාරගම ප‍්‍රදේශ වලදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකින්. ටී 56 වර්ගයේ ගිණි අවියක් සහ ජීව උණ්ඩ 29 ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නෙ. 35 හැවිරිදි එක් සැකකරුවෙක් හෝමාගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. 36 හැවිරිදි අනෙක් පුද්ගලයා බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය සදහන් කළා. සැකකරුවන් පසුගිය 14 වනදා රත්නපුරයේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරිමට තැත් කිරිමේ අපරාධයට සම්බන්ධ බවටයි අනාවරණය වී තිබෙන්නෙ. ඔවුන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (30) ඉදිරිපත් කර තිබෙනවා. එහිදි සැකකරුවන් ලබන 04 වනදා දක්වා රඳවාගෙන ප‍්‍රශ්න කිරිමට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය පොලිසියට අවසර දුන්නා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයයි පරීක්ෂණ සිදුකරන්නෙ.

Read More »

 

0 comments

අද මානව ඉතිහාසයේ ඛේදවාචකයක් වෙනුවෙන් නම් කළ දිනයකි. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. මානව ඉතිහාසය තුල ජීවිතයට ඇති අයිතිය පිළිබඳ හැමදාමත් අරගලයක් තිබිණි. අශිෂ්ට ගෝත්‍රික යුගයෙන් මිදී ශිෂ්ට සම්පන්න මිනිස් සමාජයක් බිහි කර ගැනීම දක්වා අදත් මානව වර්ගයා මේ අරගලයේ යෙදී සිටී. කෙනෙකුගේ ජීවිතයක් අහිමි කරන්න හෝ වේවා  අතුරුදන් කරන්න හෝ වේවා තවකෙකුට අයිතියක් නැත. ඒ තබා සමාජ සම්මුතියකින් වුව එය සිදු කිරීම අශිෂ්ට බව අද පිළිගැනීමට ලක්ව තිබෙන්නකි. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනයක් නම් කරමින් අතුරුදන් නොවී සිටීමට මිනිසෙකුට ඇති  අයිතිය වෙනුවෙන්  කටයුතු කිරීම ලෝක සම්මුතියක් දක්වා ගොඩ නැගෙමින් පවතී. මිනිසුන් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් පසුගිය වකවානුවේදී ශ්‍රි ලංකාව ලොව ප්‍රමුඛ රාජ්‍යයක් බවට පත් විය. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන සමයේදී  මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සහ තරුණයන් 11 දෙනා අතුරුදන් කිරීම ආන්දෝලනාත්මක සිදුවීම් ලෙස කතා බහට ලක්වූවද  ඒ කාලයේදී තවත් දස දහස් ගණනින් මිනිසුන් අතුරුදන්ව තිබිණි.

අද අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවා ඒ පිළිබඳ සෙවීම සිදු කරගෙන යනු ලබයි.  එහෙත් ඊට  එරෙහිව  පසුගිය රාජපක්ෂ පාලනය හා එවකට සිටි ජාතිවාදී අශිෂ්ටයන් පමණක් කටයුතු කරමින් සිටියි.  රාජපක්ෂ යුගයේදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉ‍ටු කිරීමට රාජපක්ෂලා කැමති නැත. මන්ද ඒවාට වගකිව යුත්තේ ඔවුන් නිසාය. රාජපක්ෂලා එදා සිදුකළේ මිනිසුන් අතුරුදන් කිරීම පමණක් නොවේ. නීතිය , යුක්තිය, සාධාරණය අතුරුදන් කළේය. මිනිස් නිදහස අතුරුදන් කළේය. ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය අතුරුදන් කළේය. ඒ ඔවුන්ගේ බඩගෝස්තරවාදී පැවැත්ම වෙනුවෙනි.

අද ඔවුන් එදා සොරා කෑ බිලියන ගණනින් වූ  මුදල්ද අතුරුදන් කර තිබේ.  වංචා දුෂණවලට අදාල ලියකියවිලි අතුරුදන් කර තිබේ.  මිළදී ගත් දේපල ඉඩකඩම්වල සැබෑ අයිතිකරුවන් අතුරුදන් කර තිබේ. කොටින්ම  රාජපක්ෂ පාලනයේ මජර අතීතයද ඔවුන්ගේ මතකයෙන් අතුරුදන් කර ඇත. දැන් රාජපක්ෂලා කතා කරන්නේ අලුත උපන් සුපේක්ෂල ශික්ෂාකාමී සුදනන් මෙන්ය.  සමාජය හමුවේ පට්ට පල් බොරු දෙසා බාන්නේ ඔවුන්ගේ විලි ලැජ්ජාවද අතුරුදන් කරවමිනි.

ජන ඝාතක ම්ලේච්ඡ රාජපක්ෂ යුගයේ මජර දේශපාලන භාවිතාව මේ රටෙන් අතුරුදන් කරවීම නම් අද  සිදුවිය යුතුව තිබෙන පුන්‍යකර්මයක්ම බව කිව යුතුය.

දැනට මේ ඇති.. සෙස්ස පස්සට.

Read More »

ගෝලීය ආරක්ෂාව ගැන ලෝකයේම අවධානය යොමුවිය යුතු බව අගමැති කියයි  

0 comments

යුද්ධය නිමාකිරීමෙන් පසු සාමය  සංහිදියාව සහ සංවර්ධනය යන ක්ෂේත්‍රවලින් රට වේගයෙන් ඉදිරියට ගමන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කොළඹ ආරක්ෂක සමුළුවට විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළා. සමුළුව ආරම්භ වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

දෙස් විදෙස් ආරක්ෂක අංශ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ආරක්ෂක සමුළුවේ සමාරම්භක සැසිය අද (30)පෙරවරුවේ පැවැත්වුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දින දෙකක් පුරා සමුළුව පැවැත්වෙනවා. කොළඹ ආරක්‍ෂක සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ ගෝලීය වියවුල් හමුවේ දේශයේ සුරක්‍ෂාව යන්නයි. ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු රැසක් මෙහිදී අවධානය යොමු කෙරෙනවා. නේපාලයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පටිගත කළ විශේෂ ප්‍රකාශයක් මෙහිදී සමුළුවට ඉදිරිපත් කෙරුණා. විශේෂ ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා කියා සිටියේ රටේ අභ්‍යන්තර ගැටලු රට තුළම විසදා ගැනීමට ක්‍රියා කළ යුතු බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,

අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක සම්මේලනය ඇමතුවා.

 

Read More »

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි  

0 comments

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සදහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව මේ වන විට  නේපාලයේ  කත්මන්ඩු අගනුවරදී පැවැත්වෙනවා. සමුළුව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ ඒ ඒ රටවලට අනන්‍ය වූ ආර්ථික, සමාජ, සංස්කෘතික, සහ දේශපාලන වැඩපිලිවෙලක් තුළ කලාපීය වශයෙන් එකිනෙකාට ගැලපෙන්නා වූ එකගතාවන් සහිතව පොදු අරමුණකින් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.

බිම්ස්ටෙක් සමුළුව නේපාලයේ  කත්මන්ඩු අගනුවරදී අද (30) පස්වරුවේ ආරම්භ වූයේ රටවල් 07 ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය හා නේපාලය යන රටවල රාජ්‍ය නායකයින් හා නියෝජිතයින් එක්ව සිටියා. මෙම සමුළුවට එක්වීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණගැසී සාකච්ඡා කළා.  එහිදී ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිදියාවත් තිරසාර සාමයත් උදාකරගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කරන කැපකිරීම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා.  මෙහිදී ජනාධිපතිතුමා සමග සුහද කථාබහකට එක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළඹෙන තුන්වනදාට යෙදෙන ජනාධිපතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සුභපැතුම් එක් කිරීමටද අමතක කළේ නැහැ.

මේ අතර බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අවසානයේ එහි සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට භාරදීමට නියමිත  අතර  ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්ද අදහස් පල කළා. අත්දැකීම් බහුල නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ බිම්ස්ටෙක් සංවිධානය ඉතා ශක්තිමත් සංවිධානයක් බවට පත්වනු ඇතැයි මෝදි මහතා මෙහිදී  පවසා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මියන්මාර් ඒකාබද්ධ වෙළෙද ගිවිසුම නැවත සක්‍රීය කරගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළෙද සබදතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මියන්මාර ජනාධිපති වින් මයින්ට් මහතා එකඟවී තිබෙනවා.  රාජ්‍ය නායකයින් දෙපල අද (30) පෙරවරුවේ හමු වූ අවස්ථාවේ දීර්ඝ ඉතිහාසයක් ඇති මියන්මාර ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනිම පිළිබද වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා .

මේ අතර බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවී සිටින රාජ්‍ය නායකයින් සහ නේපාල ජනාධිපතිනී බිද්‍ය දේවී බණ්ඩාරි මහත්මිය අතර හමුවක් අද දහවල් කත්මන්ඩු නුවර ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරුණා. එහිදී නේපාල ජනාධිපතිනිය විසින් සියලු රාජ්‍ය නායකයින් ඉතා උණුසුම් ලෙස පිළිගත්තා.  සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයින් විශේෂ දිවා භෝජන සංග්‍රහයකට එක්වූයේ ඉන් අනතුරුවයි. 

 

 

Read More »

එන්ටර්ප්‍රයිස් ප්‍රදර්ශන භූමියට ජන ගඟක්  

0 comments

ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ දෙවන දිනය වන අද දිනයේ ද එය නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා.  සංහිදියාව/ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කරගනිමිනුයි ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. මොනරාගල පැවැත්වෙන ප්‍රදර්ශනයේ වැඩිදුර තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත  ධනුෂ්ක බණ්ඩාර.

ධනුෂ්ක බණ්ඩාර,

ව්‍යවසායකයින් දිරිගන්වන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබද දැනුවත් කිරිමේ අරමුණින් සංවිධාන කෙරෙන ප්‍රදර්ශනය කලාප 12 කින් සමන්විතයි. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් අනුවයි මෙය සංවිධාන කර ඇත්තේ. නව ව්‍යවසායකයින්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතියේ ලියාපදිංචි වීමටද මෙහිදී අවස්ථාව උදා කර දී තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ව්‍යාපාරික ණය ඉල්ලුම් කළ හැකිවීමද විශේෂත්වයක්. සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවාවන් ලබා ගැනීමටද ප්‍රදර්ශනයේ විශේෂ කලාපයක් වෙන් කර තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමිය තුළ අයිටීඑන් මාධ්‍ය ජාලයේ ප්‍රදර්ශන කුටියක් ද පවතිනවා.  මැති ඇමතිවරුන් මෙන්ම ප්‍රදර්ශන භූමියට එන බොහෝ පිරිසක් අයිටීඑන් කුටියට ද ගමන් කරන බවයි අප නිශ්පාදක කණ්ඩායම සදහන් කරන්නේ.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,

ලොතරැයි අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය අලෙවි කුටි බෙදා දීම අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විශාල පිරිසක් මේ වන විටත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ දී ආයෝජන සදහා ණය ලබා ගැනීමට අයදුම් කර තිබෙනවා. රාජ්‍ය බැංකු මගින් ව්‍යවසායකයින් පනස් දෙනෙකු සදහා ණය ඔප්පු පිරිනැමීම සිදු කෙරුණේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් තවත් වැඩසටහන් කිහිපයක් අද දිනයේ ක්‍රියාත්මක කෙරුණා. සංහිදියාවට මග පෙන්වන අහන්න වැඩසටහන ද මෙහිදී ක්‍රියාත්මක වනවා. ඒ සදහා ද විශාල පිරිසක් එක්ව සිටිනවා.  ප්‍රදර්ශන භූමියේ දී සෑම දිනකම රාත්‍රී 8.30 සිට සංගීත සන්දර්ශනයක් පැවැත්වෙනවා.  ප්‍රදර්ශනය හෙටින් අවසන් වීමට නියමිතයි.

Read More »

කසිප්පු පෙරපු පොදු ජන පෙරමුණේ මන්ත‍්‍රී මාට්ටු  

0 comments

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් සිදු කරන නීති විරෝධී හා දාමරික ක්‍රියා දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනයේ නිරත මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකුට එරෙහිවත් දැන් නීතිය ක්‍රියාත්මකයි.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා පසුගිය සතියේ අවස්ථා දෙකකදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබෙනවා. එක් අවස්ථාවකදී සොරකමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත්තා.  දෙවන වතාවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී මත්පැන් නිශ්පාදනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනු යි. පළාත් පාලන ඡන්දයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ වැරදි කරන පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් වහාම ඉවත් කරන බවයි.

අමාත්‍ය කබීර් හෂීම්,

මාවනැල්ලේදී පමණක් නොව මින්නේරියේ දීද පොදු ජන පෙරමුණේ මහජන නියෝජිතයන් සිදු කළ නීතිවිරෝධී කටයුත්තු පිළිබද දැන් රටට හෙළිවී තිබෙනවා. මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිලධාරීන්ට පහරදුන් මෙම මන්ත්‍රිවරයා ඇතුළු පිරිස ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කෙසේ වුවද පළාත් පාලන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කළ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඉදිරියේ දිවුරුම් දෙමින් කියා සිටියේ කිසිදු වංචාවකට, දූෂණයකට හෝ විෂමාචාර ක්‍රියාවකට සම්බන්ධ නොවන බවයි. එහෙත් දැන් එය වචනවලට පමණක් සීමා වී තිබෙනවා. එමෙන්ම මෙවැනි නීතිවිරෝධී මත්පැන් නිශ්පාදකයන් හා මැරවරයින් සමග උද්ඝෝෂණය කිරීමට රාජපක්ෂවරුන් සූදානමින් සිටිනවා. එම උද්ඝෝෂණ හුදෙක් මහජන යහපත උදෙසා නොව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිදු කරන ඒවා බවයි මෙයින් පෙනී යන්නේ.

Read More »

18 ට අඩු අයට ශක්තිජනක පාන අළෙවිය තහනම්  

0 comments

ශක්තිජනක පාන තුළ අන්තර්ගත අධික සීනි සහ කැෆේන් සෞඛ්‍යයට ඉතා අහිතකර බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නා. ඒ අනුව වයස අවුරුදු 18 ට අඩු අයට ශක්තිජනක පාන අළෙවිය තහනම් කිරිමට එංගලන්තය සැළසුම් කර තිබෙනවා.

දරුවන්ගේ සෞඛ්‍ය පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් තීරණය කි‍්‍රයාත්මක කිරිමයි අරමුණ.  ඒ අනුවයි ළමුන්ට ශක්තිජනක පාන අළෙවිය නතර කිරිමට තීරණය කර ඇත්තේ.

Read More »

සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක්  

0 comments

සිංගප්පූරු  ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ ඇතැමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටිනවා. එහෙත් මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්වනවා. සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් දේශීය නිෂ්පාදකයන්ට කිසිදු බලපෑමක් ඇති නොවන අයුරින් එහි ප්‍රතිපත්ති සැකසී තිබෙනවා.  වී, ධාන්‍ය සහ තිරිගු වැනි ද්‍රව්‍ය  යොදාගමින් සිදු කරන නිෂ්පාදනවලදී  ඒවා සිංගප්පූරු භූමියෙන්ම ලබාගත යුතු බව  ගිවිසුමේ දැක්වෙනවා.

එහෙත් සිංගප්පූරුවෙහි කුඹුරු නොමැති හෙයින්  එහිදී ලබා දෙන තීරු බදු සහනය සිංගප්පූරු ව්‍යවසායකයන්ට හිමි වන්නේ නැහැ. කෙසේ වුවද පාකිස්ථානය, වියට්නාමය සහ තායිලන්තය වැනි රටවලින්   ලබා ගන්නා සහල්  සිංගප්පූරු  හරහා ශ්‍රී ලංකාවට ගෙන ඒමේ අවස්ථාව පවතින බවටය ඇතැමුන් චෝදනා කරන්නේ. එහෙත් මෙම ගිවිසුමට අනුව  ඒවා නිශේධ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බැවින්  ගිවිසුමට මුවා වී කිසි ලෙසකින්වත්  මේවා ශ්‍රී ලංකාවට ආනයනය කළ නොහැකියී.

සේවා වෙළදාම පිළිබද දැනට පවතින නීති රීති සිංගප්පූරු ගිවිසුමට ඇතුළත් වන බැවින් එහිදීද ශ්‍රී ලංකාවට බලපෑමක් එල්ල විය නොහැකියී. පවතින රෙගුලාසි වලට අනුව ඉදිකිරීම් සේවා අවස්ථාවලදී සියයට සියයක් විදේශ කොටස් හිමිකාරීත්වයට  අවස්ථාව හිමිවනවා. මෙම ගිවිසුමෙන් එය සියයට 40 කට සීමා කිරීම විශේෂත්වයක්. විදේශ ආයෝජන සිදු කරන සිංගප්පූරු සමාගම්වල ඉහළ කළමනාකරුවන්ට මෙරටට පැමිණීමට අවස්ථාව ලැබුණද එය පවතින ආගමගන නීති රීතිවලට යටත්වයි සිදු කෙරෙන්නේ.

එහෙත් ශ්‍රී ලංකාවේ හා සිංගප්පූරුවේ වැටුප් අතර විශාල වෙනසක් පවතින බැවින් අඩු වැටුපකට ශ්‍රී ලංකාවේ සේවය සැපයීමට සිංගප්පූරු සේවකයන් පැමිණෙනු ඇතැයි විශ්වාස කළ නොහැකියි.  වෘත්තීය සේවා නිදහස් කිරීමක්ද මෙම ගිවිසුම හරහා සිදු වන්නේ නැහැ. විදේශ වෙළඳාම සම්බන්ධයෙන්  ක්‍රියාත්මක නීති රීති අනුව සැකසුනු මෙම ගිවිසුම රටේ ස්වාධීනත්වය  රැකගනිමින් ඇති කළ එකක බව මේ අනුව පැහැදිලි.

 

 

 

 

 

 

Read More »

Recent News

Gossip Lanka MAG