Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශරයලය අධකරණ පදධතය ගන එරට අගමතගන පරකශයක  

Add comments

ඊශ්‍රායලයේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ සැළසුම් ඉදිරියට ගෙනයන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ඊශ්‍රායලය සම්මුතිවාදී විසදුමක් ලබාගැනීමේ අරමුණෙන් සිදුකෙරෙන සාකච්ඡා මේ වනවිට බිඳ වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් තමා රටේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට අදහස් කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනා හේතුවෙන් පසුගිය කාලයේ දී ඊශ්‍රායලය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන්නා.

යෝජනා සම්බන්ධයෙන් විපක්ෂය සමග පැවති සාකච්ඡා හේතුවෙන් අර්බුදය තරමක් පහව ගියද මේ වනවිට එම සාකච්ඡා බිඳවැටී තිබෙනවා.

අධිකරණ විනිසුරුවන් තෝරා ගැනීමේ දී යෝජනා කර ඇති ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගැටලු පැනනැගී තිබෙනවා.

 

 

 

The post ඊශ්‍රායලයේ අධිකරණ පද්ධතිය ගැන එරට අගමැතිගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG