Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං රාජ්‍යයට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්  

0 comments

හොංකොං වැසියන් දරුණුතම සුළි කුණාටුවකට මුහුණ දීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද උදෑසන වන විට හොංකොං සිය තුන්වන ඉහළම කුණාටු අනතුරු ඇඟවීමද නිකුත් කළා.

ඒ සමඟ පාසල් වසා දමා ගුවන් ගමන්ද අවලංගු කර තිබෙනවා.

වසර පහකට පසු එරටට බලපාන දරුණුතම සුළි කුණාටුව මෙය විය හැකි බවයි වාර්තා වන්නේ.

පැයට කිලෝමීටර් 240 ක වේගයෙන් සුළං හමා යනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස සැළකෙන මෙය මීට පෙර පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලටද බලපෑවා.

අද රාත්‍රියේ දී සුළි කුණාටුව හොංකොං සහ චීනයේ දකුණු ග්වැන්ඩොන් පළාත හරහා හමා යනු ඇති.

චීනයද රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉරිදා දිනය දක්වා චීනයේ ද දුම්රිය ගමන් වාර හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් අත්හිටුවා ඇති බව චීන මාධ්‍ය වාර්තා කළා.

 

 

 

The post හොංකොං රාජ්‍යයට කාලගුණයෙන් අනතුරු ඇඟවීම් appeared first on ITN News.

Read More »

ද.අප්‍රිකාවේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළට  

0 comments

දකුණු අප්‍රිකාවේ මහල් නිවාසයක ඇති වු ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගින්නෙන් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

දකුණු අප්‍රිකාවේ මධ්‍යම ජොහැන්නස්බර්ග් හි මහල් නිවාසයක මෙම ගින්න සිදු වන අවස්ථාවේ පුද්ගලයින් 200ක් වත් ඒ තුළ සිටින්නට ඇති  බවටි විශ්වාස කෙරෙන්නේ.

නිවාස නොමැති පුද්ගලයින් සහ අනවසර පදිංචිකරුවන් මෙම පස් මහල් ගොඩනැගිල්ලෙහි වාසය කළ බව එරට බලධාරීන් පවසනවා.

සිරුරු බොහෝමයක් හඳුනාගත නොහැකි ලෙස පිලිස්සී තිබෙනවා.

පැය 12 කට අධික කාලයක් ගින්න පැවති අතර එය නිවා දැමීමට දැඩි වෙහෙසක් ගැමට සිදු වූවා.

ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

 

 

The post ද.අප්‍රිකාවේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

මී මැස්සන් මිලියන 5ක් බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්  

0 comments

කැනඩාවේ ට්‍රක් රථයකින් රැගෙන යමින් සිටිය දී බිමට වැටුණු මී මැස්සන් මිලියන 5ක් බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

මී වද ප්‍රවාහනය කරමින් තිබිය දී ඒවා රඳවා තිබු පටි ගැලවී යාමෙනුයි මී මැස්සන් මෙලෙස පාරට වැටී ඇත්තේ.

ඒ සමඟම ප්‍රදේශයෙන් හැකිතරම් ඉවත් වන ලෙස එරට පොලිසිය ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

ශීත සෘතුව හේතුවෙන් මෙසේ මී වද ප්‍රවාහන කර ඇති අතර මී මැස්සන් එනකු කිරීම සඳහා මී මැසි පාලකයන් බොහෝ පිරිසක් එක්ව සිටි ආකාරය මාධ්‍ය වාර්තා කළා.

මීටර් 400ක දුර ප්‍රමාණයක් තුළ මී මැස්සන් විසිරී සිටියා.

ට්‍රක් රථයේ රියදුරු ආරක්ෂිත ඇදුමකින් සැරසී නොසිටීම නිසා සිය වතාවකට වඩා මී මැස්සන් දෂ්ඨ කර තිබෙනවා.

 

 

 

 

 

 

 

The post මී මැස්සන් මිලියන 5ක් බේරා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් appeared first on ITN News.

Read More »

චන්ද්‍රයාගේ දකුණු අර්ධ ගෝලයේ වැඩි වශයෙන් සල්ෆර් ඇති බව තහවුරු වෙයි  

0 comments

චන්ද්‍රයාගේ දකුණු අර්ධ ගෝලයේ වැඩි වශයෙන් සල්ෆර් ඇති බව චන්ද්‍රයාන් 3 රෝවරය තහවුරු කර තිබෙනවා.

සාර්ථකව සඳ මත ගොඩබැස්ස වූ චන්ද්‍රයාන් යානය සිය මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් පවතිනවා.

සඳේ දකුණු අර්ධයේ ඝනීභවනය වූ ජලය ඇත්දැයි සිදු කෙරෙන පරීක්ෂණ අතරතුරයි එහි මූල ද්‍රව්‍ය පිළිබඳ විශ්ලේෂණය කෙරෙන්නේ.

මේ අනුව සඳ මතුපිට ඇලුමිනියම්,කැල්සියම් , යකඩ , ක්‍රෝමියම් හා ටයිටේනියන් ද තිබෙන බවට තහවුරු කරගෙන තිබෙනවා.

එමෙන්ම මැග්නීස් , සිලිකන් හා ඔක්සිජන් ද හමු වී ඇති බවයි හෙළිව ඇත්තේ.

රෝද 6ක් සහිත ප්‍රග්යාන් රෝවරය මගින් සූර්ය බලශක්තිය භාවිතයෙන් සඳ මත පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.

 

 

 

 

 

 

The post චන්ද්‍රයාගේ දකුණු අර්ධ ගෝලයේ වැඩි වශයෙන් සල්ෆර් ඇති බව තහවුරු වෙයි appeared first on ITN News.

Read More »

ද.අප්‍රිකාවේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 64 දෙදෙනෙකු මියයයි  

0 comments

දකුණු අප්‍රිකාවේ මහල් නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 64 දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ මධ්‍යම ජොහැන්නස්බර්ග් හි මහල් නිවාසයකයි මෙම ගින්න ඇති වුණේ.

තවත් 40 දෙනෙකු පමණ ගින්න හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මහල් 5කින් යුත් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගත් අතර ගිනි නිවන භටයන් ඇතුලත සිරව සිටි පිරිස් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක නිරත වී තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් හෙළිව නොමැති අතර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

 

 

 

 

 

 

The post ද.අප්‍රිකාවේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 64 දෙදෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

ඊයේ පෑයූ සුපිරි චන්ද්‍රයා  

0 comments

2009 වසරෙන් පසු පළමු වරට නිල් සුපිරි සඳක් දිස්වීම ඊයේ සිදුවුණා.

ලොවපුරා සිටින අහස නිරීක්ෂණය කරන්නන් මෙම සංසිද්ධිය දැකබලා ගැනීම සඳහා එක්ව සිටියා.

පෘතුවියේ උපග්‍රහයා හෙවත් සඳ මෙලෙස දිස්වීම දුර්ලබ අවස්ථාවක්.

සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක් ඇති වන්නේ වසරක දින රටාව අනුව පූර්ණ චන්ද්‍රයා දිස්වන වාර ගණන 12 ඉක්මවා එම අවස්ථා ගණන 13ක් ලෙස පවතින විටයි.

එනම් චන්ද්‍රයා පෘතුවියට ඉතා ආසන්න මට්ටමකට පැමිණි විටයි.

නිල් සඳ ලෙස හැදින්වුව ද සාමාන්‍ය වර්ණයෙන් යුතුව විශාල ප්‍රමාණයෙන් චන්ද්‍රයා දැකබලා ගැනීමට අවස්ථාව ලැබීම මෙහි ඇති විශේෂත්වයක්.

ලොව ඇතැම් රටවලට ඊයේ දිනයේ දී නිල් සඳ දැකගත හැකි වුව ද බ්‍රිතාන්‍යය ඇතුලු රටවලට එය හොදින් දිස් වන්නේ අද දිනයේයි.

 

 

 

 

 

The post ඊයේ පෑයූ සුපිරි චන්ද්‍රයා appeared first on ITN News.

Read More »

ඉඩාලියා සුළි කුණාටුවේ ප්‍රචණ්ඩත්වය අඩු වෙයි  

0 comments

ඉඩාලියා සුළි කුණාටුව නිවර්ථන කුණාටුවක් දක්වා බලය අඩුවී ඇති බවට ඇමෙරිකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙක්සිකෝව හරහා ඇමෙරිකාවේ ෆ්ලොරීඩා වෙරළ තීරය හරහා ගමන් කළ ඉඩාලියා සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඒ ගස් කඩා වැටීම් හා රිය අනතුරු කිහිපයකින්.

මේ වන විට සුළිකුණාටුවේ ප්‍රචණ්ඩත්වය අඩු වෙමින් පවතින අතර එය උතුරුදෙසට ගමන්කරමින් ඇමෙරිකාවේ ජෝර්ජියා හා දකුණු කැරොලිනා ප්‍රාන්ත හරහා ගමන් කරමින් තිබෙනවා.

තුන්වන කාණ්ඩයේ සිට එය හතරවන කාණ්ඩය දක්වා වර්ධනය වුවද නැවතත් එහි ප්‍රචණ්ඩත්වය අඩු වී ඇති බවයි කාලගුණ විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ඇමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවලට තවමත් වැසි රහිත උෂ්නාධික කාලගුණයක් පැවතීම විශේෂත්වයක්.

 

 

 

 

The post ඉඩාලියා සුළි කුණාටුවේ ප්‍රචණ්ඩත්වය අඩු වෙයි appeared first on ITN News.

Read More »

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමට සුළි කුණාටුවක් බලපායි  

0 comments

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 86 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ ගල්ෆ් කලාපයට සුළි කුණාටුවකින් සුදුවූ බලපෑම් සම්බන්ධයෙන් අනාවැකි පළ වූ පසුබිමකයි.

සතිය ආරම්භයේ දී ලෝක බොරතෙල් මිල පැවතියේ ඩොලර් 82 ක මට්ටමකයි

කාලගුණ වාර්තා සඳහන් කළේ සුළි කුණාටුවේ තීව්‍රතාවය අඩු වන බවයි.

The post ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමට සුළි කුණාටුවක් බලපායි appeared first on ITN News.

Read More »

රුසියා ගුවන්තොටුපොළකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්  

0 comments

රුසියා ගුවන්තොටුපොළකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් ගුවන් යානා කිහිපයකට හානි සිදුවුණා.

වයඹ දිග රුසියාවේ ස්කොෆ් නගරයේ ගුවන් තොටුපොළට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකකට හානි සිදුව ඇති බව රුසියානු පුවත් සේවා වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් ඉලියුශින් 76 ප්‍රවාහන ගුවන් යානා ගිනිගෙන තිබෙනවා.

ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා පැවසුවේ රුසියා හමුදාව ප්‍රහාරය මැඩපැවැත්වූ බවයි.

විශාල ගින්නක් ඇතිව තිබෙන අතර පිපිරීම් හඬද ඇසුණු බව මාධ්‍ය වාර්තා කරනවා.

ස්කොෆ් නගරය යුක්‍රේනයේ සිට 600km දුරින්, එස්තෝනියාවේ මායිමට ආසන්නව පිහිටා තිබෙනවා.

මෑත කාලීනව රුසියාවේ ඉලක්ක වෙත යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම ඉහළ දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post රුසියා ගුවන්තොටුපොළකට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ජී 20 සමුළුවට රුසියානු ජනාධිපතිවරයා නැහැ  

0 comments

ලබන මාසයේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ජී 20 සමුළුවට රුසියානු ජනාධිපතිවරයා සහභාගී නොවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අතර ඊයේ දිනයේ දී දුරකතන සංවාදයක් පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

එහිදී දෙපාර්ශවය අතර ද්විපාර්ශික සබදතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව / රුසියාව / චීනය / බ්‍රසීලය හා දකුණු අප්‍රිකාවේ සාමාජිකත්වයෙන් යුතු බ්‍රික්ස් සංවිධානයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ලබන මාසයේ දී ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දී ජී 20 සමුළුව පැවැත්වීමට නියමිත අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් වීඩීයෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතීමට නියමිතයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර ඇති වරෙන්තු හේතුවෙන් දකුණු අප්‍රිකාවේ පැවති බ්‍රික්ස් සමුළුවට ද රුසියානු ජනාධිපතිවරයා සහභාගී වුයේ නැහැ.

The post ජී 20 සමුළුවට රුසියානු ජනාධිපතිවරයා නැහැ appeared first on ITN News.

Read More »

ජපානයේ ටොයෝටා සමාගම මෝටර් රථ එකලැස් කිරිමේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි  

0 comments

තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ජපානයේ ටොයෝටා සමාගම මෝටර් රථ එකලැස් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ජපානයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටොයෝටා සමාගමේ නිෂ්පාදන පද්ධතිය තුළ හටගත් දෝෂයක් හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

වාහන එකලැස් කිරිමේ අංගන 14න් 12ක කටයුතු මෙලෙස අත්හිටුවා තිබෙනවා.

එම තීරණයත් සමගම ටොයෝටා මෝටර් රථ අලෙවියට ද බලපෑම් එල්ල විය හැකි බවට විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

තාක්ෂණික දෝෂය හේතුවෙන් මෝටර් රථ එකලැස් කිරිමේ දී අවශ්‍ය වන ඇතැම් උපාංග ඇණවුම් කිරිමේ හැකියාවක් නොමැති බවයි වාර්තා වන්නේ.

එය සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් සිදු වූ දෝෂයක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ

The post ජපානයේ ටොයෝටා සමාගම මෝටර් රථ එකලැස් කිරිමේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි appeared first on ITN News.

Read More »

හමුදා අභ්‍යාසයක් අතරතුර මියගිය අමෙරිකානු නාවික භටයින් හඳුනා ගැනේ  

0 comments

ඕස්ට්‍රේලියාවේ හමුදා අභ්‍යාසයක් අතරතුර ඩාර්වින්ට උතුරින් පිහිටි දුරස්ථ දූපතකට කඩා වැටුණු හෙලිකොප්ටර් යානයේ සිට මියගිය අමෙරිකානු නාවිකයින් තිදෙනා හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

MV-22B Osprey යානය පසුගිය ඉරිදා මෙලෙස කඩා වැටී තිබුණා.

29 හැවිරිදි කපිතාන් Eleanor LeBeau, 21 හැවිරිදි කෝප්‍රල් Spencer Collart, සහ 37 හැවිරිදි මේජර් Tobin Lewis යන අය මෙලෙස මිය ගොස් තිබෙනවා.

 

The post හමුදා අභ්‍යාසයක් අතරතුර මියගිය අමෙරිකානු නාවික භටයින් හඳුනා ගැනේ appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියාවේ ගෑස් නිෂ්පාදන සේවකයින් ලබන 07 වනදා සිට වැඩවර්ජනයක  

0 comments

ඕස්ට්‍රේලියාවේ ගෑස් නිෂ්පාදන සේවකයින් ලබන හත්වන දින සිට වැඩවර්ජනයක නිරතවන බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක ඇමෙරිකාවට අයත් බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ෂෙව්රන් සමාගමේ සේවයේ නියුතු සේවකයින් මෙලෙස වැඩවර්ජනයේ යෙදීමට සූදානම් වනවා. ඔවුන්ගේ වැඩවර්ජනය ක්‍රියාත්මක වුවහොත් ගෝලීය වෙළෙදපොලේ ගෑස් මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යා හැකි බවටයි විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ.

සේවකයින්ට සිදුකරන ගෙවීම් ඉහළ දැමීම සම්බන්ධයෙන් සති කිහිපයක සිට සාකච්ඡා පැවැත්වුවද එම සාකච්ඡා කිසිදු ප්‍රතිඵලයකින් තොරව අවසන් වී තිබෙනවා. ඒ හේතුවෙන් මෙලෙස වැඩවර්ජනයේ නිරතවන බවයි ෂෙවුරල් සමාගමේ සේවකයින් පවසන්නේ.

කෙසේ වුවද වීට්ස්ටෝන් හා ග්රෝගන් යන සමාගම් තම ගෑස් නිෂ්පාදනයන් සියයට පහකින් පමණ ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ ගෑස් නිෂ්පාදන සේවකයින් ලබන 07 වනදා සිට වැඩවර්ජනයක appeared first on ITN News.

Read More »

ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක්  

0 comments

ඉන්දුනීසියාවේ බාලි සහ ලොම්බොක් දූපත් වලට උතුරින් මුහුදේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් වූ මුහුදේ කිලෝමීටර් 516ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති අතර භූමිකම්පාව හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බව ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද භූ විද්‍යා ඒජන්සි විසින් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

 

The post ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භූකම්පනයක් appeared first on ITN News.

Read More »

එකක් මදිවට දෙකක්  

0 comments

චීනයට අධික උණුසුම සහ අධික ගංවතුර එකවර බලපා තිබෙනවා.

මීට පෙර ගංවතුර ඇති නොවූ ප්‍රදේශ රැසකට මෙවර ගංවතුර තත්ත්වය බලපා තිබීම විශේෂත්වයක්.

ඊසාන දිග චීනයේ හෙයිලොන් ජියැන්ග් පළාතේ ගංවතුර හේතුවෙන් වී වගාව 40%ක් විනාශ වී තිබෙනවා.

පුද්ගලයන් 81 දෙනෙකු ද ජිවිතක්ෂයට පත්වූණා.

2011 වසරේ දී චීනයේ එක් මාසයක දී ගංවතුර පිළිබද සිදුවීම් 8ක් වාර්තා වු අතර මේ වසරේ ජූලි මාසයේ දී හා අගෝස්තු මාසයේ දී එය 130 හා 82ක අගයක් ගෙන තිබුණා.

කෙසේ වෙතත් චීනයේ සෙසු කලාපවලට මේ වන විට අධික උෂ්ණත්වයක් බලපා තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල පානීය ජල හිගයක් ද හටගැනීම බරපතළ තත්ත්වයක්.

The post එකක් මදිවට දෙකක් appeared first on ITN News.

Read More »

යුක්‍රේනය ගැන රුසියාවෙන් ප්‍රකාශයක්  

0 comments

දේශසීමා ප්‍රදේශ හරහා පියාසර කරමින් සිටි යුක්‍රේන ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළූ බව රුසියාව ප්‍රකාශ කරනවා

රුසියාව සහ මොස්කව් වෙත ඈඳාගත් ක්‍රිමියානු අර්ධද්වීපය පසුගිය මාසය තුළ ප්‍රහාර රැල්ලකට ගොදුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

බ්‍රයන්ස්ක් සහ කර්ස්ක් ප්‍රදේශවලට ඉහළින් පියාසර කිරීමේදී මිනිසුන් රහිත ඩ්‍රෝන යානා දෙකක් හඳුනාගෙන විනාශ කළ බවයි මොස්කව් ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ

The post යුක්‍රේනය ගැන රුසියාවෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

Read More »

වැග්නර් නායකයා මියගිය බවට තහවුරු කෙරේ  

0 comments

වැග්නර් නායක යෙව්ගෙනි ප්‍රිගෝෂින් සත්‍ය ලෙසම මිය ගිය බවට තහවුරු වී තිබෙනවා.

ඔහුගේ සිරුරු කොටස් ජාන පරීක්ෂාවකට යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ. එහි ප්‍රතිඵල අනුව මේ බව තහවුරු වී තිබෙනවා. ශාන්ත පිටර්බර්ග් හා මොස්කව් නුවර අතර පසුගිය දා සිදු වු ගුවන් අනතුරෙන් ඔහු ඇතුලු දස දෙනෙක් මිය ගොස් තිබුණා. මිය යන විට ප්‍රිගෝෂින් 62 වියේහි පසුවුණා. රුසියානු පරීක්ෂණ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශිකා ස්වෙට්ලානා පෙට්රෙන්කෝ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ මිය ගිය දස දෙනාගේම ජාන පරීක්ෂණවලින් ඔවුන් කවුරුන්ද යන්න තහවුරු කළ බවයි.

වසර 23ක රුසියා ජනපති පුටින්ගේ පාලන කාලය තුළ ඔහුට දැවැන්තම අභියෝගයක් එල්ල කළේ යෙව්ගිනි ප්‍රිගෝෂින් විසින්.

 

 

 

 

 

 

 

 

 

 

The post වැග්නර් නායකයා මියගිය බවට තහවුරු කෙරේ appeared first on ITN News.

Read More »

ඇෆ්ගන් කාන්තාවන්ට උද්‍යානවලට ඇතුළු වීමේ තනමක්  

0 comments

ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට එරට ජාතික උද්‍යානවලට ඇතුළු වීම තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබෙනවා.

එහි පළමු පියවර යටතේ බාමියන් ප්‍රාන්තයේ බෑන්ඩ් ඊ අමීර් ජාතික උද්‍යානයට ඇෆ්ගනිස්තාන කාන්තාවන් ඇතුළු වීම ව‍ළක්වාලමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. උද්‍යාන තුල දී ඇෆ්ගනිස්තාන කාන්තාවන් හිජාබය පැළඳ නොසිටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ. ඒ සදහා නිත්‍ය විසදුමක් සොයා ගන්නා තුරු ජාතික උද්‍යානවලට කාන්තාවන්ට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදෙන ලෙස තලෙයිබාන් සංවිධානය ආගමික නායකයින්ට හා ආරක්ෂක අංශවලට දැනුම් දී තිබෙනවා.

ඇෆ්ගනිස්තානයට පැමිණෙන සංචාරකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයක් ලෙස බැන්ඩ් ඊ අමීර් ජාතික උද්‍යානය හැදින්විය හැකියි.

 

 

 

 

The post ඇෆ්ගන් කාන්තාවන්ට උද්‍යානවලට ඇතුළු වීමේ තනමක් appeared first on ITN News.

Read More »

රුමේනියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීම් දෙකක් – අයෙක් මරුට  

0 comments

රුමේනියාවේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීම් දෙකකින් එක් අයෙකු මියගොස් තවත් 46 දෙනෙකු තුවාල ලැබුවා.

රුමේනියා අගනුවර වූ බුකාරෙස්ට් හි ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් පිරවුම්හලකයි පිපිරීම සිදුවුණේ. පළමු පිපිරීමෙන් පසු එම ස්ථානයට ගිනි නිවන භටයින් ළගා වී තිබුණා. ඒ  සමගම තවත් පිපිරීමක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන් ගිනිනිවන භටයින් 26 දෙනෙකු තුවාල ලැබුවා.

තුවාල කරුවන් අතරින් 8 දෙනෙකු බරපතල පිළිස්සුම් තුවාල ලබා ඇති බවද එම වාර්තා පෙන්වා දෙනවා. රුමේනියා ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්ද සිදුකළා.

 

 

 

The post රුමේනියාවේ ඉන්ධන පිරවුම්හලක පිපිරීම් දෙකක් – අයෙක් මරුට appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියාවේ හෙළිකොප්ටර් අනතුරකින් ඇමෙරිකා නාවික භටයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඕස්ට්‍රේලියාවේ හෙළිකොප්ටර් අනතුරකින් ඇමෙරිකා නාවික භටයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පුහුණු අභ්‍යාසයක් අතරතුර හෙළිකොප්ටරය කඩා වැටී ඇති බවද එම වාර්තාවල සදහන්. එය කඩා වැටී ඇත්තේ ඩාවින් නගරයට උතුරින් පිහිටි ටීවී දූපතටයි.

ප්‍රතිකාර ලබන නාවික සෙබලුන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි ඕස්ට්‍රේලියා ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ.

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ හෙළිකොප්ටර් අනතුරකින් ඇමෙරිකා නාවික භටයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මියගොස් ඇත්තේ කළු ජාතිකයන් තුන් දෙනෙකු බවද එම වාර්තාවල සදහන්. පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් ද මිය ගියඅය අතර වනවා.

වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු තුවක්කුකරුද සිය දිවි හානි කර ගෙන ඇති බවයි එරට පොලිසිය සදහන් කළේ.

 

 

 

The post ඇමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

යුක්‍රේනයේ ගුවන් අනතුරකින් තිදෙනෙකු මියයයි  

0 comments

යුක්‍රේනයේ ගුවන් අනතුරකින් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා.

ගුවන් නියමුවා සහ ගුවන් භටයින් දෙදෙනෙකු ඒ අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට කීර්තිමත් ගුවන් නියමුවෙකු වූ ඇන්ඩ්‍රි ෆිල්සිකොව් අනතුරින් මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම නියමුවා යුක්‍රේනය පුරා ජනාදරයට පත්ව සිටි විරුවෙකු බවද සඳහන්.

රුසියා මෙහෙයුමේ මුල් අදියරේදී යුක්‍රේනය වෙනුවෙන් නිර්භීත ගුවන් ප්‍රහාරයක් එල්ලකරමින් විශේෂිත කාර්ය භාරයක් සිදුකිරීම ඊට හේතුවයි.

උතුරුදිග යුක්‍රේනයේ පුහුණු කටයුත්තක නිරත වෙමින් සිටින අතරතුර අනතුර සිදුව ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ.

 

 

The post යුක්‍රේනයේ ගුවන් අනතුරකින් තිදෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

සිම්බාබ්වේ ජනාධිපතිවරණයේ ජය හිටපු ජනාධිපති එමර්සන් ඩ්‍රැරැම්බුඩිසෝට  

0 comments

සිම්බාබ්වේ මැතිවරණයෙන් ජය ගැනීමට හිටපු ජනාධිපති එමර්සන් ඩ්‍රැරැම්බුඩිසෝ සමත්ව තිබෙනවා.

ඒ 52.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

ගැටුම් දරිද්‍රතාවයෙන් හා ඉහළ උද්ධමනයක් වාර්තාවන සිම්බාබ්වේ රාජ්‍යයේ පැවති මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි ජාත්‍යන්තර නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

2017 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් හිටපු ජනාධිපති රොබට් මුගාබේ ඉවත්කළ දින සිට මේ දක්වා එමර්සන් ඩ්‍රැරැම්බුඩිසෝ එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.

 

The post සිම්බාබ්වේ ජනාධිපතිවරණයේ ජය හිටපු ජනාධිපති එමර්සන් ඩ්‍රැරැම්බුඩිසෝට appeared first on ITN News.

Read More »

බ්‍රික්ස් සමුළුවේදී ගෝලීය ගැටලු රැසක් පිළිබඳ අවධානය යොමු වෙයි  

0 comments

දකුණු අප්‍රිකාවේදී පැවති බ්‍රික්ස් සමුළුවේදී ගෝලීය ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පසුබිමක් නිර්මාණය වී තිබෙනවා.

විවිධ අංශ හරහා ශක්තිමත් සහයෝගීතා න්‍යායපත්‍රයක් ක්‍රියාත්මක වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

බ්‍රසිලය , රුසියාව ,ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව ප්‍රධාන රටවල් අතර පවත්වනු ලබන බ්‍රික්ස් රටවල් 5 සමුළුව පසුගිය 22 වනදා සිට 24 දක්වා දකුනු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවරදී පැවැත්වුණා.

ඒ එරට ජනාධිපති සිරිල් රම්පෝසාගේ  සහභාගීත්වයෙන් යුතුවයි.

 

 

The post බ්‍රික්ස් සමුළුවේදී ගෝලීය ගැටලු රැසක් පිළිබඳ අවධානය යොමු වෙයි appeared first on ITN News.

Read More »

රුමේනියාවේ ගෑස් පිරවුම් හලක පිපිරීමක්  

0 comments

රුමේනියාවේ, Bucharest ප්‍රදේශයේ පිහිටා ඇති, ගෑස් පිරවුම් හළක් ආශ්‍රිතව සිදු වූ පිපිරීමකින් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයින් 33 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව වාර්තා වනවා.

එම ස්ථානයේ පිපිරීම් දෙකක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ගිනි නිවීම සඳහා එම ස්ථානයට රථ 25ක් පමණ යොමු කර තිබෙනවා.

දැඩි පිළිස්සුම් තුවාල සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති බව ද වාර්තා වනවා.

අදාළ ස්ථානයේ තවත් ගෑස් ටැංකියක් පිහිටා ඇති අතර එය ඉතා අවදානම් මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, .

The post රුමේනියාවේ ගෑස් පිරවුම් හලක පිපිරීමක් appeared first on ITN News.

Read More »

හඳ අල්ලපු ඉන්දියාව ඉර අල්ලන්නත් සැරසෙයි  

0 comments

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වනවා.

අදාළ යානය නම් කර ඇත්තේ Adithya-L1 යනුවෙනි.

සුර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම යානයේ අරමුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

තව සතිය කාලයකින් මෙම යානාව ගුවන්ගත කිරීමට නියමිතයි.

The post හඳ අල්ලපු ඉන්දියාව ඉර අල්ලන්නත් සැරසෙයි appeared first on ITN News.

Read More »

වැග්නර් ප්‍රධානීන්ට අනතුරු අඟවා තිබූ බව බෙලරුසියානු නායකයා හෙළිකරයි  

0 comments

තමා වැග්නර් ප්‍රධානීන්ට අනතුරු අඟවා තිබූ බව බෙලරුසියානු නායකයා හෙළිකරනවා.

බෙලරුසියා ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පවසන්නේ තමන් වැන්ගර් නායක යෙව්ගිනි ප්‍රිගොෂින්ට මෙන්ම දිමිත්‍රි උට්කින්ට පවතින ජීවිත තර්ජන පිළිබද අනතුරු අඟවා තිබූ බවයි. ගුවන් අනතුරකින් මෙම නායකයින් මියගිය පසු වැග්නර් සටන්කරුවන් බෙලරූස්හි සිටින බවද  එරට ජනාධිපතිවරයා පවසනවා. වැග්නර් සටන්කාමීන් රුසියාව ආක්‍රමණය කර බෙලරුස් වෙත පසුබැසීමේ ව්‍යාපෘතියේ විශාල කාර්යභාරයක් ලුකෂෙන්කෝයි ඉටු කළා. එහිදී වැග්නර් හමුදාව විනාශ නොකිරීමට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පොරොන්දු වූ බවද ඔහු කියා සිටිනවා.

 

 

 

 

 

The post වැග්නර් ප්‍රධානීන්ට අනතුරු අඟවා තිබූ බව බෙලරුසියානු නායකයා හෙළිකරයි appeared first on ITN News.

Read More »

මැඩගස්කරයේ ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

මැඩගස්කරයේ ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉන්දීය සාගර දූපත් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අතරතුර මෙම තෙරපීම සිදුවුණා.

සිද්ධියෙන් තවත් පුද්ගලයන් 80 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ක්‍රීඩාංගණයට ඇතුළුවන ස්ථානයේ විශාල පිරිසක් සිටි බැවින් මෙම තෙරපිම ඇතිවූ බවයි වාර්තා වන්නේ.

ඒ වන විට මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රැජෝලිනා ක්‍රීඩාංගණයේ සිටි අතර පැමිණ සිටි පිරිසගෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් ඉල්ලා සිටියා.

පුද්ගලයන් හතලිස් එක්දහසක් රැඳී සිටීමේ පහසුකම් ඇති මෙම ක්‍රීඩාංගණයේ ඒ වන විටත් ජනතාවගෙන් පීරී ගොස් තිබුණා.

 

 

 

The post මැඩගස්කරයේ ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

වැග්නර් නායකයා ගමන් ගත් යානය කඩා වැටුණු ස්ථානයේ තිබී මළ සිරුරු 10ක් සොයා ගැනේ  

0 comments

වැග්නර් නායකයා ගමන් කළ ජෙට් යානය කඩා වැටුණු ස්ථානයේ තිබී මළ සිරුරු සහ පියාසර දත්ත රෙකෝඩරය සොයා ගැනුණා.

වැග්නර් කුලී හමුදාවේ ප්‍රධානියා වන ප්‍රිගෝෂින් ගමන් කළ ජෙට් යානය කඩා වැටුණු ස්ථානයේ තිබී සිරුරු 10ක් සොයා ගත් බව රුසියාව නිවේදනය කරනවා.

එම සිරුරු සම්බන්ධයෙන් ඩී එන් ඒ පරික්ෂණ සිදු කිරීමෙන් පසු මියගිය පිරිස පිළිබඳ නිශ්චිතවම සඳහන් කළ හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව අදාළ ඩී එන් ඒ පරික්ෂණ කටයුතු මේ වන විට සිදුවනවා.

ජෙට් යානය තුළ බෝම්බයක් පුපුරා ගියේද නැතහොත් එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් එය කඩා වැටුනේද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

The post වැග්නර් නායකයා ගමන් ගත් යානය කඩා වැටුණු ස්ථානයේ තිබී මළ සිරුරු 10ක් සොයා ගැනේ appeared first on ITN News.

Read More »

ස්කොට්ලන්තයේ ප්‍රදේශ 24ක පාසල් කාර්ය මණ්ඩල වැඩ වර්ජනයකට සූදානම්  

0 comments

ස්කොට්ලන්තයේ ප්‍රදේශ විසිහතරකට අයත් පාසල් කාර්ය මණ්ඩල වැඩ වර්ජනයකට සූදානම් වනවා.

වැටුප් පිළිබඳ ගැටලුවක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඔවුන්ට ලබා දී ඇති 5.5%ක සාමාන්‍ය වැටුප් වැඩිවීම ප්‍රතික්ෂේප කරමින් වැඩවර්ජනය සිදුකෙරෙන්නේ.

ස්කොට්ලන්තයේ විශාලතම වෘත්තීය සමිතියයි වැඩවර්ජනය සැලසුම් කර ඇත්තේ.

ලබන මාසයේ රට පුරා වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුන් කියා සිටිනවා.

 

 

 

 

 

 

 

The post ස්කොට්ලන්තයේ ප්‍රදේශ 24ක පාසල් කාර්ය මණ්ඩල වැඩ වර්ජනයකට සූදානම් appeared first on ITN News.

Read More »

ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ පැවති ඉක්වදෝර ජනාධිපතිවරණයෙන් වමාංශිකයන් ඉදිරියෙන්  

0 comments

ප්‍රචන්ඩ ක්‍රියා මධ්‍යයේ පැවති ඉක්වදෝර ජනාධිපතිවරණයෙන් වමාංශිකයන් ඉදිරියට පැමිණ සිටිනවා.

වමාංශික ලූයිසා ගොන්සාලෙස් ඉක්වදෝර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටිනවා. මේ වන විට 80%කට ආසන්න ඡන්ද ගණන් කර අවසන්. ගොන්සාලෙස් 33%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙනවා. ඇයගේ ආසන්නම ප්‍රතිවාදියා වන ව්‍යාපාරික ඩැනියල් නොබෝවා මේ වන විට 24%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයන් දෙදෙනා ඔක්තෝබර් 15 වන දා පැවැත්වෙන මීළග ඡන්ද වටයට ඇතුලත් වනවා. පසුගිය ඉරිදා පැවති පළමු ඡන්ද විමසිමේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් ලක්ෂයක් පමණ යෙදවූ බවයි ඉක්වදෝර වාර්තා සදහන් කළේ. එරට නව ජනාධිපතිවරයා ඔක්තෝබර් 26 වනදා වැඩ භාර ගැනීමට නියමිතයි.

 

 

 

 

 

 

 

 

The post ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ පැවති ඉක්වදෝර ජනාධිපතිවරණයෙන් වමාංශිකයන් ඉදිරියෙන් appeared first on ITN News.

Read More »

ග්‍රීසියේ ලැව් ගිනි ඇති කිරීමට උත්සාහ කළ 79ක් අත්අඩංගුවට  

0 comments

ග්‍රීසියේ ගිනිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රට විනාශ කරන ගිනිතැබීම් හේතුවෙන් පසුගිය සතිය තුළ පුද්ගලයන් 20 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි ග්‍රික බලධාරීන් පවසන්නේ. ඇතන්ස් හි වයඹ දෙසින් පිහිටි පනිතා කන්දට ගිනිතැබීමට කිහිප වතාවක්ම උත්සහ කර තිබෙනවා. මෙවැනි ගිනි තැබීම් සියලුදේට වඩා මිනිස් ජිවිත වලට තර්ජනයක් බවයි එරට සිවිල් ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ. ග්‍රිස්ම කාලයේ දී ග්‍රීසිය තුළ ලැව්ගිනි සුලබ සිද්ධියක් වනවා. වනාන්තරවලට ගිනි තැබීම ලැව්ගිනි පැතිර යාමට ප්‍රබල හේතුවක් වී තිබෙනවා.

පොලිසිය සහ ග්‍රික ඔත්තු සේවය මෙවැනි ගිනි තබන්නන් පිළිබද විමර්ෂණ සිදුකර 140 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 79 දෙනෙකුම ගිනි තැබිම් වලට සම්බන්ධ වූවන් බවයි ඇතන්ස් වාර්තා සදහන් කරන්නේ. මෙම සතිය මුල දී ග්‍රික වනාන්තරයකින් පිලිස්සි ගිය මළ සිරුරු 19ක් සොයා ගෙන තිබෙනවා.

 

 

 

 

 

 

 

The post ග්‍රීසියේ ලැව් ගිනි ඇති කිරීමට උත්සාහ කළ 79ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

වැග්නර් නායකයාගේ හදිසි මරණය ගැන පුටින් සිය ශෝකය පළ කරයි  

0 comments

රුසියාවේ වැග්නර් කුලී හමුදාවේ නායකයාගේ හදිසි මරණය සම්බන්ධයෙන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ශෝකය පළ කර තිබෙනවා.

වැග්නර් නායකයා ඇතුළු මිය ගිය දස දෙනාගේම පවුල්වලට ශෝකය පල කරන බවයි  රුසියා ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

වැන්ගර් ප්‍රධානියාගේ පෞද්ගලික ජෙට් යානය කඩා වැටී ඔහු ජීවිතක්ෂයට පත් වූයේ පෙරේදා දිනයේයි.

මොස්කව් සිට ගමන් ආරම්භ කළ යානය කඩා  වැටුණු මාරාන්තික අනතුරට හේතුව කුමක් ද යන්න පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

කෙසේ වෙතත් යානය කඩා වැටීමට පෙර විශාල පිපිරුමක් ඇසුණු බව වාර්තා වුණා.

රුසියා මාධ්‍ය වාර්තා කළේ යානය තුළ බෝම්බයක් හොර රහසේ රැගෙන ගියේද යන්න පිළිබඳ සැක පළ කරන බවයි.

කුලී හමුදා නායක යෙව්ජිනී ප්‍රිගොෂින්ගේ පෞද්ගලික ජෙට් යානය රුසියා ගුවන් යානා නාෂක හමුදාව විසින් බිඳහෙලන්නට ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

The post වැග්නර් නායකයාගේ හදිසි මරණය ගැන පුටින් සිය ශෝකය පළ කරයි appeared first on ITN News.

Read More »

නයිජීරියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – දෙදෙනෙකු මරුට  

0 comments

නයිජීරියාවේ Abuja හි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තවත් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

The post නයිජීරියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටෙයි – දෙදෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ ජලය සාගරයට මුදා හැරීම ඇරඹෙයි  

0 comments

ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ රැඳී තිබු ජලය පිරිසිදු කිරීමෙන් පසු සාගරයට මුදා හැරීම ආරම්භ කළා.

වසර 12කට පසුවයි ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ මෙම ජලය පැසිෆික් සාගරයට මුදා හැරෙන්නේ.

2011 වසරේ ජපානයට බලපෑ සුනාමියෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි හානි සිදු වුණා.

බලාගාරය තුළ පැවති ජලයට විකිරණ මිශ්‍ර වී ඇති බැවින් එම ජලය මුදා හැරීමට කටයුතු නොකරන ලෙසයි චීනය හා දකුණු කොරියාව, ජපානයෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වුවද මේ වන විට එම ජලයේ විකිරණශීලීත්වයක් නොමැති බැවින් පැසිෆික් සාගරයට මුදා හැරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබුණා.

මීට ප්‍රතිචාර දක්වමින් චීනය කියා සිටින්නේ මින්පසු ජපානයේ මත්ස්‍ය නිෂ්පාදන තම රටතුළ තහනම් බවයි.

එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතවිම් පිළිබඳව ද චීනය අනතුරු අඟවා තිබෙනවා.

 

 

 

 

 

The post ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ ජලය සාගරයට මුදා හැරීම ඇරඹෙයි appeared first on ITN News.

Read More »

චන්ද්‍රයාන් 3 යානයේ ප්‍රග්යාන් රෝවරය සඳමත ගමන් කිරීම අරඹයි  

0 comments

ඉන්දියාව අභ්‍යවකාශගත කර සඳමත ගොඩබැස්ස වු චන්ද්‍රයාන් තුන යානයේ රෝවරය වන ප්‍රග්යාන් රෝවරය සඳමත ගමන් කිරීම ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ හරිකොට් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පසුගිය ජූලි 14 වන දා ගමන් ඇරඹු චන්ද්‍රයාන් තුන යානයේ වික්‍රම් ලැන්ඩරය සඳ ආසන්නයට පැමිණීමත් සමඟ එය ගොඩබැස්සවීම ඊයේ සිදු කෙරුණා.

එහි රෝවරය වන ප්‍රග්යාන් මේ වන විට සඳේ අඳුරු පෙදෙස හෙවත් දක්ෂිණධ්‍රැවයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

එය කිලෝ ග්‍රෑම් 26ක බරකින් යුක්තයි.

ඉන්දියාවේ සතිෂ් දවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සබඳතා පවත්වා ගනිමින් ප්‍රග්යාන් රෝවරය මේ වන විට දත්ත එවීම ආරම්භ කර තිබෙනවා.

චන්ද්‍රයාන් තුන මෙහෙයුම සාර්ථකවීමත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙහෙයුමට එක්වු සියල්ලන්ටම සිය ස්තූතිය පළ කළා.

 

 

 

 

 

The post චන්ද්‍රයාන් 3 යානයේ ප්‍රග්යාන් රෝවරය සඳමත ගමන් කිරීම අරඹයි appeared first on ITN News.

Read More »

එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න ඔබටත් අවස්ථාවක්  

0 comments

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්සත් රාජධානියේ Chevening ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ශිෂ්‍යත්ව අයදුම්පත් සැප්තැම්බර් 12 වන දින විවෘත කර 2023 නොවැම්බර් 07 වන දින අවසන් වන බවයි මහ කොමසාරිස් කාර්යාලය දන්වා තිබෙන්නේ.

ඕනෑම එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයක ඕනෑම ශාස්ත්‍රපති පාඨමාලාවක් හැදෑරීමට පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව මෙමගින් ඔබට ලබාගත හැකියි.

ලොව පුරා සිටින කැපී පෙනෙන නැගී එන නායකයින්ට එක්සත් රාජධානියේ වසරක ශාස්ත්‍රපති උපාධි හැදෑරීමට මේ අනුව හැකියාව ලැබෙනවා.

මෙම ශිෂ්‍යත්ව සඳහා සම්පුර්ණයෙන්ම අරමුදල් සපයනු ලබන අතර, ගුවන් ගමන්, නවාතැන් සහ පාඨමාලා ගාස්තු සියල්ල නොමිලේ.

”බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සිය නිල වෙබ් අඩවියෙන් ඔබව වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

The post එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්න ඔබටත් අවස්ථාවක් appeared first on ITN News.

Read More »

ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමේ උ.කොරියා දෙවන උත්සාහයත් ව්‍යර්ථ වෙයි  

0 comments

ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමේ උතුරු කොරියා දෙවන උත්සාහයත් ව්‍යර්ථ වී තිබෙනවා.

ඔත්තු බැලීමේ අරමුණින් උතුරු කොරියාව සිය නවතම චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම එරට වේලාවෙන් අලුයම 3.50 සිදු වුණා.

එහෙත් එහි පද්ධතියක හටගත් පිපිරිමක් නිසා එය විනාශ වී ඇති බවයි පියොංයැන්ග් අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කරන්නේ.

පිපිරීමෙන් පසු චීනය හා කොරියා අර්ධද්වීපය අසළ කහ මුහුදට එහි සුන්බුන් කඩා වැටී තිබෙනවා.

මීට මාස තුනකට පෙර උතුරු කොරියාව ඔත්තු බැලීමේ යානාවක් යැවීමට ගත් පළමු උත්සාහයද ව්‍යර්ථ වුණා.

කෙසේ වෙතත් එරට අභ්‍යවකාශ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ එළඹෙන ඔක්තෝබර් මාසයේ දී තවත් යානාවක් යැවීමට සූදානමින් සිටින බවයි.

 

 

The post ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමේ උ.කොරියා දෙවන උත්සාහයත් ව්‍යර්ථ වෙයි appeared first on ITN News.

Read More »

මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 16 දෙනෙක් මිය යයි  

0 comments

මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 16 දෙනෙක් මිය ගොස් තවත් 36 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙකට ගැටීමෙන්.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ප්‍රදේශවාසීන් සහ සංක්‍රමණිකයන් රැගත් බස් රථයක්.

කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කරන්නේ මධ්‍යම මෙක්සිකෝවේ Cuacnopalan-Oaxaca අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

 

The post මෙක්සිකෝවේ බස් රථ අනතුරකින් 16 දෙනෙක් මිය යයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ පුද්ගලයින් මිය යන ප්‍රධාන බාහිර සාධකය ගිනි අවි බව හෙළි වෙයි  

0 comments

2021 වර්ෂයේ දී වෙඩි තැබීම් හේතුවෙන් ඇමෙරිකාවේ කුඩා දරුවන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඇමෙරිකාවේ රෝග බෝවීම හා පාලනය කිරීමේ මධ්‍යස්ථානයේ දත්ත භාවිත කරමින් සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

2021 වර්ෂයේ දී වෙඩි තැබීම් හේතුවෙන් කුඩා දරුවන් 4,752නෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

2020 වසරේ දී 4368 දෙනෙකු ද 2019 වසරේදී 3,390 දෙනෙකු ද මෙලෙස වෙඩි තැබීම හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

2020 වසරේ සිට ඇමෙරිකාවේ පුද්ගලයින් මියයන ප්‍රධාන බාහිර සාධකය ලෙස ගිනි අවි භාවිතයෙන් සිදුකරන අපරාධ නම්කර තිබෙනවා.

එමෙන්ම මියගිය කලු ජාතික දරුවන්ගෙන් සියයට 67ක් හා සුදු ජාතික දරුවන්ගෙන් සියයට 78ක් ගිනි අවි භාවිත කර ගනිමින් සියදිවි හානිකරගෙන ඇති බවද එහි දැක්වෙනවා.

 

 

 

The post ඇමෙරිකාවේ පුද්ගලයින් මිය යන ප්‍රධාන බාහිර සාධකය ගිනි අවි බව හෙළි වෙයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව පාකිස්තාන රුපියලේ අගය පහළ බසී  

0 comments

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව පාකිස්තාන රුපියලේ අගය තවදුරටත් පහළ බැස තිබෙනවා.

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව පාකිස්තාන රුපියලේ වටිනාකම මේ වන විට සටහන් වන්නේ රුපියල් 299ක් ලෙසයි.

පාකිස්තානය ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟයි මෙලෙස රුපියලේ අගය පහත වැටී ඇත්තේ.

2022 වසරේ දී පාකිස්තානය අපනයන සීමා පැනවීමට පියවර ගත්තේ විදේශ සංචිත ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණෙන්.

කෙසේ වුවද පසුගිය ජුනි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකා ඩොලර් බිලියන තුනක ණය ආධාර මුදලක් හිමිවීමත් සමඟ ආනයන සීමා ලිහිල් කිරීම ආරම්භ කෙරුණා.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම,  භාරකාර අග්‍රාමාත්‍යවරයෙකු යටතේ රටේ පාලනය සිදුකිරීම හා දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් එරට ආර්ථිකය දැඩි පසුබෑමකට මුහුණ දී සිටිනවා.

 

 

 

 

 

The post ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව පාකිස්තාන රුපියලේ අගය පහළ බසී appeared first on ITN News.

Read More »

චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය අද සවස සඳ මතුපිටට  

0 comments

ඉන්දියාවේ චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය අද ( 23) එරට වේලාවෙන් සවස 6.04ට සඳ මතුපිටට ගොඩ බැස්සවීමට සූදානම් බව විද්‍යාඥයන් පවසා තිබෙනවා

මෙය රට පුරා සජීවීව විකාශය කිරීමට නියමිත අතර මෙය නැරඹීම සඳහා පාසල්ද විවෘත වන බවත් අභ්‍යවකාශ ලෝලීන් මෙම ඓතිහාසික මොහොත වෙනුවෙන් සාද සංවිධානය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගී වන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අන්තර්ජාලය ඔස්සේ එක්වීමට නියමිත බවද සඳහන්

The post චන්ද්‍රයාන්-3 අභ්‍යවකාශ යානය අද සවස සඳ මතුපිටට appeared first on ITN News.

Read More »

පැනමා ඇලේ නෞකා ධාවනයට බාධා  

0 comments

ජල මට්ටම පහළ යාම හේතුවෙන් පැනමා ඇලේ නෞකා ධාවනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ හටගෙන ඇති නියං තත්ත්වයන් හරහා පැනමා ජල මට්ටම පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් දෛනිකව පැනමා ඇලේ ගමන් කරන නෞකා සංඛ්‍යාව සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවන්ට පැනමා ඇලට ඇතුළුවීමට අවසර හිමිවන තුරු බලාසිටීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ලොව ප්‍රධානතම නෞකා ප්‍රවාහන මාර්ගයක් ලෙස පැනමා ඇල හැඳින්විය හැකියි.

නෞකා ගමනාගමනයට බාධා එල්ල වීමත් සමඟ ගෝලීය ආර්ථිකයට බලපෑමක් එල්ල විය හැකි බවටද ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

 

 

The post පැනමා ඇලේ නෞකා ධාවනයට බාධා appeared first on ITN News.

Read More »

පුකුෂිමා බලාගාරයේ අපජලය පැසිෆික් සාගරයට මුදා හරින බව ජපාන අගමැති නිවේදනය කරයි  

0 comments

පුකුෂිමා බලාගාරයේ අපජලය පැය 48ක් ඇතුළත පැසිෆික් සාගරයට මුදා හරින බව ජපාන අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරනවා.

2011 වසරේ ජපානයට බලපෑ  සුනාමියෙන් පුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට දැඩි හානි සිදු වුණා.

බලාගාරය තුළ පැවති ජලයට විකිරණ මිශ්‍ර වී ඇති බැවින් එම ජලය මුදා හැරීමට කටයුතු නොකරන ලෙසයි චීනය හා දකුණු කොරියාව ජපානයෙන් ඉල්ලා සිටියේ.

කෙසේ වුවද මේ වන විට එම ජලයේ විකිරණශීලීත්වයක් නොමැති බැවින් පැසිෆික් සාගරයට මුදා හැරීමට  කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා නිවේදනය කරනවා.

ජපානයේ තීරණයට ජගත් සංවිධානයේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

අප ජලය ටොන් මිලියන 1.34ක් පමණ බලාගාරය තුළ ඇති අතර එම ජලය ඔලිම්පික් තරගවලදී භාවිතා කරන ජල තටාක 500ක් පිරවීමට ප්‍රමාණවත් තරම් වනවා.

 

 

The post පුකුෂිමා බලාගාරයේ අපජලය පැසිෆික් සාගරයට මුදා හරින බව ජපාන අගමැති නිවේදනය කරයි appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ කේබල් කාරයක සිරවී සිටි 8 දෙනා බේරා ගැනේ  

0 comments

පාකිස්ථානයේ කේබල් කාරයක සිරවී සිටි 8 දෙනා නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.

වයඹ දිග පාකිස්ථානයේ  කයිබර් පත්තුන්ක්වා පළාතේ බට්ටග්‍රාම් නගරය ආසන්නයේ කඳු ප්‍රදේශයක කේබල්  කාර් රථයක ඔවුන් සිරව සිටියා.

ඒ අදාළ කේබල් කාර් රථයේ එක් කේබලයක් කඩා වැටීම හේතුවෙන් එය නිසි පරිදි ක්‍රියාත්මක කළ නොවීම නිසායි.

ඒ තුළ වයස අවුරුදු 10 ත් 16 ත් අතර පාසල් දරුවන් 6 දෙනෙකු ද සිටි අතර පොලොව මට්ටමේ සිට මීටර් 274 ක් ඉහළින් එය එල්ලෙමින් තිබුණා.

හමුදා හෙලිකොප්ටර් යානාවක් යොදා ගනිමින් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණා.

විශාල පිරිසක් මෙම මෙහෙයුම දැක බලා ගැනීම සඳහා එක්ව සිටි ආකාරය පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළා.

 

 

The post පාකිස්තානයේ කේබල් කාරයක සිරවී සිටි 8 දෙනා බේරා ගැනේ appeared first on ITN News.

Read More »

ලප නොමැතිව උපත ලැබූ ජිරාෆ් පැටවා  

0 comments

ලොව ප්‍රථම වරට ලප නොමැතිව ජිරාෆ් පැටවෙක් උපත ලබා තිබෙනවා.

ඒ අමෙරිකාවේ Tennessee’හි Brights සත්වෝද්‍යානයෙන්

මෙම පැටවා ජූලි 31 වනදා උපත ලබා ඇති අතර තවමත් නම් කර නොමැති බවයි Brights සත්වෝද්‍යාන නිලධාරීන් සඳහන් කරන්නේ.

ජිරාෆ් පැටවා ගැහැණු පැටවෙක් වනවා.

පැටවාගේ මුළු ශරීරයම ඒකාකාර දුඹුරු පැහැයක් ගන්නා අතර ජිරාෆ් සත්ත්වයින්ට ආවේණික සුවිශේෂී පැල්ලම් රටා දක්නට නොලැබෙන බවයි වාර්තා වන්නේ.

ජිරාෆ් පැටවා දැනට අඩි හයක් උසින් සිටින අතර ඇගේ මවගේ රැකවරණය යටතේ පෝෂණය ලබනවා. .

මෙම පැටවා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජිරාෆ් විශේෂයක් වන අතර එය 2018 දී ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර රතු ලැයිස්තුවට ඇතුළත් කළ බවයි USA Today වෙබ් අඩවිය සඳහන් කරන්නේ.

The post ලප නොමැතිව උපත ලැබූ ජිරාෆ් පැටවා appeared first on ITN News.

Read More »

බංගලාදේශයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි  

0 comments

බංගලාදේශයෙන් මෙම වසරේ දී වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ඩෙංගු රෝගය හේතුවෙන් බංගලාදේශයේ මෙම වසර තුළදී සිදුවී ඇති මරණ සංඛ්‍යාව 485ක්.

7500කට අධික සංඛ්‍යාවක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ඩකා නගරයේ පමණක් ඩෙංගු රෝගය හේතුවෙන් රෝහල් ගතව සිටින සංඛ්‍යාව 3607ක් බව එරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

වැඩිම රෝගීන් හා මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ අගෝස්තු මාසයේ දී වන අතර රෝගීන් 50359 දෙනෙකු හමුවී ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 234ක්.

මේ අතර ඩෙංගු රෝගය වැළදීමේ අවධානම වැඩිම රටක් ලෙස බංගලාදේශය නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා.

The post බංගලාදේශයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.

Read More »

බ්‍රික්ස් සමුළුව අද ඇරඹේ  

0 comments

බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාවේදී අද (22) ආරම්භ වනවා.

එය දෙදිනක් පුරා පැවැත්වීමට නියමිත අතර බ්‍රික්ස් සමුළුව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ වැඩි අවධානයක් යොමුව තිබෙනවා.

එහිදී ඉන්දු – චීන නායකයින් අතර හමුවක් ද පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වනවිට දකුණු අප්‍රිකාවට ගොස් සිටිනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් ද දකුණු අප්‍රිකාවට පැමිණ ඇති බවයි.

The post බ්‍රික්ස් සමුළුව අද ඇරඹේ appeared first on ITN News.

Read More »

ජෝර්ජියා ප්‍රාන්ත අධිකරණයට භාරවන බව ට්‍රම්ප් පවසයි  

0 comments

එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දී තමා ජෝර්ජියා ප්‍රාන්ත අධිකරණයට භාරවන බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

2020 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට හිටපු ජනාධිපතිවරයා උත්සහ කළ බවට චෝදනා එල්ල වනවා. එම චෝදනා අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති අතර ඊට අදාළ නඩුව පසුගිය සතියේ දී විභාගයට ගැනුනා. චෝදනා 13ක් යටතේයි මෙම නඩුව ගොනුකර ඇත්තේ. කෙසේ වුවද අධිකරණය භාරවීමෙන් පසු හටපු ජනාධිපතිවරයාට ඇමෙරිකා ඩොලර් ලක්ෂ දෙකක ඇප මුදලක් යටතේ ඇප හිමිවනු ඇති බවටයි විදෙස් මාධ්‍ය අනාවැකි පළ කරන්නේ. එමෙන්ම සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම හෝ මැදිහත් වීම සිදු නොකරන ලෙසට ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිකරණයෙන් අවවාද කරනු ඇති බවට ද ඔවුන් අනාවැකි පළ කරනවා.

 

 

 

 

 

The post ජෝර්ජියා ප්‍රාන්ත අධිකරණයට භාරවන බව ට්‍රම්ප් පවසයි appeared first on ITN News.

Read More »

බංගලාදේශ ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ගැටුම්  

0 comments

බංගලාදේශ ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර හටගත් ගැටුම් වලින් පුද්ගලයින් 300 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසිනාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් පසුගිය මාසයේ සිට එරට විරෝධතා ක්‍රියාත්මකයි. පැවති විරෝධතා අතරතුරදි විරෝධතාකරුවන් හා පොලිසිය අතර දරුණු ගැටුම්හට ගත්තා. විරෝධතාකරුවන් පාලනය කිරිම සදහා බැට්න් හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමටයි ආරක්ෂක අංශ පියවර ගත්තේ. එරට හිටපු අග්‍රාමාත්‍ය කලීඩා ෂියාගේ ප්‍රදානත්වයෙන් මෙම විරෝධතා ක්‍රියාත්මක අතර ෂෙයික් හසිනා ධුරයෙන් ඉල්ලා අස් වී භාරකාර රජයකට රට භාරදිය යුතු බව ඔවුන් පවසනවා.

 

 

 

 

 

The post බංගලාදේශ ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ගැටුම් appeared first on ITN News.

Read More »

තක්ෂින් ෂිනවත්‍රා වසර ගණනාවක පිටුවහල් කිරීමෙන් පසු තායිලන්තයට පැමිණෙයි  

0 comments

තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් සිනවත්‍රා යළි තම මව්රට බලා පැමිණ තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා මීට වසර 15කට පෙර එරටින් පිටුවහල් කළ අතර ඉන් අනතුරුවයි ඔහු යළි එරටට පැමිණියේ. තායිලන්ත දේශපාලන ඉතිහාසයේ ඉතා ප්‍රබල චරිතයක් ලෙස තක්ෂින් සිනවත්‍රා හැදින්විය හැකියි. වසර 20කට ආසන්න කාලයක ඔහු එරට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූවා. පසුව හටගත් දේශපාලන අර්බුද හා ගැටුම් හේතුවෙන් ඔහුව එරටින් පිටුවහල් කිරීමටයි කටයුතු කෙරුණේ.

කෙසේ වුවද ඔහුගේ යළි පැමිණීම තායිලන්තය නව දේශපාලන මාවතකට යොමු කරනු ඇති බවටයි විශ්ලේෂකයින් මත පළ කරන්නේ.

 

 

 

 

 

The post තක්ෂින් ෂිනවත්‍රා වසර ගණනාවක පිටුවහල් කිරීමෙන් පසු තායිලන්තයට පැමිණෙයි appeared first on ITN News.

Read More »

චන්ද්‍රයාන් 3 යානය සඳ මත ගොඩබස්සවන දිනය  

0 comments

සඳට ගොඩබැස්සවීමට ආසන්නයේ පවතින ඉන්දියාවේ චන්ද්‍රයාන් යානයේ රෝවරය එය ගොඩබෑමට සුදුසු ආරක්ෂිත ස්ථානයක් සොයමින් පවතිනවා.

සද මත අද දිනයේ ගොඩබැස්වීමට නියමිතව තිබූ රුසියාවේ ලූනා 25 යානාව කඩාවැටීමත් සමග ඉන්දියාව මෙම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව චන්ද්‍රයාන් 3 යානය බදාදා දිනයේ දී ඉන්දීය වේලාවෙන් පස්වරු 6.04ට සඳ මත ගොඩබැස්සවීමට සැළසුම්කර තිබෙනවා.

මේ වනවිට ගොඩබෑමට නියමිත ප්‍ර දේශය සිතියම් ගතකරමින් බෑවුම් සහ තැනිතලා පිළිබද අධ්‍යනයක ඉන්දීය කණ්ඩායම නිරත වනවා.

ඊයේ පස්වරුව වනවිට චන්ද්‍රයාන් 3 යානයේ ලෑන්ඩරය සඳ මතුපිට සිට කිලෝමීටර් 25ත් 135ත් අතර දුරකිනුයි පිහිටා තිබුණේ.

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් චන්ද්‍රයාගේ අදුරු දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසින පළමු රට ඉන්දියාව බවට පත්වනවා.

The post චන්ද්‍රයාන් 3 යානය සඳ මත ගොඩබස්සවන දිනය appeared first on ITN News.

Read More »

සෞදි අරාබි දේශසීමා ආරක්ෂකයින් සිදු කල සමූහ ඝාතනය  

0 comments

සෞදි අරාබි දේශසීමා ආරක්ෂකයින් අනවසර සංක්‍රමණිකයන් සිය ගණනක් වෙඩි තබා ඝාතනය කර ඇති බවට නවතම වාර්තාවක් හෙළි කර තිබෙනවා.

අසල්වැසි යේමනයේ සිට දේශසීමා තරණය කරමින් පැමිණෙන අයට මෙසේ වෙඩි තබන බව හියුමන් රයිට් වොච් පෙන්වා දෙනවා.

එසේ පැමිණෙන බොහෝ පිරිසක් ඉතියෝපියානුවන් බවයි වාර්තා වන්නේ.

එම සරණාගතයින්ට වධ හිංසා පමුණුවන වීඩියෝ පට කිහිපයක් ද සමාජ මාධ්‍යය වලට මුදා හැර තිබෙනවා.

ඔවුන් අතර කාන්තාවන් හා දරුවන් ද සිටීම බරපතල තත්ත්වයක් බවයි ලොව පුරා මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ එල්ල වන චෝදනා සෞදි අරාබිය ප්‍රතික්ෂේප කරනවා.

 

 

The post සෞදි අරාබි දේශසීමා ආරක්ෂකයින් සිදු කල සමූහ ඝාතනය appeared first on ITN News.

Read More »

කිම් ජොන් උන් කෲස් මිසයිල අත්හදා බැලීම් අධීක්ෂණය කරයි  

0 comments

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් නාවික හමුදා ඒකකයකට ගොස් කෲස් මිසයිල අත්හදා බැලීමක් අධීක්ෂණය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා

සෝල් සහ වොෂින්ටනය අතර ඒකාබද්ධ හමුදා අභ්‍යාස ආරම්භ කිරීමට පෙර මෙම අධීක්ෂණය සිදුවූ බවයි පැවසෙන්නේ

මෙම සංචාරය සිදු වූයේ කවදාද යන්න හෝ දියත් කරන ලද මිසයිල වර්ග පිළිබඳව වැඩිදුර විස්තර ලබා නොදුන් බවද විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජනපද-දකුණු කොරියානු හමුදා අභ්‍යාස අගෝස්තු 31 දක්වා පැවැත්වෙන බවද සඳහන් වනවා.

The post කිම් ජොන් උන් කෲස් මිසයිල අත්හදා බැලීම් අධීක්ෂණය කරයි appeared first on ITN News.

Read More »

ලැව් ගිනි හේතුවෙන් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයෙන් තිස්දහසක් ඉවත් කරයි  

0 comments

කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයෙන් තිස්දහසක් ඉවත් කර තිබෙනවා.

මේ වනවිට බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ප්‍රදේශ 400ක පමණ ලැව් ගිනි හටගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ කලාප දෙකක ඇතිවූ දැවැන්ත ලැව්ගිනි වලින් නිවාස හා ගොඩනැගිලි රැසක් විනාශ වුණා. මේ වනවිට කැනඩාවේ දකුණු දිග කෙලොව්නා ප්‍රාන්තයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. එම ප්‍රදේශයේ නිවාස 36,000ක් ලැව් ගිනි වලින් විනාශ වී තිබෙනවා.

ලැව් ගිනි හේතුවෙන් පිලිස්සුම් තුවාල ලැබූ හා ශ්වසන අපහසුතා ඇතිවුණු බොහෝ පිරිස් රෝහල් ගතකර තිබෙනවා.

 

 

 

The post ලැව් ගිනි හේතුවෙන් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයෙන් තිස්දහසක් ඉවත් කරයි appeared first on ITN News.

Read More »

හිලරි සුළි කුණාටුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයට දැඩි බලපෑම්  

0 comments

හිලරි සුලිකුණාටුව ඇමෙරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයට ඇතුළු වී තිබෙනවා.

පැයට කිලෝමීටර් 200 ඉක්ම වූ ප්‍රබලත්වයෙන් ආරම්භ වූ හිලරි සුලිකුණාටුවේ ප්‍රබලත්වය මේ වන විට පැයට කිලෝමීටර් 119 දක්වා අවම වී තිබෙනවා. වසර 84 කට පමණ පසුව දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයට බලපෑ ප්‍රථම නිවර්තන සුළිකුණාටුව මෙයයි. මිලියන 9ක පමණ පිරිසකට ගංවතුර අවදානම් නිකුත් කර ඇති බවයි ඇමෙරිකාවේ ජාතික සුලිකුනාටු මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

ප්‍රබලත්වය අවම වුවද ජිවිත හානි සිදු වීමේ අවදානමක් පවතින බවට කාලගුණ අංශ අනතුරු අගවනවා.

 

 

The post හිලරි සුළි කුණාටුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයට දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

චීන ප්‍රහාරක යානා 42ක් තම ගුවන් කලාපයට ඇතුළු වූ බව තායිවානය කියයි  

0 comments

චීන ප්‍රහාරක යානා 42ක් පමණ තම ගුවන් කලාපයට ඇතුලු වු බව තායිවානය නිවේදනව කරනවා.

තායිවාන උප ජනාධිපතිවරයාගේ ඇමෙරිකා සංචාරයට විරෝධය පළ කරමින් චීනය යුද අභ්‍යාසයක් ආරම්භ කළා.

යුද අභ්‍යාසය ගුවන් හා නාවික ඒකාබද්ධ අභ්‍යාසයක් ලෙසයි පැවැත්වෙන්නේ.

යුද අභ්‍යාසයට සහභාගී වූ ප්‍රහාරක යානා මෙලෙස තායිවාන ගුවන් කලාපය ආක්‍රමණය කර තිබෙනවා.

චීනය එළඹෙන මැතිවරණයට අතපෙවීමට උත්සහ කරන බවටයි තායිවානය චෝදනා කරන්නේ.

යුද අභ්‍යාසය හරහා තමන් සතුව පවත්නා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අත්හදා බලන බව චීනය පවසනවා.

 

 

 

 

 

The post චීන ප්‍රහාරක යානා 42ක් තම ගුවන් කලාපයට ඇතුළු වූ බව තායිවානය කියයි appeared first on ITN News.

Read More »

ඕනෑම තර්ජනයකට රුසියාව න්‍යෂ්ටික ප්‍රතිචාර දැක්වීමට සූදානම් – රුසියා විදේශ අමාත්‍ය  

0 comments

ඕනෑම මොහොතක න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ අවධානමක් පවතින බවට බටහිර රටවල් අවබෝධ කරගත යුතු බව රුසියා විදේශ අමාත්‍යවරයා පවසනවා.

හටගන්නා ඕනෑම තර්ජනයකට රුසියාව න්‍යෂ්ටික ප්‍රතිචාර දැක්විමට සුදානම් බව ඇමෙරිකාව හා නේටෝ සංවිධානය සිහියේ තබාගත යුතු බවටයි රුසියා විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවන්නේ.

එබැවින් න්‍යෂ්ටික ගැටුමක් ඇති වීම වැළැක්වීමට ඔවුන් කටයුතු කළ යුතු බව ද සර්ජී ලැව්රෝෆ් පෙන්වා දෙනවා.

රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ඊයේ දිනයේ දී එරට ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුවයි විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

යුක්‍රේනය යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් අනතුරුව රුසියාව තම න්‍යෂ්ටික බලය ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව ද සඳහන්.

එමෙන්ම යුක්‍රේනය මැඩපැවැත්වීමට රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගත යුතු බවට පසුගිය මාසයේ දී එරට හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වදේෆ් සඳහන් කළා.

 

 

 

The post ඕනෑම තර්ජනයකට රුසියාව න්‍යෂ්ටික ප්‍රතිචාර දැක්වීමට සූදානම් – රුසියා විදේශ අමාත්‍ය appeared first on ITN News.

Read More »

Cheems යන්නම ගිහින්  

0 comments

සමාජ මාධ්‍යය ඔස්සේ වඩාත් ජනප්‍රිය වූ සුනඛයෙක් වන CHEEMS මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ජූලි මසදී මෙම සුනඛයාට පිළිකාවක් වැළඳී ඇති බවට හඳුනාගනු ලැබුවා.

ඊට ප්‍රථිකාර ලබමින් සිටියදීයි. CHEEMS මෙලෙස මියගොස් ඇත්තේ.

Ballitze නමින් පෙර හඳුන්වනු ලැබූ Cheems හොංකොං හි පවුලක් විසින් ඇති කිරීමට ලබා ගෙන තිබුණේ එම සත්ත්වයාට වයස අවුරුද්දක්ව තිබියදී යි.

The post Cheems යන්නම ගිහින් appeared first on ITN News.

Read More »

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

යුක්‍රේනයේ චර්නිහිව් නගරය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චර්නිහිව් නගරයට එල්ල වු ප්‍රහාරයෙන් මිය ගිය පිරිස අතරට වයස අවුරුදු 6ක් වන කුඩා දැරියක ද අයත් බව යුක්‍රේන බලධාරීන් පවසනවා.

ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 144 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අතරින් 25 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන්.

දේවමෙහෙයකට සහභාගි වී සිටි පිරිසක් මෙම ප්‍රහාරයට ගොදුරු වී ඇති බව යුක්‍රේන ආරක්ෂක අංශ පවසනවා.

ප්‍රහාරයෙන් විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලකට ද අලාභ හානි සිදුව ඇති බවයි මාධ්‍ය සඳහන් කරන්නේ.

 

 

 

 

The post රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

කුසගින්න නිසා මිය ගිය ඉතියෝපියානු වැසියන්  

0 comments

කුසගින්නෙන් ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රදේශයේ පුද්ගලයන් 1,400ක් මියගොස්  තිබෙනවා.

එයට ප්‍රධාන හේතුව වන්නේ ආහාර ආධාර සොරකම් කිරීම හේතුවෙන් ආධාර සපයන ආයතනයන් ආහාර ලබාදීම් නතර කිරීමයි.

එම ආධාර ආයතනවල ලාංඡන සහිතව ආහාර වෙළඳපොළවල තිබී ඇති අතර  පසුව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන්, එක්සත් ජාතින්ගේ ප්‍රධානම ආහාර ඒජන්සිය මාස 4කට පමණ පෙර ආහාර ආධාර ලබාදීම නවතා ඇති බව විදෙස් මාධ්‍ය  වාර්තා කර තිබුණා.

 

කෙසේ වෙතත්, නතර කළ ආහාර ආධාර ලබාදීම් නැවත කඩිනමින් ආරම්භ කරන බව ලෝක ආහාර සංවිධානයේ නිලධාරීන් සඳහන් කර තිබෙනවා.

 

The post කුසගින්න නිසා මිය ගිය ඉතියෝපියානු වැසියන් appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ නවදිල්ලි නුවරින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට  

0 comments

ඉන්දියාවේ නවදිල්ලි නුවරින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.

අධික මෝසම් වැසි සහිත කාලවලදී ඩෙංගු රෝගය දකුණු ආසියාවේ බහුල ව්‍යාප්තියක් සිදුවනු දැකගත හැකියි. එහෙත් මෙම වසරේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම බහුල වී ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කරන්නේ. මේවන විට ඉන්දියාවේ දිල්ලි නගරය ඩෙංගු රතු අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා. පසුගිය සතියේ දී ඩෙංගු රෝගීන් 283 දෙනෙකු හමු වී ඇති අතර මේ වසර තුලදී පමණක් එය දහස ඉක්මවා තිබෙනවා.

රෝගය පාලනය කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වන විටත් ආරම්භ කර ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

 

 

 

The post ඉන්දියාවේ නවදිල්ලි නුවරින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට appeared first on ITN News.

Read More »

හිලරි සුළි කුණාටුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවට අනාවැකි  

0 comments

හිලරි සුළි කුණාටුවෙන් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කරනවා.

මේ වන විට හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා හිලරි සුළි කුණාටුව වර්ධනය වී තිබෙනවා.

මෙක්සිකෝව හරහා එය උතුරු ඇමෙරිකා මහද්වීපයට ඇතුළු වීමට නියමිතයි.

පැයට කිලෝමීටර් 215 ක වේගයෙන් සුළං හමා යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

වසර 80 කට පසුවයි කැලිෆෝනියාව හරහා සුළි කුණාටුවක් හමා යන්නේ.

වයඹ දෙසින් ඇතුළු වන එය දකුණු කැලිෆෝනියා, නෙවාඩා,ඇරිසෝනා සහ ඌටා දෙසට ගමන් කරනු ඇති.

 

The post හිලරි සුළි කුණාටුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවට අනාවැකි appeared first on ITN News.

Read More »

යුක්‍රේනයට F-16 ප්‍රහාරක යානා ලබාදීමට ඇමෙරිකාවේ අනුමැතිය  

0 comments

යුක්‍රේනයට එෆ් 16 ප්‍රහාරක යානා ලබාදීමට ඇමෙරිකාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අනුව ඩෙන්මාකයෙන් සහ නෙදර්ලන්තයෙන් ඇමෙරිකාවේ නිෂ්පාදිත එෆ් 16 ප්‍රහාරක යානා ලබාදෙනු ඇති.

එවැනි යානා 24ක් නෙදර්ලන්තය සතුවන අතර ඒවා සේවයෙන් ඉවත් කොට නවීන යානා සේවයට යෙදවීමටයි නෙදර්ලන්තය තීරණය කර තිබුණේ.

ඩෙන්මාකය සතුව ද එවැනි යානා 30ක් පමණ තිබෙන අතර රුසියාවට එරෙහි යුක්‍රේන මෙහෙයුම් සඳහා ඒවා භාවිත කරනු ඇති.

එම යානා හැසිරවීම පිළිබඳ පුහුණුවක් ද යුක්‍රේන ගුවන් නියමුවන්ට ලබාදී තිබෙනවා.

 

 

 

 

 

The post යුක්‍රේනයට F-16 ප්‍රහාරක යානා ලබාදීමට ඇමෙරිකාවේ අනුමැතිය appeared first on ITN News.

Read More »

බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්  

0 comments

කැනඩාවේ බටහිරින් පිහිටා ඇති බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වේගයෙන් පැතිර යන ලැව් ගිනි හේතුවෙනුයි මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය ඩේවිඩ් එබී සඳහන් කළේ ඉදිරි දින කිහිපය අතිශය තීරණාත්මක බවයි.

මැක්ඩොගල් ප්‍රදේශයේ ලැව් ගිනි පැය 24 ක් තුළ හෙක්ටාර හැටහතරේ සිට හයදහස් අටසියයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මේ වන විට එම ප්‍රදේශයේ පුද්ගලයන් හාරදහස් අටසියයක් ඉවත් කර තිබෙනවා.

කැනඩාවේ වයඹ දිග යෙලෝ නයිෆ් ප්‍රදේශයට ලැව් ගිනි පැතිර යමින් පවතිනවා.

එම ප්‍රදේශයෙන් විසිදෙදහසක පිරිසක් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් appeared first on ITN News.

Read More »

චන්ද්‍රයාන් සඳේ ඡායාරූප එවයි  

0 comments

ඉන්දියාව සඳ මත ගවේෂණය සඳහා යැවූ චන්ද්‍රයාන් තුන යානය සඳේ ඡායාරූප එවීම ආරම්භ කර තිබෙනවා.

චන්ද්‍රයාන් තුන යානය ලබන 23 වනදා සඳ මත ගොඩබැස්සවීමට නියමිතයි.

එහි ලෑන්ඩරය සඳට ඉතා සමීපව ගමන් කරමින් තිබෙනවා.

සඳ මතුපිට ඇති පාෂාණ හා ආවාට වල සමීප දර්ශණ ඉන් ලබාගෙන තිබෙනවා.

මේ අතර රුසියාවේ ලූනා 25 යානය ද ලබන සතියේ දී සඳ මත ගොඩබසිනු ඇති.

මෙම යානා දෙකම සඳේ දක්ෂිණධ්‍රැවයට ගොඩබස්වනු ඇති.

 

 

 

The post චන්ද්‍රයාන් සඳේ ඡායාරූප එවයි appeared first on ITN News.

Read More »

අධික වැසි නිසා ඉන්දියාවේ හිමාචල්හි මියගිය සංඛ්‍යාව ඉහළ යයි  

0 comments

අධික වැසි හේතුවෙන් ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් හි මියගිය සංඛ්‍යාව 74 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති  බවට එරට ආපදා අංශය පවසනවා.

හිමාචල් ප්‍රදේශ් හි නායයාම් තුනක් සිදුවූ අතර ශිම්ලාහි ශිව කෝවිල ද ඊට ගොදුරුවී තිබෙනවා.

කඩාවැටුණු කෝවිලේ සුන්බුන් අතර තිබී මළ සිරුරු කීපයක් සොයා ගැණුනා.

මෝසම් වර්ෂාව ආරම්භ වී දින 55ක් තුළ ප්‍රාන්තය පුරා නායයාම් 113ක් සිදුව තිබෙනවා. ඉන්දීය රුපියල් කෝටි දසදහසක පමණ හානියක් සිදුවී ඇති බවටයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

 

The post අධික වැසි නිසා ඉන්දියාවේ හිමාචල්හි මියගිය සංඛ්‍යාව ඉහළ යයි appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍යයේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජල ක්‍රීඩා තහනම්  

0 comments

බ්‍රිතාන්‍යයේ ජල ක්‍රීඩා සඳහා සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට සහභාගි විය නොහැකි බවට තීරණයකට එළඹ තිබෙනවා.

කාන්තා අංශය නියෝජනය කරමිනුයි ඔවුන්ට ඊට සහභාගිවිය නොහැකි වන්නේ.

දීර්ඝකාලීන අධ්‍යනයකින් පසුව මෙම තීරණයට එළඹ ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් ස්ත්‍රීන් ලෙස උපත ලැබූ සංක්‍රාන්ති ලිංගිකයින් සැත්කමකට භාජනය වී නොමැති නම් තරඟවලට එක්වීමේ බාධාවක් නැති බවද සඳහන් වනවා.

විවෘත අංශයෙන් ඕනෑම අයෙකුට තරඟ කළ හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

 

 

 

 

 

The post බ්‍රිතාන්‍යයේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජල ක්‍රීඩා තහනම් appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ දේවස්ථානවලට පහරදීමේ සිද්ධියෙන් පසු 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට  

0 comments

පාකිස්ථානයේ පංජාබ් පළාතේ දේවස්ථානවලට පහරදීමේ සිද්ධියෙන් පසු සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාකිස්ථානයේ කතෝලික දේවස්ථාන කිහිපයක් පසුගිය දිනවල ගිනි තබා විනාශ කර තිබුණා.

ඒ කතෝලිකයන් ඉස්ලාම් ආගමිකයන්ගේ ශුද්ධ වූ කුරානයට හානි කරන බව පවසමින්.

පාකිස්ථාන මානව හිමිකම් පිළිබඳ ජාතික කොමිසම පවසන්නේ මේ වන විට අවම වශයෙන් පල්ලි 17ක්වත් විනාශ කර ඇති බවයි.

කතෝලිකයෙකුට අපහාස කිරීමත් සමඟ ඔහු ශුද්ධ වු කුරානයට හානිකළ බවට ප්‍රකාශ වීමත් සමඟ බහුතරයක් වු ඉස්ලාම් බැතිමතුන් කතෝලික දේවස්ථානවලට පහරදුන් බවයි වාර්තා වන්නේ. ‍

කෙසේ වෙතත් එරට පොලිසිය ගැටුම් මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වනවා.

එරට විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ ආගමික සුළු ජාතිකයන්ට වුවද සාමන අවස්ථා පවතින බැවින් එකිනෙකා අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.

 

 

 

 

The post පාකිස්තානයේ දේවස්ථානවලට පහරදීමේ සිද්ධියෙන් පසු 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

කැනරි දූපත හරහා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් 3000කට වැඩි පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කෙරේ  

0 comments

ස්පාඤ්ඤයේ කැනරි දූපත හරහා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් 3000කට වැඩි පිරිසක් ප්‍රදේශයෙන් ඉවත්කර තිබෙනවා.

ගින්නෙන් මේ වන විට හෙක්ටාර් 2600ක් පමණ විනාශ වී ගොසින්.

පසුගිය වසර 40 තුළ කැනරි දූපත් වලට බලපෑ දරුණුතම ලැව්ගින්න මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්න පාලනය සඳහා පුද්ගලයින් 370කට වැඩි පිරිසක් සහ ගුවන් යානා 17ක් යොදවා තිබෙනවා.

මේ අතර උතුරු අප්‍රිකාව , හවායි ,කැනඩාව සහ යුරෝපය ඇතුලු ලොව බොහෝ ප්‍රදේශවල මේ වසරේ දී ලැව්ගිනි වාර්තා වුණා.

 

 

 

 

 

The post කැනරි දූපත හරහා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් 3000කට වැඩි පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කෙරේ appeared first on ITN News.

Read More »

කැනඩාවේ වයඹ දිග ප්‍රදේශ කිහිපයකට ලැව්ගිනිවලින් දැඩි බලපෑම්  

0 comments

කැනඩාවේ වයඹ දිග ප්‍රදේශ කිහිපයකට ලැව්ගිනි හට ගැනීමත් සමඟ එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා.

ඒ සමඟම එම ප්‍රදේශයේහි සමාජ මාධ්‍ය අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

කැනඩා පාලකයින් එම ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා සමාජ මාධ්‍ය අවහිර කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විශේෂයෙන් ෆේස්බුක් තහනම හේතුවෙන් තම ආදරණීයන් සමඟ දුක බෙදා ගැනීමට නොහැකි වීමෙන් කළකිරීමට ද පත්ව සිටින බවයි එම ප්‍රදේශවල ජනතාව පවසන්නේ.

ලැව්ගිනි හේතුවෙන් නගරයෙන් ඉවත් වන ලෙස බලධාරීන් ජනතාවට දැනුම් දුන්න ද ඒ සමඟම ෆේස්බුක් සහ ඉන්සටර්ග්‍රෑම් තහනම් කර තිබෙනවා.

කැනේඩියානුවන්ගෙන් 77% ක් පමණ ෆේස්බුක් භාවිත කරනවා.

20000ක ජනතාවක් සිටින යෙලෝනයිෆ් ප්‍රදේශයෙන් අද පස්වරුව වන විට ජනාතවට ඉවත්ව යන ලෙස දැනුම් දී ඇතැයි ද සඳහන් වනවා.

 

 

 

 

 

The post කැනඩාවේ වයඹ දිග ප්‍රදේශ කිහිපයකට ලැව්ගිනිවලින් දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

ජර්මනියේ ගුවන් තොටුපළක් ගංවතුරෙන් යට වෙයි  

0 comments

ජර්මනියේ ගුවන් තොටුපළක ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ගුවන් ගමන් 90ක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම ගුවන් ගමන් 23ක් හරවා යවා ඇති බව සඳහන්.

කුණාටු තත්ත්වය හේතුවෙන් ගොඩනැගිලි 350 පමණ ගංවතුරෙන් බලපෑම් එල්ල වී ඇති අතර ගස් 17කට වැඩි ප්‍රමාණයක් කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

ගුවන් තොටුපළේ ගංවතුර තත්ත්වය හේතුවෙන් මගීන්ට බාධා මතුව ඇති අතර උතුරු රයින්-වෙස්ට්ෆාලියා කලාපයේ Gelsenkirchen සහ අනෙකුත් ප්‍රදේශවලටද කුණාටුවේ බලපෑම් එල්ල වී තිබෙනවා

The post ජර්මනියේ ගුවන් තොටුපළක් ගංවතුරෙන් යට වෙයි appeared first on ITN News.

Read More »

මුදල් විශුද්ධිකරණයට එරෙහි සිංගප්පුරුව සිදුකළ මෙහෙයුමකදී මුදල් හා වත්කම් රැසක් අත්අඩංගුවට  

0 comments

මුදල් විශුද්ධිකරණයට එරෙහි සිංගප්පුරු මෙහෙයුමකදී ඩොලර් බිලියන එකක මුදල් හා වත්කම් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිංගප්පූරු පොලීසිය එරට විශාලතම මුදල් විශුද්ධිකරණයට එරෙහි විමර්ශනයෙන් සුඛෝපභෝගි නිවාස, මෝටර් රථ සහ මුදල් ඇතුළු භාණ්ඩ මෙසේ අත්අඩංගුවට ගත්තා.

මේ යටතේ නිවාස 94 ක් හා මෝටර් රථ 50 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පුද්ගලයන් දස දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම විදෙස් රටවල ගමන් බලපත්‍ර සතු අය වීම විශේෂත්වයක්.

අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 31 ත් 44 ත් අතර වනවා.

සිංගප්පූරුව යනු අපරාධ අඩුවෙන් සිදුවන රටක් වන අතර මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක වූයේ කාලයකට පසුවයි.

 

 

 

 

The post මුදල් විශුද්ධිකරණයට එරෙහි සිංගප්පුරුව සිදුකළ මෙහෙයුමකදී මුදල් හා වත්කම් රැසක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 70ක් දක්වා ඉහළට  

0 comments

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අධික මෝසම් වැසි හේතුවෙන් හිමාචල් ප්‍රදේශ් හි හිමාල කලාපයේ සිදු වූ නායයාමකින් පසුගිය සඳුදා පනස්දෙනෙකු මියගොස් තිබුණා.

තවත් විසිදෙනෙකුගේ සිරුරු පසුව සොයා ගැනුණා.

ඉන්දීය කාලගුණ අංශ එම ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කර තිබූ අතර කදුකර කලාපයකුයි නායයාමට ලක්වුණේ.

හිමාචල් හා උත්තරාකන්ද් ප්‍රාන්තවලට මිලිමීටර් 273 ක හා 419 ක වැසි ලැබුණු බවයි වාර්තා වන්නේ.

එම ප්‍රාන්තවල පාසල් හා රජයේ කාර්යාල තවදුරටත් වසා දමා තිබෙනවා.

 

 

The post ඉන්දියාවේ නායයාමෙන් මියගිය සංඛ්‍යාව 70ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

බටහිර අප්‍රිකාවේ වර්ඩ් තුඩුව ආසන්නයේ බෝට්ටු අනතුරකින් 60 දෙනෙකු මියයයි  

0 comments

අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් බටහිර අප්‍රිකාවේ වර්ඩ් තුඩුව ආසන්නයේ අනතුරට ලක්වීමෙන් 60 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

සෙනගාලයේ සිට පැමිණි අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මෙසේ අනතුරට ලක්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

දැනට හෙළිවී ඇති තොරතුරු අනුව එය පසුගිය ජූලි 10වන දා සෙනගාලයේ පාසේ බෝයේ සිට ගමන් ආරම්භ කර තිබෙනවා.

මගීන් 101 දෙනෙකු රැගත් යාත්‍රාව අනතුරට ලක්වීමෙන් පසු ළමුන් ඇතුලු 38 දෙනෙකු බේරා ගෙන තිබෙනවා.

ඔවුන් අතර වයස අවුරුදු 12ත් 16ත් අතර 4 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක්වු පිරිස අතර සියරා ලීයොන් හා ගිනියා රාජ්‍යයට අයත් පිරිස් ද සිටිනවා.

 

 

 

 

 

The post බටහිර අප්‍රිකාවේ වර්ඩ් තුඩුව ආසන්නයේ බෝට්ටු අනතුරකින් 60 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

පාකිස්තානයේ කතෝලික දේවස්ථාන 04ක් ගිනි තබා විනාශ කරයි  

0 comments

පාකිස්ථානයේ කතෝලික දේවස්ථාන 04 කට ගිනි තබා විනාශ කර තිබෙනවා.

ඉස්ලාම් ආගමිකයන්ගේ ශුද්ධ වූ කුරානයට හානි කිරීමට දෙදෙනෙකු කටයුතු කර තිබෙනවා.

ඔවුන් කතෝලික බැතිමතුන් බව පවසමින් මෙම  දේවස්ථාන 04ට ගිනිතබා ඇති බවයි පාකිස්ථාන වාර්තා සඳහන් කරන්නේ.

පාකිස්ථාන ජන ගහනයෙන් 96% ක්ම ඉස්ලාම් ආගමිකයන් වන අතර සෙසු පිරිස කතෝලික ආගම අදහන අයයි.

කුරානයට හානි කිරීමට විරෝධය පල කරමින් දහස් ගණන් පිරිස් වීදි බැස කලහකාරී ලෙස හැසිරෙන ආකාරය ද දැක ගත හැකියි.

 

 

The post පාකිස්තානයේ කතෝලික දේවස්ථාන 04ක් ගිනි තබා විනාශ කරයි appeared first on ITN News.

Read More »

පසුගිය ජූලි මාසය උණුසුම අධිකම මාසය බව නාසා ආයතනය පවසයි  

0 comments

පසුගිය ජූලි මාසය උණුසුම අධිකම මාසය බව නාසා ආයතනය පවසනවා.

ඒ 1980 වසරින් අනතුරුවයි.

ගෝලීය උෂ්ණත්වය අනුව පසුගිය ජූලි මාසය සෙසු ජුලි මාසවලට සාපේක්ෂව ෆැරන්හයිට් අංශක 0.43කින ඉහල ගොස් ඇති බවයි නාසා විද්‍යාඥන් පවසන්නේ.

උතුරු ඇමරිකාව පුරා ඇවිලෙන ලැව්ගිනි, සුලිකුණාටු,පෘතුවිය පුරා තාප තරංග අඛණ්ඩව පැතිර යාම මෙලෙස ගෝලීය උණුසුම ඉහල යාමට බලපා තිබෙනවා.

නාසාහි අභ්‍යවකාශ අධ්‍යයන සඳහා වූ ගොඩාඩ් ආයතනයේ අධ්‍යක්ෂ Gavin Schmidt පවසන්නේ, මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසවල සියලු ප්‍රතිවිපාක කෙරෙහි අභ්‍යවකාශ ඒජන්සිය අවධානය යොමු කර ඒවායේ බලපෑම් අවම කිරීමට උපකාර කල හැකි ක්‍රම සොයමින් සිටින බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ජූලි මාසය වාර්තාගත උණුසුම්ම නිරපේක්ෂ මාසය වූ අතර, එය වසර දහස් ගණනක් ඈතට දිවෙන වාර්තාවක් වනු ඇති බවයි.

The post පසුගිය ජූලි මාසය උණුසුම අධිකම මාසය බව නාසා ආයතනය පවසයි appeared first on ITN News.

Read More »

රුසියා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි  

0 comments

රුසියා මහ බැංකුව එරට පොලී අනුපාත සියයට 12 දක්වා ඉහළ දමා තිබෙනවා.

මාස 16ක කාලයකට පසු ඩොලරයට සාපේක්ෂව රූබල් මුදල් ඒකකය අවප්‍රමාණය වීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

මේ වනවිට ඇමෙරිකා ඩොලරයේ වටිනාකම රූබල් සියය ඉක්මවා තිබෙනවා.

රුසියාවේ පොලී අනුපාත සියයට 8.5 පැවති අතර එය සියයට 12 දක්වා ඉහළ දමා ඇති අතර මෙම මාසයේ එරට උද්ධමනය සියයට 4.4ක් ලෙසයි සටහන් වන්නේ.

යුක්රේනයේ යුද මෙහෙයුම් හේතුවෙන් යුද වියදම් හා අපනයනවලට සාපේක්ෂව ආනයන ඉහළ යාමත් සමග රුසියා ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

The post රුසියා මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි appeared first on ITN News.

Read More »

7 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ  

0 comments

7 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (16) උදෑසනය චීනයේ Yunnan පළාතේ Kunming නගරයේ ආරම්භ වුණා.

“පොදු සංවර්ධනය සඳහා සමගිය හා සහයෝගීතාව පැවැත්වීම ” එහි ප්‍රධාන තේමාවයි.

අද (16) සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන මෙවර ප්‍රදර්ශනය දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ රටවල් සහ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමේ (RCEP) සාමාජික රටවල් සම්පූර්ණයෙන් ආවරණය කරයි.

එය මෙම වසරේ චීනය සහ දකුණු ආසියානු රටවල් අතර වැදගත් ආර්ථික හා වෙළඳ හුවමාරු ක්‍රියාකාරකමකි.

මෙවර දකුණු ආසියා ප්‍රදර්ශනයේ තේමා රට නේපාලය වන අතර ආරාධිත රට මියන්මාරයයි.

ප්‍රදර්ශනය කුටි 15 කින් සමන්විතයි.

4 වන චීන-දකුණු ආසියානු සහයෝගීතා සංසදය සහ 4 වන චීන-දකුණු ආසියානු තාක්ෂණ හුවමාරු සහ නවෝත්පාදන සහයෝගීතා සමුළුව ඇතුළුව ක්‍රියාකාරකම් 14 ක් එහිදී පැවැත්වීමට නියමිතයි.

The post 7 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ appeared first on ITN News.

Read More »

තලේබාන් ඇෆ්ගනිස්තානයේ පාලන බලය අත්පත් කරගෙන වසර දෙකයි  

0 comments

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලන බලය අත්පත් කරගෙන ඊයේ දිනයට වසර දෙකක් සපිරුණා.

පාලන බලයට වසර දෙකක් සපිරීම හේතුවෙන් ඊයේ එරට ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටයි තලේබාන් සංවිධානය පියවර ගත්තේ.

ඒ හේතුවෙන් කාබුල් අගනුවර ආරක්ෂාව දැඩිකර තිබූ අතර සෝදිසි මෙහෙයුම් ද ක්‍රියාත්මක කෙරුණා.

කෙසේ වුවද ඔවුන්ගේ පාලනය මේ වනතෙක් ලොව කිසිදු රටක් නිල වශයෙන් පිළිගෙන නැහැ.

2021 වසරේ අගෝස්තු 15 වන දින අලුයම වනවිට ඇමෙරිකා ඇතුළු බටහිර රටවල හමුදා කණ්ඩ ඇෆ්ගනිස්ථානයෙන් තම සේනාංක සම්පූර්ණයෙන් ඉවත්කර ගත්තා.

ඒත් සමඟම තලේබාන් සංවිධානයට එරට පාලන බලය කිසිදු ගැටුමකින් තොරව හිමිවුණා.

එතැන් පටන් ඇෆ්ගනිස්තාන කාන්තාවන්ගේ අයිතිවාසිකම් සීමා කිරීමටයි ඔවුන් පියවර ගත්තේ.

රැකියාවක නිරතවීමට , අධ්‍යාපනය හැදෑරීමට හා රූපලාවන්‍ය කටයුතු සිදුකිරීමට ඇති අයිතිය ඇතුළු කාන්තාවන්ගේ සියලු අයිතීන් සීමා කිරීම මේ වනවිට සිදුව තිබෙනවා.

එමෙන්ම තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තාන පාලන බලය අත්පත් කර ගැනීමත් සමඟ කිසිදු රටක් එරටට ආධාර ලබාදීම සිදුනොකරන අතර මේ වනවිට එරට ජනයා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා.

 

 

 

The post තලේබාන් ඇෆ්ගනිස්තානයේ පාලන බලය අත්පත් කරගෙන වසර දෙකයි appeared first on ITN News.

Read More »

චීනයේ තරුණ ප්‍රජාවගේ විරැකියාව සම්බන්ධයෙන් දත්ත නිකුත් කිරීම අත්හිටුවයි  

0 comments

චීනයේ තරුණ ප්‍රජාවගේ විරැකියාව සම්බන්ධයෙන් දත්ත නිකුත් කිරීම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීන ආර්ථිකයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගත් බවයි රජය නිවේදනය කරන්නේ.

පසුගිය ජුනි මාසයේ දී එරට නාගරික ප්‍රදේශයන්හි විරැකියා අනුපාතය 20% ඉක්මවා තිබුණා.

විරැකියා අනුපාතය එතරම් ඉහළ අගයක් ගෙන තිබුණේ වසර 24කට පමණ පසුවයි.

එමෙන්ම එරට සමස්ත විරැකියා අනුපාතය ජුලි මාසයේ දී 5.3%කින් ඉහළ ගොස් ඇති බවද සඳහන්.

තරුණ ප්‍රජාවගේ විරැකියාව ගණනය කිරීමේ දී නව ක්‍රම වේදයක් අනුගමනය කිරීමට අවදානය යොමුවී ඇති බවයි චීන  ජාතික සංගණන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

 

 

 

 

The post චීනයේ තරුණ ප්‍රජාවගේ විරැකියාව සම්බන්ධයෙන් දත්ත නිකුත් කිරීම අත්හිටුවයි appeared first on ITN News.

Read More »

පෝලන්තය විශාලතම හමුදා පෙළපාලිය පවත්වයි  

0 comments

යුක්‍රේන රුසියා උණුසුම මැද පෝලන්තය විශාලතම හමුදා පෙළපාලිය පවත්වා තිබෙනවා.

1920 දී සෝවියට් හමුදාවන්ට එරෙහි යුද ජයග්‍රහණය සනිටුහන් කරමින් මෙම පෙලපාලිය පැවැත්වුණා.

එහිදී පෝලන්තය සතු නවීන අවි ආයුධ ද ප්‍රදර්ශනය කෙරුණා.

මෙම සටනේදී රතු හමුදාවන්ට එරෙහිව පෝලන්ත හමුදා ලබාගත් ජයග්‍රහණයේ 103 වන සංවත්සරයයි සැමරුවේ.

එම කාලය තුළ පෝලන්ත හමුදා බොල්ෂෙවික් හමුදාවන් ද පරාජය කළා.

මේ වන විට යුක්‍රේනයට එරෙහි රුසියා සටන උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර අසල්වැසි රටවල් බොහෝමයක් යුක්‍රේනයට සහාය පල කරමින් සිටිනවා.

 

 

 

The post පෝලන්තය විශාලතම හමුදා පෙළපාලිය පවත්වයි appeared first on ITN News.

Read More »

ජපානය ගොඩයන හැටි  

0 comments

ජපාන මුදල් ඒකකය දුර්වල වුව ද එරට ආර්ථිකය වර්ධනයක් අත්කර ගෙන ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ජපානයේ අපනයන ඉහළ යාම මීට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

එරට ආර්ථිකය පසුගිය කාර්තුව තුළ දී අපේක්ෂා කළ වේගයට වඩා වැඩි වේගයකින් වර්ධනය වන ආකාරය දැක ගත හැකියි.

ජපානය ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර පසුගිය කාර්තුවේ දී එරට දළ දේශීය නිෂ්පාදිතය 6%කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.

එය අපේක්ෂා කළ අගය මෙන් දෙගුණයක් පමණ වනවා.

එමෙන්ම වසර 3කින් අත්කර ගත් ඉහළම ආර්ථික වර්ධන වේගය ද මෙය බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාමට යෙන් මුදල් ඒකකය අවප්‍රමාණය වීම බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

The post ජපානය ගොඩයන හැටි appeared first on ITN News.

Read More »

දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමෙන් මියගිය ගණන 30ක් දක්වා ඉහළට  

0 comments

දකුණු රුසියාවේ ඩැගෙස්තාන් නගරයේ ඉන්ධන පිරවුම්හලක ඇති වූ පිපිරීමකින් සහ පසුව ඇතිවූ ගින්නෙන් මේ වනවිට පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කැස්පියන් මුහුදේ වෙරළ තීරයේ ප්‍රාදේශීය අගනුවර වන Makhachkala හි මෙම පිපිරීම සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඔවුන්ගෙන් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර මෙම අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ.

ප්‍රාදේශීය ප්‍රධානී Sergei Melikov ඩැගෙස්තානයේ Kumtorkalinsky දිස්ත්‍රික්කයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා

එමෙන්ම හදිසි සේවකයින් 260 ක් පමණ යොදවා ඇති අතර බරපතල තුවාල ලැබූවන් ගුවන් මගින් මොස්කව් වෙත රැගෙන ගොස් ඇති බව හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසනවා

ගින්න වර්ග මීටර් 600 ක ප්‍රදේශයක් පුරා පැතිර ගොස් ඇති අතර තවදුරටත් පිපිරීම් ඇතිවීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ

The post දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමෙන් මියගිය ගණන 30ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ කෝවිලක් කඩාවැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ගතවූ පැය 24ට පමණක් ජීවිතක්ෂයට පත්වු සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

උතුරු ඉන්දියාවේ ප්‍රාන්තයක් වන හිමාචල් ප්‍රදේශ් වෙත අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. ඊයේ දිනයේදී ද එම ප්‍රදේශයේ හින්දු කෝවිලක් කඩාවැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අධික වර්ෂාවත් සමග ගංවතුර හා නායයාම් හටගෙන ඇති බවයි ප්‍රාන්ත මහ ඇමතිවරයා නිවේදනය කරන්නේ. ප්‍රදේශයේ සංචාරයට පැමිණි පුද්ගලයින් දහස් ගණනක් අවතැන්ව සිටින බවද සදහන්. නායයාම් හා ගස් කඩාවැටීම් හේතුවෙන් රථවාහන ගමන් කිරීමට නොහැකිවීම ඊට හේතුවී තිබෙනවා.

 

 

 

 

The post ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ කෝවිලක් කඩාවැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිචෝදනා  

0 comments

2020 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවට ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වනවා.

2020 වසරේ ජනාධිපතිවරණයේ දී ජෝර්ජියා ප්‍රාන්තයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ වුවද එහි ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටයි ඔහුට චෝදනා එල්ල වන්නේ. චෝදනා 41කින් යුත් අධි චෝදනා පත්‍රයක් ඔහුට විරුද්ධව ෆූල්ටන් ජූරි සභාව නිකුත්කර තිබෙනවා. මෙම අධිචෝදනා පත්‍රයත් සමග මෙම වසර තුළදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපරාධ චෝදනා එල්ලවූ සිව්වන අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ

කෙසේ වුවද ඔහුට එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපතිවරයා නිවේදනය කරනවා.

 

 

 

 

The post ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිචෝදනා appeared first on ITN News.

Read More »

රුසියාවේ ඉන්ධන පිරවුම්හලක හටගත් ගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

දකුණුදිග රුසියාවේ ඉන්ධන පිරවුම්හලක හටගත් ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණුදිග රුසියාවේ ඩගිස්ටාන් ප්‍රදේශයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමක් සමගින් මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ගින්නෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද සදහන්. බරපතල තත්ත්වයේ පසුවන රෝගීන් මොස්කව් රෝහල් වෙත රැගෙන යාම සදහා හෙලිකොප්ටර් යානා යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මරණ සංඛ්‍යාව 25ක් පමණ දක්වා ඉහළ යා හැකි බවට රෝහල් ආරංචි මාර්ග පවසනවා. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න මැඩපැවැත්වීම සදහා 260කින් පමණ යුතු ගිනි නිවන භටයින් සංඛ්‍යාවක් යොදවා ඇති බවද සදහන්.

 

 

 

 

 

 

 

 

The post රුසියාවේ ඉන්ධන පිරවුම්හලක හටගත් ගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඉරානයේ ශිරාස් මුස්ලිම් පල්ලියට දෙවන වරටත් ප්‍රහාරයක්  

0 comments

ඉරානයේ ශිරාස් මුස්ලිම් පල්ලියට මාස 9ක් ඇතුලත දෙවන වරටත් ප්‍රහාරයක් එල්ල වුණා.

ඊයේ පස්වරුවේ නාදුනන තුවක්කු කරුවෙකු පැමිණ එහි සිටි පිරිසට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් 4 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.

ඉන් එක් අයෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩික්කරු රයිෆල් අවියක් සහ උණ්ඩ 240ක් පමණ රැගෙන පැමිණ සිටි බව ආරක්ෂක අංශ පවසනවා.

ඔහු එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගැනුනා.

මීට පෙර පසුගිය වසරේ ද මෙම පල්ලියට ප්‍රහාරයක් එල්ල වු අතර ඉන් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් 40 දෙනෙකු තුවාල ලැබුවා.

The post ඉරානයේ ශිරාස් මුස්ලිම් පල්ලියට දෙවන වරටත් ප්‍රහාරයක් appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ පෞරාණික හින්දු කෝවිලක් කඩා වැටෙයි – 9ක් මරුට  

0 comments

ඉන්දීය හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පෞරාණික හින්දු කෝවිලක් කඩා වැටීමෙන් 9 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අධික වර්ෂාව පවතින අවස්ථාවක මෙම සිද්ධිය සිදුවී ඇති අතර තවත් 20-25 පමණ දෙනෙක් සුන්බුන් අතර සිරවී ඇති බවට අනුමාන කරන බව සඳහන්.

The post ඉන්දියාවේ පෞරාණික හින්දු කෝවිලක් කඩා වැටෙයි – 9ක් මරුට appeared first on ITN News.

Read More »

අවි ආයුධ නිෂ්පාදනය වැඩි කරන්න – කිම් ජොන් උන්  

0 comments

අවි ආයුධ නිෂ්පාදනය තවදුරටත් වැඩි කරන්නැයි උතුරු කොරියා නායකයා අයුධ නිෂ්පාදන කම්හල් වලින් ඉල්ලා තිබෙනවා.

යුදමය අවස්ථා සදහා භාවිත කරන මිසයිල හා රොකට් විදිනයන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා නිරීක්ෂණයට උතුරු කොරියා නායක කිම් ජොන් උන් අද කටයුතු කළා.

එමෙන්ම කාලයට ගැලපෙන ලෙස ඒවා නිපදවන ලෙස ද ඔහු උපදෙස් දුන්නා.

එළඹෙන දින කිහිපය තුළ ඇමෙරිකාව හා දකුණු කොරියාව වාර්ෂික යුද අභ්‍යාසය සදහා සුදානමින් සිටිනවා.

ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස උතුරු කොරියා නායක කිම් ජොන් උන් මෙම කර්මාන්ත ශාලා නිරීක්ෂණය කිරීමට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

යුද උපකරණවලට අමතරව යුදමය අවස්ථාවල දී භාවිත කරන රථ වාහන ආදිය ද ඔහුගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

 

 

 

 

 

The post අවි ආයුධ නිෂ්පාදනය වැඩි කරන්න – කිම් ජොන් උන් appeared first on ITN News.

Read More »

විනාශ වූ Maui ප්‍රාන්තය ගොඩනගන්න ඩොලර් බිලියන 5.5 ක්  

0 comments

හවායි හි Maui ප්‍රාන්තයේ ඇතිවූ ගින්නෙන් මේ වනවිට මිය ගිය ගණන 93ක් බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා

එක්සත් ජනපදයේ ඇති වූ දරුණුතම ලැව්ගින්න මෙය බවත් ඓතිහාසික ලහයිනා නගරය මෙයින් විනාශ වී ඇති බවත් සඳහන්.

පැසිෆික් ආපදා මධ්‍යස්ථානය (PDC) සහ වොෂින්ටනයේ සිට හවායි වෙත සහන කටයුතු සම්බන්ධීකරණය කරන FEMA ට අනුව Maui නැවත ගොඩනැගීමේ වියදම ඩොලර් බිලියන 5.5 ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා

මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් අනතුරු අඟවන්නේ

ලැව්ගිනි මේ වන විට බොහෝ දුරට පාලනය කර ඇති අතර, ඒවා සම්පූර්ණයෙන්ම නිවා දැමීම සඳහා විනාශ වී ඇති ලහයිනා හි අවට ඇතුළු දිවයිනේ සමහර ප්‍රදේශවල මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සඳහන්

The post විනාශ වූ Maui ප්‍රාන්තය ගොඩනගන්න ඩොලර් බිලියන 5.5 ක් appeared first on ITN News.

Read More »

නයිජර් හමුදා නායකයා අප්‍රිකා රටවල නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට එකඟවෙයි  

0 comments

නයිජර් රාජ්‍යයේ බලය පැහැරගත් හමුදා නායකයා අප්‍රිකා රටවල නායකයන් සමග සෘජු සාකච්ඡා පැවැත්වීමට එකග වී තිබෙනවා.

අප්‍රිකා රටවල නායකයන් නයිජර් රාජ්‍යයේ සිවිල් පාලනය ස්ථාපිත කිරීම සදහා අඛණ්ඩ ප්‍රයත්නයක නිරතවනවා. එම රටවල දූත පිරිසක් හමුදා නායක ජෙනරාල් අබ්දොරහුමානේ චියානි මුණගැසී සාකච්ඡා කළා. ඒ නයිජීරියාවේ නියාමේ අගනුවරදීයි. සාකච්ඡා පැය කිහිපයක් පැවති අතර එම සාකච්ඡාවලින් පසු අදහස් දැක්වූ දූත පිරිස  ප්‍රකාශ කළේ හමුදා නායකයා සාකච්ඡා සදහා සූදානම් බවයි.

හමුදා නායකයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ නයිජීරියාව හා අනෙකුත් අප්‍රිකා රටවල් අසල්වැසියන් පමණක් නොව සහෝදර සහෝදරියන් ලෙස බැදී සිටිය යුතු බවයි.

 

 

 

 

 

The post නයිජර් හමුදා නායකයා අප්‍රිකා රටවල නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට එකඟවෙයි appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ රෝහලක පැය 24ක් තුළ 18ක් මිය යයි  

0 comments

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක පැය 24ක් තුළ මරණ 18ක් සිදුව තිබෙනවා. ඒ පිළිබද පුළුල් පරික්ෂණයක් මේ වන විට ක්‍රියාත්මකයි.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චත්‍රපාතී ශිවාජි මහාරාජ් රෝහලෙනුයි මෙම මරණ වාර්තා වන්නේ. මියගිය අය අතර කාන්තාවන් දස දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු වනවා. මියගිය දොළොස් දෙනෙකුම වයස අවුරුදු 50ට අඩු අයයි. මියගිය අය අතර වකුගඩු,  අංශභාග,  නිව්මෝනියා හා විෂ පානය කළ රෝගීන් වනවා. සාමාන්‍යයෙන් එරට රෝහලක දෛනිකව මරණ 6ක් හෝ 7ක් සිදුවුවද මෙතරම් ඉහළ අගයක් මිය ගිය  පළමු අවස්ථාව මෙය බවයි ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඒක්නාත් ශින්දේ පවසන්නේ. මේ වන විටත් මෙම මරණ පිළිබද පරික්ෂණයක් සිදුකරන ලෙස උපදෙස් දුන් බව ඔහු ප්‍රකාශ කරනවා.

 

 

 

The post ඉන්දියාවේ රෝහලක පැය 24ක් තුළ 18ක් මිය යයි appeared first on ITN News.

Read More »

හවායි දූපතේ ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 100කට ආසන්නයි  

0 comments

හවායි දූපතේ හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් මේ වනවිට ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 100කට ආසන්න වන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

හවායි දූපතේ කලක් අගනගරය ලෙස හැදින්වූ ලහයිනා නගරය මේ වනවිට සොහොන් බිමක් ආකාරයෙන් දිස්වනවා. ඇමෙරිකා කලාපයේ වසර සියයකට පසු හටගත් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවූ ලැව්ගින්න මෙය ලෙස ද හැදින්වෙනවා. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවටයි සහන කණ්ඩායම් අනතුරු අගවන්නේ. අධික සුළං හේතුවෙන් ලැව්ගින්න ශීඝ්‍රයෙන් පැතිර යන බවද වාර්තා වනවා. මේ වනවිටත් දහසකට වැඩි පිරිසකගේ නිෂ්චිත තොරතුරු තහවුරු කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඔවුන් සම්බන්ධකර ගැනීමේ අපහසුතා මතුවීම ඊට හේතුවයි.

 

 

 

 

 

 

 

The post හවායි දූපතේ ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 100කට ආසන්නයි appeared first on ITN News.

Read More »

පාකිස්තානයට භාරකාර අගමැතිවරයෙක්  

0 comments

පාකිස්තානයට නව භාරකාර අග්‍රාමාත්‍යවරයෙකු පත්කර තිබෙනවා.

අන්වර් උල් හක් කකාර් මෙසේ පත්කර ඇත්තේ පාකිස්තාන පාර්ලිමේන්තුව පසුගිය බදාදා විසුරුවා හැරීමට ගත් පියවරෙන් පසු එරට මහ මැතිවරණය පැවැත්විමට අවශ්‍ය පසුබිම සැකසිමේ අරමුණින්.

අන්වර් උල් හක් මීළඟ මහ මැතිවරණය දක්වා පාකිස්තානයේ භාරකාර රජය මෙහෙයවනු ඇති.

The post පාකිස්තානයට භාරකාර අගමැතිවරයෙක් appeared first on ITN News.

Read More »

හවායි දූපතේ ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 89ක් දක්වා ඉහළට  

0 comments

හවායි දූපතේ ඇතිවූ ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 89 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

හවායි දූපතේ මාවුයි ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි කානපලි නගරයට ද පැතිරයමින් පවතිනවා.

මියගිය සංඛ්‍යාව ද 89 දක්වා ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාහැකි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ලැව්ගිනිවලට ගොදුරුවූවන් සෙවීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා සිටිනවා.

දැනට බේරාගත් පුද්ගලයින් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍ය කණ්ඩායම් ද යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

හවායි ආණ්ඩුකාරවරයා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඉදිරි දිනවල දී මියගිය සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යාමක් වාර්තාවිය හැකි බවයි.

මේ වනවිටත් දහසකට වැඩි පිරිසකගේ නිෂ්චිත තොරතුරු තහවුරු කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඔවුන් සම්බන්ධකර ගැනීමේ අපහසුතා මතුවීම ඊට හේතුවයි.

හවායි දූපත මෙතෙක් මුහුණ දුන් දරුණුතම ස්වභාවික විපත මෙය බවටයි සඳහන් වන්නේ.

 

The post හවායි දූපතේ ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 89ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

බෝම්බ තර්ජනයක් නිසා අයිෆල් කුළුණ වැසේ  

0 comments

පැරීසියේ අයිෆල් කුළුණ ලෝකයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන සංචාරක ස්ථානයක්.

කෙසේ වෙත්ත එය නරඹන්නන් සඳහා ඊයේ සිට වසා දමා තිබෙනවා.

එරට පොලීසිය පවසන්නේ, බෝම්බ තර්ජනයක් හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස වසා දැමුණු බවයි.

The post බෝම්බ තර්ජනයක් නිසා අයිෆල් කුළුණ වැසේ appeared first on ITN News.

Read More »

පෙනහළු අකර්මණ්‍ය කිරීමට සමත් බැක්ටීරියාවක් සොයා ගැනේ  

0 comments

මිනිස් සිරුරට මාරාන්තික වන නව බැක්ටීරියාවක් සොයාගෙන තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් විසිනුයි පරීක්ෂණය කර තිබෙන්නේ.

Legionella (ලෙජියොනෙල්ලා) ලෙස නම් කර ඇති මෙම බැක්ටීරියා විශේෂය පොකුණු සහ ගංගා ආශ්‍රිතව වර්ධනය වන බව දැක්වෙනවා.

මෙම බැක්ටීරියා විශේෂය අඩංගු කුඩා ජල බිඳිති ආශ්වාස කරන්නේ නම්, ඔවුන්ට දරුණු නියුමෝනියා තත්ත්වයක් ඇතිවන බව පර්යේශණ වාර්තාවේ දැක්වෙනවා.

මේ සඳහා ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කළ හැකි වුවද, පෙනහළු අකර්මණ්‍ය වීම සහ මරණය පවා ඇති විය හැකි බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

The post පෙනහළු අකර්මණ්‍ය කිරීමට සමත් බැක්ටීරියාවක් සොයා ගැනේ appeared first on ITN News.

Read More »

හවායි ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළට  

0 comments

හවායි ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව අසූව දක්වා ඉහළ යාමත් සමඟ මාවුයි ප්‍රාන්තයේ සිටින තවත් පිරිස් ඉවත්කිරීමට සිදුව තිබෙනවා.

හවායි දූපතේ මාවුයි ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ලැව්ගිනි කානපලි නගරයට ද පැතිරෙමින් පවතිනවා. ලැව්ගිනි හේතුවෙන් විනාශයට පත් ඓතිහාසික ලහයිනා නගරයට සිදුවූ හානිය ගණනය කිරීම සදහා එහි පදිංචිකරුවන්ට තම නිවෙස් තිබූ ප්‍රදේශයට ආපසු යාමට අවසර ලබාදී පැය කිහිපයකට පසුව මෙම නියෝගය නිකුත්කිරීම විශේෂත්වයක්.

ඇමෙරිකා ප්‍රාන්ත ඉතිහාසයේ මාරාන්තිකම ස්වභාවික ව්‍යසනය මෙයයි. ලැව්ගින්නත් සමග පුද්ගලයන් සිය ගණනක් අතුරුදන්ව තිබෙනවා.

 

 

 

 

The post හවායි ලැව්ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

පසුගිය මාසයේ ලොව පුරා වාර්තා වූ නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 80%කින් ඉහළට  

0 comments

පසුගිය මාසයේ ලොව පුරා වාර්තා වූ නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 80%කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.

කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය මැයි මාසයේදී ප්‍රකාශ කළා.

එහෙත් එය අඛණ්ඩව සංසරණය වී විකෘති වනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.

පසුගිය ජූලි 10 වනදා සිට අගෝස්තු 6 වනදා දක්වා කාලය තුළ නවරෝගීන් මිලියන 1.5 කට ආසන්න පිරිසක් වාර්තාවුණා.

එය 80%ක වැඩිවීමක්.

 

 

 

The post පසුගිය මාසයේ ලොව පුරා වාර්තා වූ නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 80%කින් ඉහළට appeared first on ITN News.

Read More »

තවත් වසර 10කින් ස්පාඤ්ඤයේ ග්ලැසියර සම්පූර්ණයෙන් දියවීමට ලක්වන බව හෙළිවෙයි  

0 comments

තවත් වසර 10කින් ස්පාඤ්ඤයේ ඉතිරිව ඇති ග්ලැසියර සම්පූර්ණයෙන් දියවීමට ලක්වන බව වාර්තා වනවා.

පිරනීස් කඳුවැටියේ ඇනෙටෝ ග්ලැසියරය පිළිබඳ සිදුකරන ලද අධ්‍යයනයෙන් මේ පිළිබඳ හෙළිව තිබෙනවා.

ජීව විද්‍යාඥයින් සහ භූගෝල විද්‍යාඥයින් පිරිසක් පසුගියදා ස්පාඤ්ඤයේ විශාලතම ග්ලැසියරය වන ඇනෙටෝ ග්ලැසියරය තරණය කළේ අයිස් මතුපිට මතුවී ඇති කළු ශ්ලේෂ්මල වර්ගයක් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහායි.

මෙම කළු ලප නිසා අයිස් දියවීමේ වේගය වැඩිවෙනවා.

මේ පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

 

 

The post තවත් වසර 10කින් ස්පාඤ්ඤයේ ග්ලැසියර සම්පූර්ණයෙන් දියවීමට ලක්වන බව හෙළිවෙයි appeared first on ITN News.

Read More »

නයිජීරියාවේ පල්ලියක වහලයක කොටසක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

නයිජීරියාවේ පල්ලියක වහලක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

උතුරු නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තයේ බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන පල්ලියක මෙම අනතුර සිදු වුණා.

ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටි අවස්ථාවක ඇති වූ මෙම සිද්ධියෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පුද්ගලයන් 23 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

මෙය 1830 වසරේදී ඉදිකළ පල්ලියක්.

 

 

 

 

 

 

The post නයිජීරියාවේ පල්ලියක වහලයක කොටසක් කඩා වැටීමෙන් හත් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

හවායි දූපත්හි ලැව් ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 67ක් දක්වා ඉහළට  

0 comments

හවායි දූපත්හි ලැව් ගිනි හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 67 දක්වා ඉහළ ගියා.

මෙම ලැව්ගිනි හවායි දූපතේ මෙතෙක් වාර්තා වූ දරුණුතම ස්වභාවික ව්‍යසනය ලෙසටයි සැලකෙන්නේ.

පුද්ගයන් සිය ගණනක් අතුරුදන්ව තිබෙනවා.

ඒ අනුව මියහ ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්නෙන් පෞරානික නගරයක් වන ලහයිනා නගරය සම්පූර්ණයෙන්ම විනාශ වුණා.

එහි ගොඩනැගිලි  දහසක් පමණ විනාශ වී තිබෙනවා.

සංචාරකයින් ලක්ෂ 20 ක් පමණ වාර්ෂිකව ලහයිනා නගරයේ සංචාරය කරනවා.

 

 

 

The post හවායි දූපත්හි ලැව් ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 67ක් දක්වා ඉහළට appeared first on ITN News.

Read More »

තුර්කියේදී සිදුවූ බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් 27කට තුවාල  

0 comments

තුර්කියේ දී සිදු වූ බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් තුර්කියේ ඉස්තාන්බුල් හි Eyupsultan දිස්ත්‍රික්කයේ දී මීටර් 6 ක ප්‍රපාතයකට පෙරලීමෙන් ය.

ඉස්තාන්බුල් ගුවන් තොටුපළේ සංවර්ධන ව්‍යාපෘතියක සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස සේවා මුරය අවසන් කර ෂටල් බස් රථයෙන් ආපසු නිවෙස් බලා යමින් සිට තිබෙනවා.

එහි දී රියදුරුට රථය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළී ඇති බව වාර්තා වන්නේ.

 

කෙසේ වෙතත්, අනතුරින් ජීවිත හානි සිදු වී නොමැති බවත් තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් එරට බලධාරීන් සඳහන් කළේ ය.

The post තුර්කියේදී සිදුවූ බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් 27කට තුවාල appeared first on ITN News.

Read More »

රුසියානු අගනුවරට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන යානයක් කඩා වැටෙයි  

0 comments

රුසියානු අගනුවරට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන යානයක් කඩාවැටී ඇති බව වාර්තා වනවා.

මොස්කව් නගරාධිපතිවරයා පවසන්නේ නගරයට ඉහළින් පියාසර කිරීමට උත්සහ කළ ඩ්‍රෝන යානයක් ගුවන් ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රහාරයකින් විනාශ වු බවයි.

කෙසේ වෙතත් එම ඩ්‍රෝන යානය කඩා වැටීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

එම ප්‍රදේශයේහි ගුවන් යානා පියාසර කිරීම සිමා කර ඇති බව ද සදහන් වනවා.

 

 

 

 

 

 

 

The post රුසියානු අගනුවරට ඉහළින් පියාසර කළ ඩ්‍රෝන යානයක් කඩා වැටෙයි appeared first on ITN News.

Read More »

රෝහින්යා ජාතිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 23 දෙනෙකු මිය යයි  

0 comments

මියන්මාරයේ රෝහින්යා ජාතිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 23 දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.

රයිබන් ප්‍රාන්තයෙන් පළා යමින් සිටි රෝහින්යා  ජාතිකයින් පිරිසකුයි මෙම අනතුරට පුහුණ පා ඇත්තේ.

50 දෙනෙකුට වැඩි පිරිසක් රැගත් බෝට්ටුව මැලේසියාව බලා යමින් සිටියදී කාර්ය මණ්ඩලය විසින් එය අතහැර දැමීම හේතුවෙනුයි අනතුරට පත්ව තිබෙන්නේ.

මැලේසියාවට යාම සදහා එක් අයෙකුට ඩොලර් 4000ක් බැගින් ගෙවා ඇති බව සදහන්.

එම මුදල් ලබා ගත් ජාවාරම්කරුවන් මුහුද මැදදී බෝට්ටුව අතහැර පළා යාම හේතුවෙන් අනතුරට ලක්ව තිබෙනවා.

සෑම වසරකම රෝහින්යාවරුන් දහස් ගණනක් මැලේසියාවට හෝ ඉන්දුනිසියාවට මුහුදු මාර්ගයෙන් පළා යාමට උත්සාහ කරනවා.

ඒ මියන්මාරයේ දැඩි පීඩාවලින් සහ බංගලාදේශයේ ඉතා අඩු පහසුකම් වලින් සමන්විත සරණාගත කඳවුරුවලින් බේරී සිටිම සඳහායි.

 

 

 

 

 

 

 

The post රෝහින්යා ජාතිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් 23 දෙනෙකු මිය යයි appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ ලැව්ගිනි හේතුවෙන් 53 දෙනෙකු මියයයි  

0 comments

ඇමෙරිකාවේ මාඋයි ප්‍රාන්තයේ ලැවි ගිණිවලින් 53 දෙනෙකු මියගොස් තිබෙනවා.

ලැව් ගිනි හේතුවෙන් හවායි දූපතේ ඓතිහාසික නගරයක් වන ලහයිනා නගරය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ හා දුම් ආග්‍රහනයවීමෙන් රෝගී වූ බොහෝ පිරිසක් රෝහල් ගත කර සිටිනවා.

ගිනි නිවන භටයන් දැඩි උත්සාහයක් ගත්තද ඓතිහාසික නගරයේ ගොඩනැගිලි ගින්නෙන් බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඇතැම් පිරිස් ගින්නෙන් බේරීම සඳහා මුහුදට පැන ඇති බවද සඳහන්.

මෙම පැරණි නගරයේ දොළොස් දහසකට ආසන්න පිරිසක් ජීවත් වනවා.

 

 

 

 

The post ඇමෙරිකාවේ ලැව්ගිනි හේතුවෙන් 53 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

ජෝ බයිඩ්න්ට තර්ජනය කළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ  

0 comments

ඇමෙරිකා ජනපති ජෝ බයිඩ්න්ට තර්ජනය කළ පුද්ගලයෙකු එෆ් බී අයි මෙහෙයුමකින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට හා තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ඝාතනය කරන බවට දැක්වෙන අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඝාතනය කර ඇත්තේ.

අදාළ පුද්ගලයා ක්‍රේග් රොබර්ට්සන් නැමැති අයෙකු වන අතර ඔහු ඌටා ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ද එම ප්‍රදේශයට පැමිණෙන බව දැනගත් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කිරීම සිදුකර තිබෙනවා.

මේ පිළිබඳ පරීක්ෂණ පවත්වා ඔහු ඝාතනය කළ බවයි ඇමෙරිකා ආරක්ෂක අංශ පවසන්නේ.

 

 

 

 

 

 

 

 

The post ජෝ බයිඩ්න්ට තර්ජනය කළ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ appeared first on ITN News.

Read More »

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ  

0 comments

ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලාවිසෙන්සියෝ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වී සිය මෝටර් රථයට ගොඩවන අවස්ථාවේ ඔහු ඉදිරියට පැමිණි අයෙක් හිසට වෙඩි ප්‍රහාර 3ක් එල්ල කර තිබෙනවා.

එම ස්ථානයේදීම විලාවිසෙන්සියෝ මිය ගොස් ඇති බවයි ඉක්වදෝර වාර්තා සඳහන් කළේ.

ඔහු එරට ජාතික සභාවේ නියෝජිතයෙකු ද වනවා.

ජනාධිපතිවරණයේ පළමු අදියර එළඹෙන 20 වනදා පැවැත්විමටයි සැලසුම් කර තිබෙන්නේ.

මෙම ඝාතනය සිදුකළ සැකකරුට ආරක්ෂකයන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඔහු ද මිය ගොස් තිබෙනවා.

මිය ගිය ජනාධිපති අපේක්ෂක ෆර්නැන්ඩෝ විලාවිසෙන්සියෝ 59වන වියේහි පසුවුණා.

 

 

 

 

 

The post ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ appeared first on ITN News.

Read More »

ලැව් ගිනි හේතුවෙන් හවායි දූපතේ නගරයක් විනාශ වෙයි  

0 comments

ලැව් ගිනි හේතුවෙන් හවායි දූපතේ නගරයක් වන ලහයිනා නගරය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

ඇමෙරිකාවේ මාඋයි ප්‍රාන්තයේ හටගෙන ඇති මෙම ලැව් ගිනිවලින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් ඇති බවද විදෙස් වාර්තා සදහන් කරනවා.

ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ හා දුම් ආඝ්‍රහනයෙන් රෝගී වූ බොහෝ පිරිසක් ප්‍රාන්ත රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.

ගිනි නිවන භටයන් දැවැන්ත උත්සාහයක නිරත වුවද ඓතිහාසික නගරයේ ගොඩනැගිලි ගින්නෙන් බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඇතැම් පිරිස් ගින්නෙන් බේරීම සදහා මුහුදට පැන ඇති බවද සදහන්. මෙම පැරණි නගරයේ දොළොස් දහසකට ආසන්න පිරිසක් ජීවත් වනවා.

 

The post ලැව් ගිනි හේතුවෙන් හවායි දූපතේ නගරයක් විනාශ වෙයි appeared first on ITN News.

Read More »

හදවතට හොඳ ඖෂධයක්  

0 comments

හෘද සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි ඖෂධයක් සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ වසර 5ක කාලයක් සිදුකළ අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

ජනප්‍රිය බර අඩු කිරීමේ ඖෂධයක් වන Wegovy මඟින් මෙම හෘද සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි බව අනාවරණය වී තිබෙනවා.

එම ඖෂධය නිෂ්පාදනය කරන Novo Nordisk සමාගම විසින් මෙය ප්‍රකාශයට පත් කළේ මෙමගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම 20% කින් අඩු කරන බව සඳහන් කරමින්.

The post හදවතට හොඳ ඖෂධයක් appeared first on ITN News.

Read More »

සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දිනකට පියවර 5000 ක් ඇවිදින්න  

0 comments

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා දිනකට පියවර පන්දහසක් ඇවිදීම ප්‍රමාණවත් බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

දිනකට පියවර දහසක් ඇවිදීම හරහා මනා ශරීර සෞඛ්‍යයක් මෙන්ම කායික නිරෝගීතාව පවත්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

පියවර 4,000ක් දිනකට ඇවිදීම හරහා සෞඛ්‍ය අවදානමක් ඇතිවී මගහරවා ගැනීමට හැකියාව ලැබෙන බව ද සදහන්.

එමෙන්ම පියවර 2,300ක් දිනකට ඇවිදීම තුළින් හදවත හා රුධිර නාලිකාවල ක්‍රියාකාරීත්වය යහපත්ව පවත්වාගැනීමට හැකියාව ලැබෙන බව එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

පියවර 4,000ට පසු වැඩිපුර ඇවිදින සෑම පියවර දහසකටම අඩු වයසින් මියයාමේ සම්භාවිතව අවම කර හැකියි බවයි සමීක්ෂණ වාර්තාවේ සදහන් වන්නේ.

ලොව පුරා පුද්ගලයින් ලක්ෂ දෙකකට අධික සංඛ්‍යාවක් සහභාගි කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙනවා.

 

 

 

The post සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දිනකට පියවර 5000 ක් ඇවිදින්න appeared first on ITN News.

Read More »

ජීවිතය අහිමි වීමට පෙර තම සිහිනය සැබෑ කරගත් 10 හැවිරිදි දැරිය  

0 comments

ලියුකේමියා රෝගයෙන් පීඩා විදි දස හැවිරිදි දැරියක් තම ජීවිතය අහිමි වීමට පෙර සිහිනයක් සැබෑ කර ගත් පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වනවා.

ලියුකේමියා රෝගයෙන් පීඩා විදි එමා එඩ්වඩ් නමැති මෙම දැරිය තම ජීවිතය අහිමිවීමට පෙර විවාහ දිවියට ඇතුළත් විය යුතු බව මව්පියන්ට දන්වා තිබෙනවා.

ඒ සදහා ඇය තෝරා ගෙන ඇත්තේ කුඩා කළ සිටම තමන්ගේ හොදම මිතුරා ලෙස සිටි ඩැනියෙන් මාර්ෂල් නමැති පිරිමි දරුවායි.

දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද ආරාධිතයින් සියයක් පමණ සහභාගී කරවාගෙන ඇයගේ විවාහ උත්සවය පසුගිය ජුනි මාසයේදී පැවැත්වුණා.

2022 වසරේ අප්‍රේල් මාසයේදී ඇය පාදයේ අස්ථිවල හටගත් ලියුකේමියා රෝගයට ගොදුරු වී ඇති බව අනාවරණය වුවද රෝගය සුව කර ගත හැකි බවටයි ඇයගේ දෙමව්පියන් විශ්වාස කර ඇත්තේ.

කෙසේ වුවද දිනෙන් දින ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට  ලක්ව තිබෙනවා.

අනතුරුව ඇයගේ අවසන් ඉල්ලීම ඉටු කිරීමට දෙමව්පියන් කටයුතු කළා.

විවාහ උත්සවය පවත්වා දින 12 කින් පසු කුඩා එමා එඩ්වඩ් දියණිය තම දෙමව්පියන් සහ ජීවන සහකරු සදහටම අතහැර දමා මෙලොවින් සමු ගත්තා.

 

 

 

 

The post ජීවිතය අහිමි වීමට පෙර තම සිහිනය සැබෑ කරගත් 10 හැවිරිදි දැරිය appeared first on ITN News.

Read More »

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි විරෝධතා හේතුවෙන් 5ක් මරුට  

0 comments

දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි කුලී රථ වර්ජනයකට අදාළ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මිය ගිය අතර 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන බවයි පැවසෙන්නේ

කුලී රථ රියදුරන් සහ හිමිකරුවන් පවසන්නේ සුළු වැරදි සඳහා තම වාහන ඉලක්ක කර පොලිස් භාරයට ගන්නා බවත් අනෙක් වාහනවලට දඩ ගෙවීමට පමණක් සිදුවන බවත්ය

මේ අතර දකුණු අප්‍රිකානු පොලිස් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අගෝස්තු 3 වැනි දින වැඩ වර්ජන ආරම්භ වූ දා සිට පුද්ගලයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි

මියගිය අය අතර පොලිස් නිලධාරියෙකු සිටින බව පොලිස් අමාත්‍යවරයා තහවුරු කර තිබෙනවා

මෙම විරෝධතා දකුණු අප්‍රිකාවට පැමිණෙන සංචාරකයින්ට ඉහළ ආරක්‍ෂක තර්ජනයක් ලෙස ලැයිස්තුගත කිරීමෙන් පසු එක්සත් රාජධානිය සංචාරක අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

The post දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි විරෝධතා හේතුවෙන් 5ක් මරුට appeared first on ITN News.

Read More »

චීනයට ඇද හැලුණු වර්ෂාව නිසා 18ක් තවමත් අතුරුදන්  

0 comments

චීනයේ බීජිං නගරයට පසුගිය දිනවල බලපෑ වාර්තාගත වර්ෂාපතනයෙන් පසු එරට යටිතල පහසුකම්වලට හානි සිදුව ඇති අතර නගරයේ තදාසන්න ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඇදහැලුණු අධික වර්ෂාවෙන් පසු 33 දෙනෙක් මිය ගොස් ඇති අතර 18 දෙනෙක් තවමත් අතුරුදන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එමෙන්ම උතුරු චීනය පුරා ඇති වූ ගංවතුරෙන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර, පසුගිය මාසයේ සිදු වූ මරණ 147 ක් මෙන්ම අතුරුදන්වීම් ස්වභාවික විපත් නිසා සිදුවූ බවද බීජිං බලධාරීන් ප්‍රකාශ කරනවා

බීජිං හි හෙබෙයි පළාතේ 15 දෙනෙකු මිය ගොස් 22 දෙනෙකු අතුරුදන් වී ඇති බවද වාර්තා වනවා

The post චීනයට ඇද හැලුණු වර්ෂාව නිසා 18ක් තවමත් අතුරුදන් appeared first on ITN News.

Read More »

මියන්මාර හමුදා පාලනයට ජගත් සංවිධානයෙන් චෝදනා  

0 comments

මියන්මාර හමුදා පාලනය යුද අපරාධ සිදු කිරීම් ඉහළ මට්ටමක පවතින බව ජගත් සංවිධානය පවසනවා.

ජගත් සංවිධානය සිදුකළ නවතම සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ලිංගික ප්‍රචණ්ඩත්වය හා අමානුෂික ලෙස සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම ඇතුළු අපරාධ රැසක මියන්මාර හමුදාව නිරත වී සිටින බවට ජගත් සංවිධානය චෝදනා කරනවා.

සමූහ ඝාතනයන් හා ලිංගික ප්‍රචණ්ඩත්වය මේ වන විට මියන්මාරය තුළ නිරන්තරයෙන් සිදුවන බවටයි ජගත් සංවිධානය සිදුකළ සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

මියන්මාරය සඳහා වූ ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් ජගත් සංවිධානය ක්‍රියාත්මක කරන අතර එම යාන්ත්‍රණය මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.

2022 වසරේ ජුනි මාසයේ සිට මෙම වසරේ ජුනි මාසය දක්වා මියන්මාර හමුදා ක්‍රියාකාරකම් ඊට ඇතුළත්.

ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම හා ගම්මාන ගිනි තබා සමූහ ඝාතනයන් සිදු කිරීම ඉහළ මට්ටමක පවතින බවද එම වාර්තාවේ සඳහන් වනවා.

 

 

The post මියන්මාර හමුදා පාලනයට ජගත් සංවිධානයෙන් චෝදනා appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG