Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රනිල්ගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සම් විභාගයෙන් විනිසුරු දීපාලි විජේසුන්දර ඉවත්වෙයි  

Add comments

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොණු කර ඇති රිට් පෙත්සම විමසීමේ කාර්යයෙන් තමන් ඉවත් වන බව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය අද දැනුම් දුන්නා.

අදාළ පෙත්සම හෙට දිනට කල්තැබීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ. පෙත්සම දීපාලි විජේසුන්ර සහ අර්ජුන ඔබේසේකර යන ද්වීපුද්ගලය  විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවනු ලැබුවා.කොළඹ නගරසභාවේ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල මහත්මියයි පෙත්සම ගොනු කර ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ සමාගමක් වන ලේක්හවුස් ප්‍රින්ට්ර් සහ පබ්ලිෂර්ස් පෞද්ගලික සමාගමේ වික්‍රමසිංහ මහතා ප්‍රධාන කොටස් හිමියෙකු බවත් එම ආයතනය පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් සමග ගිවිසුම්වලට එළඹ ඇති බවත් පෙත්සම්කාරිය සදහන් කරනවා.  රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම වළකාලමින් කෝ වොරොන්ටෝ රීට් නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG