Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වරධතවක මඩලමට 45000 කට අධක පලස බල ඇණයක කඳවය  

0 comments

ප්‍රංශයේ  විරෝධතාවක් පාලනය කිරීමට 45,000 කට අධික පොලිස් බල ඇණියක් කැඳවා තිබෙනවා.

පැරිස් නුවර මාර්ග බාධකයකදී අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි පිරිමි ළමයෙකුට පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමට විරෝධය දක්වමිනුයි මෙම විරෝධතාව හටගෙන තිබෙන්නේ.

එම විරෝධතාවය අතරතුරදී දහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

The post විරෝධතාවක් මැඩලීමට 45,000 කට අධික පොලිස් බල ඇණියක් කැඳවයි appeared first on ITN News.

Read More »

පකසතනය රකය වයකතය වරතගත ලස ඉහළට  

0 comments

පාකිස්තානයේ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නවතම වාර්තාවලට අනුව පාකිස්තානයේ විරැකියා අනුපාතය සියයට හයයි දශම පහක්. පාකිස්තානය මුහුණ පා සිටින දරුණු ආර්ථික අර්බුදය හමුවේ එරට ව්‍යාපාර වැසෙමින් පවතින අතර ආයෝජන රට තුළට ගලා ඒමද සීමා වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. පාකිස්තානය තුළ සිටින විදෙස් ආයෝජකයින් සිය ආයෝජන ඉවත් කර ගැනීම හමුවේ පවතින රැකියා අවස්ථාද අහිමි වී යන අතර නව රැකියා අවස්ථා බිහි වීම අවම වී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරනවා.

අඩු විදේශ විනිමය ගලා ඒම හේතුවෙන් උද්ධමනය ඉහළ යාම සහ විදේශ ණය ආපසු ගෙවීම ඇතුළු අවිනිශ්චිත බාහිර හා දේශීය අභියෝග රැසක් පවතින බවද එරට මුදල් අමාත්‍යාංශය ද පවසනවා.

 

 

The post පාකිස්තානයේ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.

Read More »

පරශය 17 හවරද පරම ළමයක ඝතනය කරම සමබනධයන අදළ පලස නලධරය සමව ගන  

0 comments

ප්‍රංශයේ විරෝධතා අතරතුර 17 හැවිරිදි පිරිමි ළමයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා සමාව

ප්‍රංශ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර අඛණ්ඩව ගැටුම් පවතිනවා.

ඒ අතරතුර පොලිස් ආරක්ෂාව නොතකා කඩසාප්පු කොල්ලකෑම් , මෝටර් රථ ගිනිබත් කිරීම් ද සිදුවනවා.

ගැටුම් මැඩලීමට හතලිස් දහසකට අධික පොලිස් බලඇණියක් ද යෙදවිමටයි ප්‍රංශ බලධාරින් කටයුතු කර තිබෙන්නේ.

විරෝධතා අතරතුර 17 හැවිරිදි ළමයා රථවාහන නැවතුම් පොලකින් රිය පැදවීමේදී පොලිසිය වෙඩි තබා තිබෙනවා.

මෙම ඝාතනයෙන් පසුවයි ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වූයේ.

කෙසේ වෙතත් ඇල්ජිරියා සහ මොරොක්කෝ සම්භවයක් සහිත මෙම ළමයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා සමාව ඉල්ලා තිබෙනවා.

පිරිමි ළමයාගේ මව පවසා තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට මිස තමන් මුලු පොලිසියටම දොස් නොකියන බවයි.

 

 

 

The post ප්‍රංශයේ 17 හැවිරිදි පිරිමි ළමයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා සමාව ගනී appeared first on ITN News.

Read More »

සද හ අමරකන කනසල කරයලය අසල වඩ හවමරවක  

0 comments

සෞදි අරාබියේ ජෙඩා හි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය අසල වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

කොන්සල් කාර්යාලය අසලට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති අතර අනතුරුව ආරක්ෂක නිලධාරියෙකු විසින් ඔහුට වෙඩි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම වෙඩි හුවමාරුවෙන් ඔවුන් දෙදෙනාම මියගොස් තිබෙනවා.

කෙසේවෙතත් අමෙරිකානු කොන්සල් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීමෙන් කිසිදු අමෙරිකානු ජාතිකයෙකුට හානියක් සිදුව නොමැති බවයි.

එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරන බව සෞදි හි අමෙරිකානු කොන්සල් කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා.

The post සෞදි හි අමෙරිකානු කොන්සල් කාර්යාලය අසල වෙඩි හුවමාරුවක් appeared first on ITN News.

Read More »

ජරමනය මශ පරභජනය වරතගත ලස පහළට  

0 comments

ජර්මනියේ මාංශ පරිභෝජනය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ වන විට බොහෝ ජර්මන් ජාතිකයන් නිර්මාංශ ආහාරවලට නැඹුරු වී ඇතැයි ජර්මානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම මාංශ ආශ්‍ර යෙන් ලබා ගන්නා ප්‍රෝටීන් වෙනුවට ශාක ආශ්‍රියෙන් ප්‍රෝටීන් ලබාගැනීමට ඔවුන් නැඹුරුවී ඇති බවද  සඳහන්.

මාංශ පරිභෝජනය අවම කිරීම හරහා පරිසරයට හා සතුන්ට සිදුවන හානිය අවම වන බව ද එමගින් ශරීර සෞඛ්‍යය යහපත්ව පවත්වාගැනීමට හැකි වන බවද ජර්මන් වැසියන් පවසනවා.

2022 වසරේදී ජර්මානු වැසියෙක් කිලෝ 52 කට ආසන්න මාංශ ප්‍රමාණයක් පරිභෝජනය කර ඇති අතර 1989 වසරේ සිට අඩුම මාංශ පරිභෝජනයක් වාර්තා වූ වසර ලෙස එය සැලකෙනවා.

 

 

The post ජර්මනියේ මාංශ පරිභෝජනය වාර්තාගත ලෙස පහළට appeared first on ITN News.

Read More »

ටයටන සබමරනය සන බන ගඩබමට රගන එය  

0 comments

ටයිටන් සබ්මැරීනයේ සුන් බුන් ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

එම සුන්බුන් සමඟ එහි ගමන් කළ අයගේ සිරුරු කොටස් පවතිනු ඇති බවට වෙරළාරක්ෂක බලකාය විශ්වාසය පළ කරනවා.

මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට සඳහා  පිටත්ව ගිය ටයිටන් සබ්මැරීනය විනාශ වී ඇති බව පසුගිය සතියේදී අනාවරණය වුණා.

එහි සුන්බුන් මෙලෙස ඊයේ දිනයේදී කැනඩාවට රැගෙන විත් තිබෙනවා.

සබ්මැරීනයේ කොටස් කිහිපයක් සුන්බුන් අතර පවතින බවයි ඇමරිකා වෙරළ ආරක්ෂක බලකාය නිවේදනය කරන්නේ.

සුන්බුන් අතර මිනිස් සිරුරුවල කොටස්ද පවතින්නේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 

 

The post ටයිටන් සබ්මැරීනයේ සුන් බුන් ගොඩබිමට රැගෙන එයි appeared first on ITN News.

Read More »

බරතනය සමසත ජනගහනයන 14%කට ආහර හඟකමන පඩ  

0 comments

බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළ යාමත් සමඟ එරට දුගී ජනතාව කුසගින්නේ සිටීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් පවතින බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

දිනෙන් දින ඉහළ යන ආහාර උද්ධමනය හේතුවෙන් මිලියන ගණනක පිරිසකට කුසගින්නේ සිටීමට සිදුව ඇති බවයි බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලය සිදුකළ සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

එරට සමස්ත ජනගහනයෙන් 14%ක ප්‍රතිශතයක් ආහාර හිඟකමෙන් පීඩා විදින බව එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.

බොහෝ පිරිසකට තම දෛනික ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි බැවින් ආහාර නිෂ්පාදනය ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ඇති බවයි සසෙක්ස් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන්නේ.

මීට දශකයට පමණ ඉහතදී ආහාර නොමැති පුද්ගලයින්ට ආහාර ලබා දෙන ස්ථාන සියයකටත් අඩු සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ පිහිටා තිබූ අතර මේ වන විට එම සංඛ්‍යාව දෙදහස ඉක්මවා තිබෙනවා.

මේ අතර 2022 වසරේ සැප්තැම්බර් වන විට ආහාර හිගකමෙන් පෙළුණු සමස්ත සංඛ්‍යාව මිලියන 10 කට ආසන්න බවයි එම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

 

The post බ්‍රිතාන්‍ය සමස්ත ජනගහනයෙන් 14%කට ආහාර හිඟකමෙන් පීඩා appeared first on ITN News.

Read More »

කනඩව ලව ගන හතවන යරප කලපය වයගලය දෂණය ඉහළට  

0 comments

කැනඩාවේ හටගෙන ඇති ලැව් ගිනි හේතුවෙන් යුරෝපා කලාපයේ වායුගෝලීය දූෂණය ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

නැගෙනහිර හා බටහිර කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට ටොන් මිලියන 160 ක පමණ කාබන් ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වී ඇති බව යුරෝපා වායුගෝලීය නිරීක්ෂණ සේවය නිවේදනය කරනවා.

ලැව් ගිනි ඇතිවීම වසරේ මෙම කාලයේදී සාමාන්‍යයෙන් සිදු වුවද මෙම වසරේදී කැනඩාවේ තත්ත්වය දරුණු අතර හැරී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වර්ග කිලෝමීටර් හැත්තෑ හය දහසක පමණ භූමි ප්‍රමාණයක් මේ වන විට ලැව් ගිනි හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.

එම භූමි ප්‍රමාණය 2016, 2019, 2020 හා 2022 යන වසර වල ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ විනාශයට පත් වූ භූමි ප්‍රමාණයට සමාන බවයි වාර්තා වන්නේ.

මීට පෙර වැඩිම කාබන් ප්‍රමාණයක් නිකුත් වි තිබුණේ 2014වසරේ වන අතර එම ප්‍රමාණය ටොන් මිලියන 140 කට ආසන්න වනවා.

වායුගෝලීය දූෂණය හේතුවෙන් ඇමෙරිකාව, කැනඩාව හා යුරෝපයේ ජනතාවට මුඛ ආවරණ පළදින ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ.

 

 

 

 

 

The post කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් යුරෝපා කලාපයේ වායුගෝලීය දූෂණය ඉහළට appeared first on ITN News.

Read More »

පරශය උදඝෂකයන 77 දනක අතඅඩගවට  

0 comments

ප්‍රංශයේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුනු උද්ඝෝෂකයන් 77 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරනවා.

පොලිස් අණ නොතකා මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ප්‍රංශයේ ප්‍රචණ්ඩකාරී ගැටුම් හට ගත්තා.

නහේල් එම් නමැති 17 වියැති තරුණයෙකුයි මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ.

ඒ සමඟම කෝපයට පත් ජනතාව පොලිසියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ ආරම්භ කළ අතර ඊයේ දිනයේදී එම උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත්තා.

මෝටර් රථ ගිනි තබමින් දේපළවලට හානි සිදු කරමින් උද්ඝෝෂකයින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ආකාරයයි මාධ්‍ය වාර්තා කළේ.

තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමඟ උද්ඝෝෂකයින් පොලිසියට ද පහර දුන් බවයි වාර්තා වන්නේ.

 

 

The post ප්‍රංශයේ උද්ඝෝෂකයින් 77 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ය බ එස සවස බකව රකය කපපදවකට සරසය  

0 comments

යූ බී එස්, ස්විස් බැංකුව දැවැන්ත රැකියා කප්පාදුවක් සිදුකිරීමට සූදානම් වනවා.

රැකියා කප්පාදුව යටතේ තිස්පන්දහසකගේ පමණ රැකියා අහිමි වන අතර එය සමස්ත සේවක සංඛ්‍යාවෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් වනවා.

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ යූ බී එස් බැංකුව කඩාවැටීමට ලක්වුණා.

එම බැංකුව කඩාවැටීමට ප්‍රථම සේවකයින් 45,000ක පමණ පිරිසක් එහි සේවයේ නිරත වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

කෙසේ වුවද රැකියා කප්පාදුව සම්බන්ධයෙන් යූබීඑස් බැංකුව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බවද සදහන්.

 

 

 

The post යූ බී එස්, ස්විස් බැංකුව රැකියා කප්පාදුවකට සැරසෙයි appeared first on ITN News.

Read More »

දකණ කරය වසයනග වයස අද සට වසරකන අඩ වය  

0 comments

දකුණු කොරියාවේ සියලු වැසියන්ගේ වයස අද දිනයේ සිට වසරකින් අඩුවී තිබෙනවා.

දකුණු කොරියා ජනතාවගේ වයස ගණනය කිරීම මෙතෙක් සිදුකෙරුණේ සාම්ප්‍රදායික ක්‍රමයකට අනුවයි.

ඒ අනුව දරුවෙකු ගැබ්ගැනීමේ සිට වයස ගණනය කිරීම ආරම්භ වන අතර දරුවෙකු උපත ලැබූ විට ඔහුගේ වයස අවුරුද්දක් ලෙස සලකනු ලැබුවා.

එමෙන්ම උපන්දිනය නොසලකාහැර සෑම වසරකම ජනවාරි පළමුවනදා වයසට තවත් වසරක් එක්කිරීමයි සාම්ප්‍රදායික ක්‍රමය අනුව සිදුකෙරුණේ.

එම සාම්ප්‍රදායික ක්‍රම වේදය අද දිනයේ සිට අහෝසි වන අතර ජාත්‍යන්තර ක්‍රමවේදය අනුව දරුවෙකු ඉපදීමෙන් අනතුරුව වයස ගණනය කිරීම ක්‍රියාත්මක වනවා.

ඒ අනුව එරට සියලු ජනතාවගේ වයස වසරකින් හෝ දෙකකින් අඩුවන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

පැරණි ක්‍රමවේදය හරහා දකුණු කොරියාවේ සමාජ හා ආර්ථික තත්ත්වයට අනිසි බලපෑම් එල්ලවූ බව ජනාධිපති යූන් සුක් යෙයෝල් පෙන්වා දෙනවා.

 

 

 

The post දකුණු කොරියා වැසියන්ගේ වයස අද සිට වසරකින් අඩු වෙයි appeared first on ITN News.

Read More »

ලව වශලතම මග නකව ඉදකරම අවසන  

0 comments

ෆින්ලන්තය නිෂ්පාදනය කරන ලොව විශාලතම මගී නෞකාව බවට පත් වීමට නියමිත යාත්‍රාවේ ඉදිකිරීම් කටයුතු අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පළමු අත්හදා බැලීම් සඳහා විවෘත ජලයට යොමු කරන බවයි සඳහන් වන්නේ.

Royal Caribbean International’s Icon of the Seas යාත්‍රාව මීටර් 365ක් දිග (අඩි 1,200කට ආසන්න) වන අතර එහි බර ටොන් 250,800ක් වනවා.

එය 2024 ජනවාරි මාසයේදී කැරිබියන් මුහුදේ පළමු ගමන සිදු කරන අතර එයට මගීන් 5,610 ක් සහ කාර්ය මණ්ඩලය 2,350 ක් පමණ සුව පහසු ලෙස රඳවාගැනීමට හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

The post ලොව විශාලතම මගී නෞකාවේ ඉදිකිරීම් අවසන් appeared first on ITN News.

Read More »

ලතවනයවට හමද සනකයක අනයකත කරමට ජරමනය සරසය  

0 comments

ලිතුවේනියාවට හාරදහසකින් පමණ සමන්විත හමුදා සේනාංකයක් අනියුක්ත කිරීමට ජර්මනිය සූදානම් වනවා.

රුසියාව යුක්‍රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීම හේතුවෙන් යුරෝපා කලාපය තුළ ආරක්ෂාව තර කිරීමට නේටෝ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

නේටෝ සංවිධානයේ ආරක්ෂක සැළසුම් යටතේ මෙම සේනාංකය ලිතුවේනියාවේ ස්ථිර සේවයට යොදවන බවයි ජර්මනිය පවසන්නේ.

නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ජර්මනියට පැවරී ඇති වගකීම ඉටුකිරීම මේ හරහා සිදුකරන බව ජර්මනිය තවදුරටත් පෙන්වා දෙනවා.

සේනාංකය අනියුක්ත කරන දිනය පිළිබදව මෙතෙක් නිවේදනය කර නොමැති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් හැකි ඉක්මනින් සපුරාලන බවයි ලිතුවේනියාව නිවේදනය කරන්නේ.

 

 

 

 

 

The post ලිතුවේනියාවට හමුදා සේනාංකයක් අනියුක්ත කිරීමට ජර්මනිය සැරසෙයි appeared first on ITN News.

Read More »

සවල යදධයක ඇතවම වළකවමට රසය හමද සමත වබව පටන කයය  

0 comments

සිවිල් යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට රුසියා හමුදා සමත් වූ බව ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සඳහන් කරනවා.

රුසියා හමුදාව අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ වැග්නර් කැරැල්ල මැඩපැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තමා රුසියා හමුදාවට ස්තූතිවන්ත වන බවයි.

එමෙන්ම වැග්නර් කුලී හමුදාව සතු බර අවි නැවත රුසියා හමුදාවට භාරදිය යුතු බව රුසියා ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමෙන්ම වැග්නර් කුලී හමුදාවට සහ එහි නායකයාට එල්ල කර තිබූ චෝදනා ඉවත් කර ඇති බවද සඳහන්.

එමෙන්ම වැග්නර් කුළී හමුදාවට රුසියා හමුදා සමඟ එක්විම හෝ තම මව්රට වන බෙලරූසය බලා පිටත්වීමට අවස්ථාව පවතින බවයි රුසියා ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

මේ අතර වැග්නර් කුලී හමුදාවේ නායකයා අද දිනයේදී බෙලරුස් රාජ්‍යයට පැමිණ ඇති අතර ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ඔහුව පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

 

 

The post සිවිල් යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට රුසියා හමුදා සමත් වූ බව පුටින් කියයි appeared first on ITN News.

Read More »

නගනහර යකරනයට එලල ව මසයල පරහරයකන 4 දනක ජවතකෂයට  

0 comments

නැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටොර්ස්ක් නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් 40 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අවහන්හලක් වෙළෙඳපොලක් පිහිටි ප්‍රදේශයකට එම මිසයිල ප්‍රහාරය එල්ල වුණේ ඊයේ පස්වරුවේයි.

එම ප්‍රදේශය යුක්‍රේන පාලනයට නතු ප්‍රදේශයක් වන අතර රුසියාව අල්ලාගත් ප්‍රදේශ කිහිපයකට සමීපව පිහිටා තිබෙනවා.

මිසයිල ප්‍රහාරයෙන් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන්වලට යට වූ පිරිස් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මිය ගිය පිරිස අතර 17 හැවිරිදි දැරියක ද වනවා.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අවන්හලේ 80 කට වැඩි  පිරිසක් රැදී සිටියා.

 

 

The post නැගෙනහිර යුක්‍රේනයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ජගත සවධනයන අනතර ඇඟවමක  

0 comments

වන විනාශයට තිත තැබීමට ලෝකය අපොහොසත් වනු ඇති බවට ජගත් සංවිධානය අනතුරු අඟවනවා.

ලොව රටවල් සියයකට අධික සංඛ්‍යාවක් වන විනාශය නවතාලීමට ලබාදුන් පොරොන්දුව ඉටු කිරීමට මෙතෙක් ක්‍රියාකර නොමැති බවයි ජගත් සංවිධානය පවසන්නේ.

2021 වසරට සාපේක්ෂව 2022 වසරේ දී ලොව වයස්ගතම වනාන්තර රැසක් එළිපෙහෙළි කිරීම් හා ගිනි තැබීම්වලට ද ලක්ව තිබෙනවා.

2022 වසරේ දී සෑම මිනිත්තුවකට වරක් පාපන්දු ක්‍රීඩාංගන 11ක තරම් භූමි ප්‍රමාණයක වන වගාව විනාශ වී ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

වැඩිම වන විනාශයක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර වන වගාව නැවත ඇති කිරීමට හැකියාව පවතින බව ඉන්දුනීසියාව පෙන්වා දී තිබෙනවා.

 

 

 

The post ජගත් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

රට ආරකෂ කරමට සවම එකව කටයත කළ යතය රසයන අගමත  

0 comments

පුටින් වටා එක්වී රට ආරක්ෂා කිරීමට සැවොම එක්ව කටයුතු කළ යුතු බව රුසියානු අග්‍රාමාත්‍යවරයා පවසනවා.

වැග්නර් කුලී හමුදාවේ ක්‍රියා කලාපය රුසියාවේ ස්ථාවරත්වයට අභියෝගයක් බවයි අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් පෙන්වා දෙන්නේ.

වැග්නර් කුමන්ත්‍රණයෙන් පසු පළමුවරට රුසියා ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂොයිගු මාධ්‍ය හමුවේ පෙනී සිටියා.

යුක්රේනයේ යුද මෙහෙයුම්වල නිරත හමුදා කණ්ඩායම් සමග ඔහු සාකච්ඡා කරන ආකාරයයි මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර වැග්නර් කුමන්ත්‍රණයට බටහිර රටවල ඇති සම්බන්ධය පිළිබද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍ය සර්ගේ ලැවුරොෆ් පවසනවා.

එම සිද්ධියට ඇමෙරිකාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට තානාපතිවරයා තමාහට පැවසූ බවට ඔහු සඳහන් කරනවා

The post රට ආරක්ෂා කිරීමට සැවොම එක්ව කටයුතු කළ යුතුයි – රුසියානු අගමැති appeared first on ITN News.

Read More »

වසර 60කට පස බජ නගරය හඳටම රතවය  

0 comments

වසර 60කට පසු පළමුවරට බීජිං නගරයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වූ ජුනි මාසය මෙම මාසය බව එරට කාලගුණ අංශ නිවේදනය කරනවා.

මෙම මාසයේදී චීනයේ බීජිං නගරයෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ලෙස සටහන් වන්නේ සෙල්සියස් අංශක 41.1ක්.

වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ වසර ලෙස සැලකෙන්නේ 1961 වසරයි.

මෙම වසර තුළදී චීනයේ නගර රැසකින් වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ මාස පිළිබද වාර්තාවන් බිදවැටී තිබෙනවා.

මේ අතර පසුගිය මාසයේ දී වසර සියයකට පසු පළමුවරට ෂැන්ග්හයි නගරයෙන් උෂ්ණත්වය වැඩිම මැයි මාසය වාර්තා වුණා.

කෙසේ වුවද උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වයස්ගත හා ළමුන් පිළිබද දැඩි අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ අංශ නිවේදනය කර ඇත්තේ.

 

The post වසර 60කට පසු බීජිං නගරය හොඳටම රත්වෙයි appeared first on ITN News.

Read More »

මක නස අවතනවවනට සහන සලසම අතහටවය  

0 comments

මෝකා සුළි කුණාටුවෙන් අවතැන් වූ පිරිස් වෙත අවශ්‍ය ආධාර ලබාදීම අත්හිටුවීමට මියන්මාර හමුදා පාලනය කටයුතු කර ඇති බව වාර්තා වනවා.

පසුගිය මාසයේ දී මියන්මාරයට මෝකා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවුණා.

හානි සිදුවූ ප්‍රදේශයන්ට තවමත් ගමන් කිරීමට පහසුකම් නොමැති බවයි වාර්තා වන්නේ.

අවතැන් වූ පිරිස් වෙත අවශ්‍ය ආධාර බෙදාදීම සදහා හමුදා පාලනය කටයුතු කර නොමැති අතර ජාත්‍යන්තර නොවන සංවිධාන වෙත අවශ්‍ය පහසුකම් ලබාදී නොමැති බවද සඳහන්.

අවතැන් පිරිස් වෙත ප්‍රමාණවත් තරම් පානීය ජලය / ආහාර හෝ මූලික පහසුකම් නොමැති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

 

The post මෝකා නිසා අවතැන්වූවන්ට සහන සැලසීම අත්හිටුවයි appeared first on ITN News.

Read More »

ඉනදයවට මසම වස  

0 comments

මේ වනවිට ඉන්දියාවට මෝසම් වර්ෂාව ලැබෙමින් පවතින බව එරට කාලගුණ අංශ නිවේදනය කරනවා.

ඊයේ දිනයේදී බෙංගාලබොක්ක කලාපයේ අඩු පීඩන තත්ත්වයක් හටගෙන ඇති අතර ඒ සමගම ඉන්දියාවේ ප්‍රදේශ රැසකට වර්ෂාපතනය ලැබීම ආරම්භ වුණා. මෙම වසරේ දී ඉන්දියාවට මෝසම් වර්ෂාපතනය ලැබීම ප්‍රමාද වුවද ඊයේ දිනය වනවිට ඉන්දියාවෙන් සියයට 80ක පමණ මෝසම් වර්ෂාපතනය ලැබී තිබෙනවා. කෙසේ වුවද මෙවර මෝසම් වර්ෂාව ලැබීමේ දී එහි රටාවේ වෙනසක් දක්නට ලැබෙන බව ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. වසර 62කට පමණ පසුව මෙම තත්ත්වය දක්නට ලැබෙන බවද සදහන්.

 

 

 

 

The post ඉන්දියාවට මෝසම් වැසි appeared first on ITN News.

Read More »

චනයට අයත ඔතත බලම බලන ආසයන කලපයද දකනට ලබණ බව BBC පවත සවය වරත කරය  

0 comments

චීනයට අයත් ඔත්තු බැලීමේ බැලුන් ආසියානු කලාපයේදී දක්නට ලැබුණු බව බීබීසී පුවත් සේවය සදහන් කරනවා.

චීනයට අයත් බවට සැලකෙන ඔත්තුබැලීමේ බැලුනයක වීඩියෝ දර්ශන බීබීසී පුවත් සේවය වාර්තා කළා. ජපාන,  තායිවාන ගුවන් කලාපය තුළ මෙම බැලුන් දක්නට ලැබුණු බවද සදහන්. ජපානයට අයත් ගුවන් කලාපය හරහා එම බැලුන් ගමන් කළ බව ජපානය තහවුරු කරනවා.

ඉදිරියේ දී බැලුන් ජපාන ගුවන් කලාපය ඇතුළු වුවහොත් ඒවා විනාශ කිරීමට කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් චීනය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

 

 

 

 

The post චීනයට අයත් ඔත්තු බැලීමේ බැලුන් ආසියානු කලාපයේදී දක්නට ලැබුණු බව BBC පුවත් සේවය වාර්තා කරයි appeared first on ITN News.

Read More »

යද බයන සට රසයව රසතව නගර වසයන වනවන සහන  

0 comments

නිරිත දිග රුසියාවේ රස්තොව් නගරයෙන් වැග්නර් භටපිරිස් ඉවත්වීමත් සමග එම නගරයේ වැසියන් වෙනුවෙන් සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අරඹා තිබෙනවා.

රුසියා හිතවාදී වැග්නර් භටපිරිස් එරට රජයට විරුද්ධව ක්‍රියාත්මක කළ කැරැල්ල අත්හැර දැමීමත් සමග එය තමන්ට මහත් සහනයක් අත්කර දුන් බව රස්තොව් වැසියන් පවසනවා.

සාමකාමීව පැවති රුසියාවේ රස්තොව් නගරය යුද භීතියෙන් ඇලලීගිය මොහොතක් ලෙස මුහුණු ආවරණය කරගත් වැග්නර් කණ්ඩායමේ ආගමනය හදුන්වාදිය හැකියි.

අවි දරාගත් වැග්නර් භටපිරිස් යුද ටැංකි සමග ගමන් කිරීම තමන් පීඩාවට පත්කළ බවයි රුසියානු වැසියන් පෙන්වා දෙන්නේ.

බෙලරුස් නායක ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝගේ මැදිහත්වීම මත වැග්නර් නායකයා තම රටට ආරක්ෂිතව පිටුවහල් කිරීමේ පොරොන්දුව මත වැග්නර් භට පිරිස් රස්තොව් නගරයෙන් ඉවත් වුණා.

 

The post යුද බියෙන් සිටි රුසියාවේ රස්තොව් නගර වැසියන් වෙනුවෙන් සහන appeared first on ITN News.

Read More »

ගවතරන පඩවට පතව චල වසය  

0 comments

චිලී රාජ්‍යයේ සැන්ටියාගෝ නුවර ගංවතුරෙන් පුද්ගලයින් රැසක් අවතැන්ව සිටිනවා.

පසුගිය සිකුරාදා සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් සැන්ටියාගෝ හි මපෝචෝ හා මයිපෝ ගංගා පිටාර ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් ගග දෙපස දැඩි ගංවතුර තත්ත්වයක් ද ඇතිවුණා.

මාර්ග රැසක් ජලයෙන් යටව ඇති අතර 793 දෙනෙකුට නිවාස අහිමිවී ඇති බවයි වාර්තා වන්නේ.

මිලමීටර් 150කට වැඩි වර්ෂාපතනයක් ඊයේ දිනයේද ඇදහැලුණා. 2016 වසරෙන් පසු සැන්ටියාගෝ නුවරට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙයයි

 

The post ගංවතුරෙන් පීඩාවට පත්වූ චිලී වැසියෝ appeared first on ITN News.

Read More »

ජලයන සනඩසග බවට සක සරර කටස හමව  

0 comments

දකුණු කැලිෆෝනියාවේ කඳු තරණය කරමින් සිටියදී බ්‍රිතාන්‍ය නළුවෙකු වූ ජුලියන් සෑන්ඩ්ස් පසුගියදා අතුරුදන් වීමෙන් පසු එක්සත් ජනපදයේ කඳු නගින්නන් විසින් ඔහු අතුරුදහන් වූ ප්‍රදේශය අසල තිබී සැක සහිත සිරුරු කොටස් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

එම කොටස් හඳුනා ගැනීම ලබන සතියේදී සම්පූර්ණ කළ යුතු බවයි දකුණු කැලිෆෝනියාවේ බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ

65 හැවිරිදි ජුලියන් සෑන්ඩ්ස් ජනවාරි 13 වන දින ලොස් ඇන්ජලීස්වලට උතුරින් සැන් ගේබ්‍රියෙල් කඳුකරයේ පා ගමනින් යෙදී සිටියදී අතුරුදහන් වූ බවයි මීට පෙර විදෙස් මාධ්‍ය සඳහන් කළේ

ඔස්කාර් සම්මාන දිනූ A Room With A View චිත්‍රපටයටද ඔහු සිය දායකත්වය ලබාදීමෙන් ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියා

The post ජූලියන් සෑන්ඩ්ස්ගේ බවට සැක සිරුරු කොටස් හමුවේ appeared first on ITN News.

Read More »

ටයටන ගන වශෂ වමරශනයක  

0 comments

ටයිටන් සබ්මැරීනය යම් පිපිරීමකට ලක්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පියවර ගෙන තිබෙනවා

එහි ප්‍රධාන විමර්ශක කැප්ටන් Jason Neubauer පවසා තිබෙන්නේ විමර්ශනවල ප්‍රමුඛතාවය ලබාදෙන්නේ සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීම සඳහා බව සහ ජීවිත අහිමිවූ අයගේ කොටස් හමු වුවහොත් ඒ සඳහා පියවර ගන්නා බවයි.

ව්‍යසනයට හේතුව කුමක්ද යන්න තහවුරු කිරීමට උත්සාහ කරන බවත්, අනාගතයේදී මෙවැනි ඛේදවාචක වැළැක්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන බවත් කැප්ටන් Jason Neubauer වැඩිදුරටත් පවසා තිබෙනවා

උතුරු අත්ලන්තික් සාගරයේ මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් සිටියදී ටයිටන් සබ්මැරීනය අනතුරුට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු මිය ගියා

අනතුර සම්බන්ධයෙන් සමුද්‍ර විමර්ශන මණ්ඩලයක සහාය ලබාගනිමින් එම විමර්ශනය සිදුකිරීමට සැලසුම් කර ඇති අතර අදාළ විමර්ශනය සඳහා සබ්මැරීනය අනතුරට ලක්වූ ස්ථානය සිතියම් ගත කිරීමට ද ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ සඳහා ප්‍රංශය, කැනඩාව, බ්‍රිතාන්‍ය යන රටවල්වල සහයෝගය හිමිවීමට නියමිතයි.

මෙම පරික්ෂණයෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර අනාගතයේ දී මෙවැනි අනතුරක් සිදුනොවීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ද පියවර ගන්නා බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය සඳහන් කර තිබෙනවා.

The post ටයිටන් ගැන විශේෂ විමර්ශනයක් appeared first on ITN News.

Read More »

ටයටන සබමරන අනතරන මයගය බවට සලකන සලයමන ඩවඩ ගන මව සවදව කය කතව  

0 comments

ටයිටන් සබ්මැරීන අනතුරෙන් මියගිය බවට සැලකෙන ව්‍යාපාරික ෂහ්සාදා ඩාවුඩ්ගේ පුත් සුලෙයිමාන් ඩාවුඩ් රූබික් ක්‍රීඩාවෙන් ලෝක වාර්තාවක් තැබීමට සැළසුම්කර සිටි බව ඔහුගේ මව පවසනවා.

බීබීසී රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සුලෙයිමාන් ඩාවුඩ්ගේ මව හැගුම්බර ලෙස මෙය ප්‍රකාශ කර තිබෙනවා.

තත්පර 20කට අඩු කාලයක් තුළ රූබික් ඝනකය සැකසීමට සුලෙයිමාන් සමත්ව සිටි බවයි ඔහුගේ මව වන ක්‍රිස්ටින් ඩාවුඩ් ප්‍රකාශ කර ඇත්තේ.

19 හැවිරිදි පුතු ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සූදානම්ව සිටි බවයි එහිදී ඇය ප්‍රකාශ කර ඇත්තේ.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳ හා සුලෙයිමාන් මැලිකමක් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් සිය පියා සමග ටයිටන් සබ්මැරීනයෙන් ගමන් කරමින් සිටියදී එය පුපුරා යාමෙන් ඔහු මියගිය බවටයි සැලකෙන්නේ.

මේ අතර ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතු කවරේදැයි සෙවීම සදහා විශේෂ පරික්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. අනාගතයේදී එවැනි අනතුරු සිදු නොවීමට වගබලා ගැනීම එහි අරමුණයි.

The post ටයිටන් සබ්මැරීන අනතුරෙන් මියගිය බවට සැලකෙන සුලෙයිමාන් ඩාවුඩ් ගැන මව සංවේදීව කියූ කතාව appeared first on ITN News.

Read More »

රසයව මහණද ඇත ඕනම අභයගයකට සහය දන බව චනය පවසය  

0 comments

රුසියාව මුහුණදී ඇති ඕනෑම අභියෝගයකට සහාය දීමට තමන් සූදානම් බව චීනය අවධාරණය කරනවා.

වැග්නර් හමුදා ඛණ්ඩය සිදුකළ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ මේ වනවිට මර්දනය කරමින් සිටින බවයි රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙන්වා දෙන්නේ. ඇතිවී තිබෙන තත්ත්වයට ඕනෑම උපායමාර්ගික සහායක් ලබාදීමට චීනය සූදානම් බව ජනාධිපති ෂී ජින් පින්ග් අවධාරණය කර තිබෙනවා. රුසියාවේ අසල්වැසියා මෙන්ම දැවැන්තම හවුල්කරුවා ලෙස චීනය කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් යුරෝපය ඇතුළු බටහිර රටවල් රැසක් මේ වනවිට රුසියා විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටිනවා.

 

 

 

 

The post රුසියාව මුහුණදී ඇති ඕනෑම අභියෝගයකට සහාය දෙන බව චීනය පවසයි appeared first on ITN News.

Read More »

හනඩයරස රජයයට ඇඳර නතය පනවය  

0 comments

හොන්ඩියුරාස් රාජ්‍යයේ හටගත් ගැටුම් හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

හොන්ඩියුරාස් රාජ්‍ය යේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඒ සමගම තත්ත්වය පාලනය කිරීමට එරට ජනාධිපතිවරයා ඇදිරි නීතිය පැනවීමටයි කටයුතු කලේ. උපන්දින සාදයකට සහභාගී වුවන් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය සිදු කර ඇති අතර මිය ගිය පිරිස අතරට පිරිමි 12 දෙනෙකු හා කාන්තාවක් ඇතුලත්.

මේ අතර සිදු වු තවත් වෙඩි තැබීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. තත්ත්වය පාලනය කිරිම සදහා 10කින් පමණ සමන්විත පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post හොන්ඩියුරාස් රාජ්‍යයට ඇඳිරි නීතිය පනවයි appeared first on ITN News.

Read More »

මසකව ඇලලගනන ආ වගනර බලරස මදහතවමන පසබසය  

0 comments

මොස්කව් නගරයේ බලය තහවුරු කර ගැනීම නතරකර වැග්නර් හමුදා පසුබැසීමට තීරණය කර තිබෙනවා.

මේ අතර මෙම තීරණයට පැමිණ ඇත්තේ බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝගේ මැදිහත් වීමෙන් රුසියාව සමග ඇති කරගත් එකඟතාවකට අනුවයි.

මෙහෙයුම් අතහැර දමා රුසියාවෙන් ඉවත් වීමට වැග්නර් හමුදා ප්‍රධානියා තීරණය කර තිබුණා. ඒ බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝගේ මැදිහත් වීමෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ වැග්නර් හමුදා ප්‍රධානියා අතර ඇති කරගත් එකඟතාවයකට අනුවයි. ඒ අනුව වැග්නර් කණ්ඩායම් රුසියාවෙන් ඉවත්ව බෙලරුස් වෙත යාම ආරම්භ කර තිබෙනවා. ඔවුන් ඊයේ යුක්රේන මෙහෙයුම් අත්හැර රුසියාවට එරෙහිව කැරැල්ලක් ප්‍රකාශයට පත් කරමින් රොස්තව් – ඔන් – දොන් නගරයට ඇතුළු වී එය අත්පත් කර ගත්තා. ඒ යුක්රේනයේ බක්මුත් සිටි සිය සේනාංක ඉලක්ක කර රුසියානු රජයේ හමුදා මිසයිල ප්‍රහාර එල්ල කළ බවට වැග්නර් හමුදා චෝදනා කරනවා. එහිදි වැග්නර් ප්‍රධානි යෙව්ගිනී ප්‍රිගෝෂන් අවධාරණය කලේ රුසියා ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂූලෝව් සහ හමුදා ප්‍රධානී වැලෙරි යෙරාසිමොෆ් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදිය යුතු බවයි. එසේ නොමැති නම් මොස්කව් අගනුවර වෙත පැමිණෙන බව ද වැග්නර් කණ්ඩායම් තර්ජනය කළා. ඒ යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු ගෙවුණු මාස 16ක කාලය තුළ රුසියාව මුහුණ දීමට සිදුවූ විශාලම අභියෝගය නිර්මාණය කරමින්. කෙසේ වෙතත් ප්‍රහාරය එල්ල කළ බවට වන වැග්නර් හමුදා චෝදනාව රුසියා ආරක්ෂක අංශ ප්‍රතික්ෂේප කරනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජාතිය ඇමතු රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම සිදුවීම දේශද්‍රෝහි ක්‍රියාවක් බවට ප්‍රකාශ කළා. මෙවන් පසුබිමක මොස්කව් නගරය ආසන්නයටම පැමිණ සිටි වැග්නර් හමුදා මෙහෙයුම් අතහැරීමට තීරණය කළා.

දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාව අනුව වැග්නර් කණ්ඩායම මුළුමනින්ම රුසියාවෙන් ඉවත්ව බෙලරුස් රාජ්‍ය වෙත ගමන්කිරීමට තීරණය කර ඇති අතර ඔවුන්ට එරෙහි සියලු අපරාධ චෝදනා අත්හැර දැමීමට රුසියා ජනාධිපතිවරයා එකගවී ඇති බවයි වාර්තා වන්නේ.

 

The post මොස්කව් ඇල්ලගන්න ආ වැග්නර් බෙලරුස් මැදිහත්වීමෙන් පසුබසියි appeared first on ITN News.

Read More »

ඉනදයව අසම පරනතයට දරණ ගවතර තතතවයක  

0 comments

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ හතරකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.

දිස්ත්‍රික්ක 9ක පුද්ගලයින් ලක්ෂ 4ක වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට ගම්මාන 1118ක් ජලයෙන් යටවී ඇති අතර අසාම් ප්‍රාන්තයේ වගාබිම් රැසකට හානි සිදු වී ඇති බව අසාම් ප්‍රාන්ත ආපදා කළමනාකරණ අධිකාරිය පවසනවා. ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල මේ වසරේ පළමු ගංවතුර රැල්ලෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්දීය අපදා කළමනාකරණ අධිකාරියේ වාර්තාවකට අනුව දිස්ත්‍රික්ක රැසක හාරලක්ෂ හත්දහස් හතිසයයකට අධික පරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව සිටිනවා.

 

 

 

 

 

 

The post ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයට දරුණු ගංවතුර තත්ත්වයක් appeared first on ITN News.

Read More »

මග ගවන යනයක අනතරට ලකවමන 11දනක තවල ලබය  

0 comments

හොංකොං සිට ලොස් ඇන්ජලීස් බලා පියාසර කිරීමට නියමිතව තිබු මගී ගුවන් යානයක් අනතුරට පත්වී තිබෙනවා.

අනතුරින් මගීන් 11දෙනෙකු තුවාල ලබා ඇති අතර ගුවන් යානයේ රෝදයක් පුපුරායාමෙන් එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.‍

තුවාල ලැබු මගීන්ගෙන්  09දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

 

The post මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් 11දෙනෙකු තුවාල ලබයි appeared first on ITN News.

Read More »

වදශ වනමය අරබදය වසඳමට පකසතනය දරණ උතසහය අවදනමට  

0 comments

ඉරානයෙන් බලශක්තිය ආනයනය කිරීමෙන් විදේශ විනිමය අර්බුදය විසඳීමට පාකිස්තානය දරණ උත්සහාය අවදානමට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මීට හේතු වී ඇත්තේ අන්තවාදීන් සටන්කාමීන් විසින් පාකිස්තානයේ ඉලක්ක කර එල්ල කරන ත්‍රස්ත ප්‍රහාරයි.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉරාන පාකිස්තාන දේශසීමා ඉලක්ක කර එල්ල වන ත්‍රස්ත ප්‍රහාර ඉහළ ගොස් ඇති බවයි.

ඉකුත් දා අන්තවාදීන් සටන්කාමීන් කණ්ඩායමක් පාකිස්තාන දේශසීමාවේ සිට එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ දේශසීමා ආරක්ෂකයින් 5 දෙනෙකු මිය ගියා.

එම ප්‍රහාරය එල්ල වුයේ ඉරානය සහ පාකිස්තානය අතර මෙගාවොට් 100ක සම්ප්‍රේෂණ මාර්ගයක් විවෘත කිරිමෙන් අනතුරුවයි.

ඉරානය පවසන්නේ එල්ල වන ත්‍රස්ත ප්‍රහාර මිත්‍ර සබඳතා පළුදු කිරිමේ උත්සහායක් විය හැකි බවයි.

 

 

 

 

The post විදේශ විනිමය අර්බුදය විසඳීමට පාකිස්තානය දරණ උත්සහාය අවදානමට appeared first on ITN News.

Read More »

ඉනදය හමදව මනපර ගමමනය ද සටනකමන නදහස කරය  

0 comments

ඉන්දීය හමුදාව විසින් මනිපූර් ගම්මානයේ දී සටන්කාමීන් නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.

සාමාන්‍ය ජනතාවගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙනුයි ඉන්දීය හමුදාව එම තීරණය ගෙන තිබෙන්නේ.

ඉන්දීය හමුදාව සහ මැර පිරිස් අතර ඊයේ දිනය පුරා ගැටුම් ඇති වුණා.

මැර පිරිස් විසින් ඉන්දියාවේ මනිපූර් ගම්මානය වටලා ඇති අතර ජනතාවගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් හුමදා භාරයේ සිටි සටන්කාමීන් නිදහස් කිරීමටයි ඉන්දීය හමුදාව තීරණය කලේ.

ඉන්දියාව හමුදාව මානුෂිය තීරණයක් ගැනීම සම්බන්ධයෙන් මෙහෙයුම් භාර අඥාපතිවරයා ද යුද හමුදාවට ප්‍රංශසාව පළ කළා.

 

 

 

 

The post ඉන්දීය හමුදාව මනිපූර් ගම්මානයේ දී සටන්කාමීන් නිදහස් කරයි appeared first on ITN News.

Read More »

වගනර පරධනය බලරස රජය බල පටතව යය  

0 comments

සන්නද්ධ කැරැල්ල අවසන් කරන ගණුදෙනුවක් සඳහා වැග්නර් කුලී හේවා කැරළිකරුවන්ගේ ප්‍රධානියා රුසියාවේ සිට බෙලරුස් රාජ්‍ය බලා පිටත්ව යන බව ක්‍රෙම්ලිනය පවසනවා.

වැග්නර් සටන්කාමීන් ඔවුන්ගේ කැරැල්ල ආරම්භ වූ දකුණු රොස්වෝට් ඔන් ඩොන් නගරයෙන් පිටත්වීම ආරම්භ කර තිබෙනවා.

ප්‍රිගෝෂින් රුසියානු හමුදාවට එරෙහිව කැරැල්ලක් ඉල්ලා සිටි අතර ඔහුගේ හමුදා ප්‍රධාන හමුදා මුරපොලක් වූ රොස්තොව් අල්ලා ගත් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියා ජනාධිපතිවරයා ප්‍රිගෝෂින්ගේ මෙම ක්‍රියාකලාපයන් හෙලාදැක තිබෙනවා.

එහෙත් ප්‍රි ගෝෂින් සහ බෙලරුසියානු නායකයා අතර සාකච්ඡාවලින් පසු තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති බවටයි සඳහන් වන්නේ.

 

 

 

 

 

The post වැග්නර් ප්‍රධානියා බෙලරුස් රාජ්‍ය බලා පිටත්ව යයි appeared first on ITN News.

Read More »

පටන ජතය අමතය  

0 comments

රුසියා ජනාධිපති පුටින් ජාතිය අමතා තිබෙනවා.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණයට යොදා ගත් වැග්නර් කුලී හමුදා කණ්ඩායම රුසියා හමුදාවට එරෙහිව යාම නිසා ජාතිය ඇමතීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කටයුතු කළා. ඔහු තම රට මේ අවස්ථාවේ බලපා තිබෙන දුෂ්කර තත්ත්වය පිළිගෙන තිබෙන අතර වැග්නර් කුලී හේවා කණ්ඩායමට අනතුරු අගවා තිබෙනවා. රුසියාව මේ වන විට මොස්කව් අගනුවර ආරක්ෂාව තර කිරීමට කටයුතු කර තිබෙනවා. වැග්නර් කල්ලියේ නායකයා රුසියා හමුදා නායකත්වය විවේචනය කරමින් කැරැල්ලකට සූදානම් වන බවට වන බුද්ධි තොරතුරු අනුව රුසියාව මෙම පියවර ගෙන තිබෙනවා. ජාතිය අමතමින් රුසියා ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ඕනෑම අභ්‍යන්තර කැලඹීමක් අපගේ රාජ්‍යත්වයට සහ ජාතියක් ලෙස මාරාන්ති තර්ජනයක් බවයි. අප මුහුණ දි ඇත්තේ පාවාදීමකට බවත් මගේ රට ආරක්ෂා කිරිමට ඕනෑම දෙයක් කරන බවත් පුටින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ සදහා මැදිහත්ව සිටින අයගෙන් තමා ඉල්ලා සිටින්නේ අපරාධ ක්‍රියා කිරීමෙන් වළකින ලෙසත් බව පූටින් සදහන් කොට තිබෙනවා.

 

 

 

The post පුටින් ජාතිය අමතයි appeared first on ITN News.

Read More »

පටන ජතය ඇමතමට සරසය  

0 comments

රුසියා ජනාධිපතිවරයා ඉක්මනින්ම ජාතිය ඇමතීමට කටයුතු කරන බව රුසියානු රජය නිවේදනය කරනවා.

රජයේ හමුදා සහ වැග්නර් කුලී හමුදා අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය යටතේ මොස්කව් නුවර ආරක්ෂාව තර කිරීමටයි කටයුතු කෙරුණේ.

වැග්නර් කුලී හමුදා නායකයා රුසියා හමුදා නායකත්වය පෙරලාදමන බවට සිදු කර ඇති ප්‍රකාශ හේතුවෙන් මේ වන විට රුසියාවේ දේශපාලන තත්ත්වය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

වැග්නර් කල්ලිය කැරැල්ලකට සූදානම් වන බවට ලැබුණු බුද්ධි තොරතුර හේතුවෙන් පුටීන් ඉක්මිනින්ම ජනතාව ඇමතීමට කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

The post පුටින් ජාතිය ඇමතීමට සැරසෙයි appeared first on ITN News.

Read More »

ටයටන සමබනධයන ආරකෂක කනදස උලලඝනය කර ඇත බවට චදනවක  

0 comments

ටයිටන් සබ්මැරීනය සම්බන්ධයෙන් ආරක්ෂක කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට සාගර විශේෂඥයෙකු චෝදනා කරනවා.

ගැඹුරු සාගර ගවේෂණයේ විශේෂඥයෙකු වන  රොබ් මැකලම් ප්‍රකාශ කරන්නේ මෙම සබ්මැරීනය නිෂ්පාදනය කිරීමේදී කාබන් ෆයිබර් යන ද්‍රව්‍ය බවත් සබ්මැරීනයක් නිෂ්පාදනය කිරිමේදී එය අනුමත කළ හැකි ද්‍රව්‍යයක් නොවන බවයි.

එමෙන්ම ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා ගමන් කළ ටයිටන් සබ්මැරීනයට පිළිගත් ආයතනයකින් අනුමැතියක් ලබාගෙන නොමැති බවද රොබ් මැකලම් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් තමන් හා සබ්මැරීනය අයත් ඕෂන් ගේට් ආයතනයේ ප්‍රධානියා අතර ඊ මේල් පණිවුඩ හුවමාරුවක් සිදුවූ බවද ඔහු කියා සිටිනවා.

 

 

 

The post ටයිටන් සම්බන්ධයෙන් ආරක්ෂක කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට චෝදනාවක් appeared first on ITN News.

Read More »

රසය හමදව සහ වගනර කලලය අතර මතභදතමක තතතවයක  

0 comments

රුසියාවේ රජයේ හමුදාව සහ එරට කුලී හමුදාවක් වන වැග්නර් කල්ලිය අතර මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

රුසියා හමුදාව තම කඳවුරකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට වැග්නර් කල්ලියේ නායකයා චෝදනා කරනවා.

රුසියාව එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.

එමෙන්ම රුසියා හමුදාව සදහන් කරන්නේ මෙම කල්ලිය තම යානාවකට පහර දුන් බවයි වැග්නර් කල්ලියේ නායකයා එම චෝදනාව පිලිගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කරන්නේ සාමාන්‍ය ජනතාව වෙසෙන ප්‍රදේශයකට ගමන් කළ හෙළිකොප්ටරයකට මෙසේ වෙඩි තැබූ බවයි.

රුසියා හමුදාව තම කණ්ඩායමට සීමාව ඉක්මවා අණකිරීම පිලිගත නොහැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

 

The post රුසියා හමුදාව සහ වැග්නර් කල්ලිය අතර මතභේදාත්මක තත්ත්වයක් appeared first on ITN News.

Read More »

වයන නගරය ලව ජවතවමට සදස නගරය බවට යළ පතවය  

0 comments

ලොව ජීවත්වීමට හොදම නගරය ලෙස ඔස්ට්‍රියාවේ වියානා නගරය නැවතත් තේරීපත්ව තිබෙනවා.

දේශපාලන නිදහස සෞඛ්‍ය,  අධ්‍යාපනය,  පරිසරය ඇතුළු කරුණු සාධක පදනම් කරගෙන ඉකොනොමිස්ට් සගරාව විසින් සිදු කළ පරික්ෂණයක ප්‍රතිඵලයක් ලෙසයි වියානා නගරය ලොව ජීවත්වීමට හොදම නගරය ලෙස තේරීපත්ව ඇත්තේ.

මීට අමතරව ඩෙන්මාර්කයේ කෝපන් හේගන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන්, සිඩ්නි කැනඩාවේ වැන්කුවර් සහ  කැල්ගරි සහ ටොරන්ටෝ නගරත් ස්විස්ටර් ලන්තයේ ජිනීවා,  ජපානයේ ඔසාකා නවසීලන්තයේ ඕක්ලන්ඩ් යන නගර ලොව ජීවත්වීමට වඩා සුදුසු නගර අතර මුල් ස්ථානවලට පත්ව තිබෙනවා.

 

The post වියානා නගරය ලොව ජීවත්වීමට සුදුසු නගරය බවට යළි පත්වෙයි appeared first on ITN News.

Read More »

සළ කණටවක හතවන ටකසස පරනතය 4 දනක ජවතකෂයට  

0 comments

ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පසුගිය සතිය තුළ ටෙක්සාස් ප්‍රාන්තයේ ටොනේඩෝ සුළිකුණාටු 4 ක් වාර්තා වී තිබෙනවා.

මැටඩෝර් නගරයට සුළිකුණාටුවලින් විශාල හානි සිදුවී තිබෙනවා.

ගොඩනැගිලි කඩා වැටීම් ඇතුලු සිද්ධීන් හේතුවෙන් 10 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙන බවද වාර්තා වනවා.

පසුගිය සතියේද ටෙක්සාස් ප්‍රාන්තයේ සුළිකුණාටු තත්ත්වයක් ඇති වූ අතර එහිදී ද තුන් දෙනෙකු මිය ගියා.

සුළිකුණාටු තත්ත්වය නිසා ලක්ෂ දෙකකට වැඩි පිරිසකට විදුලිය බිඳ වැටී තිබෙනවා.

 

 

The post සුළි කුණාටුවක් හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

බජ නවරන වරතගත උෂණතවයක  

0 comments

බීජිං නුවරින් වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වනවා.

චීනයේ බීජිං අගනුවරින් වසර 60 කට පසු වාර්තා වූ ඉහළම උෂ්ණත්වය මෙයයි.

සෙල්සියස් අංශක 41 ඉක්මවා වාර්තා වූ උෂ්ණත්වයෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එළිමහන් ක්‍රියාකාරකම් අත්හිටුවන ලෙස චීන රජය එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.

 

 

The post බීජිං නුවරින් වාර්තාගත උෂ්ණත්වයක් appeared first on ITN News.

Read More »

සබමරනය ගමන කළ පස දනම මයගස ඇත බව නල වශයන තහවර කරය  

0 comments

ටයිටැනික් නෞකාව ගවේෂණයට ගිය අතුරුදන්වූ සබ්මැරිනයේ ගමන් කළ පස් දෙනාම මියගොස් ඇති බවට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඒ එම සබ්මැරීනයේ කොටස් කිහිපයක් හමුවීමත් සමඟයි.

ටයිටැනික් නෞකාව ගවේෂණයට ගොස් අතුරුදන්වූ සබ්මැරීනයේ කොටස් කිහිපයක් සොයා ගෙන තිබෙනවා.

සබ්මැරිනයේ වල්ගය වැනි කොටස සහ පාදම ලෙසින් තිබූ කොටසයි මෙලෙස සොයා ගෙන ඇත්තේ.

මේ අතර සබ්මැරීනය අයත් සමාගම වන ඕෂන් ගේට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සබ්මැරිනයේ සිටි සියලුම දෙනා මේ වන විට මියගොස් ඇති බවය තහවුරු කරගෙන ඇති බවයි.

මේ අතර ඇමෙරිකාවේ වෙරළාරක්ෂක අධිකාරිය සඳහන් කරන්නේ සබ්මැරිනය පිපිරීමකට ලක්ව ඇති බවයි.

යානයේ සුන්බුන් සොයාගෙන තිබෙන්නේ වික්ටර් 6000 නම් ප්‍රංශය ලබා දුන් අධිතාක්ෂණ යාත්‍රාවත් මගිනුයි.

 

 

 

The post සබ්මැරීනයේ ගමන් කළ පස් දෙනාම මියගොස් ඇති බව නිල වශයෙන් තහවුරු කරයි appeared first on ITN News.

Read More »

නවසලනතය නගරයකට හදස තතතවයක  

0 comments

නවසීලන්තයේ Gisborne නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමින්.

දින කිහිපයක සිට ඇඳහැලෙන අධික වර්ශාපතනයත් සමග Gisborne නගරයේ ගංවතුර සහ නායයාම් තත්ත්වයන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති අතර නිවස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුව ඇති බව සඳහන්.

ඒ අනුව පුද්ගලයින් 100කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඉදිරි දිනවලදී පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි නවසීලන්ත කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ.

The post නවසීලන්තයේ නගරයකට හදිසි තත්ත්වයක් appeared first on ITN News.

Read More »

ඉනදයව සවල යදධයක ආරමභ වමට ඉත ආසනන බවට වශලෂකයන අනතර අඟවය  

0 comments

ඉන්දියාවේ මනිපුර් ප්‍රාන්තයේ සිවිල් යුද්දයක් ආරම්භ වීමට ඉතා ආසන්න මට්ටමක පවතින බවට විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

ඉන්දියාවේ මනිපුර් ප්‍රාන්තයේ ජන වර්ග දෙකක් අතර පසුගිය කාලය පුරා ගැටුම්හට ගත්තා.

එම ගැටුම් වලින් පුද්ගලයින් සියයකට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තවත් 400 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 60000ක පමණ පිරිස් අවතැන්ව කඳවුරු වල වාසය කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

දෙපාර්ශවයටම අයත් ආගමික ස්ථාන විනාශ කර ඇති බව ද සඳහන්.

තත්ත්වය පාලනය කිරීමට 40000ක පමණ ආරක්ෂක භට පිරිස් යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් මනිපුර් ප්‍රාන්තයේ තත්ත්වය ලිබියාව , ලේබනනය , නයිජිරියාව හා සිරියාවේ තත්ත්වයට සමානවනු ඇති බවට ආරක්ෂක විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

 

 

 

 

The post ඉන්දියාවේ සිවිල් යුද්ධයක් ආරම්භ වීමට ඉතා ආසන්න බවට විශ්ලේෂකයින් අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

චනය ආපනශලවක පපරමකන පදගලයන 31දනක ජවතකෂයට  

0 comments

චීනයේ ආපනශාලාවක සිදු වු පිපිරීමකින් පුද්ගලයින් 31 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගිණිකොන දිග චීනයේ යින්චුවාන් නගරයේ පිහිටා ඇති මෙම ආපනශාලාවේ සිදුවු ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරිම සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දෙදෙනෙකු දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇති බව ද සඳහන්.

පිපිරිමත් සමඟ හටගත් ගින්න පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් පවත්වන ලෙසයි ජනාධිපති ෂී ජින්පින්ග් නියෝග කර ඇත්තේ.

 

 

 

 

The post චීනයේ ආපනශාලාවක පිපිරීමකින් පුද්ගලයින් 31දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ආතලනතක සගරය අතරදන වසබමරනය ගන හඩවවක?  

0 comments

ආත්ලාන්තික් සාගරයේ අතුරුදන් වූ ටයිට්න් සබ්මැරීනය අතුරුදන් වූ ප්‍රදේශයෙන් තවත් ශබ්ද රැසක් ශ්‍රවනය වූ බව ඇමෙරිකා වෙරළාරක්ෂක බළකාය නිවේදනය කරනවා.

ඊයේ දිනයේදී පළමු වරට ගැඹුරු මුහුදෙන් ශබ්ද ශ්‍රවනය වූ බව ඇමෙරිකා වෙරළාරක්ෂක බලකාය නිවේදනය කළා.

කෙසේ වුවද ශ්‍රවනය වූ ශබ්ද නිශ්චිතවම කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ.

මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමටයි ඇමෙරිකා වෙරළාරක්ෂක බළකාය කටයුතු කර ඇත්තේ.

ඒ සඳහා කැනඩාව සහ තවත් රටවල් කිහිපයක සහාය හිමි වී තිබෙනවා.

කෙසේ වුවද සබ්මැරීනයේ ඉතිරි වී ඇති ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ අද සන්ධ්‍යාව වන තෙක් පමණක් බව විශ්ලේෂකයින් සඳහන් කරනවා.

පසුගිය ඉරිදා අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එය සමග තිබූ සබඳතා ඇණහිටි අතර  පාකිස්තාන සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය බිලියනපතියෙකු ඇතුළු පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා පිටත්ව ගියා.

පොළොව මට්ටමේ සිට මීටර් 3,800 ගැඹුරේ මෙම සංචාරය සිදු කිරීමට නියමිතව තිබුණා.

සෝදිසි මෙහෙයුම් කටයුතු සඳහා ගැඹුරු මුහුදේ යාත්‍රා කළ හැකි නෞකා ,සබ්මැරීන හා ගුවන් යානා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post ආත්ලාන්තික් සාගරයේ අතුරුදන් වූ සබ්මැරීනය ගැන හෝඩුවාවක්? appeared first on ITN News.

Read More »

වදයත වහන වළඳම පරවරධනය කරමට වශෂ සලසමක  

0 comments

චීනය විසින් විද්‍යුත් වාහන වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා සුවිශේෂී සැලසුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අදාල සැලසුම අනුව ඩොලර් බිලියන 72.3ක සහනයක් විද්‍යුත් වාහන මිලදීගන්නා පුද්ගලයින්ට හිමිවෙයි.

එමගින් විද්‍යුත් වාහන සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවයි, චීන බලධාරීන් පවසන්නේ.

මෙම නිවේදනයත් සමගම මෝටර් රථ නිෂ්පාදන සමාගම් වල කොටස් මිල සීග්‍රයෙන් වැඩිවූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ලොව විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ ලෙස සැලකෙන්නේ චීනය යි.

The post විද්‍යුත් වාහන වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට විශේෂ සැලසුමක් appeared first on ITN News.

Read More »

ෂ ජන පනග ඒකධපත පලකයක ජ බයඩන කයය  

0 comments

චීන ජනාධිපති ෂී ජින් පින්ග් ඒකාධිපති පාලකයෙකු බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් චීනයේ සංචාරයක නිරත වී දිනකට පසුව ජෝ බයිඩ්න් මෙම ප්‍රකාශය සිදු කිරීම විශේෂත්වයක්.

රාජ්‍ය ලේකම්වරයාගේ චීන සංචාරය අතරතුරදී චීන විදේශ අමාත්‍යවරයා / එරට ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයකු වන වැන්ග් යි හා ජනාධිපති ෂී ජින් පින් ද මුණ ගැසුණා.

චීන ඇමෙරිකා මත බේදාත්මක ගැටුම් විසදාගැනීමේ අරමුණිනුයි රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය සිදු කෙරුණේ.

කෙසේ වුවද ජනාධිපත බයිඩ්න්ගේ මෙම ප්‍රකාශයත් සමග දෙරටේ මතගැටුම් උග්‍රවනු ඇති බවට විශ්ලේෂකයින් මත පල කරනවා.

The post ෂී ජින් පින්ග් ඒකාධිපති පාලකයෙක් – ජෝ බයිඩ්න් කියයි appeared first on ITN News.

Read More »

රසයවන අනතර ඇඟවමක  

0 comments

රුසියා පාලනයේ පවතින ක්‍රයිමියා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව හෝ බ්‍රිතාන්‍ය ලබාදුන් මිසයිල යුක්‍රේනය භාවිත කළහොත් බලවත් ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවට රුසියාව පවසනවා.

ක්‍රයිමියා ප්‍රදේශයට ප්‍රහාර එල්ලකිරීමට යුක්‍රේනය ඇමෙරිකාවෙන් ලබාදුන් දිගුදුර රොකට් පද්ධති හෝ බ්‍රිතාන්‍ය ලබාදුන් කෘෘස් මිසයිල යොදාගැනීමේ සූදානමක් පවතින බව රුසියා ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.

යුක්‍රේනයේ සිදුකරන රුසියා යුද මෙහෙයුම් සම්බන්ධයෙන් මාධය දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් රුසියා ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂොයිගු මේ බව සඳහන් කළා.

ඇමෙරිකාවෙන් හෝ බ්‍රිතාන්‍ය යෙන් ලබාදුන් අවි ආයුධ භාවිත කිරීම හරහා එම රටවල් දෙකද රුසියාව සමඟ සෘජු යුද ගැටුමකට මුල පුරන බවයි රුසියාව පවසන්නේ.

 

The post රුසියාවෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

ටයටනක සනබන නරඹමට ගස අතරදන ව සබමරනය ඔකසජන ඇතත තවත පය 30කට පමණය  

0 comments

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා පිටත්ව ගොස් සිටියදී සංචාරකයින් පිරිසක් සමඟ අතුරුදන් වූ සබ්මැරීනයේ ඔක්සිජන් ප්‍රමාණවත් වන්නේ තවත් පැය 30කට පමණක් බව බලධාරීන් පවසනවා.

සංචාරකයින් පිරිසක් සමඟ අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළා.

අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එය සමඟ තිබූ සබඳතා ඇණහිටි බවයි ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.

පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා පිටත්ව ගිය අතර පොළව මට්ටමේ සිට මීටර් 3,800 ගැඹුරේ සිදුකෙරෙන මෙම සංචාරය සඳහා දින 8ක කාලයක් ගතවනවා.

සෝදිසි මෙහෙයුම් කටයුතු සඳහා ගැඹුරු මුහුදේ යාත්‍රා කළ හැකි නෞකා, සබ්මැරීන හා ගුවන් යානා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

The post ටයිටැනික් සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ සබ්මැරීනයේ ඔක්සිජන් ඇත්තේ තවත් පැය 30කට පමණයි appeared first on ITN News.

Read More »

යකරනය පරධන නගර කහපයකට දවනත ගවන පරහර මලවක  

0 comments

රුසියාව යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සිටිනවා.

යුක්රේනයේ කියෙව් ඇතුළු ප්‍රධාන නගර කිහිපයක් මෙම ගුවන් ප්‍රහාරවල ඉලක්කය වී තිබෙනවා.

මේ වන විට ඩ්‍රෝන ප්‍රහාර ද එල්ල වෙමින් පවතින අතර ඩ්‍රෝන යානා 28ක් සාර්ථකව විනාශ කළ බව යුක්රේන හමුදාව පවසනවා.

යුක්රේනයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීමෙනුයි එම ඩ්‍රෝන යානා විනාශ වී ඇත්තේ.

මේ වන විට යුක්රේනයේ පිහිටි පෝලන්ත දේශසීමා ආසන්න නගරයක් වන ලීව් නගරයට ද ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා.

එහි වාසය කරන ජනගහනය ලක්ෂ 7ක්. එමෙන්ම සපෝරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය ආසන්න ප්‍ර දේශයට ද ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

 

 

 

 

 

 

The post යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයකට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් appeared first on ITN News.

Read More »

උගනඩව පසල සසන ඝතනය කරම සදධයට 20 ක අතඅඩගවට  

0 comments

පසුගිය සිකුරාදා(16) පාසලකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව උගන්ඩා පොලිසිය සඳහන් කර තිබෙනවා.

පාසලකට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඉස්ලාමීය සටන්කාමීන් සමග සහයෝගයෙන් කටයුතු කළ බවටයි මොවුන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ

එම පාසැලේ ප්‍රධාන ගුරුවරයා සහ පාසලේ අධ්‍යක්ෂවරයා ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම ප්‍රහාරයෙන් බටහිර උගන්ඩාවේ Mpondwe හි Lhubiriha ද්විතීයික පාසලේ සිසුන් හතළිස් දෙදෙනෙකු මිය ගිය බවයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

බොහෝ සිසුන් ඔවුන්ගේ නේවාසිකාගාරයේ දී පිළිස්සී මියගිය බවයි වැඩිදුරටත් අනාවරණය වුණේ

The post උගන්ඩාවේ පාසැල් සිසුන් ඝාතනය කිරීමේ සිද්ධියට 20 ක් අත්අඩංගුවට appeared first on ITN News.

Read More »

ටයටනක නව සනබන බලනන ගය සචරකයන පරසක අතරදන  

0 comments

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹිම සදහා පිටත්ව ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන් බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අත්ලාන්තික් සාගරය තුළ අදාළ යාත්‍රාව ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කින් පමණ එය සමග තිබූ සබඳතා ඇණහිට ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. අමෙරිකා ඕෂන් ගේට් සංචාරක සමාගමට අයත් සබ්මැරිනයකිනුයි පුද්ගලයින් 5දෙනෙකු මෙම සංචාරය සඳහා පිටත්ව ගොස් ඇත්තේ. පොළව මට්ටමේ සිට මීටර් 3,800 ගැඹුරේ සිදුකෙරෙන මෙම සංචාරය සදහා දින 8ක කාලයක් ගතවන අතර එක් පුද්ගලයෙකුගෙන් ඇමෙරිකා ඩොලර් 250,000ක මුදලක් අය කෙරෙනවා.

පසුගිය ඉරිදා දිනයේදීයි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සදහා වන සංචාරය ආරම්භ කර ඇත්තේ.

 

 

 

 

The post ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් අතුරුදන් appeared first on ITN News.

Read More »

ජගත සවධනයන ඊශරයලයට දනම දමක  

0 comments

පලස්තීනයට අයත් ප්‍රදේශයන්හි ඊශ්‍රායලය සිදුකරන නීතිවිරෝධී ජනාවාස ඉදිකිරීම වහාම අත්හිටුවන ලෙස ජගත් සංවිධානය ඊශ්‍රායලයට දැනුම් දෙනවා.

ඊශ්‍රායලයේ නීතිවිරෝධී ජනාවාස ඉදිකිරීම් ඊශ්‍රායලය හා පලස්තීනය අතර ගැටුම් හා මතභේද ඉහළ දැමීමට හේතුවී ඇති බවයි ජගත් සංවිධාන ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ. ඒ හේතුවෙන් දැනට සිදුකරන ජනාවාස ඉදිකිරීම් වහාම අත්හිටුවන ලෙසයි ඔහු ඊශ්‍රායලයට දැනුම් දී ඇත්තේ. දැනට පවතින නීතිවිරෝධී ජනාවාස තවදුරටත් වැඩිදියුණු කිරීමට ඊශ්‍රායලය කටයුතු කරන බවට වාර්තා වනවා.

ඊයේ දිනයේදී ද ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරයන්ගෙන් වයස අවුරුදු 15ක කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මියගිය අතර 90කට අධික පිරිසක් තුවාල ලබා ඇති තිබෙනවා.

 

 

 

 

 

The post ජගත් සංවිධානයෙන් ඊශ්‍රායලයට දැනුම් දීමක් appeared first on ITN News.

Read More »

උගනඩව පසලක පරහරයන මයගය අය සහ කරමන දව මහයක  

0 comments

උගන්ඩාවේ පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේදී දේව මෙහෙයක් පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය සිකුරාදා රාත්‍රියේ(16) බටහිර නගරයක් වන Mpondwe හිදී සිසුන් 40 දෙනෙකු පමණ කපා කොටා, වෙඩි තබා පුළුස්සා මරා දමා තිබූ බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

ඔවුන් දේශසීමා හරහා කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට පැන යාමට පෙර සිසුන් හය දෙනෙකුද පැහැරගෙන ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

උගන්ඩා ජනාධිපති යොවේරි මුසවේනි විසින් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර විපතට පත් වූ අයගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සම්බන්ධ සටන්කාමීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් මේ පිළිබඳව හැකි ඉක්මනින් පියවර ගන්නා බවත් උගන්ඩා හමුදාව පවසනවා

The post උගන්ඩාවේ පාසලක ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් දේව මෙහෙයක් appeared first on ITN News.

Read More »

ඊශරයලය අධකරණ පදධතය ගන එරට අගමතගන පරකශයක  

0 comments

ඊශ්‍රායලයේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැළසුම් ඉදිරියට ගෙනයන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ඊශ්‍රායලය සම්මුතිවාදී විසදුමක් ලබාගැනීමේ අරමුණෙන් සිදුකෙරෙන සාකච්ඡා මේ වනවිට බිඳ වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් තමා රටේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට අදහස් කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනා හේතුවෙන් පසුගිය කාලයේ දී ඊශ්‍රායලය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන්නා.

යෝජනා සම්බන්ධයෙන් විපක්ෂය සමග පැවති සාකච්ඡා හේතුවෙන් අර්බුදය තරමක් පහව ගියද මේ වනවිට එම සාකච්ඡා බිඳවැටී තිබෙනවා.

අධිකරණ විනිසුරුවන් තෝරා ගැනීමේ දී යෝජනා කර ඇති ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගැටලු පැනනැගී තිබෙනවා.

 

 

 

The post ඊශ්‍රායලයේ අධිකරණ පද්ධතිය ගැන එරට අගමැතිගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

Read More »

පලපනය මග නකවක ගන ගන  

0 comments

පිලිපීනයේ මගී නෞකාවක් මුහුදේ දී ගිනි ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පිලිපීන වෙරළාරක්ෂක බළකාය විසින් ඇති වූ නෞකාවේ ගින්න නිවා දැමූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ගින්න ඇතිවන අවස්ථාවේදී නෞකාවේ මගීන් සහ කාර්යය මණ්ඩලය 120 දෙනෙක් සිට ඇති බවයි පැවසෙන්නේ

මෙහිදී ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගිනි ගැනීමට හේතුව පිළිබඳව තවමත් විමර්ශනය වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

The post පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී appeared first on ITN News.

Read More »

සළ කණටවක ජවත 14ක බල ගන  

0 comments

බ්‍රසීලයට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතරට මාස 4ක් වයසැති බිළිදෙක්ද ඇතුළත්.

සුළි කුණාටු තත්ත්වයත් සමග හටගත් අධික වර්ෂාව හේතුවෙන් නිවාස දහස් ගණනක් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලයින් රැසක් අතුරුදන්ව ඇති අතර අධික සුළං හේතුවෙන් නගර රැසක ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවද සඳහන්.

පුද්ගලයින් හාරදහසකට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර ගංවතුරට මැදිව සිටි 700කට ආසන්න පිරිසක් බේරා ගැනීමට සමත්වූ බවයි සහන කණ්ඩායම් පවසන්නේ.

මේ ආකාරයටම පසුගිය පෙබරවාරි මාසයේදී බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

The post සුළි කුණාටුවක් ජීවිත 14ක් බිලි ගනී appeared first on ITN News.

Read More »

කබන වමචනය ශනය කරම සඳහ පවත ජනමත වචරණයට සවටසරලනතය ජනතවග සහය  

0 comments

2050 වසර වන විට කාබන් විමෝචනය ශුන්‍ය කිරිම සඳහා පැවති ජනමත විචාරණයට ස්විට්සර්ලන්තය ජනතාව සහාය පළකර තිබෙනවා.

2050 වසර වන විට ස්විට්සර්ලන්තය පොසිල ඉන්ධන දහනය සම්පුර්ණයෙන් අත්හිටුවීම ඉලක්ක කර ගනිමිනුයි මෙම ජනමත විචාරණය පැවැත්වුනේ. ඒ අනුව ඒ සඳහා වන කාලගුණ පනත ඉදිරියේ දී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. ස්විට්සර්ලන්තයේ බලශක්ති අවශ්‍යතාවය මෙන්ම පරිසරය හා ස්විට්ස් ග්ලැසියර ආරක්ෂා කර ගැනීම තම ප්‍රමුඛතාවය බවයි රජය පෙන්වා දෙන්නේ. ඛණිජ තෙල් හා ගෑස් භාවිතය පසෙකලා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව යොදා ගැනීම රජයේ අරමුණයි. ජනමත විචාරණයේ දී ඊට සහාය පළකරමින් 59.1%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවුණා.

 

 

 

 

The post කාබන් විමෝචනය ශුන්‍ය කිරිම සඳහා පැවති ජනමත විචාරණයට ස්විට්සර්ලන්තය ජනතාවගේ සහාය appeared first on ITN News.

Read More »

ඇමරක රජය ලකම චන රජය නලධරන කහපදනක හමවය  

0 comments

චීන සංචාරයක නිරත ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් එරට ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු මුණගැසී විශේෂ සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා තම චීන නිළ සංචාරය ඊයේ ආරම්භ කළා. ලොව බලවත්ම ආර්ථිකයන්ට හිමිකම් කියන චීනය හා ඇමෙරිකාව සීතල යුද්දයක නිරත වී සිටින අතරතුර මෙම සංචාරය සිදු කිරීම විශේෂත්වයක්. පසුගිය පෙබරවාරි මාසයේ දී රාජ්‍ය ලේකම්වරයාගේ චීන සංචාරය සැලසුම්කර තිබුණ ද චීන ඔත්තු බැලීමේ බැලුන් සිද්ධිය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. ඇමෙරිකාවේ ඉහළ පෙලේ රාජතාන්ත්‍රිකයෙකු චීනයේ සංචාරයක නිරත වන්නේ වසර 5කට පමණ පසුවයි.

ඇන්තනී බ්ලින්කන් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිත අතර මෙතෙක් පැවති සාකච්ඡා සම්බන්ධයෙන් මාධ්‍යට කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ.

 

 

 

 

 

The post ඇමෙරිකා රාජ්‍ය ලේකම් චීන රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු හමුවෙයි appeared first on ITN News.

Read More »

පදගලයන 125 දනක ගමන කරමන සට පලපන නකවක ගනගන  

0 comments

පුද්ගලයින් 125 දෙනෙකු ගමන් කරමින් සිටි පිලිපීන නෞකාවක් ගිනි ගැනීමට ලක්වුණා.

පිලිපීනයේ දූපත් දෙකක් අතර ගමන් කළ මගී නෞකාවකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

නෞකාව ගිනිගන්නාවිට එහි කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු හා මගීන් 65 දෙනෙකු සිටි බව පිලිපීන වාර්තා සඳහන් කළා.

ගින්න තදින් පැතිරයන දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

කෙසේ වුවද නෞකාවේ ගටගත් ගින්නෙන් මියගිය හා තුවාල ලැබූ පිරිස කොතෙක් දැයි මෙතෙක් වාර්තා වී නැහැ.

 

 

 

The post පුද්ගලයින් 125 දෙනෙකු ගමන් කරමින් සිටි පිලිපීන නෞකාවක් ගිනිගනී appeared first on ITN News.

Read More »

යකරන යදධය අවසන කරනන ද.අපරක ජනපත පටනට කයය  

0 comments

යුක්‍රේන යුද්දය අවසන් කළ යුතු බව දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා රුසියා ජනාධිපති හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

අප්‍රිකා රටවල් 6ක නායකින් සමඟ දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමෆෝසා පසුගිය දා පීටස්බර්ග් නගරයට පැමිණියා.

එහිදී ඔහු රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවා.

යුක්‍රේන ජනාධිපතිවරයා සෑම විටම සාකච්ඡා ප්‍රතික්ෂේප කළ බවයි රුසියා ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කර ඇත්තේ.

දකුණු අප්‍රිකා නායකයා මෙහිදි රුසියාවෙන් හා යුක්‍රේන යෙන් ඉල්ලීම් ඉල්ලා සිටියේ යුද සිරකරුවන් හුවමාරු කර ගන්නා ලෙසයි.

එමෙන්ම යුද්දය අවසන් කිරිමේ අවශ්‍යතාව ද දකුණු අප්‍රිකා නායකයා මෙහිදි අවධාරණය කළා.

මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ල්දෝමීර් සෙලෙන්ස්කි ඇමෙරිකානු නියෝජිත පිරිසක් හමුවේ පවසා ඇත්තේ රුසියා තම භූමිය අත්පත් කර සිටිනතාක් සාකච්ඡා සඳහා එක් නොවන බවයි.

 

 

 

 

 

The post යුක්‍රේන යුද්ධය අවසන් කරන්න – ද.අප්‍රිකා ජනපති පුටින්ට කියයි appeared first on ITN News.

Read More »

සඩනය ගවන පරහරයකන පදගලයන 17 ක මරට  

0 comments

සුඩානයේ කාර්ටුම් නගරයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා.

සුඩානයේ ජනාකීර්ණ නගරයක් වන යාර්මුක් ප්‍රදේශයට ද ගුවන් ප්‍රහාර එල්වී ඇති අතර එහි නිවාස 25ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත්වුණා.

ප්‍රහාර වලින් ළමයින් 5 දෙනෙකු ද මියගොස් තිබෙනවා.

සුඩාන හමුදාව සහ ආර් එස් එෆ් හමුදා කණ්ඩායම අතර සටන් ආරම්භ වූයේ රටේ හමුදා නායකත්වය තුළ ඇතිවූ දරුණු බල අරගලයක ප්‍රතිඵලයක් ලෙසයි.

පසුගිය අප්‍රේල් මාසයේ දී ආරම්භ වූ මෙම ගැටුම් මේ දක්වා සිදුවන අතර ආර් එස් එෆ් හමුදා කණ්ඩායම විසින් ආයුධ නිෂ්පාදන මධ්‍යස්ථානයක් සිය පාලනයට නතුකර ගැනීමෙන් පසු පැය 72ක සටන් විරාමයකට ද එකඟ වුණා.

එය සෞදි සහ එක්සත් ජනපද මැදිහත්කරුවන් විසින් නිවේදනය කරනු ලැබුවා.

ගැටුම් ආරම්භ වූදා සිට දසදහසකට වැඩි සිවිල් වැසියන් අසල්වැසි රාජ්‍යයන් වෙත පලාගොස් තිබෙනවා.

The post සුඩානයේ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට appeared first on ITN News.

Read More »

හටලය කනවකට ඇද වට මය ගය ගවන නයමව  

0 comments

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු හදිසියේ මරණයට පත් වී ඇති බව කටුනායක පොලීසිය පවසනවා.

63 හැවිරිදි මෙම සහාය ගුවන් නියමුවා මිය ගොස් ඇත්තේ ඔවුන් නැවතී සිටි කටුනායක පීල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයේ කානුවකට ඇද වැටීමෙන්.

මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවට සැක කරන අතර, මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද මීගමුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම සහාය ගුවන් නියමුවා අද දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන එරොෆ්ලොට් ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියා.

The post හෝටලයේ කානුවකට ඇද වැටී මිය ගිය ගුවන් නියමුවා appeared first on ITN News.

Read More »

Meta සමගමට එරහව පදගලයක නඩ පවරය  

0 comments

Meta සමාගමට එරෙහිව නඩු පැවරූ පුද්ගලයෙකු අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් හිමිකරගෙන ඇති බව වාර්තා වනවා.

වාර්තා වන පරිදි, Jason Crawford නැමති එම පුද්ගලයා පසුගිය වසරේ දී අදාළ නඩුව පවරා තිබූ අතර සාධාරණ හේතුවකින් තොරව සිය Facebook ගිණුම අවසන් කිරීම සහ ඒ සම්බන්ධයෙන් දැනුම්දීම් සිදු කළ ද ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව එම නඩුව පවරා තිබුණා.

එනම්, නඩුව විභාගයට ලක් කරමින් ජෝර්ජියාවේ අධිකරණයක් විසින් Meta සමාගමට නියෝග කර ඇත්තේ අදාළ පුද්ගලයාට අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් ගෙවන ලෙසයි.

එම නියෝගයෙන් අනතුරුව නඩුව ගොනු කළ පුද්ගලයාගේ Facebook ගිණුම නැවත සක්‍රීය කිරීමට සමාගම පියවර ගෙන ඇති නමුත් ඔහුට මෙතෙක් අධිකරණය නියෝග කළ මුදල Meta සමාගම විසින් ගෙවා නොමැති බවයි.

The post Meta සමාගමට එරෙහිව පුද්ගලයෙක් නඩු පවරයි appeared first on ITN News.

Read More »

උගනඩව පසලකට එලල ව පරහරයකන 25 දනක මරට  

0 comments

උගන්ඩාවේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් විසිපස් දෙනෙකු මියගොස් තිබෙනවා.

උගන්ඩාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය සටන්කාමී සංවිධානයක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ප්‍රහාරයන් තවත් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පාසලේ නේවාසිකාගාරයක් ගිනි තබා ඇති අතර ආහාර ගබඩාවක් කොල්ලකෑමටද ප්‍රහාරය එල්ල කළ පිරිස කටයුතු කර තිබෙනවා. උගන්ඩාව තුළ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී සංවිධාන පාසල් දරුවන් පැහැරගෙන තම සංවිධානවලට බදවා ගත් තොරතුරු පසුගිය කාලය පුරාම අනාවරණය වුණා.

 

 

 

The post උගන්ඩාවේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් 25 දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

උතර කරයව ආරකෂව පළබඳ සකචඡ කරමට පරධන පකෂ රසවමක කඳවය  

0 comments

උතුරු කොරියාව ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රධාන පක්ෂ රැස්වීමක් ආරම්භ කර තිබෙනවා.

කොරියානු නායක කිම් ජොන් උන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට උතුරු කොරියාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් සහභාගී වනවා.

වෙනස් වූ ජාත්‍යන්තර තත්ත්වයන් යටතේ තම රටේ රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්ෂක උපායමාර්ග තීරණය කිරීම මෙම රැස්වීමේ අරමුණ බවයි එරට රාජ්‍ය මාධ්‍ය පවසන්නේ.

මෙහිදී උතුරු කොරියා නායකයා ඔත්තු බැලීමේ චන්ද්‍රිකා ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී තිබෙනවා.

දකුනු කොරියාව, ඇමෙරිකාව සහ ජපානය අතර වර්ධනය වෙමින් පවතින මිත්‍ර සබදතා සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී අවධානය යොමුව තිබෙනවා.

 

 

 

The post උතුරු කොරියාව ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීමට ප්‍රධාන පක්ෂ රැස්වීමක් කැඳවයි appeared first on ITN News.

Read More »

බටහර පරශයපරබල භ කමපනයක  

0 comments

බටහිර ප්‍රංශයේ රික්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයක් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

එම භූ කම්පන තත්වය එරට සිදු වු ප්‍රබලතම භු කම්පනයක් ලෙසයි වාර්තා වන්නේ.

එරට භූ කම්පන වාර්තාවීම දුලබ සිදුවීමක් වන අතර එරට තුළ එවැනි භු කම්පනයක් අවසන්වරට සිදුවී ඇත්තේ 2019 වසරේ දී ය.

මෙම භූ කම්පන තත්ත්වයෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැඟිලි රැසක බිත්ති පුපුරා යාම් සහ ඉරිතැලීම් ද නීරීක්ෂණය වී තිබෙනවා.

කෙසේවෙතත්, භූ කම්පනයෙන් විදුලි රැහැන් කඩාවැටීම හේතුවෙන් නිවාස දහසකට වැඩි සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

The post බටහිර ප්‍රංශයේ ප්‍රබල භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

රසයව පරථම වරට තම නයෂටක අව බලරස රජයය සථන ගත කරය  

0 comments

රුසියාව ප්‍රථම වරට තම න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යයේ ස්ථාන ගත කර තිබෙනවා.

රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මේ බව තහවුරු කර තිබෙනවා.

ඇමෙරිකා රජය චෝදනා කරන්නේ රුසියාව න්‍යෂ්ටික අවි ස්ථානගත කළත් යුක්‍රේනයට පහර දීමට හැකියාවක් නොමැති බවයි.

බෙලරුස් රාජ්‍යය යුක්‍රේන රුසියා යුද්ධයේදී රුසියාවට වඩාත් පක්ෂපාතී ලෙස කටයුතු කරන යුක්‍රේනයට යාබදව වූ රාජ්‍යයක් වනවා.

 

 

The post රුසියාව ප්‍රථම වරට තම න්‍යෂ්ටික අවි බෙලරූස් රාජ්‍යයේ ස්ථාන ගත කරයි appeared first on ITN News.

Read More »

බලගටස චන ජනපත හම වය  

0 comments

ලෝක ධනවතෙකු වන මයික්‍රෝසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල්ගේට්ස් චීන ජනාධිපති සී ජීන් පින් හමුවීමට චීනයට පැමිණ තිබෙනවා.

චීන ජනාධිපතිවරයා බීජින්හිදී බිල්ගේට්ස් මහතාව එහිදී සාදරයෙන් පිළිගෙන තිබෙනවා.

මෙහිදි චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ බිල්ගේට්ස් මෙම වසරේ තමන්ට මුණ ගැසුනු පළමු ඇමෙරිකානු මිතුරා බවයි.

මේ අතර මෙම සතියේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිල්කන් ද චීනයට පැමිණීමට නියමිතයි.

මීට පෙර බිල්ගේට්ස් හා සී ජින් පින් අවසන් වරට මුණ ගැසුනේ 2015 වසරේ දී වනවා.

 

 

 

 

 

The post බිල්ගේට්ස් චීන ජනපති හමු වෙයි appeared first on ITN News.

Read More »

තන මහයමකන චනදරක 41ක අභයවකශයට යව චනය නව වරතවක තබය  

0 comments

චීනය නව වාර්තාවක් තබමින් තනි මෙහෙයුමකින් චන්ද්‍රිකා 41ක් අභ්‍යවකාශයට යවා තිබෙනවා.

චීනයේ ලොන්ග් මාච් රොකට් ව්‍යාපෘතිය යටතේ මෙමඩ චන්ද්‍රිකා අභ්‍යවකාශයට යවා ඇත්තේ. මෙම චන්ද්‍රිකා ප්‍රධාන වශයෙන් දුරස්ථ සන්නිවේදන සේවා සහ තවත් තාක්ෂණ කටයුතු සදහා භාවිත කිරීමට නියමිතයි.

මේ අනුව අභ්‍යවකාශයේ ඇති චීන චන්ද්‍රිකා සංඛ්‍යාව 108ක් දක්වා ඉහළ යන බවයි වාර්තා වන්නේ.

2030 වසර වෙද්දි චීනය හඳ මතට මිනිසුන් යැවීමට බලාපොරොත්තු වන අතර මෙම චන්ද්‍රිකා විශේෂයෙන්ම එම ව්‍යාපෘතිය අරමුණු කරගෙන අභ්‍යවකාශ ගත කරන බවයි විදෙස් විශ්ලේෂකයන් පවසන්නේ.

 

 

 

 

The post තනි මෙහෙයුමකින් චන්ද්‍රිකා 41ක් අභ්‍යවකාශයට යවා චීනය නව වාර්තාවක් තබයි appeared first on ITN News.

Read More »

ගලය මධයනය උෂණතවය ජන මසයද වරතගත ලස ඉහළට  

0 comments

ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය මෙම ජුනි මාසයේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි මෙම ජුනි මාසය ලෝකයේ මධ්‍යයන උෂ්ණත්වය වැඩිම අගයක් වාර්තා කළ මාසය වනවා.

ඒ අනුව සෙල්සියස් අංශක එකයි දශම පහක් දක්වා ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා.

ජුනි 8 සහ 9 යන දිනයන්වල ගෝලීය සාමාන්‍ය දෛනික උෂ්ණත්වය පෙර දිනවලට වඩා සෙල්සියස්  බිංදුවයි දශම හතරකින් ඉහළ යාම සිදුව තිබුණා.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පසුගියදා කියා සිටියේ ලෝකය දේශගුණ විපර්යාස ව්‍යසනයක් කරා දිව යන බවයි.

කැනඩාවේ ලැව්ගිනි තත්ත්වය මෙලෙස ලෝක උෂ්ණත්වය ඉහළ යාමට හේතු වි ඇති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

 

 

The post ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය ජුනි මාසයේදී වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.

Read More »

ඉනදය අමතයවරයකග නවසක ගන තබය  

0 comments

ඉන්දීය අමාත්‍යවරයෙකුගේ නිවසක් ගිනි තැබීමට ඔහුගේ විරුද්ධවාදීන් කටයුතු කර තිබෙනවා.

ඉන්දීය ලෝක් සභා මන්ත්‍රීවරයෙකු වන ආර් කේ රංජන්සිංගේ නිවසයි මෙලෙස ගිනි තබා ඇත්තේ.

ඊයේ රාත්‍රියේ දහසකට අධික පිරිසක් පැමිණ පෙට්‍රල් බෝම්බවලින් දමා ගසමින් අමාත්‍යවරයාගේ නිවසට හානි සිදුකර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී අමාත්‍යවරයා නිවසේ සිට නැහැ.

මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන මනිපූර් පොලිසිය පවසන්නේ 1200 කට ආසන්න මැර පිරිසක් මෙම ප්‍රහාරයට එක්ව ඇති බවයි.

ග්‍රෝත්‍රික ගැටුම් සහ සරණාගත ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම අමාත්‍යවරයා මැදිහත්වීම ඊයේ ඇති වූ සිද්ධියට හේතුවක් වන්නට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

 

 

The post ඉන්දීය අමාත්‍යවරයෙකුගේ නිවසක් ගිනි තබයි appeared first on ITN News.

Read More »

ටකසස පරනතයට දරණ සළකණටවකන බලපම  

0 comments

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට දරුණු සුළිකුණාටුවක් බලපා තිබෙනවා.

මෙම දරුණු සුළිකුණාටුව ටෙක්සාස් ප්‍රාන්තයේ උතුරුදිග ප්‍රදේශයට බලපා තිබෙනවා.

ටෙක්සාස්හි පෙරිටෝන් නගරයට සුළිකුණාටුව නිසා හානි සිදුව තිබෙනවා.

සුළිකුණාටුව නිසා අටදහසකට ආසන්න පිරිසක් මේ වන විට බලපෑමට ලක්ව ඇති බව බවාර්තා වනවා.

නිවාස රැසකට හානි සිදුව තිබෙනවා.

පසුගිය දින කිහිපයේම මෙම කුණාටු තත්ත්වය නිසා හතලිස් තුන්දහසකට පමණ ජනතාවකගේ විදුලි සබඳතා බිදවැටී තිබුණා.

 

 

 

 

The post ටෙක්සාස් ප්‍රාන්තයට දරුණු සුළිකුණාටුවකින් බලපෑම් appeared first on ITN News.

Read More »

කනඩව අනතරකන පදගලයන 15 දනක ජවතකෂයට  

0 comments

කැනඩාවේ අධිවේගී මාර්ගයක සිදු වු අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

කන්ටේනර් රථයක් හා බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

අනතුර සිදු වීමත් සමඟ වාහන දෙකම ගිනි ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වැඩිහිටි නිවාසයක පිරිසක් අනතුරට පත් බස් රථයේ ගමන්කර තිබෙනවා.

අනතුරෙන් 10 දෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන් රෝහල්ගත කෙරුණා.

 

 

 

 

The post කැනඩාවේ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

රසය තනපත කරයලය ඉදකරම ඕසටරලය රජය අතහටවය  

0 comments

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නගරයේ නව රුසියා තානාපති කාර්යාලයේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට ඕස්ට්‍රේලියා රජය පියවර ගෙන තිබෙනවා.

නව රුසියා තානාපති කාර්යාලය ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ ප්‍රදේශයේ ඉදිකිරීමටයි රුසියාව කටයුතු කර ඇත්තේ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ලට ගෙන එහි ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් පවසනවා.

ඊට අදාළ නීති පාර්ලිමේන්තුව හරහා හැකි ඉක්මනින් සම්පාදනය කිරීමට කටයුතු කරන බවයි ඔහු තවදුරටත් කියා සිටින්නේ. පාර්ලිමේන්තුව අසළ රුසියා තානාපති කාර්යාලයක් ඉදිකිරීම සම්බන්ධයෙන් රජයට ඉතා පැහැදිලි ආරක්ෂක උපදෙස් ලැබී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සදහන් කරනවා.

2008 වසරේ දී අදාළ ඉඩම රුසියාව ලීසිං පහසුකම් යටතේ මිලට ගෙන ඇති අතර 2011 වසරේ දී ඉදිකිරීම් සදහා අනුමැතිය හිමිව තිබෙනවා.

 

 

 

 

 

 

The post රුසියා තානාපති කාර්යාලයේ ඉදිකිරීම් ඕස්ට්‍රේලියා රජය අත්හිටුවයි appeared first on ITN News.

Read More »

ගරසය බටට අනතරකන 79 දනක මය යය  

0 comments

ග්‍රීසියේ බෝට්ටු අනතුරකින් පුද්ගලයන් 79 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවකුයි අනතුරට ලක් වුණේ.

තවත් සිය ගණනක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට සියයකට අධික පිරිසක් බේරාගෙන ඇති බව ග්‍රීක වාර්තා සදහන් කරනවා.

ග්‍රීසියේ පයිලෝස් නගරයට නිරිත දිග ප්‍රදේශයේ කිලෝමීටර් 80 ක් දුරින් මුහුදේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරට ලක්වන අවස්ථාවේ බෝට්ටුව ගමන් කරමින් සිට ඇත්තේ ජාත්‍යන්තර මුහුදු සීමාවේයි.

කෙසේ වෙතත් ඒ වෙත ළගා වූ ග්‍රීක මුහුදු ආරක්ෂකයන් බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කළා. ඔවුන් ගොඩබිමට රැගෙන ඒම තවදුරටත් සිදුවනවා.

මෙය ග්‍රීක ඉතිහාසයේ සිදු වූ දරුණුතම සංක්‍රමණික බෝට්ටු අනතුර වන අතර දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

 

 

The post ග්‍රීසියේ බෝට්ටු අනතුරකින් 79 දෙනෙකු මිය යයි appeared first on ITN News.

Read More »

කනඩව ලවගන හතවන කලපය කටයතවලට දඩ බලපම  

0 comments

කැනඩාවේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් කලාපයේ කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් ඇතිවූ දුමාරය ඇමෙරිකාවේ ප්‍රධාන නගර කිහිපයක හා නෝර්වේ රාජ්‍යයේ දෛනික කටයුතුවලට බාධා පමුණුවා ඇති බවයි වාර්තා වන්නේ.

ඝන දුමාරය හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද කිරීමට සිදුව ඇති බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

මෙම සිද්ධියත් සමග දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයක් යොමු කළ යුතු බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

දකුණු ආසියාවේ හා චීනයේ වඩාත්ම දූෂිත නගරයන්ගේ වායු තත්ත්වය ද ඉක්මවා යාම හේතුවෙන් ඇමෙරිකා කැනඩා කලාපයේ ජනතාව මුඛ ආවරණ පැළදීම සිදුකළ යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

 

 

 

The post කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් කලාපයේ කටයුතුවලට දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

රසය යද මහයම හතවන යකරනය වයසනකර තතවයකට  

0 comments

රුසියා යුද මෙහෙයුම් හේතුවෙන් යුක්රේනයට ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

තම ප්‍රහාර හමුවේ යුක්රේනයට දරුණු පරාජයන් හා අලාභයන්ට මුහුණදීමට සිදුව ඇති බවයි පුටින් ජනාධිපතිවරයා සදහන් කරන්නේ.

රුසියා යුක්රේන දේශසීමාවේ යුක්රේනයට අයත් ප්‍රදේශ අත්පත්කර ගැනීම සදහා තමන්ට තවදුරටත් දැඩි ප්‍රහාර එල්ල කළ හැකි වුවද එම ප්‍රහාරයන්ගෙන් තවදුරටත් යුක්රේනය ව්‍යසනකාරී තත්ත්වයකට ඇදවැටීම සිදුවිය හැකි බව රුසියා ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

පසුගිය දින කිහිපය තුළදී යුක්රේනයට යුද ටැංකි 160ක් හා සන්නාහ සන්නද්ධ රථ 360කට වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බව පුටින් මාධ්‍ය හමුවේ පවසා සිටියා.

 

 

 

 

 

The post රුසියා යුද මෙහෙයුම් හේතුවෙන් යුක්රේනය ව්‍යසනකාරී තත්වයකට appeared first on ITN News.

Read More »

මම නවරදය ටරමප අධකරණයද කයය  

0 comments

සංවේදී ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට තමා වරදකරු නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය ඉදිරියේ පවසා සිටියා.

කෙසේ වුවද පෙඩරල් අපරාධ චෝදනාවකට ලක්වූ ඇමෙරිකාවේ පළමු ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වනවා.

ෆ්ලොරීඩාහි මයෑමි ෆෙඩරල් අධිකරණයේ මෙම නඩුව විභාග කෙරුණා.

රහසිගත ලේඛන නීතිවිරෝධි ලෙස ළඟ තබාගැනීම හා ඒවා ලබාගැනීමට රජය දරණ උත්සාහයට බාධා කිරීම ඇතුළු චෝදනා 37ක් යටතේයි හිටපු ජනාධිපතිවරයාට නඩු පවරා තිබුණේ.

කෙසේ වුවද එම සියලු චෝදනාවලට තමා නිවැරදිකරු බව ඔහු අධිකරණය ඉදිරියේ පවසා සිටියා.

මෙම වසරේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට පැමිණි දෙවන අවස්ථාව මෙයයි.

නඩු විභාගයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා නිව්ජර්සිහි බෙඩ්මිනිස්ටර් ගොල්ෆ් කල්බ් වෙත පැමිණීමෙන් අනතුරුව තම ආධාරකරුවන් ඇමතීමට ද කටයුතු කළා.

2024 වසරේ පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වයේ ඉදිරියෙන්ම සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

The post මම නිවැරදියි – ට්‍රම්ප් අධිකරණයේදී කියයි appeared first on ITN News.

Read More »

නයජරයව බටට අනතරකන පදගලයන සය දනක ජවතකෂයට  

0 comments

නයිජීරියාවේ සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් සිය දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නයිජීරියාවේ නයිගර් ගංගාවේ ගමන් කරමින් තිබූ මගී බෝට්ටුවකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අනතුරට ලක්වූ බෝට්ටුවේ ගමන් කළ පිරිස් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මංගල උත්සවයකට සහභාගි වූ පිරිසක් රැගෙන එමින් සිටි මෙම බෝට්ටුවේ කාන්තාවන් හා ළමුන් විශාල සංඛ්‍යාවක් ද ගමන් කර ඇති බව සඳහන්.

අනතුරෙන් දිවි ගලවාගත් කිසිදු පුද්ගලයෙකු පිළිබඳ මේ වන තෙක් වාර්තා වී නැහැ.

උදෑසන තුනට පමණ අනතුර සිදුව ඇති අතර ඒ පිළිබඳ වාර්තා වී ඇත්තේ තවත් පැයකට පමණ පසුවයි.

 

 

 

The post නයිජීරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් සිය දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ලොව න්‍යෂ්ටික බලවතුන් ගැන හෙළි වූ දේ  

0 comments

ලොව න්‍යෂ්ටික බලවතුන් තම සංචිත ඉහළ දැමීමට කටයුතු කර ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

2022 වසරට සාපේක්ෂව චීනය මෙම වසරේ දී තම න්‍යෂ්ටික සංචිත සියයට 17කින් පමණ වර්ධනය කර ඇති බවයි මෙහිදී හෙලිව ඇත්තේ.

2022 වසරේ ජනවාරි මාසයේදී චීනයේ න්‍යෂ්ටික සංචිත ප්‍රමාණය 350ක් ලෙස දැක්වුණ ද මෙම වසරේ ජනවාරි මාසයේ දී එය 410ක් දක්වා ඉහළ නංවා ඇති බව වාර්තා වනවා.

එමෙන්ම චීනය තම ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමේ පියවරයන් අනුව තවදුරටත් සංචිත ඉහළ දැමීමක් බලාපොරොත්තු විය හැකි බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

2030 වසර වනවිට ඇමෙරිකාවේ හෝ රුසියාවේ සංචිත ප්‍රමාණයටම චීනයේ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල සංචිත ද ඉහළ නංවනු ඇති බවට අනාවැකි පළවනවා.

මේ අතර 2022 වසරේ ජනවාරි මාසයේ දී ලොව පුරා න්‍යෂ්ටික අවි 9,576ක් ඇති බවට සඳහන්.

එය මෙම වසරේ ජනවාරි මාසයේ සිට 12,512ක් දක්වා ඉහළ නැංවීමටයි එම රටවල් පියවර ගෙන ඇත්තේ.

The post ලොව න්‍යෂ්ටික බලවතුන් ගැන හෙළි වූ දේ appeared first on ITN News.

Read More »

ට්‍රම්ප් ෆ්ලොරීඩා නගරයට පැමිණෙයි  

0 comments

නඩු විභාගයකට පෙනී සිටීම සදහා ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරීඩා නගරයට පැමිණ තිබෙනවා.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ලිපිගොනු අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට එල්ලවී ඇති චෝදනාවක් අද අධිකරණයේ විභාග කිරීමට නියමිතයි. ඒ සදහා පෙනී සිටීමටයි ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරීඩා නගරයට පැමිණ ඇත්තේ. මයෑමි නගරයේ පිහිටා ඇති ඔහුට අයත් නිවාඩු නිකේතනයක ඊයේ රාත්‍රියේ ලැගුම් ගෙන සිටි බවද විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

න්‍යෂ්ටික රහස් ඇතුළු අතිශය රහසිගත තොරතුරු නීතිවිරෝධීව ළග තබාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ලවනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වසරේ දී අධිකරණය ඉදිරියේ පෙනී සිටින දෙවන අවස්ථාව මෙයයි.

 

 

 

 

The post ට්‍රම්ප් ෆ්ලොරීඩා නගරයට පැමිණෙයි appeared first on ITN News.

Read More »

ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරට හේතුව හෙළිවෙයි  

0 comments

ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරට හේතුව එහි රියදුරු අධික වේගයෙන් බසය ධාවන කිරීම බව හෙළිව තිබෙනවා.

පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවමින් තවත් 20 දෙනෙකුට තුවාල සිදු කළ බස් අනතුර වාර්තා වුනේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන්. ග්‍රාමීය ප්‍රදේශයක ක්‍රීඩා සමාජයක් නියෝජනය කළ පිරිසක් මෙම අනතුරට මුහුණ දුන්නා. එම බස් රථයේ රියදුරු මීදුම් තත්ත්වයක් පැවතිය ද අධික වේගයෙන් බස් රථය ධාවනය කර තිබෙනවා.

වටරවුමක් අසළ දී රියදුරුගේ පාලනයෙන් මිදියාමෙන් බසය අනතුරට ලක්වුණා. 58 හැවිරිදි රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවේයි පසුවන්නේ.

 

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරට හේතුව හෙළිවෙයි appeared first on ITN News.

Read More »

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට අනතුරු ඇඟවීම්  

0 comments

ඉන්දියාවේ බටහිර ප්‍රදේශයට බලපා ඇති බිපාර් ජෝයි චණ්ඩ මාරුතය හේතුවෙන් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට චණ්ඩ මාරුතයෙන් දැඩි බලපෑම් එල්ලවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අරාබි මුහුද හරහා හමායන චණ්ඩ මාරුතය ඉදිරි දින දෙක තුළ දැඩි වැසි සහිත කාලගුණයක් ඇතිකරනු ඇතැයි ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මුහුදු රළ ප්‍රචණ්ඩවීම හේතුවෙන් ධීවර කටයුතුවල නිරත නොවන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එය ඉන්දියාවේ ගිනිකොන දෙසට ගමන් කිරීමේ ඉඩකඩක් පවතිනවා. මේ වනවිට පැයට කිලෝමීටර් 84කට ආසන්න වේගයකින් සුළං හමායාම සිදුවන අතර එය පැයට කිලෝමීටර් 150 දක්වා වැඩිවන බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.

 

The post බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට අනතුරු ඇඟවීම් appeared first on ITN News.

Read More »

යුරෝපයේ සිදු කෙරෙන ඉතිහාසයේ දැවැන්තම ගුවන් අභ්‍යාසය  

0 comments

යුරෝපයේ සිදු කෙරෙන ඉතිහාසයේ දැවැන්තම ගුවන් අභ්‍යාසය නේටෝවේ මූලිකත්වයෙන් අද ආරම්භ වුණා.

යුක්රේනයට රුසියාව එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙසයි මෙම ගුවන් අභ්‍යාසය සිදු කිරීමට නේටෝ සංවිධානය කටයුතු කර ඇත්තේ.

ඒ සඳහා ජපානය හා ස්වීඩනය ද ඇතුලත්ව නේටෝ රටවල් විසිපහේ දායකත්වය ලැබී තිබෙනවා.

ප්‍රහාරක යානා 250ක් මෙම ගුවන් අභ්‍යාසයට එක්වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ගුවන් සෙබළු දසදහසක් මෙම අභ්‍යාසයට එක්වනවා.

ලබන 23වනදා දක්වා මෙම අභ්‍යාසය ක්‍රියාත්මකයි.

The post යුරෝපයේ සිදු කෙරෙන ඉතිහාසයේ දැවැන්තම ගුවන් අභ්‍යාසය appeared first on ITN News.

Read More »

බස් රථ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඕස්ට්‍රේලියාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මංගල උත්සවයකට සහභාගී වු පිරිසක් නැවත රැගෙන එමින් සිටි බස් රථයකුයි රාත්‍රී 11.30ට පමණ මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.

අනතුරෙන් පුද්ගලයින් 22 දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අසාද්‍ය තත්ත්වයේ පසු වු කිහිපදෙනෙකු සිඩ්නි රෝහල් වෙත මාරුකර යවා තිබෙනවා.

ඕස්ට්‍රේලයාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ දී සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ෂනයක් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

58 හැවිරිදි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

The post බස් රථ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

හවායි හි ප්‍රබල ගිණිකන්දක් සක්‍රිය වෙයි  

0 comments

හවායි දූපත්වල පිහිටා ති‌බෙන ප්‍රබල ගිණිකන්දක් පුපුරායෑම ආරම්භ වී තිබෙනවා.

ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කදුවලින් එකක් වන හවායි හි කිලෙවූවා ගිනිකන්ද නැවත වතාවක් සක්‍රිය වී තිබෙනවා. මෙම ගිනිකන්ද පිහිටා ඇත්තේ  හවායිහි ප්‍රධාන විශාල දූපතේයි. විශේෂයෙන්ම මෙම ගිනිකන්ද සංචාරක ආකර්ෂණය දිනාගත් ගිනිකන්දක් වන අතර ගිනිකන්ද විධාරණය වීමෙන් අනතුරුව ප්‍රදේශය ජන ශූන්‍ය කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.

 

 

 

The post හවායි හි ප්‍රබල ගිණිකන්දක් සක්‍රිය වෙයි appeared first on ITN News.

Read More »

බිපාර් ජෝයි සුලිකුණාටුව ප්‍රබල වන ලකුණු  

0 comments

බිපාර් ජෝයි සුලිකුණාටූව අතිශ්‍යය ප්‍රබල සුලිකුණාටුවක් බවට පත්විය හැකි බවට අනාවැකි පල වනවා.

ඉන්දීය කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ ඉදිරි දින 5 තුළ මෙම සුලිකුණාටුව දරුණු සුළිකුණාටුවක් බවට පත්විය හැකි බවයි.

මෙම සුළි කුණාටුව ගුජරාට් ප්‍රාන්තයට දැඩිව බලපාන බවට මේ වන විටත් අනතුරු අගවා තිබෙනවා.

තවද ගුජරාට්, කේරල, කර්නාටක, ප්‍රාන්තවල ධීවරයන්ට ධීවර කටයුතුවලින් ඉවත්වන ලෙසද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම සුලිකුණාටුව බංග්ලාදේශය විසින් බිපාර් ජෝයි ලෙසින් නම් කළ අතර එහි අර්ථය වන්නේ විපත්තිදායක යන්නයි.

 

The post බිපාර් ජෝයි සුලිකුණාටුව ප්‍රබල වන ලකුණු appeared first on ITN News.

Read More »

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නගරයේ ප්‍රබල භූ කම්පනයක්  

0 comments

දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නගරයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

භූ කම්පනය එරට වේලාවෙන් අලුයම 2.30ට පමණයි සිදුව ඇත්තේ.

භූ කම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාපක ඒකක 5 ක් හෝ 5.2 ක් විය හැකි  බවයි අනුමාන කරන්නේ.

ජොහැන්ස්බර්ග් නගරයේ ගාටෙන් ප්‍රදේශයටයි  භූ කම්පනය ප්‍රබලව බලපා ඇත්තේ.

ගාටෙන් ප්‍රදේශය ජොහැන්ස්බර්ග්හි ජන ගහනය අධිකම ප්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ.

භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් මේ වනතෙක් වාර්තා වන්නේ නැහැ.

 

 

 

 

The post දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නගරයේ ප්‍රබල භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

අධික වර්ෂාපතනය හේතුවෙන් පාකිස්තානයේ 25 දෙනෙකු මියයයි  

0 comments

පාකිස්තානයට ඇතිව තිබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් 25 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

පාකිස්තානයේ වයඹ දිග ප්‍රදේශයටයි අධික වර්ෂාපතනයෙන් බලපෑම් එල්ල වී ඇත්තේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් සිදු වූ නිවාස කඩා වැටීම නිසා මෙම මරණ සිදුව තිබෙනවා.

ගස්කඩා වැටීම් සහ වෙනත් අනතුරු නිසා 145 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙන බවද වාර්තා වනවා.

අරාබි මුහුදේ ඇතිව තිබෙන බිපාර්ජෝයි සුලිකුණාටුවේ බලපෑම පාකිස්තානයට ද බලපා තිබීම මෙම අධික වර්ෂාපතනයට හේතු වූ  බවයි වාර්තා වන්නේ.

 

 

The post අධික වර්ෂාපතනය හේතුවෙන් පාකිස්තානයේ 25 දෙනෙකු මියයයි appeared first on ITN News.

Read More »

කැනඩාවේ ලැව්ගිනි තත්ත්වය උත්සන්න වෙයි  

0 comments

කැනඩාවේ ලැව්ගිනි තත්ත්වය උත්සන්නවී තිබෙනවා.

කැනඩාවේ ලැව්ගිනි තත්ත්වය නිසා මේ වනවිට වර්ග සැතපුම් 17,800ක භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇති බව වාර්තා පෙන්වා දෙනවා.

කැනඩා බලධාරීන් මේ වනවිට රට තුළ සක්‍රීය ලැව්ගිනි 416ක් ලැයිස්තුගත කර ඇති අතර එයින් 203ක්ම පාලනය කළ නොහැකි ලැව්ගිනි ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

කැනඩාවේ ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රධාන නගර කීපයකටම බාධා එල්ලවී ඇත්තේ දුමාරය පැතිරයාම නිසාවෙනි.

වොෂින්ටන් නගරයේ එළිමහන් ක්‍රියාකාරකම් තහනම් කර ඇති තිබෙනවා.

 

 

 

 

 

The post කැනඩාවේ ලැව්ගිනි තත්ත්වය උත්සන්න වෙයි appeared first on ITN News.

Read More »

රුසියාවට ප්‍රභල ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනය සැරසෙයි  

0 comments

රුසියාවට ප්‍රභල ප්‍රහාර එල්ල කිරීමට තීරණය කළ බව යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි  පවසනවා.

තම භූමියෙන් රුසියාව අත්පත් කරගත් කොටස් යළි අත්පත් කරගැනීමේ අරමුණින් මෙම ප්‍රහාර එල්ල කරන බවයි යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ඊට අවශ්‍ය යුද බලය තමන් සතුව පවතින  බවද කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ යුක්‍රේන සංචාරයට එක් වූ අවස්ථාවේ ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙහිදී ඩොලර් මිලියන 500 ක යුද ආධාර යුක්‍රේනයට ලබාදී ඇති  බවද සඳහන්.

රුසියාව අත්පත් කරගත් සෆොරිෂියා ප්‍රදේශය මෙන්ම බක්බුඩ් ආශ්‍රිත ප්‍රදේශවල රුසියා හමුදා වෙත ප්‍රතිප්‍රහාර එල්ල කිරීම යුක්‍රේනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර ද වැඩි කර තිබෙනවා.

 

 

 

The post රුසියාවට ප්‍රභල ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනය සැරසෙයි appeared first on ITN News.

Read More »

තුර්කියේ පිපිරීමක් – 5ක් මරුට  

0 comments

තුර්කියේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 5දෙනෙකු මියගොස් ඇති බවය.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමත් සමග අදාල කර්මාන්තශාලාව පිහිටි ගොඩනැගිල්ලද කඩා වැටී ඇති බවය. අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිලල් තුළ සිටි එම කර්මාන්තශාලාවේ සේවකයින් 5දෙනාම මිය ගොස් ඇති බව බලධාරීන් සඳහන් කරනවා.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

The post තුර්කියේ පිපිරීමක් – 5ක් මරුට appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකුට තුවාල  

0 comments

ඇමෙරිකාවේ සැන්ෆැන්සිස්කෝ හි සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්‍රැන්සිස්කෝ හි මිෂන් දිස්ත්‍රික්කයේයි.

වෙඩි තැබීමෙන් 5 දෙනෙකු බරපතල තුවාල  ලබා තිබෙනවා.

ඉන් එක් අයෙකුට ශල්‍යකර්මයක් ද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

යම් ආකාරයක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.

 

 

 

 

 

 

The post ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකුට තුවාල appeared first on ITN News.

Read More »

ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිචෝදනා 37ක්  

0 comments

රහස් ලේඛණ සඟවා තබාගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා 37 ක් එල්ල වී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙත රජය විසින් ගොණු කරන ලද අධිචෝදනා පත්‍රවලට අදාළ ඡායාරූප කිහිපයක් මේ වන විට නිකුත්ව තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් රඳවා ගත් රහස්‍ය ලේඛණ ඔහුගේ ෆ්ලොරීඩා නිවාසයේ නානකාමරයේත් උත්සවශාලාවකත් නිධන කාමරේය්ත් තබා ඇති ආකාරය මෙම ඡායාරූපවල දැක් වෙනවා.

මෙම රහස්‍ය ලේඛණවල න්‍යෂ්ටික අවි පිළිබද රහස් සහ යුද මෙහෙයුම් පිළිබද තොරතුරු ඇති බවයි මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන අංශ සොයාගෙන ඇත්තේ.

 

 

 

The post ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධිචෝදනා 37ක් appeared first on ITN News.

Read More »

ඩ්‍රෝන නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉරානය රුසියාවට උපකාර කරන බවට ඇමෙරිකාවෙන් චෝදනා  

0 comments

ඩ්‍රෝන නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉරානය රුසියාවට උපකාර කරන බවට ඇමෙරිකාව චෝදනා කරනවා.

ඉරානය මොස්කව්හි ඩ්‍රෝන නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකෙරෙන බවට වූ බුද්ධි තොරතුරු තමන් වෙත හෙළිව ඇති බව ඇමෙරිකාව පවසනවා.

මේ පිළිබඳ ඡායාරූප ධවල මන්දිරයෙන් ඊයේ නිකුත් කෙරුණා.

පසුගිය දින කිහිපයේම රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කෙරෙන ඩ්‍රෝන ප්‍රහාර ඉහළ නැංවූවා.

යුක්‍රේනය පවසන්නේ පසුගිය දින කිහිපයේ තමන් රුසියා ඩ්‍රෝන සහ මිසයිල 60 කට වැඩි සංඛ්‍යාවක් බිම හෙලූ බවයි.

 

 

 

The post ඩ්‍රෝන නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉරානය රුසියාවට උපකාර කරන බවට ඇමෙරිකාවෙන් චෝදනා appeared first on ITN News.

Read More »

දින 40කට පසු ඇමර්සන් වනයෙන් හමුවූ දරුවන් හතරදෙනා  

0 comments

ගුවන් අනතුරකින් අතුරුදන් වූ දරුවන් හතර දෙනෙකු දින 40 කට පසු ඇමර්සන් වනාන්තරයෙන් සොයාගෙන තිබෙනවා.

මැයි පළමු වනදා සිදු වූ ගුවන් අනතුරකින් දිවි ගලවා ගත් වයස අවුරුදු 13, 09, 04 සහ අවුරුද්දක් වයසැති ළදරුවෙක් ඇමර්සන් වනාන්තරයේ කොළොම්බියාවට අයත් කොටසෙන් සොයාගෙන තිබෙනවා.

දරුවන්ගේ මව සහ ගුවන් නියමුවන් දෙදෙනෙකු ගුවන් අනතුරෙන් මියගොස් ඇති අතර ඔවුන්ගේ සිරුරුද සොයාගෙන තිබෙනවා.

දින 40 කට පසු මෙම දරුවන් හමුවීම ප්‍රාතිහාර්යයක් බවයි කොළොම්බියාවේ ජනාධිපති ගුෂ්ඨාවෝ පෙට්රෝ පවසන්නේ.

මෙම දරුවන්ට දිවි බේරා ගැනීමට ඇමර්සන් වනාන්තරයේ ආදිවාසීන් උපකාර කර ඇති බව මේ වන විට හෙළිව තිබෙනවා.

 

 

The post දින 40කට පසු ඇමර්සන් වනයෙන් හමුවූ දරුවන් හතරදෙනා appeared first on ITN News.

Read More »

රුසියාවට යුක්රේනයෙන් ප්‍රතිප්‍රහාර  

0 comments

රුසියාවට එරෙහි යුක්රේන ප්‍රතිප්‍රහාර ආරම්භ වී තිබෙනවා.

යුක්රේනය සපොර්ෂියා බලාගාරය අවට ප්‍රදේශවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව රුසියාව චෝදනා කරනවා.  යුක්රේන ආරක්ෂක ඇමති පවසන්නේ යුක්රේනය වඩාත් ක්‍රියාකාරී ලෙස කටයුතු කරන බවයි. වැඩිදුරටත් යුක්රේනය සදහන් කරන්නේ සපොරිෂියා ප්‍රදේශය  හරහා මුහුද වෙත ප්‍රවේශය නැවත ලබාගැනීමට තම හමුදා කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර පසුගියදා  කකෝකා වේල්ල පිපිරී යාමෙන් ජලයෙන් යටවූ ප්‍රදේශවල කොලරාව පැතිර යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

 

 

 

The post රුසියාවට යුක්රේනයෙන් ප්‍රතිප්‍රහාර appeared first on ITN News.

Read More »

කැනඩාවේ ලැව් ගිනි නිසා ඇමෙරිකාවේ නගර රැසක් දුමෙන් වැසී යයි  

0 comments

කැනඩාවේ ලැව් ගිනි නිසා ඇමෙරිකාවේ නගර රැසක් දුමෙන් වැසී යයි.

වොෂින්ටන් නගරයේ වායු දුෂණය ඉතා ඉහළ තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වනවා.

වායු තත්ත්ව දර්ශකයේ වඩාත් අනතුරුදායක තත්ත්වයක් වන කෝඩ්මෙරුන් දක්වා වායු දූෂණය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වොෂින්ටන් නගරයේ සියලු පාසල් වසා දැමීමට කටයුතු කර ඇති අතර එළිමහන් ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා.

මේ වන විට කැනඩාවේ ලැව් ගිනි තත්ත්වය නිසා ඇමෙරිකාවේ මිලියන 111 කට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post කැනඩාවේ ලැව් ගිනි නිසා ඇමෙරිකාවේ නගර රැසක් දුමෙන් වැසී යයි appeared first on ITN News.

Read More »

ඉන්දුනීසියාවේ ක්‍රකටෝවා ගිනි කන්ද පුපුරා යයි  

0 comments

ඉන්දුනීසියාවේ ක්‍රකටෝවා ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා.

ඉන්දුනීසියාවේ විශාලතම ගිනි කන්දක් වන ක්‍රකටෝවා ගිනි කන්ද විදාරණය වී ඝන අළු දුමාරයක් පැතිර යන දර්ශන මේ වන විට නිකුත්ව තිබෙනවා.

මෙම ගිනි කන්ද ඉන්දුනීසියාවේ පවතින මාරාන්තිකම ගිනි කන්දක් වන අතර 2018 දී මෙය පුපුරා යාම නිසා ඇති වූ විපත් හේතුවෙන් පුද්ගලයන් 400 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා.

ඉන්දුනීසියාව සක්‍රීය ගිනි කදු 130 කට ආසන්න සංඛ්‍යාවක් තිබෙන රටක් වනවා.

 

 

The post ඉන්දුනීසියාවේ ක්‍රකටෝවා ගිනි කන්ද පුපුරා යයි appeared first on ITN News.

Read More »

රහස්‍ය ලේඛණ තබාගැනීම ගැන ට්‍රම්ප්ට චෝදනා  

0 comments

රහස්‍ය ලේඛණ 7ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඇමෙරිකා නීතිය අනුව රජය සතු රහස්‍ය ලිපිලේඛණ තබා ගැනීම බරපතල වරදක් වනවා.

මීට පෙර සිදු කළ පරික්ෂණවලදී ෆ්ලොරීඩා හි පිහිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවාඩු නිකේතනයේ තිබී රජයේ ලේඛණ 11,000 ක් සොයා ගත්තා.

එයින් 100 ක් පමණ රහස්‍ය ලේඛණ බවයි වාර්තා වන්නේ.

මේ සියය අතුරින් 7 ක් රජයේ ප්‍රභල රහස්‍ය ලේඛණ වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට ඇමෙරිකා ෆෙඩරල් අධිකරණය මෙතෙක් ක්‍රියා කර නැහැ.

 

 

 

The post රහස්‍ය ලේඛණ තබාගැනීම ගැන ට්‍රම්ප්ට චෝදනා appeared first on ITN News.

Read More »

අයහපත් කාලගුණයෙන් ඉක්වදෝරයට බලපෑම්  

0 comments

ඉක්වදෝරයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් සියය ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

පසුගිය සතිය පුරා ඉක්වදෝරයට ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ ගංවතුර තත්ත්වයක් ද හටගත්තා.

පුද්ගලයින් 12000කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි සහන කණ්ඩායම් පවසන්නේ.

ඉක්වදෝර කොළොම්බියා දේශසීමාව ආසන්න ප්‍රදේශයන්ට අඛණ්ඩව පැය 12කට අධික කාලයක් වර්ෂාව ලැබී ඇති බව ද සඳහන්.

ගංඟා 6ක් පිටාර ගලා ඇති අතර ඒ හේතුවෙන් නිවාස රැසක් ජලයෙන් යටව තිබෙනවා.

 

 

 

 

 

The post අයහපත් කාලගුණයෙන් ඉක්වදෝරයට බලපෑම් appeared first on ITN News.

Read More »

ඇමෙරිකා රාජ්‍ය ලේකම් චීනයේ සංචාරයකට සූදානම්  

0 comments

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ සංචාරයක නිතර වීමට සූදානම් වනවා.

ඉදිරි සති කිහිපය තුළ දී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරය සිදු කරනු ඇති බවට විදෙස් මාධ්‍ය පවසනවා.

ලොව විශාලතම ආර්ථිකයන්ගෙන් සමන්විත චීනය හා ඇමෙරිකාව අතර සීතල යුද්ධයක් පවතින අතරතුරදී මෙම සංචාරය සිදු කිරීම විශේෂත්වයක්.

මෙම සංචාරය හරහා දේපාර්ශවයේ දියවී ගොස් ඇති සබදතා යළි ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී මෙම සංචාරය සිදු කිරීමට නියමිතව තිබුණ ද චීන ඔත්තු බැලිමේ බැලුම් සිද්ධිය හේතුවෙන් සංචාරය අත්හිටවනු ලැබුවා.

කෙසේ වුවද ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

 

 

 

 

 

The post ඇමෙරිකා රාජ්‍ය ලේකම් චීනයේ සංචාරයකට සූදානම් appeared first on ITN News.

Read More »

වසර 7කට පසු සවුදියේ ඉරාන තානාපති කාර්යාලය යළි විවෘත කරයි  

0 comments

වසර 7කට පසු සවුදියේ ඉරාන තානාපති කාර්යාලය යළි විවෘත කර තිබෙනවා.

ඉරානය හා සවුදි අරාබිය අතර මාස ගණනක් පුරා චීනයේ මැදිහත් වීමෙන් පැවති සාකච්ඡාවලින් අනතුරුවයි තානාපති කාර්යාලය විවෘත කිරීමට පියවර ගත්තේ.

සවුදි අරාබියේ රියාද් අගනුවර පිහිටා ඇති ඉරාන තානාපති කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහභාගී වුණා.

දෙරට අතර සහයෝගීතාව හා සබඳතා නව යුගයකට පිවිස ඇති බවයි එහිදි ඔහු සඳහන් කළේ.

අසල්වැසි රටවල් සමඟ අවබෝධයෙන් හා සාමයෙන් කටයුතු කිරීමට ඉරානය නිරන්තරයෙන් කැපවන බව ද මෙහිදි ඔහු සඳහන් කළා.

 

 

 

 

The post වසර 7කට පසු සවුදියේ ඉරාන තානාපති කාර්යාලය යළි විවෘත කරයි appeared first on ITN News.

Read More »

මුව ආවරණ පළඳින්නැයි කැනඩා ජනතාවට ඉල්ලීමක්  

0 comments

කැනඩාවේ ලැව් ගිනි හේතුවෙන් පිටවන දුමාරය නිසා එරට ජනතාවට මුව ආවරණ පළඳින්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

උතුරු ඇමෙරිකාවේ බොහෝ පිරිසකට ලැව් ගිනි හේතුවෙන් දැඩි අසීරුතාවකට පත්වීමට සිදුව තිබෙනවා.

එන් නයින්ටිෆයිව් වර්ගයේ මුව ආවරණ පළඳින්නැයි කැනඩා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

නිව්යෝර්ක් නගරයටද ලැව් ගිනිවලින් පිටවන දුමාරය බලපෑම් එල්ල කර තිබෙනවා.

කැනඩාවේ කුබෙක් නගරයේයි ලැව් ගිනි හටගෙන ඇත්තේ.

ස්ථාන 150 ක පමණ ගිනි ගැනීම් සිදුවනවා.

පහළොස් දහසක පිරිසක් ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර එය දරුණු මට්ටමකට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ.

 

The post මුව ආවරණ පළඳින්නැයි කැනඩා ජනතාවට ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කරයි  

0 comments

අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ උදරයේ ශල්‍යකර්මයක් සඳහා එලෙස රෝහල් ගත කර ඇති බවයි.

උන්වහන්සේට දින කිහිපයක් නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බවද වර්තවනවා

86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය මාර්තු මාසයේදීද ශ්වසන අබාධයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා..

The post අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කරයි appeared first on ITN News.

Read More »

වර්ජිනියා ප්‍රාන්තයේ උසස් පාසලක වෙඩි තැබීමක් – දෙදෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වර්ජිනියා ප්‍රාන්තයේ උසස් පාසලක උපාධි ප්‍රධානෝත්සවයක් අතරතුරදීයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් 18 හැවිරිදි උපාධිධාරියෙකු හා ඔහුගේ පියා මියගොස් ඇති බව පොලීසිය සදහන් කරනවා.

වෙඩි ප්‍රහාරය සිදුකළ 19 හැවිරිදි පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

මේ අතර එම ස්ථානයේ ගිනි අවියක් තබාගෙන සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රහාරයට සම්බන්ධයක් නොමැති බව වාර්තා වනවා.

 

The post වර්ජිනියා ප්‍රාන්තයේ උසස් පාසලක වෙඩි තැබීමක් – දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

වසර 180කට පසු සිංගප්පූරුව තුරඟ තරග පැවැත්වීමට සූදානම්  

0 comments

වසර 180 කට පමණ පසු සිංගප්පූරුව තුරග තරග පැවැත්වීමට සූදානම් වනවා.

අවසන්වරට  සිංගප්පූරුවේදී තුරග තරග පවත්වා ඇත්තේ මීට වසර 180කට  පමණ පෙරයි.

සිංගපූරුවේ ඉදිකර ඇති එකම තුරග තරගපිටිය වන සිංගප්පූරු ටර්‌ෆ් ක්ලබ්හිදී නව තරග පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

එම තරග ලබන වසරේදී පැවැත්වීමට නියමිතයි.

1842 වසරේදී තුරග තරග සිංගප්පූරුවට හදුන්වාදී ඇති අතර සිංගප්පූරු ක්‍රීඩා සමාජය එම තරග සංවිධාන කර තිබෙනවා.

200 වසරේදී එරට තුරග තරග පිටිය සිංගප්පූරු ඩොලර් මිලියන 500 ක වියදමින් නවීකරණය කර ඇති ඇතර ප්‍රේක්ෂකයින් 30,000කට එහි තරග නැරඹීමට හැකියාව පවතිනවා.

 

 

 

The post වසර 180කට පසු සිංගප්පූරුව තුරඟ තරග පැවැත්වීමට සූදානම් appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ දුම්රිය අනතුරෙන් මියගිය 80 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන නැහැ  

0 comments

සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරෙන් මියගිය 80 දෙනෙකුගේ පමණ සිරුරු මෙතෙක් හඳුනාගැනීමට සමත්වී නැහැ.

දුම්රිය තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 288 දෙනෙකුට ජීවිත අහිමි වුණා.

තවත් දහසකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

පසුගිය සියවස තුළ ඉන්දියාවේ දී සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙස ද මෙය සැලකෙනවා.

දුම්රිය අනතුරට ලක්වන අවස්ථාවේ එම දුම්රියන්හි තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ගමන් කර ඇති බවද සඳහන්.

මියගිය ඇතැම් පුද්ගලයින්ගේ සිරුර හඳුනාගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව සහන කණ්ඩායම් පවසනවා.

 

 

 

The post ඉන්දියාවේ දුම්රිය අනතුරෙන් මියගිය 80 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන නැහැ appeared first on ITN News.

Read More »

යුක්‍රේනයේ වේල්ලක් කැඩී යාමෙන් ගම්මාන 80ක් ජලයෙන් යටවෙයි  

0 comments

යුක්‍රේනයේ නෝවා කක්හොව්කා වේල්ල කැඩී යාමෙන් එරට ගම්මාන 80ක් ජලයෙන් යටව තිබෙනවා.

කර්සන් නගරයේ පිහිටි ඩ්නිප්රෝ ගංගාවේ ජලය හරස් කර ඉදිකර ඇති වේල්ල කැඩී යාමෙන් මේ වනවිට හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා.

පුද්ගලයින් 40,000ක් පමණ අවතැන්ව ඇති බවයි යුක්‍රේන වාර්තා සඳහන් කරන්නේ.

වේල්ල කැඩීගියේ ද නැතහොත් රුසියාව එය කඩාදැමුවාද යන්න පිළිබඳ සැකයක් මතුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලන්ස්කි පවසනවා.

එහෙත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරයට අවශ්‍ය ජලය ද සපයන්නේ මෙම ජලාශය මගින්.

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ද එයයි.

 

 

 

 

The post යුක්‍රේනයේ වේල්ලක් කැඩී යාමෙන් ගම්මාන 80ක් ජලයෙන් යටවෙයි appeared first on ITN News.

Read More »

යුක්‍රේන වේල්ල, රුසියානු හමුදා විසින් පුපුරුවා හරී  

0 comments

දකුණු යුක්‍රේනයේ රුසියානු පාලන ප්‍රදේශයක පිහිටි වේල්ලක් රුසියානු හමුදා විසින් පුපුරුවා හැර ඇති බව යුක්‍රේන හමුදාව සඳහන් කරනවා

ජල මට්ටම ඉහළ යාමත් සමග යුක්‍රේන බලධාරීන් ඒ අවට කලාපයේ සිටින පදිංචිකරුවන්ගෙන් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඉල්ලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

විනාශ වූ Nova Kakhovka වේල්ල කැඩී යාමෙන් පසු ජල මට්ටම ඉහළ යමින් පවතින බවත් Kherson නගරයට විශේෂයෙන් එය බලපානු ඇති බවත් Dnipro සහ Inhulets ප්‍රදේශවල පහත් බිම්වලට ද බලපානු ඇති බවත් සඳහන්.

“Kherson නගරයේ මෙහෙයුම් සිදු කරමින් ගංවතුර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් ඉවත් කරමින් සිටින බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්.

The post යුක්‍රේන වේල්ල, රුසියානු හමුදා විසින් පුපුරුවා හරී appeared first on ITN News.

Read More »

ඝානාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක  

0 comments

ඝානාවේ හෙදියන් රැකියාව සඳහා බ්‍රිතාන්‍යයට පිටත් වීමත් සමග එරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා.

දුගී රටවල වෘත්තිකයන් වැඩි ආදායමක් ලබා ගැනිම සදහා විදේශගත වීම මේ වන විට වැළැක්විය නොහැකි මට්ටමකට පැමිණ ඇති බව බීබීසි පුවත් සේවය සඳහන් කරනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු පවත්වාගෙන යාමට පුහුණු හෙදියන් ප්‍රමාණවත් තරම් නොමැති වීම හරහා ඝානාවේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව සිටින බවයි බීබීසි පුවත් සේවය තවදුරටත් පවසන්නේ.

පසුගිය වසර තුළ දී පමණක් ඝානාවේ හෙදියන් 1200කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්ව ඇති බව ද සඳහන්.

මෙලෙස විශාල වශයෙන් ඝානාවේ හෙදියන් විදේශගත වීම සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු කර ඇති බවයි ජාත්‍යන්තර හෙද කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

The post ඝානාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක appeared first on ITN News.

Read More »

ප්‍රතිප්‍රහාර ආරම්භ කළා- යුක්රේනය  

0 comments

රුසියානු හමුදා යටතේ පැවති යුක්රේනයේ බක්මූට් ප්‍රදේශයට නැගෙනහිරින් යලි ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ බව යුක්රේන නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය හන්නා මලියර් පවසනවා.

මෙය රුසියාවට එරෙහි යලි ප්‍රහාර එල්ල කිරීමේ ආරම්භයක් බවයි ඔහු කියා සිටියේ.

යුක්රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙස්කි කියා සිටියේ තමන් සතුව මේ වනවිට සැලකිය යුතු මට්ටමේ ආයුධ ප්‍රමාණයක් පවතින බැවින් යලි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවද ඔහු ප්‍රකාශ කළා.

The post ප්‍රතිප්‍රහාර ආරම්භ කළා- යුක්රේනය appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG