Aug
31
නේපාල ශ්‍රී ලංකා වෙළෙද, සංචාරක සහ ආයෝජන සමුළුවක් ඊයේ (31) පස්වරුවේ කත්මන්ඩු නුවරදී පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. නේපාලයේ උපායමාර්ගික සමාජ පර්යේෂණ ආයතනය විසින් මෙම සමුළුව සංවිධානකර තිබුණා. දෙරට අතර වෙළෙද, සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රයන් හි සහයෝගීතාව දෙරටටම වාසිසහගත අයුරින් තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරුකර ගැණුනා. මේ අතර ජනාධිපතිතුමා නේපාලයේ උපායමාර්ගික සමාජ පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා සමග ද කෙටි සාකච්ඡාවකට එක්වුණා.
Post a Comment