Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ නරීටා ගුවන් තොටුපලේදී ගුවන් අනතුරක්  

0 comments

ජපානයේ නරීටා ගුවන් තොටුපලේදී ගුවන් අනතුරක් සිදුව තිබෙනෙවා.

ජපාන ගුවන් සමාගමකට අයත් බෝයිං 787 ගුවන් යානයකුයි මෙසේ අනතුරට පත්ව ඇත්තේ. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි මෙම ගුවන් යානය ගුවන්තොටුපොලට ගෙඩබස්වන අවස්ථාවේ ගුවන් පථයෙන් ඉවතට පැන තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ යානයේ මගීන් 201 දෙනෙකු සිටිය ද කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

 

 

Read More »

හෙට සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක්  

0 comments

වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක් හෙට(02) සිට අපේක්ෂා කරන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

නැගෙනහිර , ඌව , උතුර සහ උතුරු මැද පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකියි. සබරගමුව , මධ්‍යම , දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නෙ.

Read More »

යේමනයේ මාස හයක් තුළ ළමයින් ලක්ෂ පහක් අවතැන්  

0 comments

යේමනයේ ළමයින් ලක්ෂ පහකට වැඩි පිරිසක් ගැටුම් හේතුවෙන් අවතැන්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය ප‍්‍රකාශ කළා.

යේමන දරුවන්ගේ මානුෂීය තත්ත්වය පිළිබද ජාත්‍යන්තරයේ අවධානය යොමුවිය යුතු බවයි එම සංවිධානය පෙන්වා දෙන්නෙ. පසුගිය මාස හය තුළ මෙම තත්ත්වය වර්ධනය වී තිබෙනවා. සවුදිය මූලික කරගත් හමුදා කණ්ඩායම් එල්ල කළ ප‍්‍රහාර වලින් බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නෙ. අධ්‍යාපන ප‍්‍රවේශය අහිමිවීම කුසගින්න සහ විවිධ රෝගාබාධයන්ට ගොදුරුවීම ඔවුන් මුහුණපාන ප‍්‍රධාන ගැටලුවක් බවද යුනිසෙෆ් සංවිධානය ප‍්‍රකාශ කළා.

Read More »

ගම්පෙරළිය , එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා හෙට සිට නව මුහුණුවරකින්  

0 comments

ගම්පෙරළිය සහ එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා වැඩසටහන් නව මුහුණුවරකින් හෙට(02) යළි ආරම්භ වනවා.

ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී. නව ව්‍යාපෘති කිහිපයක් ද හඳුන්වාදෙන බවයි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ.
පසුගිය ඔක්තෝබර් 26 වනදායින් පසු ගම්පෙරළිය සහ එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා වැඩසටහන් කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් සංවර්ධන කටයුතු වලට බාධා සිදුවුණා. එබැවින් එම කටයුතු යළි ශක්තිමත්ව ආරම්භ කිරිම සැලසුම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ.

Read More »

මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන් හදුනාගැනීමට උපකරණයක්  

0 comments

මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන් හදුනාගැනීම සඳහා නවීන තාක්ෂණික උපකරණ යොදාගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා පවසනවා.

 

Read More »

සේනා දළඹු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විශේෂ සාකච්ඡාවක  

0 comments

සේනා දළඹු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදි පැවැත්වෙනවා.

ඒ කරුණු කිහිපයක් පිළිබද සාකච්ඡා කිරිම සදහා. සේනා දළඹු මර්දනයට සහ ව්‍යප්තිය පාලනය සදහා ගෙන ඇති පියවර පිළිබදවත් අවධානය යොමුව තිබෙනවා. විසඳුම් යෝජනාවලියක් ද මෙහිදි ඉදිරිපත් කිරිමට නියමිත බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර විජේතුංග මහතා ප‍්‍රකාශ කළේ.

Read More »

ජ.වි.පෙ. මීලඟ සහාය කාටද?  

0 comments

රට ශිෂ්ඨසම්පන්න මාවතකට රැගෙන යන ඕනෑම මැතිවරණ ක්‍රමයකට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී සහාය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කළුතර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

Read More »

හොඳම ජනාධිපති අපේක්ෂකයා එජාපයෙන්  

0 comments

ජනාධිපතිවරණයක දී ජයග්‍රහණය කිරීමට හැකි හොදම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය සතු බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා.

බිංගිරිය හොරුතපොල ප්‍රදේශයේ පාක්ෂික හමුවකදීයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.  උඩුබද්දාව ප්‍රාදේශීය සභා මන්ත්‍රි චමින්ද ප්‍රදීප් කුමාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

Read More »

උතුරු කොරියාව දුන් පොරොන්දුව ගැන ඇමරිකාවෙන් හෙළිදරව්වක්  

0 comments

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි පමණක් නොව ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ද විනාශ කර දැමීමට පොරොන්දු වී තිබෙන බව ඇමෙරිකාව පවසනවා.

කොරියා අර්ධද්වීපයෙන් න්‍යෂ්ටික අවි තුරන් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා සදහන් කරන්නේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ පැවැත්වීමට නියමිත දෙවන සමුළුව සදහා ස්ථානයක් හා දිනයක්  ලබන සතියේදී ප්‍රකාශයට පත්කරන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.

 

Read More »

ජනවාරියේ මුහුදෙන් කේරළ ගංජා කිලෝ ග‍්‍රැම් 520ක් අල්ලයි  

0 comments

ජනවාරි මාසය තුළ පමණක් කේරළ ගංජා කිලෝ ග‍්‍රැම් 520 කට වැඩි ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ඒ ඔවුන් සිදුකළ මෙහෙයුම් වලින්.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට අඛණ්ඩව සහය ලබාදෙන බවයි නාවික හමුදාව සදහන් කළේ.

යාපනය නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී ද කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 18 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

විදේශයක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට  

0 comments

විදේශයක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය ප‍්‍රකාශ කළා.

කලුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න මිරිස්වත්ත ප‍්‍රදේශයේදී.

සැකකරුවන්ගේ වයස අවුරුදු 38 ක් සහ 44 ක්. ඔවුන් පිටිගල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

Read More »

දහම් පාසල් සංවර්ධනය කිරිමේ වැඩසටහනක් නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයෙන්  

0 comments

දිවයින පුරා දහම් පාසල් සංවර්ධනය කිරිමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ඒ ප‍්‍රාදේශ්‍රීය ලේකම් කොට්ඨාස 332 ඉලක්ක කර ගනිමින්.

දරුවන් දහම් අධ්‍යාපනයට වැඩි වශයෙන් යොමු කිරිම ප‍්‍රධාන අරමුණක්.

අඩු පහසුකම් සහිත දහම් පාසල් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බවයි අමාත්‍යාංශය සදහන් කළේ.

Read More »

පෝලන්තයේ ගවමස් පිළිබද විශේෂ විමර්ශනයක්  

0 comments

යුරෝපා රටවල් 11 ක් පෝලන්තයෙන් ආනයනය කළ ගවමස් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.

ඒ රෝගාතුරවූ ගවයින්ගේ මස් පෝලන්තය අපනයනය කර ඇති බවට තොරතුරු හෙළිවීමත් සමඟයි.

පෝලන්ත කර්මාන්තශාලාව මස් මෙටි‍්‍රක් ටොන් දහයකට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළා.

රටවල් 11 ක් ඉන් මෙටි‍්‍රක් ටොන් 2.5 ක් ආනයනය කර ඇති බවයි යුරෝපා කොමිසම පවසන්නේ.

එස්තෝනියාව , පින්ලන්තය, ප‍්‍රංශය, ලිතුවේනියාව, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ජර්මනිය සහ ස්ලෝවැකියාව වැනි රටවල් ඊට ඇතුලත්.

Read More »

දූෂණ මර්දන මෙහෙයුම අවසන් කළ බව සවුදි අරාබිය කියයි  

0 comments

දූෂණ මර්දන මෙහෙයුම අවසන් කිරීමට සවුදි අරාබිය පියවර ගත්තා.

2017 නොවැම්බර් මාසයේදී ආරම්භ කළ එමගින් දූෂණ රැසක් හෙළිකර ගැනීමට සමත්වී තිබෙනවා.

381 දෙනෙකු පිළිබද විමර්ශන සිදුකරන බවයි සවුදි අරාබිය පවසන්නේ.

1980 සිට රට තුළ දුෂණ සිදුවූ බව සල්මන් රජුගේ පුතු වන මොහොමඩ් කුමරා පසුගිය වසරේදී ප‍්‍රකාශ කිරීමත් සමඟ මෙම දූෂණ මර්දන වැඩපිළිවෙල කි‍්‍රයාවට නැංවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Read More »

රුපියල් මිලියන 20 ක් පමණ වටිනා දුම්වැටි තොගයක් අත්අඩංගුවට  

0 comments

රුපියල් මිලියන 20 ක් පමණ වටිනා දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් සමත් වුණා. ඒ පිටකොටුව ඔරලෝසු කණුව අසළදී.

කුඩා කන්ටේනර රථයකින් දුම්වැටි තොගය ප‍්‍රවාහනය කරමින් තිබූ බවයි පොලීසිය පවසන්නේ.

නැව් අමතර කොටස් ආනයනය කරන බව පවසමින් දුම්වැටි තොගය ඩුබායි සිට මෙරට රැගෙනවිත් ඇති බව හෙළිවුණා

දුම්වැටි ලක්ෂ හතරක ප‍්‍රමාණයක් එහි තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

අතුරු අයවැයක් ඉන්දීය ලෝක් සභාවට  

0 comments

අතුරු අයවැයක් අද ඉදිරිපත් කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කළා.

ඒ මුදල් අමාත්‍යවරයා ඊයේ සිදුකළ ප‍්‍රකාශයකින් අනතුරුවයි.

අයවැය, අයවැයක් මිස අතුරු අයවැයක් නොවන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

එහෙත් ලෝක් සභාවට අද අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව නරේන්ද්‍ර මෝදි විපක්ෂය හමුවේ තහවුරු කර තිබෙනවා.

Read More »

කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 18 ක් සමඟ අත්අඩංගුවට ගත් දෙදෙනෙකු අධිකරණයට  

0 comments

කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 18 කට වැඩි ප‍්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනවා.

ඔවුන් අත්අඩංගුවට ගැණුනේ වැල්වැටිතුරය ආදි කෝවිල අසළදී.

ඒ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ ඒකාබද්ධ වැටලීමකින්.

අවුරුදු 27 ක් සහ 38 ක් වයසැති සැකකරුවන් එම ප‍්‍රදේශයේම පදිංචිකරුවන් බව ද පොලීසිය සඳහන් කළා.

Read More »

ඉන්දියාවේ විරැකියා අනුපාතය ඉහළ යයි  

0 comments

ඉන්දියාවේ විරැකියා අනුපාතය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

1970 ට පසු එය වැඩි අගයක් ගන්නා බවයි රජයේ රැකියා වාර්තාවකින් හෙළිවුණේ.

ප‍්‍රතිශතයක් ලෙස එය 6.1%ක්. 2011, 2012 වසරවලදී එම ප‍්‍රතිශතය 2.2%ක්ව පැවතුණා.

අවුරුදු 15 ත් 20 ත් අතර වයස්වල පසුවන්නන්ගේ විරැකියා අනුපාතය වැඩි බව ද එම වාර්තාවේ සඳහන්.

පිරිමින් අතර විරැකියා අනුපාතය 18.7%ක් වන අතර කාන්තාවන් අතර විරැකියා නුපාතය 27.2%ක් වන බව ද එහි සඳහන්ව තිබෙනවා.

Read More »

අද රටට අවශ්‍යදේ ජනපති කියයි  

0 comments

අද රටට අවශ්‍යව ඇත්තේ රටට ද්‍රෝහි, ජනතාවට ද්‍රෝහි බලවේග නිවැරදිව හදුනාගෙන එම බලවේග පරාජය කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය අද පස්වරුවේ විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,

 

 

 

 

 

Read More »

සංවර්ධනයට අධිකරණයේ ස්වාධීනත්වය අතිශය තීරණාත්මකයි  

0 comments

රටක සංවර්ධනයට අධිකරණයේ ස්වාධීනත්වය අතිශය තීරණාත්මක බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.

අමාත්‍ය තලතා අතුකෝරල,

වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත නව අධිකරණ සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ උත්සවය අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහල් දෙකකින් යුතුව ඉදිකෙරෙන අධිකරණ සංකීර්ණයේ දිසා අධිකරණයක්,මහේස්ත්‍රාත් අධිකරණයක් හා  කාර්යාල පහසුකම් ඇතුළු ජනතාවට අවශ්‍ය පහසුකම් සියල්ල ඇතුළත්. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ තුන්දහස් හත්සිය විසි අටක්. මෙහි වැඩකටයුතු 2021 වසරේ දී අවසන් කිරීමට නියමිතයි. කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

Read More »

කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා රිමාන්ඩ්  

0 comments

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් කොක්කඩිචෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු ලබන මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේසත‍්‍රාත් අධිකරණය අද(31) නියෝග කළා. සැකකරු මීළඟ නඩු වාරයේදි කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසයි මඩකලපුව මහේස්ත‍්‍රාත් ඒ සී රිස්වාන් මහතා නියම කළේ. අත්අඩංගුවට ගත් අනවසර වැලි ප‍්‍රවාහන ටිපර් රථයක් නිදහස් කිරිම සදහා පුද්ගලයෙකුගෙන් රුපියල් විසිපන් දහසක අල්ලස් මුදලක් ලබාගත් අවස්ථාවේදි පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අල්ලස් කොමිසමේ නිලධාරින් කළ වැටලිමකදී.

Read More »

සංවර්ධනයට අධිකරණයේ ස්වාධීනත්වය අතිශය තීරණාත්මකයි  

0 comments

රටක සංවර්ධනයට අධිකරණයේ ස්වාධීනත්වය අතිශය තීරණාත්මක බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.

අමාත්‍ය තලතා අතුකෝරල,

වැලිමඩ දඹවින්න ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිත නව අධිකරණ සංකීර්ණය සදහා මුල්ගල තැබීමේ උත්සවය අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහල් දෙකකින් යුතුව ඉදිකෙරෙන අධිකරණ සංකීර්ණයේ දිසා අධිකරණයක්,මහේස්ත්‍රාත් අධිකරණයක් හා  කාර්යාල පහසුකම් ඇතුළු ජනතාවට අවශ්‍ය පහසුකම් සියල්ල ඇතුළත්. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ තුන්දහස් හත්සිය විසි අටක්. මෙහි වැඩකටයුතු 2021 වසරේ දී අවසන් කිරීමට නියමිතයි. කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

Read More »

නිදහස් පක්ෂයේ සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතුයි  

0 comments

පාක්ෂිකයින් අතර බෙදීම් ඇතිකර නොගනිමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්තානයේ දී අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. තවත් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා.

 

 

 

Read More »

ලෝකයට ගැලපෙන වෘත්තිකයින්  

0 comments

දහතුන් වසරක අධ්‍යාපනය තුළින් ලෝකයට ගැලපෙන වෘත්තිකයින් බිහිකිරීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

වෘත්තීය විෂයන් සඳහා උපාධිධාරීන් 123 දෙනෙකු වෙත ගුරු පත්වීම් පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සිංහල සහ දෙමළ මාධ්‍ය යටතේ මෙම පත්වීම් පිරිනැමුණා. පළමු අදියරේදී වෘත්තීය විෂයන් සදහා උපාධිධාරීන් 1150 දෙනෙකුට පත්වීම් ලබාදුන්නා. නව අධ්‍යාපන වෙනස්කම් සමග දරුවන්ට ලෝකය සමග ගනුදෙනු කිරීමේ අවස්ථාව උදාවී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

 

 

 

 

Read More »

තරුණ ව්‍යවසායකයින් 500 කට ණය  

0 comments

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය තුළින් තරුණ ව්‍යවසායකයින් 500 දෙනෙකුට ණය ලබාදී තිබෙනවා.

කුඩා පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය යටතේ අද වනවිට රුපියල් මිලියන 217 ක මුදලක් තරුණ ව්‍යවසායකයින් 515 දෙනෙකු වෙත ලබාදී තිබෙනවා. ණය යෝජනා ක්‍රමය පිළිබද පැවති ප්‍රගති සමාලෝචන වාර්තාව වැඩිදුරටත් සදහන් කරන්නේ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ව්‍යවසායකයින්ට ණය නිකුත්කර ඇති බවයි. දිස්ත්‍රික් සහ පළාත් වශයෙන් ව්‍යවසායකයින් දැනුවත් කරමින් තරගකාරී ලෙස ව්‍යවසායක ණය නිකුත් කෙරෙනවා. ඒ අනුව පළාත් අතරින් ඉදිරියෙන්ම සිටින්නේ සබරගමුව පළාතයි. එම පළාතේ සියදෙනෙකු වෙනුවෙන් ව්‍යවසායක ණය නිකුත්කර තිබෙනවා. ඇඟලුම්,රූපලාවන්‍ය, ඉදිකිරීම්, කාර්මික, පරිගණක ඇතුළු ක්ෂේත්‍ර රැසකට අයත් ව්‍යවසායකයින් මේ අතර වනවා.

 

 

 

Read More »

නිදහසින් පසු මෙරට රාජ්‍ය සේවාව තුළ ගනු ලැබූ වැදගත්ම තීරණය  

0 comments

236 වන්නේ තොරතුරු දැනගැනීමේ පනත ජනතාව වෙත උරුමකර දීම බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මිය පවසනවා.

කෝට්ටේ මහනගර සභාවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි තිලකා ජයසුන්දර මහත්මිය මෙම අදහස් පළකළේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව තොරතුරු දැනගැනීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස කෝට්ටේ මහනගර සභාව තෝරාගෙන තිබෙනවා. මෙම වෙබ් අඩවිය ඔස්සේ කෝට්ටේ මහ නගර සභාවේ තොරතුරු ජනතාවට ලබා ගැනීමට හැකියි. නව වෙබ් අඩවිය මගින් ජනතාවට ඵලදායී හා කාර්යක්ෂම සේවාවක් ඉටු කිරිමට හැකි බවයි අතිරේක ලේකම්වරිය පෙන්වා දුන්නේ.

අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර,

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කෝට්ටේ මහනගර සභාව,එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

Read More »

ගෝඨාගේ නඩුවේ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය පෙබරවාරි 11වනදා  

0 comments

ආරක්ෂක ආමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද(31) විභාගයට ගැනුණා.

රුපියල් මිලියන තිස් තුනයි දශම නවයක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ. එය ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනීමට අධිකරණ බලයක් නොමැති බවට විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට නීතිපතිවරයා පිළිතුරු ලබාදීම අද (31) ආරම්භ කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පවසා සිටියේ මෙම ත්‍රිපුද්ගල මහාධිකරණය අධිකරණ සංවිධාන පනත තුළින් ස්ථාපිත කර ඇති අතර එම පනත සංශෝධනය කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයකින්ද අනතුරුව බවයි.

තවද මෙම අධිකරණයේ කටයුතු නීතිපතිවරයාගේ අභිමතයට පමණක් ගොනු කළ නොහැකි බවත් ඒ සදහා අගවිනිසුරුවරයාගේද අනුමැතිය ලැබිය යුතු බවත් කියා සිටියා. රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධ වරදක් ආර්ථික සහ මූල්‍ය වරදක් නොවන්නේ කෙසේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය පෙබරවාරි 11 වනදා ප්‍රකාශයට පත් කිරීමට මහාධිකරණය දින නියම කළා.

Read More »

තස්මේනියාවේ හටගත් ලැව්ගිනි තවදුරටත් ව්‍යප්ත වෙයි  

0 comments

තස්මේනියාවේ හටගත් ලැව්ගිනි තවදුරටත් ව්‍යප්ත වී තිබෙනවා.

හෙක්ටයාර එක්ලක්ෂ හැත්තෑ තුන්දහසක පමණ ප‍්‍රදේශයක් මේ වන විට ගින්නෙන් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දේපළ රැසක් ද විනාශ වුණා. විශාල ලැව් ගිනි දෙකකට අමතරව කුඩා මට්ටමේ ලැව් ගිනි 26 ක් ද මේ වන විට පැතිර යමින් ඇති බවයි ගිනි නිවන සේවකයන් පෙන්වා දෙන්නෙ. ගින්න පාලනය කිරීමට පන්සියකට අධික පිරිසක් යොදවා තිබෙනවා.

Read More »

ඇෆ්ගන් ජනාධිපතිගෙන් පාකිස්ථානයට යළි චෝදනා  

0 comments

ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ගානි පාකිස්ථානය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළා.

ඒ කාබුල් හි පැවති තරුණයන් සහ සාමය සදහා වු ජාතික සම්මේලනය අමතමින්.

පාකිස්ථානය කැරලිකරුවන්ට ආරක්ෂාව සපයන බවයි ඔහු එහිදී සදහන් කළේ.

ඉස්ලාමාබාද්, ක්වාට්ටා සහ රාවල්පිණ්ඩි යන ප‍්‍රධාන නගර කැරලිකරුවන් ආරක්ෂා කරන ස්ථාන බව ද ඔහු එහිදී පැවසුවා.

පාකිස්ථාන රෝහල්වලදී තලේබාන් කැරලිකරුවන්ට ප‍්‍රතිකාර ලබාදෙන බවට අෂ්රාෆ් ගානි පසුගිය අගෝස්තු මාසයේදී ද ප‍්‍රකාශයක් සිදුකර තිබූ බවයි විදෙස්මාධ්‍ය වාර්තා කළේ.

Read More »

තරුණයන් හා විවාහ වී මුදල් වංචාකළ කාන්තාවක් දැලේ  

0 comments

ඉතාලියට රැගෙන යන බව පවසා තරුණයන් හා විවාහ වී මුදල් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මාරවිල පොලිස් වසමේ කටුනේරිය ප‍්‍රදේශයේ ලැගුම්හලකදී. ව්‍යාජ ලිපිලේඛන භාවිත කරමින් ඇය තරුණයන් විදේශගතකිරීමට උත්සාහ ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. 35 හැවිරිදි ඇය දෙදරු මවක් වන අතර, මාවතගම ප‍්‍රදේශයේ පදිංචිකාරියක බව ද පොලීසිය සඳහන් කළා.

Read More »

සහල්වලට වී කිලෝග‍්‍රෑමයක මිල මෙන් දෙගුණයක මිලක්  

0 comments

සහල් කිලෝ ග‍්‍රෑමයක මිල වී කිලෝග‍්‍රෑමයක මිල මෙන් දෙගුණයක් කිරිමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ‍

ඒ මෙරට ප‍්‍රධාන පෙලේ වී මෝල් හිමියන් සහ කුඩා වී මෝල් හිමියන් සමග පැවති සාකච්ඡාවකදීයි.

ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයා ආරක්ෂා කිරිම සදහා ලබන අපරේල් මාසයේ සිට සංශෝධනය කි‍්‍රයාත්මක කිරිම සැලැස්මයි.

මහ කන්නයේ වී මිලදී ගැනීම් සදහා රජය පනවන මිල ගණන් සිය පෞද්ගලික ගබඩා ඉදිරිපිට ප‍්‍රදර්ශනයට ද එම සමාගම් කැමැත්ත පළකර තිබෙනවා.

Read More »

රනිල්ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සම් විභාගයෙන් විනිසුරු දීපාලි විජේසුන්දර ඉවත්වෙයි  

0 comments

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොණු කර ඇති රිට් පෙත්සම විමසීමේ කාර්යයෙන් තමන් ඉවත් වන බව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය අද දැනුම් දුන්නා.

අදාළ පෙත්සම හෙට දිනට කල්තැබීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ. පෙත්සම දීපාලි විජේසුන්ර සහ අර්ජුන ඔබේසේකර යන ද්වීපුද්ගලය  විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබුවා.කොළඹ නගරසභාවේ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල මහත්මියයි පෙත්සම ගොනු කර ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ සමාගමක් වන ලේක්හවුස් ප්‍රින්ට්ර් සහ පබ්ලිෂර්ස් පෞද්ගලික සමාගමේ වික්‍රමසිංහ මහතා ප්‍රධාන කොටස් හිමියෙකු බවත් එම ආයතනය පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් සමග ගිවිසුම්වලට එළඹ ඇති බවත් පෙත්සම්කාරිය සදහන් කරනවා.  රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම වළකාලමින් කෝ වොරොන්ටෝ රීට් නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

 

 

Read More »

මුහුදු ක්ෂීරපායි සතුන් නිරීක්ෂණය කිරීමට අවසර පත‍්‍රයක්  

0 comments

286මිරිස්ස , කල්පිටිය සහ ති‍්‍රකුණාමලය ප‍්‍රදේශවල මුහුදු ක්ෂීරපායි සතුන් නිරීක්ෂණය කිරීමේදි අවසර පත‍්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. ඕනෑම අයෙකුට එය වලංගු බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට අදාල ගැසට් නිවේදනය ද නිකුත් කළා. මෙම මුහුදු කළාපවල තල්මසුන් සහ ඩොල්ෆින් වැනි මුහුදු ක්ෂීරපායින් නැරඹීමට අවසර හිමිවන්නේ අලුයම 5.30 සිට රාත‍්‍රී  7.00 දක්වා. ගැසට් නිවේදනයට අනුව අවසර හිමිවන සමුද්‍රිය කළාපය පමණක් භාවිත කළ යුතු බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ. අවසර නොමැති වෙනත් කිසිවෙකුත් යාත‍්‍රාවේ රැගෙන යාම ද තහනම් කර තිබෙනවා.

Read More »

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිගු ආනයනය කරන බවට නගන චෝදනා අසත්‍යයි  

0 comments

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිගු ආනයනය කරන බවට විපක්ෂය නගන චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම සදහන් කරනවා.

මෙරට ත්‍රීපෝෂ නිෂ්පාදනය සදහා වාර්ෂිකව බඩඉරිගු මෙට්‍රික් ටොන් දොළොස් දහසක ප්‍රමාණයක් අවශ්‍ය කෙරෙනවා. එමෙන්ම සෝයා බෝංචි මෙට්‍රික් ටොන් හයදහසක අවශ්‍යතාවක් ද පවතිනවා. මේවා ටෙන්ඩර් මගින් ලබා ගැනීම සාමාන්‍ය ක්‍රමයයි. මේ සදහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කෙරුණා. එමෙන්ම අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් ද ක්‍රියාත්මකයි. මෙම ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව අවම ලංසුකරුවන් වන දේශීය සමාගමකට අදාළ ටෙන්ඩරය ලබා දී තිබෙනවා. ඒ අනුව බඩඉරිගු තොග ආනයනය කිරීම සදහා කිසිදු කැබිනට් තීරණයක් ගෙන නැති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ.

 

Read More »

වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ගිය බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට  

0 comments

වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් රැගෙන ගිය බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

නිලධාරීන් සැකකරු පරික්ෂා කළේ බන්ධනාගාර ප‍්‍රධාන දොරටුවේදිී. ඔහු ලග තිබී හෙරොයින් ග‍්‍රෑම් විස්සක් සොයාගැණුනා. වැඩිදුර පරික්ෂණ සදහා සැකකාර බන්ධනාගාර සැරයන්වරයා බොරැල්ල පොලිසියට භාරදී ඇති බව ද අමාත්‍යාංශය සදහන් කළා.

Read More »

මැලේසියාවේ නව රජු වැඩ අරඹයි  

0 comments

මැලේසියාවේ නව රජු ලෙස අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

පසුගියදා මැලේසියාවේ පස්වන සුල්තාන් මොහොමඩ් රජු ඉල්ලා අස්වීමේ තීරණයත් සමගයි නව රජු ධුරයේ වැඩ භාරගනු ලැබුවේ. මැලේසියාවේ රජ කෙනෙකු ඉල්ලා අස්වූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.  ඒ අනුව අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා ඉදිරි වසර 05 සදහා මැලේසියාවේ රජ ලෙස කටයුතු කරනු ඇති. 59 හැවිරිදි අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා මීට පෙර ආසියානු පාපන්දු සම්මේලනයේ උප සභාපතිවරයා සහ මැලේසියා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයේද කටයුතු කර තිබෙනවා.

 

 

Read More »

බැංකොක් අගනුවර වසාදැමුණු පාසල් විවෘත කිරීම ලබන සඳුදා  

0 comments

අධික වායු දුෂණය හේතුවෙන් බැංකොක් අගනුවර වසා දැමුණු පාසල් ලබන සඳුදා විවෘත කරන බව බලධාරීන් ප‍්‍රකාශ කළා.

වායු දුෂණයත් සමග ළමයින් විවිධ රෝගාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබුණේ. ඒ අනුව රජයේ පාලනයේ පවතින පාසල් 437 ක් වහාම වසාදමන ලෙස තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා බැංකොක් ආණ්ඩුකාරවරයාට නියෝග කළා.

Read More »

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම දිවුරුම් දෙයි  

0 comments

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා අද දිවුරුම් දුන්නා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේයි අජිත් මාන්නප්පෙරුම මහතා මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.  අජිත් මාන්නප්පෙරුම මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද මීට පෙර කටයුතු කළා.

 

 

Read More »

උණුසුම් කාලගුණයෙන් සිඩ්නි නුවර ජනජීවිතය අඩාලවෙයි  

0 comments

අධික උණුසුම් කාලගුණයෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජනජීවිතය අඩාල වී තිබෙනවා.

සිඩ්නි නුවර නිවාස හතළිස් පන්දහසක විදුලියද බිද වැටී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. මෙලෙස විදුලිය බිද වැටීමට හේතුව සොයා පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. විදුලිය බිද වැටීමත් සමග මාර්ගවල අධික රථවාහන තදබදයක් ද ඇති ව තිබෙනවා. මේ වන විට නිවාස දස දහසකට පමණක් විදුලිය ලබා දී ඇති බව සදහන්. මෙම උණුසුම් කාලගුණ තත්ත්වය මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා පවතින බවද කාලගුණ අංශ ජනතාවට දැනුම් දී තිබෙනවා.

 

 

 

Read More »

අල්ලස් ලබාගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට  

0 comments

රුපියල් පන්දහසක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කළ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම ප‍්‍රකාශකළා.

ඒ හොරොව්පතාන ප‍්‍රදේශයේදී. 6 ශ්‍රේණියට සිසුවෙකු ඇතුලත් කිරිම සදහා විදුහල්පතිවරයා රුපියල් දස දහසක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා. ඉන් පන්දහසක් ලබාගන්නා අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි කොමිසමේ විමර්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුවන් කුමාර මහතා සදහන් කළේ.

Read More »

ලක්ෂ 50 කට වැඩි කේරල ගංජා සමග දෙදෙනෙකු අත්අඩංගුවට  

0 comments

රුපියල් ලක්ෂ 50 කට වැඩි වටිනාකමින් යුත් කේරල ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඒ කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත යාපනයේදී සිදුකළ මෙහෙයුමකින්. ඔවුන් ලග තිබී ගංජා කිලෝග‍්‍රෑම් 41 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් එම ප‍්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත.

Read More »

පරිපාලන නගරයේ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමේ ගිවිසුමට හෙට අත්සන් තැබේ  

0 comments

බත්තරමුල්ල පරිපාලන නගරයේ ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරිම් සඳහා ගිවිසුම් හෙට අත්සන් තබන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළා. ඒ ඩුබායි ආයතනයක් සමඟයි.

ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන හතළිස් දහසකි. ඒකාබද්ධ ප‍්‍රවාහන සේවා සඳහා ඉන් පහසුකම් සැලසෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කඩුවෙල සිට පිටකොටුව දක්වා සැහැල්ලු දුම්රිය සේවාව සඳහා වන ණය යෝජනා ක‍්‍රමයට ද ලබන මාසයේදී අත්සන් තබන බවයි පාඨලි චම්පික රණවක මහතා වැඩිදුරටත් පැවසුවේ.

Read More »

සංක‍්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් 130 කට වැඩි පිරිසක් අතුරුදන්  

0 comments

අප‍්‍රිකා සරණාගතයන් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් 130 කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව ජගත් සරණාගත ඒජන්සිය සදහන් කළා.

ඔවුන් රැගත් බෝට්ටු යේමනය බලා ගමන් කරමින් තිබියදී අනතුරට ලක්ව ඇති බවයි හෙළිවුණේ. ඒවායේ ගමන් ගත් දෙදෙනෙකු පමණක් බේරාගැනීමට වෙරලාරක්ෂක නිලධාරීන්ට හැකිවුණා. මළ සිරුරු පහක් ද සොයාගෙන තිබෙනවා. ඉතිරි සියලුදෙනා මියයන්නට ඇති බවට සැකරන්නේ යැයි ජගත් සරණාගත ඒජන්සිය සදහන් කළා.

Read More »

විග්නේෂ්වරන් ගොනුකළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය 13 වනදා  

0 comments

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ඇතුළු 03 දෙනෙකු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වන නඩුව අභියාචනාධිකරණයේදී අද විභාගයට ගැනුණා.

මේ සම්බන්ධයෙන් විග්නේෂ්වරන් මහතා ගොනුකළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබනමස 13 වනදා ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණය දින ලබා දුන්නා.

විග්නේෂ්වරන් මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහව මෙම නඩුව ගොනු කර තිබෙන්නේ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයකුව කටයුතු කළ බී.ඩෙනීෂ්වරන් මහතායි.

Read More »

තවත් උපාධිධාරීන් 123 දෙනෙකුට ගුරු පත්වීම්  

0 comments

තවත් උපාධිධාරීන් 123 දෙනෙකු ගුරු සේවයට බඳවා ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ඒ ජාතික සහ පළාත් පාසල්වල උසස්පෙළ සිසුන් වෙනුවෙන් වෘත්තිය විෂයන් ඉගැන්වීම සදහා. පත්වීම් ප‍්‍රදානය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී පෙරවරුවේ පැවැත්වුණා. සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන්ට 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් අධ්‍යාපන අවස්ථා උදාකරදිමයි මූලික අරමුණ. ඒ සදහා ක්ෂේත‍්‍ර 26 ක් යටතේ වෘත්තිය විෂය ධාරාවක් හදුන්වාදිමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ. නියමු ව්‍යාපෘතිය 2017 වසරේ දී පාසල් 42 ක් මුල්කර ගනිමින් කි‍්‍රයාවට නංවා තිබෙනවා. දෙවන අදියර සදහා තෝරාගත් පාසල් ගණන 150 ක්. තුන්වන අදියර ලෙස පාසල් 400 කට වෘත්තිය විෂයධාරා හදුන්වාදීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

Read More »

විදේශ විශ්විවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමක්  

0 comments

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා ක්ෂේත්‍ර පුහුණුවීම් සදහා විදේශ විශ්විවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට පියවර ගැනෙනවා.

ජාතික සමාජ සංවර්ධන ආයතනයයි එම කටයුතු සිදු කරන්නේ. අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වැඩසටහන සදහා විදේශ විශ්වවිද්‍යාල කිහිපයක් සමග සාකච්ඡා කර  එකගතාවන්ට පැමිණ තිබෙනවා.

ඒ අනුව බෙල්ජියම, කොරියාව, ජපානය, ඉන්දියාව ඇතුළු  රටවල් කිහිපයක විශ්ව විද්‍යාල සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට නියමිතයි.

තරුණ ළමා හා වැඩිහිටි රැකවරණය, දේශීය වෛද්‍ය විද්‍යාව හා සමාජ වැඩසටහන් , වැඩිහිටි රැකවරණය පිළිබද පර්යේශන, ක්ෂේත්‍ර අත්දැකීම් හුවමාරුව ඇතුළු පාඨමාලා වෙනුවෙන් මෙලෙස විදේශ විශ්ව විද්‍යාල සමග ගිවිසුම්වලට එළඹෙනු ඇති.

Read More »

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 2018 දී ලාබ ලබයි  

0 comments

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් හෙවත් රුපියල් ලක්ෂ හයසීය දාහතරක ශුද්ධ ලාබයක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එය 2017 මුදල් වර්ෂයට සාපේක්ෂව සියයට 19.3%ක වර්ධනයකි. 2017 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 51.5ක ලාබයක්ලබාගෙන තිබිණ.

කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති හුසෙන් අහමඩ් බහිලා මහතාගේ නායකත්වයෙන්, ගතවූ වසර කිහිපය තුළ අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීමට සංස්ථාව සමත්ව තිබේ.

2018 මුදල් වසරේදී, සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් මිලියන 4334.1එය පෙර වසරට සාපේක්ෂව සියයට 15.6%ක වර්ධනයකි. විකුණුම් පිරිවැය රුපියල් මිලියන 3545.6කි. ආයතනයේ පරිපාලන වියදම රුපියල් මිලියන 495.4කි. 2018 මූල්‍ය වර්ෂයේදී බදු ලෙස රජයට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 20.8කි.

1971 වර්ෂයේදී ඇරඹි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ප්‍රදර්ශනාගාරය ඇතුළුව නාරාහේන්පිට මෙගා, අනුරාධපුර, යාපනය, මහනුවර, මාතර, පොළොන්නරුව, කුරුණෑගල, සායින්තමරුදු, යන නගරවල ප්‍රදර්ශනාගාර නවයක් පවත්වාගෙන යයි. මේ වසරේදී ගාල්ල සහ ත්‍රිකුණාමලය නගරවල නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කිරීමට සැලසුම් කර තිබේ. කාර්යාල ලිපි ද්‍රව්‍ය, ගෘහ විදුලි උපකරණ, කෘෂිකාර්මික හා කාර්මික යන්ත්‍රෝපකරණ, බැටරි, ටයර්, තොරතුරු තාක්ෂණික හා පරිගණක, පරිගණක උපාංග, රසායනික අමුද්‍රව්‍ය, වායුසමීකරණ, සහ විද්යුත් උපකරණ ඇතුළු අලෙවි සේවා රැසක් සපයමින් පෞද්ගලික අංශය සමග කරට කර තරඟයකින් තම වෙළෙඳපොළ දිනෙන් දින ප්‍රවර්ධනය කර ගනිමින් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවයක් ලබා දෙමින් සිටියි.

Read More »

වෙනිසියුලාවේ විරෝධතා උත්සන්න වෙයි  

0 comments

වෙනිසියුලාවේ විරෝධතා ව්‍යාපාර උත්සන්න වුණා. ජනාධිපති නිකොලස් මදුරෝ ඇතුළු රජයට එරෙහිවයි ඔවුන් උද්ඝෝෂණ සිදුකරන්නේ.

පාර්ශව රැසක අවධානය ඊට යොමු වුණා. විපක්ෂ නායකවරයා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බවයි ඇමරිකාව සඳහන් කළේ. කෙසේවෙතත් ගැටළු විසදීම සඳහා සාකච්ඡා කිරිමට සුදානම් බව වෙනිසියුලා ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා.

Read More »

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉරාන ජාතික කාන්තාවක් අත්අඩංගුවට  

0 comments

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉරාන ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයයි වැටලීම සිදුකලේ. කටාර් සිටයි එම කාන්තාව පැමිණ තිබෙන්නේ. ඇය සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවාගෙන සිටි බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

 

 

Read More »

නිදහස් පක්ෂයට වෙනම පක්ෂයක් බිහිකිරීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ  

0 comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුට වෙනම පක්ෂයක් බිහිකිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා.

අනුරාධපුරයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

Read More »

සෞදි අරාබි දානපතියන්, කුමාරවරුන් සහ ධනකුවේරයන්ටත් වැඩ වරදී  

0 comments

සෞදි අරාබිය 2017 වසරේදී ක්‍රියාවට නැංවූ දූෂණ මර්දන වැඩසටහන අවසන් කර තිබෙනවා.

දූෂණවලට සම්බන්ධ සෞදි අරාබි දානපතියන්, කුමාරවරුන්, ධනකුවේරයන් හා ව්‍යාපාරික ප්‍රධානීන් සිය ගණනක් මෙම දූෂණ මර්දන වැඩසටහන තුළින් හෙළි කර ගැනීමට හැකි වුණා.

ඒ අනුව දේපල සහ මුදල් ඇතුළු ඇමෙරිකා ඩොලර් බිලියන 100 කට වැඩි ප්‍රමාණයක් රජය නැවත ලබාගෙන ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. මේ වන විට තවත් පුද්ගලයින් 87 දෙනෙකුට පමණ දූෂණ සහ වංචා චෝදනා එල්ල වී තිබෙනවා.

ඔවුන්ගෙන් අට දෙනෙකු මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමටත් එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ඇමරිකා චීන වෙළෙඳ සාකච්ඡා ඇරඹෙයි  

0 comments

ඇමරිකාව සහ චීනය අතර වෙළෙඳ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. දෙරට අතර මතුව ඇති අර්බුධකාරි වාතාවරණය සමථයකට පත්කර ගැනීමයි මෙහි අරමුණයි.

භාණ්ඩ සඳහා බදු ඉහළ දැමීම හේතුවෙන් ගැටළු රැසක්ද මතුවුණා. ඒවා විසදා ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර මුලික මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදි එකඟතා කිහිපයකට පැමිණ තිබෙනවා. චීන උප අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙක් විශේෂ නියෝජිත පිරිසක් ඇමරිකාවේ සංචාරය කළා. එහිදී ඉහළ මට්ටමේ සාකච්ඡා පැවති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. දෙරටේ ජනාධිපතිවරුන් අතර ද යළි සාකච්ඡා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

Read More »

Recent News

Gossip Lanka MAG